Uncategorized බිකිනියේ දවස අදයි – හැබැයි බිකිනියක් අඳින්න ඔයත් තාම ලැජ්ජාවෙන් ඇඹරෙනවාද?

බිකිනියේ දවස අදයි – හැබැයි බිකිනියක් අඳින්න ඔයත් තාම ලැජ්ජාවෙන් ඇඹරෙනවාද?

2019 Jul 5

අපි අද ඉදිරිපත් කරන්නේ බිකිනි ගැන. බිකිනිය වඩාත්ම නින්දිත ඇඳුමක් විදියට තමයි අපේ රටේ බොහෝ දෙනෙක් කියන්නේ.

හැබැයි අනෙක් අතට අමුඩේ කියලා එකකුත් අතීතයේදී අපේ රටේ තිබිලා තියෙනවා. ඒත් මේ අමුඩේ කියන එක කවදාවත් ලැජ්ජාවට කරුණක් වුණේ නැහැ. ඒ ඒක සංස්කෘතික දෙයක් විදියට මුල්බැසගත්ත නිසා.

මම නිදහසට කැමති කෙනෙක් වුණත් මම දෙමව්පියන් සමග රූපවාහිනිය නරඹනකොට ගැහැණු ළමයෙක් බිකිනියක් ඇඳගෙන රූපවාහිනී තිරයේ දිස් වුණොත් මට ඇත්තටම ලැජ්ජාශීලී බවක් දැනෙනවා. ඉතින් අමුඩේ කියන එක හරි විදියට පෙනෙන්නත් බිකිනිය වැරදි විදියට පෙනෙන්නත් හේතුව මොකද්ද?

ජාත්‍යන්තර බිකිනි දිනය යෙදී තියෙන්නේ අද වගේ දවසක නිසා අපි හිතුවා මේ ගැන කතා කරන්න.

මම මේ කාරණාව සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග සාකච්ඡා කරනකොට පළවෙනි උත්තරය විදියට ඔහු මට කියන්නේ අමුඩේ අපේ සංස්කෘතියේ කොටසක් නිසා එය කමක් නැහැ කියලායි. හැබැයි බිකිනිය ගැන කතා කළොත් කියන්නේ එය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලයි.

සංස්කෘතිය කියන දේ ගැන ඔබ වඩාත් හිතනවානම් ඔබ මේ දේ නිවැරැදි කරගන්න ඕන. ඓතිහාසිකව ගත්තොත් ශ්‍රී ලංකාව ගොඩක්ම සංස්කෘතිකයි කියන්න බෑ. මේකට හොඳම උදාහරණය තමයි ඓතිහාසික ඡායාරූපවල කාන්තාවන් සිටින්නේ උඩුකය නිරුවත්වයි. කාශ්‍යප රජතුමන් තැනූ සීගිරියේද මෙවැනි සිතුවම් ඔබට අදටත් දැකගන්න පුළුවන්. ඉතිං සංස්කෘතිය කියන්නේ හැමවිටම වෙනස් වෙමින් පවතින දෙයක් වන අතර අප කාලයත් සමග ඉදිරියට ගමන් කළ යුතුයි.

සංස්කෘතිය කියන දේ පැත්තකින් තියලා විවාදයකට ආවොත් කාන්තාවන් ශරීරය පෙන්වීම ප්‍රශ්නයක් වෙන්නත් හැබැයි පිරිමි ඒ දේ කළහම ප්‍රශ්නයක් නොවන්නෙත් කොහොමද කියලා ඔබ හිතලා බලන්න?

බිකිනි ගැන කතාකරනකොට ගොඩක් අය කියන තව දෙයක් තමයි බිකිනි ඇඳපු කාන්තාවක් දැකීමෙන් දරුවන්ගේ පිරිසිදු මනස දූෂණය කරනවා කියලා. ඒත් මේ කතාවේ ඇත්ත මොකද්ද කියලා හිතලා බලන්න. බිකිනි ඇඳපු අයද නැත්නම් ඒ දරුවන්ගේ වටේ ඉන්න අයද දරුවන්ගේ මනසට මේ වගේ දේවල් කාවද්දවන්නේ කියලා.

අවංකවම කියනවානම් අමුඩේ ඇඳන් ඉන්න පිරිමියෙක් තුලවත් බිකිනියක් ඇඳන් ඉන්න කාන්තාවක් තුළවත් ලිංගිකත්වය ඔප්නංවන කිසිම දෙයක් නැහැ. ඒ නිසා ඔයාගේ මනස ඒ කුණු කූඩෙන් එළියට ගන්න හොඳම අවස්ථාව තමයි මේක. එහෙම වුණාම දරුවන්ට ඒ දේවල් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.

අනිත් හැම දේ ගැනම මිනිස්සු හිතන පටු විදියට තමයි බිකිනි දිහාත් බලන්න පුරුදු වෙලා තියෙන්නේ. තමන් ඒ හිතන විදිය වෙනස් කරගත්තොත් ඔයාටම පෙනෙයි බිකිනි හෝ අමුඩ සම්බන්ධව එහෙම බලන්න කිසිම හේතුවක් නෑ කියලා.

ඔයා කරන්න ඕන ඔයාගේ ප්‍රමුඛතා සෘජුව ලබා ගැනීමයි. ඔයාගේ ජීවිතය කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ වගේම අනෙක් මිනිස්සුන්ටත් ඔවුන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ දෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here