හතර වටෙන් පහසුවෙන්ම හදාගන්න පුළුවන් ආහාර වට්ටෝරු 5ක්…

පහසුවෙන්ම හදාගන්න පුළුවන් ආහාර වට්ටෝරු 5ක්…

2022 May 11

අද වන විට ඇතිවී තිබෙන තත්ත්වයත් එක්ක කෑමබීම සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න එකත් ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මේ නිසා අපිට නිවසේදී පහසුවෙන් සාදාගන්න පුළුවන් ආහාර වර්ග මේ වෙලාවේ හැටියට හුගක් වටිනවා. ගෑස් සහ විදුලිය නැති හේතු දෙකෙන්ම බැටකන අපිට ඉක්මනින්ම පිසගන්න පුළුවන් ආහාර වර්ග ගැන ආන්ටි ඩී අපිව දැනුවත් කළා.

 

සැමන් තෙම්පරාදුව…

https://youtu.be/J1qWRsrtrDM

අවශ්‍ය ද්‍රව්‍ය

තෙල් මේස හැඳි 2ක්
සුදුළූණු බික් 3ක්
අමු මිරිස් කරල් 4ක්
කරපිංචා/රම්පේ
ලොකු ළූණු ගෙඩි 2ක් (සාමාන්‍ය)
කහ තේ හැඳි 1/3ක්
තක්කාලි ගෙඩි 2ක් (සාමාන්‍ය)
සැමන් 425 g ක්
ලුණු තේ හැඳි 1/2ක්
කෑලි මිරිස් මේස හැඳි 1 1/2ක්
ගම්මිරිස් තේ හැඳි 3/4ක්

 

සාදා ගන්නා ආකාරය

භාජනයක් ගෙන එයට තෙල් එක්කර ගන්න.
සුදුළූණු හා අමු මිරිස් එක්කර ගන්න.
එයට රම්පේ ,කරපිංචා එකතු කර තෙම්පරාදු කර ගන්න.
සිහින්ව කපා ගත් ලොකු ළූණු එකතු කර එයට කහ ස්වල්පයක් එකතු කරන්න.
දැන් මිශ්‍රණය කලවම් කරන්න.
මිශ්‍රණයට තක්කාලි හා සැමන් එකතු කරන්න.
එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ,කෑලි මිරිස් හා ගම්මිරිස් එක්කර ගන්න.
මිශ්‍රණය කලවම් කර හොඳින් පිසගන්න.

 

කැරට් සම්බෝලය …

https://youtu.be/45LakIpzU00

අවශ්‍ය ද්‍රව්‍ය …

කැරට් ග්රෑම් 250ක්

ලොකු ළූණු ගෙඩියක්

අමු මිරිස් කරල් 2ක්

උම්බලකඩ මේස හැඳි 1ක්

ගම්මිරිස් මේස හැඳි 1/2ක්

ලුණු මේස හැඳි 1/2ක්

දෙහි යුෂ

ගා ගත් පොල් කෝප්ප 1/4ක්

 

සාදා ගන්නා ආකාරය

කැරට් අලයක් ගෙන සිහින්ව ගා ගන්න.
භාජනයක් ගෙන එයට කැරට් ටික එක්කර ගන්න.
එයට සිහින්ව කපා ගත් ලොකු ළූණු එක්කර ගන්න.
අමු මිරිස් සිහින්ව කපා එක්කර එයට අවශ්‍ය පදමට උම්බලකඩ එකතු කරන්න.
එයට ගම්මිරිස් හා ලුණු පදමට එකතු කරන්න.
මිශ්‍රණයට දෙහි යුෂ එක්කර අවශ්‍ය ප්‍රමාණයට පොල් එකතු කරන්න.
දැන් මිශ්‍ර කරගන්න.

 

පොල් සම්බෝල …

https://youtu.be/sRamVVU0w5U

අවශ්‍ය ද්‍රව්‍ය ..

සුදුළූණු බික් 1ක්

ගම්මිරිස් ඇට 4ක්

ලුණු මේස හැඳි 1ක්
කෑලි මිරිස් මේස හැඳි 4ක්

රතුළූණු ගෙඩි 10ක්

උම්බලකඩ මේස හැඳි 1ක්

ගා ගත් ශීතකළ පොල් පැකට් 1/2ක්

දෙහි යුෂ

 

සාදා ගන්නා ආකාරය …

කුඩා වංගෙඩියක් ගෙන එයට සුදුළූණු බික් 1ක් හා ගම්මිරිස් දමා කොටා ගන්න.
ඉන්පසු එයට ලුණු හා අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස් එක්කර කොටන්න.
මිශ්‍රණයට රතුළූණු හා උම්බලකඩ දමා හොඳින් කොටා ගන්න.
දැන් එම මිශ්‍රණයට ගා ගත් ශීතකළ පොල් එකතු කර එයට දෙහි යුෂ එකතු කරන්න.
දැන් එම මිශ්‍රණය හොඳින් කොටා ගන්න.

 

බෝංචි තෙම්පරාදුව…

https://youtu.be/jWu-Lutevts

අවශ්‍ය ද්‍රව්‍ය ..

තෙල් මේස හැඳි 1ක්

සුදුළූණු බික් 5ක්

ලොකු ළූණු ගෙඩියක්

තැම්බූ බෝංචි ග්රෑම් 300ක්

ලුණු තේ හැඳි 1/2ක්

ගම්මිරිස් තේ හැඳි 1/2ක්

ඩාර්ක් සෝයා සෝස් මේස හැඳි 1ක්

තල ඇට තේ හැඳි 1ක්

 

සාදා ගන්නා ආකාරය…

භාජනයක් ගෙන එයට තෙල් එකතු කර ගන්න.
ඉන්පසු එයට සිහින්ව කපා ගත් සුදුළූණු හා ලොකු ළූණු එක්කර ගන්න.
දැන් එයට තැම්බූ බෝංචි එකතු කරන්න.
අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා ගම්මිරිස් එකතු කරන්න.
ඉන්පසු එයට පදමට ඩාර්ක් සෝයා සෝස් එක්කර තෙම්පරාදු කර ගන්න.
තෙම්පරාදු මිශ්‍රණයට තල ඇට එක්කර පිස ගන්න.

 

කංකුන් තෙම්පරාදුව …

https://youtu.be/nR8jVB4k-xI

අවශ්‍ය ද්‍රව්‍ය …

තෙල් මේස හැඳි 1ක්

සුදුළූණු බික් 6ක්

ලොකුළූණු ගෙඩියක්

කෑලි මිරිස් මේස හැඳි 1/2ක්

සෝයා සෝස් කෝප්ප 1/4ක්

කංකුන්

ලුණු මේස හැඳි 1/2ක්

කොන් ෆ්ලවර් මේස හැඳි 1/2ක් + වතුර මේස හැඳි 2ක්

සීනි මේස හැඳි 1/4ක්

 

සාදා ගන්නා ආකාරය …

භාජනයක් ගෙන එයට තෙල් එක්කර ගන්න.
තෙල් රත් වූ පසු එයට සිහින්ව කපා ගත් සුදුළූණු හා ලොකුළූණු එකතු කරන්න.
දැන් එයට අවශ්‍ය ප්‍රමාණයට කෑලි මිරිස් එක්කරන්න.
එයට පදමට සෝයා සෝස් එක්කරන්න.
දැන් එයට කංකුන් එකතු කර පිස ගන්න.
ඉන්පසු පදමට ලුණු එක්කරන්න.
පසුව කොන් ෆ්ලවර් මේස හැඳි 1/2ක් හා වතුර මේස හැඳි 2ක් එක්කර ගන්න.
එයට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කර හොඳින් පිස ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here