රස ගැස්ම ColomBar, විශිෂ්ට කොක්ටේල් සහ ආහාර වර්ග සමග, දැන් ඔබ වෙනුවෙන්ම විවෘතයි

ColomBar, විශිෂ්ට කොක්ටේල් සහ ආහාර වර්ග සමග, දැන් ඔබ වෙනුවෙන්ම විවෘතයි

2020 Jan 9

Open Time:

Sunday to Thursday 5PM - 12PM, Friday to Saturday 5PM - 2AM

Address

115, Sir Chittampalam A Gardiner Mawatha, 00200

directions

Located at Cinnamon Lakeside

Contact No

0112 491 000

Menu

සිනමන් ලේක් සයිඩ්හි පිහිටා තියෙන ColomBar, විශිෂ්ට කොක්ටේල් සහ ආහාර වර්ග සමග , දැන් ඔබ වෙනුවෙන් විවෘතයි! ඉතින් උණුසුම් හැන්දෑවක, බේරේ වැවේ ලස්සන වීව් එකක් තියෙන මේ නවීන පන්තියේ බාර් එකට අපිත් ගියා. මෙහි එළිමහනේ 80 කට පමණ සුවපහසු ලෙස අසුන් ගන්න පුළුවන්. තව ගෘහස්ථ ආසනත් වෙන් කරලා තියෙනවා.

Drinks

කොක්ටේල්ස් (Cocktails)

Lantharuma – Rs 1,200


සියලුම ColamBar බීම සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික රසයන්ගෙන් යුක්තයි. Ceylon Arrack, අච්චාරු ඩිස්ටිලේට්, ඉඟුරු සහ සියඹලා වලින් හදන ලද මේ කොක්ටේල් එක අපි ඇණවුම් කරපු සැර කොක්ටේල් වලින් එකක්. ඒ වගේම තමයි මොවුන්ගේ විශේෂත්වය වෙන්නේ ඉතාමත් ආශ්වාදජනක ලෙස ඉදිරිපත් කිරීමයි. ඉතින් මේ කොක්ටේල් එක අපිට බොන්න ලැබුණේ සැබෑ ලන්තෑරුමකිනුයි. සැර කොක්ටේල් එකක් වුණාට සිසිල් කරවන ස්වාභාවයකුත් මේ බීම එකට තියෙනවා. ඇල්කොහොල්වල තියුණු රසයත් එකක් සියුම් පැණි රසක් මුසුවී ඇති නිසා සියඹලා ටොෆියක රස මතක් වෙන්නත් පුළුවන්.

Mr Taylor – Rs 990


ශ්‍රී ලංකාවට තේ වගාව හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය ජේම්ස් ටේලර්ගේ නමින් හඳුන්වන මේ පානයත් කොමඩු රසයකට මුසුවූ සියුම් ජැස්මින් තේ රසයකින් යුක්තයි. මේ කොක්ටේල් එක සිහිල් කරලත් උණුසුම් හැන්දෑවක බීමට වඩාත් සුදුසුයි.

TikakPepsith Wage – Rs 990

TikakPepsith Wage කොක්ටේල් එක පෙප්සි, Ginger Ale සහ රොක්ලන්ඩ් රම් මිශ්‍රණයක්. රම්වල රසය යන්තම් දැනෙන නිසා එය පානය කිරීම පහසු කරයි. නමුත් මේ කොක්ටේල් එක බීලා මිනිත්තු කිහිපයකට පසුව ඔබට මෙය තදින්ම දැනෙන නිසා බොනකොට ටිකක් ප්‍රවේසමෙන් බොන්න කියලත් අපි මතක් කරනවා.

YaalPanam – Rs 990


සැර රස වලට හා විවිධ රසයන්ට රුචිකත්වයක් ඔබට ඇත්නම්, මේ කොක්ටේල් එක ඔබට ඉතාම කදිමයි. කුඩා සෙරමික් තේ පෝච්චියක ඉදිරිපත් කරන මේ පානය යාපනයට යන ගමනක් වගේ අත්දැකීමක් වෙයි.

මොක්ටේල්ස් (Mocktails)

පඩික්කම – Padikkama – Rs 990

මෙම පානය අයිස් යොදා බාර් එකෙන්ම සකස් කර සාරවිට මිශ්‍රණයක් සමග ඔබට පිළිගන්වන්නේ කුඩා පඩික්කමකයි. නැවුම් සහ සැහැල්ලු රසයක් එයට එක් වුණත් එහි රසය මොකද්ද කියලා ඔබට බොහෝ විට මුලින් සිතා ගන්නනම් බැරිවෙයි.

Mains

Sides

Spiced Potato Fries – Rs 350

මෙය ඉතා රසවත් බවක් ගෙන දෙන බවනම් අපට විශ්වාසයි. මිරිස් පදමට යොදා මෙය සකස් කර තිබෙනවා. ඒ වගේම තමයි රුපියල් 350ක් වැනි මිලට සරිලන ආහාරයක් ඔබට රස විඳින්න අවස්ථාව ලැබෙනවා.

Ceylon Mixed Grilled – Rs 1800

ඔන්න ඉතින් මේ Mixed Grilled එකනම් අපි අපේක්ෂා නොකළ තරමක් පොඩි පෝර්ශන් එකක් තමයි අපිට ලැබුණේ. බැටළු මස් කට්ලට්, ගම්මිරිස් යෙදූ හරක් මස් මීපැනි සහිත බාබකියු චිකන් මාළු ස්ටේක් දැල්ලන් සහ ඉස්සන් මිශ්‍ර කර ඇති නමුත් එහි අපි බලාපොරොත්තු වූ රසයක් මතු වුණෙ නැහැ. පොඩි රසයක් හරි තිබ්බේ එහි තිබූ තක්කාලි වලයි.

අතුරුපස (Dessert)

Coconut Creme Brulee – Rs 450

තරමක් විශාල මැටි බඳුනක තැන්පත් කර ඇති පොල් බෑයක මේ අතුරුපස ඔවුන් අපට පිළිගැන්වූවා. මෙහි සියුම් පොල් රසයක්ද මුසුවී තිබීම නිසා අමුතු රසයක් එක් කළා.

වටපිටාව


lake side එකෙන් හමා එන සුළගත් එක්ක සුන්දර වටපිටවක තටාකයේ වම් පැත්තට වෙන්න මේ bar එක පිහිටලා තිබෙනවා. bar එක Open කරන වෙලාව පහුවෙලා විනාඩි 45 පහකට පසුව තමයි අපි මෙතනට ගියේ. නමුත් අපි යන වෙලාව වෙනකොට කාර්යමණ්ඩලය ඒ වෙනකොටත් පිරිසිදු කිරීම් කරමිනුයි සිටියේ. වේටර්වරුන්ගේ අවධානය අප වෙත යොමුවෙන්න තවත් සෑහෙන වෙලාවක් ගත වුණා. ඔවුන්ගේ සේවාවන් ‌ගොඩක් මන්දගාමී කියල නම් අනිවාර්යයෙන් කියන්න අවශ්‍යයි. ඔවුන් අපට බීම බට සැපයූවේ නැහැ.( ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ඔවුන් බීමබට යන ආදිය භාවිතා කරන්නේ නැහැ) ඒ නිසා අපිට bar එකටම ඇවිදගන යන්න වුණා paper straws ලබා ගන්න. කොහොම වුණත් අපි drinks ගැන වේටර්වරුනගෙන් ඇසුවාට පසුව drinks තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන් අපට උදව් කලා. මොවුන්ගේ තිබෙන අඩුපාඩු හදාගත්තොත් ඇත්තටම colombo වල තිබෙන හොඳ ස්ථානයක් බවට මෙය පත්වෙන්න හැකියාව තිබෙනවා.

Tip – ඔවුන්ගේ මුළුතැන්ගෙය විවෘත වන්නේ සවස 5.30 ට පසුව පමණි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here