Blog Page 24

ඉස්තරම්ම Japanese Cuisine වල රස බලන්න නම් යන්න හොඳම තැන Red Panda…

Red Panda දිගු කලක් තිස්සේ රසවත් චීන ආහාර සඳහා ප්‍රසිද්ධ ස්ථානයක්. Japanese cuisine සඳහා ඔවුන්ගේ නවතම ව්‍යාපාරය මෑතකදී අරම්භකර තිබෙනවා. ඉතිං අපි ගියා Red Panda එකට Japanese cuisine වල රස බලන්න. Togarashi කියන්නේ Red Panda වල තිබෙන විශේෂිත ජපන් menu එකක්. ඔවුන් පුළුල් පරාසයක මුහුදු ආහාර ලබා දෙනවා වගේම සෞඛ්‍ය සම්පන්න මස් කෑම වර්ග මෙන්ම බත් සහ නූඩ්ල්ස් ද මොවුන් පිළිගන්වනවා.

 

Togarashi Salmon Ten Katsu Roll (LKR 1350)

අපි මුලින්ම Oder කලේ tender salmon, cucumber, ten katsu, සහ hot sauce .මේ කෑම එකේ අපිට හුරුපුරුදු රසයක් දැනුනා කිව්වොත් නිවැරදී. සෝයා සෝස් සමග පිළිගැන්වුණු මේ roll එක ඇත්තටම ගොඩක් රසවත්.

 

 

Chicken Katsudon (LKR 1030)

 

මේ potion එක බැලූ බැල්මට කුඩා වුණත් ඇත්තටම අපි එහි රසය නිසා ගොඩක් තෘප්තිමත් වුණා. Chicken Katsudon තමයි dishes වලින් star කිව්වොත් හරියටම හරි.

 

 

Chirishi Sushi (LKR 1200)

 

සුෂී කන්න තිබුණ ආසව මේ Chirishi Sushi dish එකෙන් සපුරගන්න මට පුළුවන් වුණා. මේ dish එකේ තිබුණ මාළු නැවුම් වූ අතර Shitake එකතු කරලා තිබුණ නිසා මේ dish එකට ගැඹුරු රසයක් එකතුවෙලා තිබුණා.

 

 

Togarashi Sashimi Boat 32 Piece (LKR 4400)

 

මම try කරපු Sashimi Boat වලින් හොඳම එකක් කියලා මට මේ dish එක recommend කරන්න පුළුවන් .අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව නැවුම් බව හොඳින්ම තිබුණා. Tuna, Mullet, Salmon සහ Cuttlefish එක්කරලා සාදා තිබුණ මේ විශාල Togarashi Sashimi Boat එක විවිධ රසයන්ගේ හොඳ එකතුවක්.

 

 

California Maki (LKR 770)

 

මේ dish එකත් මම enjoy කලා . ජපන් ආහාර මුලින්ම try කරන අයට මේ dish එක recommend කරන්න පුළුවන්ත. අලිගැට පේර ක්‍රීම්, කුළුබඩු, බත් සමග එකතු කරලා තමයි මේ dish එක නිර්මාණය කරලා තියෙන්නේ. සමස්ථයක් වශයෙන් මේ California Maki එක හොඳයි කියලා අපිට කියන්න හැකියාව තිබෙනවා.

 

 

Tobico Roll (LKR 910)

 

පෞද්ගලිකව මම තවත් කැමති වුණ ආහාරයක් තමයි Tobico Roll. මුලින්ම ස්තූති කරන්න අවශ්‍යයි ලොකු fish eggs මේකට add කරපු එකට. ලොකු ඉස්සන්ද මේකට එකතු කරලා තිබුණත් රසයට හානියක් වෙලා තිබුණේ නැහැ.

 

 

Tuna Tataki (LKR 1000)

 

මේ simply looking dish එක ගොඩක් flavors වලින් පිරිලා තිබුණා. ඇත්තටම අපිට දැනුනේ මස් රසයක් කිවුවොත් නිවැරදී. ටූනා එක ගානට නියමට පිසගන තිබුණු අතර plate එකට නැවුම් බවක් එක්වෙලා තිබුණා. අපේ team එකම මේ dish එකට ගොඩක් කැමති වුණා කිවුවොත් හරියටම හරි.

 

 

Mixed Prawn Tempura (LKR 1000)

 

ලොකු ඉස්සන් ගානට පිසගන සාදා තිබුණ මේ Tempura එකත් අනිත් dishes වගේම රසවත්. එළවළු රසයත් ගානට තිබුණා වගේම වසාබි සහ මයෝ සමග ඔවුන් මේ සරල dish එක අපිට පිළිගැන්වූවා.

 

 

Salmon Teriyaki (LKR 1800)

 

මේ dish එක තමයි මම ගත්ත ආහාර වේලේ තිබුණ ජයග්‍රාහීම dish එක. සෝස් එකත් ගොඩක් light නිසා හැම bite එකකදීම එය අපිට හොඳින් දැනුනා. skin එකත් එක්ක grill කරලා අරගන තිබුණ මේ salmon එක අපිව ගොඩක් satisfy කලා. ඇත්තටම මේ dish එක ජයග්‍රාහීවගේම වෙනස්ම අත්දැකීමක් වුණා. ඔයා red panda එකේ Japanese cuisine try කරන්න යනවානම් මේ dish එක අනිවාර්යයෙන් try කරන්න අමතක කරන්න එපා.

 

 

ඔයා දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවානම් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න…

සරලවම දියවැඩියාව යනු කුමක්ද කියලා අපි කතා කලොත් ඒ රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීමට තමයි අපි මේ දියවැඩියාව කියන්නේ. මේ වැඩිවන ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කර ගැනීමට සිරුරට නොහැකිවීම තමයි අපිට ඇතිවෙන ප්‍රධාන ගැටළුව. බොහෝදෙනෙක් සිතන්නේ එය ඖෂධවලින් පමණක් සුව කරන්න පුළුවන් කරන්න කියලා. ඉතිං කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව එක එක්කෙනා කියන දේවල් අහලා විවිධ ඖෂධ වර්ග ගන්න ගොඩක් දෙනෙක් පෙළඹෙනවා. තමන්ට මේ වෙනුවෙන් මේ රෝගය සුව කරගන්න කුමක්ද කරන්න පුළුවන් කියාලා සොයන්නේ නැහැ. සමහර රෝගීන් අවුරුදු ගණන් දියවැඩියාවට ඖෂධ ගත්තත් රෝගය ගැන කිසිදු හැඟීමක් දැනීමක් නැහැ. ඒ නිසා අප මෙහිදී අවධානය යොමු කරන්න අවශ්‍යයි පුද්ගලයෙකුට දියවැඩියාව වැළඳී තිබේ නම් එය පාලනය කර ගැනීමට ඔහු හෝ ඇය මොකක්ද කරන්න අවශ්‍ය කියන එක සම්බන්ධයෙන්.

දියවැඩියාව ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ආහාර. මීට අමතර හේතු තිබුණත් ආහාර සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම අනිවාර්යයි. දැනටම දියවැඩියා රෝගයෙන් පෙ​ළෙන කෙනෙකුට ගුණාත්මකභාවය වැඩි එනම් පෝෂණ සංඝටක වැඩියෙන් අඩංගු කෙඳි සහිත ආහාර ගැනීම සුදුසු වෙනවා. ඒ වගේම වැඩි කැලරි හා මේදය අඩු ආහාර ඒ කියන්නේ අළුත් එළවළු හා පලතුරු වර්ග ආහාරයට ගැනීම සිදු කරන්න අවශ්‍යයි. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, දඹල, රාබු, පිපිඤ්ඤාා, නියංවැටකොළු, කැකිරි, චව් චව්, වැටකොළු, පතෝල, බීට්රූට්, කෙහෙල් මුහ, තලන බටු, බණ්ඩක්කා, වැනි අළුත් එළවළු හා කෙසෙල්, අඹ, ගස්ලබු, පේර, වෙරළු, අනෝදා, කටු අනෝදා, දෙළුම්, ඇඹරැල්ලා, උගුරැස්ස, නාරං, කාමරංකා වැනි පලතුරු වර්ග එක දිගටම නොවුවත් ආහාරයට ගන්න හැකියාව තිබෙනවා නම් වඩා හොඳයි.

මේ ආහාර හොඳයි කියල කියනව වගේම මෙන්න මේ දේත් කියන්නම අවශ්‍යයි. දියවැඩියා තත්ත්වය තමන්ට ඇතිවෙනවට අකමැතිනම් නිරන්තර ව්‍යායාම, සෞඛ්‍යමත් ආහාර, ප්‍රමාණවත් පරිදි ජලය පරිභෝජනය වගේ හොඳ පුරුදු වලට හුරුවෙන්නම වෙනවා.

ඔයාට ප්‍රශ්ණයක් ඇතිවෙන්න පුළුවන් කොපමණ ආහාර ප්‍රමාණයක් පරිභෝජනයට ගන්න ඕනද කියන එක සම්බන්ධව. මෙහෙමයි ශරීර බර හා තමන් වැය කරන ශක්ති ප්‍රමාණය මත ආහාර ලබා ගත යුතුයි. ශරීර බර වැඩි ශක්තිය අඩුවෙන් වැය කරන කෙනෙක් සහ ශරීර බර වැඩි ශක්තිය වැඩියෙන් වැය කරන කෙනෙකුත් ගන්නා ආහාර ප්‍රමාණය වෙනස්. ඒ වගේම දියවැඩියා රෝගියෙක් ආහාර ලබා ගන්නා වෙලාව ඉතා වැදගත් වෙනවා. වේලක් මඟ හැරියොත් ඊළඟ වේල වැඩිපුර ගන්න වෙනවා. මේ නිසා ප්‍රධාන වේල් තුන නියමිත පරිදි සමබරව ලබා ගත යුතු අතර අමතර ආහාරවේල් 2 ක් ලබා ගැනීම දියවැඩියා රෝගීන්ට සුදුසුයි. තමාගේ පිඟානෙන් 1/2 ක් ම එළවළු හා පලා වර්ග තිබිය යුතු අතර ඒ පිඟානේ 1/4 ක් පිෂ්ඨමය ආහාර වන අතර ඉතිරි 1/4 ක ප්‍රෝටීන ආහාර විය යුතුයි. ඒ කියන්නේ ධාන්‍ය වර්ග සහ මාළු.

දියවැඩියා රෝගීන්ට ප්‍රධාන ආහාර වේල් සඳහා නිවුඩු සහල්, තැම්බූ සහල්වලින් පිසූ බත් ගොඩක් හොඳයි. දේශිය සහල් උදා. සුවඳැල්, හීනැටි, පච්චපෙරුමාල්, කහමාලය, ඇතුළු සහල් වර්ග ආහාරයට ගන්න තිබෙනවා නම් වඩාත් හොඳයි. මුං ඇට, කඩල, කවුපි, නිවුඩු සහල් පිටි හා ආටා පිටි වලින් සකස් කළ ආහාර පිරිසිදු කොළ පාට එළවළු හා පලා වර්ග තෝරා ගැනීම ධාන්‍ය වර්ග තෝරා ගැනීමේදී පොත්ත ඉවත් නොකළ ධාන්‍ය වර්ග තෝරාගන්න මතක තියාගන්න . හැබැයි ඉතිං මේ කෑම වර්ග කොච්චර හොඳ වුණත් පමණට වඩා ගන්න නම් එපා. දවසකට බත් පීරිසි කෝප්ප 3 ක් ප්‍රමාණවත් වන අතර එය උදේ එක බත් පීරිසි කෝප්පයක් දහවලට බත් පීරිසි කෝප්ප 1 1/2 ක් වන අතර රාත්‍රියට බත් පීරිසි කෝප්ප 1/2 වන ලෙස දිනක බත් පීරිසි කෝප්ප 3 සකසා ගන්න මතක තියාගන්න. කෙඳි සහිත ආහාර ගැනීමේදී රුධිරයට ග්ලූකෝස් එකතු වීම යම් අකාරයකින් ප්‍රමාද කරනවා. එයින් සිරුරේ ඇති රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යාම අඩු කරනවා.

ඔයාට දියවැඩියාව තිබෙනවා නම් ආහාර ගැන වගබලා ගන්නවා වගේම ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා.

කොළඹ ඉන්න ඔයාට ඉස්තරම්ම sea food dishes කන්න යන්න හොඳම තැන Red Panda

හැමෝම පුදුම කරවන delivery service එක නිසා කාලයක් තිස්සේ Red Panda අවන්හල ගොඩදෙනෙක්ගේ ප්‍රියතම තැනක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් ඔවුන් ළඟකදී dine-in service එක පටන් අරන් තිබෙනවා. මේ අලුත්ම news ඒක දැනගත්ත ගමන් අපිට අවශ්‍ය වුණා ඔවුන්ගේ menu එක කොහොමද කියලා බලන්න.

 

 

Hot Butter Cuttlefish (LKR 850)

අපි oder කළේ පොඩි portion ඒකක් වුණත් සැළකිය යුතු තරම් පුමාණයක Cuttlefish අපිට ලැබී තිබුණා. Chinese cuisine වලින් බලාපොරොත්තුවෙන රසය ඉස්තරම්ව මේ Hot Butter Cuttlefish එකේ තිබුණා කිව්වොත් හරියටම හරි. සෝස්වල රසය වැඩි වුණත් Cuttlefish එක හැපෙන ගතියට එයින් කිසිම බාධාවක් වුණේනම් නැහැ.

 

Hot Butter Wings (LKR 700)

 

මේ portion එකත් අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් ලැබුණා. කුකුල් මස් වල රසයට වඩා සෝස්වල රසය අඩුයි. මස් හොඳින් සදා තිබුණු අතර මස් තුළටද රසය හොඳින් කැවැදී තිබුණා.

 

Chili Chicken with Cashew Nuts (LKR 900)

මොවුන් පිරිනමනු ලබන බත් සහ නූඩ්ල්ස් සමඟ මෙම ටෙන්ඩර් බයිට් ප්‍රමාණයේ කුකුළු මස් කැබලි නියමට ගැළපෙනවා. සෝස් එකතු කර තිබුණත් මේ dish එකේ රසයට හානියක් වෙලා තිබුණේ නැහැ. මේ dish එක රසවත් වෙන්න ප්‍රධනම හේතුව වෙලා තිබුණේ මේකට ඒකතු කරලා තිබුණ කජු .

 

Whole Garupa in Ginger Sauce (LKR 1200)

දැකපු ගමන් මෙය ඉතා සරල ආහාරයක් වුණත් මාළු වල නැවුම් බව සහ රසවත් බවනම් ඉස්තරම්. මෙයට යොදා තිබුණ ඉඟුරු සෝස් එක නියමට ගැළපෙනවා.

 

Mutton in Black Pepper Sauce (LKR 1100)

මම ගොඩක්ම කැමති වුණේ මේ dish එකට කිව්වොත් හරියටම හරි. Mutton මෘදු ලෙස සාදා තිබුණ අතර ඉතාමත් රසවත්ව මේ dish එක සදා තිබුණ එක ගැන ඇත්තට අපි සතුටුවෙනවා. creamy sauce එකත් එක්ක මේ dish එක පිළිගැන්වු අතර ගම්මිරිස් සැර මෙහි රසය වැඩි කරන්න තවත් හේතුවක් වෙලා තිබුණා.

 

Chicken Nasigoreng (LKR 1000)

මෙම සුප්‍රසිද්ධ ඉන්දුනීසියානු කෑම වර්ගය චීන මෙනුවක තිබුණත් , ගොඩක් දෙනෙක් මේ කෑම එකට ආසයි. බත්වල ඇති පැණි රස හා රසෙහි ඇති සමබර බව පරිපූර්ණ වූ අතර මේ රසයට ඔිනෑම කෙනෙක් කැමති වෙනවා නොවනුමානයි. මේ Nasigoreng එක Hot Butter Chicken එකත් එක්ක නියමෙට ගැළපෙනවා.

 

Jumbo Prawn in Orange Sauce (LKR 1500)

 

මේ වෙනකොට දැක්ක impressive looking එකක් තියෙන dish එක කිව්වොත් හරියටම හරි. මේ dish එක ඇත්තටම interesting experience එකක් . මං මේ dish එක කන මුල් වතාවෙදිම strong orange රසයක් වගේම ගැඹුරු flavor එකක් දැනුනා කිව්වොත් හරි. සෝස් ඒකේ තිබුණ පැණිරස ගතිය තමයි මේ dish එක ගොඩක් හොඳ වෙන්න හේතුවෙලා තියෙන්නේ. හැබැයි ඉතින් සමහර අය පැණි රසයට කැමති නැති නිසා මේ dish එකට කැමති නැති වෙන්නත් පුළුවන්.

 

Sweet and Sour Prawns (LKR 1100)

 

මුලින්ම මට notice වුණ දේ තමයි මේ dish එකේ තිබූ ඉස්සන් ප්‍රමාණයෙන් විශාල බව. ඇත්තටම මේ dish එකත් ගොඩක් රසවත්. මේ dish එකෙන් පළතුරු රසයක් එන අතර ඒකට හේතුව එයට යොදා තිබුණ අන්නාසි වල පැණි රස නිසා කියලා මට තේරුණා. flavours ටිකක් strong වුණත් මේකට මම ගොඩක් කැමති වුණා.

 

Seafood Fried Rice (LKR 1100)

මේ Seafood Fried Rice එක අපිට ගොඩක් familiar flaours වලින් තමයි අන්තර් ගතවෙලා තිබුණේ. ඇත්තටම හරිම රසයි. rice එකත් fluffy වෙන්න සාදා තිබුණ නිසා sea food වල රස හොඳින් දැනුනා. ඒ වගේම දෙන්නෙකුට කන්න පුළුවන් තරම් ලොකු portion එකක් අපිට ලැබුණා.

Singapore Style Chili Crab (LKR 1500)

මේ ආහාරය කන්න කලින් අපි කලේ ඇස් වලින් රසවිඳින එක. මොකද මේක පිළිගන්වලා තිබුණ විදිය ඇත්තටම ලස්සනයි. කකුළුවන් අවන්හලකදී කන්න ටිකක් කරදරයි නිසා මම මුලින්ම මේ dish එක එක්ක අපිට ලැබුණු සෝස් එක අත්හදා බැලුවා. මෙහි ඉඟුරු වල රසය හොඳට තිබුණ අතර රසය වැඩිවෙන්න ඒකත් හේතුවක් වෙලා තිබුණා. ඊට පස්සේ මම කකුළුවන් අත්හදා බැලුවා. ඇත්තටම මස් මෘදු වෙන්න මෙය හදලා තිබ්බ නිසා කරදරයක් නැතිව මට මේ ආහාරය ගන්න පුළුවන් වුණා.

BBQ Chicken එක්ක ඔයා ආසම දේවල් කන්න, The Escape Colombo යන්න…

අද අපි කතා කරන්න යන cafe එක ගැනනම් අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැහැ. ‘The Escape Colombo’ කිවුවහම ඕන කෙනෙක් දන්නවා. මේ ස්ථානය party එකකට වගේ rent කරන්න හැකියාව තිබෙනවා. හැබැයි 10 දෙනෙකුට වඩා එනවානම් මෙයාලට මුලින් call එකක් දෙන්න අමතක කරන්න එපා. මෙයාලා vegan සහ non-vegan custom cakes සාදන අතර ඔයාලගේ ඉල්ලීම පරිදි ලබා දෙන්න වයින් වර්ග ගණනාවක් මේ cafe එකේ තිබෙනවා.

Drinks

Caramel Latte (LKR 490)

දවසේ ඕනම වෙලාවක ඔයාටම treat එකක් දෙන්න හිතුනොත් The Escape Colombo එකේ තිබෙන Smooth, creamy සහ fragrant caramel latte ඒකට නියෙමට ගැළපෙනවා. දියර කිරි , කැරමල් සහ espresso මිශ්‍ රපානය අපිව ඇත්තටම ප්‍රබෝධමත් කළා.

Choc Chipfudge Frappe (LKR 650)

 

මුලින්ම කියන්න ඔින මෙයාලගේ මේ drink එක පානය කරන්න කළින් The Escape Colombo එකේ තියෙන කෑම කාලා ඉන්න වෙනවා. මෙකද මේ drink එක බිව්ව ගමන් අපේ බඩ පිරෙනවා. සාමාන්‍ය චොකලට් මිල්ක්ෂේක් එකක් වැඩි දියුණු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම හරිම රසවත් මේ Choc Chipfudge Frappe එක.

SNACKS

Sweet Potato Fries (LKR 300)

 

Sweet Potato Fries ගැන ගොඩක් අය දන්නවා . ඒ් වගේම රස බලලත් තියනවා වෙන්න පුළුවන් . ඒ් වුණාට අපිට මේ Sweet Potato Fries එකේ රස බලන්නම ඕනම වුණා. පැණිරස, හැපෙනසුළු හා රසයන්ගෙන් පිරුණු මේ fries අපි සාමාන්‍යෙයන් කාලා තියන Sweet Potato Fries වලට වඩා වැඩි පැණි රසයක් එකතු කරලා තිබුණා.

 

 

Spicy BBQ Chicken Wings (LKR 680)

 

කන්නත් කලින් අපි ඇස් දෙකෙන් රසවිදපු snack එකක් තමයි මේ සැරම සැර BBQ Chicken Wings එක. මේ dish එකනම් ඇත්තටම ගොඩක් රසවත්. ඔයා අනිවාර්යයෙන් මේක try කළොත් ගෙදරත් potion එකක් ගෙනියනවාමයි. Coleslaw එක්ක පිළිගන්වන මේ Chicken Wings එක අපිට තව තවත් කන්න හිතුනා. ඔයත් The Escape Colombo ගියහම BBQ Chicken Wings වල රස බලන්න අමතක කරන්න එපා.

Mains

Grilled Sea Bass (LKR 1,100)

 

Grilled Sea Bass එක ඇත්තටම දැක්ක ගමන් කන්න හිතෙන විදිහට ඉදිරිපත් කරලා තිබුණා. ocean mixed flavours එක්ක රසය ඉක්මවා යනනේ නැති වෙන්න කුළුබඩු එකතු කරලා හදලා තිබුණ මේ Main එකට ඇත්තටම ඔයාලත් අනිවාර්යයෙන් කැමති වේවි.

 

 

Butter Chicken Masala (LKR 800)

 

Taste of Asia selection එකෙන් එක තේරීමක් තමයි Butter Chicken Masala එක්ක serve කරපු කහ ගිතෙල් බත් එක. මේකෙ Chicken එක නම් ටිකක් over-cooked කරලා තමයි තිබුණේ . කොහොම වුණත් rice and curry එක perfect filling combination එකක් කියලා අනිවාර්යයෙන් කියන්න ඕන.

 

 

Chicken and Cheese Kottu (LKR 900)

 

කොත්තු කාලා නැති කෙනෙක් ඉන්නවාද ? නෑනේ නේද.. කොත්තු කියනනේ ගොඩක් දෙනෙක් අදහන ආගමක් කියලා කියලා කියනවනෙ නේද? හැබැයි අපි කලා තියන කොත්තු වගේ නෙවෙයි මේ Chicken and Cheese Kottu එකනම් නියමයි. පොඩියට කපලා හපන්න ලේසී වෙන්න හදලා තිබුණා. ඒ වගේම serve කරපු විදිහත් අපේ හිතත් සතුටු කළා කිවුවොත් හරියටම හරි. කොත්තු එක ඇනවුම් කරපු එක ගැන තාමත් අපි ඇත්තටම සතුටු වෙනවා.

Dessert

The Sweet Escape (LKR 950)

 

Isle of Gelato ice cream scoop එකක් එක්ක බෙරි සෝස්, gooey chocolate brownie එකතු කරලා දෙන මේ Dessert එකටනම් අපි ඇත්තටම ගොඩක් කැමති වුණා. මේ dessert එක serve කලාට පස්සේ pastry chef ඇවිත් amazing chocolate sauce එකක් වක්කරනවා මේ dessert එකට . හැබැයි ඒක දකින්න තරම් දර්ශණයක් නෙවෙයි. මේ dessert එක අලුතින්ම menu එකට එකතු කරපු එකක්. මේ dessert එක නිසා අවන්හලේ value එක තවත් වැඩි වුණා කියන්න පුළුවන්.

 

 

Passion Fruit Pavlova (LKR 300)

 

Pavlova එක මෘදු ලෙස අපේ කට තුළ දියවෙනවා. ඒකට එකතු කරලා තිබුණ passion fruit curd එක නිසා ප්‍රසන්න රසවත් හැගීමක් ඇතිවුණා කිව්වොත් නිවැරදී. portion එක පොඩි ප්‍රමාණයක් වුණත් ඔවුන් එයට සාදාර මිලක් නියම කරලා තිබුණා. මේ dessert එකත් try කරලා බලන්න අමතක කරන්න එපා.

 

 

Cinnamon Crème Brûlée (LKR 500)

 

ඇත්තටම මේ dessert එක කුරුඳු වලට කැමති අයටමයි හදලා තියෙන්නේ. කුරුඳු වල සුවඳ හා රසය soft brûlée එක්ක එකතු කරලා තමයි මේ dessert එක නිර්මාණය කරලා තියෙන්නේ . මේ dessert එක කුරුදු වලට කැමති ඔයා try කරලා බලන්න අමතක කරන්න එපා.

 

 

Crème Brûlée (LKR 500)

 

මේ dessert එක ගැනනම් වැඩිය කතා කරන්න දෙයක් නැති තරම්. ඒ වුණාට කියන්න ඕන මේ dessert එක මෘදුයි. ඒ වගේම සරල රසක් තිබෙනවා. වැඩිදියුණු කරපු අතුරුපසක රස බලන්න කැමතිනම් Crème Brûlée එක ඔයාට try කරලා බලන්න පුළුවන්.

ශරීරයේ ඇති කැලැල් නිසා ඔබ අපහසුතාවයට පත්වෙලා ද?

ශරීරයේ ඇතිවෙන කැලැල් නිසා කාන්තා අපි විශේෂයෙන්ම ගොඩක් අපහසුතාවයට පත්වෙනවා. මේ විදියට අපේ සමේ ඇතිවෙන කැලැල් ස්වාභාවිකවම සුවවෙන්න සෑහෙන කාලයක් ගතවෙනවා. මේ නිසා සමහර අවස්ථාවලදී අපිට කැමති ඇදුම් අඳින්න අවස්ථාව නැතිවෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල අපි සමාජයේ අපහසුතාවට පත්වෙන වෙලාවලුත් තියෙනවා. ඔන්න ඉතින් මේ හේතුව නිසාම අපි හිතුව සමේ ඇතිවෙන කැලැල් ඉක්මනින්ම සුව වෙන්න අපිට ලේසියෙන්ම ගෙදරදීම කරගන්න පුළුවන් පිළියම් ටිකක් ගැස්ම පාඨකයින්ට කියලා දෙන්න.

 

 

Vaseline

Vaseline Petroleum Jelly Original 100ml | Sainsbury's

වැස්ලින් කියන්නේ සමේ සුන්දරත්වය වැඩි කරගන්න ගොඩක් අවස්ථාවලදී භාවිතා කරන දෙයක්. අධ්‍යනයන්ට අනුව මිල අධික creams සහ serums වලට වඩා වැස්ලින් භාවිතයෙන් හොඳ ප්‍රතිළුලයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඔයාගේ ශරීරයේ කැලැල් තිබෙන ස්ථාන වල දවස ගානේ දවසට තුන්සැරයක් වැස්ලින් ආලේප කරන්න . මෙයින් සම වේලීම අවම කර සමේ තෙතමනය අවම කරනවා. එවිට සමේ ඇතිවෙන කැසීම අවම වෙලා ඉක්මනින් සමේ ඇතිවෙන කැලැල් ඉවත් වෙනවා. ගොඩක් වෙලාවට සම වේලෙන නිසා කැලැල් ඇති ස්ථාන කසන්න ගන්නවා. මේ නිසා කැලැල් තවත් වැඩි වෙනවා මිස අඩුවීමක් සිදුවන්නේ නැහැ.

 

 

කෝමාරිකා මද

Aloe Vera Hair Mask: Benefits, DIY Recipes, and How to Use

කෝමාරිකා කියන්නේ විශාල ඖෂධීය ගුණයක් තියන පැලෑටියක්. විවිධ ප්‍රතිකාර සදහා සියවස් ගණනාවක් තිස්සේ කෝමාරිකා භාවිතා කරලා තියෙනවා. කෝමාරිකා වල අඩංගු ජෙල් එක මගින් හානියට පත් සම යතත්වයට පත්කරනවා. ඒ වගේම විශබීජ නාශකයක් හැටියටත් කිුයා කරනවා. කෝමාරික මදය අරන් කැලැල් ඇති ස්ථානයේ ආලේපකර රවුම් අතට සම්භාහනය කරන්න. මිනිත්තු 30ක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය දිනකට දෙපාරක් භාවිතා කරන්න.

 

 

Essential oil

 

Essential Oils Aroma for Diffuser Aromatherapy 100% Pure Plant Extracted 10ml 20 Scents | Shopee Singapore

Essential oil කොලජන් සංශ්ලේෂණය ප්රවර්ධනය කිරීම, විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකිරීම සහ ප්‍රතිශක්තීකරණය වැඩිකරන්න උදව්වෙනවා. Essential oil ටිකක් අරගෙන ඔයාගේ ඔයාගෙ සමේ කැලැල් ඇති ස්ථාන වල ආලේප කරන්න. මෙය සෑම දිනකම වගේ භාවිතයට ගැනීමෙන් කැලැල් ඉක්මනින් නැති කරගන්න හැකියාව ලැබෙනවා.

 

 

සම්බාහනය

What Happens When You Ignore Using Lotion For Your Skin? – We Are Contributors

ඔබේ කැළැල් සම ඉක්මනින් සුව කිරීමට උපකාරී වන තවත් විශිෂ්ට හා දැරිය හැකි ක්‍රමයක් තමයි lotion සමග කැලැල් ඇති ප්‍රදේශය සම්බාහනය කිරීමට උත්සාහ කිරීමයි. ඔබ දිනකට කිහිප වතාවක් තත්පර 15-30 අතර කාලයක් කැළැල් මෘදු ලෙස සම්බාහනය කරන්නේ නම්, එය යටින් පවතින පටක වලට සම්බන්ධ වන කොලජන් bands බිඳ දැමීමට උපකාරී වෙනවා.

 

 

Sunscreen

Sunscreen for Skin Cancer Prevention | Patient Education | UCSF Health

ඔයාට ඔයාගෙ සමේ තිබෙන කැලැල් ඉවත් කරගන්න අවශ්‍යනම් කීයටවත් සම හිරු එළියට නිරාවරණය වෙන්න දෙන්න එපා. මොකද පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම මගින් කැලැල් සුවවීමේ ක්‍රියාවලිය මන්දගාමී කරනවා. ඔබ නිවසින් එළියට යනවා නම් සෑම විටම SPF අගය 15 හෝ ඊට වැඩි sunscreen එකක් භාවිතා කරන්න.

 

 

Onion extract

Onion Extract at Best Price - Onion Extract by Sinthite Industries in Ambala - Justdial

 

ලූණු වල ඇති ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිබැක්ටීරීය ගුණ නිසා අතුරු ආබාධ නැතිව කැලැල් ඉවත් කරගැනීමට හැකියාව තිබෙනවා. දිනකට තුන්වතාවක් ලූණු ඉස්ම තමන්ගේ ශරීරයේ කැලැල් ඇති ස්ථාන වල ආලේප කරන්න. විශේෂයෙන් පිලිස්සීම නිසා ඇතිවුණ කැලැල් ඒ වගේම ශල්‍යකර්ම නිසා ඇතිවුණ කැලැල් ඉවත් කරගන්න ලූණු ඉස්ම බෙහෙවින් උපකාරී වෙනවා.

 

 

Apple cider vinegar + honey

Pipkin Superfoods - Pipkin Apple Cider Vinegar With Honey 500ml

ඇපල් සයිඩර් සහ විනාකිරි ස්වාභාවික විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරනවා. ඇපල් සයිඩර්. විනාකිරි සහ මී පැණි එකට මිශ්‍ර කර මුහුණේ ඇති ඇන්ස් කැලැල් වල ආලේප කර විනාඩි 10ක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙයින් මුලුමනින්ම කැලැල් ඉවත්වෙන්නේ නැති වුණත් බොහෝ දුරට කැලැල් ඉවත් කර එය කැපී පෙනෙන එක අවම කරනවා.

 

 

ඔලිව් ඔයිල් සහ පොල් තෙල්

Coconut Oil vs. Olive Oil for Heart Health | Everyday Health

පොල්තෙල් වල ලෝරික්, කැප්රිලික් සහ කැප්රික් අම්ල අඩංගු වන අතර එමඟින් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීමෙන් හානියට පත් සම සුව කිරීම සිදුකරනවා. ඔලිව් තෙල් අත්‍යවශ්‍ය විටමින් වලින් පොහොසත් නිසා කුරුලෑ කැළැල් සුව කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන අතර ඔබේ සම සජලීය හා පෝෂ්‍යදායී බවට පත්කරනවා. කැලැල් ඉවත්වන තෙක් දිනකට කීපවතාවක් මිනිත්තු 5-10 අතර කාලයක් ඔලිව් හෝ පොල්තෙල් යොදා සමේ ඇති කැළැල් සම්බාහනය කරන්න.

ඔයාගේ පෙම්වතියට ගැළපෙනම තෑග්ග තෝරගන්නේ කොහොමද..?

Dating කියන සංකල්පය බටහිරින් ආව එකක් වුනත් මේ වෙනකොට ලංකාවේ තරුණ තරුණියන් අතර මේක බොහොම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් නාගරිකව ජීවත් වන රැකියාවක නිරතවන හෝ උසස් අධ්‍යාපනයේ යෙදෙන පිරිස අතරේ මේ සංකල්ප ජනප්‍රියයි. Date එකකට තරුණියක් හෝ තරුණයෙක් එකඟ වුන තැන ඉඳන්ම ඒක කොහොමද කරන්නෙ, කොතැනද ඒ වෙනුවෙන් තෝරාගන්නේ, ඒක Lunch එකක්ද, Coffee එකක්ද, Dinner එකක්ද කියන එක ගැන හැමෝම සැළකිලිමත් වෙනවා. මේ අයගෙන් බොහෝ තරුණයින් තමන්ගේ Partnerට තෑග්ගක් අරගෙන යන්නත් අමතක කරන්නෙ නැහැ. මෙන්න මෙතැනදී අපේ බහුතර තරුණයින්ට මතුවන ගැටළුවක් තමයි කොහොමද ගෑණු ළමයෙකුට ගැලපෙන, සුදුසු සහ ඒ කෙනා කැමති වෙන විදිහේ තෑග්ගක් තෝරා ගන්නෙ. බොහෝ දෙනෙකුට මේ වෙලාවට පිහිටට ඉන්නේ හොඳම මිතුරියක්. නමුත් ඒ විකල්පය එතරම්ම සාර්ථක නොවන්නේ කෙනෙකුගේ සිතුම් පැතුම් එකවගේ නැති නිසා. එක තරුණියක් කැමැත්තෙන් තෝරලා දෙන තෑග්ග එයාගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් වලට ගලපුනාට ඒක තව කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්. එහෙම උනොත් අපහසුතාවයට පත්වන්නේ තෑග්ග දෙන කෙනාමයි. ඒ නිසා හරියටම හරියන තෑග්ගක් තෝරාගන්න ක්‍රමවේදය ගැන දැනගෙන ඉඳීම ඉතාම වැදගත්. අපි ඔබට කියන මේ කාරණා ටික ගැන සැළකිලිමත් වන්න. බලන්න එයා කැමතිම තෑග්ග තෝරාගන්න ඔයාට පුලුවන්ද කියල.

උපන්දිනයට නැතිනම් විශේෂ සැමරුමකට හෝ වෙනත් ඕනෑම අවස්ථාවකට උනත් තෑග්ගක් දෙද්දී ඒ තෑග්ග නිසා ලබන්නා විමතියට පත්වීම අපි බලාපොරොත්තු වෙනවා නේද..? මදක් සිතා බලන්න. ඔබ දෙන තෑග්ග දකින ඇය ඒ මොහොතේම විමතියට පත්වුනොත් ඒක ඔබට සතුටක් නේද.? තමන් ගැන තමන්ගේ කැමති අකමැති දේ ගැන හරියටම තේරුම් ගැනීම ගැන අය මහත් සතුටට වගේම විමතියටත් පත්වුනොත් ඔබට සතුටක් ලැබෙනවා වගේම ඇය ඔබ කෙරෙහි තිබෙන බැඳීමත් වැඩි වෙන්න ඒක හේතුවක් වනවා. ඒ නිසා ඔබ තෝරාගන්නා තෑග්ග ගැන හිතද්දීම පලවෙනි කාරණය විදිහට සිතිය යුත්තේ ඇය විමතියට පත්කළ හැක්කේ මොන විදිහේ තෑග්ගකින්ද කියන කාරණයයි.

 

ඇයව පුදුම කරවන්න අවශ්‍ය බව අපි කිවුවා. නමුත් ඒක කරන්නෙ කොහොමද..? ඇය පුදුමයට පත් කරවන්න හිතාගෙන ඇය කැමති මොනවටද කියල විමසා බලන්න යන්න එපා. ඒක ඔබ කරගන්නා ලොකු වරදක්. විශේෂයෙන් ළඟදී විශේෂ දිනයක් එන්න නියමිතයි නම් ඔබ ඔය කාරණය අහන තැන ඉඳන්ම ඇය පුදුම කරවීම අසාර්ථක වනවා. ඇය ක්ෂණිකව තේරුම් ගන්නවා මේ අහන්නේ ඇයි කියන හේතුව. ඒ වගේම, ඔබට ඇය ගැන හරි වැටහීමක් නැහැ නේද කියලත් ඇය සිතන්න පෙළඹෙනවා. ඒකෙන් වෙන්නේ හොඳක් නොවන නිසා ඒ ප්‍රශ්නය අහන්න හිතනවා නම් දැන්මම ඒ අදහස අත්හරින්න.

ඊළඟ වැදගත්ම කාරණය තෑග්ග තෝරාගැනීමේදී ඔබ ගැන හිතන්න යන්න එපා. ඔබ කැමති වර්ණ, ඔබ කැමති හැඩ, මේ සියල්ල මනසින් අයින් කරන්න. අඩුම තරමේ තෑග්ග තෝරාගන්න මොහොත්දිවත් ඔබේ රුචි අරුචිකම් අමතක කරලා ඇය ගැන හිතන්න. ඇගේ සිතුම් පැතුම් අසිරීම් වලින් ඔබට මතක තියෙන විදිහට ඇගේ කැමැත්ත කියන දේ පමණක් සිතේ තබාගෙන තෑග්ග තෝරන්න. කොතරම් වටිනාකමින් වැඩි දෙයක් උනත් ඔබ කැමති විදිහේ තෑග්ගකින් ඇයට ප්‍රයෝජනයක් නොවන්න පුළුවන්. ඒ නිසා ඔබේ කැමැත්ත, ආසාව කියන දේවල් අමතක කරලා තෑගී තෝරන්න පටන් ගන්න.

ඊළඟ කාරණය තමයි තරුණියකට වැදගත් වෙයි කියන අදහසින් Kitchen utilities වගේ දේවල් තෑගී විදිහට තෝරාගන්න හිතන්නවත් එපා. ඔයාගේ පෙම්වතිය මොන තරම් කෑම වර්ග රසට හදන කෙනෙක් වුනත් එයාගේ විශේෂ දිනයට මුළුතැන්ගෙයි පාවිච්චි කරන දෙයක් තෑගී දෙන්න හිතන එකෙන්ම ඇයට ඔබ ගැන වැරදි අදහසක් ඇතිවේවි. විශේෂ දවස ඇයගේ නිසා ඔබ ඇයට දිය යුත්තේ පෞද්ගලිකව ඇයට අවශ්‍ය සහ වටිනවා විය හැකි දෙයක් මිස පොදුවේ භාවිතා කරන කුස්සියේ උපකරණ වගේ දේවල් නොවෙයි. ඒ වැරැද්ද නොකරන්න දැඩිව සිහියේ තබාගන්න.

Traditional Wedding Anniversary Gifts (for people who no longer wish to  remain married) — Caverns & Creatures

ඔබට අවශ්‍යම නම් ඇගේ හොඳම මිතුරියකගෙන් මූලික අදහසක් ලබාගන්න. නමුත් ඇය මතම යැපෙන්න එපා. ඔබට අවශ්‍ය මූලික අදහස පමණක් ඇයගෙන් ලබාගත්තාට වරදක් නැහැ. තවත් පහසුම උපක්‍රමය තමයි ඇගේ දෛනික ජීවිතය ගැන විමසිල්ලෙන් බලන්න. ඇය කැමති ඇඳුම් පැළඳුම් ගැන, බෑග් ගැන නැතිනම් සපත්තු ගැන වගේ අගේ පෞද්ගලික ජිවිතයේ රුචි අරුචිකම්, කැමතිම වර්ණ වගේ දේවල් ගැන මේ අධ්‍යනයෙන් ඔබට අදහසක් ලබාගන්න පුළුවන්. අවශ්‍ය වන්නේ විමසිල්ලෙන් ඇගේ දෛනික ජීවිතය දෙස බැලීම පමණයි. එහෙමත් නැතිනම් කාලීනව ඇයට අවශ්‍ය යම් දෙයක් ගැනත් ඔබට අදහසක් ලබාගන්න හැකිවේවි. කළ යුත්තේ ඈ ගැන වැඩිපුර අවධානයක් සහ විමසිල්ලක් දැක්වීම පමණයි.

දැන් ඔබට තෑග්ග ගැන දල අදහසක් තියෙනවා යැයි සිතමු. කොහොමද මේ තෑග්ග ගන්නේ, කොහෙන්ද ගන්නෙ. මේ ප්‍රශ්නය ඔබට මතුවේවි. ඔබට විකල්ප කහිපයක් තිබෙනවා. එක වර්ගයක භාණ්ඩ පමණක් තිබෙන වෙළඳසලකට යනවාට වඩා තෑගී තොරගන්න යාමේදී සාප්පු සංකීර්ණයක් තෝරා ගැනීම වැදගත්. එකකට එකක් වෙනස් භාණ්ඩ රැසක් තියෙන තැනකින් ලොකු කරදරයක් නැතිව ඔබට අවශ්‍ය තෑග්ග මිළදී ගන්න පුළුවන් වගේම ඔබට විකල්ප විසඳුම් රැසක් තියෙනවා. එකක් නැතිනම් තව එකක් විදිහට ඔබේ Options වලට ගැලපෙන විදිහට මේ තෑගී තෝරාගන්න ඔබට පුළුවන් නිසා ඒ විදිහේ තැනකට යන්න. නැතිනම් මේ තෑගී තේරීම වෙහෙසකර සහ කාලය කාදමන වැඩක් වගේ ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි තැනකම ඒ වෙනුවෙන් තෝරාගන්න.

 

තෑග්ග උපන්දිනයට නම් එහෙමත් නම් වෙනත් විශේෂිත දිනයක් වෙනුවෙන් නම්, තෑග්ග ඇයව පුදුමයට පත්වන විදිහට ඇය අතට ලැබෙන්න සැලැස්වීමත් හොඳ විකල්පයක්. ඇයව විමතියට පත් කරන්න මේ සුළු ක්‍රියාවත් වැදගත් වෙනවා වගේම ඔබ ඇය ගැන මොන තරම් උනන්දුද කියල ඇයට පෙන්වන්නත් ඒක හොඳ අවස්ථාවක්. විශේෂ දිනයක් නොවන වෙලාවක ඔබ නිකම්ම Date එකකට යද්දී තෑග්ගක් දෙනවා නම්, ඒ උනත් තෑග්ග මුලින්ම පේන විදිහට අරගෙන යන්න හිතන්න එපා. තෑග්ගක් අරගෙන එන බවක් නොඇඟවෙන විදිහට ගිහින් ඇයව පුදුමයට පත්වෙන විදිහට තෑග්ග ඇයට දෙන්න ඔබට පුළුවන්. ඒකෙන් ඇය වඩාත් සතුටට සහ පුදුමයට පත්වේවි.

පෙම්වතිය පුදුම කරන්න තෑගී දෙන්න ඔයා කළ විශේෂ දේවල් අපිත් එක්ක බෙදාගන්න. Comment section එකේ ඔයාගේ අත්දැකීමත් ලියාගෙන යන්න.

යළි නැගිටින ශ්‍රී ලංකා..

ධනාත්මක චින්තනයේ ඌනතාවයක් පවතුනවා වගේම, පුළුවන් කමක් තියෙන හැමෝම, රට හැර යන්න සහ ‘නැව ගිලෙන නිසා අතහැර දාන්න’ ක්‍රම සොයමින් සිටියා. ශ්‍රී ලාංකිකයන්ට තමන් ගැන වගේම තමාගේ රට ගැනත් විශ්වාසය තියාගන්න මොනවා හරි දෙයක් කරන්න අවශ්‍ය බව මට තදින්ම දැනුණා. මට තේරුණා අපි හැමෝම එකතු වුණොත් උමං කෙළවරේ ආලෝකය හොයාගන්න පුළුවන් කියලා. Mother Sri Lanka ආරම්භ කරන්න මං පෙලඹුණේ ඒ නිසයි.

2008 අවුරුද්ද ශ්‍රී ලංකාවට හොඳ අවුරුද්දක් නම් නෙමෙයි.යුද්ධයේ අන්තිම කාලේ දරුණු වීමත් එක්ක ලේ වැගිරීම් වගේම අවුල් ජාලාවක් පැතිරී ගියා.විනාශයෙන් බේරෙන්න ගොඩක් දෙනෙක් රට හැර යන්න සැලසුම් කරලා තිබුණා.

ආලෝකය හොයාගන්න හැම කෙනෙක්ටම ජාතිය ගැන එයාලගේ විශ්වාසය නැවත ඇති කර ගන්න දිරිගැන්වීමක් අවශ්‍ය වෙන බව Mother Sri Lanka සභාපති ආචාර්ය ජානකි කුරුප්පු මහත්මිය වටහාගත්තා. “වගකිවයුතු පුරවැසියන් ගොඩනැගීම” අරමුණු කරගෙන සහ තම මව්බිමට ආපසු ලබා දීමට ජනතාව දිරිමත් කරන සංවිධානයක් විදිහට Mother Sri Lanka ආරම්භ වුණා. උපතෙන් වසර 12 ක් ගත වුණත් Mother Sri Lanka තවමත් ශක්තිමත්ව පවතිනවා.

Mother Sri Lanka කියන්නේ ආදරයේ ගමනක්.අපේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන්නේ එකමුතුකම, ජාතික අභිමානය සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම වගේ පුළුල් පරාසයක් ආවරණය වෙන ‘වගකිවයුතු පුරවැසියන්’ගොඩනැගීම පිළිබඳවයි. මම හිතන්නේ ඔයා පිරිසිදු, අව්‍යාජ චේතනාවෙන් මොනවහරි දෙයක් කරද්දී ,ඔයාට වරදින්නේ නැහැ. ඒ මගේ ජීවිත අත්දැකීම් වලින් මම ඉගෙන ගත්ත පාඩමක්.

දැන්, COVID-19 කාලයේත්, දශකයකට වැඩි කාලයකට කලින් එයාලා සංවිධාන ආරම්භ කරද්දීත් මේ පසුබිම කොයිතරම් සමානද කියලා ආචාර්ය ජානකී සාකච්ඡ කළා.

COVID-19 බලපෑම නිසා අපිට නැවත ආරම්භ කරන්න වෙන තත්වයකට අපි පත්වෙලා ඉන්නවා. ඉතින්, මට නම් මේක කළින් අත්විදලා තියෙන හා සමාන හැඟීමක් දැනෙනවා. දැන් ආපහු සැරයක් මිනිස්සු කතා කරන්නේ ‘ශ්‍රී ලංකාව නැවත ආරම්භ කිරීම’ සහ ‘ශ්‍රී ලංකාව සෑදීම’ වගේ දේවල් ගැන. අපි පසුගිය වසර 12 ක කාලයේ මේ සංකල්ප ප්‍රවර්ධනය කරලා තියෙනවා. ඒ හා සමානව හිතන ඕනෑම පුද්ගලයෙක්ට හෝ සංවිධානයකට, Mother Sri Lanka- ඉදිරියට ඉහළට අරගෙන යන්න අපිට සහාය දෙන්න කියලා මම දිරිමත් කරනවා.

ශ්‍රී ලාංකිකයින්ට නැවත සවිබල ගැන්වීමක් ලබාදෙන්න ආචාර්ය ජානකිගේ කැපවීම සහ අධික කැමැත්ත නිසාම මිලියන 2 ක ළමයින්ට, තරුණයින්ට සහ වැඩිහිටියන් ඇතුළු මිලියන 20 ක ජනතාවකට උපකාර කරලා තියෙනවා. මේ හැමදේම සැලකිය යුතු යටිතල පහසුකම් නොමැතිව කුඩා කණ්ඩායමක් එක්ක සහ අනුග්‍රාහකයන්ගේ සම්පූර්ණ අරමුදල් වලින් ලබා ගෙන තියෙනවා.

“අපි සියලු දෙනාම කිසියම් රටක උපත ලබලා තියෙන්නේ හේතුවක් නිසා. සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලත් විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, සහනාධාර ප්‍රවාහන පද්ධති, උපයෝගිතා සේවා සහ අනෙකුත් බොහෝ දේවල් ලබා දෙන ශ්‍රී ලංකාව වගේ කිසිම රටක් ලෝකයේ ඇති කියලා මම හිතන්නේ නැහැ. ස්වාභාවික සුන්දරත්වය, සාරවත් භූමිය, සුවපහසු කාලගුණය වගේ අපේ රටේ ගොඩක් ආශීර්වාද තියෙනවා. ඒවා අගය කරන්න වගේම ආරක්ෂා කරන්නත් අපි ඉගෙන ගන්න ඕනේ.

මෑතකදී විවෘත කරපු Mother Sri Lanka ප්‍රදර්ශනාගාරය, වැඩෙන ව්‍යවසායකයින්ට එයාලගේ වෙළඳ භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලබා දෙනවා වගේම වෙළඳපල වෙත ප්‍රවේශය ලබා දෙන අතර එයාලගේ නිෂ්පාදන සැලසුම් කිරීම, ඇසුරුම් කිරීම සහ අලෙවිකරණය සඳහා මග පෙන්වනවා. පිත්තල, උක්, ලේස්, රෂ් සහ බට, මැටි භාණ්ඩ, ලී වැඩ, අත්යන්ත්‍ර, බතික් සහ තවත් බොහෝ දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න මේ ක්‍රියාවලිය උපකාරී වෙනවා.

“මේ වෙද්දී දිස්ත්‍රික්ක 8 ක පවුල් 5000 කට අධික සංඛ්‍යාවක් ආවරණය වෙන විදිහට ඒ වගේ ශිල්පීන් 125 කට අධික සංඛ්‍යාවකට අපි සහයෝගය ලබා දෙනවා වගේම, අපි අඛණ්ඩව නිෂ්පාදන වැඩි දියුණු කරන ගමන් සැපයුම්කරුවන්ගේ ජාලය පුළුල් කරමින් සිටිනවා.

අපි සහයෝගය දක්වන ව්‍යවසායකයින්ගෙන් 70% ක් විතර කාන්තාවන්.ඒ නිසා මේ ආදායම එයාලගේ දරුවන් එක්ක සමීපව ඉන්න ගමන් ගෞරවනීය ලෙස මුදල් උපයා ගන්න උපකාරී වෙනවා.

රටේ තාරුණ්‍යය ගැන Mother Sri Lanka තුල තියෙන කැමැත්ත තවත් ගැඹුරට දිව යනවා.

මේ සංවිධානය දැනට පාසල් 2000 කට අධික සංඛ්‍යාවක් එක්ක කටයුතු කරනවා, ළමයින් තමන් ජීවත් වෙන ප්‍රජාව වැඩිදියුණු කරන්න උදවු වෙන ව්‍යාපෘති සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා.වගකීම් ගැන හැඟීමක් ලබාදීලා රට වැඩිදියුණු කරන්න එයාලටත් දායක වෙන්න පුළුවන් කියලා අවබෝධ කර ගන්න මේක උදවුවක් වෙනවා. තරුණ පරම්පරාවට ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ කවුද කියලා අවබෝධ කරගෙන ඒ ගැන අව්‍යාජ ආඩම්බරයක් ඇති කර ගන්න මේ නිසා පුළුවන් වෙනවා.

“එයාලා තමයි අපිට පස්සේ රට භාරගන්නේ. කුඩා කාලයේ ඉදන්ම අපේ මාතෘ භූමිය ගැන අපේ දේ ගැන හැඟීමක් එයාලට ඇති කරන්න ඕනේ.එහෙම නැතිවුණොත් එයාලා වේගයෙන් බටහිරයන්ගේ අනුගාමිකයන් බවට පත්වෙලා අපේකම නැතිවෙලා යනවා. බටහිරින් එන යහපත් දේවලට අනුගත වෙන එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් එහෙම කරද්දී අපිට නියම ‘ශ්‍රී ලාංකිකයෙක්’ අහිමි කරගන්න බැහැ.

ඔයත් Mother Sri Lanka සදහා පරිත්‍යාග කරන්න හෝ ස්වේච්ඡා සේවකයෙකු විදිහට සංවිධානයට බැඳෙන්න කැමති නම් , www.mothersrilanka.lk වෙත පිවිසෙන්න.

රාත්‍රී භෝජන සංග්‍රහ වලට ගොඩක් ජනප්‍රිය Butlers

2019 දෙසැම්බර් මාසයේ අලුතින් විවෘත කරලා බට්ලර්ස් මේ වෙද්දී අවුරුද්දකට කිට්ටු කාලයක් තිස්සේ පවත්වාගෙන යනවා . පබ්-ස්ටයිල් එකේ restaurant එකක් නිසා බට්ලර්ස් දැනට එයාලගේ මත්පැන් බලපත්‍රය ලබා ගන්න උත්සහ කරන BYOB restaurant එකක්. දවල් කාලයේදී, බට්ලර්ස් අවට තියෙන ගොඩක් කාර්යාලවලට සාධාරණ මිල ගණන් වලට දිවා ආහාර ලබා දෙනවා, dine-in, pickup හෝ delivery මගින් ආහාර ලබා ගන්න පුළුවන්. රාත්‍රී කාලයට බට්ලර්ස් රාත්‍රී භෝජන සංග්‍රහ වලට ජනප්‍රිය තැනක් වගේම drink spot එකක්. එයාලගේ සංගීතය ඔයාගේ මනෝභාවය ඉහළ මට්ටමක තියන්න උත්සහ ගන්නවා වගේම බට්ලර්ස් මිත්‍රශීලී තැනක්. හැම කෑමක්ම රසයෙන් පිරී සහ ඇතිවෙන ප්‍රමාණයට ලැබෙන නිසා එයාලගේ මෙනුව ඔයාගේ බඩනම් අනිවාර්යයෙන්ම පුරවනවා.

දැනට, බට්ලර්ස් සඳුදා සහ අඟහරුවාදා දිනවල සවස 6 න් පස්සේ ඔයාගේ මුළු බිලෙන් 15% ක වට්ටමක් ලබා දෙනවා. බ්‍රහස්පතින්දා දිනවල බට්ලර්ස් ගියොත් විනෝදජනක හා මිත්‍රශීලී ප්‍රශ්න විචාර තරඟ රාත්‍රියක අත්දැකීමක් ගන්න ඔයාටත් පුළුවන් වෙයි.

 

 

Appetizers

Crispy Batter Fried Cuttlefish (LKR 780)

cuttlefish rings මෘදු, හැපෙන සුළු සහ soft වගේම රසවත් crispy batter එකක් දවටා තිබුනා. තක්කාලි සෝස් සහ මායෝ සමඟ පිළිගැන්වූ නිසාම මේක අපේ බයිට්ස් මෙනුවේ ප්‍රියතම item එක වුණා. මේසයට ගෙනාපු තරම් ඉක්මනින්ම මේක ඉවර වුන කිවුවොත් හරි.

 

Omelet (Cheese) (LKR 400)

 

චීස් ඔම්ලට් කියන්නේ අපේ මේසයට ආපු කෑම වලින් අඩුම ජනප්‍රිය කෑමක්. රසය ගැන නම් පැමිණිලි කරන්න තරම් දෙයක් නැතිවුනත් මේ ගැන නම් කියන්න තරම් වැඩි දෙයක් තිබ්බේ නැහැ.

 

 

Mains

Rice and Curry (Chicken) (LKR 400)

 

බට්ලර්ස්ගේ ආකර්ෂණය වැඩි සහ වඩාත් ජනප්‍රිය කෑම වලින් ප්‍රධාන තැනක් ගන්නේ එයාලගේ දිවා ආහාරයට තියෙන විශේෂ Rice and Curry එක. LKR 400 දීලා ඔයාට ව්‍යංජන 5 ක් එක්ක කීරි සම්බා බත් ලබාගන්න පුළුවන්. අපි කුකුළු මස් කෑම එකක් තෝරා ගත්තා. අපේ පිඟානේ තිබ්බ හැම ව්‍යංජනයක්ම රසට තිබ්බා කියලා නම් අනිවාර්යෙන්ම කියන්න ඕනේ.

Chicken curry: සැර රසයක් තිබුනා වගේම සුවදින් සහ රසයන්ගෙන් පිරි තිබුනා.

Beetroot curry: හොඳ Creamy ගතියක් තිබුණා වගේම හරි ගානට උයලා තිබුනා.

Green bean and cauliflower curry: මේ ව්‍යංජනය මෘදු ගතියට තිබ්බා වගේම bean වලින් පොඩි පැණි රසයක් එකතු කරලා තිබුණා. මේක කුකුළු මස් හා බීට්රූට් එක්ක ගොඩක් හොඳට ගැලපුනා කිවුවොත් හරි.

Bitter gourd salad: සිහින්ව කපලා බැදපු කරවිල වල ස්වාභාවික තිත්ත රසය වගේම නැවුම් දෙහි රසකුත් තිබුණා.

Dhal: බත් එක්ක අනිවාර්යය දෙයක් වෙන මේ පරිප්පු ව්‍යංජනයේ මෘදු බවක් වගේම රසයත් හොඳට තිබුණා

 

 

Nasi Goreng (seafood) (LKR 1150)

 

දෙන්නෙකුට සැහෙන්න ලැබුණත් starters සහ sides එක්ක නම් මේක 3 දෙනෙකුට හොඳටම ප්‍රමාණවත්. වැඩිය වියළි ගතියක්, greasy ගතියක් නොතිබුණා වගේම මේකේ හොද සැර රසයක් තිබුණා. මේකත් එක්ක ලැබුණ චිලී පේස්ට් එකේ පැණි රසක් තිබුණත් එකත් මේකට ගැළපෙන විදිහට තිබුණා.

 

Salt and Pepper Pork (LKR 750)

 

side dish එකක් විදිහට menu එකේ තිබුණ මේ dish එක අපේ බත් එකත් එක්කනම් හොඳටම ගැලපුනා. සිහින්ව කපලා රන්වන් පාට වෙනකන් බැදගත්ත හැපෙන සුළු ඌරු මස් ශ්‍රී ලාංකික -චයිනිස් රෙස්ටුරන්ට් එකකින් අපිට ගන්න පුළුවන් salt and pepper pork එකක් තරම්ම රසවත්. රසයෙන් පිරි තිබුණ මේ dish එක සීතල බියර් එකක් එක්ක හෝ වයින් එකක් එක්කත් හොඳට ගැළපෙනවා.

 

 

Sweet and Sour Prawn (LKR 800)

 

කළමණාකරුම නිර්දේශ කරපු,ඉස්සන් කියන්නේ චීන විලාසිතාවේ ෆ්‍රයිඩ් රයිස් එක්ක ගන්න ගොඩක් ගැළපෙන කෑමක්. මේ ඉස්සන් Side එක 3 දෙනෙකුට සුදුසු වෙනවා වගේම,ළූණු,කැරට් සහ අන්නාසි අඩංගු වෙලා තිබුණ නිසා juicy වගේම නැවුම් ගතියක් පිඟානට එකතු වුණා.

 

 

Grilled Chicken (LKR 1760)

 

Creamy බිම්මල් sauce එකක් උඩින් දාපු leg joint එක ගොඩක් juicy ගතියට තිබුණා. කුකුල් මස් ගොඩක් soft වගේම එකට උඩින් දාලා තිබුන sauce එකේ සාමාන්‍ය ප්‍රමාණයේ හතු කැබලි දැකගන්න තිබුණා. savoury ගතියට වගේම රසයන් වලින් පිරිලා තිබුණ මේ dish එකට පොඩි ලුණු රසයක් සහිත අතෙන් කපන ලද හැපෙනසුළු fries එකතු කරලා තිබුණා.

 

 

Ambience

ලී furniture වගේම, අළු,නිල්,කළු පාට මෙතැනට එකතු කරලා තිබුණ නිසා නවීණ පන්නයක් මෙතැන තිබුනා. නවීණ තාලයේ ච්ත්‍ර බිත්තිවල එල්ලා තිබුණා වගේම ලණු වලින් විදුලි බුබුළු පහළට වැටෙන විදිහට එල්ලා තිබුණා. හොඳට ඉඩ තිබුන නිසා වගේම ලොකු ජනෙල් තිබුණ නිසා ස්වභාවික ආලෝකයත් ප්‍රමාණවත් තරම් මෙතනට ලැබුනා.

 

 

Service

කොවිඩ් 19 නිසා පොඩි කාර්ය මණ්ඩලයක් එක්ක වැඩ කරන්න එයාලට සිද්ධ වුණත් බට්ලර්ස් එකේ කාර්ය මණ්ඩලය ගොඩක් මිත්‍රශීලී වගේම අවධානයෙන් අපිට කෑම තෝරාගන්න යෝජනා හා නිර්දේශ ලබාදුන්නා විතරක් නෙමෙයි අපිට එතැන අපට සුවපහසු තැනක් කරන්න වගබලා ගත්තා. අපි දවල් ආහාර වේලේ ගොඩක් උච්චතම වේලාවේ එතැනට ගිය නිසා rice and curry ලබාගන්න එතැනට ළග පාත කාර්යාලවල ගොඩක් පිරිසක් පැමිණිලා හිටියා. ඒතරම් විශාල ඇණවුම් ප්‍රමාණයක් වගේම හිතාගන්න බැරි තරම් කාර්යබහුල kitchen එකක් වුනත් එයාලා අපේ අවශ්‍යතා ගැන අවධානයෙන් ඉන්න සමත් වුණා.

service එක අතරතුර කාර්ය මණ්ඩලය මුහුණු ආවරණ පැළඳ සිටියා වගේම අපි ඇතුල් වෙන අවස්ථාවේදී අපිට සැනිටයිසර් ලබාදෙන්නත් අමතක කලේ නැහැ.

Tip – LKR 400 මුදලකට දිවා ආහාරයට rice and curry හොඳ option එකක්. නමුත් එයාලගේ නාසි ගුරන්ග් එකත් අතපසු කරන්නම බැරි දෙයක්.යාලුවෙක් එක්ක ගිහින් එකත් බෙදාගෙන කන්න. ඔයා ඒ ගැන පසුතැවෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි.

Leather සපත්තු වැඩි කාලයක් පාවිච්චි කරන්නනම්, මේ දේවල් දැනගන්න

විලාසිතා කියන්නෙ බොහෝ දෙනෙක් උනන්දු වෙන විෂය ක්ෂේත්‍රයක්. වයස, ගැහැණු පිරිමි භේදය වගේ විවිධ සීමා වලින් එහාට ගිහින් විලාසිතා කියන දේ ගැන හැමෝම උනන්දු වෙන්නේ තමන්ව ආකර්ෂණීය විදිහට පෙන්වාගන්න හැමෝම කැමති නිසයි. විලාසිතා ගැන කතා කරද්දී ඔබේ සපත්තු යුගලයට ලැබෙන්නේ විශේෂ තැනක් බව සමහර විට ඔබ නොසිතන්න ඇති. නමුත් ඒ කතාව ඇත්තක්. මොන තරම් ලස්සන ඇඳුමක් ඇන්දත්, ඒ ඇඳුමේ Brand එක මොකක් වුනත්, කොච්චර මිළ අධික වුනත් ඔබේ සපත්තු යුගල ඒ ඇඳුමට ගැලපෙන්නේ නැතිනම් ඒ අඩුපාඩුව බොහෝ දෙනෙකුට දැනෙන්න පුළුවන්. එයින් අනිකා ඔබ ගැන මවා ගන්නා ප්‍රතිරූපය ඔබට හානිකර වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම ඔබේ සපත්තු ගැනත් සැළකිලිමත් වීම අත්‍යවශ්‍යයි.

Simple and Effective Tips to Cure Peeling of Men's Leather Shoes

තරුණ පිරිමින් අතර වගේම කාන්තාවන් අතරත් වැඩ ජනප්‍රිය සපත්තු වර්ගයක් තමයි සම් ආශ්‍රිතව නිෂ්පාදනය කළ සපත්තු. හොඳම ස්වභාවික සම් (Pure leather) සපත්තු වෙළඳපොලේ තියනවා වුනත් ඒවා ඉතා මිළ අධික වන්නට පුළුවන්. ඒ නිසාම විවිධ ආදේශක සමගින් මේ සපත්තු නිර්මාණය කිරීම වර්ථමානයේදී සිදු වනවා. ඔබට තෝරා ගැනීමට පහසු සහ දැරිය හැකි මිළ ගණන් වලින් අගනා නිමාවකින් නිෂ්පාදන වෙළඳපොලෙන් සොයා ගැනීම මේ වෙනකොට එතරම් අපහසු වැඩක් නොවෙයි. සපත්තුව නිර්මාණය කරේ ස්වභාවික ලෙදර් වුනත්, කෘතීම ලෙදර් වුනත් ඔබ සැළකිලිමත් විය යුතු ප්‍රධානම කාරණයක් තිබෙනවා. ඒ තමයි, ඔබේ සපත්තුව නඩත්තු කරන්නේ කොහොමද කියන කාරණය. විලාසිතාවට අනුව නියමිත වර්ණයෙන් සහ හැඩයෙන් යුතු වටිනා සපත්තු යුවලක් පැළඳ ගත්තා වුනත් ඒ සපත්තු දෙක නිසි පරිදි නඩත්තු කොට නොමැති නම්, ඒත් ඔබ අපහසුතාවට පත්විය හැකියි. ඒ නිසා Leather සපත්තු යුගලක් නිසි පරිදි නඩත්තු කරගන්නේ කොහොමද කියන කාරණය ගැන ඔබව දනුවත් කරන්න අපි සූදානම්. මේක වැඩිපුරම වැදගත් වන්නේ Leather සපත්තු අඳින පිරිමි පාර්ශවයට විය හැකියි.

Page 29 of Leather pictures | Curated Photography on EyeEm

සපත්තු නඩත්තුව ගැන මේ තරම් සැළකිලිමත් වෙන්න අවශ්‍ය ඇයි කියල ඔබට සමහරවිට ගැටළුවක් මතුවෙන්න පුළුවන්. Leather ආශ්‍රයෙන් කළ සපත්තු යුවලක් නම් කොහොමත් මිළ අධික බව ඔබ ඉතා හොඳින් දන්නවා. ඒ වගේම කෘතීම Leather නිෂ්පාදනයක් වුනත් වෙළඳපොලේ තරමක් වැඩි මිළකට අළෙවි වනවා. ඒ නිසා නිතර නිතර සපත්තු මිළදී ගැනීම තරමක් අසීරු වැඩක් වෙන්න පුළුවන්. ඒ නිසා මිලදි ගත් සපත්තු යුගලේ කල්පැවැත්ම ගැන ඔබ අනිවාර්යෙන්ම සැළකිලිමත් විය යුතුයි. එහෙම නම් වැඩි කාලයක් හානියක් නොවී පාවිච්චි කරන්න නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ සපත්තු යුගලය නිසි පරිදි නඩත්තු කළ යුතු වනවා. ඒ වගේම ඔබේ සපත්තුවේ ලස්සන හරියාකාරව පෙන්න නම් ඔබ අනිවාර්යෙන්ම සපත්තු නිසි නඩත්තුවක් සහිතව පාවිච්චි කළ යුතුමයි. කලක් පාවිච්චි කළ සපත්තු යුගලක් වුනත් හරියාකාරව නඩත්තු කරනවා නම් අලුත් වගේම දීප්තිමත් පෙනුමක් පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසයි gasma.lk කියවන ඔබව මේ ගැන දැනුවත් කරන්න අපි සැලසුම් කලේ.

සපත්තු පිරිසිදු කිරීම ගැන ඔබ දැනුවත්ද..? බොහෝ දෙනෙක් ඔව් කියල පිළිතුරු දේවි. නමුත් ඔබ කියන පිරිසිදු කිරීම මොකක්ද කියල විමසා බැලුවොත් බොහෝවිට ඒ නිවැරදි ක්‍රමය නොවෙයි. ඔබ සපත්තු පිරිසිදු කිරීමට වතුර හෝ වතුරෙන් තෙමු Cotton රෙද්දක් වැනි යමක් භාවිතා කරනවා විය හැකියි. බොහෝ දෙනෙකුගේ පුරුද්ද මෙය බව අප අසා තිබෙනවා. නමුත් දැනුවත් වන්න. ඔබේ ක්‍රමය සම්පුර්ණයෙන්ම වැරදියි. සපත්තු භාවිතා කිරීමෙන් පසුව වතුර භාවිතයෙන් පිරිසිදු කිරීම මගින් ඔබේ සපත්තුවට වඩා වැඩි වේගයකින් හානි සිදුවිය හැකියි. මේ වෙනුවෙන් වෙළඳපොලේ තියෙන පිරිසිදුකාරකයක් භාවිතා කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. මේ පිරිසිදුකාරක සමහරවිට මිළ අධික නේදැයි ඔබට හිතෙන්නට පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් ඔබ ආයෝජනය කරන මුදල නිසා ඔබේ සපත්තු තවත් බොහෝ කාලයක් පාවිච්චි කරන්න ඔබට අවස්ථාව ලැබේවි. ඒ වගේම ක්ලීනර් එකකින් පිරිසිදු කරගත් සපත්තුව සපත්තු පොලිෂ් එකක් භාවිතයෙන් ඔප දැමීමත් කළ යුතුමයි. ඔප දැමීමෙන් ඔබේ සපත්තුවේ සැමට අවශ්‍ය සත්කාරය ලැබෙන නිසා එය වැඩිකලක් පාවිච්චි කිරීමට හැකියාව ලැබෙනු ඇති.

get-the-most-of-your-shoes-gear-patrol-2buying-guide

මතක තබාගත යුතු තවත් වැදගත්ම කාරණයක් තමයි ඔබ සපත්තුව පාවිච්චි කිරීමෙන් පසුව අනිවාර්යෙන්ම පිරිසිදු කළ යුතුයි. ලංකාව වගේ රටක ඔබ සපත්තු පැළඳගෙන එදිනෙදා වැඩකටයුතු වෙනුවෙන් එහා මෙහා යද්දී නොයෙක් දේ ඔබේ සපත්තු වල තැවරීමට ඉඩකඩ තියෙනවා. ඒවා ඔබට වළක්වා ගැනීමට අපහසු දේවල් විය හැකියි. ඔබට කළ හැකි එකම දේ නම්, දෛනිකව සපත්තු පිරිසිදු කිරීමයි. ඔබ පිරිසිදු කිරීම නොකළොත් සපත්තු මත විවිධ පල්ලම් ඇතිවනවා වගේම ඒවා දිගුකාලීනව රැඳීම නිසා සපත්තුවෙන් ඒවා ඉවත් කිරීමට නොහැකි තත්වයට පත්වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙහෙස මහන්සිය නොසලකා භාවිතයෙන් පසු ඔබේ සපත්තු යුගලය පිරිසිදු කිරීමට වගබලා ගැනීම වැදගත්.

ඔබ සම් සපත්තු යුගලයක් මිළදී ගත් සැනින් හැකි නම් ජලය උරා නොගන්නා ආලේපනයක් සපත්තුවේ ආලේප කරන්න. එසේ කිරීමෙන් සපත්තුවේ සමට ජලය උරා ගැනීම සිදු නොවනවා වගේම ජලය උරා ගැනීමෙන් සිදුවන දිගු කාලීන හානි අවම කරගැනීමටත් ඔබට හැකිවේවි. සපත්තුවේ සමට ජලය උරා ගැනීම නිසා එහි හැඩය පවා වෙනස් විය හැකි බව ඔබ නොදැනුවත් වන්නට පුළුවන්. නමුත් එය ඉතා සුලභ සිදුවීමක්. ඒ නිසා පූර්ව ආරක්ෂණ ක්‍රමයක් ලෙස මේ ආලේපන භාවිතා කළ හැකි නම් එය වැඩ වැදගත් විය හැකියි. ඒ වගේම ඔබේ සපත්තු යම් හේතුවක් නිසා දැඩිව වතුරට නිරාවරණය වුනොත් ඒවා පත්තර පිටු ආධාරයෙන් වියළා ගන්න. ඔබට මේ සඳහා පේපර් සර්වියට් භාවිතයත් කළ හැකියි. එසේ නොවී අවුවට හෝ වෙනත් අධික තාපයට අල්ලා වියළීමට තැත් කිරීම ඔබේ සපත්තුවේ කල්පැවැත්මට හානි පමුණුවන්නක් විය හැකියි.

Winter Hacks | Use Newspaper To Dry Wet Shoes | earthTripper - time to see  the world!

 

ඔබේ සපත්තුවට යම් හානියක් සිදුවූ බව ඔබට දැනුනොත් මුල් අවස්ථාවේම ඒ හානිය සකස් කරවා ගන්න. කිසිදු හේතුවක් නිසා විවිධ ආදේශක සමගින් ඔබම මේ සපත්තු සකස් කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ආම්පන්න ඔබ සතුව නොමැති බව හොඳින්ම දන්නවා ඇති. ඒ නිසා පළපුරුදු වෘත්තීය සපත්තු සාදන්නකු මගින් ඒ හානිය සකස් කරවා ගැනීමෙන් තවත් වැඩි කලක් ඔබේ සපත්තු යුගලය භාවිතා කිරීමට හැකිවේවි.

සපත්තු දැමීම හැමෝම සාමාන්‍යෙන් කරන දෙයක්. නමුත් ඒ සපත්තු හරියාකාරව නඩත්තු කිරීමේ ක්‍රමය දන්නේ එයින් අතලොස්සක් පමණයි. ඔබේ සපත්තු යුගල නිසි පරිදි නඩත්තු කරන්න. අනවශ්‍ය මුදල් නාස්තියක් වළක්වා ගන්නවා වගේම ඔබේ කඩවසම් පෙනුම වැඩි කරගන්නත් ඔබට හැකියාව ලැබේවි.

-එන්. වෙහෙරදූව-

ශ්‍රී ලංකාවේ හොඳම තේ වර්ග ගැන ඔබ දැනුවත්ද..?

ආහ් ..! ශ්‍රී ලංකාවේ තේ වලට වඩා විශේෂ දෙයක් තියෙනවාද? මට නම් ඒක ප්‍රශ්නයක්. තේ එකක් පෙරන හැඟීම හරියට සාදරයෙන් පිලිගන්නවා කියන එක තේරුම් කරනවා වගෙයි. ඒක ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයක්.

ශ්‍රී ලාංකිකයින් විදිහට මේ රන්වන් කහට කෝප්පය අපි ආසම කරන list එකේ මුලින්ම තියෙනවා. අලුත් සතියක නැවුම් ආරම්භකදී, සතිඅග දවස් වල busy වෙලාවල් වලදී mult-tea-task වැඩකදී, සතිඅග නිවන්හරින උදෑසනක sereni-tea එක enjoy කරද්දී,කොටින්ම කිව්වොත් හැම opportuni-tea එකකදීම අපි උණුසුම් කහට කෝප්පයක් රස විඳින්න ආසයි.

තේ නිෂ්පාදනයේ ලෝකෙන්ම තුන්වැනි ස්ථානය හිමි කරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව. ceylon tea කියන symbol එකෙන් ගොඩක් quality black tea මුළු ලෝකෙටම බෙදාහරින්නේ ලංකාව තමයි. ඒක හරි..මෙන්න මේ තේ දළු, කෘෂිකාර්මික ආනයන ආදායමට 65% කින් දායක වෙනවා. GDP එකට 2% සහ සෘජුව හා වක්‍රව සේවකයින් මිලියන දෙකකට(ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 10%)රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා. ceylon tea විශේෂිත තේ වර්ගයක් විතරක්ම නෙවෙයි. ලංකාවේ නිෂ්පාදනය කර ආනයනය කරන බවට ශ්‍රී ලාංකික වෙළෙඳ නාමයයි. කලින් මේක හැඳින්වුනේ ceylon කියලා.

Ceylon tea කියන්නේ ස්වභාවධර්මයේ අද්විතීය නිර්මාණයක්. රසයට එහා ගිය සෞඛ්‍යයාත්මක ගුණයක් තියෙන සුවකිරීමේ හැකියාවක්ද තියෙන පැළෑටියක්. වෙනස් කලාපවල හැදෙන හේතුව නිසා මේකේ taste එකේ විවිධත්වයක් තියෙනවා. ඒ නිසා රසයන් එකකට එකක් වෙනස්. Ceylon tea වැවෙන කලාපවල පස්,භූගෝල පිහිටීම,දේශගුණය නිෂ්පාදන ක්‍රියාවලියට අනුව එකිනෙකට වෙනස් වූ identity එකක් තියෙනවා.

තේ සඳහා අපි තුළ ලොකු ඇල්මක් තිබුණත් තේ වල මූලාරම්භය සහ නිෂ්පාදනය ගැන වැඩි අවබෝධයක් අපිට නෑ. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ කලාප හතක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? Black tea සහ Green tea වලට අමතරව white tea අපේ රටේ නිෂ්පාදනය කරන බව ඔබ දන්නවාද?

 

Ceylon Tea වර්ග

 

Ceylon black tea

මේ තේ තමයි ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම නිෂ්පාදනය කරන්නේ. මෙහි හැපෙන සුළු අමුතුම පැඟිරි රසක් තියෙනවා. මෙම රසය ලබා ගන්න අවශ්‍ය භුමික වටපිටාවක් සහිත වතු ගණනාවකම මේවා වගා කරනවා.

 

Ceylon green tea

මේ තේ එකේ සාමාන්‍යයෙන් nutty and malty flavor එකක් තියෙනවා. ඒ වගේම මේවයෙ grades තියෙනවා. OP full leaf green tea (High grade tea අළෙවි කරාට පස්සේ ඉතුරු වන කෑලි) සහ Dust green tea.

 

Ceylon white tea

මේ තේ එකත් grades දෙකකට divide කරනවා. Silver tips/Silver needle white tea සහ Golden tips/Golden needle white tea.මේ තේ වල වටිනාකම සාමාන්‍යයෙන් අනිත් තේ වලට වඩා වැඩියි. මොකද මේවා නිශ්පාදනයේදී වැඩි සේවක පිරිසක් ඕනි. ඒ වගේම තේ දල්ලේ උඩම tip එක තමයි මේකට ගන්නෙ. තේ එක හරිම රසවත් සුළු මධ්‍යසාර රසයක් සමඟම පයින් හා මී පැණි, golden coppery තැම්බුම් සාරයක් තියෙනවා.

දිස්ත්‍රික්ක

ප්‍රංශයේ wine-growing කලාප වගේ ශ්‍රී ලංකාවේ එකම රසයක් හා ගුණාංගයක් සහිත කලාප හෝ දිස්ත්‍රික්ක strictly define කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තේ නිපදවන දිස්ත්‍රික්ක හතක් තියෙනවා. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ 7 කියන නම්බර් එක සම්පූර්ණත්වය, පරිපූර්ණත්වය සහ ස්වර්ගය සංකේතවත් කරනවා වගේ කියලා.

හැම කලාපයකම දේශගුණයෙහි හා භූමි ප්‍රදේශවල අද්විතීය සංයෝජනයක් තියෙනවා. තේ දල්ලෙන් නිපදවන තේ වර්ගය අඳුරගන්න පුළුවන්. ඇත්තෙන්ම උප දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව තනි වතු වල තියෙන කලාපීය ස්වභාවය පළපුරුදු පරීක්ෂකයන්ට ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්.

 

ශ්‍රී ලංකාවේ තේ කලාප

ශ්‍රී ලංකාවට කලාප 7 ක් තියෙනවා .
මේවා උස ප්‍රමාණ 3 කට අනුව වර්ග කරනවා.

High grown- තේ මුහුදු මට්ටමේ සිට අඩි 4000 – 6000 ඉහලට (මීටර් 1200 -1800) ක.

Mid grown – මුහුදු මට්ටමේ සිට අඩි 2000 – 4000 (මීටර 600 – 1200) අතර වගා කරන තේ.

Low grown – මුහුදු මට්ටම සහ අඩි 2000 (මීටර 600) අතර වගා කරන තේ.

උඩරට “Itensely full-bodied”

 

නුවර කියන්නේ මධ්‍යම පළාතේ තියෙන දිස්ත්‍රික්ක තුනේන් මැද තියෙන දිස්ත්‍රික්කය.(නුවරඑළියට උතුරින් ,මාතලේට දකුණින්)

1867 James taylor තමයි තේ වගාව මුලින්ම ආරම්භ කලේ. නමින් loolecondera estate අක්කර 19 ක plantation එකක්.

ඔහුම 1872 යන්ත්‍රසූත්‍ර සහිතව tea factory එකකුත් open කරා. ඒ තමයි loolecondera tea අළෙවි කරපු පළවෙනි අවුරුද්ද.

මේ තේ සලකන්නෙ mid grown tea කියලා. මොකද ඒවා වගා කරන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 2000-4000 ඉහලට වෙන්න (600m-1200m)1300m වඩා අඩුයි.

මෙහි වෙනස් tea grades වගේ දළු කොටස් ප්‍රමාණයක් තියෙනවා. මේකෙ රසය වෙනස් වෙන එක තීරණය වෙන්නේ තේ වතු වල මුහුදු මට්ටමේ සිට ඇති උස සහ මෝසම් සුළං වලින් වැවිලි රැකවරණය වෙනවාද නැද්ද කියන කාරණා මතයි.

උඩරට තේ වතු වැඩි වශයෙන් දකින්න තියෙන්නෙ බටහිර බෑවුම් වල .මේක ගොඩක් රසවත් වෙන්නේ “western quality season…” එකේදී . ඒ කියන්නේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ තියෙන සීත හා වියළි දේශගුණයත් සමගයි.

උඩරට තේ එකේ copper tone එකත් එක්ක bright mix එකක් තියෙනවා. රුහුණු සහ සබරගමු පහත් කලාපීය නිෂ්පාදනයන්ට වඩා උඩරට තේ ශරීරයට නව ප්‍රබොධයක් ශක්තියක් ලබා දෙනවා. උඩරට තේ වලට whole leaf එකයි. Semi broken ඒ කියන්නේ OP, Black tea,OPA,OPA,BOP, BOPF සහ green tea දලා තියෙනවා.

නුවරඑළිය “delicately fragrant”

නුවරඑළිය tea region එක තියෙන්නේ, මුහුදු මට්ටමේ ඉඳන් අඩි 6000 ක් විතර උඩින්. මේ පළාතට ” champagne province” කියලත් කියනවා. ශ්‍රී ලංකාවේ තේ වගා කරන පළාත් අතරින් ඉතාමත් ප්‍රසිද්ධ වගේම ඉහල ගුණාත්මක තේ කොළ නිෂ්පාදනය කරන්නේ නුවරඑළි පළාතයි.මේ පළාතේ තියෙන අඩු උෂ්ණත්වය හින්දම තේ කොළ වල ගුණාත්මක බවත් වැඩියි. (වර්ෂයේ සාමාන්‍ය උෂ්ණත්වය 11c – 20c )

නුවරඑළියට සාමාන්‍යෙන් බටහිර-නැගෙනහිර කාලගුණ දෙකම නිරාවරණය වෙනවා . වැඩි වැස්සක් වහින මාසේ ඔක්තෝම්බර් වගේම අඩුවෙන්ම වැස්ස ලැබෙන මාසේ මාර්තුයි. සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1900 යි.(65%-87%) උෂ්ණත්වය අඩු නිසා තේ පදුර වැවෙන්නේ හුගක් හිමීට. තේ කොළ පොඩියි වගේම දොඩම් පාටක් ගන්නවා.

මේ තේ එකේ පාට වෙන කිසිම ceylon tea එකකට සමාන කරන්න බෑ. මේ තේ කොප්පේ තියෙන orange golden පාට වගේම රසත් අද්විතීයයි. නුවරඑළි තේ වල whole-leaf orange pekoe (OP) හා broken orange pekoe ( BOP) වැඩි ඉල්ලුමක් ඇති තේ කොළ වර්ගයි.

**උඩ පුස්සැල්ලෑව
“exquisitely tangy”*

උඩුපුස්සැල්ලෑව දිස්ත්‍රික්කය තියෙන්නේ නුවරඑළියට ළඟ .ඉතින් උඩරට කඳුකර පැත්තෙ තියෙන තේ වගේම මේ තේ කොළත් හරිම රසයි . මුහුදු මට්ටමේ ඉඳන් අඩි 5000- 6000 වෙන්න උසින් මේ වතු තියෙන නිසා high – grown කියලා කියනවා.

උඩ පුස්සැල්ලෑව හරිම ආශිර්වාදමත්. ඒ ඇයි දන්නවද? ඒ පැත්තට බටහිර ,නැගෙනහිර කාලගුණ දෙකම නිරාවරණය වෙනවා .නොවැම්බර් – ජනවාරි වෙනකන් වැහි කාලෙත් ,ජුනි – සැප්තැම්බර් වෙනකන් වියළි කාලෙත් නිසා තේ කොළ ඒ ඒ කාලගුණේට වෙනස් රස වලින් වගේම ,වෙනස් ප්‍රමාණවලින් නිෂ්පාදනය කරන්න උඩුපුස්සැල්ලෑව වතු හිමියන්ට පුළුවන් වෙලා තියෙනවා .

තේ කෝප්පේ තද රෝස පාටයි. ඒ නිසා මේ තේ කොප්පේ දකින කාගෙත් සිත් ඇද ගන්නවා .පුස්සැල්ලෑව තේ කොප්පේ පාට නිසාම අනිත් පළාත්වල තේ වලට වඩා පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් .

දිඹුලාන “Refreshing Mellow”

නුවරඑළියත් – හෝර්ටන් තැන්නත් අතර මැද වගේ තමයි දිඹුලාන තියෙන්නේ. දිඹුලාන වැවෙන තේවලට කියන විශේෂ නමක් තියෙනවා “high – grown” නැත්නම් “ඉහළ වැඩුණු” කියලා . මෙහෙම කියන්න හේතුව තමයි, දිඹුලාන දිස්ත්‍රික්කයේ තියෙන්නේ මුහුදේ ඉඳන් අඩි 3500ක් 5000ක් විතර උඩින් . ඉතින් ශ්‍රී ලංකාවේ ඉහළින්ම වැඩෙන තේ තියෙන නිසා,”දිඹුලාන තේ” හරිම විශේෂයි. දිඹුලාන දිස්ත්‍රික්කයේ golden valley, ඉහළ කොත්මලේ, මස්කෙළිය , රම්බොඩ, පහළ දික්ඔය වගේ උප දිස්ත්‍රික්ක ටිකක් තියෙනවා. ඔන්න…දෙසැම්බර් ඉඳන් මාර්තු වගේ නම් දිඹුලාන පැත්ත ටිකක් සීතලයි වගේම වේලුනු ස්වභාවයක් තියෙන්නේ. වැස්සක් නම් පේන තෙක් මානෙක නෑ. හැබැයි.. මැයි ඉදන් දෙසැම්බර් වෙනකන් නම් හොදටම වහිනවා. හැම අවුරුද්දකම මේ වගේ climate දෙකක් තියෙන නිසා දිඹුලාන තේ නිෂ්පාදනය කරද්දි මේ ගැන විශේෂ අවධානයක් දෙනවා. ඒකට හේතුව තමයි, මේ වෙනස් වෙන කාලගුණයත් එක්ක තේ කොළ වල රසයත් වෙනස් වෙනවා.
දිඹුලාන තේ හරිම ලස්සනයි වගේම තඹ රතුවට දිස්නේ ගහනවා. Golden valley පැත්තේ තේ කොළ නම් කෝප්පෙට වැටුනහම රන් තැඹිලි පාටයි. දිඹුලාන සමහර වතුහිමියෝ මාර්තු-මැයි වගේ කාලෙදී තේ කොළ හදනවා. ඒ තේ වල සුවඳ jasmine , cypress Mix වුනා වගේ .ඒ තරම් western aroma එකක් තමයි ඒ තේ කොළ වලින් එන්නේ. වැහි කාලෙදියි සීතල තියෙන කාලෙදියි තේ කොල වල රසය හොඳ උසස් තත්වයක තියෙනවා.( උඩපුස්සැල්ලාව නිෂ්පාදනය කරන තේවල රසයට සමානයි) හරියටම කියනවනම් දිඹුලාන තේ කොළ වල තියෙන රන්වන් පාටයි, රසයයි නිසා life එකම refresh කරනවා.

ඌව ” exotically aromatic”

ඌව පළාත අනිත් තේ නිෂ්පාදනය කරන පළාත් වලට වඩා ටිකක් වෙනස්. වික්ටෝරියාවේ අධිරාජවරයෙක් වන thomas lipton ඌව පලාතේ වගා කරපු තේ වලින් තමයි ඇමෙරිකානුවන්ට තේ බොන්න මුලින්ම පුරුදු කළේ . ඒ නිසා ඌව පළාත තේ වලට ගොඩක් විශේෂ පළාතක්. ඊසානදිගයි, නිරිතදිගයි මෝසම් හුළං සාමාන්‍යයෙන් ජූලි මාසේ අග අගෝස්තු මැද වගේ වෙද්දි ඌව පළාතට ලං වෙනවා .මේ සුළඟ නිරාවරණය වෙන නිසා,ඒ තේ කොල වල අමුතුම ගුණයක් තියෙනවා .

ඌව පළාතේ තේ කොළ වලට විදේශිකයන්ගෙත් ඉහළ ඉල්ලුමක් තියෙනවා. මේ තේ කොළ එතරම්ම විශේෂ වෙන්න හේතුව තමයි ,මෝසම් හුළං නිසා තේ කොළ වේලෙනවා .ඒ නිසා තේ කොළ ඇතුලෙ තියෙන ශෛලවල ජල ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා කොළේ තියෙන ජලය ඝන වෙනවා . තේ කොළ වල අමුතුම රසයක් වගේම හොඳ මිහිරි සුවඳකුත් එන්නේ මෙන්න මේ නිසයි.

මේ තේ කොළ හුළගට වේලෙන නිසා සාමනයෙන් අනිත් පළාත් වලට වැඩිය තේ කොල කළු පාටයි. Uva තේ එකක් බීපු කෙනෙක්ට නම් ඒ රහ අමතක වෙන්නෙම නැහැ .

සබරගමුව “Exceptionally stylish”

කදුකර පැත්තේ විතරක් නෙමෙයි.ලංකාවේ තැනිතලා පළාත් වලත් තේ වවනවා. මේ නිසා ලංකාවේ තේ කිවාම එකට එකක් දෙවෙනි වෙන්නේ නෑ. සබරගමුවේ වැවෙන තේ වලට කියන්නේ low – grown කියලා. තේ වැවෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා 300m උඩින්. සබරගමු කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම තේ වගාකරන පළාතයි. මේ පළාත රටේ බටහිර, මධ්‍යම ,නිරිතදිග, කඳුකර පළාත් ආවරණය කරනවා .රත්නපුර, රක්වාන, කළුතර, මාතර, වැලිගම, සබරගමුවේ උප දිස්ත්‍රික්කයි.

මේ පළාතේ උඩහ තියෙන වගාවන් තියෙන්නෙ සිංහරාජ වනාන්තරේට මායිම් වෙලා. ඒ පරිසරයේ තියෙන වැහිබර ගතිය හින්ද ම සබරගමු පහළ කොටසේ වගා කරන තේ වලට වඩා මේ තේ කොළ වල වැඩි රසක්, ගුණයක් තියෙනවා

රුහුණු තේ පදුරු වගේම සබරගමුවේ තේ පදුරුත් ඉක්මනින් වැවෙනවා. ඒ තේ කොළෙත් දිගයි .ඒ නිසා තේ කුඩු හදද්දි තේ කොළ අඹර ගන්න හරි ලේසියි. ඒ වගේම රුහුණු තේ වගේම සබරගමු තේ එකත් තද කහ, දුඹුරු, රතු පාටක් ගන්නවා. ඒත් මේ තේ වර්ග දෙකේම සුවඳ නම් එකට එකක් වෙනස්.

 

රුහුණ ” distinctively unique”

මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 600ක් විතර උඩින් රුහුණේ තේ වගා කරන නිසා මේවට “පහළ වැඩුණු” නැත්තම් “Low – grown” කියනවා. මේ තේ වගා කරන හුඟක් ප්‍රදේශ මුහුදට ළඟ තියෙන්නේ .සබරගමු දිස්ත්‍රික්කයේ -රත්නපුර, බලංගොඩ, දෙනියාය, මාතර සහ ගාල්ල කියන්නේ, උප දිස්ත්‍රික්කයි. සබරගමුවේ තේ වවන ප්‍රදේශ වලට මුහුදුබඩ කලාපෙත් සිංහරාජයේ වැසිවනාන්තරත් මයිම් වෙනවා.

රුහුණේ පළවෙනි තේ වගාව පටන් ගත්තේ 1990 . මධ්‍යම කඳුකරයේ කඳු පාමුල ඉඳන් ගල්ල, මාතර දක්වා ඒ පළාත දිගයි . නිරිතදිග මෝසම නිසා රුහුණු පැත්තට වැසි වලින් අඩුවක් නෑ . ඒ වගේම ඉර පායන හොද උණුසුම් කාලගුණයකුත් තියෙනවා. ඒත් මොසම් හුළග නිසා එන වැස්සට බාධා වෙනවා.ඒ නිසා වගාවට ඕන ජලය පොඩි ගංගවල් කිපයකින් ගන්නවා.

රුහුණ කියන්නේ සාමාන්‍යයෙන් පහත් බිමක් හින්ද ඒ තියෙන පස නිසා තේ පඳුරු ඉක්මනින් වැවෙනවා.තේ කොළෙත් දිගයි.රුහුණු තේ තද කලු පාටක් ගන්නවා. ඒ වගේම එක එක ප්‍රමාණයේ තියෙන තේ කොළ නිසා ඒවයේ රසෙත් වෙනස්. “ඉගී” කියන්නේ තේ දළු වල තියෙන උඩම කොටසටයි.මේවායේ රස වගේම ගුණෙත් ඉස්තරම්.

ඔන්න එහෙනම් තේ වලට ආදරේ කරන ඔයාලා…ශ්‍රී ලංකාවේ රසම තේ වගා කරන්නේ කොහෙද ?ඒ තේ වර්ග 7 මොනවද කියලා දැනගත්තා නේද?
එහෙනම් ඔයාටත් පුලුවන් ඔයා ආසම තේ කෝප්පෙක රස බල බලා ජීවිතේට නැවුම් අත්දැකීමක් විදගන්න.

මානසික ආතතිය හොඳයි..

මානසික ආතතිය අපි හැම වෙලාවේම දකින්නේ ගොඩක් නරක දෙයක් විදිහට. වැඩ ගොඩ ගැහිලා වැඩ වල deadlines, පවුල් ප්‍රශ්න, කාර්යබහුල ජීවිතය වගේ දේවල් නිසා ඇත්තටම අපිට ඇතිවෙන්නේ ලොකු මානසික ආතතියක්.

මානසික ආතතිය ඇතිවෙන්නේ කෙනෙක්ට අභියෝගයක් ඇතිවුණාම සහ ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕනේ කරන සම්පත් අතර අසමතුලිතතාවයක් දැනුනහම කියලා ඇමරිකානු විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය කැත්ලීන් ගුන්තර්ට් පවසනවා. ඍණාත්මක ආතතිය (වෙන්වීම්) සහ ධනාත්මක ආතතිය (නව රැකියාවක් ආරම්භ කිරීම) කියලා ආතතීන් වර්ග දෙකක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තියෙනවා.

ඇමරිකානු මනෝවිද්‍යාත්මක සංගමයෙන් කියන විදිහට නම්, නිදන්ගත ආතතිය කියන්නේ “දීර්ඝ කාලීන අභ්‍යන්තර හෝ බාහිර ආතති සිදුවීමකට භෞතික විද්‍යාත්මක හෝ මානසික ප්‍රතිචාරයක්”.සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම, සමේ ගැටළු, මොළයේ ප්‍රමාණය කුඩා වීම සහ නිදන්ගත රෝග ඇතිවීම මේ ආතතිය ඇතිවීම අතර සම්බන්ධතාවයක් තියෙනවා.

ඉතින් කොහොම වුණත් විශේෂඥයින් කියන විදිහට නම් ආතතිය නිසා ඇත්තටම යම් ධනාත්මක බලපෑමකුත් ඇති කරන්න පුළුවන්.‘යූස්ට්‍රස්’ කියලා හඳුන්වන දෛනිකව, කළමනාකරණය කරන්න පුළුවන් ආතතියේ මධ්‍යස්ථ මට්ටම වයසට යාම හා ලෙඩ රෝග සමඟ සම්බන්ධ වන ඔක්සිකාරක හානිවලින් ආරක්ෂා වෙන්න උදවු වෙනවා.

ඉතින් ආතතිය ගැන ඔයා කවදාවත් නොහිතපු දේවල් ටිකක් තමයි අද අපි කතාකරන්න යන්නේ

 

*ආතතිය අපේ උනන්දුව වැඩි කරනවා

RACGP - Professional coaching can reduce burnout in doctors

 

අධික මානසික ආතතිය අපේ උනන්දුව අඩු කළත්, සුළු මානසික ආතතිය අපේ වැඩක් දිගටම කරගෙන යන්න ඕනේ වෙන උනන්දුව වැඩි කරනවා. ගුන්තර්ට් පවසන විදිහට නම් “මධ්‍යම මට්ටමේ ආතතියට අපගේ අභිප්‍රේරණය වැඩි කරන්න පුළුවන්,” .

උදාහරණයක් විදිහට, නියමිත දවසකට වැඩක් අවසන් කරන්න තිබෙන නිසා ඇතිවෙන මානසික ආතතිය, ඒ වැඩේ ගැන අපට ඇති උනන්දුව වැඩි කරනවා වගේම ඒ වැඩේ නියමිත කාල සීමාවකදී අවසන් කරන්න තිබෙන නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරවනවා. “අනේ මට මේ මේ දේවල් කරන්න තියෙනවා” කියලා එත් ඒ දේවල් කරන්න උනන්දුවක් නැතුව ඉඳපු අත්දැකීම් අපි හැමෝටම තියෙනවා. හැබැයි ඒ දේවල් කරලා අවසන් කරන්න තියෙන අන්තිම දවස ලංවෙද්දි මානසික ආතතිය නිසා හදිසියේ ඇතිවෙන උනන්දුව ඔයාටත් අනිවාර්යෙන්ම දැනිලා ඇති.

 

 

*මානසික ආතතියට ඔරොත්තු දීමේ හැකියාව සහ දියුණුව වැඩි කරන්න පුළුවන්

Manage Your Stress So It Doesn't Manage You - PMC Training

මානසික ආතතිය ගැටළු විසදාගන්න මිනිසුන්ට බල කරනවා. ඒ වගේම අනාගතයේදී අත්දැකීම් වලට මුහුණ දෙන්න ඕනේ වෙන විශ්වාසය හා කුසලතා ගොඩනඟා ගන්න උදවු කරනවා කියලා වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ මනෝචිකිත්සාව හා චර්යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්ය පීටර් විටාලියානෝ පවසනවා. නොදෙනුවත්වම අපිට තියෙන ඔරොත්තු දීමේ හැකියාව හා අපි ගැනම අපිට තියෙන විශ්වාසය මානසික ආතතිය නිසා වැඩිවෙනවා.ඔරොත්තු දීමේ හැකියාව සහ විශ්වාසය වැඩි වීමත් එක්ක මිනිසුන්ට අඩු තර්ජනයක් දැනෙනවා වගේම ඒ වගේ තත්ව පාලනය කරගන්න තියෙන හැකියාවත් වැඩිවෙනවා කියලා ඔහු කියනවා.

නිව් යෝර්ක් නගරයේ බලපත්‍රලාභී සායනික සමාජ සේවකයෙකු වෙන ඇලිසන් බර්වාල්ඩ් කියන විදිහට නම් ඔයාගේ භයට හෝ අභියෝග වලට මුහුණ දෙන්න ආතතිය භාවිතා කළොත් ඒවා වළක්වා ගන්නවා වෙනුවට අත්දැකීම් වලින් කටයුතු කරන්න ඔයාට පුළුවන් වෙනවා.ඔයා කළින්ම ඒකට මුහුණ දීලා අත්විදලා තියෙන නිසාම ආපහු බයට පත් වුණායින් පස්සේ , අනාගතයේදී ඒක හසුරවන්න ඔයාට සුදානම් බවක් දැනෙයි.

 

 

*ආතතියෙන් සම්බන්ධතා ශක්තිමත් කරගන්න පුළුවන්

New co-working space Pavilion opening in Mount Pleasant this summer |  Urbanized

ආතතියේ තියෙන පුදුම සහගත වාසියක් තමයි,මුළු සෞඛ්‍යය පද්ධතියටම ප්‍රධාන වෙන අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනඟා ගන්න ආතතිය උදවු වීම. . “සමාජ සම්බන්ධතාවය කියන්නේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටලු නැතිකරගෙන,ආරක්ෂා වෙන්න ඕනේ වෙන සාධකයක් ,” කියලයි ගුන්තර්ට් කියන්නේ. මිනිසුන්ට වෙනත් පුද්ගලයෙකුගේ ආදරය හා අවබෝධය දැනෙන කොට එයාලට තනිකම සහ හුදෙකලා බව දැනෙන්නේ ගොඩක් අඩුවෙන්.

උපකාරක කණ්ඩායම්, විටාලියානෝ කියන විදිහට මිනිස්සුන්ට එයාලගේ ආතතිය ගැන අනිත් අයත් එක්ක කතා කරන්න හොඳම තැන තමයි උපකාරක කණ්ඩායම්., උපකාරක කණ්ඩායම් වලින් අනුකම්පාව සහ ධනාත්මක හෝමෝන නිපදවනවා කියලා විටාලියානෝ කියනවා. එකිනෙකාට විවෘත වීමෙන්, එකිනෙකාගේ අරගල ගැන දැනගෙන තමාගේ ප්‍රශ්න සංසන්දනය කරන්න පුළුවන් නිසාම එයාලගේ තිබුන ඍණාත්මක හැඟීම් වෙනුවට ධනාත්මක හැගීම් ඇති කරගන්න පුළුවන් කියලා විටාලියානෝ කියනවා.

මිතුරන් හා පවුලේ අය එක්ක ප්‍රශ්න කතා කරලා අපට ඒ අය එක්ක සබඳතා ගොඩනඟා ගන්න පුළුවන්. “සමහර දුෂ්කර කාලවලදී අපි එකිනෙකාට සහයෝගය නොදැක්වූයේ නම් අපේ ගොඩක් මිත්‍රත්වයන් හෝ පවුල් සබඳතා එක හා සමාන නොවේ” කියලා ගුන්තර්ට් කියනවා.

 

 

*මානසික ආතතිය කියන්නේ සාර්ථක දිවි පැවැත්මක කොටසක්

Top 5 Secrets Of A Successful Life - Happiness Creativity

කිසිම මානසික ආතතියක් නැති ජිවිතයක් කියන්නේ ඇත්තටම හොඳ ජීවිතයක්ද ? අපිටනම් හිතෙන්නේ කිසිම stress එකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක් කියලා.හැබැයි එහෙම ජීවත් වෙන එක ඇත්තටම හොඳ දෙයක් නම් නෙමෙයි. ආතතිය ඇතිවෙන තරමට අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි සරල උදාහරණයක් බලමු. උපාධි පාසලක ශිෂ්‍යයෙක් වෙන්න. අයදුම් කිරීමේ ක්‍රියාවලිය ගොඩක් තරඟකාරී. පාඨමාලාව අභියෝගාත්මක වෙන්න පුළුවන් වගේම උපාධිය ලැබුනායින් පස්සේ අධ්‍යයන පසුබිමක ඉදන් ව්‍යාපාරයකට මාරු වෙන එක ඉගෙනුම් ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අන්තිමේදී තමන් ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් තමන් කළා කියලා සතුටු වෙන්න පුළුවන් කියලා ගුන්තර්ට් කියනවා. එයා
කියන විදිහට නම්. “අපි ආඩම්බර වන දේවල් සහ අපේ ජීවිතයේ වඩාත්ම අර්ථය ගෙනෙන දේවල් අමාරුයි.ඉතින් කවදාහරි හිතලා ආඩම්බර වෙන්න නම් අපි අමාරු දේවල් සාර්ථකව කරලා තියෙන්න ඕනේ. ඒ අමාරු දේවල් කරද්දී මානසික ආතතියක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. “අපි ආතතිය අතුගා දැමුවහොත්, අපගේ ජීවිතයේ බොහෝ අර්ථයන් අප විසින් අතුගා දමනවා වෙන්න පුළුවන්.”

මානසික ආතතිය නිසා දවසකට ලෝකයේ කීදෙනෙක් නම් සියදිවි නසගන්නවද? එහෙම සියදිවි නසාගන්න අය කීදෙනෙක් ගැන නම් අපි අහලා ති‍යේද? ජිවිතයේ අනිත් හැම දෙයකින්ම සාර්ථක වෙලා තියෙන මිනිස්සු කොච්චර නම් පොඩි දෙයක් නිසා සියදිවි නසාගෙන ඇතිද? මානසික ආතතිය හොඳටම වැඩි වෙලා එහෙම සියදිවි හානි කරගන්න තත්වයට එන්න කලින් ආතතියේ මුල් අවධියේදීම ආතතිය අපේ ජිවිතයට ඕනේ දෙයක් කියලා ඒ දිහා මේ විදිහට ධනාත්මක විදිහට බැලුවනම්, අපේ ජිවිත සාර්ථක කරගන්න අපිට පුළුවන්කමක් ඇතිවේවි

 

එස්.එස්. තත්සරණී

Surfing වලට ප්‍රසිද්ධ ආරුගම් බොක්ක ගැන ඔබ නොදත් කතාව..

මීට අවුරුදු 5කට එහෙමත් නැත්තම් අවුරුදු 10කට කලින් ඔයා නැගෙනහිර වෙරළ තීරය ගැන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුගෙන් ඇසුවොත් ඔවුන් කියයි “ධීවර” හෝ “ත්‍රිකුණාමල වරාය” කියලා. දකුණු වෙරළ තීරයට හෝ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට සාපේක්ෂව නැගෙනහිර වෙරළ තීරය එතරම් ජනප්‍රිය නැහැ.

සිවිල් යුද්ධය පැවති සමයේ නැගෙනහිර පළාතේ වැඩි කොටසක් එල්ටීටීඊයේ තර්ජනයට ලක්ව තිබූණ නිසත් කොළඹ ඉදන් නැගෙනහිර වෙරළ තීරයට යන්න තියෙන දුර වැඩි නිසාත් දේශීය හා ජාත්‍යන්තර සංචාරකයින් එහි සුන්දරත්වය අත්විඳීමට පසුබට වුණා.

එහෙත් මේ වෙනකොට මේ තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතිනවා. නැගෙනහිර වෙරළ තීරය සංචාරක ගමනාන්තයේ කේන්ද්‍රගත වීම හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානය දිනාගන තිබෙනවා.

නැඟෙනහිර වෙරළ තීරයේ ගමනාන්තවල සංස්කෘතිය හා පරිසරය මේ දිනවල වේගයෙන් වෙනස් වන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න අපේක්ෂාවෙන් අපි ගැස්ම කණ්ඩායම ආගන්තුක සත්කාර උපදේශක වශයෙන් කටයුතු කරන වසීම් අම්සාල් සමඟ කතා කළා.

 

සංචාරක කර්මාන්තයේ සහ රැකියා වෙළඳපොලේ ධනාත්මක වෙනසක්

2019 පාස්කු බෝම්බ ප්‍රහාර සහ 2020 දී කොරොන වෛරසය හේතුවෙන් 2019 සහ 2020 නැගෙනහිර වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයට හොඳම වසර නොවූවත්, නැගෙනහිර සංචාරක ව්‍යාපාරය 2016 – 2018 සිට සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත් අතර බොහෝ සංචාරකයින් සහ දේශීය සංචාරකයින් ගමනාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

කාලයත් එක්ක මේ වෙනකොට රට තුළ සහ ලොව පුරා සංචාරක සීමාවන් සෙමෙන් අඩු වන හෙයින් සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරනවා. නැඟෙනහිර වෙරළ තීරයේ තිබෙන සුන්දර වැලි සහිත වෙරළ තීරයන්, පරෙවි දූපතේ කොරල් පර, කුමන ජාතික වනෝද්‍යානයේ සෆාරි සහ වන ජීවීන් සහ ජල ක්‍රීඩා සහ සර්ෆ්, කිමිදුම් සහ ස්නෝකර්ලිං වැනි ක්‍රියාකාරකම් නිසා සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙලා තිබෙනවා.

බොහෝමයක් නව ආයතන තවමත් මෙහි ආරම්භකරන්න කටයුතු කරමින් තිබෙන අතර තවත් ව්‍යාපාර නැගෙනහිර වෙරළ තීරයේ නව ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනු ලබනවා. ඒවායින් බොහොමයක් හෝටල් සහ අවන්හල් වන අතර ඔවුන් මෙම සමයේදී නැගෙනහිර වෙරළට ඇතුළු වන සංචාරකයින් සහ සංචාරකයින්ගේ පැමිණීම සඳහා පහසුකම් සපයනු ලබනවා. නැ‍ඟෙනහිර වෙරළ තීරයේ සමහර ප්‍රදේශවල රාත්‍රී ජීවිතයද කාලයත් සමඟ වැඩිදියුණු වෙමින් සංචාරකයින්ට නවාතැන් තුළ විනෝදාස්වාදය සඳහා වැඩි විකල්ප ලබා දී තිබෙනවා.

නැ‍ඟෙනහිර වෙරළ තීරයේ වර්තමාන හා නව ආයතන සියල්ලම පාහේ අවට ප්‍රදේශවලින් දේශීයයින් බඳවාගෙන ඔවුන්ට නිසි පුහුණුවක් හා සංවර්ධනයක් ලබා දෙමින් ඔවුන්ගේ කුසලතා සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමට උපකාරී වන අතර ඉහළ ජීවන තත්ත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට මග සලසා දෙන්න කටයුතු කරනවා.

“විශාල ආයතන පමණක් නොව දේශීය කුලී රථ සම්මේලනය ද සංචාරක ව්‍යාපාරයෙන් ලාභ ලබනවා. අරුගම් බොක්ක ඉතා පුළුල්ව පැතිරී ඇති අතර සර්ෆ් ස්ථාන අවම වශයෙන් කිලෝමීටරයක් ​​හෝ දෙකක් දුරින් පිහිටා ඇති බැවින් සංචාරකයින් ඔවුන්ගේ සර්ෆ්බෝඩ් ප්‍රවාහනය කිරීමට සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථ සහ කුලී රථ භාවිතා කරනවා . බයික් මත සර්ෆ්බෝඩ් සවි කළ නොහැකි බැවින් ත්‍රිරෝද රථ සහ කුලී රථ එහි හොඳ මුදල් උපයනවා. ” වසීම් පැහැදිලි කළා.

 

ශ්‍රී ලංකා සංස්කෘතියට නව ක්‍රීඩා හඳුන්වාදීම

ඔබ දැනටමත් අසා ඇති පරිදි, professional surfers සහ surfing enthusiasts අතර ආරුගම් බොක්ක බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින අතර බොහෝ සංචාරකයින් අරුගම් බොක්ක වෙත පැමිණෙන්නේ surfing කිරීමේ එකම අරමුණ සඳහා ය.

World Surf League සහ Surfing Federation of Sri Lanka විසින් සංවිධානය කරන ලද‘So Sri Lanka Pro’ වෘත්තීය සර්ෆින් ශූරතාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට Arugam Bay ට මෙය මග පෑදී තිබෙනවා. මෙම අවස්ථාව දේශීය සර්ෆර්ස් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර සර්ෆින් වාසි ලබා ගැනීමටත් තවත් බොහෝ වෘත්තිකයන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත් හොඳ අවස්ථාවක් ලබා දෙනවා.

2018 දී 27 හැවිරිදි Leshitha Prabath ජාතික සර්ෆින් ශූරයා ලෙස කිරුළු පැළද තිබෙනවා. වේගය, බලය, ප්‍රවාහය සහ flow වශයෙන් ප්‍රබල කුසලතා ප්‍රදර්ශනය කළ හෙයින් ඔහු ශූරයා ලෙස නම් කරන ලදී.

 

එපමණක්ද නොව, බොහෝ දෙනා විසින් surfing ‘man’s sport’ ලෙස සලකනු ලැබුවද, නිල වශයෙන් ලියාපදිංචි කළ පළමු කාන්තා සර්ෆ් සමාජය වන ‘අරුගම් බේ ගර්ල්ස් සර්ෆ් ක්ලබ්’ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම කෙනෙකුට භුක්ති විඳිය හැකි ලෙස සාමාන්‍යකරණය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම සමස්ත කාන්තා සර්ෆ් සමාජය Shamali Sanjaya විසින් මෙහෙයවනු ලබන මේ වෙනකොට කාන්තාවන් 17 දෙනෙකුගෙන් සමන්විත Club එකක් . ඔවුන් බොහෝ විට ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා සර්ෆ් චාරිකා සංවිධානය කරන අතර පරිසරය පිරිසිදුව හා ආරක්ෂිතව තබා ගැනීමට වෙරළ පිරිසිදු කිරීම ද සිදු කරනවා. සමාජයේ නිෂේධාත්මක අදහස් නොසලකා, ඉගෙනීමට උනන්දුවක් දක්වන කාන්තාවන්ට සවිබල ගැන්වීම, සංචාරකයින්ට surf කිරීමට ඉගැන්වීමෙන් හා සමානාත්මතාවය සාමාන්‍ය තත්වයට පත් කිරීම තුළින් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට කාන්තාවන්ට අවස්ථාව සැලසීමට ඔවුහු අපේක්ෂා කරනවා.

 

Eco-friendly පියවරයන් සදහා මාරුවීම

“නැගෙනහිර ජනයා පරිසර හිතකාමී, ඔවුන් කොතැනකවත් ප්ලාස්ටික් භාවිතය දිරිමත් කරන්නේ නැහැ. ඔබ සතුව ඇති ඕනෑම ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන අරුගම් බොක්ක සහ වෙනත් ප්‍රදේශවල ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලා සහ ඉහළ නැංවීමේ ව්‍යාපෘති රාශියක් ස්ථාපිත කර තිබෙනවා. දකුණට සාපේක්ෂව එය දිරිගන්වන සුළු අපේක්ෂාවක් ”යැයි වසීම් පැවසුවා.

එවැනි එක් ආයතනයක් වන්නේ අරුගම් බේ (ඩබ්ලිව්.එල්.ඒ.බී) ය. එහි සම්පූර්ණ සැකැස්ම නැවත සකස් කරන ලද නැව්ගත කරන බහාලුම්වල තැන්පත් කර ඇති අතර එය පහසුවෙන් චලනය කළ හැකි සහ ප්‍රජනනය කළ හැකි ය. මෙම සංකල්පය සාර්ථක බව සනාථ වී ඇති අතර, ශ්‍රී ලංකාවේ ඕනෑම සංචාරක ගමනාන්තයක් තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඇති ඉල්ලුම ඉහළ මට්ටමක පවතින ඔවුන්ගේ විද්‍යාගාරය පහසුවෙන් ගෙනයාමට සහ / හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීමට හැකිව පවතිනවා. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ ප්ලාස්ටික් දූෂණයෙන් ඇති වන අහිතකර සිදුවීම් පිළිබඳව පාසල් ළමුන්, දේශීය ව්‍යාපාරිකයින් සහ සංචාරකයිනට තේරුම්කරදීමයි. ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සඳහා විකල්පයක් ලෙස ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකි ජල පෙරීමේ පද්ධතියක් ඔවුන් සංචාරකයින්ට ලබා දී තිබෙනවා.සංචාරකයින්ට ඔවුන්ගේ ජල පෙරීමේ පද්ධතියෙන් නැවත පිරවිය හැකි අතර ප්ලාස්ටික් බෝතල් සෑදීමට අවශ්‍ය සම්පත් ගණන පිළිබඳව ද ඔවුන් දැනුවත් කරනු ලැබේ. ඔවුන් අරුගම් බොක්ක අවට ප්‍රදේශවලින් ප්ලාස්ටික් බෝතල් සහ වෙනත් ප්ලාස්ටික් භාණ්ඩ එකතු කර හොරණ පිහිටි ඔවුන්ගේ කෘතිම අංගන නිෂ්පාදන කම්හල වෙත ප්‍රවාහනය කරන අතර එහිදී පීඊටී ප්ලාස්ටික් පෙති 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් පොලියෙස්ටර් නූල් බවට පත් කරනු ලබනවා.

පරෙවි දූපත වැනි නැගෙනහිර වෙරළ තීරයේ අනෙකුත් ගමනාන්තවල පරිසරය ආරක්ෂා කිරීමට සහ සමුද්‍ර ජීවීන් සංරක්ෂණය කිරීමට WLAB වැනි වෙනත් ආයතන ද තිබෙනවා.

නැ‍ඟෙනහිර වෙරළ තීරය පිළිබඳ අපි දැනන් සිටියේ මසුන් ඇල්ලීම හා වගා කිරීමට ප්‍රධාන තැනක් ලෙස වුණත් මේ වනකොට නව ක්‍රීඩා වැලඳ ගැනීම, සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සහ පරිසර හිතකාමී පියවරයන් ඇති කිරීම සඳහා වූ මෙම මාරුව ධනාත්මක එකක් ලෙස පෙනෙන්නට තිබෙනවා.