හතර වටෙන් ජීවිතේට එන ප්‍රශ්නවලට හොඳම විසඳුම හොයන්න දන්නව ද ?

ජීවිතේට එන ප්‍රශ්නවලට හොඳම විසඳුම හොයන්න දන්නව ද ?

2020 Dec 18

හුස්මක් කටක් ගන්න නිදහසක් නැතුව එක හැල්මේ ජීවිතේ කියන රේස් එක දිනන්න ඔට්ටු වෙන අපි හැමෝම ප්‍රශ්න නිසා ගොඩක් අසරණ වෙනවා. මට කවුරුත් නෑ කියන මානසිකත්වය එක්ක අපිවට අපිට අමතක වෙනවා. හුදකලා වෙන්න වෙන්න අපේ ජීවිතේට බලපෑම් කරන ප්‍රශ්න ඇත්තට ම අපිව භාගෙට මරලා දානවා. හරියට ඉතින් පණ පිටින් මරලා දානවා වගේ තමයි. ප්‍රශ්න හරියට අපේ ජීවිතේ ලොස්ට් කරන්න එන මාරයා වගේ තමයි අපිට දැනෙන්නෙ. මොනව වුණත් ප්‍රශ්නවලින් පැනලා යන්න අපි කාටවත් පුළුවන් කමක් නෑ. ගොඩක් අය ප්‍රශ්නවලින් බේරෙන්න පුළුවන් හොඳම විසදුම විදිහට තෝර ගන්නෙ ජීවිතෙන් වන්දි ගෙවන එක. ගැස්ම කියවන ඔයා වුණත් මාත් එක්ක එකඟවෙයි. ඒක තමයි ගන්න තියෙන නරකම, මෝඩම විසදුම කියලා. එහෙම නේද? ඔයාගෙ ජීවිතේට එන ප්‍රශ්නවලින් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕනෙ කියලා බලමු ද?

 

ප්‍රශ්නෙට හේතු වුණ මුදුන් මුල හොයාගමු

Serious thoughtful man making assumption, looking right and thinking Free Photo

ඔයාගෙ හිතට වද දෙන ප්‍රශ්නෙ ගැන හිත හිත කාලෙ විඩංගු කරනවා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තට ම එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න මොකද්ද හේතුව කියන දේ හොයා ගන්න එක ගොඩක් වැදගත්. සමහර වෙලාවට අපි ප්‍රශ්න කරගත්ත ගොඩක් දේවල් ඇත්තට ම ප්‍රශ්න නෙමෙයි. හිතින් අපිම මවාගත්ත විකාර. දහඅතේ කල්පනා කර කර දුක් විදින ගොඩක් ප්‍රශ්න ඉතින් අන්න ඒ වගේ ඒවා තමයි. ප්‍රශ්නෙට හරියට ම හරියන විසදුම හොයා ගන්න නම් ප්‍රශ්නෙට මුල් වෙච්ච පොයින්ට් එක මොකද්ද බලන්නම වෙනවා. නියපොත්තෙන් ගලවන්න පුළුවන් දේ පොරවෙන් කපන තැනට දුරදිග යන්නෙ මෙන්න මේ පොයින්ට් එක මිස් වුණහම තමයි. ඔයාගෙ ප්‍රශ්නෙ වෙන කෙනෙක් ගාවට අරන් යන්න කලින් ඔයාම දෙතුන් වතාවක් පුළුවන් නම් සිය දහස් වතාවක් හරි ඒ ගැන හිතන්න. ප්‍රශ්නෙට හේතු වුණ මුදුන් මුල හොයා ගන්න ඔයාට පුළුවන් කියන්නෙ තන්තු මුල්වලට යන්න ඔයාට ලේසියි කියන එක. ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න එක හේතුවක් බලපානවා කියලා හිතුවට ඇත්තට ම හේතු ගොඩක් එක්ක තමා ප්‍රශ්නයක් හැදෙන්නෙම. ඉතින් තන්තු මුල් කියලා මං කිව්වෙ අන්න ඒ අනික් හේතුවලට.

 

ප්‍රශ්නෙ විසදගන්න ඔයාටම පුළුවන් ද බලමු

Woman sitting in yoga pose on the beach Free Photo

ඔයාගෙ හිතේ නළියන, ඔයාව නැති කරන්න හදන ප්‍රශ්නෙ ඔයාටම විසදගන්න පුළුවන් ද බලන්න. මෙන්න මෙතනදි ඔයා ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. ඒ විතරක්ම නෙමෙයි. එයාගෙ ඉවසීම ගොඩක් ප්‍රබල වෙන්න ඕන. ඔයාට ප්‍රශ්නෙ විසදගන්න හොඳම ක්‍රමය හොයා ගන්න කලින් ක්‍රම ගොඩක් හම්බවෙනවා. ඒකනම් ෂුවර්. එන්න ඒ ක්‍රම අතර ඔයා දෝලනය වෙද්දි ඔයාගෙ හැකියාවත් එක්ක හොඳම දේට යන්න පාර හැදෙනවා. අන්න ඒ හැකියාව තමයි වැදගත්ම දෙය. ඔයා හොඳයි කියල හිතන ක්‍රමය තවත් ප්‍රශ්න ගොඩක් මවන ඉත්තෙක් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න මෙතනදි ඔයා ගණුදෙනු කරන්නෙ ඔයාගෙම හිතත් එක්ක විතරක් ම කියන දේ.

 

ඔයාට බැරි නම් වෙන කෙනෙක්ට කියලා බලමු

Support of friend Free Photo

මං තනියම මගේ ප්‍රශ්න ගැන බලාගන්නවා කියල හිතන ගොඩක් අයට ජීවිතේ නැති කරගන්න වුණා. අන්න එතනදි තමා එයා සියදිවි හානි කරගන්න තැනට ගියෙ. තමන්ට වදපු අම්මා, හදපු තාත්ත අමතක කරලා, ඒ මිනිස්සුන්ට උහුලන්න බැරි තරම් දුක් කන්දක් දීලා, ජීවිතේට නැවතීමෙ තිත තිබ්බ අය තමන්ම ප්‍රශ්න විසදගන්න ගියා. මං තනිවෙලා, මට කවුරුත් නෑ කිය කිය හිතින් හුදකලා උන ඒ අය ජීවිතේම තමන් හුදකලා බව හිතුවා. මොනව වුණත් මේක නම් නෙමෙයි කරන්න තියෙන දේ. ඔයාට හිතවත්, ඔයා ළගින් ම ඉන්න ආදරණීයන්ට ඔයාගෙ ප්‍රශ්නෙ කියන්න පුළුවන්. ඔයා මෙතනදි තෝර ගන්න කෙනා විශ්වසනීය වෙන්නම ඕන. ඔයා දුකින් ඉන්න කොට ඔයාට පිහිටට එන දුක්ගිනි නිවනරාළ කියන කෙනා කොහොමද කියන දේ ගැන ඔයා දැනගෙන ඉන්න ඕන. හොඳ මූණ පෙන්නගෙන එන ගොඩක් අය ඔයා එරිලා ඉන්න මඩ ගොඩින් ඔයාව ඇදලා ගන්න මුවාවෙන් එන්නත් පුළුවන්. හැබැයි එහෙම අය එන්නෙ වෙස් මූණක් දාගෙන. ප්‍රශ්න නිසා අතරමං වුණ ඔයාට වතුර උගුරක් දීලා සනසන්න එන හැමෝම යාලුවො නම් නෙමෙයි. ඒ නිසයි විශ්වාසය වැදගත් කියල මං ඔයාට කිව්වෙ. ඔයාගෙ ප්‍රශ්න විහිළුවක් නොකර ගන්න හොඳම කෙනෙක් ඔයා තෝරගන්න. තමන්ගෙ අම්මා, තාත්තා තරම් මෙතනදි වැදගත් වෙන කවුරුත් මට නම් මතකෙට එන්නෙ නෑ. මොනව වුණත් ඔයාගෙ ප්‍රශ්න ඔයා ළඟම ඉන්න කෙනෙක්ට කියලා හිත සැහැල්ලු කරගන්න බලන්න.

 

ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. අපි කැමති දේවල් අපිට ඒ විදිහට ම ලැබෙනවා නම් අපි හැමෝගෙම ජීවිත කතා උඩු යටිකුරු වෙනවා. ජීවිතේ කියන පොත රෝස අකුරෙන් ද කළු අකුරෙන්ද ලියන්නෙ කියන එක ඔයාගෙ තීරණයක්. මොනවා වුණත් ප්‍රශ්න නැතුව රෝස මල් යහනක් වගේ ජීවිත ගෙවන කවුරුත් මේ ලෝකෙ නෑ. අන්න ඒක තමයි තිත්ත ඇත්ත. ඔයාට එන ප්‍රශ්නවලදි මං කිව්ව දේවල් කරල බලන්න. අනිවාර්යයෙන් ම ඔයාට සුබවාදී ළුලයක රස ලැබෙනවාමයි. දුකින් ඉන්න හැම වෙලාවක ම සතුටට මගක් හොයන්න. සිංදුවක් කියලා, විහිළුවක් කරලා, තාලෙට අඩියක් තියලා ප්‍රශ්න අමතක කරන්න බලන්න.

– සුඳුනි අරවින්දිනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here