හතර වටෙන් සමේ පැහැයට ගැළපෙන්න ඇඳුමේ පාට තෝරාගන්න දන්නවද…?

සමේ පැහැයට ගැළපෙන්න ඇඳුමේ පාට තෝරාගන්න දන්නවද…?

2020 Nov 19

ඇඳුමෙන් පැළඳුමෙන් මිනිහෙක්ව මනින්න එපා කියන කතාව සෛද්ධාන්තිකව (Theoritically) ගත්තොත් හරියටම හරි. නමුත් ප්‍රායෝගික තත්වයේදී (Practically) ඒක ඇත්තක්ද..? ඔබ ඔබෙන්ම අහල බලන්න. උත්තරය “නැහැ” කියන එක නේද..? අපි අඳින පළඳින විදිහ මත සමාජය අපිව වර්ගීකරණය කරනවා. අපි ගැන පූර්ව විනිශ්චයන්ට එනවා. ඒක නවත්වන්න අපට බැහැ. ඒක නිවැරදි නැති බව දැනගෙනම උනත් අවස්ථාවට ඔබින විදිහට, තමන්ගේ තත්වයට සහ ප්‍රමාණයට / හැඩයට ගැලපෙන විදිහට “හොඳට” අඳින්න අපි හුඟ දෙනෙක් උත්සාහ කරන්නේ අන්න ඒ නිසයි. මේක ගැන කතා කරදී ඉස්සර නම් අපි කිවුවේ විලාසිතා ගැන උනන්දු වෙන්නේ කාන්තා පාර්ශවය කියලයි. නමුත් දැන් තත්වය ඊට වඩා හුඟක් වෙනස්. ලෝකය දිනෙන් දිනම වෙනස් වෙමින් ඉදිරියට යද්දී, විලාසිතා කියන දේ ස්ත්‍රී පුරුෂ වගේ ලිංගික වෙනසක් හෝ වෙන හේතුවක් මත බලපවත්වන්නේ නැහැ කියන දේ පැහැදිළියි. ඒ නිසා තමන්ට පුළුවන් උපරිම හොඳින් පිළිවෙලට සහ ලස්සනට අඳින්න හැමෝම උත්සාහ කරනවා අපි දකිනවා.

This new website is like an Amazon for women of color and it's awesome | HelloGiggles

මේ ඇඳුම් තෝරා ගද්දි ඔබ ඇත්තටම ඒ ගැන දැනුවත්ද කියන කාරණය ගැන නම් සමහර වෙලාවට ගැටළු පවතිනවා කියන දේ තමයි අපට බැලූ බැල්මටම පෙන්න තියෙන්නේ. සමහර මිළෙන් අධික වටිනා ඇඳුම් තෝරාගෙන අඳින සමහර පුද්ගලයන් ඒ ඇඳුමේ වටිනාකම නිවැරදිව පෙන විදිහට අඳින්න දන්නේ නැහැ. නැතිනම් වටිනා ඇඳුමක් මිළදී ගත්තත් ඒකෙ විලාසිතාව හෝ වර්ණය තමන්ට ගැළපෙනවාද නැද්ද කියල දන්නේ නැහැ. ඒ නිසා gasma.lk කියවන ඔබට ඔබ අඳින ඇඳුම් ගැන දැනගත යුතුම වැදගත් කාරණා ටිකක් කියන්න අපි කල්පනා කළා. ඒ යටතේ මුලින්ම අපි කතා කරන්නේ “වර්ණ” ගැන. අපි දකින බහුලම ප්‍රශ්නයක් තමයි තමන්ට ගැළපෙන වර්ණ තොර ගන්න නොදන්නා කම. මේකත් ගැහැණු පිරිමි හැමෝටම පොදු ප්‍රශ්නයක්. තමන්ගේ සමේ පැහැයට සහ ශරීරයේ පරිමාවට අනුව ගැලපෙන වර්ණ තෝරාගන්නවා කියන එක රොකට් සයන්ස් එකක් නෙමෙයි කියල ඔබ හිතනවා ඇති. ඒක ඇත්ත තමයි. නමුත් ඒ සරළ විෂය නොදැන සිටීමෙන් ඔබ කොතරම් වටිනා ඇඳුම් ඇන්දත් ඒ ඇඳුම ඔබට වටිනාකමක් ගෙන නොදෙවී. ඒ නිසා අපි මේ කියන කාරණා ගැන තරමක් සැළකිලිමත් වෙලා මීට පස්සේ ඇඳුම් තෝරන්න යන්න කියල අපි ඔබට මතක් කරනවා.

There's nothing like a flash of leg in winter and Hadid is single-handedly ensuring us that all we *really* need to be chic this winter is a sumptuous robe coat and over-the-knee suede boots.

වර්ණ තෝරාගන්න කලින් මුලින්ම ඔබ, ඔබේ සමේ පැහැය මොකක්ද කියන එක නිවැරදිව වටහා ගන්න වෙනවා. ඉන් පස්සේ තමයි ඔබට ගැලපෙන වර්ණය තෝරාගන්න වෙන්නෙ. ඔබේ සම පැහැපත් නම්, ඒ කියන්නේ අපි සාමාන්‍යෙන් කියන විදිහට ඔබ, “සුදු” කෙනෙක් නම් තරමක් තද පැහැයකට හුරු සහ සමේ වර්ණයෙන් වෙනස් වන විදිහේ වර්ණ තෝරා ගැනීම කළ යුතුමයි. ඔබේ ඇඳුම වඩා හොඳින් පෙනෙන්නේ එහෙම වර්ණ තෝරා ගත්තොත් පමණයි. ඔබේ ඇඳුම් වල වර්ණය තරමක් අඳුරු පහ වන තරමට එවැනි පැහැපත් සමක් ඇති කෙනෙකුට, සමේ වර්ණය සහ ඇඳුමේ වර්ණය වෙනස්ව සහ අලංකාරවත් ලෙස පෙන්විය හැකියි. උදාහරණ විදිහට අළු, දුඹුරු, බර්ගන්දී, බොට්ල් ග්‍රීන්, නේවි බ්ලූ, කළු නිල් පැහැය වගේ පාට නිර්දේශ කළ හැකියි. ඔබ මෘදු වර්ණ විශේෂයෙන් පැස්ටල් වර්ණ වලින් වැළකීම කළ යුතුමයි. එවැනි පාට ඇඳුම් අඳින්න ගත්තොත් ඔබේ පෙනුම උද්‍යෝගයක් නැති මලානික පෙනුමක් විදිහට දකින්නාට පෙනෙන්න පුළුවන්. සුදු, ලා දුඹුරු, ක්‍රීම් පැහැය, ඕෆ් වයිට්, වගේ වර්ණ ඔබේ ඇඳුම් රාක්කයට ගැළපෙන්නේ නැහැ.

මෙතන යම් ගැටළුවක් ඇතිවන්න පුළුවන්. මේ විදිහේ ලා පැහැති මලානික වර්ණ වලට ඔබ වැඩි කැමැත්තක් දක්වනවා යැයි සිතමු. ඔබට විකල්පයක් නැතිද.? එවැනි කෙනෙකුට කළ හැකි සරළම විකල්ප තෝරාගැනීමක් තිබෙනවා. හැම විටම මේ උදාසීන ලා වර්ණ තද දීප්තිමත් වර්ණ එක්ක මිශ්‍ර කරන්න. එවැනි මිශ්‍ර කිරීමකින් ඔබේ ඇඳුම නිර්මාණය කර ගත්තොත්, ඔබට මේ කරදරයෙන් වැළකිලා ඔබ කැමති වර්ණය අඳින්න ලැබේවි.

75 fall outfits for inspiration you'll want to copy #fall #outfits

ඔබට තිබෙන්නේ පැහැපත් හෝ අඳුරු කියන වර්ණ දෙකටම අයත් නොවන මද මට්ටමේ වර්ණයක සමක් නම් එතැනදී ඔබ මොඅද කරන්නේ.? ඔලිව් පැහැය කියල අපි සරළව මේ සමේ වර්ණය හඳුන්වනවා. දැන් සමේ වර්ණය ගැන කියවෙද්දීම ඒක “මධ්‍යම” ප්‍රමාණයේ කියල හඳුන්වා තියෙන නිසා ඔබට යම් අදහසක් ඇති කියල අපි හිතනවා. ඔබ එහෙම සමක හිමිකරුවෙක් / හිමිකාරියක් නම්, තෝරා ගන්නා වර්ණත් මධ්‍යම ප්‍රමාණයේ විය යුතුයි. තද වර්ණ වගේම දීප්තිමත් ලා වර්ණත් ඔබට ගැළපෙන්නේ නැහැ. ඒ දෙක අතරමැද තියෙන වර්ණයක් ඔබ තෝරා ගත යුතුයි. ඔබ දුඹුරු වර්ණයේ වර්ණාවලියෙන් එකක් තෝරාගත යුතුයි කියල හිතමු. ඔබ ලා දුඹුරු (බිස්කට්) පැහැය හෝ තද දුඹුරු (චොකලට්) පැහැය කියන දෙකෙන්ම වැළකිය යුතුයි. ඒ වෙනුවට ඔබ මේ වර්ණාවලියේ මැද තිබෙන වැලි පැහැය වැනි තැනකින් වර්ණය තෝරා ගත යුතුයි.

ඒ වගේම ඔබට තියෙන වර්ණාවලියෙන් කහ පාට සහ කොළ පාට වැනි දේ ඉවත් කරගන්නවා නම් වඩාත් සුදුසුයි. කහපාට වර්ණාවලියේ එන බොහෝ වර්ණ වගේම කොළ පාටට අදාළ වර්ණාවලියේ වර්ණත් භාවිතා නොකිරීම වඩාත් සුදුසුයි. ඒ වෙනුවට ඔබට pistachio, mustard, olive සහ mocha brown වගේ වර්ණ වලට යොමුවන්න පුළුවන්. මේ වවිධ නම් වලින් එන වර්ණ මොනවද කියල ඔබ හරියටම දන්නේ නැතිනම් ඒ ගැන අන්තර්ජාලයෙන් ඔබට හරියටම හොයාගන්න පුළුවන්කම තිබෙන නිසා ඔබට පහසුවෙන් සමට ගැළපෙන වර්ණ වල ඇඳුම් තෝරාගන්න හැකියාව ලැබේවි.

Vestido de 15 anos: dicas e inspirações para escolher o seu (50 looks)

ඊළඟ ප්‍රභේදය වන්නේ කළු / අඳුරු පැහැති සමක් සහිත කොටස. ඔබ සමහරවිට විශ්වාස කරන්නත් මැලි විය හැකියි. නමුත් අනික් වර්ණ සියල්ලටම වඩා අඳුරු පැහැති සමක් සහිත පුද්ගලයින්ට විවිධ වර්ණ වල ඇඳුම් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. ජානමය වශයෙන් ලොතරැයියක් ඇදීමක් වගේ දෙයක් ඔබට මේ අඳුරු සමක් ලැබීමෙන් සිදුවෙලා ඇති බවයි විලාසිතා පිලිබඳ විශේෂඥ මතය වන්නේ. එනම් කිසිදු චකිතයක් හෝ බියක් නොමැතිව වර්ණ භාවිතා කිරීමේ හැකියාව එවැනි සමක් සහිත පුද්ගලයන්ට තිබෙන බව ඔවුන් පවසනවා. නමුත් එවැනි සමක් වෙනුවෙන් වුනත් වඩා සුදුසු වර්ණ ගැන සඳහන් වනවා. jade green හෝ cobalt blue වඩාත්ම සුදුසු වර්ණ වන බව විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ අදහස වී තිබෙනවා. නමුත් විවිධ වර්ණ කීපයක් මිශ්‍ර කරගත් වර්ණවත් ඇඳුම් භාවිතා කිරීම ඔවුන් අනුමත කරන්නේ නම් නැහැ. අඳුරු සමක් සහිත පුද්ගලයින්ට පවා කැමති වර්ණ එකක් හෝ දෙකක් මිශ්‍ර කිරීමෙන් පමණක් ඇඳුම් නිර්මාණය කරගන්නා ලෙස තමයි ඔවුන් උපදෙස් ලබා දෙන්නේ.

නමුත් දුඹුරු පැහැති වර්ණ සංයෝජනය හෝ සමේ වර්ණයට ආසන්න වර්ණ තෝරා නොගන්නා ලෙස විලාසිතා නිර්මාණ ශිල්පීන් උපදෙස් ලබාදෙනවා. එවැනි වර්ණ ඇඳීමෙන් ඔබේ සම සහ ඇඳුම අතර වෙනස කැපීපෙනීමක් සිදු නොවීම නිසා එවැනි තෝරාගැනීම් වලින් වලකින ලෙස තමයි ඔවුන් උපදෙස් ලබාදී තිබෙන්නේ. කෙසේ නමුත් බොහෝ පුද්ගලයින් කළු හෝ Navy Blue වර්ණ දෙක භාවිතා කිරීම සිදුකරනවා. එවැනි වර්ණ වෘත්තියවේදීන් බොහෝවිට භාවිතා කරන නිසා එයින් වලකින ලෙස උපදෙස් දීම අපහසු බවයි විලාසිතා විශේෂඥයින්ගේත් අදහස වන්නේ.

නමුත් මේ සියලු සෛද්ධාන්තික කාරණා අතරෙත් සමහර විලාසිතා නිර්මාණ කරුවන් මේ සියල්ල ප්‍රතික්ෂේප කරන අවස්ථා දකින්න තිබෙනවා. එවැනි පුද්ගලයින්ගේ අදහස වන්නේ “ඔබ යම් වර්ණයක් ඇඳීමට කැමති නම් ඒ වර්ණය ඇඳීමට තරම් ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයකු බව පෙන්වන්න” කියන මතයයි. ඒ කෙසේ නමුත් අපි මුලින්ම සඳහන් කරා වගේ, ඇඳුම සහ ඇඳුමේ විලාසිතාවත් වර්ණයත් ඔබ පිළිබඳව “යම් අදහසක්” සමාජයට ගෙනයන නිසා, ඔබ ඇඳුම් තෝරා ගැනීමේදී වර්ණ සහ සමේ පැහැය කියන කරුණු ගැන මේ සාමාන්‍ය සිද්ධාන්ත පිලිබඳ සැලකිලිමත් වීම වැදගත් කියලයි පොදු මතය පවතින්නේ. ඒ නිසා, ඇඳුමක් අඳින්න ආසාවක් ඇතිවූ පමණින්ම ඒ ඇඳුම මිළදී ගැනීමක් නොකර ඒ වර්ණය, ඔබේ සැමට සමේ පැහැයට ගැළපෙනවද නැද්ද කියන කාරණය පිලිබඳ සැලකිලිමත් වීමෙන් ඔබට ඔබේ පෞරුෂය තවත් මතුකර පෙන්වන විදිහට ඇඳුම් අඳින්න අවස්ථාව ලැබේවි.

– අන්තර්ජාලය ඇසුරිනි –

එන්. වෙහෙරදූව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here