හතර වටෙන් ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01

ඔයාගෙ Perfume එක ගැන ඔයා හරියටම දන්නවද..? – 01

2020 Jan 27

perfume කියන්නේ ඔබට අමුතු දෙයක් වෙන්න බැහැ. සාමාන්‍යයෙන් හැම දෙනෙක්ම වගේ මොකක් හරි perfume එකක් නැත්නම් cologne එකක් පාවිච්චි කරනවා. නමුත් මේ perfumes ගැන හුඟක් දෙනෙක් හරියට දන්නේ නැහැ කියල අපි යෝජනා කලොත් ඔබ පුදුම වෙයි. perfume එකක් spray කරගන්න එක rocket science එකක් නෙමෙයි කියල ඔබ තර්ක කරයි. නමුත් ඇත්තටම perfume කියන්නේ වෙනමම විෂයක්. ටිකක් සංකීර්ණ විෂයක්. මේ විෂයේ අත්‍යවශ්‍ය කරුණු ගැන ඔබ දැනුවත් කරන්න gasma.lk අපි සූදානම්. මේ ඒ ලිපි මාලාවේ පළමුවැන්න.

ඔයාගේ perfume එක එහෙම නැත්නම් ඔයා ලඟින් එන සුවඳ කියන්නෙ ඔයාගේ ඇඳුමේම එක කොටසක් කිවුවොත්..? ලෝකයේ සුවඳ වර්ග පිලිබඳ විශේෂඥයෝ කියන්නෙ එහෙමයි. ඔයා පාවිච්චි කරන සුවඳ ඔයාට අනන්‍යතාවක් ගෙන එනවා කියලයි ඔවුන්ගේ අදහස. ඔයාගේ ඇඳුම ඇඳලා අවසන් වෙන්නේ perfume එක apply කරාට පස්සෙයි. හැබැයි අවාසනාවකට මේ විශේෂිතම කොටස ගොඩක් දෙනෙක් මගහරිනවා. ඒකට මූලිකම හේතුව නොදැනුවත්කම කියල තමයි perfumersල කියන්නෙ. අන්න ඒ නිසා තමයි perfumes ගැන අපි ඔබව දැනුවත් කරන්නෙත්.

ඇයි ඔයා perfume පාවිච්ච්චි කරන්න ඕනෙ..?

අපි හැමෝටම විශේෂිත වුනු, අනන්‍ය වුනු පෞරුෂයක් තියෙනවා. අපි කතාබහ කරන විදිහ, අඳින පළඳින විදිහ මේ හැම දෙයක්ම “පෞරුෂත්ව ලක්ෂණ” කියල තමයි පිළිගැනෙන්නේ. perfume එක කියන්නෙත් එයින් එක කොටසක්. සමහර විට ඔයා මීට කලින් හිතුවේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ perfume එකට පුළුවන් ඔයාගේ ආකර්ෂණිය බව වැඩි කරන්න. ඔයාගේ ඇඳුමට වගේම ඔයා ලඟින් එන smell එකටත් ඔයාගේ ඉදිරියේ ඉන්න කෙනා තුළ යම් ආකර්ෂණයක් ඇතිවෙන්න පුලුවන්. ඒ වගේම perfume එක නිසා ඔයා ලඟින් එන smell එකට හැකියාවක් තිබෙනවා ඔයා ගැන අනික් ය තුළ තියෙන විශ්වසනීයත්වය වැඩි කරන්න. පිරිසක් ඉදිරියේදී නැතිනම් උත්සවයකදී ඔයා කොච්චර දුරට ඔයා ගැන comfortableද, අන්න ඒ තරමටම අනිකා තුළ ඔයා ගැන විශ්වාසය ඇති වෙනවා. ඔයා පාවිච්චි කරන perfume එක මේ කාරණයටත් බලපානවා කියල සුවඳ පිලිබඳ විශේෂඥයෝ වගේම මනෝ විශ්ලේෂකයිනුත් තහවුරු කරනවා. ඒ වගේම ඔයාගේ stress level එක අඩු කරන්න perfume එක ලොකු දායකත්වයක් දක්වනවා. හිතන්න ඔයා ලඟින් එන smell එක ගැන හිතමින් ඒ ගැන වදවෙවී පිරිසක් ඉස්සරහට යන්න වුනොත්, ඔයාට එතන ඉන්න සිද්දවෙන්නේ ලොකු stress එකකින්. ඉතින් ඔයා ඔයාට ගැලපෙන perfume එකක් පාවිච්චි කරා නම්, මේ අමතර stress එක දරාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ආත්ම විශ්වාසය වැඩිකරන්නත් ඔයා පාවිච්චි කරන perfume එකට හැකියාව තියෙනවා.

අමතර වාසියක් විදිහට, ඔයා hook-up partner කෙනෙක් හොයමින් ඉන්නවා නම්, ඒ වැඩේටත් perfume එකෙන් උදවුවක් ලැබෙන්න බැරි නැහැ. කොහොම වුනත් මේ කියපු කරුණු නිසා ඕනෑම කෙනෙක් perfume එකක් පාවිච්චි කරන එක අත්‍යවශ්‍ය දෙයක් වනවා. හැබැයි ගැටළුව ලංකාවේ බොහෝ දෙනෙක් තමන්ට ගැලපෙන වගේම අවස්ථාවට ගැලපෙන perfume එකක් තෝරාගන්න දන්නේ නැහැ. අතට අහුවෙන මොකක්ම හරි perfume එකක්, body spray එකක් නැත්නම් cologne එකක් දාගෙන යන්නයි හුඟක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ. නමුත්, එහෙම “අහුවෙන එකක්” පාවිච්චි කිරීමෙන් ඉහතින් සඳහන් කළ ප්‍රතිලාභ ඔයාට ලැබෙන්නේ නැහැ. සමහරවිට ඒ වෙනුවට ඔයාව සමච්චලයට ලක්වෙන්නත් බැරි නැහැ. ඒ නිසා ඔයාට හරියන, අවස්ථාවට හරියන perfume එකක් තෝරාගැනීම හරිම වැදගත්. කොහොමද ඒක කරන්නේ..? ඒ ගැන හරියටම කියල දෙනවා perfume ගැන අපේ ඊළඟ ලිපියෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here