Uncategorized කුඩා කළ ඇතිවෙන බිය, ඔබේ දරුවා මානසික රෝගියෙක් කළ හැකි බව ඔබ...

කුඩා කළ ඇතිවෙන බිය, ඔබේ දරුවා මානසික රෝගියෙක් කළ හැකි බව ඔබ දන්නවාද?

2020 Feb 6

බය කියලා කියන්නෙ වේදනාව, හානිය ගැන අනතුරු අඟවන හරිම අප්‍රසන්න හැඟීමක්. කවුරුත් බය‍ෙන් ඉපදෙන්නේ නැති වුණාට අපි අත්දකින සමහර හේතූන් එක්ක ඉපදිලා අවුරුදු දෙක තුනක් යනකොටනම් බය කියනදේ එන්න එන්නම වැඩිවෙනවා. ඉපදිලා අවුරුදු 5ක් විතර යනකොට අපි වතුරට,කළුවරට, යක්කුන්ට, පොඩි පොඩි සත්තුන්ට වගේම උස තැන් වලටත් බයවෙන්න පටන් ගන්නවා. ටික ටික ලොකුවෙද්දී නම් අපි මේ දේවල් වැඩිය ගණන් ගන්නේ නැහැ. පොඩි කෙනෙක් මේ දේවල් වලට බය වුණත් ඒ වේලාවට අපි කියන්නේ ලොකු වෙද්දී ඔය බය ඇරිලා යයි කියලයි. ඔව්, ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඔයා දැනගෙන හිටියාද මේ ‘බය’ කියන දේ නිසා ළමයෙක්ට කාංසාව ඇතිවෙන්න පුළුවන් කියලා? හැබැයි මෙහෙම ඇතිවෙන බය හරිම ලේසි ක්‍රම ටිකකින් නැති කරන්නත් පුළුවන් කියලා දැනගෙන හිටියද? ඉතිං අද අපි ඔබට කියලා දෙන්නේ ඔබේ දරුවන්ටත් බයක් ඇතිවුණොත් ඔබ ක්‍රියාකරන්න ඕන විදි 05ක් ගැනයි.

1 බය ගැන දරුවා සමග කතාකරන්න

ළමයෙක්ගේ බය නැති කරන්න පුළුවන් ලොකු බලයක් අපි කතාකරන මේ වචන වලට තියෙනවා. ඔයාගේ දරුවා බය පෙන්වන වේලාවට ඒ ගැන එයා එක්ක කතාකරන්න. සමහර දේවල්වලට ඕනෑවට වැඩිය බය වෙන්න ඕන නැහැ කියලත් කියලා දෙන්න. එතකොට ඔයාගේ දරුවාට තේරෙයි ඒ ගැන ඔයත් එක්ක කතාකරන එක හොඳයි කියලා. බය ගැන කතාකරනකොට දරුවාගේ කාංසාව නිකන්ම නැතිවෙලා යනවා.

 

2 කවදාවත් දරුවාගේ බය සමච්චලයකට ගන්න එපා

“මෝඩ වෙන්න එපා,ඒ නිකන්ම නිකන් කැරපොත්තෙක් විතරයි’. “මේ pool එක එච්චර ගැඹුරු නැහැ, බොරුවට බය වෙන්නේ නැතුව බහින්න” වගේ වචන පාවිච්චි කරලා දරුවාගේ බය හෑල්ලු කළොත් දරුවා බය ගැන හංගන්න පටන් ගන්නවා. කොටින්ම කිවුවොත් බයවෙන්න ලැජ්ජා වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රශ්නය ඔයා හිතන්නෙවත් නැති තරමට තව වැඩිවෙන්න පුළුවන්. ඉතින් ඒ විදියට කවමදාකවත් දරුවාගේ බය හෑල්ලු කරලා කතා කරන්න එපා.

 

3 දරුවාගේ බය තව වැඩිවීමට ඉඩ දෙන්න එපා

දෙමාපියන් විදිහට අපි අපේ දරුවා බය වෙන හේතු ගැන දැනගත්තාම ඒ බය ඇතිවෙන්න ඉඩදෙන්නේ නැතුව ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට දරුවා බල්ලන්ට බයක් පෙන්වනවා නම් අපි දරුවා එක්ක පාරේ යද්දී පාරේ බල්ලෙක් ආවොත් අපි හිතලම දරුවා වඩාගත්තොත්, එහෙම නැත්තම් ඉක්මනින් පාරේ අනිත් පැත්තට මාරුවුනොත් දරුවා හිතනවා ඔයත් බල්ලාට බයක් දක්වන නිසා බල්ලාට බයවෙන්න ඕනේ කියලා. මේක නිකන්ම නිකන් දෙයක් වගේ ඔයාට පෙනුනට ඒක දරුවාගේ බය තව වැඩි වෙන්න ලොකු හේතුවක් වෙනවා.

මේ වගේ වෙලාවක බල්ලාව මග අරිනවා වෙනුවට ටිකක් එහාට ගිහින් හිමින් සීරුවේ ගියොත් දරුවත් ඉගෙන ගනී බල්ලෙක් දැක්කම හැමතිස්සෙම දුවන්න ඕනේ නැහැ කියලා.

 

4 පියවරෙන් පියවර බය නැති කරන්න උත්සහ කරමු

මනෝවිද්‍යාඥයින් හොයාගෙන තියෙන විදිහට ‘flooding’ කියන්නේ බය නැති කරන්න තියෙන හොඳ therapy එකක්. කොහොම වුනත් මගේ අදහස නම් පොඩි ළමයෙක් ගේ බය නැති කරන්න හොඳම විදිහ තමයි ටිකෙන් ටික බය නැති කරන එක. උදාහරණයක් විදිහට ඔබේ දරුවා ගඟට, මුහුදට, pool එකට වගේ දේවල් වලට බය නම් දුර ඉදන් ඒ දිහා බලන් ඉන්න ඉඩ දෙන්න. ඊට පස්සේ pool එකේ පිට ඉදන් වතුර අල්ලන්න, කකුල් වතුරේ දාගන සෙල්ලම් කරන්න වගේ දේවල් වලට ඉඩ දීලා ටිකෙන් ටික ඒ ගැන තියෙන බය නැති කරන්න. දින සති ගණන් ගත වුණත් මේකෙන් දරුවාට කාංසාව ඇති වෙන එක අඩුවේවි.

 

5 බය නැති කරගන්න ක්‍රම දරුවාට කියලා දෙමු

ලොකු බයක් දැනෙන වේලාවට හුස්ම ගන්න එක ගැන හිතන ගමන් 1 ඉඳන් 10 ට ගණන් කරන එක වගේ පොඩි පොඩි ක්‍රම දරුවාට කියලා දෙන්න. ඒ තුළින් බය කියන දේ ඇති උනාම කාංසාව ඇති වෙන්න තියෙන ඉඩ නැති කරනවා. ඉතින් මේ දේවල් තුළින් තමන්ට තනියම සන්සුන් වෙන්න පුළුවන් වෙන එක ගැන ඔයාගේ දරුවත් ගොඩක් සතුටු වෙයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here