හතර වටෙන් කාලය හා මුදල් ඉතිරි කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් Beauty Tips

කාලය හා මුදල් ඉතිරි කරගන්න ගෙදරදීම කරගන්න පුළුවන් Beauty Tips

2020 Mar 17

අපි හැම කෙනෙක්ටම අවශ්‍ය ලස්සනට ඉන්නනේ. හැමදාම salon වලට ගිහින් තමන්ගෙ ලස්සන වැඩිකරගන්න treatment කරන්න සල්ලි තියෙයි ද? නැහැනේ නේද? ඉතින් ගෙදර ඉන්න ගමන් තමන්ගෙ ලස්සන වැඩි කරගන්න එදිනදා කරන්න පුළුවන් tips ටිකක් තමයි ගැස්ම අද ඔයාලට කියලා දෙන්නේ. තමන්ගේ කාලය ඉතිරි කරගන අනවශ්‍ය වියදම් අඩුකරගන මේ දේවල් ඔයාට කරන්න පුළුවන්.

 

 

  • Green tea (ග්‍රීන් ටී)

ලංකාවේ tea හොයාගන්න එක ලේසිම දෙයක්. ඉතින් මේ Green tea වලින් පුළුවන් skin එක පැහැපත් කරගන්න. හමේ ඇතිවන අවපැහැ ගැන්වීම්, කලු පැල්ලම් (black mark) Green tea වලින් අවමකරගන පැහැපත් සමක් ඇතිකරගන්න ඔයාට පුළුවන්.

 

 

  • Vaseline ( වැස්ලින්)

ඇහිබැම කියන්නේ අපේ මුහුණට ලස්සන ගේන ප්‍රධාන අංගයක්නේ. ඉතින් ඇහිබැම ලස්සනට පිළිවෙලට තියාගන්න එක ඉතා වැදගත්. ඇහිබැම පිළිවෙලට තියාගන්න ඔයාට පුළුවන් Vaseline ටිකක් අරගන ඇහිබැමේ ගාන්න. එහෙම කරලා brow brush එකකින් ඇහිබැම brush කරන්න. මේ විදියට ඔයාට ඔයාගේ ඇහිබැමේ ලස්සන මතුකරලා පෙන්වන්න පුළුවන්.

 

 

  • Coconut oil ( පොල්තෙල්)

පොල්තෙල් කියන්නේ අපට අළුත් දෙයක් නෙවෙයිනේ. ඒ කාලෙ ඉදන්ම පොල්තෙල් ලස්සන වැඩිකරගන්න භාවිතා කරන දෙයක්. මේ වෙනකොට අපි පුරුදු වෙලා ඉන්නවා ‌හිසකෙස් curl කරන්න, iron කරන්න සහ color කරන්න. මේ දේවල් වලින් වෙන්නේ අපේ හොදට තියන හිසකෙස් damage වෙන එක. ඉතින් හිසකෙස් යතාතත්වෙට පත්කරගන්න පුරුද්දක් වශයෙන් නාන්න කලින් හිසට පොල්තෙල් ටිකක් දලා හොදට සම්බාහනය කරන්න. විනාඩි 3ක් එහෙන්මම තියෙන්න අරින්න. මොකද පොල්තෙල් වල තියන පෝෂණය හිස්කබලට උරාගන්න. මේ විදියට කළොත් නීරෝගිමත් දිදුළන කෙස් කළඹකට හිමිකම් කියන්න ඔයාට පුළුවන්.

 

 

 

  • ඔයාගෙ perfume එකේ සුවඳ ගොඩක් වෙලා ශරීරයේ තියාගන්න අවශ්‍යනම් ඔයා wash දාගත්ත ගමන් perfume එක apply කරන්න. ඇගේ තියන තෙතමනය, සුවඳ දිගු වේලාවක් තියගන්න උපකාරී වෙනවා.

 

 

 

  • ඇස් වටේ ඇතිවෙන් dark circle අයින් කරන්න freezer එකේ හැදි 2ක් විනාඩි 5ක් තියෙන්න අරින්න. ඉන්පසුව හැදි 2ක ඇස් වටේ තියන්න. මෙයින් ඇස්යට කලුවීම් අවම කරගන්න හැකියාව තියනවා.

 

ඔයා ඔයාගේ සුන්දරත්වය තව ටිකක් වැඩිකරගන්න හිතනවනම් මේ දේවල් ටිකක් අනුගමනය කරලා බලන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here