Uncategorized රසවත් කොක්ටේල් සහ මොක්ටේල් ට්‍රයි කරනවානම් රාමඩා හෝටලයේ Oasis Lounge Bar එක

රසවත් කොක්ටේල් සහ මොක්ටේල් ට්‍රයි කරනවානම් රාමඩා හෝටලයේ Oasis Lounge Bar එක

2019 Jul 25

Open Time:

11.00 am - 11.00 pm

Address

No. 30, Sir Mohamed Macan, Colombo 03

directions

Towards the land side from the Galle Face roundabout

Contact No

0112 422 001

Menu

ගොඩ කාලකෙට පස්සේ relax වෙන්න හොඳ තැනක් හොයනවනම් එහෙමත් නැත්නම් කොළඹ තියෙන හොඳම බාර් ගැන දැනගන්න කැමතියි නම්, මෙන්න ඔයාලට හොඳ ආරංචියක් කියන්න තියෙනවා…..

ඒ තමයි Oasis Lounge Bar එක. මෙය රසවත් මොක්ටේල්, කොක්ටේල් සහ ප්‍රනීත ආහාර රැසක් රසවිඳින්න පුළුවන් සුවපහසු බාර්එකක්. වෙහෙසකර දවසකින් පසු ඔබට එහි ඇති swimming pool එක ලඟට වී ඔබේ ප්‍රියතම පානය සමඟ relax වෙන්න පුළුවන්. මේ අපි Oasis Lounge Bar එකේදී රසවිඳපු දේවල් අපි ලැබූ අත්දැකීම්වලින් කිහිපයක්.

මොක්ටේල්ස් ( Mocktails)

Berry Cooler – Rs 600

නමෙන් කියවෙන විදිහටම මේක හරිම refreshing drink එකක්. දෙහි යුෂ, ස්ට්‍රෝබෙරි සිරප් සහ මිශ්‍ර බෙරී කොම්පෝට් වලින් සාදන ලද මෙය රස්නේ දවසකට කදිමයි. බෙරි වලින් හදපු නිසා මීට වඩා ඇඹුල් රසයක් තියෙයි කියල බලාපොරොත්තු වුනාට, මේක පිපාසය සංසිඳුවන්න නියම බීමක්.

Avacado Jaggery – Rs 600

සාමාන්‍ය අලිගැට පේර පානයකට වඩා වෙනස් නොවුනත්, මේ මොක්ටේල් එකේ විශේෂත්වය වෙන්නේ මේක පැණි රස කරන්න හකුරු යොදාගෙන තිබීම. මේ මොක්ටේල් එක ඕනෑවට වඩා බර නෑ, අලිගැට පේර ස්මූති එකකට වඩා සැහැල්ලුයි.

Shirley Temple – Rs 600

මෙම ප්‍රබෝධමත් classic මොක්ටේල් එක ඉතා ආකර්ශනීය ලෙස පිළිගන්වා තියෙනවා. ග්‍රෙනඩින් සහ සෝඩා වලින් සාදන ලද මෙම මොක්ටේල් එක චෙරි එකකින් සරසා තියෙනවා. මෙය නිවාඩු පාඩුවේ ඉන්න දවසකට වඩාත් කදිම බීමක්.

කොක්ටේල්ස් (Cocktails)

Pina Colada – Rs 1200

උස වීදුරුවක පිළිගන්වන මෙම ජනප්‍රිය පානය අන්නාසි පෙත්තකින් සහ චෙරි එකකින් සරසලා තිබුනා. රම්, කොකනට් ක්‍රීම්, අන්නාසි යුෂ සහ අයිස් වලින් සාදන ලද මෙය අපි රස බලපු හොඳම Pina Colada වලින් එකක්. රම් සහ අන්නාසි මිශ්‍ර කොකනට් ක්‍රීම් හරි ගානට තිබ්බ මේ මොක්ටේල් එකේ උකු ගතිය නියම පදමට තිබුනා.

Vodka Martini – Rs 1200

සිසිල් කරපු වීදුරුවක පිලිගන්වපු dry martini එක ටිකක් සැර වුනාට හරිම ප්‍රසන්න රසයකින් යුක්තයි. මේ Vodka Martini එක ලුණු යෙදූ ඔලිව් ගෙඩියකින් තවත් රසවත් වෙලා තිබුණා. මෙය තවත් ඔලිව් ගෙඩියකින් සරසා ඉතා අපූරුවට පිළිගන්වා තිබුණා.

Classic Mojito – Rs 1200

උණුසුම් දවසකට කදිම මේ Classic Mojito එකේ ඇති හොඳ alcohol රසයට නැවුම් දෙහි සහ මින්ට් කොළ වලින් තව වැඩි රසයක් එකතු කරලා තියෙනවා.

Bar Bites (බයිට්ස්)

Cheese Toast – Rs 400

පිටින් කර කර ගා හැපෙන, මැද්දෙන් ටිකක් soft, ගානට ටෝස්ට් කරපු මේ චීස් ටෝස්ට් එක නම් සුපිරියි. ටෝස්ට් එක පුරාම රසවත් චීස් ස්ප්‍රෙඩ් එකක් ගාලා උඩින් මොසරෙල්ලා චීස් දාල, චීස් ගොඩක් එක්ක ලස්සනට, රසට පිලිගන්වල තිබුණා.

Hot Butter Cuttlefish – Rs 800

කවුරුත් ආස කරන ජනප්‍රිය දැල්ලෝ dish එකක් වන මේ ආහාරය bell pepper එකතු කරලා ඉතා වර්ණවත් සහ ප්‍රිය මනාප අයුරින් පිලිගන්වල තිබුණා. හැබැයි අපිට හිතුනේ මේක ටිකක් රසයෙන් අඩු බවකුයි. මේකට ටිකක් ලුණු වැඩියි කියලයි අපිට තේරුණේ. හැබැයි ගොඩක් තැන් වල ලැබෙන දැල්ලෝ dish වගේ නෙමෙයි, මෙහි දැල්ලන් මෘදුව හා කන්න පහසු විදිහට සකස් කරලා තිබුණා.

Chicken Karaage – Rs 690

Oasis Lounge Bar එකේ වැඩිම ඉල්ලුම සහිත dish එක මෙය වීමට හොඳ හේතුවක් තියෙනවා. මොකද මේක නම් හරිම ප්‍රනීත, දිව පිනායන dish එකක්. මෘදු සහ හොඳට පදම් කරපු චිකන් වටේට කර කර ගා හැපෙන, රසයෙන් පිරුණ batter දැවටුමක් තියෙනවා. මේකත් එක්කම පිළිගන්වන sriracha සෝස් සහ hot chili සෝස් එක්ක මේක නියමෙට ගැලපෙනවා.

Oasis එක තමයි කොළඹ තියෙන දුම් පානය කල හැකි එකම Lounge Bar එක. ඒ වගේම මෙහි අවුරුද්ද පුරාම ඉතා ආකර්ශණීය දීමනා ලබා දෙනවා. මෙහි තවත් විශේෂත්වයක් තමයි ඔවුන්ගේ pool table එක. ඒ වගේම මෙහි එන අයට තමන් කැමති ගීත රස විඳීමට ඉඩ සලසා දෙන ‘i-juke’ jukebox එක. Oasis Lounge Bar හි දිනපතා happy hour එකකුත් තියෙනවා. ඒ වගේම සිකුරාදා දිනවල Neeka ගේ සහ සෙනසුරාදා දිනවල Yenuka & Mariez ගේ සජීවී සංගීතය මග නොහරියම යුතු events දෙකක්. කොක්ටේල්, මොක්ටේල් විතරක් නෙමෙයි මෙහි ආනයනික හා දේශීය alcohol ජාතිත් ගොඩක් ලබාගන්න පුළුවන්. එම නිසාමයි, Oasis Lounge Bar එක නිතරම Lounge Bar වලට යන්න කැමති අයගේ ප්‍රියතම ස්ථානයක් වෙලා තියෙන්නේ.

Tip: මෙහි ගියොත් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ Chicken Karaage එක try කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here