හතර වටෙන් යාපනයේ සංචාරය කරන්න ඉන්න ඔයාට යන්න හොඳම තැන් 07ක් මෙන්න..

යාපනයේ සංචාරය කරන්න ඉන්න ඔයාට යන්න හොඳම තැන් 07ක් මෙන්න..

2020 Sep 8

යුද කලාපයක් වෙලා තිබුණ හැබැයි මේ වෙද්දී සංචාරක ගමනාන්තයක් වෙලා තියෙන, යාපනය කියන්නේ හැම සංචාරකයෙකුගේම bucket list එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ තැනක්. පොහොසත් සංස්කෘතික උරුමයන්, ‍ඓතිහාසික ස්ථාන, ඇදහිය නොහැකි ආහාර සහ වෙන්වුණු දූපත් සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ යාපනය මේ වෙද්දී දිවයිනේ ගොඩක්ම හුදෙකලා නගරයෙන් කුඩා මනෝරාජ්‍යයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. යාපනයේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තැන් 07ක් ගැන විස්තරය තමයි මේ..!

 

 

1) පේදුරු තුඩුව ප්‍රදීපාගාරය

පොයින්ට් පේද්‍රෝ සිංහලෙන් පේදුරු තුඩුව කියන නම ආරම්භ වුණේ “පාෂාණමය කේප්” යන අර්ථය දෙන පෘතුගීසි වචනයක් වෙන “පොන්ටා දාස් පෙඩ්‍රාස්” කියන වචනයෙන්. නමුත් ලංකාවේ මිනිසුන් පොයින්ට් පේද්‍රෝව හැඳින්වූයේ “Paruthithurai” යන නමෙන්. එකේ අර්ථය වුණේ “කපු වරාය” යන්න. කොහොම නමුත් මේ නම පිටුපස තියෙන කතාව නම් සියවස් ගණනාවක් තිස්සේ පොයින්ට් පේද්‍රෝ දකුණු ඉන්දියාවට කපු අපනයනය කිරීම. පොයින්ට් පේද්‍රෝ ප්‍රදීපාගාරය යාපනයේ ඉදන් කි.මී. 35 ක් විතර දුරින් පිහිටලා තියෙනවා. සිලින්ඩරාකාර හැඩයක් තියෙන ප්‍රරදීපාගාරයේ උස මීටර් 32 ක් වෙනවා. ඒක ඉදිකරලා තියෙන්නේ 1916 දී. ප්‍රදීපාගාරය ශ්‍රී ලංකා නාවික කඳවුර යටතේ තියෙන නිසා අවාසනාවකට වගේ ඔයාට ඒක ළගටම ගිහින් බලන්න නම් අවස්ථාවක් නැහැ. හැබැයි ඔයාට ඒක දුර ඉදන් බලන්න පුළුවන්. ඔයා කවදා හරි යාපනයේ යනවා නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තැනක් තමයි මේ.

 

 

2) ඩෙල්ෆ්ට් දූපත

ඩෙල්ෆ්ට් දූපත නෙදුන්තීව් කියලත් හදුන්වනවා. ඒක ශ්‍රී ලංකාවේ උතුරු කොටසේ පිහිටලා තියෙනවා වගේම කුරිකාඩ්වාන් වරායේ බෝට්ටුවකින් තමයි ඒකට යන්න පුළුවන් එකම මාර්ගය.

දුපතේ ප්‍රධාන ආකර්ශනීය තැන් වලට යන්න නම් ආසන්න වශයෙන් පැය 4 ක් විතර ගත වෙනවා. ටුක්-ටුක් එකකින් සංචාරය කරනවා නම් දළ වශයෙන් LKR 1500 -2000 ක් විතර වැය වෙනවා. තරමක් මිල අධික වුණත්, ඒක වටිනවා කියන එකනම් මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මෙ දූපතේ විතරක් දැක බලා ගන්න ගොඩක් දේවල් තියෙනවා.

ඩෙල්ෆ්ට් අයිලන්ඩ් බයෝබාබ් ගස – මෙම ගස 16 වන සියවසේදී තමයි රෝපණය කරලා තියෙන්නේ. ලෝකයේ වඩාත්ම පෝෂ්‍යදායී පලතුරු මේ ගහේ තියෙනවා. මේ ගහේ විශේෂත්වය තමයි ගහේ කඳ ඇතුලෙන් ගුහාවක් වගේ තියෙන එක

ලන්දේසි රෝහල – ලන්දේසි කාලයේදී වෛද්‍ය කටයුතු වලට මේ රෝහල නිර්මාණය කරලා තියෙනවා.බ්‍රිතාන්‍ය පාලන සමයේදී පරිපාලන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරලා තියෙෙන්නේ.

ලන්දේසි අශ්වාගාල – ඩෙල්ෆ්ට් දූපත වල් අශ්වයන් සඳහා ප්‍රසිද්ධයි. අවම වශයෙන් වල් අශ්වයන් 500 ක් විතර වෙරළ දිගේ සහ දිවයින පුරා දැකබලා ගන්න පුළුවන්.

හනුමාන්ගේ අඩිපාර – හින්දු ආගමට අනුව, වඳුරන්ගේ රජු සහ රාමගේ කැපවූ සේවකයා වුණු හනුමාන්ගේ යෝධ මානව-සමාන ඉස්සරහ පාදයක මුද්‍රණය පර්වතයක කාවැදී තියෙනවා.

 

 

3) මනල්කාඩු පල්ලිය

මනල්කාඩු කියන්නේ යාපනය අර්ධද්වීපයේ ඊසානදිග වෙරළේ පිහිටලා තියෙන ගමක්. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළාම මනල්කාඩු කියන වචනයේ තේරුම “වැලි පඳුර” යන්න. ඔයා හිතනවා ඇති ඇයි මේ නම දුන්නේ කියලා? අවුරුදු 100 කට වැඩි කාලයක් තිස්සේ ඇති වූණු දූවිලි කුණාටු හේතුවෙන් ලන්දේසි පල්ලියක් වැලි යට වැළලුවා. පල්ලිය 17 වන සියවසේදී ලන්දේසි ආක්‍රමණයේදී තමයි ඉදිකරලා තියෙන්නේ. වෙරළෙන් එකතු කරලා තියෙන කොරල් ගල් වලින් නිමවා ඇති බිත්ති නිසා මේ පල්ලියේ සුන්දරත්වය වැඩි වෙන්න හේතුවක් වෙලා තිබිලා.

 

 

4) මනල්කාඩු බීච් සහ වැලි කඳු

ඩුබායි වල වැලි කඳු දැකගත්තා වගේ හැඟීමක් ලබාගන්න ඕනේ නම් මනල්කාඩු තමයි ඔයාට ගැලපෙනම තැන. වැලි කඳු වලින් මීටර් 300 ක් විතර ඈතින්, ඔයාට ගොඩක් පැහැදිලි වෙරළ තීරයක් හම්බවෙනවා.නමුත් ප්‍රදේශවාසීන් ප්‍රවේශම් වෙන්න කියලා ඔයාට අනතුරු අඟවයි. ආපහු යාපනයට යද්දී, පල්ලියක කුඩා ක්‍රිස්තුස්ගේ Redeemer පිළිරුවක් ඔයාට දැක ගන්න පුළුවන් වෙයි.

 

 

5) නිලවරෙයි ළිඳ

නිලවරෙයි ළිඳ පරණ භූගත ජල ළිඳක් විදිහට හඳුන්වන්න පුළුවන්.ඒක යාපනයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තැනක් විදිහටත් හඳුනාගෙන තියෙනවා.මේ ළිඳට පතුලක් නැති බව තමයි කියවෙන්නේ.ස්වයංක්‍රීය රොබෝ කෙනෙක් භාවිතා කරලා ශ්‍රී ලංකා නාවික හමුදාව මෑතකදී කරන ලද සොයා ගැනීමකින් මෙ අද්භූත ළිඳේ පතුල මීටර් 53 ක් ගැඹුරින් හමු වෙලා තියෙනවා. ළිඳේ පළමු මීටර් 18 මිරිදිය ජලය අඩංගු බව එයාල සොයා ගෙන තියෙනවා.ඉන් පස්සේ තියෙන ජලය ලුණු සහිත ජලය කියලත් හොයාගෙන තියෙනවා.

 

 

6) තානන්කිලප්පු සුළං බලාගාර

යාපනය නගරයට කිලෝමීටර් 16 ක් විතර ඈතින් මේවා පිහිටලා තියෙනවා. උතුරේ කරපු ව්‍යාපෘති වලින් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. බලාගාරය ඉස්සරහ දකුණු පැත්තට වෙන්න ඉන්දියානු සාගරය අඩු වඩදිය බාදිය නිසා විලක් වගේ දිස්වෙන නිසා ඒක ලේසියෙන් අතපසු වෙන්නේ නම් නැහැ. හිරු බැහැල යන වේලාවේදී එය ඇත්තටම විශ්මයජනක වෙනවා වගේම වෙරළ තීරය ඔස්සේ ධීවරයින් දැක ගන්න පුළුවන්. ඔයා කවදා හෝ සුළං මෝලක් නරඹන්න සිහින මැව්වා නම්, තානන්කිලප්පු කියන්නේ ඔයා යන්නම ඕනේ තැනක්.

 

 

7)KKS ගිලුණු නැව

මයිලිඩි කියන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටලා තියෙන කුඩා නගරයක්. ඒක සාමාන්‍ය ධීවර ගම්මානයක් විදිහට හැඳින්වෙනවා ඒක පිහිටලා තියෙන්නේ යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ මැද කොටසේ. 1990 සිට යාපනය ගුවන් තොටුපළට හා පලාලි හමුදා කඳවුරට ආසන්නව පිහිටා තියෙන නිසා නගරය අධි ආරක්‍ෂිත කලාපයට අයිති වුණා.

කන්කසන්තුරෙයි වල මයිලිඩි වරායේ පරණ නැව අර්ධද්වීපයේ නොදන්නා ස්ථානයක්. ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෙකුට අයිති මේ නැව තාක්ෂණික දෝෂයක් නිසා අතහැර දමා තියෙනවා. කොහොම වුණත්, ඒක කලින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිමෙන්ති ප්‍රවාහනය කර තිබුණා.

නගරයක් විදිහට ගොඩක් වෙලාවට යාපනය නොසලකා හැරලා තියෙනවා. නමුත් ටිකක් හිතලා බලද්දී දිවයිනේ මෙ සුන්දර කොටස එතරම් අවතක්සේරු කරලා තියෙන්නේ ඇයි කියලා ඔයාට හිතෙයි. ජනතාවගේ සිට සංස්කෘතිය හා ආහාර දක්වා යාපනය අපිට ලබාදුන්නේ ප්‍රීතිමත් අත්දැකීමක් මිසක් වෙන කිසිවක් නෙවෙයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here