Uncategorized Mackie’s Restaurant එකේ ඇති රසවත් කෑම ඔයාලට තාමත් රසවිඳින්න බැරිවුණාද?

Mackie’s Restaurant එකේ ඇති රසවත් කෑම ඔයාලට තාමත් රසවිඳින්න බැරිවුණාද?

2020 Jan 8

Open Time:

12 noon – 3pm, 7pm – 11pm

Address

1A, Gunaratne Pl, Colombo 00500

directions

a little bit passed Park Hospitals

Menu

ඔන්න තාමත් මේ Mackie’s Restaurant එක ගැන දන්නේ නැති අයට තමයි අපි අද අපේ රස ගැස්ම වෙන් කරන්නේ. මේ Restaurant එකේ පිළිගන්වන ශ්‍රී ලංකික සම්වභයක් ඇති චයිනීස් කෑම වට්ටෝරු ඉතා සරලයි වගේම විවිධ රසයන්ගෙන් යුක්තයි. ඒ වගේම තමයි අපි එදිනෙදා රස විඳින සාමාන්‍ය චයිනීස් කෑම අලුත්ම විදියකට මෙහිදී පිළිගන්වනවා. මෙම ආහාර ප්‍රනීත රසයකින් යුක්ත වන අතර ඔබේ රස නහර හා ඇසද පිනවන්නට සමත් වෙන එකනම් විශ්වාසයි.

Drinks

Mackie’s හි ඇති පානයන් වර්ග අතර මොක්ටේල්, ජුස්, මිල්ක්ෂේක් සහ සෝඩා වැනි වර්ග රැසකින් සමන්මිතයි. ඉතින් මේ පානයන් ඔයාගේ ආහාරවේලට ගැලපෙන අයුරින් තෝරාගැනීමට මෙහිදී ඔයාට පුළුවන්.

Blue Lagoon – Rs 425

දොඩම් හා මින්ට් රසැති මෙම පානය blue curacao, දෙහි කෝර්ඩියල් හා සෝඩා මිශ්‍ර රසවත් පානයක්. මේ පානය උණුසුම් සහිත දිනයක සිසිල් වීමටනම් ඉතාමත් කදිමයි.

Chocolate Milkshake – Rs 375

ඉතා උකු බවින් යුක්ත වගේම ප්‍රනීත රසැති මේ චොකලට් මිල්ක්ෂේක් එක උණුසුම් දිනයක රස විඳීමට කියාපු පානයක්. ඉමිහිරි චොකලට් රසයක් හා ප්‍රමාණවත් පැණි රසයෙන් යුතු මෙය හොඳ ආකර්ශනීය තෝරාගැනීමක්.

Tropical Paradise – Rs 495

තරමක් උස, වර්ණවත් වීදුරුවක පිළිගන්වන මෙය මෙනුවේ දක්වා තිබුණේ දොඩම්, අන්නාසි, අඹ, coconut ක්‍රීම් සහ grenadine සිරප් කලවම් වූ සංයෝගයක් විදිහටයි. මේ බීම එකේ ඔබ ඉස්සෙල්ලාම රස විඳින්නේ අඹ හා දොඩම් රසයක්. ඒ රස අවසන් වන්නේ ප්‍රනීත අන්නාසි හා ගස්ලබු රසයකින්. අලංකාර උස වීදුරුවක ප්‍රියජනක ලෙස පිළිගන්වන මේ බීම එක පලතුරු රසට ප්‍රිය කරන ඔබටම සරිලන පානයක්.

Mains (ප්‍රධාන ආහාර)

Mackie’s Restaurant එකේ ප්‍රධාන ආහාර වේලකින් ඔබට එළු මස් වැනි මස් වර්ගයන්ගේ ඉඳලා කකුළුවන් හා දැල්ලන් ඇතුළු සියලුම දේ රස විඳීමට පුළුවන්. රසවත් starch dish සිට ප්‍රෝටීන් ඇතුළු සියලුම දෙනාට සරිලන ආහාර මොවුන්ගේ මෙනුවේ අඩංගුයි.

Hot Butter Cuttlefish – Rs 1150

කර කර ගාලා රසට හැපෙන ආශ්වාදනීය බටර් රසයක් තිබෙන මේ dish එක අපි රස විඳලා තියන ඉස්තරම්ම Hot Butter Cuttlefish meal වලින් එකක්. මේ අසම සම Hot Butter Cuttlefish meal එක කන්න කන්න ආස හිතෙන dish එකක්. ඒ වගේම මේ dish එක දෙන්නෙකුට තුන්දෙ‍නෙකුට උනත් සෑහෙන තරම්. ඔබ Mackie’s Restaurant එකට ගියොත් මේ Hot Butter Cuttlefish dish එක අනිවාර්යෙන් රස විඳින්න කියල අපි ඔබට මතක් කරනවා.

Sizzling Hot Garlic Fish – Rs 1250

ඉතා ප්‍රියජනක ආහාරයක් වන sizzling fish තමයි මෙහි ඇති රසවත්ම ආහාරය . මාළු මිරිස් සෝස් දවටපු , ස්ප්‍රිංග් අනියන් වලින් සැරසූ හොඳම කුළුබඩු යොදාගන සාදන මේ sizzling fish එකටනම් අපි කැමති වෙන එක අරුමයක් නෙවෙයි. ඇත්තටම එය ඒ තරමටම රසවත්.

Chicken Hong Kong Style – Rs 850

මෙම dish එක දැක්ක ගමන් හිතෙන්නේ කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියලා. නමුත් විශ්වාස කරන්න එහෙම පෙනුනට රසයේ අඩුවක්වත් එක්කර තිබෙන මස්වල අඩුවක්වත් නැහැ. මේ dish එකේ තියෙන Chicken සෝස්වල දවටලා තමයි අපිට පිළිගන්වන්නේ . ඒ වගේම සෝයා , වියළි මිරිස් සහ ස්ප්‍රිංග් අනියන් යොදා ගෙන සරසලා තියෙන මේ dish එක අපට දෙන බත් එකට හොඳින් ගැළපෙනවා.

Sweet and Sour Prawns – Rs 1100

සම්ප්‍රදායික ශ්‍රී ලාංකික චීන වට්ටෝරුවක් විදිහට සකස් කරලා තිබ්බ මේ dish එක අපේ පැරණි රස මතකයන් අලුත් කලා කිව්වොත් හරි. ඉස්සන් ප්‍රමාණයෙන් විශාල නැති වුනත් හොඳට ඒවා මසින් පිරී තිබුන වගේම එය උකු බැටර් මිශ්‍රණයක තවරා රසවත් ලෙස සකස් කොට තිබුනා.

Mixed Crispy Noodles – Rs 1250

Mixed Crispy Noodles dish එක තමා Mackie’s Restaurant එකේ අපේ දහවල් ආහාර වට්ටෝරුව වුණේ. හතු, බේල් පෙපර්, ඉස්සන්, chicken හා beef මුසු වූ මේ නූඩ්ල්ස් එක crispy රසයෙන් තිබුන වගේම පදමට තෙම්පරාදු කරලා තිබුනා.

Seafood Rice – Rs 825

ඉතා රසවත් ලෙස සකස් කොට තිබු මෙම බත් එක තුන්දෙනකුට වුවත් ප්‍රමාණවත් තරමට පිළිගන්වා තිබුනා. කුඩා ඉස්සන් හා දැල්ලන් කැබිලි මිශ්‍ර වූ මෙම බත් එක ඔබ එදිනෙදා රස විදින එකාකාරී Chinese rice එකකට වඩා රසයෙන් වැඩි වගේම එය Mackie’s Restaurant එකේ පිළිගන්වන අනෙකුත් dish සමග මෙය හොඳින් ගැලපුනා.

Mixed Vegetables in Garlic Butter – Rs 750

මේ එලවළු මිශ්‍රණයේ කිසිම සුදු ළුණු රසයක් නැති වුණත් එය අවශ්‍ය ප්‍රමාණයට වඩා බටර් රසයක් ගත්තා. කොහොම උනත් එහි තිබු මෘදු රසය හා සෞඛ්‍යමත් බව නිසා අපිට සමබර ආහාර වේලක් රස විදින්න පුළුවන් වුණා.

Desserts

Mackie’s Restaurant එකේ ඇති අතුරුපස මෙනුව අනෙක් ඒවා වගේම සාමාන්‍ය වුනත් ඔවුන් එය අනර්ඝව පිළියෙළ කොට පිලිගන්වනවා.

Baked Alaska – Rs 550

අපි බලාපොරොත්තු නොවු විදිහට මේ dish එක සිත් ඇදගන්නා එකක් වුණා. රසවත් කේක් තීරු, ice cream, චෙරි හා චොකලට් සෝස් මිශ්‍ර වූ මේ අතුරුපස පැනි රසට ප්‍රිය ඔබව අනිවාර්යෙන්ම තෘප්තිමත් කරාවී. මෙහි ඇති අධික රස හා ප්‍රමාණය නිසා මෙය sharing dish එකක් ලෙසත් රසවිදීමට ඔබට හැකියි.

Sizzling Chocolate Brownies with Vanilla Ice Cream – Rs 575

Mackie’s Restaurant එකේ sizzling dishes හැම එකක්ම ඉතා විශිෂ්ඨ ලෙස සකස් කරනවා. Brownies කෑලි දෙකක් මතට වැනිලා icecream හා චොකලට් සෝස් දමා රස කොට තිබු මේ dish එක ඉතාමත් රසවත්. Brownie එක කේක් එකක් ලෙස පෙනුනත් අපිට ආස හිතෙන විදියට වැඩි චොකලට් රසයකින් හා මදක් වියළි ගතියකින් සකස් කොට තිබුනා.

Mackie’s Restaurant එකේ සේවාව ඉතා කඩිනම් හා සැලකිලිමත් කියලත් අපි කියන්නම ඕන. මෙහි සේවාවද ඉතාමත් සුහදශීලීයි. මෙම අවන්හලෙහි උඩු මහල හා පහත මල් දෙකෙහිම අසුන් ගැනීමේ පහසුකම් ඇති අතර උඩු මහල වඩාත් ආකර්ශනීය ලෙස සකස් කර තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් දහ දෙනෙකුට පමණ සත්කාර කල හැකි පෞද්ගලික ‌‌භෝජන ශාලවක්ද මොවුන් සතුව තිබෙනවා.

Tip – අනිවාර්යෙන්ම Mackie’s Restaurant එකේ Mixed Crispy Noodle එක රස විඳින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here