හතර වටෙන් මෙම ආර්ථික අර්බුදය තුළ ඔබේ ආදායම වැඩි කර ගන්නේ කෙසේද? …

මෙම ආර්ථික අර්බුදය තුළ ඔබේ ආදායම වැඩි කර ගන්නේ කෙසේද? …

2022 May 14

රටේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් මුදල් ඉපයීම දුෂ්කර කාර්යක් වී තිබෙනවා. අදායමට වඩා වියදම වැඩි වීමත්, සීග්‍රයෙන් ඉහල යන උද්ධමනය නිසා බිල්පත් ගෙවීම වගේම එදිනදා අවශ්‍යකරන අමුද්‍රව්‍ය ලබාගැනීමද වර්තමානයේ දුෂ්කර කාර්යක් වී තිබෙනවා. මේ කාලය ඔබ ඔබේ හැකියාවන් වලට ඉඩදිය යුතුම කාලයයි. නැතහොත් සීග්‍රයෙන් ඉහලයන මේ ආර්ථික අර්බුදය ඔබව දරිද්‍රතාවයට ඇද දැමීමට වැඩි කාලයක් යන්නේ නැහැ. ඔබේ සාමාන්‍ය 9-5 රැකියාවෙන් ලබාගන්නා වැටුප ඔබේ සියලුම කාර්යයන් ඉටුකරගැනීමට තරම් ප්‍රමාණවත් වන්නේ නෑ. මේ දුෂ්කර කාලයට මුහුණදීමට ඔබ විසින් side-hustle එකක් හදාගත යුතුයි. Side-hustle එකක් යනු ඔබ විසින් ගොඩනගා ගන්නා ද්වීතීක අදායම් මාර්ගයයි. එවැනි රැකියාවන් බහුලව අපිට වර්තමානයේ දැක ගන්නට පුළුවන්. අනාගතයේදී ඔබට ඇතිවීමට හැකි මුල්‍ය අර්බුදයන්ගෙන් බේරීමට ඔබට කළහැකි රැකියාවන් ලැයිස්තුවක් පහත දැක්වෙයි.

1) Blog එකක් ආරම්භ කරන්න

 

Blog අඩවියක් නිර්මාණය කිරීම තුලින් ඔබට ඔබේම පෞද්ගලික සන්නාමයක් ගොඩනගා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මෙමගින් ඔබගේ පෞර්ෂය රටට ලෝකයට රැගෙනයාමට ඔබට හැකියාවක් ලැබෙනවා. මේ තුල ඔබට ඕනෑම දෙයක් ලිවීමට හැකි අතර ඔබේ දෛනික ජීවිතයේ සිදුවීම් (Diary Blog) ඒ වගේම ඔබගේ රුචිකත්වයට අදාල ලිපි ඔබට ලිවීමට හැකියාව ඇත. (උදා: සත්‍ය අපරාධ Blog අඩවිය, පොත් සමාලෝචන Blog අඩවි ආදිය). ඔබට මෙහිදී අදායම් ලෙස ඒ හා අනුබද්ධ අලෙවිකරණයන් , අනුග්‍රාහක පළකිරීම්, membership content, brand partnerships හරහා ඔබේ blog එකෙන් මුදල් ඉපැයීමට හැකියි.

2) Instagram Influencer කෙනෙකු වීම.

 

සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු වීමට හැමෝම කැමතියි. සමාජයේ බොහෝ අය වෘත්තීය මට්ටමේ ගායන කුසලතාවයන් , නර්ථන කුසලතාවයන් තියෙන අය නොවේ ඔබ විවිධ දේවල් වලට කැමති අය වෙන්න පුළුවන්. ඔබට ඔබේ පෙනුම, ඔබේ සුරතලා, ඔබේ ඡායාරූපකරණය හෝ ඔබේ අසාමාන්‍ය දක්ෂතා මත ඔබේ ගිණුම පදනම් කරගෙන එතැන් සිට ඔබේ following ගොඩනගා ගත හැකිය. Instagram හී අනුග්‍රහකයන් දක්වන පළ කිරීම් හරහා මුදල් ඉපයීමට හැකි වනු ඇති අතර ඔබ වියදම් කරනවාට වඩා වැඩි මුදලක් උපයාගත හැකිය.

3) සමාජ මාධ්‍ය කළමනාකරණය

 

සමාජ මාධ්‍ය කළමනාකරුවෙකු ලෙස ඔබට සමාගමක හෝ වෙළඳ නාමයක සමාජ මාධ්‍යන් කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සිදු කිරීමට හැකියාව ඇත. මෙය ඔබට ඔබේ කාලය සමඟ කළමනාකරණය කරගනිමින් සිදුකිරීමට හැකිය. මෙය ඔබට ඕනෑම තැනක සිට සිදුකිරීමට හැකිවීම අනෙක් විශේෂත්වයයි. Facebook, Instagram, Twitter වැනි සමාජ මාධ්‍ය ව්‍යාපාරවලට ඔවුන්ගේ නිෂ්පාදන හෝ සේවා ප්‍රවර්ධනය කිරීමට උදව් කිරීම ඔබේ මූලික වගකීම වන අතර ඔබ ඩිජිටල් ලෝකයේ අලෙවි ව්‍යාපාරයන් සඳහා දක්ෂතාවයන් දක්වන්නේනම් ඔබට මෙය නියම අවස්ථාවක්.

4) ගුරුවරයෙකු වීම.

 

ඔබ ගණිතය, විද්‍යාව හෝ වාණිජ්‍යය හෝ වෙනත් විෂයයන් පිළිබඳ ප්‍රවීණයෙක් නම්, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වල නිරතවෙන සිසුන් සමඟ ඔබේ දැනුම බෙදා ගැනීමට ඔබට අවස්ථාව තිබේ. ඔබට ඉගැන්වීමට හැකි විෂය තෝරාගෙන ඔබට සාමාන්‍ය ආකාරයෙන්ද ඒ වගේම Online ඔස්සේ Zoom , Meets වැනි තාක්ෂණයන් ඔස්සේ ද ඔබට පන්ති පැවැත්විය හැකිය. උපකාරක පන්ති යනු ලංකාවේ ලාභදායී රැකියා ක්ෂේත්‍රවලින් එකක් වන අතර ඔබට අර්ධකාලීන ගුරුවරයෙක් ලෙස ක්ෂේත්‍රයට එකතුවිය හැක.

5)Data Entry Work

 

මෙය ලංකාව තුල ඉතාමත් අවතක්සේරු කරන ලද රැකියාවකි. මෙම රැකියාව තුල ඔබට කලයුතුවන්නේ යම් පද්ධතියකට තොරතුරු ඇතුලත් කිරීමයි.මෙම රැකියාවේ විශේෂත්වය තමයි ඔබට මේ සඳහා පළපුරුද්දක් අවශ්‍ය නොවීම. බොහෝ අවස්ථාවලදී වැඩ කරන වේලාවන් අතිශයින්ම නම්‍යශීලි විය හැකි අතර දත්ත ඇතුළත් කිරීමේ සේවකයෙකු ලෙස වැඩ කිරීමෙන් ඔබට හොඳ ආදායමක් ලබාගත හැකිය.

6) Freelancing

 

ඔබ යම් සේවා ක්ෂේත්‍රයක විශේෂඥ නම් හෝ ඔබ ඔබේ විනෝදාංශයෙන් මුදල් ඉපයීමට තරම් දක්ෂයෙක්නම් Freelancing කිරීමට ඔබට හැකියාව ඇත. මෙම ක්ෂේත්‍රයේ විශේෂත්වය නම් ඔබට කැමති ඔබ දක්ෂ දේ කිරීම තුලින් මුදල් ඉපයීමේ හැකියාවක් තිබීමයි. Freelancing යනු ඔබට මුදල් ඉපයීමට හොද අදායම් මාර්ගයක් Freelance writing සහ freelance graphic designing යනු මෙම ක්ෂේත්‍රයේ කොටස් දෙකක් පමණයි. නමුත් මෙහි අදායම් ඉපයීමේ මාර්ග බොහෝමයක් පවතිනවා.Freelancer.com, Fiverr, Upwork, Designhill, We Work Remotely, FlexJobs, Guru, Truelancer, PeoplePerHour සහ FreeUp වැනි වෙබ් අඩවි වලින් ඔබට Freelancing රැකියා අවස්ථාවන් උදාකරගන්නට පුළුවන්.

7) dropshipping ව්‍යාපාරයක් ආරම්භ කරන්න

 

මෙය ටිකක් සුළු අවදානමක් තියෙන ක්ෂේත්‍රයක් වුවත් මෙය මුදල් ඉපයීමට හොඳ විකල්පයක්. dropshipping යනු තොග අතේ තබා නොගෙන විකුණුම්කරු පාරිභෝගික ඇණවුම් භාර ගන්නා සිල්ලර ව්‍යාපාරයකි. ඔබට අන්තර්ජාලය හරහා ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් විකිණිය හැකිය. අහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල සිට කලා හා අත්කම්, ඇඟලුම් සහ උපාංග වගේ බොහොමයක් ඔබට විකිණීමේ හැකියාව තියෙනවා. ඔබේ dropshipping ව්‍යාපාරයෙන් ඔබ උපයන මුදල් ප්‍රමාණය රඳා පවතින්නේ ඔබ ව්‍යාපාරයට සහ එහි අලෙවිකරණයට කොපමණ මුදලක් යොදවනවාද යන්න මතයි.

8)Drive for Uber and PickMe

 

Uber හෝ PickMe සඳහා රියදුරෙකු ලෙස ලියාපදිංචි වීමෙන් ඔබට හොඳ ද්විතීයික ආදායමක් ලබා ගන්නට පුළුවන්. ලියාපදිංචි වීමේ ක්‍රියාවලියද ඉතාමත්ම පහසුවන අතර Uber සහ PickMe ධාවනය සඳහා ඔබට අවශ්‍යවන්නේ ඔබගේ වාහනය , දුරකථනය පමණයි. ඔබ රැකියාවෙන් ඉවත් වූ සහ රැකියාව අහිමි වූ අයෙක්නම් මේ රැකියාව පුර්ණකාලීනව වුවද සිදුකරීමට හැකියාව ඇත.

9) කාමරයක් හෝ අමතර දේපලක් කුලියට දෙන්න

 

ඔබට අමතර කාමරයක් හෝ දේපලක් තිබේ නම්, එය කුලියට දී ඔබට අදායමක් උපයාගැනීමට පුළුවන්. ඔබට මේ සඳහා හොඳම දුරකථන App එකක් තමයි Airbnb කියන්නේ. ඔබගේ මෙම දේපල ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක පිහිටා තිබේනම් ඔබගේ අදායම දෙගුණ කරගැනීමට ඔබට පුළුවන්. ඊට අමතරව ඔබට කාමර හෝ දේපල කුලියට දීමට හා විකිණීමට Ikman.lk වැනි වෙබ් අඩවි යොදාගන්නට පුළුවන්.

10) Create NFTs

 

Non-Fungible Tokens කියන්නේ මේ අවස්ථාවේ ලොකු වටිනාකමක් තියෙන දෙයක්. NFTs යනු රූපයක්, වීඩියෝවක් හෝ ශ්‍රව්‍ය පටිගත කිරීමක් විය හැකි කලාත්මක සංයෝජනයක්. මෙය සිදුකිරීමට ප්‍රථම ඔබ මේ ගැන හොදින් අධ්‍යනය කලයුතු අතර හොඳ තාක්ෂණික හැකියාවක්ද ඒ වගේම මනා නිර්මාණශීලීත්වයක් ඔබ සතුව තිබිය යුතුය. මෙය ටිකක් අවදානම් සහගත ක්‍රියාවක් බව මතුපිටින් බැලූවිට පෙනුනත් ඇත්තටම හොඳ අධ්‍යනයකින් පසු සිදුකිරීමට හොඳම දෙයක් තමයි මේ NFTs කියන්නේ. ඔබට මේ හරහා මුදල් ඉපයීමද විනෝදජනක වෙයි. මන්ද, මෙය නිර්මාණශීලි අය වෙනුවෙන් නිර්මාණය වුන වේදිකාවක් නිසා.

මේ ආර්ථික අර්බුදය හමුවේ ඔබට ඇතිවීමට තියෙන ආර්ථික ගැටළු හමුවේ පවුලේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට ඔබ ඉතාමත් ලොකු අරගලයකට මුහුණදෙන බව අපි දන්නවා. අප ඉහත දක්වා ඇති අවස්ථාවන් ඔබට ප්‍රයෝජනවත් වේවි. මීට අමතරව අපට වෙනත් අදායම් මාර්ගයන් මඟ හැරී ඇත්නම් අපිවත් දැනුවත් කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here