හතර වටෙන් ඔබට සහනදායී මිලට දිවා ආහාර වේලක් මිලදී ගැනීමට හැකි ස්ථාන…

ඔබට සහනදායී මිලට දිවා ආහාර වේලක් මිලදී ගැනීමට හැකි ස්ථාන…

2022 May 26

රට තුල ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට ඉහළ යාම නිසා වර්තමානයේ ආහාර වේලක් සකස්කරගන්න ඉතාමත් අසීරු අවස්ථාවක තමයි ශ්‍රී ලංකාවේ ජනතාව සිටින්නේ. මේ ආර්ථික අර්බුදය හමුවේ වුවද කොළඹ ආපනශාලා කිහිපයක් ලාභදායි මිලකට දිවා ආහාරවේල සැපයීම අගය කලයුතු කාරණයක්. අද අපි ඔයලා වෙනුවෙන්ම ඒ ආපනශාලා මොනවද සහ කෑම වල මිල ගණන් ගැන විස්තර අරගෙන ආවා.

 

 

01)Curry Pot

Curry Pot Restaurant කියන්නේ ශ්‍රී ලාංකීය ආහාරවේලක රසවිඳින්න කියාපු තැනක් .ඒ වගේම මේ වෙනතෙක් ඔවුන්ගේ ආහාරවල සුරක්ෂිතභාවයද, ප්‍රණීතභාවයද ඔවුන් අඩුකරගෙන නැහැ. Curry Pot Restaurant එකෙන් අතේ ඇති ගාණට ශ්‍රී ලාංකික ආහාරවේලක රස විඳින්න දැන් ඔයාට පුළුවන්.

ලිපිනය: 1) 314/1/A, කොල්ලුපිටිය පාර, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 03
2) අංක 25, ක්ලිෆර්ඩ් මාවත, ආර්.ඒ. ද මැල් මාවත,කොළඹ 03

දුරකථන අංකය: 1) 011 237 0119
2) 011 257 3800

ආහාර මෙනුව :
Rice and curry (Vegetable)   – LKR 500
Rice and curry (Egg)             – LKR 430
Rice and curry (Omelette)     – LKR 460
Rice and curry (Fish)             – LKR 500
Rice and curry (Chicken)       – LKR 500
Yellow rice (Fried Fish)           – LKR 500
Yellow rice (Chicken)             – LKR 550
Rice and curry (Fried Fish)   – LKR 530
Rice and curry (Fried Chicken) – LKR 550
Rice and curry (Cuttlefish)    – LKR 550
Rice and curry (Prawns)       – LKR 550
Rice and curry (Mutton)        – LKR 650

 

 

02)Hotel De Pilawoos (Kollupitiya)

Hotel De Pilawoos නමින් ආපනශාලා 10ක් පමණ කොළඹ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. නමුත් Pilawoos පවුලේ එන හොඳම ආපනශාලාව තමයි කොල්ලුපිටියේ පිහිටා තිබෙන ආපනශාලාව. ඔවුන්ගේ දිවා ආහාරවේලද ලාබදායි මිලට ලබාගතහැකි අතර මෙම ස්ථානය රසවත් ආහාරවේලක් මිලදී ගැනීමට ඇති තවත් හොඳම ස්ථානයක්.

ලිපිනය: 417, ගාලු පාර, කොල්ලුපිටිය, කොළඹ 03
දුරකථන අංකය: 077 741 7417

ආහාර මෙනුව :
Simple rice packet (Vegetables, dhal and pol sambol) – LKR 250
Rice and curry (Vegetable) – LKR 325
Rice and curry (Egg) – LKR 370
Rice and curry (Fish) – LKR 430
Rice and curry (Chicken) – LKR 460
Rice and curry (Beef) – LKR 525

 

 

03)Yarl Hotel/Yarl Eat House

කොළඹ පිහිටා තිබෙන 600කට වැඩි අවන්හල් අතරින් Yarl Hotel/Yarl Eat House හොඳම අවන්හල් 200 අතර සිටීම විශේෂත්වයක්. මේ අවන්හල ගැන පැරණි පාරිභෝගිකයන් ධනාත්මක අදහස් දක්වන අතර වර්තමානයේදී ද ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් අවන්හලක් විදියට මෙය හඳුන්වන්නට පුළුවන්.

ලිපිනය: 46/1 දුම්රිය ස්ථානය පාර, වැල්ලවත්ත, කොළඹ 06
දුරකථන අංකය: 011 259 3905

ආහාර මෙනුව :
Rice and curry (Fish) – LKR 400
Rice and curry (Omelette) – LKR 400
Rice and curry (Broiler Chicken) – LKR 330
Rice and curry (Chicken) – LKR 650
Rice and curry (Devilled Chicken) – LKR 450
Rice and curry (Cuttlefish) – LKR 990
Rice and curry (Prawns) – LKR 720
Rice and curry (Mutton) – LKR 1050

 

 

04)Flower Drum Colombo

පරම්පරා ගණනාවක් පුරාවට පැවත එන සාම්ප්‍රදායික ශ්‍රී ලංකා-චීන ආහාර සඳහා Flower Drum ඉතාමත් ප්‍රසිද්ධයි. ඔවුන්ගේ රසවත් දිවා ආහාරවේල අතේ ඇති මුදලට මිලදී ගන්න දැන් ඔයාට පුළුවන්.

ලිපිනය: 273/1 Vauxhall St, කොළඹ 02
දුරකථන අංකය: 077 562 2457

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 350
Rice and curry (Egg) – LKR 400
Rice and curry (Chicken) – LKR 450
Rice and curry (Fish) – LKR 450
Basmati Rice (Vegetable pack) – LKR 520
Basmati Rice (Economy pack) – LKR 550

 

 

05)මිතුරෝ Café

ඉතාමත් ප්‍රණීත ආහාර සැපයීමේ ප්‍රමුඛයෝ වන Mithuro Café අවන්හල කුඩා අවන්හලක් වුවත් uber eats හී පාරිභෝගිකයන්ගේ ධනාත්මක ප්‍රතිචාර ලබාගෙන ඇති ප්‍රසිද්ධ අවන්හලක්.  ඔවුන්ගේ ආහාර ඉතාමත් රසවත් මෙන්ම ඔවුන්ගේ ආහාර හිතාගන්නට බැරි තරමට මිල අඩුයි.

ලිපිනය: ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 05
දුරකථන අංකය: 077 991 5863

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 100
Rice and curry (Egg) – LKR 150
Nelum Kole Rice and curry (Vegetable) – LKR 250
Nelum Kole Rice and curry (Fish) – LKR 300
Nelum Kole Rice and curry (Chicken) – LKR 350

 

 

06)Nelum Kole with Sri Lankan

රසවත් වගේම ප්‍රණීත ආහාර වේලක රස විඳගන්නට හොඳම තැනක් තමයි Nelum Kole with Sri Lankan කියලා කියන්නේ. uber eats හී ඉතාමත් හොඳ ratings ලබාගෙන ඇති අවන්හලක් ලෙස මෙය ප්‍රසිද්ධයි.

ලිපිනය: 11 ලෝරිස් පාර, කොළඹ 04
දුරකථන අංකය: N/A (UberEats හි ඇණවුම් කරන්න)

ආහාර මෙනුව :
White Rice (Vegetables) – LKR 290
White Rice (Egg) – LKR 330
White Rice (Omelette) – LKR 330
Yellow Rice (Vegetables) – LKR 330
Yellow Rice (Egg) – LKR 365
Yellow Rice (Omelette) – LKR 365
White Rice (Devilled Sausages) – LKR 460
White Rice (Fried Fish) – LKR 460
Mixed Fried Rice (Budget) – LKR 490
Yellow Rice (Devilled Sausages) – LKR 495
Yellow Rice (Fried Fish) – LKR 495
White Rice (Devilled Chicken) – LKR 560
Yellow Rice (Devilled Chicken) – LKR 560

 

 

07)Praneetha Foods – ගමේ බත් කඩේ

ශ්‍රී ලාංකේය ආහාරවල රසය විඳගන්නට මෙන්න නියම තැනක්. උසස් තත්ත්වයෙන් ඒ වගේම අතේ ඇති ගානට ඔබට මෙහිදී දහවල් ආහාර ලබාගන්න පුළුවන්. ගමේ බත් කඩේ කියන්නේ කොළඹ නගරයේ ගමේ රසට කන්න පුළුවන් නියම තැනක්.

ලිපිනය : 201 මුහන්දිරම් පාර, කොළඹ 03
දුරකථන අංකය: 011 233 3399

ආහාර මෙනුව :
Red rice (Plain) – LKR 312
Rice and curry (Vegetable) – LKR 375
Rice and curry (Vegetable Red) – LKR 375
Rice and curry (Egg) – LKR 438
Rice and curry (Egg Red) – LKR 438
Rice and curry (Bullseye) – LKR 438
Rice and curry (Bullseye Red) – LKR 438
Rice and curry (Omelette) – LKR 500
Rice and curry (Fish) – LKR 500
Rice and curry (Mushrooms) – LKR 563
Rice and curry (Chicken) – LKR 625
Rice and curry (Beef Baabath) – LKR 625
Rice and curry (Mutton Baabath) – LKR 625
Rice and curry (Kelawalla) – LKR 700
Rice and curry (Fried Chicken) – LKR 750
Rice and curry (Chicken So) – LKR 750
Rice and curry (Pork So) – LKR 750
Rice and curry (Beef) – LKR 750
Rice and curry (Beef Red) – LKR 750
Rice and curry (Beef Live) – LKR 750
Rice and curry (Pork) – LKR 750
Rice and curry (Lingus) – LKR 750

 

 

08)Curry Pot Fusion

ඔබට අවශ්‍ය පරිදි තෝරාගත හැකි ආහාර ලැයිස්තුවක්ම මොවුන්ගේ මෙනුවේ අන්තර්ගත වෙනවා. මෙහිදී ඔබට කැමති ව්‍යංජනයක් තෝරාගැනීමේ හැකියාවද  ලැබෙන අතර ආහාරවල ගුණාත්මකභාවයද ආරක්ෂා කරමින්  සහනදායි මිලට ආහාර ලබාදීමට ඔවුන් කටයුතු කරනවා.

ලිපිනය: 69 ශ්‍රී සුමනතිස්ස මාවත, කොළඹ
දුරකථන අංකය: 011 702 4820

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 190
Rice and curry (Boiled Egg) – LKR 220
Rice and curry (Fish) – LKR 260
Rice and curry (Chicken) – LKR 280

 

 

09)Kochchi Rice and Curry

Rice and Curry වලටම විශේෂ වූ අවන්හලක් වෙන Kochchi Rice and Curry හි ආහාර ඉතාමත් රසවත්. අතේ ඇති මුදලට මෙම අවන්හලෙන්ද ඔබට දහවල් ආහාරය මිලදී ගැනීමට පුළුවන්.

ලිපිනය: 61 ෆයිෆ් පාර, කොළඹ 05
දුරකථන අංකය: 077 414 7878

Yellow Rice (Vegetables) – LKR 390
Yellow Rice (Soya) – LKR 440
Yellow Rice (Dry Sprats) – LKR 490
Red Rice (Chicken) – LKR 550
Yellow Rice (Chicken) – LKR 550
Yellow Rice (Fish) – LKR 590
Yellow Rice (Prawns) – LKR 690

 

 

10)Herali Restaurant

අතේ ඇති මුදලට ඔබට දවල් ආහාර වේලක් ලබාගත හැකි තවත් ස්ථානයක් තමයි Herali Restaurant කියන්නේ.

ලිපිනය: 51 පෙරහැර මාවත, කොළඹ 03
දුරකථන අංකය: 077 700 2007

ආහාර මෙනුව  :
Rice and curry (Vegetables) – LKR 340
Rice and curry (Bullseye) – LKR 380
Rice and curry (Omelette) – LKR 450
Rice and curry (Sprats) – LKR 500
Rice and curry (Fish) – LKR 550
Rice and curry (Chicken) – LKR 550
Rice and curry (Pork) – LKR 550
Rice and curry (Fried Whole Fish) – LKR 700

 

 

11)Surya Catering Services

බොහෝදෙනා මෙම ස්ථානය පිළිබඳව දැනුවත් වීමක් නොමැති වුවත් දැරිය හැකි මුදලට ආහාරවේලක් ලබාගත හැකි හොඳම ස්ථානයක් ලෙස Surya Catering Services අපිට හඳුන්වන්නට පුළුවන්.

ලිපිනය: අංක 46, 42 නවම් මාවත, කොළඹ 02
දුරකථන අංකය: 077 045 6466

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 200
Rice and curry (Chicken) – LKR 290
Fried Rice (Chicken) – LKR 360

 

 

12)Ibrahim Eating House (Beruwala Kade)

විවිධ මස් වර්ග ඇතුලත් ව්‍යංජන ඒ වගේම රසම රස බිරියානි ඔබේ ආහාරවේලට එකතුකරගන්න ඔබ කැමතිනම් Ibrahim Eating House එකේ කෑම try කරල බලන්න අමතක කරන්න එපා.

ලිපිනය: පූජ්‍ය බද්දේගම විමලවංශ මාවත, කොළඹ 10
දුරකථන අංකය: 011 269 6930

ආහාර මෙනුව :
Rice and curry (Fish) – LKR 375
Rice and curry (Red rice & Beef) – LKR 390
Rice and curry (Beef/Half) – LKR 390
Rice and curry (Egg/Full) – LKR 390
Rice and curry (Beef/Full) – LKR 520
Rice and curry (Fried Beef) – LKR 520
Rice and curry (Red rice & Chicken/Half) – LKR 520
Rice and curry (Theecha Fish/Half) – LKR 525
Rice and curry (Roasted Chicken/Half) – LKR 750
Rice and curry (Red rice & Fried Beef/Half) – LKR 585
Rice and curry (Chicken/Full) – LKR 585
Rice and curry (Cooked Chicken) – LKR 585

 

 

13)Walanda Curry House

ඔබට දැරිය හැකි මුදලට ඔබේ ආහාරවේල ලබාගත හැකි තවත් තැනක් තමයි Walanda Curry House කියන්නේ. ආහාර ඉතාමත් රසවත් වගේම මෙම ස්ථානය පාරිභෝගිකයන් අතර ඉතා ජනප්‍රියයි.

ලිපිනය: 410 Deans පාර, කොළඹ 10
දුරකථන අංකය: 011 534 2833

ආහාර මෙනුව :
Rice and curry (Vegetable) – LKR 300
Rice and curry (Egg) – LKR 400
Rice and curry (Fish) – LKR 450
Rice and curry (Chicken) – LKR 500

 

 

14)Gruhanees Restaurant

ගෙදර හැදුවා වගේ රසවත් ආහාර වේලක රසය විඳගන්නට ඔබ යා යුතුම තැනක් තමයි Gruhanees Restaurant කියන්නේ.

ලිපිනය: 76 බාන්ස් පීඑල්, කොළඹ 07
දුරකථන අංකය: 070 233 0044

ආහාර මෙනුව :
Fatima’s Rice and curry (Chicken) – LKR 420
Fatima’s Rice and curry (Sprats tempered & Egg) – LKR 420
Charuni’s Rice and Curry (Chicken Devilled) – LKR 520
Erandika’s Yellow Rice and Curry (Devilled Prawn) – LKR 520

ඔබට සහනදායි මිලට දිවා ආහාරය ලබාගත හැකි ආපනශාලා පිලිබඳ විස්තරාත්මක ලැයිස්තුවක් අපගේ ලිපිය තුළ ඇතුලත් වෙනවා. අපට කුමන හෝ ස්ථානයක් මඟහැරී ඇත්නම් පහතින් ඔබේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here