Blog Page 29

ඔයාගේ රැවුල නිසි පරිදි පිරිසිදුව පවත්වා ගන්නේ කොහොමද..?

රැවුල වවන්න කැමති කඩවසම් තරුණයින් වෙනුවෙන් gasma.lk වෙතින් අපි මීට පෙර ලිපියක් පලකළා. රැවුල වවනවා නම්, ඒ කොහොමද..? මොන විදිහේ මුහුණකටද රැවුල ගැළපෙන්නේ..? මුහුණේ හැඩය අනුව රැවුලේ හැඩය පවත්වා ගන්නේ කොහොමද වගේ තොරතුරු අපි ඒ ලිපියෙන් කතාබහ කළා. මුහුණට ගැළපෙන හැඩයකින් සකස් කරගත්ත රැවුල නිසි පරිදි පිරිසිදුව පවත්වා ගන්නේ කොහොමද කියන කාරණය ගැනයි අපි අද ලිපියෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ.

 

ඔබේ රැවුල හොඳින්, අලංකාරවත් ලෙස පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. රැවුල නිසි පරිදි නඩත්තු නොකළොත් එයින් ඔබේ මුහුණට එකතු වෙන්නේ ලස්සනකට වඩා අවලස්සනක් කිවුවොත් හරි. ඒ නිසා පිරිසිදු කිරීම සහ පවත්වා ගැනීම කියන කොටසේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. වෙලාව ගැන නොසිතා, අපහසුව ගැන නොසිතා ඔබ ඔබේ රැවුලට අවශ්‍ය මේ සත්කාර කළ යුතුමයි. කෙනෙක් ඔබේ මුහුණ දිහා එක එල්ලේ බලද්දී ඔබේ රැවුල ඔහුගේ හෝ ඇයගේ ඇසට හොඳින් හසුවනවා. ඉතින් ඔබ රැවුල නඩත්තු කරන පිළිවෙල ඔබ ගැන ඔවුන්ට අදහසක් ලබාදෙන්න තරම්ම ප්‍රබලයි. ඒ නිසා අනිවාර්යෙන්ම රැවුල ගැන ඔබේ අවදානය යොමුකළ යුතුමයි.

 

අපි ඔබට කරණා කිහිපයක් ඉදිරිපත් කරන්නම්. මේ කරුණු ගැන ඔබේ අවදානය යොමුකළ යුතුමයි. පලවෙනි කාරණය නම් ඔබ රැවුල සෝදන ආකාරය. ඔබ කොහොමද ඔබේ රැවුල සෝදා පිරිසිදු කරන්නෙ.? මේ ප්‍රශ්නය ඔබ ඔබෙන්ම අහල බලන්න. සතියකට අඩුම වශයෙන් තුන් වතාවක් හෝ හතර වතාවක් ඔබේ රැවුල සේදීම සිදුකළ යුතුයි. එකේදී සාමාන්‍ය ෂැම්පු වර්ගයක් පාවිච්චි කිරීම හොඳටම ප්‍රමාණවත්. නමුත් සල්ෆේට් අඩංගු නොවන ස්වභාවික නිෂ්පාදනයක් මේ සඳහා තෝරා ගන්න අමතක කරන්න එපා. රැවුල පිරිසිදු කිරීම වෙනුවෙන් විශේෂයෙන් සකස් කළ ෂැම්පු වර්ග අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඔබේ රැවුල සහ කොණ්ඩය අතර ලොකු වෙනසක් නැති නිසා. ඒ වුණත් ඔබේ මුහුණේ විශේෂයෙන් මුඛය ආශ්‍රිතව ආලේප කරන ෂැම්පු වර්ගයක් නිසා අහිතකර රසායනික ද්‍රව්‍ය නැති ස්වභාවික අමුද්‍රව්‍ය සහිත නිෂ්පාදනයක් වීම වැදගත්. තෝරාගත් ෂැම්පු වර්ගය යොදා හිසකෙස් පිරිසිදු කරන ආකාරයටම රැවුල හොදින් සෝදා දැමීම කළ යුතුයි.රැවුල සඳහා කන්ඩිෂනර් වර්ගයක් හෝ beard oil එකක් පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. ඒ oil වර්ගය තෝරා ගැනීමේදීත් මුලින් අපි කිව්වා වගේම එය ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් සැකසු නිෂ්පාදනයක් වීම අනිවාර්යයි. essential oil භාවිතයෙන් සකස් කරගත් නිෂ්පාදනයක් නම් වඩාත් හොඳයි. ෂැම්පු යොදා පිරිසිදු කරගත් රැවුල හොඳින් තෙත මාත්තු කරගෙන මේ oil ස්වල්පයක් ඇඟිලි තුඩු වලින් අරගෙන රැවුලේ තවරා ඇඟිලි තුඩු වලින් රැවුල අතරින් සම සම්භාහනය කිරීම කළ යුතුයි. මේ විදිහට සතියකට 4 වතාවක් වත් සිදුකළ යුතුයි. ඔබේ රැවුල මොන තරම් ශක්තිමත්ද, දීප්තිමත්ද කියන එක තීරණය වෙන්නේ ඔබ ලබාදෙන පෝෂණය අනුවයි. ඒ නිසා රැවුල පවතින සම පෝෂණය සහිතව තිබීම වැදගත්. ඉතින්, අමතක නොකර වඩා හොඳ beard oil එකක් පාවිච්චි කරන්න.

 

රැවුල trim කරන එක ඊළඟ වැදගත්ම කොටසක්. රැවුල වැවෙන එකත් කොණ්ඩය වගේම එකිනෙකට වෙනස් විදිහකට වැවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි අක්‍රමවත් රැවුලක් පවත්වා ගැනීම ඔබේ මුහුණට වගේම පෞරුෂයටත් සුදුසු නැහැ. සති දෙකකට වරක් වත් රැවුල trim කරන්න මතක තබා ගන්න. ඒ වෙනුවෙන් ඔබේ පුරුදු salon එකකට යනවා නම් වඩා හොඳයි. නැතිනම් සුදුසු කතුරු භාවිතයෙන් ගෙදරදීම trim කරගන්නත් ඔබට හැකියාව තිබෙනවා. හොඳින් trim කරගන්න එක මෙතැනදී අත්‍යවශ්‍යයි. අපිළිවෙලට තැනින් තැන උස් පහත් විදිහට තිබුණොත් ඒකත් ඔබේ මුහුණට සුදුසු වන්නේ නැහැ. ඒ නිසා සමානව පෙනෙන පරිදි ඔබේ රැවුලේ අග කොටස trim කිරීම කළ යුතුයි. trim කරගත්තට පස්සේ පනාවක් අරගෙන හොඳින් පීරමින් රැවුලේ කෙලවර නිසි පරිදි සමානව සකස් වෙලාද කියලත් හොඳින් පරික්ෂා කරන්න අමතක කරන්න එපා.

 

ඊළඟ වැදගත්ම දේ neck line එක. සාමාන්‍යෙන් රැවුල වැවෙද්දී මේ neck line එක අපිළිවෙලට වැවෙනවා. ඒ නිසා සතියකට වරක් වත් මේ neck line එක කපාගැනීම වැදගත්. මේකට trimmer එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතාම සියුම් විදිහට අවදානයෙන් යුතුව මේ neck line එකේ කෙලවර කරගැනීම වැදගත් වනවා. ඒ වගේම ඔබේ කම්මුල් ප්‍රදේශයෙනුත් මේ විදිහට අපිළිවෙලට රැවුල වැවෙනවා. ඒ කෙළවර සියුම්ව කපා ගැනීමත් වැදගත්. රැවුල කියන්නේ ඔබේ මුහුණේ විශේෂ අංගයක් නිසා රැවුල හොඳින් නඩත්තු කරමින් පවත්වා ගත යුතුමයි. ඒ නිසා සෑම සතියකට වරක් මේ neck line එක සහ රැවුලේ අනික් කෙළවරවල් සියුම්ව කපාගෙන පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යයි.

අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලබාදීමෙන් ඔබේ රැවුල දීප්තිමත්ව පිරිසිදුව සහ අලංකාරවත්ව පවත්වා ගෙන යාහැකියි. ඒ නිසා වෙනදට වගේ ඔබේ රැවුල ගැන අවදානයෙන් සිටින්න. මේ පියවර අනුගමනය කරන්න.

 

-එන්. වෙහෙරදූව-

ඔබ නින්දේදී අධිකව ගොරවන කෙනෙක්ද?

නින්දෙන් ගෙරවීම සම්බන්ධයෙන් කතාකරන විට ගොඩක් අය ඒකට හිනාවෙනවා. නමුත් නින්දෙන් ගොරවනවා කියන එක හිනාවෙන්න දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් වැඩිපුරම නින්දෙන් ගොරවන්නේ පිරිමි අය. ඒ වගේම වයසට යන්න යන්න ගොරවන අය වැඩිවෙනවා. ඒ තරමට නින්දෙන් ගොරවන අය ඕනෑම සමාජයක සුලබයි. ඔබේ පියා , සැමියා හෝ බිරිද , සොහොයුරා , සොහොයුරිය , හොඳම යහළුවා වුණත් ඒ අතර ඉන්නවා වෙන්න පුළුවන්. සෙම්ගෙඩි සහ ඇඩිනොයිඩ් විශාලවීම නිසා කුඩා දරුවන්ද නින්දේදී ගොරවන්න පුළුවන්. එහෙමත් නැත්තම් හොඳටම ගොරවන කෙනා මේක කියවන ඔයා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් තරබාරු බව සහ අධික මත් පැන් භාවිතයත් ගෙරවීම වැඩිවීමට හේතුවක් වන බව නම් කොහොමටවත් අමතක කරන්න එපා.

 

Can Dental Problems Cause You to Snore? | All Star Dental

 

කොහොම වුණත් නාසය අවහිරවීම, ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාලවීම, නාස් ආවාරය ඇදවීම, විශාල වූ සෙම් ගෙඩි දික් වූ මෘදු තල්ල සහ රස දිව, විශාල වූ දිව, තරබාරු ශරීරය හා කෙටි බෙල්ල, නිදි බෙහෙත් සහ මත්පැන් භාවිතාව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නින්දෙන් ගෙරවීමට ප්‍රධාන හේතු වෙනවා.

 

Causes of Snoring and Obstructive Sleep Apnea (OSA)

හැබැයි ඉතින් මේ විදිහට නින්දෙන් ගොරවන්න ගත්තහම ඒ පුද්ගලයා සමග ඉන්න අනිත් කෙනාටනම් හරිම කරදරයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. දවස පුරාම මහන්සි වෙලා වැඩ කරලා ඇඳට එන්නේ හොඳට නිදාගන්න. ඒ වුණාට ළග ඉන්න කෙනා හයියෙන් ගොරවන්න ගත්තහම එයාට වෙන්නේ මුළු රෑම ඇහැරිලා ඉන්න වෙන එක. මේ නිසා පසුදා අවදි වී වැඩ කටයුතු කර ගන්නත් ඒ අයට අමාරු වෙනවා.

 

5 things you should NOT do before a doctor's appointment (and 3 ...

ඔයා නින්දෙන් ගොරවනවා වැඩි නම් ඒ අපි ඉහතින් සඳහන් කළ හේතුවක් නිසා වෙන්න පුළුවන් . ඒ නිසා ඔයා හොඳ ඩොක්ටර් කෙනෙක් මුණගැහිලා ප්‍රතිකාර ගන්න එක තමයි මේකට කරන්න තිබෙන හොඳම දේ.

ශරීරයේ ඇති අනවශ්‍ය රෝම නිසා අපහසුතාවයට පත්වෙලාද?

අනවශ්‍ය රෝම නිසා අපහසුතාවයට පත්වෙන වාර අනන්තයි. ගොඩක් දෙනෙක්ට මේක මානසික පීඩනයක්. අතේ, කකුලේ, මුහුණේ, පපුවේ වැවී තිබෙන අනවශ්‍ය රෝම ඉවත් කිරීම එකම ක්‍රමයකට කරන්න බැහැ. මොකද මේ ස්ථාන එකකට එකක් සංවේදීතාවය අතින් වෙනස්. සිරුරේ පැහැය සහ පිරිසිදු බව වැඩිකරගන්න ගැනීමට රෝම ඉවත් කිරීම කළ යුතුමයි.

10 Women Share Why They Love/Hate Their Body Hair

රෝම වර්ධනය වඩාත් වේගවත් නම් ඒක සමහරවිට අසාමාන්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නෙ ශරීරයේ හෝමෝන අසමතුලිත වුණහම තමයි. හොඳම දේ තමයි වෛද්‍යවරයෙකු මුණගැහිලා උපදෙස් ලබාගෙන පහත දැක්වෙන ක්‍රම අතුරින් අනවශ්‍ය රෝම ඉවත් කරගන්න ඔයාට වඩාත් හොඳම ක්‍රමය තෝරාගන්න ගන්න එක.

 

 

  • Why millennials are no longer shaving (even in the summer)

රෝම ඉවත්කිරීමේදී ලංකාවේ අති බහුතරයක් රේසර් භාවිතා කරනවා. මේ නිසා සම වියලීම, කැලැල් ඇතිවීම, ආසාදන තත්ත්වයන් ඇතිවීම ආදී අතුරු ප්‍රතිඵල වලටත් මුහුණ දෙන්න සිදුවනවා. කොහෙම වුණත් කිහිලි ප්‍රදේශයේ රෝම ඉවත් කිරීම සඳහා රේසරය සුදුසුයි. නමුත් දෑත් සහ දෙපා රේසර් කිරීම හොඳ නැහැ. පුළුවන්නම් ශරීරය රේසර් කිරීමෙන් වළකින්න බලන්න.

 

 

  • Body Waxing for Women | Attitude Salon

වෙළඳපොලෙන් මිලදී ගන්නා වැක්ස් සෘජුවම සම මත ආලේපනය කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම වැක්ස් කරන්න කලින් වැක්ස් කරන ස්ථානය සෝදා පිරිසිදුකරගන්න ඕනෙ. වැක්ස් කරන්න දන්නේ නැත්තම් හොඳම දේ තමයි you tube වීඩියෝ එකක් බලලා හරියටම කරන්න ඉගනගනන එක. වැක්ස් කලාට පස්සේ ටෝනර් සහ අයිස් වතුර ගල්වලා තුවායකින් තෙතමාත්තු කරන්න. වැක්ස් කරපු හම මතුපිට මොයිස්චර්රයිසර් ක්‍රීම් ආලේප කිරීමෙන් සම වියලීම වළක්වාගන්න පුළුවන්.

 

 

  • Top 5 Best Permanent Hair Removal Creams Review (Updated 2019)

වැක්ස් කිරීම නිසා සුළු වශයෙන් වේදනාවක් ඇති වීමට පුළුවන්. එයට ප්‍රතිකර්මයක් ලෙස තමයි අනවශ්‍ය රෝම ඉවත් කරන ක්‍රීම් හා ලෝෂන් වර්ග වෙළෙඳපොළ තිබෙන්නේ. මෙම ක්‍රීම් වර්ග භාවිතයට පෙර සංවේදීතා පරීක්ෂණය සිදු කිරීම ඉතා වැදගත්වනවා. එමගින් සමේ ආසාදන ඇතිවීම වළක්වාගන් හැකියාව තිබෙනවා.

 

 

  • Permanent Body Hair Removal Methods for Women - Venus
    රෝම ඉවත්කිරීමට පහසු ක්‍රමයක් ලෙස විද්‍යුත් උපකරණය භාවිතය හදුන්වා දෙන්න පුළුවන්. මෙහි අනතුරුදායක ප්‍රතිඵල විරලයි. මෙම උපකරණය හරහා කේශ මූලය පිළිස්සීමක් සිදුවෙනවා. ඇහි බැම, උඩු තොල්, මුහුණ, නිකට හා අත් පාවල රෝම ඉවත්කිරීමට මෙම උපකරණය වඩාත් යෝග්‍ය වෙනවා.

 

 

  • Get smooth with laser hair removal in Hong Kong | Honeycombers

ලේසර් කිරීම හරහා දිගුකාලීන ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ලේසර් ප්‍රතිකාර නිසා රෝම වල වර්ධන වේගය අඩාල වෙනවා. දිගින් දිගටම මෙලෙස සිදුකිරීම නුසුදුසු වුණත් වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස පෙන්වාදෙන්න පුළුවන්. ලේසර් ප්‍රතිකාර සඳහා යොමුවීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග කෙරෙහිත් සැළකිලිමත් වෙන්න ඕනෙ. විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් වලට අනුව පමණක් ලේසර් ප්‍රතිකාර සිදුකරන්න මතක තියාගන්න .

දේහ ලක්ෂණ විද්‍යාව‍ට අනුව කාන්තාවන්ගේ චරිත ලක්ෂණ හඳුනාගන්නේ මෙහෙමයි..

අතීතයේ ඉඳන් මේ දේහ ලක්ෂණ සම්බන්ධයෙන් බෝහෝ විස්තර අපිට අහන්න ලැබෙනවා. කාන්තාවකගේ හෝ පිරිමියකුගේ ඇත්ත ගති ලක්ෂණ හඳුනාගන්න අවුරුදු ගානක් ගතවුවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අතීතයේ කාන්තාවක් හා පිරිමියෙක් දැක්ක ගමන් ඔවුන්ගේ දේහ ලක්ෂණ වලින් ගති ලක්ෂණ කියන්න හැකියාව තිබූ පුද්ගලයින් සිටි බවට සදහන් වෙනවා. මෙය ඉපැරණි විද්‍යාවක් වන අතර සමහරක් අය මේ දේවල් විශ්වාස කරනවා වගේම බොහෝ දෙනෙක් මේ දේවල් විශ්වාස කරනවා තියා ගණන් ගන්නේවත් නැහැ. කොහොම වුණත් අපි හිතුවා කාන්තාවකගේ දකින්න ලැබෙන‍ දේහ ලක්ෂණ සහ ඒවායින් කියවෙන චරිත ලක්ෂණ ගැන පොඩි විස්තරයක් කරන්න.

 

 

 

  • දිගු ගෙලක් පිහිටන කාන්තාවක් උපායශීලීය සහ තීක්ෂණ බුද්ධියක් ඇති තැනැත්තියක් ලෙස සදහන් වෙනවා. ඔවුන් පුරුෂයන් වසඟයට ගැනීමට දක්ෂතාවයක් දක්වනවා වගේම තමන් කැමති දේවල් වලට මුල්තැන ලබා දෙනවා.What are the Best Haircuts and Hairstyles For Long Necks?

 

  • මුව විශාල කාන්තාවන් වියදම් කරන්න හරිම දක්ෂයි. ඒ වගේම කෑමට හරිම පෙරේතකමක් දක්වනවා. මෙයාලගෙ කට පරිස්සම් නැති නිසා හිතන්නේ බලන්නේ නැතිව කියන දේවල් නිසා ගොඩක් පාඩු සිදුකරගන්නවා කියලා තමයි කියන්නේ.

Women with big teeth | Page 4 | Sherdog Forums | UFC, MMA & Boxing ...

 

  • කුඩා මුවක් තිබෙන කාන්තාවන් හරිම ලැජ්ජාශීලී අය කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ අය ගුප්ත ගතිගුණ තියන පුද්ගලයන් ලෙස හඳුන්වන්න පුළුවන්.

What the Shape of Your Lips Says About You

  • පපුවේ රෝම තියන කාන්තාවන් හරිම කටකාරයි. තමන්ගේ සැමියා සමඟ රණ්ඩු කරනවා වගේම හරිම මුරණ්ඩුයි.

 

  • ඇඟිලි දිග කාන්තාවන් කලාවට හරිම ලැදි. කලාකාමී අදහස්, සුන්දර, හිතවත්කම්වලට ප්‍රිය කරන අය වගේම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිරිමි පාර්ශවය දුරින් ඇසුරු කරනවා.

Women with short and thin fingers have anger on their noses, click ...

  • දකුණු පියයුරෙ සිහින් ලප ඇති කාන්තාව කිසියම් හෝ දෙයකින් ප්‍රසිද්ධියට පත්වෙනවා. පියයුරු අතර මැද තිලකයක් වැනි ලපයක් ඇති කාන්තාව ඉහළ තනතුරු දැරීමට ද වාසනාව ලබනවා. තද ඝනනීල කෙස්කළඔක් ඇති ස්ත්‍රිය ජනප්‍රියත්වයට පත්වෙනවා වගේම සැපසම්පත් ලබන්න වාසනාවකට හිමිකම් කියනවා. ඒ වගේම දිර්ගායුෂද අත්කරගන්නවා.

 

  • කාන්තාවකගේ දෙතොල් ඉතා සමබරව පිහිටා තිබෙනවා නම් ඇය සැබෑ ආදරවන්තියක් කියලා තමයි සදහන් වෙන්නේ. උඩු ඇන්දේ ප්‍රධාන දත් දෙක මැද හිඩැසක් ඇති කාන්තාවකගේ පළමු සැමියා අකාලයේ මිය යනවා හෝ ඔවුන්ගේ පළමු විවාහය අසාර්ථක වෙනවා.නමුත් ඔවුන් පුරුෂයන් වසඟකර ගැනීමට දක්ෂයි.

Celebrities with tooth gaps - Insider

  • උදරයේ රැළි තුනක් හිමි කාන්තාව සැබෑම වාසනාවන්තියක් ලෙස හඳුන්වනවා. උපතින්ම ඈ කිසියම් ශිල්පයකට දක්ෂකමක් දක්වනවා.පාදයක සුළැගිල්ලක් හෝ ඊළඟ ඇඟිල්ල පොළවේ ස්පර්ශ වෙන්නේ නැත්තම් ඇය වරදට පෙළඹන ඊට කැමති කාන්තාවකි.සිනාසෙන විට කම්මුල වළ ගැසෙන ස්ත්‍රිය විනෝදකාමීය. ඒ වගේම ඇය පුරුෂ සැපයට වැඩි කැමැත්තක් දක්වනවා.

Types Of Dimples & Beauty Quotient | Indian Fashion Blog with ...

  • පාදයේ මහපට ඇඟිල්ල දිගු කාන්තාව ස්වාමියාට ගරු කරන්නේ නැහැ නමුත් ඇය එඩිතර ගති ඇති තැනත්තියක්.
    ගමන් කිරීමේදී පාදවලින් පැහැදිලි ශබ්දයක් නැගෙනවානම් ඇය සැමියාට නිතර අපල ගෙන දෙනවා. ඒ වගේම ඇය ආශාවන්ගෙන් පෙළෙනවා.ඉතා පැහැපත් ඇස් ඇති කාන්තාව සැමියාට වාසනාව උදා කරයි. තොල්පෙති රෝස පැහැති කාන්තාව භාග්‍යවන්තයි.

 

  • උකුල සමව පිහිටන කාන්තාව සැප සම්පත් ලබයි. ඇය වාසනාවන්ත දරුවන්ගේ මවකි.දෑතේ ඇඟිලි කෙටි මහත ඒවා නම් ඈ කම්සැපට ලොල් කාන්තාවක් බව සදහන්. පියයුරු අතර පරතරය පුළුල් ව පිහිටයි නම් ඇය අවාසනාව දෝතින් ගෙනාව කාන්තාවක්.

Picking the Perfect Diamond Shape for Her Finger - The Brilliance ...

  • අඩවන් වූ දෙනෙත් ඇත්තිය තම සැමියාට බෙහෙවින් ආදරය දක්වන්නියක් බව සදහන්.ගෙලෙහි ඉරි තුනක් දැක්වෙන ස්ත්‍රිය නම්බුනාම ලබයි. උසස් තනතුරු දරයි. වාසනාව උපතින්ම ගෙනා ස්ත්‍රීයක්. වටකුරු ඇතැඟිලි ඇත්තිය ව්‍යාපාර සඳහා දක්ෂකම් දක්වයි. සැමියා හා දරුවන් වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙයි. සිනාසෙන විට දත් වැඩිපුර පෙනෙන තැනැත්තිය සමාජශීලිය ,එඬිතර හා සෘජු ගති ඇත්තියකි.

 

  • උදරයේ සිට පෙකණිය දක්වා සිහින් ඉරක් හෝ රෝම පිහිටි කත ගෞරවනීය චරිතයක් ඇත්තියක් වන අතර ඇයට සැපසම්පත් උරුමය. වාසනාවන්තය. උරහිස කොට අය, සැප සම්පත් ලබන්නේ අඩුවෙන් සහ කනස්සල්ලෙන් සිටින බව සදහන්.

 

 

තමන්ගේ නිවස නිතරම පිරිසිදුවට තියාගන්න මේ උපදෙස් ඔයාට වැදගත් වෙයි…

අපි හැමොම දන්නවා අපි කොහේ ගිහින් හිටියත් තමනගේ නිවසට වෙලා ගෙවන වෙලාව තරම් සැනසීමක් තිබෙන වෙලාවක් වෙන නැහැ කියලා. අපි office ගිහින් ගෙදර දුවන් යන්න බලන් ඉන්නේ ඒකනේ. හැබැයි ඉතින් නිවස පිරිසිදුවට තියාගන නැත්තම් කිසිම සැනසීමක් සැහැල්ලුවක් නම් දැනෙන්නේ නැහැ. අපායක ඉන්නව වගේ තමයි දැනේන්නේ. නිවස හරියට පන්සලක් වගේ පිරිසිදුවට තියාගන ඉන්න එක තමයි වටින්නේ. එතකොට තමයි හිතේ ගතේ සැනසීමෙන් ගෙදරට වෙලා ඉන්න පුළුවන්. ඔන්න අද අපි කියලා දෙනවා කොහොමද තමන්ගේ නිවස ලේසියෙන්ම පිරිසිදුවට ලස්සනට තියගන ඉන්නේ කියන එක.

 

ගලවන ඇදුම් හැමතැනම දානවද?

Clothes Everywhere! | Photo

ගොඩක් අය කොහෙහරි ගිහින් ආවට පස්සේ අහුවෙන අහුවෙන තැන ඇඳුම් ගලවලා දානවා. පුටු උඩ, ඇඳ උඩ , දොරවල් උඩ වගේ හැමතැනකම ඇඳුම් විසි කරනවා. මේ නිසා වෙන්නේ ගෙදර අවුල් ජාලාවක් වෙන එක. ඔයාගේ කිලිටි රෙදි දාන්න වෙනම බාස්කට් එකක් තියාගන්න. ඔයා ඇඳුම් ගැලෙව්වහම එක තැන තැන දාන්නේ නැතිව වෙන කෙනෙක්ට අස් කරන්න තියනේත් නැතිව ඔයාම ගිහින් කිලුටු ඇදුම් දාන බාස්කට් එකට දාන්න පුරුදු වෙන්න.

 

අනම් මනම් හැමදේම ගෙදර ගොඩ ගහගන්නවාද?

Hoarding
ගොඩක් අයගේ පුරුද්දක් තියනවා දකින දකින එක වැඩක් නැති වුණත් ගෙදර ඇවිත් ගොඩගහගන්න එක. ගෙදර හැම මුල්ලකම ඒ දේවල් ගොඩගහලා. මේ දේවල් හැමතැනම තියලා තියනකොට කොහොමද ගෙදරක් ලස්සන වෙන්නේ. අනවශ්‍ය අමතර බඩු ගෙදර ගොඩ ගහලා තියාගන්න එපා. ඔයාට ඕනම වෙයි කියලා හිතෙනවනම් ඒ දේවල් ගබඩා කාමරයේ ගබඩා කරලා තියන්න. එහෙම නැතිව ගෙදර ඇතුලේ අහුමුලු වල ගොඩ ගහන්න එපා.

 

පත්තරේ කොහෙද තියන්නේ?

How much of a messy person are you? | Metro News

ගොඩක් නිවෙස්වල පත්තර දවස ගානේ හරි සතියකට පාරක් හරි පත්තරයක් ගෙදරට ගේනවා. මේ පත්තරේ කියවලා ඉවර වුණහම කෑලි කෑලි හැමතැනම. එහෙම කරන්නේ නැතිව පත්තර තියන්න වෙනම තැනක් හදාගන්න .

 

ඔයා භාවිතා කරන හැම දෙයක්ම පිරිසිදු කරනවාද?

Mom Leaves the Kitchen Messy | POPSUGAR Family

ඔයා භාවිතයට ගන්න භාජන , එහෙමත් නැත්තම් ස්ථානයක් වෙන්න පුළුවන් ඒ හැමදේම ඔයා පිරිසදු කරනවාද? ඔයා ඒ දේවල් පිරිසිදු කරන්න වෙන වෙලාවක් යොදාගන්නවා කියලා ඒවා එහෙන්මම තියලා යනවානම් ඒක ඔයා කරන ලොකු වැරැද්දක්. ඔයා උයනවානම් ඒ වෙලේම කුස්සිය පිරිසිදු කරන්න. නාන කාමරය නාන්න යන වෙලාවට පිරිසිදු කරන්න. මේ දේවල් කරන්න වෙනම වෙලාවක් යොදවන්න අවශ්‍ය නැහැ. ඔයා ඒ වෙලේම ඒ දේවල් හොඳින් පිරිසිදු කරන්න පුරුද්දක් ඇති කරගන්න.

 

 

ඔයාගේ ඇඳේ නැති දෙයක් නැත්ද?

Messy Bedroom - The Sleep Council

ඇඳ කියන්නේ අපි නිදාගන්න භාවිතා කරන තැන. ඔෆිස් ගිහින් ආවාහම ඒ බෑග් එක, පොත් එමෙමත් නැත්තම් කෑම මේ වගේ දේවල් ඇඳේ තියන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ඒ දේ ඇත්තටම හරිම කැතයි. ඔයා උදේ නැගිට්ටහම පිළිවෙලට ඇඳ හදන්න. ඒ වගේම නිදන ඇදේ එක එක දේවල් තියන්න එපා.

 

 

ඔයා ඇදේ කොට්ටා පුරෝගනද ඉන්නේ

How the "Clean Towel Method" Can Improve and Prevent Acne - The ...

ගොඩක් අයට ඇදේ නිදා ගන්නකොට කොට්ටා පුරෝගන ඇග වටකරගන තමයි නිදාගන්නේ. ඇත්තටම එහෙම අවශ්‍ය නැහැ. තමන්ට නිදාගන්න අවශ්‍ය එක කොට්ටයක් හෝ දෙකක් පමණක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. එමගින් ඔයාගේ කාමරයට නිරවුල් බවක් පිළිවෙලක් වගේම පිරිසිදු බවක් ලැබෙනවා.

 

 

සපත්තු ගලවලා හැමතැනමද?

How to enforce a "No Shoes" policy in my apartment ...

ගෙදරට ඇතුළුවෙනකොට සමහර අයගේ එක සපත්තුවක් හරි සෙරප්පුවක් හරි මිදුලේ අනිත් එක ගේ ඇතුලේ . එක්කෝ  ඇඳවල් මේසවල් යට පුටු යට . මේ වගේ පිළිවෙලක් නැතිව සෙරප්පු සපත්තු හැමතැනම දාන අය ඉන්නවා. එහෙම කරන එක නවත්තන්න. පිළිවෙලකට සෙරප්පු සපත්තු තියන්න තැනත් පිළියෙල කරගන හැමදාම එතනින් තියන්න පුරුදු වෙන්න. එහෙම වුණහම ඔයාටත් ලේසී ඒ වගේම ගෙදරත් පිරිසිදුයි පිළිවෙලයි.

 

 

බඩු ගත්ත ගත්ත තැනද?

A Slightly Messy Home | Frugal & Simple

ගෙදරදි වැඩවලට ගන්න භාණ්ඩ ගත්ත තැනින්ම තියන්න පුරුදු වෙන්න . එහෙම කලේ නැති වුණොත් වෙන්නේ ඒ දේවල් තිබ්බ තැනත් අන්තිමට අමතක වෙලා ගෙදරත් හැඩි වෙන එක විතරයි.

ඔයාට හරියටම ගැළපෙන රැවුල් හැඩය තීරණය කරන්නේ කොහොමද..?

 

පිරිමි හුඟක් දෙනෙක් රැවුල වවන්න කැමැත්තක් දක්වනවා. ඒක තමන්ගේ “පිරිකමේ අනන්‍යතාවක්” කියල සමහරුන්ගේ මතයකුත් තියෙනවා. ඒ කතාවේ ප්‍රායෝගික තත්ත්වය මොකක් වුනත්, රැවුල වවන එකේ විශේෂිත හැඩයක්, පෙනුමක් සහ පෞරුෂයක් කෙනෙකුගේ මුහුණට එකතු වෙනවා කියන එකනම් විවාදයකින් තොරව පිළිගන්න පුළුවන් කාරණයක්. නමුත්, ලස්සනයි කියල විශ්වාස කරලා විතරක් රැවුල වවාගන්න එක නිවැරදි ක්‍රමය නම් නොවෙයි. රැවුල වවන එක කෙනෙකුට ගැලපෙනවා උනත් තවත් කෙනෙකුගේ මුහුණේ ස්වභාවයට නොගැලපෙන්න පුළුවන්. එහෙම නොගැලපෙන හැඩයක් සහිත මුහුණක් තියෙන කෙනෙක් ආසාව, කැමැත්ත නිසාම රැවුල වවන්න ගියොත් දකින්න වෙන්නෙ විසුළු පෙනුමක්. ඒ වගේම රැවුල වවන එක ගැලපෙන මුහුණකට උනත් ඒ රැවුල පවත්වා ගන්න හැඩය මුහුණේ හැඩයට ගලපා ගැනීම හරිම වැදගත්. ඉතින්, gasma.lkකියවන කඩවසම් තරුණයින්ට, තමන්ගේ මුහුණට ගැළපෙන රැවුලෙ හැඩය තීරණය කරන්නෙ කොහොමද කියන කාරණය ගැන දැනුමක් ලබාදෙන්නයි අපි මේ උත්සාහ කරන්නෙ.

 

 

රැවුල හැමෝටම ගැළපෙනවද..?

මෙන්න මේ කාරණය ගැන තමයි තරුණයෙක් විදිහට ඔයා මුලින්ම හිතන්න අවශ්‍ය වෙන්නෙ. රැවුල වවන්න ආස වීම විතරක් හේතුවක් කරගෙන රැවුල වවන්න ගියොත් ඒක “ලස්සන” වීමකට වඩා පෞරුෂයට හානියක් වෙන්නත් බැරි නැහැ. මොකද සමහර මුහුණේ හැඩයන් වලට රැවුල වවනවට වඩා Full shave කරන එක ගැලපෙනවා. ඒ නිසා මුලින්ම ඔයා හිතන්න ඕනේ තමන්ගේ මුහුණට රැවුල වවන එක ගැළපෙනවද නැද්ද කියන එකයි. මේකට කාරණා කිහිපයක්ම සලකා බලන්න වෙනවා. ඒ මොනවද කියල එකින් එක අවබෝද කරගත යුතුයි.

සාමාන්‍යෙන් කොන්ඩේ නැති කෙනෙකුට, නැතිනම් කොන්ඩේ අඩු කෙනෙකුට රැවුල නැතිනම් Facial hair වවාගන්න එක වැදගත්. අපේ තරුණ පිරිමි බහුතරයකට මේ කාලයේ තියෙන ගැටළුවක් තමයි කොන්ඩය ගැලවෙන එක. විවිධ හේතු නිසා මේ ගැටලුව ඇතිවෙන්න පුළුවන්. ජානමය හේතුම වගේම දිනපතා වායු සමීකරණය කරන ලද ගොඩනැගිලි වල කාලය ගතකිරීම, විවිධ වැරදි පුරුදු, විවිධ වැරදි රසායනික ආලේපන වර්ග, වැරදි ආහාර පුරුදු වගේම නිවැරදි නඩත්තුව නොමැති වීම නිසාත් මේ කොන්ඩය ගැලවීයාම සිදුවිය හැකියි. ඒ කොහොම වුනත්, එහෙම කොණ්ඩය ගැලවිලා ගිහින් තට්ටය මතුවුන කෙනෙකුට ඉතා හොඳ විසඳුමක් තමයි රැවුල වවන එක. ඔබේ හිසකෙස් අඩුවීම කියන ගැටළුව නිසා පෙනුමට සහ පෞරුෂයට වුන හානිය යම් තරමකින් වහගන්න ඒක එක විකල්පයක්. සමහර මුහුණු හැඩයට වැඩිපුරම ගැළපෙන්නේ රැවුල සම්පුර්ණයෙන් කැපීම බව ඔබට දැනෙනවා නම් ඒ වඩාත්ම ගැළපෙන විදිහ අනුගමනය කළ යුතුයි. එතැනදී ඔබ ආසයි කියන කරුණට වඩා ගැළපෙනවද කියන කාරණය සැලකිල්ලට අරගෙන රැවුල නොවවා සිටීමේ තීරණය ගන්න එක වඩා හොඳයි.

රැවුල වවන එක ඔබේ මුහුණට ගැළපෙනවා සහ ඒකෙන් ඔබේ මුහුණට හොඳ පෙනුමක් ලැබෙනවා කියල තීරණය කළාට පස්සේ මොකද කරන්නෙ..? රැවුල ගැළපෙන නිසා වවන්න තීරණය කළා නම් ඒක කරන්න අවශ්‍ය වෙන්නේ ඔබේ මුහුණට ගැලපෙන විදිහටයි. ඔබේ මුහුණේ හැඩයට අනුව ඔබේ රැවුල පවත්වා ගත යුතුයි කියන දේ ගැන ඔබ මුලින්ම දැනුවත් වෙන්න අවශ්‍යයි. රැවුල තියාගත යුතු ප්‍රමාණය මොකක්ද, රැවුලේ හැඩය කොහොම විය යුතුද කියන දේ තීරණය කළ යුත්තේ ඔබේ මුහුණේ හකු හැඩයට සාපේක්ෂවයි. ඔබට තියෙන්නේ හතරැස් හැඩයක හකු යුගලක් නම් ඔබේ රැවුල හතරැස් හැඩයට පවත්වා ගැනීම ඔබට ගැලපෙන්නේ නැහැ. රැවුල වැවීමෙන් ඔබේ මුහුණට වෙනස් ඕවලාකාර හැඩයක් එකතු කරගැනීමයි අවශ්‍ය වෙන්නෙ. ඒ නිසා හතරැස් හැඩයක මුහුණක් සහිත ඔබ රැවුලේ හැඩය තරමක් ඕවලාකාර වෙන විදිහට පවත්වා ගැනීම කළ යුතුයි. දියමන්තියක හැඩයක් මතකයට නගාගත්තොත්, ඔබට මේ හැඩය නිවැරදිව වැටහේවි. ඕවලාකාර සහ දියමන්තියක හැඩයකට සමාන හැඩයකින් රැවුල පවත්වා ගැනීම වඩාත් සුදුසුයි. මුහුණු හැඩය විවිධ වුනත් ඒ බොහොමයකට මේ කියන හැඩය ගැළපෙන බව grooming විෂය සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ අදහස වනවා. ඒ නිසා ඔබේ හකුවල හැඩයට ගැළපෙන විදිහට රැවුල කපන්න අවශ්‍යයි කියන කරුණ මතක තබාගන්න.

ඊළඟට වැදගත්ම දේ මුහුණේ හැඩය අනුව ගැළපෙන රැවුලේ හැඩය මොකක්ද කියල තීරණය කරගන්නේ කොහොමද කියන එකයි. පොදුවේ ගත්තහම පිරිමි මුහුණේ විශේෂ හැඩ පහක් ගැන සඳහන් වෙනවා.

 

 

  • පුළුල් හකු සහ හතරැස් නිකටක් සහිත මුහුණු.

 

සාමාන්‍යෙන් මෙවැනි පුද්ගලයින්ට පුළුල් නළලක් සහිතයි.

arnold-schwarzenegger-9476355-1-402.jpg
5e2b1454ab49fd388e2b5573.jpg
මෙවැනි පුද්ගලයකුට රැවුල වැවීම හොඳ පෙනුමක් ගෙනදෙන්නක් වෙන්න පුළුවන්. නමුත් රැවුල දෙපසින් තරමක් කෙටිකර කැපීම වඩාත් යෝග්‍යයි. නිකටෙහි රැවුල හකු ප්‍රදේශයට වඩා තරමක් වැවුනු ස්වභාවයෙන් පවත්වා ගැනීමෙන් වඩාත් ආකර්ෂණිය පෙනුමක් ලබාගැනීමට හැකිවේවි.

 

 

  • වඩාත් ක්‍රමවත්ව පිහිටන වටකුරු නිකටක් සහිත වටකුරු හැඩයේ මුහුණ

kanye-west-leak.jpg
Justin-Timberlake-Grooming-Idol-2008.jpg

මෙවැනි වටකුරු මුහුණක් සහිත පුද්ගලයකුට රැවුල පවත්වා ගැනීමේදී වඩාත්ම සුදුසු වන්නේ ඕවලාකාර නැතිනම් දියමන්තියක ආකාරයේ හැඩයක්. නිකට ආශ්‍රිතව රැවුල කෙටිව තබා ගනිමින් හකු ප්‍රදේශයේ රැවුල නිකට ප්‍රදේශයේ රැවුල තරම් දික්වන තුරු පවත්වා ගැනීමෙන් රැවුලේ හැඩය ඕවලාකාර හැඩයක් ලැබෙන විදිහට කපාගැනීම කළ හැකියි.

 

 

  • දියමන්තියක හැඩයෙන් යුතු මුහුණු, සිහින් වගේම තියුණු නිකටක් සහිත මුහුණ

Ben-Affleck-2007.jpg
20120611_124006_ryangoslingfor1p.jpg
මෙවැනි හැඩයක මුහුණක් තිබෙන කෙනෙකුට හකු ප්‍රදේශයේ රැවුල තරමක් වැවෙන විදිහට පවත්වා ගනිමින් නිකට ප්‍රදේශයේ රැවුල සැමට ආසන්න වනතෙක් කෙටි කර ගැනීමෙන් මුහුණට වෙනස් පෙනුමක් එක් කරගත හැකියි. එහෙමත් නැතිනම් රැවුල තරමක් දිගට වවාගැනිමෙනුත් මුහුණට වෙනස් හැඩයක් එක්කර ගත හැකියි.

 

 

  • හකුවල හැඩය යටපත් කරන තියුණු උල් නිකටක් සහිත මුහුණු

Jay-Leno-500.jpg
තියුණු නිකටක් සහිත මුහුණකට සාමාන්‍යෙන් ඕනෑම හැඩයක රැවුලක් පවත්වා ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් වඩාත් රවුම් වෙන විදිහට රැවුල කපාගැනීම නම් නොකළ යුතුයි. එහෙම උනොත් මුහුණේ තියන තියුණු පෙනුම නැතිවන්නත් පුළුවන්.

 

 

  • දුර්වල සහ නිශ්චිත හැඩයක් නැති නිකටක් සහිත මුහුණ

මේ හැඩයේ මුහුණු තියන කෙනෙකුගේ මුහුණට වඩා හොඳ පෙනුමක් එක් කරන්න ඕනෑම හැඩයක රැවුලකින් පුළුවන්. ඒ නිසා තමාට වඩාත් ගැළපෙනවා කියල හිතෙන හැඩයකට රැවුල පවත්වා ගැනීමට එවැනි කෙනෙකුට හැකියාවක් තියෙනවා. ඔබේ මුහුණට අමතර අලංකාරයක් සහ හැඩයක් එකතු කරනවට අමතරව ගැළපෙන රවුල් විලාසිතාවකින් ඔබේ මුහුණේ පවතින සමහර අඩුපාඩු වසාගනිමටත් හැකියාවක් තිබෙනවා. නමුත් වැදගත්ම දේ ගැළපෙන හැඩයකින් රැවුල පවත්වා ගැනීමයි.

කලින් අපි සඳහන් කරා වගේ දුර්වල පෙනුමකින් යුතු නිසි හැඩයක් නැති හකු ප්‍රදේශයක් ඔබේ මුහුණේ තියෙනවා නම් ඔබට හොඳම විසඳුම තමයි රැවුල වැවෙන්නට ඉඩහැරීම. මේ රැවුල අඟල් දෙකක් පමණ දිගු වනතෙක් වැවීමෙන් පස්සේ එහි පහල කෙළවර නිසි හැඩයකට සකස් කරගැනීම වඩාත් යෝග්‍යයි. ඒ වගේම ඔබට අවශ්‍ය නම් සම්පුර්ණ රැවුල වැවිමකින් තොරව Goatee එක පමණක් වැවීමටත් හැකියාව තිබෙනවා. එමගිනුත් එවැනි මුහුණකට වෙනස් නැවුම් සහ තියුණු පෙනුමක් එක්කරගත හැකියි.

ඒ වගේම ශරීර ප්‍රමාණය මහත්වන කෙනෙකුට එන මුලිකම ගැටළුවක් තමයි Double chin කියන්නෙ. නිකට පහල මේද තට්ටුවක් තැන්පත් වීමෙන් තල්ල ප්‍රදේශය මහත්ව පෙනීම මගින් එවැනි මුහුණක නිසි හැඩය නොපෙනී යා හැකියි. එවැනි කෙනෙකුට රැවුල වැවීම කියන්නෙ ඉතාම හොඳ විසඳුමක් වෙන්නත් පුළුවන්. ඉදිරිපස නිකට ප්‍රදේශයෙන් තරමක් දිගු වනලෙස රැවුල වවා අනික් ප්‍රදේශ වලින් සැමට ආසන්න වන තරමට කෙටිව රැවුල පවත්වා ගැනීමෙන් ඔබේ තල්ල ප්‍රදේශයේ ඇති අනවශ්‍ය මේදය සඟවා මුහුණට ලස්සන හැඩයක් එක්කරගත හැකියි.

ප්‍රධානම දේ ඔබ පළමු වරට රැවුල වැවීම අපේක්ෂා කරනවා නම් ඉතා ඉක්මනින් සම්පුර්ණ රැවුල වැවී අවශ්‍ය හැඩයට සකස් කරගැනීමට හැකි වෙයි කියල හිතන්නත් එපා. ඒ වෙනුවෙන් තරමක් ඉවසීමෙන් ඉන්න ඔබට සිදුවෙයි. කිහිප වරක් රැවුල සකසමින් එය හොඳින් වැවෙන්නට ඉඩ හරිමින් සහ නිවැරදිව නඩත්තු කරමින් ඔබට අවශ්‍ය ආකාරයේ සම්පූර්ණ පෙනුමක් සහිතව වැඩුනු රැවුලක් ලැබෙනතුරු ඔබට ඉවසා ඉන්නටත් සිදුවනවා.

මේ විදිහට ඔබට වඩාත් ගැළපෙන රැවුල් හැඩය තෝරාගෙන ඒ හැඩයෙන් රැවුල සකසා ගත්තත් ඔබ දැඩි අවදානයෙන් කළයුතු වැදගත්ම දේ තමයි මේ රැවුල නඩත්තු කිරීම. ඔබේ රැවුල නිවැරදිව නඩත්තු කරන්නෙ කොහොමද.? ඒ වෙනුවෙන් ඔබ කළ යුතු වන්නේ මොනවද කියන කරුණු ගැන අපි ඊළඟ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න සූදානම්.

 

-එන්. වෙහෙරදූව-

පියවරුන්ගේ දිනය වෙනුවෙන් තාත්තාට තෑග්ගක් දෙමුද..?

 

පියවරුන්ගේ දිනය කියන්නේ ඔයාගේ තාත්තාට විශේෂයක් දනවන්න තියෙන හොඳම අවස්ථාවක්. එදිනෙදා ජීවිතයේ වැඩ වැඩි වෙන කොට අපිට ශක්තියක් වුණ අපේ තාත්තාට , අපේ හැඟීම්, ආදරේ පෙන්නන්න,කියන්න අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා. ඉතින් ඒ පෙන්නන්න බැරිවුණ ආදරය තාත්තාට මතක් කරලා දෙන එකනම් ගොඩක් හොඳ අදහසක්.මෙන්න ඔයාගේ තාත්තාට හොඳ තෑග්ගක් ගන්න හරි සංග්‍රහයකට එක්කන් යන්න හරි උදව් වෙන්න පුළුවන් ස්ථාන ලැයිස්තුවක්!

  • GIFT BOXES
  • HANDMADE GIFTS
  • DINING
  • GIFTS ON DISCOUNT
  • CONFECTIONERY

 

 

 

GIFT BOXES

 

 

Plush Box

Plush Box වල ඔයාගේ තාත්තාට දෙන්න ඔයාට ඕනේ දේවල් කිහිපයක්ම ඔයාට ඕනේ විදිහට තෝරාගන්න පුළුවන්. එයා කැමතිම ටී ෂර්ට්, සුවඳ විලවුන්, කෆ් ලින්ක් තෝරාගෙන ඔයාට පුළුවන් තාත්තාව පුදුම කරවන්නත්. 0768944827 අංකයට කතාකරලා හෝ instagram හෝ facebook එකෙන් message කරලා වැඩි විස්තර ලබාගන්න පුළුවන්.

 

 

Lovendar

Lovendar එකෙන් ඔයාට පුළුවන් Mugs,Notebooks,Tie හෝ chocolate වගේ හුරුබුහුටි තෑග්ගක් ඔයාගේ තාත්තාට අරන් දෙන්න.ඔයාට කරන්න තියෙන්නේ facebook එකෙන් හරි instagram එකෙන් හරි එයාලට message කරන එක. ඔයා කැමතිම තෑග්ග මොකද්ද සහ ඔයාගේ budget එක එයාලට කිවුවොත් එයාලට ඔයාට උදවු කරයි ඔයාගේ තෑගී පෙට්ටිය පුළුවන් හොඳම විදිහට හදාගන්න. පෙර ඇණවුම් ජුනි 6 ත් – 17 ත් අතර කරන්න පුළුවන්.ඒ වගේම ඔයාට පුළුවන් 0778222824 අංකයට කතාකරලා වැඩි විස්තර දැනගන්න.

 

 

S Creations

S Creations එකෙන් ඔයාට පුළුවන් mug එකක් හෝ perfume එකක් තෝරාගෙන ඔයාගේ තාත්තාගේ දවස එයාට විශේෂ දවසක් කරන්න. 076 735 1001 අංකයට කෙටි පණිවිඩයක් හෝ whtsapp හෝ viber මගින් පණිවිඩයක් යවලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න හැකියාව තිබෙනවා. එහෙමත් නැතිනම් facebook හෝ instagram එකෙන් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්නත් පුළුවන්.

 

 

Woah Box

තාත්තාටම විශේෂ වුණු තෑගී කිහිපයකින් ඔයා කැමති විදිහට තෑගී පෙට්ටියක් හදාලා දෙන්න ඔන්න Woah Box සුදානම් වෙලා ඉන්නවා.077 882 7844 අංකයට කතාකරන්න, වගේම facebook හෝ instagram හරහා message කරලා ඔයාගේ තෑග්ග ඇණවුම් කරන්න පුළුවන්. වැඩිදුර විස්තර සදහා එයාලගේ සමාජ මාධ්‍ය පිටු සමග සම්බන්ද වෙන්න.

 

 

Robed SL

Robed SL එකෙන් අතින් සාදන ලද භාණ්ඩ සහ රසකැවිලි වගේම වෙනත් භාණ්ඩ වල එකතුවක් තිබෙන නිසා ඔයාගේ තාත්තාට සතුටු සිනහවක් ගෙන්න සමත් වෙන බවනම් අපිට විශ්වාසයි.ඒ තරම්ම විශේෂ තෑගී පෙට්ටියක් ඔයාට හදාගන්න පුළුවන්.ඔයාගේ budget එක එයාලට කිවුවොත් එයාල කියයි ඔයාට ඔයාගේ gift box එකට එකතු කරන්න පුළුවන් තෑගී මොනවද කියලා එහෙමත් ඔයාට ඕනේ තෑගී ටික තෝරාගෙන ඒවගේ මිළ ගණන් එයාලගෙන් අහල දැනගන්නත් පුළුවන්.0777 965383 අංකයට whatsapp message එකක් යවලා වැඩි විස්තර වගේම ඔයාගේ ඇණවුම ලබා දෙන්නත් පුළුවන්.ඒ වගේම විස්තර දැනගන්න එයාලගේ facebook සහ instagram පිටු එක්ක සම්බන්ධ වෙලා ඉන්න.

 

 

Chachilax

පියවරුන්ගේ දිනය සඳහා ඔයාගේ තාත්තාට සුවද විළවුන්,චෝක්ලට්,බෙල්ට් සහ වෙනත් තෑගී වර්ග වලින් පිරුණු තෑගී පෙට්ටියක් හදාගන්න chachilax ඔයාට උදව් කරයි.ඔයාට එයාලගේ instagram එකට message කරලා වැඩි විස්තර දැනගන්න වගේම ඔයාගේ ඇණවුම ලබාදෙන්නත් පුළුවන්.

 

 

Bride Box

කෆ්ලින්ක්, ටයි, ලෙදර් පසුම්බි, , බොඩි ස්ප්‍රේ සහ spa ceylon සබන් සහ තවත් බොහෝ දේ ඇතුළත් කරලා ඔයාගේ තාත්තාට පුදුම හිතෙන විදිහේ තෑගී පෙට්ටියක් Bride Box එකෙන් හදාගන්න පුළුවන්. instagram එකෙන් හෝ facebook මගින් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන්.

 

 

Hello Print

පියවරුන්ගේ දිනයට ඔයාගේ තාත්තාට එයාලගේ ලස්සන හා සුපිරි ඒ වගේම ප්‍රයෝජනවත් තෑගි පෙට්ටියක් ඔබට ලබා දීමට හෙලෝ ප්‍රින්ට් සුදානම් වෙලා ඉන්නවා.එයාලගේ තෑගි පෙට්ටිය සම්පුර්ණයෙන්ම customizable කළ හැකි නිසා එයට නොමිලේ රන් පැහැති පියවරුන්ගේ දින කාඩ්පතක්, hip flask එකක්, ගොල්ෆ් බෝලයක්, business card desk holder එකක් සහ leather business card holder එකක් ඇතුළත් වෙනවා.instagram එකෙන් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන් වගේම ඔයාගේ ගෙදරටම ඒක ගෙනත් දෙන්නත් එයාලා කටයුතු කරනවා.

 

 

Emerald

ඔයාගේ තාත්තාගේ විලාසිතාවට ගැළපෙන කමිස සහ බෙල්ට් ද ඇතුළුව ඔයාගේ තාත්තා සඳහා තෑගි පෙට්ටියක් සකසන්න ඔයාට උදව් කරන්න එමරල්ඩ් සූදානම්. ඔයාට https://emerald.lk/ fathers-day.html වෙත ගහින් එයාලගේ තෑගි පෙට්ටි මිලදී ගන්න වගේම යාවත්කාලීන තොරතුරු සඳහා එයාලාගේ ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පිටු සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

 

 

Beyond Love Gifts

ඔයාගේ තාත්තාට හොඳම තෑග්ග සකසන්න ඕනෙද ?Beyond Love Gifts ඔයාට ඒකට උදවු කරයි.ඔයාගේ තාත්තාගේ ප්‍රියතම ෂර්ට්, සුවඳ විලවුන්, ටයි, customize කළ mug ඔයාගේ තෑගි පෙට්ටියට ඇතුළත් කරන්න පුළුවන්. ඇණවුම් ලබා දෙන්න ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් වෙත පණිවිඩ යවන්න ඔයාට පුළුවන්.

 

 

අතින් සාදන ලද තෑගී

Craft Monkey

පියවරුන්ගේ දිනය සඳහා ටයි හෝල්ඩර්ස්, ඡායාරූප රාමු, යතුරු ටැග් සහ වෙනත් ආභරණ ඇතුළත් හුරුබුහුටි අතින් සාදන ලද තෑගි රාශියක් Craft Monkey සතුව තියෙනවා.අතින් සාදපු තෑග්ගක් සඳහා ඔයාගේ ඇණවුම් ලබා දෙන්න 076 608 7824 අංකයට පණිවුඩයක් හෝ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් වෙත පණිවිඩයක් යවන්න ඔයාට පුළුවන්.

 

 

Ms Soapy Suds

පියවරුන්ගේ දිනයට ඔයාගේ තාත්තාට දෙන්න අතින් සාදන ලද සබන් බාර් සෑදීම සඳහා Ms Soapy Suds සූදානම්. ඔයාට කැමති wordings දාලා මේ සබන් customized කරගන්නත් පුළුවන්. instagram එකෙන් හෝ facebook මගින් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන්.

 

 

The Mugshot LK

ඔයාගේ තත්තාටම අනන්‍ය වුණු ටී ෂර්ට් සහ මග් වගේ තෑග්ගක් දෙන එක තාත්තගේ හදවතට දන්වන්න පුළුවන් හොදම විදිහ වෙන්න පුළුවන්. ඒකට ඔන්න The Mugshot LK එක ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ නිර්මාණ අදහස් එයාලට යවන්න.එතකොට එයාලා ඔයාගේ තෑග්ග ඔයා කැමති ආකාරයට customize කරයි. instagram එකෙන් හෝ facebook මගින් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන්.

 

 

Ceylonese

පියවරුන්ගේ දිනය සඳහා වඩාත් සුවිශේෂී අතින් සාදන ලද තෑගි ඔයාට ලබා දෙන්න Ceylonese සූදානම්. හුරුබුහුටි කෆ්ලින්ක් පෙට්ටි, desk organizers, අතින් පින්තාරු කරන ලද ලී කෝස්ටර්, watch organizers, කණ්නාඩි / අව් කණ්ණාඩි holders සහ තවත් බොහෝ දේ ඔයාට Ceylonese එකෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමති පොඩි පණිවිඩයකුත් එයාලා ඔයාගේ තාත්තාට යවන්න එකට ඇතුළත් කරනවා.instagram එකෙන් හෝ facebook මගින් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන්.

 

 

DINING

 

 

 

DINING

Hilton Colombo

 

2020 ජුනි 21 වන දින හිල්ටන් කොළඹ දී විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ඔයාගේ තාත්තාව එක්කන් යන්න පුළුවන්.2 pax සහ 4 pax විදිහට එයාලගේ දිවා ආහාර පැකේජ කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඔයාගේ සංග්‍රහයට පරිපූර්ණ මිහිරක් එකතු කිරීමක් සඳහා ඔයාට කැෆේ කායි වෙතින් වෙනම කේක් එකක් ඇණවුම් කරන්නත් පුළුවන්.නිවසේ රැඳී සිටීමින් සමරන්න ඕනේ නම් එයාලා දිවා ආහාර බෙදා හැරීමද සිදු කරනවා.ඔයාගේ නිවසට ගෙන්වා ගැනීම සදහා ඇණවුම් ලබා දීමට 076 800 2200 අංකයට අමතන්න පුළුවන්. දිවා ආහාරය වෙන් කරවා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ඔයාට 0112 492 492 අංකයට අමතන්න හෝ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් හරහා පණිවිඩයක් එවන්න පුළුවන්

 

 

Elevate

 

ඔයාගේ නිවසේ ඉදන් සුවපහසුවට ඔයාගේ තාත්තා සමඟ පියවරුන්ගේ දිනය සැමරීමට ඔබට උදව් කිරීමට Elevate සුදානම් වෙලා ඉන්නවා.පුද්ගලයන් 4 දෙනෙකුට ප්‍රමාණවත් රසවත් course meal තුනකින් යුත් ආහාර වේලක් එයාලගෙන් ලබාගන්න පුළුවන්. appetizer විදිහට creamy asparagus soup ද,main සදහා mixed grill ද,dessert සදහා චීස්කේක් ද රු. 9,900 කට ලබාගන්න පුළුවන්.වෙන් කරවා ගැනීම සඳහා 076 652 7203 අමතන්න. වැඩිදුර තොරතුරු සඳහා ඔයාට එයාලගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වෙන්න පුළුවන්.

 

 

GIFTS ON DISCOUNT

Wimaladharma and Sons

පියවරුන්ගේ දිනයට ඔයාගේ තාත්තාගේ ප්‍රියතම ඔරලෝසුව විශේෂ වට්ටමක් සහිතව ලබා ගැනීමට ඔයාට උදව් කරන්න විමලධර්ම සහ පුත්‍රයෝ සූදානම්ව ඉන්නවා.ඔයාගේ වට්ටම් කේතය ලබා ගන්න ඔයා කරන්න ඕනේ ඉහත සඳහන් පෝස්ටුව ඔයාගේ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් එකේ #my fathermyhero නම් හැෂ් ටැගය සමඟ post කර ඒ පෝස්ට් එකේ screenshot එකක් 077 141 2652 අංකය වෙත එවීමයි. මේ දීමනාව වලංගු වෙන්නේ ජුනි 21 දක්වා පමණයි. ඔයා එයාලගේ නිෂ්පාදන වලින් එකක් මිලට ගන්නේ ඔයාගේ තාත්තා සදහා නම් ඔයාගේ දොරකඩටම නොමිලේ බෙදා හැරීම් සිදු කරන්න එයාලා සුදානම්. එයාලගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවල මෙම ලිපිය සොයාගන්න පුළුවන්.

 

 

Hameedia

ඔයාගේ තාත්තාට හොඳම shirts, tie සහ belt එකතුවක් ලබාදෙන්න Hameedia සුදානම් කරලා තියෙනවා.එයාලා ඔයාට තෝරා ගන්න විවිධාකාර ඇඳුම් සංයෝජන කිහිපයක් සුදානම් කරලා තියෙනවා.ඒවා ඔයාගේ තාත්තාගේ විලාසිතාවට වඩාත් ගැලපෙනවා. ඔයා තෝරා ගන්නා පැකේජයට 15% ක වට්ටමක් ද ඔයාට ලැබෙනවා. ඇණවුම් කිරීමට 076 875 3238 අංකයට අමතන්න. වැඩිදුර තොරතුරු සඳහා එයාලගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවල රැඳී සිටින්න.

 

Tribe Inc.

Tribe Inc. විවිධ brands සමඟ එකතු වෙලා ඔයාගේ තාත්තාට තෑගි සඳහා හොඳම වට්ටම් ලබා දෙන්න සුදානම් වෙලා ඉන්නවා.පියවරුන්ගේ දිනය වෙනුවන් වට්ටම් ලබාදෙන brands තමයි මේ

Flutterby Inc. – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීමට FBI2020 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
Robed Gift Works – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීමට DAD2020 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
Shoelace Studio – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා SS10 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
The Mugshot – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා MUGSHOT10 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
Ceylonese – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා CD10 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
GIN&tonic – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා GIN&tonic ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
Thirteen Thirtyone – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා TT15 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න

වැඩි විස්තර ලබා ගැනීම සඳහා ඉන්ස්ටග්රෑම් හෝ ෆේස්බුක් පිටු හා සම්බන්ධ වී ඉන්න

 

 

CONFECTIONARIES

Sammy’s Bakery

පියවරුන්ගේ දිනයට ඔයාගේ තාත්තාට ලස්සන cup cake සහ cake සෑදීමට Sammy’s Bakery සූදානම් වෙලා ඉන්නවා.ඔයාගේ කැමැත්ත අනුව ඔයාට ඒක customize කරන්න පුළුවන්. ඔයාට එයාලට ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් යවන්නත් පුළුවන්. නැත්තනම් 071 570 3656 අංකයට අමතන්න.

Sugarfield Bakery

පියවරුන්ගේ දිනය වෙනුවෙන් රසවත්, ගෙදර හැදූ කේක් සහ කප් කේක් ඔයාට ලබා දෙන්න Sugarfield Bakery සූදානම්. ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් හි පණිවිඩයක් යවලා නැත්නම් 071 929 0748 අංකයට අමතන්න ඔයාට පුළුවන්.

 

 

Events by Shero

 

පැණි රසට කැමති තාත්තාට හොඳම gift box එක මේක වෙන්න පුළුවන්. cake කැබැලි,කුකීස්, ප්‍රංශ මැකරූන්, gourmet tea, චන්කි චොක් බ්‍රව්නීස් සහ තවත් දෑ මේකේ ඇතුළත් වෙලා තියෙනවා.ඔයාගේ ඇණවුම ලබාදෙන්න 077 755 7627 අංකයට අමතන්න හෝ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් වෙත පණිවිඩයක් යවන්න ඔයාට පුළුවන්.

ඉතින් පියවරුන්ගේ දිනයට තෑගී ගන්න පුළුවන් හොඳම තැන් කිහිපයක් තමයි ඒ. පියවරුන්ගේ දිනය සඳහා විශේෂ දීමනා ලබා දෙන වෙනත් ස්ථාන ගැන ඔයා දන්නවා නම්, පහත තියෙන comment වල අපට දන්වන්න.

AIDS/HIV වෛරසයට ප්‍රතිකාර තිබෙනවාද?

HIV යනු වෛරසයක්. HIV මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය යනුවෙන් තමයි හඳුන්වන්නේ. HIV වැනි වෛරස වලට තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට හැකියාවක් නැහැ. ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මානය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කරනවා. අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරස මර්දනය කරන නමුත්, HIV විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහරදෙන බැවින් එය මර්දනය කිරීමට හැකියාවක් නැහැ.

ඒඩ්ස් කියන්නේ රෝගී තත්ත්වයක්. ඒඩ්ස් යන්නෙන් අදහස් කරනුයේ නතූකරගත් ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය යන්නයි. යම් පුද්ගලයකුට HIV ඇති බවට නිශ්චය කරනුයේ ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තුදීමට නොසුදුසු පත්වුණාට පසුවයි.

යම් පුද්ගලයෙකුට ආසාධන හෝ ඒඩ්ස් සම්බන්ධ පිළිකා ඇතිවිට, ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට නිර්ණය කරනු ලබනවා.මෙම අසාදන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා නිසා ‘අවස්ථාවාදී’ ආසාදන ලෙස හඳුන්වනවා.

අතැම්විට අවස්ථාවාදී ආසාධන නොමැති විටද AIDS රෝගය නිර්ණය කරන්න හැකියාව තිබෙනවා. රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල සංඛ්‍යාව එක්තරා මට්ටමකට පහළ වැටෙන විට ඒඩ්ස් රෝග විනිශ්චය කරන්න හැකියාව තිබෙනවා.

බොහෝ මිනිසුන් AIDS රෝගය සදහා ප්‍රතිකාරයක් ඇති බවට වැරදි මතයක සිට අවදානම් හැසිරීම් වල යෙදෙනවා. නමුත් ඔබ දන්නවාද AIDS සදහා ප්‍රතිකාරයක් නොමැති බව. ආරක්ෂිතව සිටීමේ හොදම මාර්ගය වනුයේ HIV සම්ප්‍රේෂණය වන විධි පිළීබදව දැනුවත්වී සිටීමයි.

වෛරසය ගුණනය වීම පාලනය කිරීමට ප්‍රති වෛරස ඖෂධ තිබෙනවා. එමගින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙලන අතර, ප්‍රතිශක්තිය නැවත නගාසිටුවා රෝගියාගේ පැවැත්ම වැඩි කරනවා.මෙම ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම HIV වෛරසය විනාශ කරන්න බැහැ.

කිසිම ප්‍රතිකාරයක් නොගෙන සිටින එච්.අයි.වී ආසාදිත පුද්ගලයන්ගෙන් අඩකට පමණ, වසර 10 ක් ඇතුළත ඒඩ්ස් රෝගී තත්ත්වය ඇතිවෙනවා. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වෙනවා. ධාරක විශේෂිත සාධක සහ වෛරස් විශේෂිත සාධක HIV ආසාදනය ප්‍රගමනය කෙරෙහි බලපෑම් ඇති කරනවා.

ඔබට මේ සම්බන්ධයෙන් පරීක්ෂණය ලංකාව පූරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනයන් මගින් සිදුකරගන්න හැකියාව තිබෙනවා. සමහර පුද්ගලික රසායනාගාර වලදීද මෙම පරීක්ෂණය සිදුකර ගන්නත් පුළුවන්. එහෙත් ඒ සදහා වෛද්‍යවරයවරයා/මහජන සෞඛ්‍ය පරීක්ෂක/ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය මගින් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. මෙම පරීක්ෂණයට ඉදිරිපත් වන පුද්ගලයාට වෛද්‍යකාර්ය මණ්ඩලය විසින් රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි පරීක්ෂණයට පෙර සහ පසු උපදේශන ලබා දීම සිදුකරනවා.

මෙය ආසාදනය වූ කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝවේ. මෙය අපේ රටේ ජනතාව තුල බහුලවම බෝවන ක්‍රමය ලෙස හඳුන්වන්න පුළුවන්.HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රරසූතියේදී සහ මව් කිරි දීමේදී HIV අසාදනය වෙන්න හැකියාව තිබෙනවා. රුධිරය හෝ රුධිර නිෂ්පාදන, ශුක්‍ර පරිත්‍යාග (කෘත්‍රිම ලෙස දරුවන් බෝකිරීමෙන්), ආසාදනය කළ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින් හෝ අසාදිත රුධිර පාරවිලයනය මගින් HIV වෛරසය බෝවීම සිදුවෙනවා.

HIV අසාදන සහ අනිකුත් ලිංගාශ්‍රිත රෝග එකිනෙක අතර සම්බන්දකම් තිබෙනවා. HIV වැළදුන රෝගියෙකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් එමගින් ඔහු හෝ ඇයගේ ශරීරය සතුව ඇති HIV වෛරස් ප්‍රමාණය වැඩි වීම සිදුවෙනවා. එමගින් අන් අයට අසාදනය වන වේගය සහ අවදානම් භාවය වැඩි වෙනවා. මෙය ලිංගික ප්‍රදේශවල ඇති තුවාල තුලින් හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ශ්‍රාවයන්ගෙන් බෝ වීමටද පුළුවන්. එසේම HIV රහිත පුද්ගලයකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් ඔහුට හෝ ඇයට HIV වෛරසය වැළදීමේ හැකියාව ඉහල තත්ත්වයක පවතිනවා. මේ තත්ත්වය ඇතිවනුයේ අනිකුත් ලිංගාශ්‍රිත රෝග මගින් ඇතිකරනු ලබන සමේ තුවාල සහ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල මගින්ය. (උදා:උපදංශය සහ හර්පීස්) රෝග ලක්ෂණ රහිත අවස්ථාවකදී වුවද (ක්ලැමිඩියා,යාගොනෝරියා) ඇතිවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් හේතූ කොටගෙන ක්ලැමිඩියා,ගොනෝරියා තත්ත්ව යටතේ HIV අසාදනය වඩා පහසුවෙන් සිදුවන්න හැකියාව තිබෙනවා.

ලිංගික සංසර්ගයකදී කොන්ඩම් භාවිතාකිරීමෙන් මෙම HIV අසාදනය ඇතුළු අනිකුත් ලිංගාශ්‍රිත රෝග බෝවීම හොදින් පාලනය කරගත ඔබට පුළුවන්. HIV වෛරසය වැළදුන මුල් කාලය පුරාවට රෝග ලක්ෂණ නොමැතිබැවින් හදුනාගන්න හැකියාවක් නැහැ. ඒ වුණාට ඔහුට හෝ ඇයට මෙම කාලය පුරාවටද අන් අය වෙත අසාදනය කලරන්න හැකියාව තිබෙනවා.

ලේසියෙන්ම ඉංග්‍රීසි ඉගෙනගන්නේ මෙහෙමයි…

මේ වන විට ලොව පුරා බිලියන 1.5ක් පමණ ජනතාව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරනවා. අපේ මව් භාෂාව නොවුනත් අද වෙන කොට ඉංග්‍රීසි නැතුව කිසි දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ. සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න වුණත්, රාජකාරී කටයුත්තකට කාර්යාලයකට ගියත්, කෑමක් කන්න ටිකක් හොඳ අවන්හලකට ගියත් ඉංග්‍රීසියෙන් කතා කරන්න සිද්ද වෙනවා. හොඳින් ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි නිසා මේ වගේ අවස්ථාවල ඔබ අපහසුතාවයට පත්වෙච්ච වෙලාවල් ඇති. කෙතරම් දුෂ්කර වුවත් එය අතහැර දැමූ පිරිස බහුල නොවේ. එය නව යුගයේ පොදු බස බවට පත්ව ඇත.

 

 

කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තනියෙම ඉංග්‍රීසියෙන් කතා කරන්න

How to Practice Speaking Spanish By Yourself

විනාඩි දෙක තුනක් අරන් ඔයාගේ හිතට එන ඕනෙම දෙයක් ගැන පුළුවන් විදිහට කතා කරන්න. ඔයාට වැරදුනත් හිනා වෙන්න කවුරුවත් නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකක් හරි අදහසක් කියාගෙන යද්දී වචන දන්නේ නැතුව මඟදී හිර වෙනවා වගේ හිතෙනවා නම් ඒක වෙන විදිහකින් කියන්න උත්සාහ කරන්න. කණ්නාඩියක් ඉස්සරහ කතා කරන එකේ වැදගත්කම තමයි ඔයාට හැඟීමක් එනවා ඔයා තව එක්කනෙක් එක්ක කතා කරනවා වගේ. එත් එක්කම කතා කරද්දී ඔයාගේ මුහුණ, කට, ශරීරය හැසිරෙන විදිහත් ඔයාටම බලාගන්න පුළුවන්. මේ විදිහට දවසට දෙතුන් වතාවක් කළොත් මේක ඔයාගේ දින චර්යාවේ අංගයක් වෙලා ඔයාටත් නොදැනීම ඔයාගේ ඉංග්‍රීසි කතාව දියුණු වේවි. ඔයාගේ ඉංග්‍රීසි කතාව පටිගත කරලා නැවත අහන්න මේ ක්‍රමයේ තවත් වාසියක් තමයි ඔයාට මඟ තොටේ යන ගමන් වුණත් ඉයර් ෆෝන් දෙකක් යොදාගෙන නැවත නැවත අසමින් පුරුදු වීමට පුළුවන් වෙන එක.

 

 

ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න

Guide: How to watch any video with 2 sets of subtitles

 

අපි අසාවෙන් නරඹන ඉංග්‍රීසි චිත්‍රපටත් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්න උදව්වක් කරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඒ චිත්‍රපටි වල නළු නිළියෝ කියන දෙබස් හොඳින් තේරුම් ගන්න. උපසිරැසි එක්ක බලන නිසා ඔවුන්ගේ උච්චාරණය තේරුණේ නැති උනත් ඒවා අල්ලගන්න පුළුවන්. එහෙමත් නැත්තම් උපසිරැසි වල තියෙන දන්නේ නැති වචන කියන හැටි ඉගෙන ගන්නත් පුළුවන්.

 

 

ඉංග්‍රීසි සිංදු අහන ගමන් ඒවා ගායනය කරන්න

 

අපි අසාවෙන් රසවිඳින ඉංග්‍රීසි ගීතවලින් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්නේ මෙහෙමයි. සිංදුවක් වාදනය වෙනවාත් එක්කම හයියෙන් ඔයත් ගායනය කරන්න. සිංදුවේ වචන දන්නේ නැතිනම් අන්තර්ජාලයෙන් හොයාගෙන ඒ දිහා බලාගෙන ගායනය කරන්න. කැරෝකේ වීඩියෝ දිහා බලාගෙන ගෙන ගායනා කිරීමත් තව විදිහක්. වාහනයක ගමන් කරද්දී වුණත් ඔයාට මේ ඉංග්‍රීසි ගීත අහන එක කරන්න පුළුවන්.

 

 

මඟ තොටේ දකින ඉංග්‍රීසි වචන කියන්න උත්සාහ කරන්න

 

ඔයා පාරේ යද්දී දකින විවිධ දැන්වීම්/නාම පුවරු වල හරි අළුත් තැනකට ගියාම දන්නේ නැති අළුත් ඉංග්‍රීසි වචන තිබෙනවා නම් ඒවා කියන්න උත්සාහ කරන්න. ඒකෙන් එදිනෙදා ජීවිතයේදී භාවිතාවෙන වගේම දන්නේ නැති අළුත් වචන ඉංග්‍රීසියෙන් කියන්න ඔයාට පුළුවන් වෙනවා. කියන විදිහ දන්නැති ඉංග්‍රීසි වචන YouTube එකෙන් බලන්න

සාමාන්‍ය ජීවිතයේදී අපි සිංහලෙන් කතාබහ කරන විදිහ ඉංග්‍රීසියෙනුත් කතා කරන්න ඉගෙන ගන්න. කඩයකින් බඩුවක් මිලදී ගන්න ගියාම, අවන්හලකට කෑම ගන්න ගියාම, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විට, කාර්යාලයේදී ප්‍රධානියා සමඟ සිදුවන සංවාද යාළුවෙක් මුණ ගැසුණාම, සංචාරකයෙකුට පාර පෙන්නන විදිහ ආදී එදිනෙදා ජීවිතේ සිදුවීම් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විදිහ පුරුදු වෙන්න. ඒ අවස්ථාවේදී කතාවෙන දේවල් ඉංග්‍රීසි වාක්‍ය වලින් පුහුණු වෙලා මතක තියාගන්න. එතකොට ඇත්ත ජීවිතේදී ඒ වගේ වේලාවකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න සිද්ධ වුණොත් බය වෙන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. මොකද ඔයා ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙලා ඉන්න නිසා.

 

 

හොඳට ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න

How to Talk So People Listen and Listen So People Talk

හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් යාළුවො ඔයා අඳුරනවා ඇති. එහෙමත් නැත්තම් ඔයාගේ කාර්යාලයේ, ඉගෙන ගන්නා තැන ඒ වගේ අය හමු වෙනවා ඇති. ඉංග්‍රීසි හොඳට පුළුවන් අයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. ඔයා ඉංග්‍රීසි හොඳට කතා කරන්න උත්සාහ කරනවා කිව්වොත් එයාලා ඔයාට තවත් උදව් කරයි වගේම හොඳට කතා කරයි. එහෙම උදව් ඉල්ලන්න ලැජ්ජා වෙන්න එපා. මොකද ඉංග්‍රීසි අපේ මව් බස නෙමෙයිනේ. වැඩියෙන් කතා කරන්න කරන්න තමයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. පොඩි කාලේ අපි සිංහල කතා කරන්න පුරුදු වුණෙත් වැරදි වැරදි අපේ වැඩිහිටියෝ එක්ක කතා කරලානේ. ඒ නිසා දුරකතනයෙන් හරි හැකි හැම අවස්ථාවකම ඔයාට වඩා ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. ව්‍යාකරණ ගැන හිතන්නේ නැතුව කතා කරන්න

ඉංග්‍රීසි ව්‍යාකරණ ගැන මතක් වෙද්දී ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන අය ටිකක් බය වෙනවා. මොකද ඉංග්‍රීසි ව්‍යාකරණ ටිකක් අමාරුයි කියලා අපි අතරේ මතයක් තියෙන නිසා. ඔයාට ඕනේ ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න. ඒ නිසා මේ මොහොතේ ව්‍යාකරණ ගැන වද වෙන්න එපා. ව්‍යාකරණ නෙමෙයි කතාවේ දක්ෂ බවයි වැදගත් වෙන්නේ. ගොත ගහන්නේ, ලැජ්ජා වෙන්නේ, බය වෙන්නේ, නවත්තන්නේ නැතුව කතා කිරීමයි වැදගත්. කතාවෙන් දක්ෂ වුණාම ඉබේම ලේසියෙන්ම ඉංග්‍රීසි ව්‍යාකරණ හදාගන්න පුළුවන් වෙනවා. ඉංග්‍රීසියෙන් හිතන ගමන් තමන්ටම කතා කරන්න

ගොඩක් දෙනෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරු වෙන්නේ එයාලා ඉස්සෙල්ලම සිංහලෙන් හිතලා ඊළඟට ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න යන නිසා. එතකොට කතාව ප්‍රමාද වෙනවා වගේම අනිත් අයට තේරෙනවා ඔයා අමාරුවෙන් හිත හිතා කතා කරනවා කියලා. අපි හිතන්නේ සිංහලෙන් නිසා ඕනෑම දෙයක් සිංහලෙන් කියන්න අපිට ලේසියි. ඒ නිසා ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් ටිකෙන් ටික ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්න. මුලින් ටිකක් අමාරුයි කියලා හිතුණත් ටිකක් කල් යද්දී ඔයාට ඒකට පුරුදු වේවි. ඒ වගේම තමන් එක්කම ඉංග්‍රීසියෙන් කතා කරන්න. තව කෙනෙක් එක්ක කතා කරනවාට වඩා ඒක ලේසියි. අනික් අතට කාටවත් ඔයා කියන දෙය ඇහෙන්නේ නැති නිසා වරදියි කියලා ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න ආත්ම විශ්වාසය වඩවන්න මේක ඉතා හොඳ ක්‍රමයක්.

ඔයා ළගඳිම one day trip එකක් යන්න බලාගනද ඉන්නේ..

කලබලකාරී පරිසරයෙන් මිදිලා one day trip යන්න බලාගන ඉන්න හැම කෙනෙක්ටම වැදගත් වෙන දෙයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෑහෙන කාලයක් ගෙදරටම හිරවලා ඉදලා එළියට යන්නේ කොයි වෙලේද කියලානේ කට්ටිය බලන් ඉන්න ඇත්තේ . අනිත් එක කොහොමත් වැඩ නිසා ගොඩක් කාර්යභහුල වෙලා ඉන්නේ .life එක enjoy කරන්න, නිදහසේ ටිකවෙලාවක් හරි ඉන්න තියන වෙලාව ගොඩක්ම සීමාවෙලා තියෙන්නේ. තරාතිරමක් නැතුව, උදේ දවාලක් නැතුව හැම මනුස්සයෙක්ම වැඩ කරන්නේ මේ තරගකාරී ලෝකෙ එක්ක හැප්පිලා කොහොම හරි life එක ගොඩ දාගන්න.

 

මේ Busy life එකත් එක්ක කල්තියා කතා කරගෙන කට්ටිය එකතු කරගන trip යනවා කියන්නේ ඉතින් හීන තමයි. කතාකරගත්ත දවසේ trip එක organize කරපු කෙනාවත් හොයා ගන්න නැහැ. කොහොම හරි දැන් අපේ කොල්ලො, කෙල්ලො පුරැදු වෙලා ඉන්නේ අද රෑ කතා කරගන හෙට උදේම trip එකක් යන්න ඒම නැත්තම් දැන් කතා කරගන තව පැයකින් දෙකකින් trip එකක් යන්න. එහෙම හදිස්සියෙ trip එකක් යන්න උනාහම හදිස්සියට මොනාද bag එකට ගෙනියන්න අහුරගන්නෙ කියලා හිතාගන්න බැරිවෙනවා.අනිවාර්යෙන් අවශ්‍ය දේවල් ගොඩක් අමතක කරලා තමයි යන්නේ. එහෙම ගිහින් අමාරැවෙ වැටෙන නිසාම trip එකක් යනකොට ගෙනියන්නම අවශ්‍ය දේවල් මොනවද කියලා තමයි අද ඔයාට කියලා දෙන්නේ.

 

 

1. අතරමගදි කන්න කෙටි සැහැල්ලු ආහාර වේලක් ( snacks) අරගන යන්න අමතක කරන්න එපා. පාන්දරම යන්න පිටත් වෙනවනම් snacks හරිම වැදගත්.

The best deals on buying snacks in bulk as coronavirus quarantine ...

 

 

2.ඔයා ඇදගන යන ඇදුමට අමතරව තව ඇදුම් 2ක් වත් bag එකට දාගන්න. ඒ වගේම යට ඇදුම් සහ රෑට ඔයා කොහෙ හරි නවතිනවනම් Pajama ( පිජාමා) එකත් අරගන්න.

Travel Clothing | LoveToKnow

 

3.ඊළගට වැදගත් දෙයක් තමයි towel එක. පුඵවන් තරම් ඝනකමින් අඩු towel එකක් ගන්න.

Organic Cotton Plush Bath Towel | Under the Nile | EarthHero

 

4. ඒ වගේම පොඩි වතුර බෝතලයක් මතක් කරලා bag එකට දාගන්න.

The 7 Best Water Bottles for Travel to Keep You Hydrated

 

5.මේක කියන්නේ විශේෂයෙන්ම අපේ කෙල්ලන්ට. බොරැවට make up items පුරවගන්න නම් එපා. one day trip එකක් නිසා ඔයාලට මෙවා කොහොමටවත් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ.ඔිනමනම් lipstick එකක් eyebrow pencile එකක් ගත්තට කමක් නැහැ.

 

 

6. ඔයාගේ Tooth brush එකයි toothpaste එකයි shampoo එකයි ඒ වගේම Deodorant.

Best Promo #nre0l - Hair Care Hair Shampoo foladable toothbrush ...

 

7.Sunglasses ගන්න.

Black Tundra, Smoke Lens Sunglasses | Blenders Eyewear // Canyon

 

8. trip යනවා කියන්නෙ වැඩි හරියක් photos ගන්නවා කියන එකනේ.ඉතිම් මතක් කරලා ඔයාගේ phone,camera, charger එක අරන් යන්න අමතක කරන්න එපා.

Camera Bags Travel Multi-Functional Weatherproof Photography ...

 

9.තව hair brush එකක් ඒවගේම ඔයා දාගන යන shoes වලට අමතරව Flip – flop ( රබර් සෙරප්පු) bag එකට දාගන්න.

Flip Flop ASSOS

 

10. අනිවාර්යෙන් ‌first-aid අරන් යන්නනම් කොහොමටවත් අමතක කරන්න එපා.

First aid requirements at construction site - HSSE WORLD

 

 

 

මේ ටික කියවනකොට ඔයාට මැවිලා පෙනෙයි සෑහෙන්න ලොකු ගමන් මල්ලක්. ඒත් ඇත්තටම
එහෙම  නැහැ. මේක ගොඩක් දේවල් තියන සාමන්‍ය bag එකක් කියලා ඔයා pack කරන්න ගත්තාම තේරෙයි. ඉතින් ඊළග පාර trip යනකොට මේ දේවල් ගෙනියන්න අමතක කරන්න එපා.

දරුවෙකුට කවදාවත් මේ වගේ දේවල් නම් කියන්න එපා..

පොඩි කාලේ දරුවන්ට දෙමාපියන් වැඩිදුර හිතන්නේ නැතිව කියන කරන දේවල් නිසා ඒ දරුවන් ලොකු බලපෑමකට ලක්වෙනවා. මේ දේවල් නිසා තමයි දරුවන් වැඩිහිටියන් බවට පත්වුණාටත් පසුව විවිධ බිදවැටීම වලට ලක්වෙන්නේ. දරුවන්ගේ මනස පොඩි කාලේදීම බිඳ වැටුණොත් ඒකෙන් දරුවාව මුළු ජීවිත කාලෙදිම ගොඩගන්න බැරිවෙනවා. මෙන්න මේ නිසා දෙමාපියන් හොඳ කල්පනාවෙන් තමන්ගේ පොඩි දරුවන්ව උස්මහත් කරන්න ඕන. බලන්න මේ දේවල් ඔයා ඔයාගේ දරුවටත් කරනවාද කියලා. එහෙනම් මේ දැන්ම ඒක නතර කරගන්න.

 

 

1- ඔයා හරිම නරක ළමයෙක්

මේ වගේ දේවල් කියලා ඔයාගේ දරුවාගේ මනස ඍණ ආකල්ප වලින් පුරවන්න නම් එපා. එහෙම කළොත් සිද්ධවෙන්නේ දරුවගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන එක විතරයි. මතක තියාගන්න හැමවෙලේම හොඳ දේවල් , සතුට දනවන දේවල් වගේම ධනාත්මක ආකල්ප විතරක් දරුවාට ලබා දෙන්න.

 

 

2- ඔයාගෙ දරුවාව අනිත් අය සමඟ සන්සන්දනය කරන්න නම් එපා.

මේ දෙයින් වෙන්නේ දරුවගේ හිතේ තරහක් ඉරිසියවක් කුඩා අවධියේ ඉදන් ඇතිවෙන එක විතරයි. සමහර දෙමාපියෝ දරුවාවා තමන්ගේ අනිත් දරුවන් සමඟ සන්සන්දනය කරනවා. එතකොට වෙන්නේ දරුවන් අතර තිබෙන සම්බන්ධතාවය හානි වෙන එක.

 

 

3- හැමවෙලේම ඔයාට බෑ ඒක කරන්න කියන්න එපා

දරුවට හැමවෙලේම ඔයාට ඒක කරන්න බැහැ ඔයාට මේක කරන්න බැහැ කියලා කියන්න එපා. ඒකෙන් සිද්ධවෙන්නේ දරුව කිසිදෙයක් කරන්න උත්සහ කරන්න බයක් ඇති කරගන්න එක සහ අවිනිශ්චිතභාවයට බියක් ඇති කරගන්න එක. මේ දේ දරුවාගේ අනාගතයට දැඩිව බලපාන්න පුළුවන්.

 

 

4- දරුවට තමන් එක්ක කතා නොකරන්න කියන්න එපා

තමන්ගේ ලඟම ඉන්න ඒ වගේම දරුවා විශ්වාස කරන කෙනා මෙහෙම කිව්වහම දරුවට ලොකු මානසික බලපෑමක් ඇති වෙනවා. දරුවෙක් කියන්නේ වැඩිහිටියෙක් නෙවෙයි. කතා කරන්න එපා කියන එක තේරුම් ගන්න දරුවට දැනුමක් තේරුමක් නැහැ. ඒ වගේම දරුවට දරාගැනීමේ හැකියාවක් නැහැ. මෙයින් සිදුවන්නේ දරුවා තමන්ගේ ලඟම ඉන්න අය වගේම සමාජය පිළබඳව අවිශ්වාසයක් ඇතිකරගන්න එක.

 

5- ඔයා ගැහැණු ළමයෙක් නිසා ඔයාට මේ දේවල් කරන්න බැහැ.ඔයා පිරිමි ළමයෙක් නිසා ඔයාට මේ දේවල් කරන්න බැහැ

ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක්ට ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ නීති රීති පනවන එක හොඳ නැහැ.ළමයි භේද නොකර ඔවුන්ට කැමති දේ කිරීමට ඉඩ දීම වඩාත් සුදුසුයි.

 

 

6- මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න.

වැඩිහිටියන් ගොඩ දෙනෙක් තමා යම් දෙයකින් පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවක තමයි මේ දේ වැඩිපුර කියන්නේ. තමන්ට ඇති පීඩනය හෝ වේදනාව නිසා දරුවට මෙහෙම කිව්වට එයාට මේක දරාගන්න හැකියාවක් නැහැ. මේ වගේ වෙලාවට දරුවා අසරණ වෙනවා. ඒ වගේම දරුවගේ පෞරුෂය බිඳවැටෙන්න මේ වචන ටික ප්‍රධාන හේතුවක් වෙනවා.

 

 

7- ඉන්නකො ” මම තාත්තා ආවම කියන්නම්” ඉන්නකො මම අම්මට කියලා හොඳ වැඩක් කරන්නම්

මේ වගේ දේවල් කියලා දරුවාව භය කළොත් දරුවට කාන්සාව වගේ හැගීම් ඇතිවෙන්න ඉඩකඩ වැඩීයි. දරුවාගේ වැඩිහිටි අවධියේදී මේ දේවල් බලපාන්න පුළුවන්.

 

 

8- බලන් මොනවද මේ ඔයා කරන්නේ ඔයා මේවා කරන්න තරම් පොඩි ළමයෙක් නෙමෙයිනේ

වැඩිහිටි අපිත් සමහර වෙලාවට පොඩි ළමයි කරන වැඩ කරනවා. පුංචි දරුවෙකුත් ඒවගේ තමයි. එයා තමන්ගේ වයසට වඩා අඩු යමක් කරනවා නම් ඒකට කෑගහලා හරියන්නේ නැහැ. ඒක වැරුද්දක් නෙවෙයි. ඒක තමයි අපි කාගෙත් මනුෂ්‍ය ස්භාවය. දරුවන් මේ වගේ දේවල් කරනවා කියලා වැඩිහිටිය‍ෝ අවබෝධමත් වෙන්න අවශ්‍යයි.

 

පියයුරු පිළිකාවට ගොදුරුවෙන්නේ කාන්තාවන් විතරද?

ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනේ පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බවයි. තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදුවේ දැකිය හැකි සන්සිද්ධියක් බවයි. පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට වෙනස් වෙන බවට වාර්තා වෙනවා.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ පියයුරු පිළිකාව වැළදීම හා ජීවිතය බේරාගැනීමට ඇති හැකියාව අවම වෙලා තිබෙන්නට ප්‍රධාන හේතුව වන්නේ කාන්තාවන්ට පූර්ව රෝග ලක්ෂණ හඳුනාගනීම සම්බන්ධයෙන් ඇති දැනුවත් භාවය අවම වීමයි. ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතික විය හැකියි.

 

පිළිකාව මුලින්ම පියයුරු වල ඇතිවෙලානම් එය හඳුන්වන්නේ ප්‍රාථමික පිළිකාවක් වශයෙන් වන අතර ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවක් වශයෙන් හඳුන්වනවා.

 

ජාතික පිළිකා ආයතනය පෙන්වා දෙන්නේ බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදුවන්නේ නැති බවයි.

 

ඔවුන් තවදුරටත් ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යා හැකි බවයි.

 

පියයුරු පිළිකාවක් ඇතිවෙන්න පුළුවන් රෝග ලක්‍ෂණ 12 ක් ගැන වාර්තා වෙනවා.

 

  • පියයුරු ආශ්‍රිත සම ඝන වීම
  • සම මතුපිට වළ ගැසීම
  • තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
  • තන පුඩුවෙන් දියරයක් ගැලීම
  • අසීරුවක් හෝ වේදනාවක් දැනීම
  • තන පුඩුව ඇතුළට ගිලී යාම
  • නහර මතු වීම
  • ඉදිමීම
  • සැරව සහිත තුවාල ඇතිවීම
  • සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
  • පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
  • තද ගැටිති

ඔබට ඉහත සඳහන් කර තිබෙන රෝග ලක්ෂණ තිබේනම් වහාම වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගන්න.

පියයුරුවල ගැටිති ඇති වීම පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් නමුත් ගැටිති බොහොමයක් පිළිකා වෙන්නෙත් නැහැ.

ඔබ හිතන්නේ කාන්තවට පමණක් පියයුරු පිළිකා ඇතිවෙනවා කියලද? නැහැ පිරිමි පාර්ශවයත් මේ පියයුරු පිළිකාවට ගොදුරු වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ බහුතර පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් භාවයක් නැහැ.

 

 

පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ වශයෙන්

 

  • තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති
  • පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම
  • යටිකුරු වූ තන පුඩු
  • තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම
  • තන පුඩුවෙන් රුධිරය වහනය වීම
  • කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම
  • තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම

ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව වාර්තා වෙනවා.