රස ගැස්ම පවුලේ අයත් එක්ක කෑම වේලකට එළියට යන්න Cafe Nuga

පවුලේ අයත් එක්ක කෑම වේලකට එළියට යන්න Cafe Nuga

2020 Feb 5

Open Time:

6.30AM to 10PM

Address

69A Ananda Coomaraswamy Mawatha, Colombo 00700

directions

Adjoining the junction before Cinnamon Red

Contact No

077 344 5377

Menu

Cafe Nuga කියන්නේ අවුරුදු එකහාමාරකට ආසන්න කාලයක් තිස්සේ එක එක සම්ප්‍රදායන් වලට අයිති සෞඛය සම්පන්න ආහාර පිළියෙල කරන restaurant එකක්. ප්‍රමාණවත් ආසන සහ අලංකාර වටපිටාවකින් හැඩවුණු මේ අපූරු restaurant එක කොළඹ නගරයට ලබා දෙන්නේ හරි වටිනාකමක්. ඉතින් ඔයාලා මේ restaurant එකට යන්න හිතන් ඉන්නවනම් මේ ඒ ගැන අපි කරපු review එකක්.

 

Drinks

Cafe Nuga කියන්නේ අපිට පිටින් soft drink එකක් වුණත් ගෙනියන්න පුළුවන් restaurant එකක්. ඒ වගේම එයාලගේ drinks menu එකේ non- alcoholic drinks වර්ග රැසක් තියෙනවා.

 

Cookie Shake (LKR 530)

ඉතා රසවත් drink එකක් වන මේ cookie shake එක හදලා තියෙන්නේ එයාලා විසින්ම සදාගත් cookies වලින් වීම විශේෂත්වයක්. ඕනවට වැඩිය පැණි රසක් නැති මේ drink එක chocolate sauce වලින් සහ cookies වලින් සරසා තිබුණා. මේක drink එකක් විතරක්ම නෙමෙයි dessert එකක් විදිහටත් සලකන්න පුළුවන්!.

 

Lemongrass Inspired iced tea (LKR 300)


Lemongrass Flavor එකක් තියෙන මේ රසම රස iced tea එක රස්නේ දවසකට cool වෙන්න නියමෙට ගැලපෙනවා. Cafe Nuga යනවනම් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ drink එකක් විදිහට මේ iced tea එක හදුන්වන්න පුළුවන්.

 

Mains

Cafe Nuga කියන්නේ ඕනම කෙනෙක්ට set වෙන menu එකක් තියෙන restaurant එකක්. Roti sandwitches, ඉදි ආප්ප කොත්තු සහ එක එක සම්ප්‍රදායන් වල කැම වර්ග එයාලගේ menu එකට ඇතුළත් වෙනවා.

 

Spicy Fish Roti Sandwich(LKR 650)

මේ dish එකට දීලා තියෙන නම නිසා මේක හරිම සරල sandwich එකක් කියලා හිතුවොත් ඒක වැරැද්දක්. උණු උණු රොටි දෙකක් මැද්දට දාලා තියෙන සැර මාළු ඒ වගේම cheese,ළූණු සමග ලුණු මිරිස් එක්ක දෙන මේ sandwich එක නියම dish එකක්. Portion එක පොඩි වගේ පෙනුනට මේ sandwich එක හොඳට බඩපිරෙන්න කන්න පුළුවන්.

 

Nuga Pork Bowl In Teriyaki Chicken (LKR 970)

හවායී සම්භවයක් ඇති මේ poke bowl dish එක ඔන්න දැන් අපේ රටෙත් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. Cafe Nuga වල black and white sesame seeds වලින් සරසලා තියෙන මේ dish එකට Teriyaki Chicken,sticky rice, shredded omelette, carrot, cucumber, red cabbage, corn, seaweed pickled onion සහ pickled cucumber අඩංගු වෙලා තියෙනවා. මේ dish එක හොඳටම ප්‍රමාණවත් වුණත් spicy ගතිය නම් ගොඩක් අඩුයි. කොහොම වුණත් ඔයා සැර කෑම වලට අකමැති කෙනෙක් නම් මේ dish එක ඔයාට හොඳටම ගැලපෙනවා.

 

Boneless Mutton String Hopper Koththu (LKR 900)

මේ තමයි cafe Nuga එකේ අපි ගත්ත dishes අතරින් හොඳම dish එක කිව්වොත් හරියටම හරි. කපාගත් ඉදි ආප්ප, කැරට්, ළූණු, බිත්තර මිශ්‍රණයට කටු ඉවත් කල එළු මස් අතුරා,බැදපු බිත්තරයක් සමග නෙළුම් කොලයක පිළිගැන්වු මේ dish එක නම් ඇත්තටම ගොඩක් රසයි. ඒ වගේම මේ dish එකට ඇතිවෙන්න එළු මස් එක් කරලා තිබුණා.

 

Desserts

 

Apple Crumble Tart (LKR 350)

දවසින් දවස වෙනස් වන Cafe Nuga dessert menu එකේ cake සහ Pie වර්ග රැසක් තියෙනවා. ඒ අතරින් අපි ගොඩක්ම ප්‍රිය කළේ apple crumble tart එකට. Ice Cream Bowl එකක් සමග පිළිගන්වන මේ tart එක රසය අතින් ඉහල මට්ටමක තිබුණු අතර tart එකේ පෙනුමත් ඉතාමත් අලංකාර විදියට තිබුණ බව කියන්නම ඕන.

 

වටපිටාව

Cafe Nuga restaurant එකේ ගොඩක් පිරිසකට ඉන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට ගෝෂාවත් ටිකක් වැඩියි. ඒ වගේම Cafe Nuga එකේ පවුලේ අයට විතරක් එකතු වෙන්න private dinning area එකක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සේවය ඉක්මන් වගේම කාර්ය මණ්ඩලයට තමන්ගේ menu එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here