හතර වටෙන් Relationship එක Breakup වෙලා ඔයත් ඉන්නේ අවුලෙන්ද …?

Relationship එක Breakup වෙලා ඔයත් ඉන්නේ අවුලෙන්ද …?

2022 Jun 21

අපි අද කතාකරන්නේ Relationship එකක් Breakup වුනොත් ඇත්තටම move වෙන්න පුළුවන්ද කියන එක ගැන, එහෙමත් නැත්තම් Move වෙන්නෙ කොහොමද කියන කාරණය ගැන. ඇත්තටම Breakup වෙනවා කියලා කියන්නෙ දෙන්නෙක් Separate වෙන එකට. එතකොට Breakup එකක් වුණාට පස්සෙ ඇතිවෙන දුක වේදනාව නැති කරගන්නෙ කොහොමද?  Breakup එකට මුහුණ දෙන්නෙ කොහොමද? Breakup වුණාට පස්සෙ හිත වෙනස් කරගන්නෙ ඒ කියන්නෙ අලුත් විදියට ජීවිතය පටන්ගන්න තමන්ගේ ඔළුව හදාගන්නේ කොහොමද? අපෙන් වෙන් වුණ කෙනාගෙ මතකයන් සහ එයා අපිට සලකපු විදිය වගේ දේවල් ඔබේ ජීවිතයට බලපාන්නෙ කොහොමද කියන එක තමයි අපි වැඩිදුරටත් මේ ලිපිය හරහා කතාකරන්නෙ.

 

ඇත්තටම Breakup එකක් වුණාට පස්සෙ තමන් ඒ පුද්ගලයාට addict වෙලා නේද  ඉන්නෙ කියලා ඔයාට තේරුම් යන්න ගන්නවා. එහෙම Addict වෙන්න හේතුව අපි Relationship එකක ඉන්නකොට අනිත් පුද්ගලයාගේ හැඟීම් ගැනත් හිතලා තීරණ ගැනීමට හුරුවුණ නිසා. Breakup එකකින් පස්සේ ඔහුගේ හෝ ඇයගේ දේවල් අපිට ගුණනය වෙලා දැනෙන්න ගන්නවා. අපිට එම පුද්ගලයාගෙන් ගැලවෙන්න බැරි ලොකුම හේතුව ඒක තමයි . නමුත් අවසානයේ අපි තේරුම් ගන්නවා නම් breakup එක සිද්ධ වෙලා තියෙන්නෙ මෙන්න මේ හේතූන් නිසා කියලා අපිට ලොකු පහසුවක් දැනෙනවා. ධනාත්මක සහ ඝෘණාත්මක සන්සන්දනයක් කිරීමෙන් පසුව මගේ relationship එක තිබුණෙ මේ තැන කියලා ඔයාට තේරෙනවා නම්, ඔයාට pain එකක් දැනෙන්නෙ addiction එක නිසා සහ ඊට අමතරව ඔයාට පසුතැවීමක් ඇතිවෙන්න පුළුවන් ගෙවපු කාලය සහ ඔයා කරපු කැප කිරීම නිසා කියලා ඔයාට අවබෝධ වෙනවා.  නමුත් ඔයාට එතනින් ගැලවෙන්න බැරි මානසිකත්වය ගොඩනැගෙන්නෙ, මට එයා නැතුව බැහැ කියලා හිතෙන්නෙ ඒ addiction එක නිසාම පමණයි.

 

 

ඔයා ගත කරපු කාලය සහ ඒ කරපු කැප කිරීම් extra pain එකක් විදියට තමයි addiction එකට එකතු වෙන්නෙ. එතකොට ඒ දේවල් අනුව තමයි ඔයා අවසානයේ දී තීරණ ගන්න පෙළඹෙන්නෙ. කාට වුණත් මේ මොහොතේ breakup වෙනවා කියන දේ සහ ඒ පුද්ගලයා ඔයාගෙන් move වෙනවා කියන මොහොත දරාගන්න හරි අමාරුයි. මොකද ඒකට හේතුව තමයි addiction එකක ඉන්න නිසා brain එක ඔයාව පුළුවන් තරම් තල්ලු කරනවා අනිත් පුද්ගලයාට  attachment වෙන්න කියලා. එතකොට වෙනම circle එකක හිත ඔයාව හසුරවනවා. මෙහිදී හැඟීම් මත තීරණ ගන්න එක වැඩි නිසා Addiction Level එක ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම අවබෝධයෙන් මේ දේ තේරුම් ගන්න ප්‍රතිශතය ඉතාමත් අඩු වෙනවා. මොකද Professor කෙනෙක් වුණත් Doctor කෙනෙක් වුණත් මොන වගේ සමාජ ස්ථරයක ඉන්න කෙනෙක් වුණත් මොන විදියේ අධ්‍යාපන පසුබිමක් තිබුණත් තමන්ට මේ වගේ feeling වලින් attachment එකක් ඇතිකරගෙන ඒක continue කරගෙන marriage Life එකකට යනවා කියන එක‍ෙ වෙනම දෙයක්. එතකොට එතන දී තමන් Fail වෙනවා කියන එකට සමාජ මට්ටම සහ එයාගෙ අධ්‍යාපන තත්ත්වය අදාළ වෙන්නෙම නැහැ. මේ affair එක කරගෙන යනවා ද නැත්නම් breakup එකට මුහුණ දෙනවා ද කියන එක ගැන අවබෝධයෙන් තේරුම් ගන්න ප්‍රතිශතය මෙහිදී බොහෝදුරට අඩු වී හැඟීම් මතින් තීරණ ගන්න පෙළඹෙනවා .එතකොට එහිදී තමන්ගෙ සමාජ පරිසරයවත් අධ්‍යාපන පසුබිමවත් අදාළ වෙන්නෙ නැහැ. ඊට වඩා educated මිනිස්සු ඕන තරම් ඉන්නවා suicide කරගන්න පෙළඹෙන.  drugs වලට addict වෙලා වෙන දේවල් කරන්න පෙළඹෙන. ඒකට හේතුව තමයි මේ දේවල් දරාගන්න බැරිව පීඩනයෙන් ජීවත්වෙන එක.

 

මෙවැනි පුද්ගලයෙක් දිහා කවුරු හරි පිටින් බැලුවොත් පේනවා එයාට හොඳ අනාගතයක් තියෙනවා, එයා හොඳට ඉගෙනගෙන තියෙනවා, එයාට ඉස්සරහට හොඳට ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා. නමුත්  මේ තත්ත්වයට මුහුණ දීලා ඉන්න පුද්ගලයට දැනෙන්නේ මේ වේදනාව විතරයි. ඒ කියන්නෙ අනිත් පුද්ගලයා නැති වුණොත් ඔයාට ජීවත්වෙන්න බැහැ කියන මානසිකත්වයක් තමයි එයාටගේ brain එකෙන් එයාට හදලා පෙන්නන්නෙ. තමන් ආදරය කරපු කෙනාගේ විශේෂත්වයන් සහ අතීත මතකයන් ලොකුවට හදලා පෙන්නනවා.  ඔයා අවසානෙදි හරියට තේරුම් ගන්නවා නම් ඔයා ඉන්නෙ addiction එකක කියලා, හරියටම සම්බන්ධතාවය අවසන් කරලා වෙනම step එකකට අඩිය තියන්න ඔයාට පුළුවන්.

එහෙම ඔයා අයින් වුණාට පස්සෙ ඒ පුද්ගලයාගෙ කිසිම දෙයක් ඔයාට අදාළ වෙන්නෙ නැහැ. ඒ වගේම ඔයාට ඔයාගෙ සාමාන්‍ය ජීවිතයට හුරුවෙන්නත් පුළුවන්. මුල්ම අවස්ථාවලදි කවදාවත් හිතන්නෙ නැහැ මට recover වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අර හිතේ හිරකරන් ඉන්න circle එක ඇතුළෙ දරා ගන්න බැරි pain එකෙන් මිදෙන්න නිතරම උත්සාහ කරන්න ඕනෙ. ඉතින් මේ අවබෝධය තියෙනවානම් පොඩ්ඩක් ඉවසගෙන ටිකෙන් ටික පියවරෙන් පියවර ඔයාට එතනින් හරියටම move වෙන වාතාවරණය හදාගන්න පුළුවන්.

ඉතින් Relationship එකක් breakup එකක් වුණහම ඒකට කොහොමද මුහුණ දෙන්නේ? ඒ වෙලාවෙ ඔයාට දැනෙන feelings මොනවගේද? ඇත්තටම ඒවා true feeling ද? ඔයා කොහොමද ඒ දේවල් manage කරගන්නෙ කියන අවබෝධය ඔයාට මේ ලිපියෙන් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා අපි හිතනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here