Uncategorized ඔයාට ගැළපෙනම perfume එක තෝරගන්න, මේ tips ටික අත්හදා බලන්න – 02

ඔයාට ගැළපෙනම perfume එක තෝරගන්න, මේ tips ටික අත්හදා බලන්න – 02

2020 Jan 31

perfume එකක් පාවිච්චි කරන්න ඕනේ ඇයි කියන කාරණය ගැන අපි මීට කලින් දවසක ඔබව දැනුවත් කළා. අද අපි ඔබව දැනුවත් කරන්නේ කොහොමද ඔබට හරියටම ගැලපෙන perfume එක තෝරාගන්නේ කියන කොටස ගැන.

01. perfume එකක් ගන්න යන්න කලින් homework කරන්නෙ කොහොමද….?

02. perfume එකක් ගන්න shopping කරන්න ඕනේ කොහොමද..?

03. perfume එක test කරලා බලන්නේ කොහොමද..?

මේ කොටස් තුන ගැනම අවබෝධයක් ඇතුවයි ඔබ perfume එකක් මිළදී ගන්න ඕනෙ. වෙළඳපොලේ තියන මොකක්හරි එකක්, ලාබෙට තියන දෙයක්, මිළදී ගන්න එක වැරදියි. අපි කලින් ලිපියේදී පැහැදිළි කළා වගේ, perfume එක ඔයාගේ personality එකට වගේම විශේෂ තැනකට පිරිසක් අතරට ගියාම ඔයාගේ confidence වලටත් අතිශයින්ම වැදගත් නිසයි ඒ.

 

 

perfume එකක් ගන්න කලින් homework කරන්න කියන එකයි පලවෙනි කරුණ. මොකක්ද මේ homework කරනවා කියන්නෙ. ඔයා perfume එකක් ගන්න කලින් ඒක ගැන නිසි අවබෝධයක් තිබිය යුතුයි. එතැනදී ඔයා සළකා බලන්න ඕන වැදගත් දේවල් කිහිපයක් තියෙනවා. අපි සිද්ධාන්ත විදිහට මොන දේ කිවුවත්, අවසානයේ අපි යමක් ගන්නේ ඒකට අදාළ පිරිවැය අපට දරන්න පුළුවන් එකක් නම් විතරයි. ඒ නිසා මුලින්ම ඒ කාරණය ගැන හොයා බලන එක වැදගත්. නැතිනම් ඔයාගේ වෙලාවත් අපතේ යන්න පුළුවන්. සමහර perfume වර්ග ගුණාත්මක බැවින් ඉහළ වගේම ඉතාම මිළ අධිකයි. ඒ නිසා ඔයාගේ සීමාව ඇතුලේ තියෙන product range එක ගැන අවබෝධයක් ලබාගෙන යන එක වැදගත් වෙනවා.

ඊළඟට ඔයා දැනුවත් වෙන්න ඕන අනික් කාරණය තමයි perfume variety එක. ඔයා මේ වෙනකොටත් දන්නවා ඇති, අපි පොදුවේ perfume කියල කිවුවට ඒවාට විවිධ නම් තියනවා. මේ කියන්නේ brand names ගැන නෙමෙයි. perfume එකේ විවිධ විශේෂ වල නම්. Eau de cologne, Eau de toilette, වගේ විවිධ නම් ඔබ දැනටමත් අසා ඇති. මේ නොයෙක් නම් වලින් හඳුන්වන්නේ මොනවද සහ ඒවායේ වෙනස්කම් මොනවද කියලත් ඔබ දැනුවත් වෙන්න ඕනේ. ඒක අයිති වෙන්නෙත් ඔයාගේ homework එකටමයි.

 

 

perfumes හදන්නේ මූලිකවම ඇල්කොහොල්, වතුර සහ essential oils පාවිච්චියෙන් බව ඔයා දන්නව ඇති. අදාළ perfume එකට ඒ සුවඳ ලැබෙන්නේ මේ පාවිච්චි කරන oil එක අනුව. ඉතිං මෙන්න මේ oil එකෙන් කොච්චර ප්‍රමාණයක් පාවිච්චි වෙනවද, ඒ වගේම perfume එක කොච්චර වෙලාවක් ඒකෙ සුවඳ රඳවාගන්නවද කියන කාරණය මත මේ විවිධ වර්ග වලට වෙන්කිරීම සිදුවනවා. Eau de cologne කියන්නේ perfume වල මූලිකම නිෂ්පාදනයක්. සුවඳ ලබාදෙන oil අඩුවෙන්ම පාවිච්චි කරලා හදන මේ නිෂ්පාදන වල සුවඳ රඳාපවතින කාලයත් අඩුයි. සාමාන්‍යෙන් පැය 02ක් වගේ කාලයක් තමයි මේකේ සුවඳ රැඳෙන්නේ. මේකෙදි 3 – 5% ප්‍රමාණයකින් තමා oils පාවිච්චි වෙන්නේ. Eau de toilette කියන්නේ ඊට වඩා ටිකක් උසස් මට්ටමේ නිෂ්පාදනයක්. ඒකෙදි 4 – 8% දක්වා ප්‍රමාණයක් oil පාවිච්චි කෙරෙනවා වගේම, පැය 3ත් 5ත් අතර කාලයක් සුවඳ රඳවාගන්නත් මේ වර්ගයට හැකියාව තිබෙනවා. Eau de perfume කියන්නේ තවත් ටිකක් ඉහළ මට්ටමේ නිෂ්පාදන වර්ගයක්. පැය 6කට වැඩි කාලයක් මේ සුවඳ රැඳෙනවා වගේම oil ප්‍රතිශතය 15 – 18% අතර ප්‍රමාණයක් වෙනවා. Perfume කියන්නෙ හතරවැනි වර්ගය. එතැනදී 15 – 30% අතර ප්‍රතිශතයකින් oil පාවිච්චි කෙරෙනවා. ඒ වගේම perfume එකේ සුවඳ දවස පුරාම රඳවාගන්න හැකියාවකුත් තියෙනවා. මේ අතුරින් ඔයාට අවශ්‍ය වර්ගය මොකක්ද කියල මිළදී ගන්න කලින්ම තීරණය කරන්න පුළුවන්. නමුත් මේවායේ මිළ එකකට එකක් වෙනස් වෙන බවත් මතක තියාගන්නම අවශ්‍යයි.

 

ඊළඟට සැළකිලිමත් වෙන්නම ඕනේ කරුණ තමයි ඔයා මොන scent family (සුවඳ කාණ්ඩය) යටතේ තියෙන perfume එකක්ද ගන්නෙ කියන එක. සාමා‍න්‍යයෙන් මේ සුවඳ කාණ්ඩ හතරක් ගැන සුවඳ විශේෂඥයින් සඳහන් කරනවා.

(i) Floral / Sweet – මල් සුවඳ තමයි මේ වර්ගය. රෝස, ලවැන්ඩර්, කානේෂන්, ජැස්මින් වගේ මල් සුවඳ වර්ග වලින් එන perfume වෙළඳපොලේ තියෙනවා. පොදුවේ පාවිච්චි වෙන්නෙත් මේ කාණ්ඩයේ සුවඳ වර්ග තමයි.

(ii) Citrus / Fruity – මේ කාණ්ඩයේ perfume වල තියෙන්නේ පළතුරු සුවඳක්. සාමා‍න්‍යයෙන් පැඟිරි කුලයේ පළතුරු, දොඩම්, මිදි, දෙහි, වගේ සුවඳ වලින් යුතු perfumes වෙළඳපොලේ සුලබව තිබෙනවා. ඊට අමතරව Apricot, ඇපල් සහ පීච් සුවඳින් යුතු perfumes වර්ගත් ඔබට සොයාගැනීමට පුළුවන්.

(iii) Oriental / Spicy – මේ කාණ්ඩයේ සුවඳ පොදුවේ පෙරදිග භාවිතා කෙරෙන කස්තුරි සහ ඒ විශේෂයේ සුවඳක්. ඒ වගේම කුරුඳු, වැනිලා, ගම්මිරිස් වගේ සුවඳ වර්ගත් මේ අතර තියෙනවා. මේ බොහොමයක් සුවඳ පෙරදිග සංස්කෘතීන් වලට අයිති ඒවා වීමත් විශේෂයක්.

(iv) Woody / Chypre – මේ විශේෂයේ සුවඳ වර්ග වලට අයිති වෙන්නේ ලී වර්ග වල සුවඳ. ඒකත් විවිධ ලී වර්ග වලින් එන ස්වභාවික සුවඳ වර්ග ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නෙ. බොහෝවිට පිරිමි පාර්ශවය මේ සුවඳ වර්ග තෝරා ගන්න කැමතියි.

මේ කාණ්ඩ වලින් ඔයා කැමති කාණ්ඩය මොකක්ද කියල මුලින්ම තීරණය කරලා perfume එක මිළදී ගන්න ගියා නම් ඔයාට හරියටම හරියන නිෂ්පාදනය ලෙහෙසියෙන් තෝරාගන්න හැකියාව තියෙනවා.

ඊළඟ වැදගත් කාරණය තමයි perfume එකක් මිළදී ගැනීම වෙනුවන් shopping කරන එක. එකම දවසකදී shopping කරල බලල සුවඳ වර්ගවල වෙනස තෝරාගන්න අපහසු වෙන්න පුළුවන්. මොකද ඔයාගේ නාසයේ සංවේදී ස්නායු වලට සුවඳ වර්ග වල විශේෂ ලක්ෂණ වෙනස්ව හඳුනාගන්න බැරිවෙන්න පුළුවන්. ඒ එක දිගට සාම්පල් පරික්ෂා කරමින් ගියොත්. ඒ නිසා දවස් කිහිපයක් අරගෙන හොඳින් සුවඳ ආග්‍රහණය කරලා බලල perfume එක තෝරාගන්න කියලයි සුවඳ පිලිබඳ විශේෂඥයෝ කියන්නේ. සාමාන්‍යයෙන් පිළිගත් අදහස තමයි එක ගමනකදී perfume 6ක් උපරිම උත්සාහ කරන්න කියන එක. ඔයා perfume එකක් තෝරාගන්න යනවා නම් කලින් පාවිච්චි කරපු perfume එක දාගෙන යන්න එපා කියලත් මතක් කරන්න ඕනෙ. එහෙම වුනොත් ඒ සුවඳ එක්ක මිශ්‍ර වීමෙන් ඔයාට අලුතින් තෝරාගන්න යන සුවඳ වෙනස්ව නොදැනෙන්න පුලුවන්. ඊළඟට ඔයා perfume එකක් ගන්න යන්නේ මොන වගේ තැනකටද, එතන ඉන්න පාරිභෝගික සේවා නිළධාරියාට perfume කියන විෂය ගැන, නිෂ්පාදන වර්ග ගැන තියන දැනුම මොන වගේද කියන එකත් ඉතාම වැදගත්. එහෙම නිවැරදි දැනුමක් තියෙන කෙනෙකුට පුළුවන් ඔයාට හරියටම ගැලපෙන perfume එක තෝරා දෙන්න. ලෝකයේ නම් දැරූ එහෙම perfume වෙළඳසැල් වගේම අළෙවිකරුවනුත් ඉන්නවා.

 

 

මේ කාරණා ඔක්කොම දැනගෙන ඔයා perfume store එකට ගියා කියල අපි හිතමු. කොහොමද හරියටම perfume එක test කරන්නේ කියලත් ඔයා දැනුවත් වෙන්නම ඕනෙ. මුලින්ම ඔයා perfume එක බෝතලයේ තියෙද්දීම ඒකෙ සුවඳ ආග්‍රහණය කරලා බලන්න. එහෙම උනහම හරියටම ගැලපෙන සුවඳක්ද නැත්ද කියල අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම දැඩිව ආග්‍රහණය කරලා බලන්න එපා කියලත් දැනුවත් විය යුතුයි. blotter sheet එකක් පාවිච්චි කරල බලන එකත් වැදගත්. මුලින්ම perfume එක blotter sheet එකට spray කරලා තත්පර තිහකට පස්සෙ ඒ සුවඳ බලන්න පුළුවන්. එහෙම බලල ඔයාට වැඩිපුරම ගැලපෙනවා කියල හිතෙන සුවඳ විතරක් ඇඟට spray කරලා පරික්ෂා කරන්න වගබලා ගන්න.

මේ විදිහට පරික්ෂා කරලා බලල වඩාත් ගැලපෙනවා කියල හිතෙන perfume එක ඔයාගේ skin එකට spray කරලා බලන්න. ඔයාගේ අතේ මැණික්කටුවේ ඇතුල් පැත්තට නැතිනම් අතේ වැලමිටේ ඇතුල් පැත්තට spray කරලා තත්පර 10ක් තියල ඊට පස්සේ සුවඳ බලන්න. එතකොට දැනෙන සුවඳට ඔයා කැමති නම් ඒ තමයි ඔයාට ගැලපෙන perfume එක.

ගැලපෙනම perfume එක තෝරගත්තට පස්සේ කොහොමද ඒක නිවැරදිවම පාවිච්චි කරන්නේ කියල අපි ඊළඟ ලිපියෙන් ඔයාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here