හතර වටෙන් මේ දවස්වල ඔයාගේ හිතේ නිදහස නැතිවෙයි කියලා බයයිද?

මේ දවස්වල ඔයාගේ හිතේ නිදහස නැතිවෙයි කියලා බයයිද?

2020 Dec 21

වෛරස් පවුලට එකතු වුණ අලුත් ම සාමාජිකයා තමයි කොරෝනා කියන්නෙ. ඉතින් කොරෝනා වෛරසය අනික් වෛරසයන්ට වඩා ගොඩක් ලොකු බලපෑමක් කරනවා. අපි මේ වෙනකොට ලබපු අත්දැකීම් එක්ක ඒ ගැන අපිට තේරෙනවා. ලොව බලවත් රටවල් පවා කොරෝනා වෛරසය ඉස්සරහ අසරණ වෙලා ඉන්නවා. අපේ රටත් පුංචි ම පුංචි දිවයිනක් වුණාට කොරෝනා වෛරසයෙ බලපෑමට ලක් වෙලා. නේද? කවුරුත් කොහොමවත් ම හිතුවෙ නෑ ඇහට නොපෙනෙන වෛරසයක් මේ තරම් දුක් ගොන්නක් දෙයි කියලා. ඇහැට පේන හතුරෙක්වත් නොකරන හතුරුකමක් තමයි කොරෝනා කරන්නෙ. අපි අපේ ජීවිත ආපස්සට ගිියා කියලා හිතුවට ඒක අපිට විතරක් වුණ දෙයක් නම් නෙමෙයි. මුළු ලෝකෙට ම ඒ දේ වුණා. කොරෝනා කාලේ හිතේ නිදහස නැති වෙයි කියලා ඔයත් බයෙන් නේද ඉන්නෙ? ගැස්ම කියවන ඔයාට කොරෝනා කාලේ . . . . හිතේ නිදහස ඒ විදිහට තියාගන්නෙ කොහොමද කියල මං කියන්නම්

 

හිත සැහැල්ලු කරගමු

ඔයාගෙ හිතේ ඇ`දුන . . . . ඔයාට වටින විිදිහෙ චරිත කවුද? කොරෝනා නිසා එයාට ඔයාව අමතක වෙලාද? නැත්තං ඔයා ගැන හැම මොහොතෙම හොයලා බලනව ද? ඔයාගෙ හිතේ සමහර චරිතවලට ආදරයක් ඇති වුණාට ඒ අයගෙ හිතේ ඔයා චරිතයක් වෙනවද නොවෙනවද කියල බලන්න වෙනවා. කොරෝනා කියන්නෙ සොබාදහමෙ සරදමක්. අපිට එකිනෙකා එක්ක ගතින් ළංවෙන්න බැරි වුණාට හිතින් ඊට වඩා ළංවෙන්න පුළුවන්. ඔයාගෙ හිතේ ආලේ වුණා චරිත එක්ක හිත සැහැල්ලු කර ගන්න ඔයාටත් පුළුවන්. කොහොමද ඉතින් හිත සැහැල්ලු කරගන්නෙ?

 

සිංදුවක් අහමු

කොරෝනා නිසා ගෙදරට කොටු වෙලා ඉන්න ඔයා හුදකලා වෙලා නම් . . . . කරන්න තියෙන්නෙ හුදකලා බව නැති කරගන්න මහන්සි වෙන එක. අපේ කාලෙ සිංදු අහලා ඔයාට සතුටක් දැනෙනවා නං ඒක කරන්න. ඔයා කැමති පරණ සිංදු අහන්න නං . . . . පරණ සිංදු අහන්න. මොනවා වුණත් සිංදු කියලා කියන්නෙ අපේ ප්‍රශ්න අමතක කරන්න තියෙන හො`දම ක්‍රමය. සමහර සිංදුවලට පුළුවන් ප්‍රශ්න අපේ මතකයෙන් තුරන් කරල ම දාන්න. ඒත් තවත් සමහර සිංදු තියෙනවා හිටියට වඩා ප්‍රශ්න ගාලක අපිව පටලන. කොරෝනා නිසා මට මගෙ ජීවිතේ ම එපා කියලා හිතන අයට ඒ හැ`ගීම නැති කරලා දාන්න නං හිතට සැහැල්ලුවක් ඕනෙම යි. ඉතින් . . . . ඒකට හො`දම විදිහ මේක තමයි.

 

ඔයාගෙ සැගවුණ දක්ෂතාවයක් හොයා ගමු

ඔයා දන්නෙ නෑ ඔයාට ලස්සනට කවි ලියන්න පුළුවන් කියලා. නිසදැස් ලියන්න පුළුවන් කියලා. නටන්න, ගයන්න, රඟන්න පුළුවන් කියලා. ඔයාට ඔයාගෙ දක්ෂතා එක්ක ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන්. ඔයාගෙ හිත සැහැල්ලු කරගන්න නං මෙන්න මේ වගේ සැගවුණ දක්ෂතාවයක් හොයා ගන්න. කොරෝනා නිසා කාර්යබහුල ජීවන රටාවෙන් ඈත් වුණ ඔයාට තනි නොතනියට කරන්න තියෙන හොඳම දෙයක් තමයි මෙන්න මේ දේ. කොරෝනා ඇවිත් අපි හැමෝගෙම ජීවිත නැති කළා කියන පහත් සිතුවිල්ල හිතින් මකලා දාන්න. කොරෝනාට දිනන්න ඉඩ දෙන්න එපා. කොරෝනා පරද්දන්න අරගල කරන්න. ඔයාගෙ හිතේ සැනසීමට කොරෝනා තමයි එකම හේතුව. එහෙම තමයි ඔයා හිතන් ඉන්නෙ? ඒක ඇත්තක් වෙන්නත් පුළුවන්. ඒත් . . . . අපි ධනාත්මකව හිතන්න ගමු. කොරෝනා කාලේ ගොඩක් අයට ගොඩක් පාඩම් කියලා දුන්නා. සමහරුන්ගෙ ජීවිත කතා එහෙම්පිටින් ම වෙනස් කළා. ඒ වෙනස් වුණේ මං මේ කියපු සැගවුණ දක්ෂතාවයක් හොයා ගත්ත නිසා. සමහරු චිත්‍ර ඇදලා ලෝකෙම දන්න චරිතයක් වුණා. කොරෝනා නිසා තමයි ඒ ජයග්‍රහණය ලැබුණෙ කියල කොරෝනාවට ම අභියෝග කළා. ඉතින් අපි හැමෝටම මෙහෙම හිතන්න පුළුවන් නම්. . . . අන්න ඒ දේ තමයි වැදගත් ම පොයින්ට් එක. තවත් අය වගා කරන්න ගත්තා. ඔයාට මතක ද? රැල්ලට වගා කරා. ඒක රැල්ලක් වුණත් අන්තමට අපේ සමාජෙටම මාරම පාඩමක් ඉගැන්නුවා. කඩ සාප්පු සවාරි ගිය අපි ගෙදර තියෙන පුංචි ඉඩක හරි අපිට අත්‍යඅවශ්‍ය ම දේ වගා කරගත්තා. ඉතින් . . . . මෙන්න මේකත් සැගවුණු දක්ෂතාවයක් තමයි. හිතේ පොරකන ඍනාත්මක අදහස් කටුගාලා දාන්න පුළුවන්කම මෙන්න මේවට තියෙනවා.

 

තමන්ගෙ ආගමත් එක්ක සම්බන්ධ වෙමු

ඔයාගෙ ආගම මොකක් වුණත් ඒ ආගම වෙනුවෙන් කාලයක් වෙන් කරන්න. හිත්වලට නිදහස ගේන හොඳම විදිහ ආගමත් එක්ක තමයි ලැඛෙන්නෙ. අපේ දුකට පිහිටක් වෙන්න ආගමට පුළුවන්. ඒ අපේ මනසට නිදහස ගේන නිසා. ඒක හරි අමුතු පුදුමාකාර දෙයක්. මොනවා වුණත් කොරෝනා කාලේ ආගම අමතක කරපු අයට ආගම මතක් කරලත් දුන්නා. එහෙම නේද? සල්ලි හොය හොය උදේ ඉදන් රෑ වෙනකං මහ ම`ග ඔට්ටු වුණ ගොඩක් අයට ආගම අදහන්න වෙලාවක්වත් තිබුණෙ නෑ. ගෙදර බුදු කුටි මකුළු දැල්වලින් උඩු වියන්, කඩතිර ඇඳලා. කොරෝනා නිසා ගෙදරට කොටු වුණාම බුදු කුටි ලස්සන කරන්න වෙලාවක් හම්බ වුණා. කොරෝනා කාලේ තමයි ආගම එක්ක මිනිස්සුන්ව තදින් ම සම්බන්ධ කරේ. ඔයාගෙ හිතේ සැනසීම වෙනුවෙන් ආගම එක්ක පුළුවන් හැම වෙලාවක ම කාලෙ ගත කරන්න. අනිවාරයෙන් ම ඔයාගෙ හිතට නිදහස දැනෙනවාමයි.

කොරෝනා කාලේ ගෙදරටම වෙලා ඉන්න කියලා කිව්වට ඒක කරන්න තියෙන නියම දේ නං නෙමෙයි නේද? මානසිකව අපි හැමෝම පිස්සො වගේ ජීවත් වුණා . එහෙම ඉන්න කොරෝනා කාලේ හිතේ නිදහස නැති වෙයි කිය කිය පසුතැවිලි වෙන්න එපා. හිතට නිදහස ඕනෙම නං මං මේ කිව්ව දේවල් කරලා බලන්න. කොරෝනා කාලේ හිතේ ආලේ නැති කරගන්න නං එපා. හිතට වැදුන ආදරණීයන් එක්ක තව තවත් බැ`දීම් ශක්තිමත් කරගන්න. කොරෝනා මාරයා පරාද කරන්න නං ඔයාගෙ හිත ශක්තිමත් වෙන්න ම ඕන. ඒ ශක්තිමත්බව ඔයාගෙ හිතට නිදහස, සැහැල්ලුව අරන් එයි. ඉතින් . . . . කොරෝනාට දිනන්න ඉඩ දෙනවද? ඔයා දිනනවද? කොරෝනා කාලේ හිතේ සැනසීම නැති කරගන්න හදන්න එපා. හිතේ සැනසීම ඇති කරගන්න ගැස්ම කියවන ඔයා මං කියපු දේවල් කරන්න. කොරෝනා කාලේ මිස් වෙන පොයින්ට් අතරෙ මේ පොයින්ට් එක මිස් නොකර ඉන්න. . . . කොරෝනා ඉස්සරහ දණ ගහල හිටපු අපි දැන් . . . . නැගිටිමු නේද . . . .

– සදුනි අරවින්දිනී –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here