හතර වටෙන් නිතරම අන්තර්ජාලයේ ඉන්න ඔබ www. ගැන දැනුවත්ද ?…

නිතරම අන්තර්ජාලයේ ඉන්න ඔබ www. ගැන දැනුවත්ද ?…

2022 Aug 1

www. කියලා ඕනම දෙයක් online search කරන්න අපි හැමෝම දන්නවානේ. නමුත් ඇත්තටම මේ www කියන්නේ මොකද්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නෑ. දන්න අයත් ඇති. නොදන්න ඕනෑම දෙයක් අපිට කියා දෙන www කියලා කියන්නේ world wide web කියන එකයි. හැම දේකටම විශේෂිත දවසක් තියනවනේ. www වලටත් දිනයක් තියනවා. ඒ තමයි අගෝස්තු පලවෙනිදා. මේ සැමරුම අන්තර්ජාලයේ සොයාගැනීම, එහි ඉතිහාසය මෙන්ම අප දැන් ගමන් කරන ආකාරය සහ අප දිගටම මුහුණ දෙන සියලු අභියෝග සඳහා බැදී තිබෙනවා. ඒ විදිහට බලනකොට ලෝක ව්‍යාප්ත වෙබ් දිනය නැතිනම් World wide web day එක කියලා කියන්නේ වෙබ් බ්‍රවුසින් කිරීම සඳහා වෙන්වුන ගෝලීය සැමරුමක්. මුළු ලෝකයම ඔබේ ඇඟිලි තුඩුවලින් ක්‍රියාකාරකම් සහ දැනුම් සම්භාරයක් ඔබේ ලගටම ගෙනත් දෙන්නේ World wide web එකයි.

 

World wide web එකෙන් අපිට මොන තරම් වැදගත් කමක් තියනවද කියලා අපිට අමතක කරන්න බෑ. සෑම දිනකම අන්තර්ජාලය හරහා තොරතුරු සොයා ගැනීමට හා විවිධ කාර්යයන් ඉටු කර ගන්න බොහෝ අය World wide web එක මත විශ්වාසය තියන බව ඔබ දන්නවද? එය බොහෝ රැකියාවන් වලටත් උදව් වෙනවා. ඒ නිසා, World wide web එකට ගෞරව කිරීමට අපට දිනයක් තිබීම ඉතාම සාධාරණය හේතුවක්.

World Wide Web අඩවිය 1989 දී ටිම් බර්නර්ස්-ලී විසින් නිර්මාණය කලේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි CERN මධ්‍යස්ථානයේදී ඔහුට hyperlink හරහා සම සේවකයින් සමඟ සන්නිවේදනය කිරීමේ මාර්ගයක් ලෙසයි. අද වන විට www මිනිසුන් අතර අන්තර්ක්‍රියා, ගනුදෙනු සහ සන්නිවේදනයේ ප්‍රධාන මාධ්‍ය බවට පත් වෙලා තිබෙනවා. මේ නිසා කලින් පරම්පරාවන්ට හිතාගන්නවත් බැරි විදිහට වර්ථමාන මිනිසුන්ට විවිධ දෙවල් හා අවස්ථාවන් සදහා දොර විවර කරගෙන තිබෙනවා වගේම ඔවුන් සියලු දේ ගැන updated.

 

ඔබ බොහෝ වේලාවට “surfing the net” යන යෙදුම භාවිතා කරලා තියනවා නේද? මෙය නිර්මාණය කරලා තියෙන්නේ Jean Armor Polly නම් පුස්තකාලයාධිපතිනිය විසින් බව ඔබ දන්නවාද? මේ පදය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවෙන්නේ ඇයටයි. 1992 මාර්තු මාසයේදී මිනසෝටා විශ්වවිද්‍යාලයේ විල්සන් පුස්තකාල බුලටින් සගරාවට ඇය විසින් පළ කරන ලද “අන්තර්ජාලයේ සැරිසැරීම” නැතිනම් “surfing the internet” කියලා ලියපු ලිපියක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ යෙදුම බාවිතයට ගැනුනේ.

ලෝක ව්‍යාප්ත වෙබ් අඩවිය ගැන ඔබ නොදන්නා තවත් කරුණු කිහිපයක් තියෙනවා.

Sir Tim Berners-Lee විසින් web server එකක් විදිහට භාවිතා කරන ලද පළමු පරිගණකය NeXT පරිගණකයයි.

පළමු වෙබ් බ්‍රව්සරය වන World Wide Web ලියන්නත් මේ පරිගණකය තමයි භාවිතා කරලා තියෙන්නේ.

World Wide Web එක ඕනෑම කෙනෙකුට නොමිලේ ලබා දෙනවා කියලා නිවේදනය කරලා තියෙන්නේ 1993 අවුරුද්දේ.

1993 දී Mosaic වෙබ් බ්‍රව්සරය දියත් කිරීම World Wide Web අඩවියේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. එය World Wide Web අඩවිය ජනප්‍රිය කිරීමේ ගෞරවයත් හිමි කර ගන්නවා.

ඒ වගේම පළමු ජනප්‍රිය සෙවුම් යන්ත්‍රය Yahoo!

 

 

Archie කියලා කියන්නේ සෙවුම් යන්ත්‍ර වල පළමුවැන්නා කියලයි විශ්වාස කරන්නේ. මෙය FTP සංරක්ෂිත සුචිගත කිරීම සඳහා වූ පළමු මෙවලම වන අතර, විශේෂිත ගොනු සොයා ගැනීමට මිනිසුන්ට හැකි වුනා.

අපි World Wide Web day එක සමරන්නේ අන්තර්ජාලයට පිවිසීම, social media platforms වල posts පළ කිරීමට ඉක්මන් සෙල්ෆි ගැනීම, බ්ලොග්ස්, පොඩ්කාස්ට් වලින් සටහන් ගැනීම, කාලගුණය ගැන සාකච්ඡා කිරීමට VoIP සම්මන්ත්‍රණ පැවැත්වීම, ලොව පුරා සේවාදායකයන් සමග දත්ත හුවමාරු කිරීම, ඡායාරූප sync කිරීම, වෛද්‍යවරයන්ගේ හමුවීම් online වෙන්කරවා ගැනීම සහ සාමාන්‍යයෙන් අපගේ අදහස් ප්‍රකාශ කිරීම,ආදි දේවල් අපට ලබා ගැනීමට හැකි වුන නිසයි.

 

 

දැන් අන්තර්ජාලයෙන් කරන්න පුළුවන් විවිධ දේවල් ගොඩක් තියෙනවා. World wide web අඩවියේ සම්පූර්ණ ශක්ති ධාරිතාවය බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ. World wide web දිනයේදී ලොව පුරා සිදුවන සිදුවීම් රාශියක් තිබෙනවා, ඔබ අන්තර්ජාලය හරහා මෙන්ම ඔබේ ප්‍රදේශයේ ව්‍යාපාරවලද සිදු විය හැකි ආකර්ෂණීය දේවල් රාශියක් සොයා ගැනීමට මින් හැකියාව තිබෙනවා. මේ වන ව්ට හොයාගෙන තිබෙන විශ්වයේ සියලුම තොරතුරු ඔබට එක මොහොතකින් දැනගන්න ඔබට පුලුවන්කම ලැබුනේ www නිසයි.

සෑම අගෝස්තු 1 දිනකම ලෝක ව්‍යාප්ත වෙබ් දිනය සමරන්නේ ඇයි කියලා දැන් ඔබට හිතෙන්න පුලුවන්. ඇත්තටම අන්තර්ජාලය නොමැතිව පෘථිවිය ඉතා පාළු ස්ථානයක් වනවා නොඅනුමානයි. ඔබ විශ්වාස කරන්නේ නැද්ද? හොඳයි, world wide web අඩවිය නිර්මාණය කරන්න කලින්, මිනිසුන්ට දුර බැහැර කෙනෙකු සම්බන්ධ කර ගන්න විශාල මුදලක් වැය කරන්න සිදු වුනා. අද, හඬ ඇමතුම්, කතාබස් සහ වීඩියෝ ඇමතුම් බොත්තමක් ක්ලික් කිරීමෙන් ලබාගන්න පුලුවන්. මෙය www ලෝකයට ගෙන ආ එක් වාසියක් විතරයි. තොරතුරු සෙවීමට, ගීතවලට ප්‍රවේශ වීමට, අන්තර්ජාලයෙන් පුවත් සෙවීමට සහ අද ලෝකය සවිබල ගැන්වූ තවත් දහස් ගණනක් දේවල් කිරීමටද එය පහසුවක්.

 

ප්‍රමෝධ්‍යා මීගපොල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here