Uncategorized මෙක්සිකානු ආහාරවලට කැමති ඔයාලට යන්න හොඳම තැන් මෙන්න

මෙක්සිකානු ආහාරවලට කැමති ඔයාලට යන්න හොඳම තැන් මෙන්න

2020 Jan 30

මෙක්සිකානු ආහාර ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒ ආහාරවල තිබෙන අද්විතීය රසය නිසයි. සමහර මෙක්සිකානු ආහාර සඳහා Taco Bell තමයි ගොඩක් දෙනෙක්ට යන්න මතක්වෙන තැන.ඒත් ඇත්තටම මෙක්සිකානු ආහාර රසවිදින්න තැන් කිහිපයක්ම තිබෙනවා. මෙම අවන්හල් වලින් සමහරක් මෙක්සිකානු තාලයට පමණක්ම සේවය කරන අතර තවත් සමහරක් අපූරු මෙක්සිකානු කෑම සහ fusion Tex-Mex cuisine ආහාර පිරිනමනවා. ඔන්න ඉතින් අද “ගැස්ම” අපි මෙක්සිකානු ආහාර වලට කැමති ඔයාලා වෙනුවෙන්ම මෙක්සිකානු අවන්හල් සහ මෙක්සිකානු කෑම වර්ග කිහිපයක් පිරිනමන extensive menus සහිත අවන්හල් සහ Tex-Mex-inspired කෑම සපයන අවන්හල් පිළිබඳ විස්තර අරන් ආවා.

 

Exclusively Mexican

 

1.Taco Bell

ශ්‍රී ලංකාවේ මෙතෙක් ජනප්‍රිය Taco Bell මීට වසර තුනකට පෙර, මෙක්සිකානු ආහාර සඳහා වූ අපගේ වුවමනාවන් සපුරන්නට ආරම්භ වුණා. එතැන් සිට ශාඛා තුනක් (Horton Place, Marine Drive, and Mount Lavinia) ඔවුන් විවෘත කළා. ඒ වගේම ආහාරවල ප්‍රමිතීන් පවත්වා ගන්නට Taco Bell සැමවිටම කටයුතු කරනවා. ඔයා gooey cheese වලට කැමති කෙනෙක්කම් යන්න ඕන හොඳම තැන තමයි Taco Bell කියලා කියන්නේ.

36, Horton Place, Colombo 7

Open time – 11am to 11pm

3, 32 8th Lane, Colombo 3

Open time – 11am to 11pm

89, Galle Road, Dehiwala-Mount Lavinia

Open time – 11am to 11pm

 

2.Taco Cat

Taco Cat ආහාර ඇත්තෙන්ම ඇස් පිනවන බවනම් කියන්නම ඕන. Taco Cat හි ආහාර අනිවාර්යයෙන් try කරලා බලන්න. ඒ රසයට ඔබට Tex-Mex ආශාවක් ඇතිවෙන බවනම් නොරහසක්. මේක Black Cat Café යාබදව පිහිටා ඇති අතර එය halal සහ vegan-friendly වෙනවා. ඉතින් අපගේ සියලුම vegan lovers ලට මේක තමයි ගැළපෙනම තැන. ඔයා කැමති ආහාර කිසිම කරදරයක් නැතිව ඇනවුම් කරගන්න Taco Cat ගොඩක් උදව් කරනවා.

11, Wijerama Mawatha, Colombo 7

Open time – 12pm to 10pm (Closed on Mondays)

 

3.King of the Mambo

Galle Face Hotel එකේ පිහිටා ඇති King of the Mambo අවන්හල එහි Happy Hour promotions සහ Ladies’ Nights සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම ඔවුන්ගේ මෙක්සිකානු ආහාර ඉතා අනර්ඝයි. ඔවුන්ගේ Beef Rib Tacos ජනප්‍රිය අතර ඔබත් එයට අනිවාර්යයෙන් කැමති වෙනවා කියලනම් අපිට විශ්වාසයි. ඒ විතරක් නෙවෙයි එයාලගේ ප්‍රසිද්ධ cocktails අනිවාර්යයෙන් රස විඳින්න අමතක කරන්න එපා.The Black Mambo cocktail එක ඒ අතරින් විශේෂ ස්ථානයක් හිමිකරගන්නවා.

Galle Face Hotel, 2, Galle Road, Colombo 3

Open time – 5pm to 12am

 

Incorporative Mexican

 

4.The Barnesbury

 

Dish to devour: Enchiladas

තනිකරම මෙක්සිකානු අවන්හලක් නොවුනත්, The Barnesbury රසවත් වගේම gooey enchiladas සමග මෙක්සිකානු තාලයට ආහාර පිළිගන්වනවා. හොඳට බේක් කරන ලද මෙම enchiladas, වර්ග දෙකකින් යුක්තයි. ඒ Chicken සහ creamy fish.

91, Barnes Place, Colombo 7
Open time – 7am to 12 am (Sunday to Thursday), 7am to 1 am (Friday and Saturday)

 

5.Crossroads Café and Restaurant

Dishes to devour: Chicken Fajitas and Chicken Enchiladas

රසවත් ආහාර පිළිගන්වන ආයතනයක් වන Crossroads Café and Restaurant හි විශාල menu එකක් තිබෙනවා.ඔන්න ඉතින් මෙතනට යන ඔයාට මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බැරිවෙන්න පුළුවන් . මේ menu එකෙ නිර්දේශ කරපු ප්‍රධාන කෑම වර්ග දෙකක් තිබෙනවා. ඒ Chicken Fajitas සහ Chicken Enchiladas. Guacamole, mixed beans, සහ sour cream ලොකු tortilla එකකින් ඔතලා තියෙනවා. ඒ ව‌ගේම grilled chicken topped with mozzarella, Mexican salsa, සහ tomato puree වලින් පුරවලා තමයි තියෙන්නේ. Cheesy Mexican goodness ඔබට පහසුවෙන් මිලදී ගන්න පුළුවන් මිලකට Crossroads හිදී ලබාගන්න පුළුවන්.

292, Nawala Road, Sri Jayawardenapura Kotte
Open time – 6.30am to 10pm

 

Mexican Fusion

 

6.Salad Maps

Star Mexican dish: Mexican Taco Salad

අපි ඇත්තෙන්ම පුදුම වෙනවා ලංකාවේ ව්‍යාපාර කොයිතරම් නිර්මාණශීලීද කියලා බලනකොට. එවැනි එක් ව්‍යාපාරයක් තමයි holy grail of salads, Salad Maps. ඔවුන් විශේෂිත අමුද්‍රව්‍ය වලින් සලාදයක් පිළියෙල කරනවා. Salad Maps, රටවල් වල ආහාර සඳහා විශේෂිත “salads of the world” පිළිගන්වන අතර එවැනි එක් රටක් වන්නේ මෙක්සිකෝවයි. ඔවුන්ගේ මෙක්සිකානු ටාකෝ සලාද අනිවාර්යයෙන් අත්හදා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම tortilla chips, three types of cheese, peri peri chicken, lettuce, sweet corn, beans, bell peppers, cherry tomatoes, සහ Mexican dressing ඒ සලාද වලට අනිවාර්යයෙන් ඇතුළත් වෙනවා. ඔවුන්ගේ ආහාර Uber Eats සහ PickMe Food හරහා ද ලබා ගන්න පුළුවන්.

Open time – 10am to 7pm (Monday to Saturday)

 

7.Cricket Club Café

Star Mexican dishes: McCullum’s Mexican Wrap and Boundary Beef or Chicken Nachos

Cricket Club Café විසින් cricket-inspired dishes රාශියක් ඉදිරිපත් කරනවා .ඒ වුණාට අපේ අවධානය යොමු වුණේ ඔවුන් පිළිගන්වන මෙක්සිකානු කෑම වර්ගවලට. ඔයා වියදම් කරන මුදලට හරියනම ආහාරයක් තමයි The McCullum’s Mexican Wrap . The Boundary Beef හෝ Chicken Nachos යනු multi-purpose dish එකක් .ඒක එක්කෙනෙකුට ඇතිවෙන ආහාරයක් වගේම රසවත් Tex-Mex වලට ආසාකරන රාත්‍රී භෝජන සංග්‍රහ කිහිපයක් අතර හුවමාරු කර ගත හැකි ආහාරයක් ලෙසද ගන්න පුළුවන්කම අපිට තිබෙනවා.

12, Flower Road, Colombo 7
Open time – 7.30am to 11.30pm

 

8.Playtrix Sports Bar and Café

Star Mexican dish: Full House Mexican Dog

මම ආහාර ගැනීමට කැමතිම ස්ථානයක් තමයි Playtrix Sports Bar and Café එක. ඔයා වියදම්කරන ගානට වඩා වටිනාකමක් තියෙන ආහාර ඔවුන් ලබා දෙනවා. ඔවුන්ගේ පුදුමාකාර pub grub එක සහ ඔවුන්ගේ Full House Mexican Dog ඇත්තටම ගොඩක් රසවත්. අඟල් 12 ක් දිග මේ බනිස්, ඇමරිකානු hot dog සහ the Mexican palate එකට, එකට එකතුකරලා හදපු නියම බනිස් එකක් . garlic chicken sausages වලින් සහ crushed nachos, jalapenos, fried onions, and oodles and oodles of melted cheese වලින් පුරවපු මේ බනිස් එක ඇත්තටම නියම ආහාර වේලක් .

Level 1, Colombo City Centre, 137, Sir James Pieris Mawatha, Colombo 2
Open 24 hours!

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here