හතර වටෙන් ජංගම ඡායාරූපකරණය සහ ගීත රචනය තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය …

ජංගම ඡායාරූපකරණය සහ ගීත රචනය තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය …

2022 Feb 21

“Jack of all trades, master of none” මේ කියමන බොහෝ දෙනෙකුට අදාළ කර ගත හැකි කියමනක් වෙනවා. එය ඔබට මට වුවත් එසේමයි. ඕනෑම පුද්ගලයෙකුට විවිධ ආකාරයේ කාර්යයන් කිරීමේ හැකියාව තිබුනත් ඒ බහු කාර්යයන් සඳහා අවශ්‍යය වන දක්ෂතාව හැමෝටම නැහැ. නමුත් ධනුෂ්ක කුමාරතුංග කියන්නේ මේ කාණ්ඩයට අයත් නොවන බහු විධ කුසලතා සඳහා එක ලෙසම දක්ෂතාවයක් ඇති පුද්ගලයෙක්. ග්‍රැෆික් නිර්මාණකරුවෙකු, ඡායාරූප ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂකවරයෙකු වන ඔහු සැබවින්ම බොහෝ කුසලතා ඇති අයෙක්. මෑතකදී ඔහු වෘත්තීය කැමරාවක් වෙනුවට ජංගම දුරකථනයකින් ලබාගත් ඡායාරූප සමඟ Essence නමින් ඡායාරූප සඟරාවක් ආකාරයෙන් කලා කෘතියක් නිර්මාණය කර තිබෙනවා. ඉතින් මේ පිළිබඳ කුතුහලයෙන් සිටි ඔබ දැනුවත් කිරීමට මේ සොඳුරු මිනිසා සමඟ කතාබස් කිරීමට අපි තීරණය කළා.

 

 

 

1. ඔබ, ඔබව හඳුන්වන්නේ කෙසේද?

කලාව තුළින් ජීවිතය දකින, සරල නමුත් කල්පනාකාරීව සිතන කෙනෙක්. ඒ වගේම එදිනෙදා ජීවිතය තුළ දක්නට ලැබෙන කලාත්මක බව අගය කිරීමට කාලය ගත කරන කෙනෙක්.

 

 

2. කලාව කියලා ඔබ හඳුන්වන්නේ කුමක්ද ?

මම හිතන්නේ මානව වර්ගයාගේ නිර්මාණශීලීත්වය කියන විශාල සාගරය ආවරණය කරන්නේ කලාව මගින්.කලාව මූලික වශයෙන් සෞන්දර්යය වුවත් , එය පුද්ගලයෙකුගේ හැකියාව හෝ දක්ෂතාවය ද වෙන්න පුළුවන්.

3. ඔබ නිර්මාණ ක්ෂේත්‍ර ගණනාවකට යොමු වුණේ කොහොමද?

මම විවිධ වර්ගයේ සංගීත සඳහා පද රචනා කරලා තියෙනවා.ඒ වගේම මම සංගීත වීඩියෝ අධ්‍යක්ෂණය කිරීමට දක්ෂයි, මගේ සංගීත පසුබිම එන්නේ එතැනින්. මම ග්‍රැෆික් නිර්මාණකරුවෙකු ලෙසත් වෙළඳ නාම කිහිපයක් සමඟ වැඩ කර තිබෙනවා. ඊට අමතරව, මම විවිධ පුවත්පත් සහ මාධ්‍ය ආයතන සඳහා නිදහස් මාධ්‍යවේදියෙක් සහ ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.

4. මෙම කෘතිය සම්පාදනය කර ප්‍රකාශයට පත්කිරීමේ දී ඔබේ අත්දැකීම් කෙසේද ?

මම මුලින්ම උනන්දු වුණේ ජංගම දුරකථන ඡායාරූපකරණය සහ ඒ සමඟ විවිධ අත්හදා බැලීම් කරන්න. මෑතකාලීනව රට තුළ ඇති වූ lock down තත්ත්වයත් සමඟ මට එය කිරීමට හොඳම අවස්ථාවක් උදා වුණා.

මෙහිදී මම තෝරාගත් ගමට ළඟා වීම තරමක් දුෂ්කර වුණා. නමුත් එය මට ඉතා සුවිශේෂී ජීවන රටාවක් සමීපව හා පෞද්ගලිකව අධ්‍යයනය කිරීමට ඉඩ ලබා දුන්නා. මම හිටියේ වල් අලි ගැවසෙන කැලයක් මැද වූ නිසා ඒ අත්දැකීම තරමක් බියකරු වුණා. කොහොම වුනත් මේ සියලු අංග එකතු වීම මගේ ජිවිතයට විශිෂ්ට අත්දැකීමක් වුණා.

 

 

 

5. ඔබ Essence හරහා අල්ලා ගැනීමට උත්සාහ කළේ කුමක්ද?

Essence නියෝජනය කරන්නේ නිදහස, සමාජ-සංස්කෘතික වටිනාකම සහ අපට අහිමි වූ විස්මිත ග්‍රාමීය දර්ශනය. ඒ වගේම ස්වභාවධර්මයට ඉතා සමීපව ජීවත් වන ප්‍රජාවක අත්දැකීම් සහ හැසිරීම් ද එහි ප්‍රදර්ශනය කරනවා. මෙය නාගරික ප්‍රදේශවල අපට නොපෙනෙන දෙයක්. මේ සියලු අවස්ථා ග්‍රහණය කර ගැනීමට මම තෝරා ගත්තේ ජංගම දුරකථනයක්. ජංගම ඡායාරූපකරණයට වෙනස් දෙයක් නිර්මාණය කළ හැකියි. එපමණක්ද නොව, මම ජංගම දුරකථනයේ ඇති මෘදුකාංග භාවිතයෙන් එම ඡායාරූප සියල්ල සංස්කරණය කරනු ලැබුවා. ඒ වගේම තමයි Essence හි ඇත්තේ වෙනස් මෝස්තරයක්. එහි පිටු බටහිර සඟරා ආකෘතියක් අරගෙන තිබෙනවා. එය නරඹන්නාට ආශ්වාදයක් ලබා දිය හැකි නිර්මාණයක්.

 

 

6. ඔබට වඩාත් තදින්ම දැනුන පොතේ එක් කොටසක් ගැන අපට පැවසිය හැකිද?

හේන් ගැන මම ලියපු කොටස මට ගොඩක් විශේෂයි. අපට රාත්‍රිය ගත කිරීමට සිදු වූයේ ගසක් මත වූ කුඩා ලී පැල්පතක, උදෑසන හිරු උදාවේ සුන්දරත්වය මට එතරම් ජීවමාන බවක් දැනුනා. එය ඉතා දුර්ලභ අත්දැකීමක් වුණා.

7. වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු ලෙස, ජංගම දුරකථන කැමරාවක් භාවිතා කිරීමේ වෙනස කොහොමද?

වෘත්තීය කැමරා සහ ජංගම දුරකථන කැමරා අතර තාක්ෂණික වෙනස්කම් තිබෙනවා. අධි තාක්‍ෂණික උපකරණයකින් වුවද, අප ක්‍රියා කරන ආකාරය සහ එය හසුරුවන ආකාරය අනුව අපට ප්‍රතිඵලය ලැබෙනවා. එබැවින් අධි තාක්‍ෂණික කැමරාවකින් වුවද, එය හැසිරවිය යුතු ආකාරය ඔබ නොදන්නේ නම් ඔබට අවශ්‍ය පින්තූර ගැනීමට නොහැකි වනු ඇත. ජංගම දුරකථන කැමරාවක් භාවිතයෙන්, මිනිසුන්ගේ ස්වභාවික හැඟීම් සහ ස්වභාවික හැසිරීම් ග්‍රහණය කර ගැනීම පහසුය. ඒ වගේම වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් විදියට මම ලබාගෙන තිබුණු දැනුම නිසා නිවැරදි ආලෝකය යොදාගෙන නිර්මාණශීලී ඡායාරූපයක් ගන්න මට පහසු වුණා.

 

 

8.මෙම ව්‍යාපෘතිය ගීත රචකයෙකු ලෙස ඔබේ හැකියාවන් සමඟ සමපාත වන්නේ කෙසේද?

අපි කරන හැම දේකම කලාව තියෙනවා. අප මුලින්ම සිතිය යුත්තේ අප තෝරා ගන්නා මාධ්‍ය තුළ නිර්මාණාත්මක චින්තනය සහ දෘශ්‍යකරණය නිසි ලෙස බෙදා හරින්නේ කෙසේද යන්නයි. පොතේ ලිඛිත භාෂාව ගීත රචනයෙන් පැන නගින අතර දෘශ්‍යකරණය ඡායාරූපකරණය හරහා සිදු කෙරේ. මගේ දෘශ්‍ය කෘති වචන ඇතුළත් කෘතිවලට පරිවර්තනය කිරීමට මෙම ව්‍යාපෘතිය මට හැකි වුණා කියලා මම හිතනවා.

9. මෙම ව්‍යාපෘතිය අතරතුර ඔබ මුහුණ දුන් දුෂ්කරතා මොනවාද? ඔබ ඒවා ජයගත්තේ කෙසේද?

ගමේ මිනිසුන්ට හානියක් හෝ බාධාවක් නොවන අයුරින් සංවේදී මිනිස් හැසිරීම් ග්‍රහණය කර ගැනීම දුෂ්කර වුණා. මුල් දින කිහිපය තුළ මට ඔවුන් සමඟ සිටිමින් ඔවුන්ගේ සිරිත් විරිත්වලට අනුගත වීමට සිදු විය. ඉන් අනතුරුව ඒ පිරිස අප සමඟ අත්දැකීම් බෙදා ගැනීමට අදහස් කළා. මම ජංගම දුරකථන භාවිතා කිරීමට හේතුව එයයි. වාසනාවකට මට ඒ අවස්ථාවේදීත් වන සතුන්ගෙන් කිසිම ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ.

 

 

10. ඔබේ අනාගත සැලසුම් මොනවාද?

මේ කෘතිය හරහා මම ලබපු අත්දැකීම් එක්ක තව තවත් පොත් මාලාවක් විදියට එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එය moving art ස්වරූපයෙන් ද පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here