2020 Sep 11
සිංහල භාෂාව යනු ධනවත් හා වර්ණවත් ඉතිහාසයක් සහිත ගතික භාෂාවකි. එහෙත්, එහි කතාන්දරය අපි බොහෝ දෙනෙක්ගේ අවධානයෙන් සැඟවී තිබේ. ඇත්තටම සිංහලයන්ගේ කතාව මොකක් වෙන්න පුලුවන්ද?මෙම දිගහැරුමට හේතු වූ කුතුහලය දනවන ප්‍රශ්නයක් මගේ හිතේ නැගුණා.ඉන්දු-යුරෝපීය භාෂා පවුල තුළ ඉන්දු-ආර්ය උප සමූහයේ සාමාජිකයෙකු වන සිංහල, ශ්‍රී ලංකාවේ නිල භාෂාවන්ගෙන් එකකි. එය මිලියන 16 කට අධික ජනතාවකගේ මව් භාෂාවයි. තවත් මිලියන 4 ක ජනතාවක් සිංහල භාෂාව ඔවුන්ගේ දෙවන භාෂාව ලෙස භාවිතයට ගනී.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එම්.ඒ. නිමල් කරුණාරත්න සමඟ මා කළ සාකච්ඡාවකදී, එය මුලින්ම හදුන්වා තිබෙන්නේ ‘හෙළ භාෂා’ ලෙසිනි . පසුව එය පාලි භාෂාවේ නිරූපණයන් වන සංස්කෘත සහ ප්‍රකෘත භාෂාවන් සමග ඒකාබද්ධ විය. ඉන්පසුව එය සෙමින් ද්‍රවිඩ පවුල් තුළද භාවිතයට ගත් බව සඳහන් කළා.ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් ඉන්දියානු මහද්වීපයේ අනෙකුත් ප්‍රදේශවලින් වෙන් වූ හෙයින්,සිංහලයන් පරිණාමය වූයේ අනිකුත් ඉන්දු-ආර්ය භාෂාවන්ට වඩා වෙනස්වයි. දූපත් භාෂාවක් ලෙස, දකුණු ආසියානු භාෂා විද්වතුන්ට කුතුහලය දනවන ලෙස ඔවුන්ගේ භාෂාමය ඉතිහාසයට වෙනස්ම අංග ගණනාවක් සිංහල භාෂාව තුළ ඇති වී තිබුණි.
මහාචාර්ය ගයිගර් විසින්, 1938 දී සිංහල භාෂාවේ පරිණාමය යුග හතරකට ප්‍රභේදනය කරයි.
සිංහල ප්‍රකෘත (ක්‍රි.පූ. 2 වන සියවස – ක්‍රි.ව. 5 වන සියවස)
ප්‍රෝටෝ-සිංහල (ක්‍රි.ව. 5 වන සියවස – ක්‍රි.ව. 8 වන සියවස)
මධ්‍යකාලීන සිංහල (ක්‍රි.ව. 8 වන සියවස – ක්‍රි.ව. 13 වන සියවස)
නූතන සිංහල (ක්‍රි.ව. 13 වන සියවස – ක්‍රි.ව. 20 වන සියවස)
- සිංහල භාෂාවේ මූලාරම්භය
ඉන්දීය විජය කුමරු සහ ඔහුගේ අනුගාමිකයන් ක්‍රි.පූ 6 වන සියවසේදී ශ්‍රී ලංකාවට පැමිණි බව ‘මහවංශය’ විස්තර කරයි. සිංහබාහුගේ පුත් විජය කුමරු සිංහල ජාතියේ නිර්මාතෘවරයායි. අපේ දූපතට සිංහල භාෂාව හඳුන්වා දුන්නේ ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ය.
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සඳගෝමි කොපෙරෙවා විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව, විජය කුමරුගේ මුල් නිවස වන සිංහපුර හෙවත් ‘සිංහ නගරය’ ලෙස පරිවර්තනය කර ඇති ස්ථානය අභිරහසක්ව පවතී. සමහර විද්වතුන් ඔහුගේ නිවස ගුජරාටයේ පිහිටි ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. ඔහු සහ ඔහුගේ පිරිවර බටහිර ඉන්දියාවේ සිට පැමිණි බව නිගමනය කළද , අනෙක් විද්වතුන් මෙය බටහිර බෙංගාලයේ කලාපයක් ලෙස හඳුනාගෙන ඔවුන් නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණි බව නිගමනය කරති.
මෙහි ඇති නැගෙනහිර හා බටහිර උපකල්පනයන්; පැරණි සිංහල සහ උතුරු ඉන්දියාවේ භාෂාවන් අතර ඇති සමානකම් පිළිබඳව භාෂාමය සාක්ෂි සපයයි. සිංපුරගේ පිහිටීම කාලිංගය ලෙසද දැඩි විශ්වාසයක් පවතී. දැන් එය ඔෂිඩා ලෙස හැඳින්වේ, එහි භාෂාව ‘ඔඩියා’ වේ. පොළොන්නරු යුගයේ දී, (ක්‍රි.ව. 12 වන සියවසේ) නිසංකමල්ල රජු විසින් සාදන ලද පාෂාණමය සෙල්ලිපියක සඳහන් වන්නේ ඔහු කාලිංග රාජවංශයට අයත් බවත් විජය කුමරුගේ ජාතියෙන් පැවත එන්නෙකු බවත්ය. ඒයින් විජය කුමරුගේ මූලාරම්භය සිංහපුර යැයි විශ්වාස කළ හැකියි.
- සිංහල පිටපත්
බ්‍රහ්මීය අක්ෂර ලංකාවට රැගෙන ආවේ සිංහපුර සිට පැමිණි පළමු සංක්‍රමණිකයින්ය. විජය රජ ඉන්දියානු රජවරුන් සමඟ විවාහය සංවිධානය කිරීම සඳහා සන්නිවේදනය කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. ජාතීන් අතර පොදු භාෂාවක් සහ පිටපතක් භාවිතා කර ඇති බවට මෙයින් හැගවෙනවා.සිංහල පිටපත් විශ්ලේෂණය කිරීම තුළින් ඒවා තවදුරටත් ගවේෂණය කිරීමට මා තුළ දැඩි උද්‍යෝගයක් හටගත්තා.අනුරාධපුරයේ ඇතුල් නගරයක සිදුකළ නවතම කැණීම්වලින් ක්‍රි:වර්ෂ 6 වන සියවසට පමණ අයිති යැයි හැඟෙන සෙල්ලිපියක් සොයාගෙන තිබෙනවා.
මෙවැනි සාක්ෂි පදනම් කරගනිමින් විවිධ ඉතිහාසඥයින් විසින් ගල් කැණීම් තුළින් පළමු සිංහල ව්‍යවහාරයන් හඳුන්වා දීමට සමත් වී තිබෙනවා.මෙම කැණීම් වලින් සොයා ගත් දෑ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවස දක්වා පමණක් වේ.නමුත් මේවා පදනම් කර ගනිමින් මහාචාර්ය ගිගර් විසින් ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවස දක්වා ප්‍රකෘත භාෂා අවධිය ලෙස ශ්‍රේණි ගත කර තිබෙනවා. ස්වර අවසානයන් තුලින් භාෂාවේ විවිධ අවදියන් නිරූපණය වේ.
“උපසක වෙශහ ලෙන”හී
” _තාල දාර නගහ පුට දේවහ ලේනේ අගනා අනගටා කටුදිස සගසා_ “
(එපිග්‍රැෆියා සෙලානිකා)
මෙහි ගුහා වල නම් සහ පරිත්‍යාගශීලීන් ගැන සඳහන් කරයි. උත්තියා රැජින (ක්‍රි.පූ. 207 – 197) විසින් කරන ලද සෙල්ලිපියක මෙසේ සඳහන් වේ.
“ _දමරකිට ටෙරසා අගටා අනගාටා කැටුඩිසා
සගසා අනිකටා සොනා පිටහ බැරිය
උපසිට තිසය ලෙනේ_ ”
එහි පරිවර්තනය නම්, “තිස්ස අනිකාටා සෝනාගේ පියාගේ බිරිඳගේ ගුහාව [තෑගි කළ] ධම්මරඛිත හිමි නමට [සහ] වැඩිය හෝ වැඩීමට සිටින සංඝයානන් හට ” .මෙම ලියවිලි පසුකාලීන හා නූතන සිංහලයන්ට සමාන ය.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයන්ට අනුව, අද දක්වාම පවතින සාහිත්‍ය සිංහල භාෂාව ස්ථාපිත වූයේ 1250 දී පමණ බව සැලකේ .
- ලෝකයේ වෙනත් භාෂා සමග සම්බන්ධ වීම
ලොක සිතියමේ භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව විවිධ බලපෑම්වලට භාජනය වන අතර, සිංහල භාෂාවද ඒ අතර තිබේ . විදේශීය භාෂා ඒකාබද්ධ කිරීමත් සමඟ මෙම බලපෑම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත .
පහත දැක්වෙන පරිදි ,දෙමළ භාෂාව ද ඇතුළුව ,දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ භාෂාවන්හි පුළුල් ව්‍යාප්තියත් සමඟ,සිංහල භාෂාව තුළ ණයපද රාශියක් දක්නට ඇත.
සංස්කෘත භාෂාව , හෙළ බස, ග්‍රීක හා ලතින් භාෂාවන් සමග දක්වා ඇත . සිත්ඇදගන්නාසුලු සමානකම් සිංහල භාෂාව සහ රෝමානු භාෂාව අතර ද දක්නට ලැබේ .
එපමණක් නොව, යටත් විජිතකරණයේ බලපෑමත් සමගම පෘතුගීසි ,ලන්දේසි සහ ඉංග්‍රීසි භාෂාවන් එදිනෙදා සිංහල භාෂාව තුළ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත .
- සිංහල සාහිත්‍යය
සිංහලයන් විසින් භාෂාවේ රසය වැඩිකර ගැනීම සඳහා සාහිත්‍යමය වශයෙන් විවිධ නිර්මාණ රාශියක් කර ඇත.
මා සොයාගත් පරිදි, “සියබස්ලකර” යනු ශ්‍රී ලංකාවේ මුල්ම කාව්‍ය සංග්‍රහයයි .එය කිස්තු පූර්ව නව වන සියවසයේ
“ශීලමගසේන රජු ” විසින් ලියන ලද කෘතියකි .එය සංස්කෘත කවියෙකු වන “ඩැඩින්” විසින් රචිත “කාව්‍යදර්ශ” කෘතියට සමීප ව ලියා ඇති අතර ,ශාස්ත්‍රකයින් අවධානය කරන පරිදි ,ඔහු දක්ෂ කවීන්ගේ කෘති වලට නිරාවරණය නොවේ නම් මෙම කාව්‍ය සංග්‍රහය ලිවීමට නොහැකි වන බවයි. මගේ අවධානයට ලක්වූ තවත් සංස්කෘතික සම්ප්‍රදායක් වන්නේ ,පාලි විවරණ, සිංහල භාෂාවට පරිවර්තනය කිරීමයි. මේවා “හෙළටුව” නොහොත් “සිංහල විවරණ” ලෙස හැඳින්වේ.මෙය පරිවර්තන දැනුම හා සංස්කෘතිය සඳහා විශාල දායකත්වයක් සපයා තිබේ .
සිංහල සාහිත්‍යය, ඓතිහාසික වාර්තා අනුගමනය කර ඇති අතර “මහාවස” (එහි අර්ථය මහාවංශ කතාව) සහ “කාලවස”( කුඩා වංශ කතාව) යන මේවා,සාහිත්‍යයේ සාරාංශයයි.
මේ සමගම ,ඒ කාලයේදී අනුරාධපුර යුගය තුළ සාහිත්‍යයමය වශයෙන් නව පිබිදීමක් ඇති වී ඇත.”කුරුටු ගී” ලෙස හඳුන්වන මෙම සංග්‍රහය ප්‍රභේද සිය ගණනක් කවි හා ගද්‍ය රචනා වලින් සමන්විත වී ඇත.
සීගිරිය නැරඹීමට පැමිණී පුරාණ සංචාරකයින් විසින් කැඩපත් පවුර ආශ්‍රිතව ලියා ඇති කුරුටු ගීත පිළිබඳව ඔවුන්ගේ සතුට සහ අගය කිරීම් ප්‍රකාශ කර තිබේ.එක් ආදර ලියන්නෙකු මෙසේ ලියා තිබේ.
ඇස් මීදුම් හසුන් – හසුන් සේයින් විල් දුට
මුල ළමා සැනහී – පුල් පියූමන් සේයී බඹර දුට
මෙයින් අදහස් කරන්නේ, “විලක් දුටු හංසයන් මෙන් (ඇය විසින්) දුන් පණිවිඩය මම ඇහුම්කන් දුන්නෙමි. යන්නයි.
- නූතන යුගයේ සිංහල භාෂාව
සිංහල ඉතිහාසය පිළිබඳ ගවේෂණය මා මෙතකින් නැවැත්වීමට තීරණය කළෙමි .ඒ අනුව මා, නූතන සිංහල භාෂාව අද්විතීය වන්නේ කුමක් නිසාද? අපේ භාෂාව තවත් ප්‍රගුණ කිරීම සඳහා අත්‍යවශ්‍ය අංග මොනවද ?යන්න අනාවරණය කර ගතිමි. සම්ප්‍රදායික සිංහල භාෂාව ,”ශුද්ධ සිංහල” හෝ “එලූ හෝඩිය” ලෙස හැඳින්වෙන අතර ,ස්වර 14 කින් සමන්විත වේ. මෙම ස්වර ,හතක් කෙටි ශබ්ද සහ හතක් දිගු ශබ්ද වේ.ඉන්දු-ආර්ය හෝ ද්‍රවිඩ භාෂා වලින් සොයා ගත නොහැකි අද්විතීය ස්වර දෙකක් ඒ අතර වේ.සාම්ප්‍රදායික සිංහලට ඇතුළත් කර ඇති ව්‍යංජනාක්ෂර 26,
4 ක්ම ව්‍යාප්ත ව්‍යාජනාක්ෂර වේ.මාලදිවයින හැරුණු විට ,මෙම ශබ්ද හතර වෙනත් දකුණු ආසියානු භාෂාවක දක්නට නොලැබේ. එය සිංහලයන්ගේ උප භාෂාවයි . එලූ හෝඩියේ අක්ෂර වලට අමතරව නූතන සිංහල පිටපතෙහි” මිශ්‍ර සිංහල “ඇතුලත් වේ.එය තවත් අක්ෂර 18 කින් සමන්විත වේ.මෙම අක්ෂර සංස්කෘත හා පාලි සම්භවයක් ඇති වචන ලිවීමට යොදා ගනී . සිංහල භාෂාවේ සෑම ශබ්දයකටම හෝඩියේ නිශ්චිත අකුරක් ඇත.සිංහල හෝඩියද “අබුගිඩා”, ය.එනම් එය ව්‍යංජනාක්ෂර වලට ආවේණික ස්වර උච්චාරණය කරන බවයි.
ඉංග්‍රීසි භාෂාව තුළ වාක්‍යයක ,කර්තෘ – කාර්යය – කර්මය ( subject -verb -object ) අනුගමනය කරන අතර, සිංහල භාෂාව තුළ ,කර්තෘ – කර්මය – ක්‍රියාව අනුගමනය කරයි .
එමෙන්ම,සිංහල භාෂාවට වැඩි වටිනාකමක් ගෙන දීම සදහා අනුවාද දෙකක් භාවිතා කරයි.
1)වාචික හෝ එදිනෙදා භාවිතා කරන සිංහල
2) සාහිත්‍ය භාෂාව
මෙම ප්‍රභේද දෙක අතර ව්‍යාකරණ මෙන්ම වචන මාලාවේ ද පැහැදිලි වෙනස්කම් දක්නට තිබේ .
“සිංහල භාෂාව ” අපේ ජාතියේ අනන්‍යතාවයයි . මෙම අපූරු භාෂාවේ ගැඹුර සහ පළල, එහි මූලාරම්භය හා පරිමාව වටා ඇති ආකර්ෂණීය කතා තව දුරටත් අප සමග ගවේෂණය කිරීම සඳහා රැඳී සිටින ලෙස ඔබට ඇරයුම් කරන්නෙමු.