Uncategorized Italian cuisine එකක් රස විඳින ගමන් ආදරවන්තයින්ට නිදහසේ කතා කරන්න හොඳම තැන

Italian cuisine එකක් රස විඳින ගමන් ආදරවන්තයින්ට නිදහසේ කතා කරන්න හොඳම තැන

2020 Feb 3

Open Time:

5pm – 1am (Sunday to Thursday), 5pm – 2am (Friday to Saturday)

Address

5th floor, The Goldblock, 101/11 Hunupitiya Lake Rd

directions

Located near Gangaramaya Temple

Contact No

011 4 366 355

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා වහලා තිබුණ Il Cielo නැවත වරක් ඔන්න අපි වෙනුවෙන්ම විවෘත කරලා තිබෙනවා. 5th floor of The Goldblock වල පිහිටා තිබෙන Il Cielo කොළඹ ඉර බහින වෙලාවට ඇත්තටම ගොඩක් ලස්සනයි . වාසනාවකට වගේ අපි ගිය වෙලාවේ ඒ සුන්දර දසුන නරඹන්න පුළුවන් වුණා. Il Cielo දවල්ට වගේම රෑටත් ලස්සනට තියන්න ගොඩක් විශේෂ දේවල් කරලා තියෙනවා. Il Cieloහි එළියේ වගේම ඇතුළත වාඩිවෙන්න පුළුවන් වෙන්න ස්ථාන දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ වුණත්, වැස්ස වෙලාවට එළිමහනේ ඉදගන්න එකනම් ප්‍රශ්ණයක් වෙනවා.

 

Italian Potatoes (LKR 150)


මුලින්ම මේකේ නම පොඩි කුතුහලයක් ඇති කරාට, ඒවා සාමාන්‍යයෙන් අපි දන්න Potatoe edges කියලා ඉක්මනට මට තේරුම් ගියා. LKR 150 මිලකට ගැළපෙන portion ලැ‍බෙන අතර, ලේසියෙන් දෙන්නෙක්ට රස විඳින්න පුළුවන්. බදින්නේ නැතුව, බේක් කරලා තියෙන නිසාත්, පදමට ලුණු, ගම්මිරිස් සහ සුදුළූණු දාල තියෙන නිසාත් ඇත්තටම රස වැඩියෙන් දැනෙනවා .

 

 

Arancini Sisiliana (Fried Risotto Balls) (LKR 580)


මේ Menu එකේ තියෙන මම ආසම දේ තමයි Arancini Sisiliana!.ඉතා හොඳට බැදපු risotto, diced bacon, parsley සහ mozzarella cheese සහ tomato salsa and an extra side of Parmesan cheese එක්ක Arancini Sisiliana ඔවුන් විසින් එය පිළියෙල කරනවා. salsa වල සියුම් රස නිසා මුළු කෑම එකේම තියෙන දිවට දැනෙන සැර ගානට අඩු කරනවා. appetizer එකක් වුණත්, බඩ පිරෙන්න එක portion එකක් කන්න පුළුවන්!

 

 

Mains

 

Osso Bucco (LKR 1490)


Osso Bucco කියන්නේ සාම්ප්‍රධායික veal සමඟ පිරිනමන ආහාරයක් නිසා, risotto එක්ක බැටළු මස් එක්ක කෑම එක පිළිගන්වනකොට ඇත්තටම මම පොඩ්ඩක් පුදුම වුණා. risotto එක පොඩ්ඩක් තැම්බිලා මදි වුණත්, ඉතා හොඳ සුදුළූණු, බටර් සහ saffron රසයන්ගේ එකතුවක් වුණ නිසා එක එච්චර දැනුණේ  නැහැ. ඕස්ට්‍රේලියානු බැටළු මස් හොඳින් පදම් කර සූදානම් කරලා තිබුණත්, තව රස වැඩි කරන්න පුළුවන්කමනම් තියෙනවා. තව පොඩි උත්සහයක් දැරුවොත් මේ ආහාරය Il Cielo එකේ තියන හොඳ ආහාරයක් වෙන්න පුළුවන්.

 

 

Spaghetti Carbonara (LKR 745)


ඉතාලි අවන්හලක මේ ජනප්‍රිය ආහාරය හරියට, තිතට හැදුවොත්, අපේ හදවත් දිනාගන්න එක අමාරු වැඩක් නෙමෙයි! මේ arbonara dish එක Il Cieloලා ඉතා හොඳට සකස් කර තිබුණා වගේම, ඔබට මිලට වටින ඉතා ලොකු portion එකක් හම්බවෙනවා . ඔවුන් චීස් සෝස් ඇති පදමට දාන නිසා කන හැම කටක්ම චීස් වලින් උතුරනවා. හැබැයි පොඩිම පොඩි අඩුවක් තිබුණා . බේකන් මං ආස විදිහට වඩා අඩු කාලයක් තමයි බැදලා තිබුණේ. තව මිනිත්තු කිහිපයක් වැඩියෙන් පිසුවානන්, කටට හැපෙන crispy ගතියක් බේකන් එකෙන් ගන්න තිබ්බා.

 

Il Cielo Special Pizza (LKR 975)


පෙනුම වගේම ඉහළ රසයක් මේ Il Cielo Special Pizza තියෙනවා. ලොකු topping එක වගේම spice නිසාත් මේ Pizza එක ගොඩක් special වෙලා තිබෙනවා.

 

 

Pizza Margarita (LKR 880)


තක්කාලි සහ චීස් ගොඩක් දාලා හදලා තිබුණු රසම රස පීසා එකක් තමයි මේ. Il Cieloගේ පීසා ඔක්කොම අහාරයට ගන්න සුදුසුම, ඒවා උණු උණුවෙම ආහාරයට ගත්තාම තමයි. නැත්තන් crust එකේ පොඩි තද ගතියක් ඇතිවෙනවා.

 

 

Pizza Al Tonno (LKR 980)


Tuna වල රසයත්, crust එකේ තුනී පදමත් ඇත්තටම හොඳ combination එකක්. හැම පීසා එකකටම දලා තිබෙන හොඳ මොසැරැල්ලා ප්‍රමාණයත්, oregano මුසු කිරීම නිසාත්, පීසා එකටම ආවේණික රසයක් ලැබෙනවා.

 

 

Desserts

Chocolate mousse (LKR 400)


martini වීදුරුවක, දෙපැත්තෙන් වැක්කෙරෙන චොකලට් එක්ක අලංකාර ඉදිරිපත් කිරීමක් වුණ මේ අතුරුපස මගේ දෙවන විකල්පය වුණේ මම ඉල්ලපු tiramisu එක ඒ වෙලාවේ නැතිනි වුණ නිසයි .මේ Dessert එක වියළි වගේම තද කේක් එකක් වගේ නිසා මගේ අත්දැකීම එච්චර හොඳ වුණේ නැහැ. ඕනෑවට වඩා පැණිරස හා ජෙලටින් තියෙන නිසා මේ Dessert එකටනම් මම කැමති වුණේ නැහැ.

 

 

Ambience


කාර්ය මණ්ඩලය හරිම ආචාරශීලීයි වගේම මිත්‍රශීලීයි, හැබැයි සමහර කෑම වර්ග ගැන ඇහුවම ටිකක් අපැහැදිල ආකාරයට තමයි තේරුම් කලේ . හැබැයි අපි ඇනවුම් කරපු ආහාර එකවර හෝ එකින් එක අපට අවශ්‍ය දැයි අපෙන් විමසීමට තරම් ඒ අය කාරුණික වුණා. කොහොම වුණත් අවන්හලේ හිටපු එකම පාරිභෝගිකයෝ අපි වුණත්, ඔවුන්ගේ අවධානය ලබාගන්න පැය භාගයක් ඉන්න වුණා. අපේ ඇණවුම ලැබුණු පසුත් ඔවුන්ගේ අවධානය ලබාගන්න පොඩ්ඩක් වෙහෙසෙන්න වුණා.

නැවත විවෘත කිරීමෙන් පස්සේ, දියුණු කරන්න දේවල් ගොඩක් Il Cielo අවන්හලට තියෙනවා වගේම ඉක්මනින් ලොකු ජනප්‍රියත්වයක් ලබන්න ඔවුන්ගේ අඩුපාඩු හදාගත්තොත් හැකියාව තියෙනවා. Il Cielo හි තිබෙන ආකර්ශණීය බව වගේම view එක නිසා ආදරවන්තයින්ට නිදහසේ කතා කර කර ඉන්න ගමන් හොඳ ආහාරවේලක් රසවිදින්න හරි අපූරු තැනක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here