හතර වටෙන් HIV පැතිරීම පාලනය කරන PrEP ඖෂධ ක්‍රමය ගැන ඔබ දැනුවත්ද?

HIV පැතිරීම පාලනය කරන PrEP ඖෂධ ක්‍රමය ගැන ඔබ දැනුවත්ද?

2022 May 19

 

මානව ප්රතිශක්ති ඌණතා වෛරසය (Human Immunodeficiency Virus) යනු අපගේ ශරීරයේ ප්රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් එල්ල කරන වෛරස විශේෂයකි. AIDS වැනි රෝගී තත්ත්ව සඳහාත් මෙය බලපාන්නට පුලුවන්. HIV 1 ප්රභේදය ආසාදනය වූ රෝගියෙක් වසර 8-10 අතර කාලයකදී මරණයට පත් වීමේ අවදානමක් පවා තිබෙනවා. HIV 2 ප්රභේදය මිනිස් ශරීරයට සක්රීය බලපෑමක් ඇති නොකර ස්වභාවිකවම මිය යනවා.දරුණුතම කාරණය වන්නේ මෙම වෛරසය සඳහා නිශ්චිත ප්රතිකාරයක් තවමත් සොයාගෙන නොමැති වීමයි. HIV ආසාදනය වීම බොහෝවිට ලිංගික ක්‍රියාවන් හරහා සිදුවන්නක්. මත්ද්රව්ය එන්නත් කරගැනීමේදී, රුධිර පාරවිලයනයේදී වැනි ක්‍රම මගින්ද ආසාදිතයෙකුගේ රුධිරය හා මිශ්ර වී මෙම වෛරසය ව්යාප්ත වන්නට පුලුවන්. දැනට, ශ්රී ලංකාව HIV ව්යාප්තිය අඩු රටක් ලෙස සලකන නමුත් සක්රීය රෝගීන් 3600ක් පමණ හා වසරකට නව රෝගීන් 200ක් පමණ දිවයින පුරා වාර්තා වනවා.


මෙම තොරතුරු ජාතික ලිංගාශ්රිත රෝග පාලන වාර්තාව (National STD/AIDS Control Programme) තුළින් ඔබට ලබාගන්නට පුලුවන්.එබැවින්, HIV ආසාදනය වීම නිසා ඔබේ ජීවන රටාව සහමුලින්ම අත්හැර දැමීමට හෝ අවට සමාජයෙන් ඈත් වී සිටීමට අවශ්ය වන්නේ නැහැ. නිශ්චිතවම සුව කිරීමට ප්රතිකාරයක් නොතිබුණත්, නිසි වෛද්ය උපදෙස් අනුව HIV ලක්ෂණ පිටතට නොපෙනන අන්දමින් සහ අනෙකුත් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීම වළකමින් එය මර්දනය කිරීමට හැකියාව පවතිනවා. එනිසා පිටත සමාජයට වෛරසය සම්ප්රේෂණය වේ යැයි බියෙන් තනිව හුදෙකලාව පසුවීමට හේතුවක් නැහැ.HIV ආසාදිතයින්ව ලාංකීය සමාජය තුළ විවේචනයට ලක් වීම සිදුවන්නේ ඔවුන් තුළ මේ ගැන නිසි අවබෝධයක් නොමැති පසුබිම නිසායි.

 

HIV සඳහා PrEP ලබා ගැනීම පිළිබඳ අවබෝධය….


Pre-Exposure Prophylaxis හෙවත් PrEP යනුවෙන් හැඳින්වෙන්නේ ඖෂධ මාත්රා ද්විත්වයක් කැටි කරගත් ටැබ්ලට් එකකි. තම ලිංගික සහකරුගෙන්/සහකාරියගෙන් HIV සම්ප්රේෂණය නොවේ යැයි සහතික කරගැනීම සඳහා රෝගය ආසාදනය නොවූ ඕනෑම අයෙකුට එය භාවිතා කළ හැකියි. එය ඔබේ ජීවන රටාව අනුව ගලපා ගනිමින් දිනපතා භාවිතා කරන්නට පුලුවන්. HIV ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ඔබට සිතෙන ඕනෑම අවස්ථාවක PrEP භාවිතා කිරීම ආරම්භ කළ හැකි අතර, HIV ආසාදනය වීමේ අවදානම තවදුරටත් නොමැති යැයි සිතූ පසු එය ලබා ගැනීම අත් හැර දැමිය හැකියි.

මෙහිදී වාර 2-1-1 ලෙසත් PrEP ලබා ගන්නවා. ඒ ලිංගිකව එක්වීමට පැය 2-24 පෙර කාලයේදී ද්විත්ව මාත්රාවකුත්, මුල් මාත්රාවෙන් පසු නැවත තනි මාත්රාවකුත්, ලිංගික එක්වීමකින් පැය 48කට පසු යළි තනි මාත්රාවකුත් ලෙසයි.
HIV ආසාදනය වැළැක්වීම සඳහා PrEP අතිශයින්ම ඵලදායි බව සායනික පරීක්ෂණ ගණනාවකින් තහවුරු වී තිබෙනවා. ලිංගික සම්ප්රේෂණ හරහා රෝගය බෝ නොවීමට 99% පමණ සාර්ථකත්වයක් එය සතු වන නමුත් එන්නත් කිරීම් හරහා සිදුවන ආසාදනවීම් වැළැක්වීමට දක්වන්නේ ඊට වඩා අඩු ප්රතිශතයකුයි. නමුත් එයත් 50%ට වඩා වැඩි අගයක් ගන්නා බවයි සැලකෙන්නේ…


එමෙන්ම PrEP භාවිතය අතුරුඵල බොහොම අඩු ඖෂධ ක්රමයකි. වාර්තා වී තිබෙන පරිදි, මුල්වරට PrEP ගත් ඇතැම් අයට උදරාශ්රිත ආබාධ තත්ත්ව ඇති වී තිබුණද, කාලයත් සමඟම ශරීරය ඊට අනුගත වී එම රෝග ලක්ෂණයත් අවම වනවා. මෙයින් ඇතමුන්ගේ වකුගඩු වලට සුලු බලපෑමක් වන බවත්, අස්ථිවල ඛණිජ ඝනත්වයේ සුලු අඩුවීමක් පෙන්නුම් කරන බවත් සායනික පරීක්ෂණවලදී සොයාගෙන තිබෙනවා. කෙසේ වුවත් එහිදී අස්ථිමය කොටස්වලට PrEP හරහා කිසිදු බලපෑමක් වී නැහැ.

 

PrEP ලබා ගැනීම….

PrEP යනු පෞද්ගලික කැමැත්ත මත ඔසුහලකින් ලබා ගත හැකි ඖෂධයක් නොවන බව මතක තබා ගැනීම වැදගත් ය. ඒ සඳහා ඔබට වෛද්යවරයෙකුගේ පිළිගත් නිර්දේශයක් අවශ්ය වන අතර සාමාන්යයෙන් මාස 1-3 අතර කාලයකට මෙය ලබා දේ. PrEP ලබා ගැනීමට පෙර HIV පරීක්ෂාවක් සහ ඖෂධයෙන් ඔබේ වකුගඩු ආරක්ෂිත දැයි සෙවීමට පරීක්ෂණයක් සිදු කරන නිසා වෛද්ය නිර්දේශයක් රැගෙන යාම වැදගත් වනවා. PrEP හි ඇතුළත් වන එක් ඖෂධ වර්ගයක් හෙපටයිටිස්-බී රෝගී තත්ත්වය සඳහාත් යොදා ගැනෙන නිසා, ඔබට හෙපටයිටිස්-බී පරීක්ෂණයක් ද සිදු කෙරෙනු ඇත.

ජාතික ලිංගාශ්රිත රෝග/ඒඩ්ස් පාලන වැඩසටහන හරහා ශ්රී ලංකාවේ ප්‍රධාන පෙලේ ලිංගාශ්රිත රෝග සායනයන් වන කොළඹ 10 ජාතික ලිංගාශ්රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන, අනුරාධපුර ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල සහ රාගම ශික්ෂණ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු සායන කිහිපයකදී මෙම ඖෂධ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මෙම ඕනෑම සායනයකට පැමිණ, ඔබගේ මූලික පරීක්ෂණ සිදු කරගත් පසු අවශ්ය බෙහෙත් වට්ටෝරු නොමිලේ ලබා ගත හැකියි. මෙම සායන දැනට නියමු අදියරේ පවතින සායන 04ක් වන අතර ඉදිරියේදී ශ්රී ලංකාව වටා සෙසු සායන හරහාද PrEP පරීක්ෂණය කරවා ගැනීමට හැකි වනු ඇත. ඊට අමතරව සාමාන්ය ඔසුහල් සහ ප්රජා සායන හරහාද මෙය ලබා දීමට දැනටමත් සැලසුම් කෙරෙමින් පවතී.

වැඩිදුර විස්තර සඳහා ජාතික ලිංගාශ්රිත රෝග පාලන වැඩසටහනේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න. www.aidscontrol.gov.lk

කොළඹදී ඔබේ HIV පරීක්ෂාවක් සිදු කරවා ගැනීමට www.know4sure.lk වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමටත් පුලුවන්. PrEP සමඟින්, ඔබට දැන් ආරක්ෂිත, ප්රීතිමත් සහ සෞඛ්ය සම්පන්න ලිංගික ජීවිතයක් ගත කළ හැකියි. ප්රජාවක් වශයෙන් HIV රෝගය පිළිබඳව සහ එය වැළඳී ඇති පුද්ගලයින්ගේ අපකීර්තිය තුරන් කිරීම සඳහා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අපට පියවර ගත හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here