හතර වටෙන් රූපය ගැන හිතන පිරිමි ඔබ, මේ mistakes කරන්න එපා… – 01

රූපය ගැන හිතන පිරිමි ඔබ, මේ mistakes කරන්න එපා… – 01

2020 Nov 25

Men’s Grooming කියන්නේ ලෝකයේ ජනප්‍රිය විෂයක් බව ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. ඉස්සර නම් විලාසිතා, රූපලාවන්‍ය වගේ විෂයන් ගැන වැඩිපුරම උනන්දු වුනේ කාන්තාවන් / තරුණියන් කියල මතයක් තිබුනා තමයි. ඒක මේ වෙනකොට බොරුවක් බව දකින්න ලැබෙන්නේ තමන් අඳින ඇඳුම, තමන්ගේ පෙනුම ගැන තරුණියන් වගේම තරුණයිනුත් විශේෂ සැලකිල්ලක් දක්වන්න පුරුදු වෙලා ඉන්න බව දකින්න තියෙන නිසයි. gasma.lk කියවන තරුණ ඔබ වෙනුවන් මේ තරුණයින්ගේ lifestyle සහ grooming ගැන තොරතුරු බෙදාගන්න අපි තීරණය කළෙත් ඒ නිසාමයි.

 

හුඟක් වෙලාවට තරුණයින් තමන් අඳින ඇඳුම ගැන, තමන්ගේ කොණ්ඩය ගැන, රැවුල ගැන සැළකිලිමත් වනවා දකින්න තිබෙනවා තමයි. නමුත් මේ Men’s grooming කියන විෂය ගැන නිවැරදි අවබෝධයක් තිබෙනවා කියල හිතන්න අමාරුයි. ඒ නිසාම බොහොමයක් තරුණයන් තමන්ගේ පෙනුම පවත්වාගෙන යාමේදී අතපසු කරන දේවල් ටිකක් ගැන ඔබව දැනුවත් කරන්න අපි කල්පනා කළා. ඒ යටතේ අපි ඔබට කියන්න යන්නේ, ඔබේ පෙනුම ගැන සැළකිලිමත් වන ඔබ සාමාන්‍යෙන් කරන mistakes දාහතරක් ගැන විස්තරයි. ඒ අනුව අපි මේ ලිපියෙන් එයින් 7ක් ගැන විස්තර කෙරෙන අතර මේ සම්බන්ධ දෙවන ලිපියෙන් අනෙක් කරුණු 07 ගැන විස්තර කිරීමට අපි බලාපොරොත්තු වනවා. ඉතින් බලන්න මේවායින් කීයක් ඔබත් අතපසු කරනවාද කියලා.

 

  • පළවැනි කාරණය විදිහට අපි ඔබේ අවදානය යොමුකරන්නේ අපිළිවෙලට සහ අශෝබන ලෙස වැවෙන රෝම ගැන. සාමාන්‍යෙන් පිරිමි අයගේ සිරුරේ වැඩිපුර ඝනව රෝම වැවෙනවා. ඝනව වැවෙන රෝම කියන්නේ එක්තරා විදිහක පෞරුෂ ලක්ෂණයක් කියල මතයකුත් පිරිමින් තුළ තිබෙනවා. නමුත් අපි මෙතැනදී මතුකරන කාරණය වෙනස්. ඔබ කරන අතපසුකිරීමක් විදිහට අපි මෙතැනදී සඳහන් කරන්නේ මේ ඝනව සහ අපිළිවෙලට වැවුණු රෝම එලෙසින්ම පවත්වා ගැනීම. ඒක නොකළ යුත්තක්. විශේෂයෙන් මේ Body hair ගැන කතා කරද්දී ඔබේ පිට ප්‍රදේශයේ වැවෙන රෝම ඉවත් කිරීම කළ යුතුයි කියලයි Men’s grooming විශේෂඥයින් කියන්නේ. ඒ වගේම ශරීරයේ අනික් අපිළිවෙල සහ ඝන රෝම පිළිවෙලට කොට කරගෙන (trim) නඩත්තු කරන්නත් ඔවුන් උපදෙස් ලබාදෙනවා.

Back Hair Removal at Home - Body Focus - Viss Beauty

 

 

  • ඊළඟට ඔබේ ඇහිබැම ගැන නොසැලකිලිමත් වීමත් බොහෝ පිරිමින් කරන වරදක් ලෙස සඳහන් වනවා. වරදවා වටහාගන්න එපා. මේ කියන්නේ කාන්තාවන් වගේම ඇහිබැම සිහින් සහ කවාකාරව සකස් කිරීම ගැන නෙමෙයි. නමුත් ඔබ දැක ඇති සමහර අයගේ ඇහිබැම වල රෝම ඉතා දිගුව සහ කෙළවර නැමුණු ස්වභාවයෙන් පිහිටනවා. ඒ වගේම සමහරුන්ගේ ඇහි බැම එකිනෙකට යාවෙලා ඝනව පිහිටා තිබෙනවා. මෙන්න මේ අපිළිවෙල ඇහිබැම නිසි පරිදි සකස් කරගැනීම ගැනයි මේ කියවෙන්නේ. විශේෂයෙන් ඔබේ ඇස් සහ ඇහිබැම මගින් ඔබේ මුහුණට විශේෂ පෙනුමක් ලබාදෙනවා. ඒ නිසා ඔබේ මුහුණේ වඩා හොඳ ප්‍රියමනාප පෙනුමක් ලබාගැනීමට ඇහිබැම වල අක්‍රමිකතා තියෙනවා නම් ඒවා සකස් කරගන්න කියන දේත් මතක් කළ යුතුමයි.

How I Learned to Stop Worrying and Love My Bushy Eyebrows

 

 

 

  • ඊළඟට අපි ඔබට මතක් කරන්නේ ඔබ කරන තවත් බරපතළ අතපසු කිරීමක්. ඒ ඔබේ මුහුණේ සම. කෙනෙකුට හිතෙන්න පුළුවන් සමට ප්‍රතිකාර හෝ සත්කාර කිරීම කාන්තාවන්ට අදාළ දෙයක් කියල. නමුත් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔබේ මුහුණ කියන්නේ ඔබව දකින ඕනෑම කෙනෙක් මුලින්ම දකින ශරීර කොටස. ඒ නිසා ඔබේ මුහුණ නිසි නඩත්තුවක් සහිතව පිළිවෙලට තිබිය යුතුමයි. ඔබේ මුහුණ නිතර පිරිසිදු කිරීම, දෛනිකව momisturizer කිරීම වගේ දේවල් නොසලකා හරිම වරදක්. ඔබේ සම වියළි නම් අවශ්‍ය සත්කාරක ක්‍රීම් වර්ගයක් භාවිතා කිරීම, සම ඇදී රැලි ගැසී ඇත්නම් ඒ සඳහා යමක් සිදුකිරීම කරන්නම ඕනේ දෙයක්. මුහුණේ සමට සත්කාර කරන්නේ කොහොමද කියන කාරණය ගැන අපි වෙනම ලිපියකින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වනවා. නමුත් ඔබේ මුහුණේ සම සෝදා පිරිසිදු කොට තෙල් සහ දැඩි වියළි තත්වය පාලනය කිරීමත්, කුරුලෑ වැඩිපුර තිබේ නම් ඒවා පාලනය කිරීමත් කළ යුතුමයි. ඒ වගේම ආසියාතික රටක දැඩි අවුවට නිතර නිරාවරණය වනවා නම්, සුදුසු sun cream එකක් පාවිච්චි කිරීමටත් අමතක කරන්න එපා.

Help for Dry Facial Skin & Red Skin Around the Nose in Men

 

 

 

  • ඊළඟට ඔබ කරන තවත් වරදක් විදිහට හඳුන්වන්න පුළුවන් වැඩිපුර සහ අපිළිවෙලට වැවුනු කොණ්ඩය පවත්වාගෙන යාම. මේ කියන්නේ දිග කොණ්ඩයක් තිබීම ගැලපෙන්නේ නැහැ කියන අදහසක් නොවෙයි. ඔබ ඔබේ කොණ්ඩයට කැමති විලාසිතාවක් භාවිතා කරාට වරදක් නැහැ. නමුත් ඒ ඕනෑම එකක් නිසි පරිදි නඩත්තු කළ යුතුයි. අපි ඔබෙන් ඇහුවොත් ඔබ Salon එකට යන්නේ කොපමණ කාලයකට වරක්ද කියා..? ඔබ හරි විදිහට ඔබේ කොණ්ඩය නඩත්තු කරනවා නම් සති තුනකට වරක් වත් සැලුන් එකට ගිහින් ඒ අදාළ විලාසිතාව ක්‍රමවත්ව සකස් කරගන්න අවශ්‍ය වනවා. එහෙම නොවුනොත් ඔබේ කැමතිම විලාසිතාව වෙනුවට අපිළිවෙල විසුළුසහගත පෙනුමක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා මගහරින්නේ නැතුව මේ කාරණය ගැනත් සැළකිලිමත් වන්න කියල අපි ඔබට මතක් කරනවා.

Thyroid and hair loss: Symptoms, treatment, and outlook

 

 

  • ඔබ නොසලකා හරින තවත් දෙයක් තමයි ඔබේ කණේ සහ නාසය ඇතුළත වැවෙන රෝම. කණේ ඇතුල් පැත්තේ වගේම පිටතත් රෝම වැවීම සාමාන්‍යෙන් සිදුවන දෙයක්. නමුත් මේවා නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් ඔබේ මුහුණට එකතු වෙන්නේ යල්පිනූ පෙනුමක්. අපිලිවෙලක්. විශේෂයෙන්ම ඔබ උඩු රැවුල වවා තිබුණත්, නැතත්, නාසය ඇතුලින් පිටතට එන රෝම පෙනෙන්න තිබුනොත් එක ඔබේ පෙනුමට වගේම පෞරුෂයටත් හොඳ නැහැ. මේ රෝම කපා දැමීම (trim) කිරීම අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් සකස් කළ උපකරණ (trimmer) වෙළඳපොලේ ඕනෑතරම් තියෙනවා වගේම ලොකු මිළක් ගෙවන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා මේ කාරණය ගැනත් සැළකිලිමත් වන්න කියල අපි ඔබට මතක් කරනවා.

Older men with increased ear and nose hair growth

 

 

  • ඊළඟ වරද ඔබ කරන්නේ ඔබේ රැවුලත් සමගිනුයි. ඔබ රැවුල වවන කෙනෙක් නම්, ඒ රැවුල නිසි පරිදි නඩත්තු නොකිරීම තමයි මෙතැනදී අපි ඔබේ අවදානය යොමු කරවන්න උත්සාහ කරන්නේ. රැවුල වවනවා නම්, ඒ රැවුලේ lines හරියට shape කරලා පවත්වා ගන්න අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔබට අවශ්‍ය ප්‍රමාණයට වවුනට පස්සේ ඊට වඩා වැවෙන අක්‍රමවත් දිග රැවුල trim කරමින් නඩත්තු කිරීම අත්‍යවශ්‍යයි. ඔබ පාවිච්චි කරන රැවුල් විලාසිතාව කුමක් වුවත් ඒ විලාසිතාව පැහැදිළිව පෙනෙන පරිදි හොඳින් නඩත්තු කරගන්න. අනවශ්‍ය facial hair ඉවත් කරන්න. රැවුලේ lines නිවැරදිව maintain කරන්න. ඒ වගේම උඩු රැවුල වවන කෙනෙක් නම් ඒ රැවුලේ රෝම උඩුතොල පසුකරගෙන ඔබේ මුව ඇතුළටත් යන විදිහට නම් පවත්වාගන්න එපා කියලයි අපි උපදෙස් දෙන්නෙ. ඒ පෙනුම ඔබේ රැවුලේ ආකර්ෂණයට වඩා ඔබේ නොසැලකිලිමත් සහ අපිරිසිදු ගැන සාක්ෂියක් විය හැකියි. ඒ නිසා ඔබේ අපිළිවෙල සහ අනවබෝධය මුහුණෙන් නොපෙන්වා ඉන්න උත්සහ කරන්න. එහෙම පෙන්න පටන් ගත්තොත් හානිය වන්නේ ඔබේ පෞරුෂයට බව මතක තියාගන්න.

 

pipedope is dead. in Beard Journey Discussion Archive [DO NOT POST TO THIS SUBFORUM] Forum | Huge beard, Beard no mustache, Beard styles

 

 

  • ඊළඟ කාරණය ඔබේ හිසකෙස්. අපි මුලින් කිවුවා වගේම නිසි පරිදි නඩත්තු කරන ලද කොණ්ඩයක වුනත් මේ අඩුපාඩුව තියෙන්න පුළුවන්. අපිරිසිදු හිසකෙස්. ඔබ ඔබේ හිසට විවිධ oil වර්ග, hair cream, hair spray, hair mose, හෝ ජෙල් වර්ග භාවිතා කරනවා විය හැකියි. මේ සියල්ල නිසා හිසකෙස් විලාසිතාව නඩත්තු කරගන්න පුළුවන් වුනත් නිසි ලෙස පිරිසිදු නොකළොත් පෙනුම කුමක් විය හැකිද.? සිතා බලන්න. තෙල් සහිත, ඇලෙන, ඒ වගේම ඉස්හොරි සහිත හිසකෙස් ඔබට ඉතිරි වේවි. ඒ නිසා ඔබ කළ යුත්තේ කවර ආලේපන පාවිච්චි කරා වුනත්, නිසි පරිදි හිසකෙස් සෝදා පිරිසිදු කිරීම. ඒක දිනපතා කළ හැකිනම් වඩාත් හොඳයි වගේම උණුසුම් වතුරින් සෝදා හැරිය හැකි නම් වඩාත්ම හොඳයි. ඒ නිසා හිසකෙස් වල පිරිසිදුකම ගැන නිතර අවදානයෙන් පසුවන්න කියලත් අපි ඔබට මතක් කරනවා.

How To Take Care Of Oily Hair for Men - 5 Best Solutions

 

අපි ඉහතින් සඳහන් කළ “නොසලකාහැරීම්” 7 අතරින් ඔබ කීයක් මේ වෙනකොටත් කරනවාද කියල ඔබම සිතා බලන්න. මේ සියල්ල ඔබ අනිකාට ප්‍රියමනාප වනලෙස සහ ඔබේ පෞරුෂය කැපී පෙනෙන ලෙස සමාජගත කරද්දී ඔබට වැදගත් වන දේවල්. ඒ නිසා මෙතෙක් ඔබ මේ දේවල් ගැන නොසලකා හැරියා නම්, අදම එකින් එක පටන් ගන්න. ඔබේ වෙනස ඔබටම අත්විඳින්න හැකිවේවි. ඒ වගේම අපි තවත් ඔබ මේ වගේම කරන වැරදි කීපයක් ගැන ඊළඟ ලිපියෙන් දැනුවත් කරන්නම්.

 

-එන්. වෙහෙරදූව-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here