හතර වටෙන් බඩජාරිකමට හැමදේම කනවාද? කෑම වලට limit එකක් නැද්ද ?

බඩජාරිකමට හැමදේම කනවාද? කෑම වලට limit එකක් නැද්ද ?

2020 Dec 16

“වියළි මිදී ගෙඩියක් ගන්න – පිඟානක් මත තබන්න. දැන්, වාඩි වෙලා ඒ වියළි මිදී ගෙඩිය හොඳින් පරීක්ෂා කරන්න. ඒකේ සුවඳ විඳින්න. ඒක ඔයාගේ ඇඟිලි අතර රෝල් කරන්න. ඔයා ඒ වියළි මිදී ගෙඩිය සම්පූර්ණයෙන්ම විඳගත්තා කියලා ඔයාට තේරුණාම ඒක ඔයාගේ කටට දාගන්න. සෙමෙන් හපමින් ගිලින අතරතුර ඒකේ රසය ගැන සලකා බලන්න…”

සිහිකල්පනාවෙන් ආහාර ගන්න පුහුණු කරන්න අවශ්‍යම ක්‍රියාකාරකමක් තමයි අපි ඔයාට කිවුවේ. සෞඛ්‍යමය වාසි වලට විද්‍යාත්මකව වැඩි වැඩියෙන් පාවිච්චි කරන භාවනා ක්‍රමයක් විදිහට ඒක සලකනවා. අනිත් සිහිය පිහිටුවන භාවනා ක්‍රම වගේම, ඒක ඔයාගේ සිතුවිලි, හැඟීම් සහ සංවේදී අත්දැකීම් ගැන විනිශ්චය රහිත දැනුවත් කිරීමක් අවධාරණය කරනවා වගේම අපි හැමෝටම (දිනකට කිහිපසැරයක් ) කරන වැඩ ගැන අවධානය යොමු කරන්න ඒක ඔයාට උදවුවක් වෙනවා.

විශේෂඥයින් කියන විදිහට අපේ ශරීරයේ මොළයේ සිට බඩවැල් වෙනකන් ගොඩක් කොටස් වලට හිතලා මතලා ආහාර ගන්න එකෙන් ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. ලියාපදිංචි ආහාරවේදියෙකු,ලාභ නොලබන ආයතනයක සම-නිර්මාතෘ වෙන සහ මනසින් ආහාර ගැනීම ගැන පොත් පහක කතෘ වෙන මෙග්‍රෙට් ෆ්ලෙචර් කියන විදිහට නම් රූපවාහිනිය, දුරකථන හෝ වෙනත් බාහිර දේ නිසා අවධානය ගිලිහිලා තියෙන කොට ආහාර ලබා ගනිද්දී අපිට ශරීරයෙන් බඩගින්න සහ බඩපිරුණු බවට දෙන සංඥා රැසක් මඟ හැරෙනවා. නමුත් මනසින් ආහාර ගත්තොත් ඒ සංඥා මඟ නොහැර ඒ සංඥා එක්ක සම්බන්ධ වෙන්න ඔයාට පුළුවන් වෙනවා. ඒ වගේම වඩා හොඳ ආහාර තේරීමක් කරන්නත් ඒක ඔයාට උදවුවක් වෙනවා. “සිහියෙන් යුතුව ආහාර ගන්න එකේ ප්‍රධාන වාසිය තමයි ඒක ආහාර වෙනස් කරන්න තියෙන තිරසාර ප්‍රවේශයක්” කියලත් ඇය කියනවා.

සිහියෙන් යුතුව ආහාර ගන්න එක ඔයාගේ ආහාර වගේම සෞඛ්‍යයත් වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා අපි බලමු

 

  • මනසින් හිතලා ආහාර ගන්න එක ඔයාට අඩුවෙන් ආහාර ගන්න උදවුවක් වෙනවා.

සායනික පෝෂණ ගැන ඇමරිකානු ජර්නලයේ ප්‍රකාශයට පත් කරලා තියෙන අධ්‍යයන 24 ක එක් සමාලෝචනයක දක්වලා තියෙන විදිහට “අවධානයෙන් ආහාර ගැනීම”, ගන්නා ආහාර වේලේ ප්‍රමාණය අඩුවට ගන්න මිනිසුන්ට උපකාරී වෙනවා. ඒ වගේම “නොසැලකිලිමත් ලෙස ආහාර ගැනීම” ගොඩක් දෙනෙක්ට ආහාර වේල අතරතුරදී සහ ආහාර වේලෙන් පස්සේ ආහාර වැඩිපුර ගන්න හේතු වෙලා තියෙනවා.

ඔයාගේ අවධානය වෙනතකට යොමු වෙලා තියෙද්දිත් ආහාර ගන්න එක ඔයාගේ බඩ පිරුණායින් පස්සෙත් බලපෑමක් ඇති කරනවා කියලා ඔයාට කවදාහරි හිතිලා තියෙනවද?.මනෝවිද්‍යාව පිළිබඳ ෆ්‍රොන්ටියර්ස් සඟරාවේ පළ වූණු රූපවාහිනී නරඹන්නන් ගැන කරපු අධ්‍යයනයකින් හෙළි වුණේ රූපවාහිනී වැඩසටහන් නරඹන ගමන් ආහාර ගත්තොත් නොදැනීම පමණටත් වඩා ආහාර ගන්න එයාලා නැඹුරු වෙනවා කියලයි.

මේ විදිහට “සිහිය නැතිව” ආහාර ගන්න එක දවස පුරාම වැඩිපුර ආහාර ගන්න ඔයාව පොළඹවනවා. American Journal of Clinical Nutrition හී සමාලෝචනයේ පළවෙනි කතුවරයා සහ Liverpool විශ්ව විද්‍යාලයේ චර්යාත්මක විද්‍යාඥයෙකු වෙන එරික් රොබින්සන් කියන විදිහට නම් ” ඔයා ගන්න කෑම එක ගැන ඔයා දක්වන අවධානය අඩුවෙන්න අඩුවෙන්න ඔයා කෑම ගන්න ප්‍රමාණයත් වැඩිවෙනවා”. ඒ වගේම චර්යාව පිළිබඳ විශේෂඥයෙක් වෙන එක්සත් රාජධානියේ ලිවර්පූල් සරසවියේ මහාචාර්ය රොබින්සන් කියන්නේ ඔයා ආහාරයට ගත් දේ ගැන ඔයාගේ මතකය ඔයාගේ ආහාර රුචිය නියාමනය කිරීමේදී වැදගත් කාර්යභාරයකුත් ඉටු කරනවා කියලයි.

දවල්ට ආහාරයට ගත්ත කෑම ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න කියලා පිරිසකගෙන් ඉල්ලීමෙන් කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙන විදිහට නම් එයාලා ඒ විදිහට සිහිපත් කරපු නිසා හවස තේ වෙලාවට ගන්න කෙටි කෑම අඩුවෙන් අනුභව කරන්න ඒක හේතුවක් වෙලා තියෙනවා. වෙනත් පර්යේෂණ වලිනුත් කියලා තියෙන විදිහට ඔයාට දැනෙන බඩගින්නේ තරම මැන ගන්න පුළුවන් වෙන්නෙත් ඔයා කෑම කද්දී කොච්චර සිහිකල්පනවකින් කෑම කනවද කියන එකෙන් මිසක් ඔයා කොච්චර කෑම ප්‍රමාණයක් කෑවද කියන එකෙන් නෙමෙයි.

ඉතින් ඔයා ආහාරයට ගත්ත දේවල් ඔයාගේ මතකයේ තියාගන්න සිහියෙන් යුතුව ආහාර ගත්තොත් ඔයාට පුළුවන් වේවි. ඒක ඔයාගේ ආහාර රුචිය පාලනය කරගන්න වගේම වැඩි කාලයක් ඔයාගේ බඩගින්න පාලනය කරගන්නත් ලොකු උදවුවක් වෙයි.

 

 

  • ඒක ඔයාගේ කෑම වලට තියෙන අධික ආසාව අඩු කරයි.

සැන් ෆ්රැන්සිස්කෝ වල තියෙන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සක අංශයේ සහකාර මහාචාර්ය ඇෂ්ලි මේසන් කියලා තියෙන විදිහට නම් “සිහියෙන් යුතුව ආහාර ගන්න පුහුණු වෙන එකෙන් කෑම වලට තියෙන පෙරේතකම සහ කෑම කන එක අතර තියෙන සම්බන්ධය බිඳ දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් අපි කෑමක් ගැන තියෙන පෙරේතකම ගැන සිහියෙන් සහ ඒ කෑම එකෙන් කටක් කෑවම අපිට දැනෙන විදිහ ගැන සිහියේ තියාගෙන චොකලට් කේක් කැබැල්ලක් ගත්තොත් කේක් කැබැල්ලෙන් කටවල් කිහිපයක් විතරක් අරගෙන අපිට තෘප්තිමත් වෙන්න පුළුවන්.”

මේසන් ගේ පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට මිනිසුන් සිහියෙන් ආහාර ගන්න පුරුදු වුණාම එයාලගේ කෑම වලට තියෙන අධික ආසාවේ තරමට කෑම නොකා, අඩුවෙන් ආහාර අරගෙන තියෙනවා. මේක එයාලගේ දේහ බරේ පොඩි වෙනසක් කරන්න හේතු වෙලා තියෙනවා.

සිහිකල්පනාවෙන් ආහාර ගත්තොත් සිතුවිලි සහ චිත්තවේගයන් ගැන දැනුවත්භාවය ඇතිවෙනවා. ඒ සිතුවිලි එන්නේ කොහෙන්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කරන්න අපිට උදවුවක් වෙනවා. ඒ වගේම මේසන් කියන විදිහට අපිට කෑම ගන්න තියෙන අධික ආසාව,පෙරේතකම සමහර විට අපි මානසික ආතතියෙන්, වෙහෙසට පත්වෙලා හරි වෙනත් ආකාරයකින් අපහසුතාවයට පත්වෙලා හරි නිසා ඇතිවෙන කෑම රුචියක් වෙන්නත් පුළුවන්. සමහරවිට ඒ දැනෙන රුචිය කෑම ගැනීමත් එක්ක කිසිසේත්ම සම්බන්ධයක් නැති මොනවහරි ව්‍යායාමයක් ලබා ගන්න හෝ නින්දක් ලබාගන්න අවශ්‍ය වුණාම ඇතිවෙන හැඟීමක් නිසා දැනෙන රුචියක් වෙන්නත් පුළුවන්.

 

 

  • ඒක ඔයාගේ ශරීරයට සහ බඩවැල් වලට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ඔබගේ පිඟානේ තියෙන දේවල් ගැන අවධානය යොමු කරන එකෙන් සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ඔයාට ලැබෙනවා. සමහර අය කියන විදිහට මේ ක්‍රියාව ආහාර හපන්නට හා රස විඳීමට දිරිගන්වනවා වගේම ආහාර වේලක වේගය අඩු කරන්න හේතු වෙනවා. හෙමින් ආහාර ගැනීම හෝ හොඳින් හපා ආහාර ගන්න එක ආහාර දිරවන්න උදවු වෙන බඩවැල් හෝමෝන මුදා හරින්න උදවු වෙනවා කියලා පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. අධ්‍යයන වලින් හොයාගෙන තියෙන විදිහට සිහිකල්පනාවෙන් කෑම ගත්තොත් බඩවැල් රෝග තියෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ අඩු කර ගන්න පුළුවන්. වෙනත් අධ්‍යයනවලින් හොයාගෙන තියෙනවා දියවැඩියාව තියෙන පුද්ගලයින්ට රුධිරයේ සීනි වැඩිවීම පාලනය කරන්නත් සිහියෙන් ආහාර ගැනීම උදවු වෙනවා කියලා.

 

 

  •  හිතාලා ආහාර ගැනීම ඔයාගේ බර අඩුවෙන්න හේතු නොවෙන්න පුළුවන්.

බර අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමය හිතා මතා කෑම කන එක නොවෙන්න පුළුවන්. සමහර අධ්‍යනයන් වලින් කියන විදිහට අඩුවෙන් කෑම ගැනීම බර අඩුවෙන්න හේතුවක් වෙන අතරම තවත් සමහර අධ්‍යයන ඒක බර අඩුවෙන්න හේතුවක් කියලා සදහන් කරන්නේ නැහැ. සැහීමකට පත්වෙන්න පුළුවන් තරම් සාක්ෂි මේ ගැන ලැබිලා නැති නිසා මේ ගැන අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් කරුණ තමයි අපි අඩු ප්‍රමාණයක් කෑම ගන්න නම් සිහියෙන් කෑම ගන්න එක ලොකු උදවුවක් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here