රස ගැස්ම Brunch එකට යන්න හොඳම තැන Bistro82

Brunch එකට යන්න හොඳම තැන Bistro82

2020 Mar 20

Open Time:

8 am - 9 pm

Address

82 Bauddhaloka Mawatha, Bambalapitiya, Colombo 4

directions

It’s on the side of the road, travelling along Bauddhaloka Mawatha, passing the thunmulla junction

Menu

බෞද්ධාලෝක මාවතේ තිබෙන Bistro82 ඔබට හොඳ lunch එකක් හෝ brunch එක ගන්න කියාපුම තැන. Eggs Benedict සිට French toast දක්වා සහ සෞඛ්‍ය සම්පන්න Granola ප්‍රණීත ආහාරයක් දක්වා ආහාර වර්ග Bistro82 එකට ගියොත් ඔයාට රස විඳින්න පුළුවන් .

 

 

Drinks

Caramel Macchiato (LKR 700)

මම උත්සාහ කළ හොඳම Caramel Macchiatos වලින් එකක් කිව්වොත් හරියටම හරි! මම කෝපි වලට ගොඩක් කැමති නිසා මේ Drink එකට මම ගොඩක් කැමති වුණා. ඔයා කෝපි වලට ගොඩක් කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ Caramel Macchiato එක try කරලා බලන්න.

 

 

Chocolate Cookie Frappe (LKR 700)

Oreo cookies වලින් පුරවා ඇති රසවත් Chocolate-y goodness එක ඇත්තටම දිව්‍යමය පානයක් වගේ. Drink එකේ බිදුවක් නෑරම cookies රස දැනුණ නිසා drink එකට මම 10/10 ම දෙනවා.

 

 

Mains

Granola Bowl (LKR 800)

 

Bistro82 එකේ තිබෙන Granola Bowl එක නම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්. Sweet, rich සහ smooth vanilla yogurt,almond granola වලින් topping කරලා , blueberries සහ pumpkin seeds එක්ක තමා මේ bowl එක පිළිගන්වන්නේ . granola සහ pumpkin seeds හැපෙනසුළු බවක් එක් කළා වගේම blueberries නිසා රසය තවත් ඉස්මතු වුණා. ඔබ නිරෝගීව හෝ සෞඛ්‍ය සම්පන්නව සිටීමට උත්සාහ කරනවානම් මේ Granola Bowl එක අනිවාර්යයෙන්  try කරලා බලන්න.

 

 

French Toast (LKR 700)

maple syrup වල ගල්වලා දෙන මේ toast එක ඇත්තටම මතක් වෙනකොටත් කටට කෙල උනනවා . ඒ වගේම Blueberry වලින් සරසලා ගේන මේ toast එක ඇස් දෙකත් පිනවනවා. ඔයාට පුළුවන් යාළුවො එක්ක කයියක් දාන ගමන් මේ French Toast එකේ රස බලන්න.

 

 

Spicy Beef and Cheese Panini (LKR 900)

French Toast එක ආහාරයට අරන් ඉවරවුණු මට මේ Spicy Beef and Cheese Panini එක වෙනසක් එකතු කළා කිව්වොතින් හරි. Panini bread හැපෙනසුළු වූ අතර tender මස් සහ කුළුබඩු මේ dish එක සමබර කළා. ඒ වගේම cheesy ගතිය හොඳටම තිබුණා. අපිට කුළුබඩු එක්ක තියෙන්නේ ලොකු බැදීමක් නිසා ඕන කෙනෙක් අනිවාර්යයෙන් මේ dish එකට කැමති වෙනවා.

 

 

Desserts

Blueberry Cheesecake (LKR 600)

 

 

වැඩිය පැණිරස වුණේ නැති එක සහ ක්‍රීම් චීස්වල රසය හොඳටම තිබුණ නිසා Blueberry Cheesecake එකට මම ගොඩක් කැමති වුණා. Cheesecake උඩට දාලා තිබුණ Blueberry topping එක cake එකේ පැණි රස නියමට balance කළා.

 

 

Double Chocolate Brownie (LKR 300)

කණගාටුවට කරුණ තමයි මේ brownie එකනම් රස වුණේ නැහැ. මම ආස විදිහට Chocolate රසය තිබුණේ නැති නිසා මම මේ dessert එකට වැඩිය කැමති වුණේ නැහැ.

 

 

Ambience


Bistro82 එකේ ඇතුළත ප්‍රසන්න, සුවපහසු සහ ඉතා සිසිල් ස්භාවයක් තමයි ගත්තේ. කට්ටියත් එක්ක එකතු වෙලා කතා කරන ගමන් ආහාර රස විදින්න කියාපු තැනක් මෙතන .සේවාව තරමක් කාර්යක්ෂමයි වගේම කාර්ය මණ්ඩලය ඉතා මිත්‍රශීලී සහ උපකාරී අය වුණා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here