Blog Page 39

දවල්ට කන්න Cimply Yummy එකට යනවානම් මේ ගැනත් දැනගෙන යන්න…

 

බේකන් හා චීස් කොත්තු ගැන කිව්වම කටට කෙල උනනවානේද? හැබැයි ඉතින් කොත්තු වගේ දේවල් කොහෙන් ගත්තත් අපි ඒකේ ගුණාත්මක භාවය කොහොමද කියලා බලලා තමයි කන්න ඕන. ඒකට හේතුව ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නැත්නම් ඉතින් බඩේ අමාරුවලින් පීඩා විඳින්න තමයි වෙන්නේ. ඉතින් අපි ඔන්න දවල් කෑම ගන්න ගියේ මේ කොත්තු කඩේට. මේක සාමාන්‍ය කොත්තු අවන්හලක්. මේකේ හැමදෙයක්ම පිළිවෙලට හා පිරිසිදුව අසුරලා තියෙන අයුරු තමයි අපිට දැකගන්න ලැබුනේ.

මේ කොත්තු අවන්හලෙන් අපිට ප්‍රසන්න සේවාවක් ලබා දුන්නා. ඒ වගේම අපි ඇනවුම් කළ ආහාර ලබාගන්න ටික වෙලාවක් ගත වුවත් අපි ඕඩර් කරපු සියලු දේ එකවරම අපිට ගෙනත් දුන්නා. ඔවුන්ගේ මෙනු එකේ විවිධ වර්ගයේ ආහාර වර්ග විශාල ප්‍රමාණයක් තිබුණත් හැම දෙයක්ම ලබාගන්න පුළුවන් වුණේ නෑ. ඒකට හේතුව තමයි එයාලා මේ වැඩේ පටන් අරන් තියෙන්නේ අලුතෙන්. හැබැයි ඒ හැම ආහාරයක්ම ඉදිරියේදී ලබාදෙන්න මේ අය කලමණාකාරණය කරමින් සිටින බවක් තමයි අපිට දැකගන්නට ලැබුණේ.

Starters

Cream of Chicken Soup – රුපියල් 400

මේ සුප් එකනම් තනියම ඉවර කරන්න ටිකක් අමාරුයි. හේතුව තමයි ඒක ඒ තරම් විශාලයි. සමහරු සුප් එකට ලුණු වැඩියි කියලා කිව්වත් මමනම් ඒ රසට කැමතියි. සුප් එක ක්‍රීම් ගතියෙන් තියෙනවා. chicken එහෙම හොඳට සුප් එකට එකතු කරලා තමයි මේක රසට හදලා තියෙන්නේ.

ප්‍රධාන ආහාර

 

Bacon and Cheese Kottu – රුපියල් 650

 

අපි ඕඩර් කලෙත් මේ Bacon and Cheese කොත්තුවක්. මේ කොත්තුවේ අපි බලාපොරොත්තු වෙච්ච හැමදේම තිබුණා. කොත්තුව වඩා විශාල නොවූවත් එය ඉතාමත් රසවත්ව පිළියෙල කරලා තිබුණා.

Chicken Noodles – රුපියල් 450

 

අපි මේ නූඩ්ල්ස් එක ඇනවුම් කළේ පසුව වුණත් අපි මේ අවන්හලෙන් ඇනවුම් කළ හොඳම dish එක තමයි මේක. එය කුලුබඩු නියම ආකාරයෙන් යොදපු ඉතාමත් රසවත් මිහිරි ආහාර වේලක් වුණා අපි හැමෝටම. කැරට්, කුකුළු මස් මිශ්‍ර කර ඉතාමත් රසවත් මෙම නූඩ්ල්ස් එක පිළියෙල තිබුණා.

 

Chicken Fried Rice – රුපියල් 450

 

 

Chicken Fried Rice කියන්නේ ඕනෑම අවන්හලක ප්‍රධාන ආහාරයක්. ඉතින් අපි මේ Chicken Fried Rice එකෙත් රස කොහොමද කියලා හොයලා බැලුවා. අනෙක් Fried Riceවල වගේම මේකෙත් වර්ණ හා සිත් ඇදගන්නා පෙනුමක් තිබ්බත් රසවත් බවක් නම් තිබ්බේ නැහැ. මේ අවන්හලේ අනෙක් ආහාරත් එක්ක බලනකොට Fried Rice එකේ රසවත් බව අඩු මට්ටමක පවතින අතර ඔබ මොවුන්ගේ වෙනත් ආහාර අත්හදා බලනවානම් වඩාත් සුදුසුයි.

Cimply Yummy යනු අතිවිශිෂ්ට ආහාර වර්ග රාශියක් ලබා දෙන ආකර්ශනීය කුඩා අවන්හලක්. එය හොඳම භෝජන අත්දැකීමක් නොවුනත් ඔබට ඔවුන්ගේ ආහාර ඕඩර් කරලා ගෙන්වාගන්න පුළුවන්. ඒ කියන්නේ Uber eats වලිනුත් ගෙන්වාගන්න පුළුවන්.

 

ඔයත් විනෝදෙට සිගරට් බොන කෙනෙක්ද? යාළුවෝ එක්ක එකතු වුණාම ෂීෂා වගේ දේවල් ට්‍රයි කරනවාද?

පසුගිය වසරවල මෙන්ම වර්තමානය වන විටත් දුම්පානය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. තමන්ගේ මිතුරන් සමග සිටින විට මෙන්ම රාජකාරී ස්ථානයේ හෝ වේවා සිය නිවසේදී හෝ වේවා මේ දුම්පානය ප්‍රියතම විනෝදයක් බවට පත්වෙලා තියෙනවා. එහෙත් දුම්පානය සහ මෙමගින් සිදුවන හානිය කොතෙක්ද යන්න බොහෝ දෙනෙක්ට අමතක වී ගිහින්. විශේෂයෙන් තරුණ පරම්පරාවන් අතර මෙම ජනප්‍රිය පුරුද්ද වැඩි වශයෙන් දැකගන්නට ලැබෙනවා.

මෙම දුම්පානය සෞඛ්‍යට අහිතකර වන්නේ කොහොමද? අවම වශයෙන් අපේ රටේ තරුණ පරම්පරාව මෙම දුම්පානය මගින් සිය ශරීරය තුළට දුමක් විදියට ඇතුළුවන්නේ කුමක්ද යන්න හෝ දැන සිටිය යුතුයි. ඉතින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බලන්නට අප, උපදේශන ශ්වසන වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය සමග කතා කළා. මේ ඇය මේ ගැන කියූ කරුණුයි.

දුම්පානය පිටුපස ඇති ජීව විද්‍යාව

වෛද්‍ය රාජපක්ෂ මහත්මිය අවධාරණය කරන පරිදි දුම්පානය මගින් ඇතැම් විෂ ද්‍රව්‍ය ශ්වසන පද්ධතියට ඇතුළු වීම මගින් පෙනහළුවලට හානි සිදුවනවා. එය ක්‍රම කිහිපයකින් සිදුවන අතර පළමු ක්‍රමය නම් ශ්වසන මාර්ගය ඇතුලත ඇති සිහින් ආරක්ෂිත ව්‍යුහයන් හානි කිරීමයි. එය සිලියා යන නමින්ද හඳුන්වනවා. මෙම සිලියා මගින් සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ විෂ හා දූවිලි පද්ධතියෙන් ඉවතට ගෙන යාමයි. නමුත් දුම්පානය මගින් අපගේ පෙනහලුවලට ඇතුළුවන දුමාරයේ සංඝටක මගින් මෙම සිලියා විනාශ වන අතර එමගින් අපේ ශ්වසන පද්ධතිය සුළු දෙයකන් පවා (උදාහරණ ලෙස දූවිලි, පරාග, සත්ත්ව ලොම්, ආසාදන) අවදානමකට ලක්විය හැකියි.

දුම් පානය, පෙනහළු පිළිකා සහ වෙනත් තත්වයන්

දුම් පානය කරන්නන් සහ පෙනහළු පිළිකා අතර සැලකිය යුතු සම්බන්ධයක් තියෙනවා. පෙනහළු පිළිකාවෙන් මියයන පිරිස අතර වැඩි පිරිසක් පිරිමි පාර්ශවයයි. දුම්පානය හා සම්බන්ධ ඊළඟ ප්‍රධාන තත්වය වන්නේ පෙණහල්ල පිළිබඳ නිදන්ගත රෝගයි (Chronic Obstructive Pulmonary Disease (COPD). මෙය ආරම්භ වන්නේ දුම් පානය කරන කෙනෙකුට දිගු කාලයක් තිස්සේ තිබුන කැස්සකින්. වාමඟ ප්‍රදාහය වීමෙන් සහ පෙනහළු වල ඇති ආරක්‍ෂිත පක්ෂ්මයට හානි වීමෙන් මේ රෝගය ඇති වේ. එයින් පෙනහළු වල සෙම එකතු වේ. මේ නිසා හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා දුම්පානයෙන් පෙනහළු රෝග සහ වෙනත් ශ්වසන රෝග සඳහාද ගොදුරු විය හැකියි.

දුම්පානයෙන් ඇති විය හැකි බලපෑම් වලට යොවුන් වියේ අය ගොදුරු වෙනවාද?

අපිට මේක කුඩා දරුවන් හා තරුණ වැඩිහිටියන් ලෙස බෙදා දක්වන්න පුළුවන්. කුඩා දරුවන් ඉදිරියේ දුම්පානය කරන පුද්ගලයින්ට එම දරුවන්ගේ පෙනහළුවලට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. විශේෂයෙන් එම දරුවන් ඇඳුම රෝගයෙන් පෙලෙනවානම් මෙමගින් අවදානමක් ඇතිවෙන්න තියෙන අවස්ථා වැඩියි. එමෙන්ම ගර්භනී කාන්තාවන් දිගින් දිගටම දුම් පානය කරනවානම් එම දුමාරයේ සංඝටක දරුවාගේ රුධිරයට ඇතුළු වී පෙනහළුවල වර්ධනය නතර කළ හැකියි. එමගින් දරුවා වැඩිහිටියෙකු බවට පත්වන විට ඔහුගේ පෙනහළු සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවනු ඇත.

තරුණ වැඩිහිටියන් දුම් පානය කිරීම ගැන කතා කරන විට, එය සමුච්චිත බලපෑමක් විදියට හඳුන්වන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, වයස අවුරුදු 40 දී දුම් පානය ආරම්භ කර දැන් 70 වන වියේ පසුවන අයෙක් අවුරුදු 30 ක් දුම්පානය කර ඇති නමුත්, ඔහුට 18 හැවිරිදි වියේ දී දුම්පානය ආරම්භ කළ එම වයසේම අයෙකුට වඩා හොඳ පෙනහළු යුගලයක් තිබෙන්නට පුළුවන. ලාබාල වයසේදීම දුම් පානය ආරම්භ කිරීම තුලින් ඔබගේ පෙනහළු වඩාත් නරක අතට හැරෙනවා. එම අර්ථයෙන් ගත්තොත්, දුම්පානයේ අනිසි ප්‍රතිපල වලට තරුණ වැඩිහිටියන් වඩාත් ගොදුරු වෙන්න පුළුවන්.

අක්‍රීය දුම්පානය ශරීරයට කෙතරම් අහිතකරද?

බොහෝ දෙනෙක් දුම්පානය නොකරත් වෙනත් අයෙක් පානය කරන සිගරට් එකක දුම ආශ්වාස වීම සාමාන්‍ය කාරණයක්. මේ තත්වය පෙණහළු පිළිකා වැනි ලෙඩ රෝග වලට හේතුවක් වනවාද කියන එක බෙහෝ දෙනෙකුට ගැටලුවක්. පිළිතුර ඔව්. බොහෝ විට මේ අක්‍රීය දුම්පානය සෘජුව පුද්ගලයෙකුට වන හානියට වඩා හානිකර වෙන්න පුළුවන්. මීට හේතුව අක්‍රීය දුම්පානයට ලක්වන කෙනෙකුට ක්‍රම දෙකකට දුම් ශරීරගත වීමයි. සිගරට්ටුව දැල්වෙද්දී පිටවන දුමත් ඔබ ළඟ සිටින දුම්පානය කරන පුද්ගලයා ප්‍රාශ්වාසයෙන් පිටකරන දුම කියන ක්‍රම දෙකෙන්ම ඔබට දුම ශරීර ගත විය හැකියි. ඒ අනුව මේ ක්‍රම දෙකෙන්ම පිටවන දුම පිළිකාකාරක ද්‍රව්‍ය විදියට හඳුන්වාදෙන්න පුළුවන්.

ෂීෂා එතරම් නරක නැද්ද?

සිගරට් එකක් මෙන් නරක නොවන බව පවසමින් බොහෝ දෙනෙක් ෂීෂා වෙත යොමුවෙන අවස්ථා දැන් බොහෝ විට දැකගන්න පුළුවන්. හැබැයි කවුරුත් නොදන්න දේ තමයි මෙය සිගරැට්ටුවකට වඩා නරක බව. සමහරෙක් කියා සිටින්නේ පයිප්පයේ භාවිතා කරන ජලයෙන් නිකොටින් අවශෝෂණය කර දුම් පානය කිරීම හානිකර වෙන්නේ නෑ කියලායි. මිනිසුන් ඔවුන්ගේ උපකරණ ගැන සැලකිලිමත් නොවන්නේ නම් සහ එය නිසි ලෙස පිරිසිදු නොකරන්නේ නම් මීට භාවිතා කරන ජල මාධ්‍යය බැක්ටීරියා සහ දිලීර වැඩීමට සුදුසුම ස්ථානය බවට හඳුන්වන්න පුළුවන්. මෙම උපකරණය භාවිත කරන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකමක් හරහායි. එබැවින් මෙය ආසාදන හෝ බැක්ටීරියා බෝවන උපකරණයක් බවට හඳුන්වාදෙන්න පුළුවන්.