Blog Page 3

මව්වරුන්ගේ දිනයට අම්මාට තෑග්ගක් දෙමුද?

ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ඔයත් ඔයාගේ අම්මාට විශේෂ දෙයක් තෑගි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද? ඒත් අම්මාට දෙන්නේ මොන වගේ තෑග්ගක්ද කියලා ඔයා තාමත් හිතනවාද? මේ ඔයාගේ අම්මාගේ මුහුණට හිනාවක් අරන් එන තෑග්ගක් තෝරගන්න පුළුවන් කොළඹ අවට තිබෙන තැන් කිහිපයක්.

Sweet Treats

 

1. Churros

 

 

Offer: Celebratory cakes and cupcakes

Price Range: LKR 6,000 – LKR 6,500

Opening Hours: Daily, 7 am to 10 pm | Tuesday, 7 am to 10 am only

Tel: 0112 421 221

Address: The Kingsbury Colombo — 48, Janadhipathi Mawatha, Colombo 01

Instagram: @thekingsbury

Facebook: @The Kingsbury Hotel

Website: The Kingsbury Hotel

 

2. Gerard Mendis Chocolatier

 

 

Offer: Celebratory chocolate boxes and cake collections

Price Range: LKR 3,500 – LKR 20,000

Opening Hours: Daily, 8 am to 11 pm

Tel: 0117 006 955

Address: 39A, Horton Place, Colombo 07

Instagram: @gerard_mendis_chocolatier

Facebook: @Gerard Mendis Chocolatier

Website: Gerard Mendis Chocolatier

 

3. The Lattice

 

 

Offer: Celebratory cake collection

Price Range: LKR 8,700 per cake

Opening Hours: Daily, 8 am to 10 pm (available from 11 to 14 May)

Tel: 0112 446 622

Address: Taj Samudra — 25, Galle Face Center Road, Colombo 08

Instagram: @tajsamudracolombo

Facebook: @Taj Samudra

Website: Taj Samudra Colombo

 

4. t-Lounge by Dilmah

 

 

Offer: Customisable hampers

Price Range: Customisable

Opening Hours: Delivery | Pickup

Tel: 0772 822 001

Address: L1-20, One Galle Face Mall, 1A Centre Road, Colombo 02 | 100, Horton Place, Colombo 07

Instagram: @teatimerocks

Facebook: @The t-Lounge by Dilmah

Website: t-Lounge by Dilmah

 

5. Sugar Daddy

 

 

Offer: Flowers for Mama cake, available in 5”,  6” and 8” | customisable

Price Range: LKR 5,000 – LKR 5,500 (5”) | LKR 6,000 – LKR 6,500 (6”) | LKR 10,000 – LKR 11,000 (8”)

Opening Hours: Daily, 11 am to 5 pm

Address: Based Online

Instagram: @Sugar Daddy

Facebook: @Sugar Daddy

 

6. Coho Cookies

 

 

Offer: Celebratory truffle collection

Price Range: LKR 599 – LKR 1,699

Opening Hours: Daily, 9 am to 9 pm

Tel: 0788 488 988

Address: 6 1/1, Clifford Avenue, Colombo 03

Instagram: @coho.lk

Facebook: @Coho Cookies

Website: Coho Cookies

 

7. Better Butter Bakery

 

 

Offer: Celebratory menu

Price Range: LKR 1,500 – LKR 2,000

Opening Hours: Daily, 6.30 am to 10 pm

Tel: 0755 443 443

Address: 349, Highlevel Road, Maharagama

Instagram: @betterbutterbakery

Facebook: @Better Butter Bakery

Website: Better Butter Bakery

 

Flowers

 

8. Bisou Fleurs

 

 

Offer: Curated bouquet collection

Price Range: LKR 9,200 – LKR 36,500 (price might change for custom-made flower arrangements)

Opening Hours: Daily, 10.30 am to 5 pm

Tel: 0777 217 721

Address: 10, Horton Place, Colombo 07

Instagram: @bisoufleurs.sl

Facebook: @BISOU

Website: Bisou Fleurs

 

9. Shirohana Flowers

 

 

Offer: Curated gift collection

Price Range: LKR 4,335 – LKR 27,800

Opening Hours: Daily, 8.30 am to 6 pm

Tel: 0707 898 989

Address: 21/3, Alfred House Gardens, Colombo 03

Instagram: @shirohanaflowers

Facebook: @Shirohana

Website: Shirohana Flowers

 

10. Lassana Flora

 

 

Offer: Curated bouquet, cakes and cards

Price Range: LKR 2,950 – LKR 24,950

Opening Hours: Weekdays, 8 am to 8 pm | Weekends, 9 am to 6 pm

Tel: 0112 001 122

Address: 275, Nawala Road, Sri Jayawardenepura Kotte

Instagram: @lassana_flora

Facebook: @Lassana Flora

Website: Lassana Flora

 

Self Care

 

11. Spa Ceylon

 

 

Offer: 20% off eau de perfumes

Price Range: LKR 6,000 – LKR 12,000

Opening Hours: 10 am to 8 pm

Tel: 0112 338 111

Address: 5,  Alexandra Terrace, Colombo 07

Instagram: @spaceylonofficial

Facebook: @Spa Ceylon

Website: Spa Ceylon

 

12. Biseka

 

 

Offer: Curated gift pack

Price Range: LKR 5,200 – LKR 8,000

Opening Hours: 9 am to 8.30 pm

Tel: 0710 727 575

Address: 6, Sri Maha Vihara Road, Dehiwala-Mount Lavinia

Instagram: @bisekaofficial

Facebook: @BISEKA

Website: Biseka

 

13. LuvEsence

 

 

Offer: Curated gift boxes

Price Range: LKR 2,100 – LKR 6,500

Opening Hours: 10 am to 10 pm

Tel: 0112 083 134

Address: LG – 29, One Galle Face Mall, Colombo 02

Instagram: @luvesence_

Facebook: @LuvEsence

Website: LuvEsence

 

14. Simple Candles

 

 

Offer: Curated candle collection

Price Range: LKR 1,000 per candle

Opening Hours: 24/7

Tel: 0741 519 009

Address: Based Online

Instagram: @simple_candles_lk

Facebook: @Simple Candles

 

ඒ වගේම අමතක කරන්න එපා, ඔයා දෙන තෑග්ගේ වටිනාකමට වඩා ඒ දවසට ඔයාගේ අම්මාට පුංචිම හරි තෑග්ගක් දෙන්න ඔයා හිතුව එක ගොඩක් වටිනවා.

Jaffna Crab Curry

 

අද ආන්ටි ඩී ඔයාලට කියලා දෙන්නේ කුළුබඩු මුසු වූ රසවත් Jaffna Crab Curry එකක් හදා ගන්නේ කොහොමද කියලා. ඔයාට මේ Jaffna Crab Curry එක බත්, රොටි, රෝස්ට් පාන්, ආප්ප හෝ වෙනත් ඕනම දෙයක් එක්ක try කරලා බලන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

තල තෙල් මේස හැඳි 1 1/2 ක්
උළුහාල් මේස හැඳි 1/2 ක්
සූදුරු 1 තේ හැඳි 1 ක්
කුරුඳු අඟල් 1 ක කැබැල්ලක්
එනසාල් 3 ක්
කරාබුනැටි 3 ක්
කරපිංචා සහ රම්පෙ
ලොකු ළූණු ගෙඩි 1 ක් (මධ්‍යම ප්‍රමාණයේ)
ඉඟුරු සහ සුදුළූණු‍ මේස හැඳි 1 ක්
කකුළුවන් 750g ක්
කහ කුඩු තේ හැඳි 1/2 ක්
තුනපහ කුඩු මේස හැඳි 1 ක්
යාපන තුනපහ කුඩු මේස හැඳි 1 1/2 ක්
ලුණු තේ හැඳි 1 1/2 ක්
සියඹලා යුෂ මේස හැඳි 1 ක්
තක්කාලි ‍ගෙඩි 1 ක් (ලොකු)
උකු පොල් කිරි කෝප්ප 1 1/2 ක්

 

සාදන ආකාරය:

පෑන් එකකට තල තෙල් දමා එය රත් වන විට මහදුරු, සූදුරු, කුරුඳු, එනසාල්, කරාබුනැටි, කරපිංචා, රම්පෙ, පෙති කපාගත් ළූණු, ඉඟුරු සහ සුදුළූණු එකතු කර ගන්න.

ළූණු සිහින් වන තුරු සහ කුළුබඩු වල සුවඳ එන තෙක් හොඳින් බැදගන්න.

ඊළඟට කකුළුවන්, කහ, තුනපහ සහ Jaffna තුනපහ එක් කර හොඳින් කලවම් කරගන්න.

එයට ලුණු, සියඹලා යුෂ සහ තක්කාලි කැබලි එකතු කරන්න.

උකු පොල් කිරි එක් කර මඳ ගින්නේ තබා පිසගන්න.

 

 

මව්වරුන්ගේ දිනය සමරන්න යන්න පුළුවන් හොඳම තැන්

අපි හැමෝම කැමතියි පුළුවන් හැම වෙලාවකදීම අපේ අම්මලාව සතුටු කරන්න. ඉතිං අම්මාවරුන් වෙනුවෙන් වෙන්වූ විශේෂ දිනයකදී පවුලේ හැමෝම එකතු කරගෙන අපිට ඇය වෙනුවෙන් පුංචි සැමරුමක් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටින දෙයක් වෙන්න පුළුවන්. ගැස්ම අපි හිතුවා මැයි 12 වැනිදාට යෙදී තිබෙන ලෝක මව්වරුන්ගේ දිනයේදී ඔයාගේ අම්මා වෙනුවෙන් පවුලේ හැමෝම එක්ක එකතු වෙලා සතුටු වෙන්න පුළුවන් තැන් කිහිපයක් අරන් එන්න.

 

Buffets

 

1. Churros

 

 

Price: LKR 8,500 nett per person (brunch)

Time: 11.30 am to 3 pm

Tel: 0112 421 221

Address: The Kingsbury Hotel — 48, Janadhipathi Mawatha, Colombo

Instagram: @thekingsbury

Facebook: @The Kingsbury Hotel

Website: The Kingsbury Hotel

 

2. FLOW

 

 

Price: LKR 8,888 nett per person (mother of each family dines free)

Time: 12 pm to 3 pm

Tel: 0115 344 644

Address: Hilton Colombo Residences — 200, Union Place, Colombo 02

Instagram: @hiltoncmbresidences

Facebook: @Hilton Colombo Residences

Website: Hilton Colombo Residences

 

3. Blue Orbit

 

 

Price: LKR 9,000 nett per person

Time: 6.30 pm to 11 pm

Tel: 0765 443 333

Address: 27th Floor, Colombo Lotus Tower — No 320, D R Wijewardena Mawatha, Colombo 10

Instagram: @blueorbit.bycitrus

Facebook: @Blue Orbit by Citrus

Website: Blue Orbit by Citrus

 

4. Coffee Shop

 

 

Price: LKR 5,100 per person (25% discount for all mothers)

Time: 12 pm to 2.30 pm

Tel: 0112 544 544

Address: Galadari Hotel — 64, Lotus Road, Colombo 01

Instagram: @galadarihotel

Facebook: Galadari Hotel

Website: @Galadari Hotel

 

5. Lagoon

 

 

Price: LKR 7,500 nett per person (seafood buffet)

Time: 12 pm to 3 pm

Tel: 0112 497 272 | 0765 604 972

Address: Cinnamon Grand Colombo — 77, Galle Road, Colombo 03

Instagram: @cinnamongrandcolombo

Facebook: @Cinnamon Grand Colombo

Website: Cinnamon Grand Colombo

 

6. AYU

 

 

Price: LKR 7,200 nett per person (50% discount for one mother per family)

Time: 12 pm to 3 pm

Tel: 0764 014 738 | 0766 995 707 | 0117 450 450

Address: Mövenpick Hotel Colombo — 24, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 03

Facebook: @Mövenpick Hotel Colombo

Website: Mövenpick Hotel Colombo

 

7. Pranzo

 

 

Price: LKR 6,500 nett per person | LKR 3,400 nett per person (for kids between ages 5-10) | 50% off for the mother of a group of four

Time: 3 pm to 6 pm

Tel: 0766 733 167 | 0773 222 462

Address: Waters Edge — 316, Ethul Kotte Road, Battaramulla

Instagram: @watersedgesl

Facebook: @Waters Edge – Sri Lanka

Website: Waters Edge

 

8. Plates

 

 

Price: LKR 8,900 nett per person (only brunch) | LKR 13,900 nett per person (brunch + bubbles)

Time: 12 pm to 3 pm

Tel: 0112 497 272 | 0765 604 972

Address: Cinnamon Grand Colombo — 77 Galle Road, Colombo 03

Instagram: @cinnamongrandcolombo

Facebook: @Cinnamon Grand Colombo

Website: Cinnamon Grand Colombo

 

9. FlavouRED

 

 

Price: LKR 6,000 nett per person (fifth person dines free)

Time: 7 pm to 10.30 pm

Tel: 0712 145 145

Address: Cinnamon Red Colombo — 59, Ananda Coomaraswamy Mawatha, Colombo 03

Instagram: @cinnamonredcmb

Facebook: @Cinnamon Red Colombo

Website: Cinnamon Red Colombo

 

10. Members Lounge

 

 

Price: LKR 5,600 nett (for adults) | LKR 3,200 nett per person (for kids between ages 5-10)

Time: 3 pm to 6 pm

Tel: 0766 127 312 | 0761 827 753

Address: Waters Edge — 316, Ethul Kotte Road, Battaramulla

Instagram: @watersedgesl

Facebook: @Waters Edge – Sri Lanka

Website: Waters Edge

 

Platters

 

11. By The Poolside

 

 

Price: LKR 5,500 nett for two

Time: 3 pm to 6 pm

Tel: 0770 058 779 | 0772 089 230

Address: Colombo Court Hotel and Spa — 32, Alfred House Avenue, Colombo 03

Instagram: @colombo_court_hotel

Facebook: @Colombo Court Hotel & Spa

Website: Colombo Court Hotel and Spa

 

12. Ibson’s Choice Cafe

 

 

Price: LKR 5,500 nett for two (requires prior reservation)

Time: 3 pm to 6 pm

Tel: 0112 186 756

Address: 51, Nawala-Narahenpita Road, Sri Jayawardenepura Kotte

Instagram: @ibsonschoicecafe

Facebook: @Ibson’s Choice Cafe

Website: Ibson’s Choice Cafe

 

13. Adityaa

 

 

Price: LKR 4,200 nett per person (fifth person dines free)

Time: 4 pm to 7 pm

Tel: 0764 014 738 | 0766 995 707 | 0117 450 450

Address: Mövenpick Hotel Colombo — 24, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 03

Facebook: @Mövenpick Hotel Colombo

Website: Mövenpick Hotel Colombo

 

14. Zylan Colombo

 

 

Price: LKR 8,040 nett per person

Time: 11 am to 3 pm

Tel: 0719 142 100

Address: 115, Rosmead Place, Colombo 07

Instagram: @zylancolombo

Facebook: @Zylan Colombo 

Website: Zylan Colombo

 

Activities

 

15. PlantQ Ceylon

 

 

Price: LKR 5,700 nett per person (guided pottery painting workshop)

Time: 5 pm to 7 pm

Tel: 0741 337 831

Address: The BLAC —  441, Nawala Road, Sri Jayawardenepura Kotte

Instagram: @plantq.ceylon

Facebook: @Plantq Ceylon

 

16. Vivid Vibe

 

 

Price: LKR 5,000 for two (Mother’s Day scavenger hunt with cash prizes | prior registration required | entries close 10 May)

Time: 7 am to 11 am

Tel: 0778 767 291

Address: The Club House, Port City Colombo

Instagram: @vividvibe_sl

Facebook: @Vivid Vibe

 

17. The Sanctuarii

 

 

Price: Buy one, get one free (happy hour deal) | LKR 15,990 ++ (Russian Standard Original Vodka bottle + 3 chasers and 1 bite) | LKR 21,990 ++ (Colombo 7 Gin + 3 chasers and 1 bite free)

Time: 5 pm – 7 pm (happy hour)

Tel: 0112 888 664

Address: 475, Sri Jayawardenapura Road, Rajagiriya

Instagram: @thesanctuarii

Facebook: @The Sanctuarii 

Website: The Sanctuarii

 

ඔයාලා දන්න මේ වගේ තැන් තවත් තියෙනවා නම් comment කරන්නත් අමතක කරන්න එපා.

Black Pork Curry

 

 

Pork curry එකක් හදන විවිධ ක්‍රම තිබුණත්, ශ්‍රී ලංකාවේ අපේ ආසම විදිහ තමා Black pork curry එක. ඉතින් අද Aunty D ඔයාලට කියලා දෙන්නේ රසවත් Black pork curry එකක් හදන විදියයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

තෙල් මේස හැඳි 1 1/3ක්
මිරිස් කුඩු මේස හැඳි 2ක්
ඌරු මස් 500gක්
ගම්මිරිස් තේ හැඳි 1ක්
ලුණු තේ හැඳි 2ක්
අඹරන ලද ගොරකා මේස හැඳි 1ක්
ඉඟුරු + සුදුළූණු මේස හැඳි 1 1/2ක්
කුරුඳු අඟල් 1ක කැබැල්ලක්
කරාබු නැටි 5ක්
එනසාල් 3ක්
සේර කැබැල්ලක්
කරපිංචා
රම්පේ
ළූණු ගෙඩි 1ක් (සාමාන්‍ය ප්‍රමාණයේ)
වතුර
අමු මිරිස් කරල් 2ක්
බැඳපු තුනපහ මේස හැඳි 1ක්

 

සාදන ආකාරය:

රත් වූ භාජනයකට තෙල් මේස හැන්දක් සහ මිරිස් කුඩු එක් කර බැද ගන්න.

වෙනම භාජනයකට කපාගත් ඌරු මස් එකතු කර එයට බැද ගත් මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු, අඹරන ලද ගොරකා, ඉඟුරු සහ සුදුළූණු එක් කරන්න.

විනාඩි 30 ක් marinate වෙන්න තබන්න.

පෑන් එකකට තෙල් තේ හැන්දක් දමා එයට කුරුඳු, කරාබු නැටි, එනසාල්, සේර, කරපිංචා, රම්පෙ, සිහින්ව කපා ගත් ළූණු එක් කර අවසානයට marinate කර ගත් ඌරු මස් එකතු කර ගන්න.

වතුර සහ අමු මිරිස් එක් කර මඳක් තෙම්පරාදු කරගන්න.

අවසානයේදී, බැදපු තුනපහ එක් කර මඳක් තැම්බීමට තබන්න.

Bombay Borough | Restaurant Review

Bombay Borough කියන්නේ 2019 ආරම්භ වුණු ඉන්දියානු Restaurant එකක් වගේම bar එකක්. සාම්ප්‍රදායික කෑම, බීම වලට modern twist එකක් එකතු කරපු මේ restaurant එක කොළඹ නගරයේ අවන්හල් අතරින් ප්‍රසිද්ධ තැනක් ගන්නවා.

Bombay Borough විවිධ රසයන්ගෙන් යුත් උතුරු ඉන්දියානු වගේම දකුණු ඉන්දියානු ආහාර වර්ගත් පිරිනමනවා. ඒ වගේම Bombay Borough අවන්හල අලුත් කෑම ‍රැසක් එක්ක බීම වර්ගත් ඇතුළත් නව මෙනුවක් හඳුන්වා දී තිබෙනවා.

 

APPETISERS

Amritsari Shrimps – LKR 2,550 (5/5)

මෙයට ඉස්සන්, කොත්තමල්ලි, සූදුරු එක් කර ඇති අතර ඔයා ගන්න ආහාර වේලට හොඳ ඇරඹුමක් ලබා දෙනවා. කොත්තමල්ලි සහ සූදුරු වලින් එන රසය ඔයාට ඉන්දියානු මසාලා රසය මතක් කරලා දෙනවා. මින්ට් චට්නියක්ද සමග එන Amritsari Shrimps එකට ඉස්සන් 6-7 ක් එක් කරලා තියෙන නිසා ආහාර රුචිය වැඩි කරන්න හේතුවක් වනවා.

 

Chargrilled Cauliflower – LKR 2,300 (4/5)

මේක එළවළු කන්න ආස නැති කෙනෙක්ට try කරල බලන්න පුළුවන් හොඳම කෑමක් කියන්න පුළුවන්. බටර් එක් කර ග්‍රිල් කර තිබෙන ගෝවා මල් වලින් එන ක්‍රිස්පි රසය නිසාත් උණු උණුවේ පිලිගන්වන නිසාත් සාමාන්‍ය එළවලුවක් කියලා කියන්න නම් බැහැ. ගම්මිරිස්, අබ සහ යෝගට් එක් කර හදන මෙය රස දෙගුණ කරනවා වගේම නියම කුළුබඩු ‍රසයක් ලබා දෙනවා. අමතර රසයක් සඳහා ළූණු අච්චාරුත් එක් කර තිබීම විශේෂත්වයක් වනවා. ලොකු ගෝවා මල් කෑලි 4-5 ක් සමඟ එන Chargrilled Cauliflower එක දෙන්නෙක්ට කන්න හොඳටම ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්.

 

Rajputana Murgh Soola – LKR 2,950 (4/5)

බටර් මුසු කර මෘදු ලෙස පිස තිබෙන Rajputana Murgh Soola දෙන්නෙක්ට වුණත් බෙදා ගන්න පුළුවන්. රසය වැඩි නිසාම මේක ඔයාට share කර ගන්න හිතෙන්නෙ නැති වෙන්නත් පුළුවන්.

 

MAINS

Butter Chicken Biryani – LKR 3,150 (5/5)

දෙන්නෙක්ට share කර ගන්න පුළුවන් Butter Chicken Biryani එක අනිවාර්යයෙන්ම දෙන මුදලට වටිනවා. කරි සෝස් එක්ක එන තන්දූරි බටර් චිකන් බත් සමඟ එක් වූ විට නියම බුරියානි එකක රසය ගෙන එනවා. කුළුබඩු එක්වූ මකානි සෝස් (බටර් චිකන් රසයෙන් යුත් හොදි වර්ගයක්) බුරියානි එකේ රසය තවත් වැඩි කරනවා.

 

DRINKS

Rose Flavored Falooda – LKR 1,650 (5/5)

Rose Flavoured Falooda එක රෝස රසය සහ සුවඳ මුසු වූ රසවත් පානයක් කියලා කියන්න පුළුවන්. වැඩිපුර පැණි රසක් හෝ කිරි රසයක් නැති පරිපූර්ණ පානයක් කියලා කියන්න පුළුවන්.

 

Bombelli Pina Colada (Mocktail) – LKR 1,250 (5/5)

මම අන්නාසි drink එක ගැන දෙගිඩියාවෙන් හිටියත් මේ පානය ඇත්තෙන්ම රසවත් වනවා. පොල් එක්වූ විට එය අන්නාසි වල රසය ඉතාමත් රසවත් වනවා. මේ දවස් වල රස්නෙටත් ගැළපෙන නියම බීම එකක් කියලා මේක කියන්න පුළුවන්.

 

COCKTAILS

Imli Tonic – LKR 1,650 (3.5/5)

සියඹලා සමග ජින් එක්වූ මේ කොක්ටේල් එක තරමක් ඇඹුල් රසයක් ගෙන දෙනවා. සියඹලා කැබැල්ලක් සමග පිළිගන්වන නිසා එය කලවම් කර සියඹලා රසය වැඩි කර ගන්නත් පුළුවන්. ඔයා සියඹලා රසට කැමති කෙනෙක් නම්, මේ කොක්ටේල් එක ඔයාට අනිවා‍ර්යෙන්ම ගැළපෙනවා. ඒත් මට නම් ටිකක් ඇඹුල් රහ දැනුණා වැඩියි කියලා හිතුනා.

 

Bollywood Queen – LKR 1,750 (4/5)

ඔවුන් ඒක අපට පිළිගැන්වුව විදිහ අපිව පුදුමයට පත් කලා කිව්වොත් හරි. වීදුරුව ඇතුලෙන් පෙනෙන රෝස මල් පෙති නිසා රෝස පාට සැන්ග්‍රියා තවත් ලස්සනට පේනවා. ක්‍රැන්බෙරි සහ ඇපල් රස මුසු වූ Bollywood Queen එක try කරලා බලන එක ඇත්තටම වටිනවා.

 

Kaapi G and T – LKR 1,650 (4/5)

ඔබ ඇත්තටම කෝපි වලට කැමති කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හැම උගුරක්ම ඔබට නැවුම් කෝපි රසයක් ලබා දෙනවා.

 

වටපිටාව

අවන්හලට ඇතුල් වෙද්දිම අලංකාර ඉන්දියානු සිතුවම් ඔයාට දැක ගන්න පුළුවන්. කුෂන් සහ පුටු වල මුද්‍රණය කරලා තියෙන රූප වලින් ඉන්දියානු සම්ප්‍රදාය හොඳින්ම පෙනෙනවා. අලංකාර ලෙස නිර්මාණය ක‍රලා තියෙන ලී ලාම්පු ආවරණ වලින් ඔබට සුවපහසු හැඟීමක් ලබා දෙනවා. පවුලේ අය, මිතුරන් සමග හෝ පෙම්වතා පෙම්වතිය සමග රසවත් ආහාර වේලක් try කරන ගමන් නිදහසේ කාලය ගත කරන්නත් පුළුවන්. ලස්සන කිරිගරුඬ නිමාවකින් යුතු අවන්හල මැද තියෙන බාර් එක ඔබේ පානය විවේකීව රස විඳීමට කදිම ස්ථානයක් වනවා.

කොළඹ අවට තිබෙන High Tea

ඔයත් හිතමිතුරන් සමඟ ප්‍රණීත ආහාර වේලක රස විඳිමින් විවේකීව කාලය ගත කරන්න තැනක් හොයනවාද? ඉතිං අපි හිතුවා කොළඹ තිබෙන high-tea buffet සහ platter ගැන ඔයාට කියන්න.

 

Buffets

 

1. Lobby Bar

 

 

Time: Wednesday – Sunday, 3.30 pm to 6 pm

Tel: 0112 544 544

Address: Galadari Hotel — No 64, Lotus Road, Colombo 01

Price: LKR 3,900 nett per person (Wednesday – Friday) | LKR 4,300 nett per person (Saturday – Sunday)

Instagram: @galadarihotel

Facebook: @GaladariHotel

Website: Galadari Hotel

Special note: Unlimited buffet

 

2. Members’ Lounge

 

 

Time: Friday – Sunday, 3 pm to 6 pm

Tel: 0775 249 725 | 0777 448 534

Address: Waters Edge — No 316, Ethul Kotte Road, Battaramulla

Price: LKR 4,900 nett per person (Friday) | LKR 5,200 nett per person (Saturday – Sunday)

Instagram: @watersedgesl

Facebook: @WatersEdgeSL

Website: Waters Edge

Special note: Prior reservation is mandatory

 

3. Graze Kitchen

 

 

Time: Daily, 12.30 pm to 2.30 pm (first sitting) | 3 pm to 5 pm (second sitting)

Tel: 0112 492 492

Address: Hilton Colombo — No 02, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02

Price: LKR 6,567 nett per person (adults) | LKR 3,342 nett per person (children)

Instagram: @grazekitchen.cmb

Facebook: @Graze Kitchen

Website: Hilton Colombo

Special note: 10% discount for online reservations

 

4. Coffee Shop

 

 

Time: Saturday – Sunday, 3.30 pm to 6 pm

Tel: 0117 450 450

Address: Mövenpick Hotel Colombo — No 24, Dharmapala Mawatha, Colombo 03

Price: LKR 3,900 nett per person

Instagram: @movenpickcmb

Facebook: @movenpickcolombo

Website: Mövenpick Hotel Colombo

5. Gardenia Coffee Shop

 

 

Time: Friday – Sunday, 3 pm to 6 pm

Tel: 0777 864 864

Address: Ramada by Wyndham Colombo — No 30, Sir Mohamed Macan Markar Mawatha, Colombo 03

Price: LKR 4,100 nett per person

Instagram: @ramadacolombo

Facebook: @ramadacolombo

Website: Ramada by Wyndham Colombo

6. Beira Kitchen

 

 

Time: Daily, 3 pm to 5 pm

Tel: 0117 734 400

Address: Courtyard by Marriott —137, Muttiah Road, Colombo 02

Price: LKR 4,300 net per person

Instagram: @courtyardcolombo

Facebook: @CourtyardColombo

Website: Courtyard by Marriott

Buffets and Platters

 

7. The Verandah

 

 

Time: Monday – Thursday, 4 pm to 6 pm (platter) | Friday – Sunday, 4 pm to 6 pm (buffet)

Tel: 0117 541 010

Address: Galle Face Hotel — 2, Galle Road, Colombo 03

Price: LKR 3,900 nett per person (platter) | LKR 4,390 nett per person (buffet)

Instagram: @gallefacehotel

Facebook: @Galle Face Hotel

Website: Galle Face Hotel

 

8. Lobby Lounge

 

 

Time: Monday – Friday, 3.30 pm to 5.30 pm (platter) | Saturday – Sunday, 3.30 pm to 5.30 pm (buffet)

Tel: 0112 491 000

Address: Cinnamon Lakeside — No 115, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02

Price: LKR 7,200 nett for two (platter) | LKR 5,000 nett per person (buffet)

Instagram: @cinnamonlakeside

Facebook: @cinnamonlakeside

Website: Cinnamon Lakeside

Platters

 

9. Colpetty Lounge

 

 

Time: Daily, 3 pm to 5 pm

Tel: 0117 678 000

Address: Sheraton Colombo — No 265, Galle Road, Colombo 03

Price: LKR 6,000 nett for two

Instagram: @sheratoncolombohotel.official

Facebook: @SheratonColomboHotel

Website: Sheraton Colombo

Special note: Prior reservation is mandatory

 

10. Sapphyr Lounge

 

 

Time: Daily, 3 pm to 5 pm

Tel: 0117 888 288

Address: Shangri La Colombo — 1, Galle Face, Colombo 02

Price:  LKR 6,986 nett per person

Instagram: @shangrilacolombo

Facebook: @ShangriLaCMB

Website: Shangri La Colombo

11. Churros

 

 

Time: Daily, 3 pm to 5.30 pm

Tel: 0112 421 221

Address: The Kingsbury Hotel — No 48, Janadhipathi Mawatha, Colombo 01

Price: LKR 3,600 nett per person

Instagram: @thekingsbury

Facebook: @TheKingsbury

Website: The Kingsbury

12. Lattice

 

 

Time: Friday – Saturday, 3 pm to 6 pm

Tel: 0112 446 622

Address: Taj Samudra — 25, Galle Face Centre Road, Colombo 08

Price: LKR 4,950 nett per person

Instagram: @tajsamudracolombo

Facebook: @TajSamudraColombo

Website: Taj Samudra Colombo

Special note: Prior reservation with an advanced payment is mandatory

 

13. L.A.B

 

 

Time: Daily, 2.30 pm  to 6 pm

Tel: 0112 492 492

Address: Hilton Colombo — No 02, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02

Price: LKR 7,910 nett for two (Western Platter or Island Memories) | LKR 7,104 nett for two (Western Vegetarian Affair)

Instagram: @labhilton

Facebook: @L.A.B

Website: Hilton Colombo

14. Tea Lounge

 

 

Time: Daily, 3 pm to 6 pm

Tel: 0112 497 274 | 0112 437 437

Address: Cinnamon Grand — 77, Galle Road, Colombo 03

Price:  LKR 6,800 nett for two

Instagram: @cinnamongrandcolombo

Facebook: @CinnamonGrandC

Website: Cinnamon Grand

15. 57

 

 

Time: Daily, 3.30 pm to 5.30 pm

Tel: 0112 550 200

Address: Jetwing Colombo Seven — No 57, Ward Place, Colombo 07

Price: LKR 4,250 nett for two

Instagram: @jetwingc7

Facebook: @jetwingcolomboseven

Website: Jetwing Colombo Seven

16. Ward 7

 

 

Time: Daily, 3.30 pm to 5.30 pm

Tel: 0112 550 200

Address: Jetwing Colombo Seven — No. 57, Ward Place, Colombo 07

Price: LKR 6,000 nett per person

Instagram: @jetwingc7

Facebook: @jetwingcolomboseven

Website: Jetwing Colombo Seven

17. DINE

 

 

Time: Daily, 3 pm to 5 pm

Tel: 0112 555 570

Address: Radisson Hotel Colombo — No 36-38, Clifford Place, Colombo 04

Price: LKR 5,500 nett for two

Instagram: @radissonhotelcolombo

Facebook: @Radisson Hotel Colombo

Website: Radisson Hotel Colombo

Special note: Prior reservation is mandatory

 

18. Amber Poolside

 

 

Time: Daily, 3 pm to 5 pm

Tel: 0114 645 333

Address: Colombo Court Hotel and Spa — 32, Alfred House Avenue, Colombo 03

Price: LKR 4,900 nett for two (Ceylon High Tea) | LKR 5,000 nett for two (English High Tea)

Instagram: @colombo_court_hotel

Facebook: @Colombo Court Hotel & Spa

Website: Colombo Court Hotel & Spa

Special note: Prior reservation with a 50% advance payment is mandatory

 

19. English Cake Company

 

 

Time: Daily, 3 pm to 7 pm

Tel: 0117 833 125

Address: 18/15, Chitra Lane, Colombo 05

Price: LKR 3,900 nett for two (Quick Tea) | LKR 3,900 for two (Queen’s Platter) | LKR 4,900  for two (King’s Platter)

Instagram: @tecclk

Facebook: @TheEnglishCakeCompany

Website: English Cake Company

Special note: Prior reservation is mandatory | Prices are subject to a 10% service charge

 

20. Park Street Warehouse

 

 

Time: Daily, 3 pm to 6 pm

Tel: 0777 777 004

Address: No 33, Parkland 2, Park Street, Colombo 02

Price: LKR 2,200 nett per person | LKR 4,200 nett for two

Instagram: @park_street_warehouse

Facebook: @parkstreetwarehouse

Website: Park Street Warehouse

Special note: Prices are subject to government taxes and service charge

 

21. Mitsis Delicacies

 

 

Time: Daily, 2 pm to 7 pm

Tel: 0777 163 090

Address: 34A, Bagatalle Road, Colombo 03

Price: LKR 3,000 per person

Instagram: @mitsisdelicacies

Facebook: @mitsis.delicacies

Website: Mitsis Delicacies

Notes: Prices are subject to government taxes and service charge

 

22. CHOLA Authentic Indian Restaurant

 

 

Time: Daily, 3.30 pm to 6.30 pm

Tel: 0114 363 118

Address: 52, Nelson Place, Wellawatta, Colombo 06

Price: LKR 3,740 nett for two

Instagram: @chola_colombo

Facebook: @CHOLA Authentic Indian Restaurant

Website: CHOLA Authentic Indian Restaurant

Notes: Vegetarian option available for the same price

 

ඔබේ හමුවීම් ආදරණීය කරගන්න ඔයත් මේ high-tea buffet සහ platter අනිවාර්යෙන්ම try කරලා බලන්න.

කැවිලි ගන්න කොළඹ නගරයේ තිබෙන හොඳම තැන්

ළඟ ළඟම එන සිංහල හින්දු අලුත් අවුරුද්දට මේ දවස් වල ලහි ලහියේම ඔයාලත් ලෑස්ති වෙනවා. අලුත් අවුරුදු කෑම මේසය කියන්නේ අපි හැමෝම කැමති රස කැවිලි වලින් පිරුන තැනක්. ඉතින් අපි හිතුවා කාර්යබහුල ඔයාලට අවුරුදු රසකැවිලි මිලදී ගත හැකි ස්ථාන කිහිපයක් ගැන කියන්න.

 

1. Upali’s by Nawaloka

 

 

Price range: LKR 50 – LKR 12,000
Address: No 65, C W W Kannangara Mawatha, Colombo 07
Tel: 0777 387 339 | 0777 769 714
Instagram: @upaliscolombo
Facebook: @Upali’s by Nawaloka
Website: Upali’s

 

Menu:

● කොකිස් (1ක්): LKR 50
● කොණ්ඩ කැවුම් (1ක්): LKR 70
● පැණි වළලු (1ක්): LKR 100
● කැවිලි Platter: LKR 4,000
කොණ්ඩ කැවුම් (5ක්)
කොකිස් (5ක්)
මුං කැවුම් (5ක්)
කිරි ටොෆි (5ක්)
දොදොල් (200 g)
● කැවිලි මේසය: LKR 12,000
කිරිබත් සමඟ ලුණු මිරිස් (16ක්)
කොණ්ඩ කැවුම් (10ක්)
කොකිස් (10ක්)
අතිරස (10ක්)
මුං කැවුම් (10ක්)
දොදොල් (500 g)
කිරි ටොෆි (10ක්)
බටර් කේක් (10ක්)
කෙසෙල්: සීනි හෝ ඇඹුල් (10ක්)

 

2. Sweets.lk

 

 

Price range: LKR 300 – LKR 1,500
Address: No 1 1/2, Deanstone House, Galle Road, Colombo 03
Tel: 0777 121 215
Facebook: @sweets.lk
Website: Sweets.lk

 

Menu:

● ආස්මි (10ක්): LKR 520
● අතිරස (10ක්): LKR 320
● පොල් කේක් (500 g): LKR 540
● හැලප (10ක්): LKR 300
● කළු දොදොල් (1 kg): LKR 1,500
● කොණ්ඩ කැවුම් (10ක්): LKR 375
● මුං කැවුම් (10ක්): LKR 275
● කොකිස් (10ක්): LKR 300

 

සටහන: බෙදා හැරීම සඳහා ඇණවුම එදින පෙරවරු 10 ට පෙර ලබා දිය යුතුය.| බෙදා හරින ප්‍රදේශ: කොළඹ 01 සහ කොළඹ 15 අතර

 

3. Wishque

 

 

Price range: LKR 700 – LKR 15,000
Address: Online-based
Tel: 0712 128 888
Instagram: @wishqueshop
Facebook: @WishQue
Website: Wishque

 

Menu:

● කොකිස් (10ක්): LKR 750
● මුං කැවුම් (10ක්): LKR 1,250
● කොණ්ඩ කැවුම් (10ක්): LKR 1,300
● ආස්මි (10ක්): LKR 2,490
● වැලි තලප (10ක්): LKR 1,250
● අවුරුදු කැවිලි Hamper: LKR 6,490
කොකිස් (6ක්)
කොණ්ඩ කැවුම්(6ක්)
කිරි ටොෆි (6ක්)
මුං කැවුම් (6ක්)
ආස්මි (2ක්)
පැණි වළලු (6ක්)
නාරං කැවුම් (6ක්)
දොදොල් (500 g)

● අවුරුදු කැවිලි Hamper – Medium Box: LKR 7,690

මුං කැවුම් (6ක්)
කොකිස් (10ක්)
පැණි වළලු (6ක්)
කිරි ටොෆි (6ක්)
කොණ්ඩ කැවුම් (6ක්)
වැලි තලප (6ක්)
ආස්මි (3ක්)
අලුවා (6ක්)
කිරි ටොෆි (6ක්)

● අවුරුදු කැවිලි Hamper – Large Box: LKR 14,400

මුං කැවුම් (10ක්)
කොකිස් (10ක්)
පැණි වළලු (10ක්)
අති‍රස (10ක්)
දොදොල් (500 g)
කිරි ටොෆි (06ක්)
කොණ්ඩ කැවුම් (10ක්)
වැලි තලප (10ක්)
ආස්මි (3ක්)
අලුවා (10ක්)
නාරං කැවුම් (10ක්)
පොල් ටොෆි (6ක්)
Mocha Meringue Kisses පෙට්ටියක් (100 g)

සටහන: ඔවුන් දිවයින පුරා බෙදා හරිනවා.

 

4. Ceylon Curry Club

 

 

Price: LKR 6,000
Address: No 2, Dutch Hospital Shopping Precinct, Colombo 01
Tel: 0773 393 391
Instagram: @ceylon.curryclub
Facebook: @Ceylon Curry Club
Website: Ceylon Curry Club

Menu:

● Box of Happiness: LKR 6,000

කොකිස් (6ක්)
සුදු චොකලට් තැවරුන පොල් ටොෆි (6ක්)
චොකලට් තැවරුන කිරි ටොෆි (6ක්)
පොල් පැණි කේක් (250 g)
කොණ්ඩ කැවුම් (4ක්)
නාරං කැවුම් (5ක්)
කජු සහ කිතුල් පැණි මුසු අලුවා (4ක්)

 

5. Ranbath Organic

 

 

Price range: LKR 100 – LKR 6,000
Address: 32, Sri Sambuddhathva Jayanthi Mawatha, Colombo 05
Tel: 0773 235 555
Instagram: @ranbathorganic
Facebook:@Ranbath Organic
Website: Ranbath

 

Menu:

● ආස්මි (1ක් – ලොකු): LKR 380
● අග්ගලා (1ක්): LKR 110
● අලුවා (1ක්): LKR 110
● අතිරස (1ක්): LKR 120
● කරපිංචා කොකිස් (5ක්): LKR 325
● කැවිලි Platter (විශාල ප්‍රමාණයේ): LKR 7,800
ආස්මි (2ක්)
කොණ්ඩ කැවුම් (5ක්)
මුං කැවුම් (5ක්)
අලුවා (6ක්)
වැලි තලප (5ක්)
නාරං කැවුම් (5ක්)
කුරක්කන් හැලප (4ක්)
අග්ගලා (4ක්)
කොකිස් (10ක්)

● කැවිලි Platter (මධ්‍යම ප්‍රමාණයේ): LKR 5,600
ආස්මි (1ක්)
කොණ්ඩ කැවුම් (4ක්)
මුං කැවුම් (4ක්)
අලුවා (4ක්)
වැලි තලප (3ක්)
නාරං කැවුම් (4ක්)
කුරක්කන් හැලප (2ක්)
අග්ගලා (2ක්)
කොකිස් (5ක්)

● කැවිලි Platter (කුඩා ප්‍රමාණයේ): LKR 3,200
කොණ්ඩ කැවුම් (2ක්)
මුං කැවුම් (2ක්)
අලුවා (1ක්)
වැලි තලප (1ක්)
නාරං කැවුම් (2ක්)
කුරක්කන් හැලප (1ක්)
අග්ගලා (1ක්)
කොකිස් (2ක්)

 

6. Sen-Saal

 

 

Price range: LKR 50 – LKR 5,000
Address: 267, B240, Sri Jayawardenepura Kotte
Tel: 0768 451 555 | 0740 487 777 | 0768 481 555 | 0766 077 888 | 0112 877 811
Instagram: @sensaalofficial
Facebook: @Sen-Saal

Menu:

● කැවුම් (1ක්): LKR 85
● මුං කැවුම් (1ක්): LKR 80
● කොකිස් (1ක්): LKR 50
● අතිරස (1ක්): LKR 80
● ආස්මි (1ක්): LKR 130
● අලුවා (1ක්): LKR 110
● වැලි තලප: LKR 120
● කලු දොදොල් (100 g): LKR 270
● පැණි වළලු (1ක්): LKR 110
● කිරි අලුවා (1ක්): LKR 90
● කුඩා Hamper: LKR 4,500
කැවුම් (4ක්)
කොකිස් (4ක්)
නාරං කැවුම් (4ක්)
මුං කැවුම් (4ක්)
පැණි වළලු (4ක්)
ආස්මි (2ක්)
කලු දොදොල් (100 g)
කිරි ටොෆි ( පැකට්1ක්)
පොල් ටොෆි (පැකට් 1ක්)
Kisses (පැකට් 1ක්)

● විශාල ප්‍රමාණයේ Hamper: LKR 5,500

කැවුම් (6ක්)
කොකිස් (6ක්)
නාරං කැවුම් (6ක්)
මුං කැවුම් (6ක්)
පැණි වළලු (6ක්)
ආස්මි (2ක්)
කළු දොදොල් (100 g)
කිරි ටොෆි (පැකට් 1ක්)
පොල් ටොෆි (පැකට් 1ක්)
කිසස් (පැකට් 1ක්)

 

7. Kevili Gedara

 

 

Price range: LKR 660 – LKR 8,500
Address: 57, Thalawathugoda Road, Sri Jayewardenepura Kotte
Tel: 0777 862 672
Website: Kevili Gedara

 

Menu:

● හාල් පිටි කොකිස් (10ක්): LKR 830
● කළු දොදොල් (500 g): LKR 1,500 | With sesame seeds and 80% less sugar: LKR 1,850
● විශේෂ කොණ්ඩ කැවුම් (5ක්): LKR 840
● ආස්මි (2ක්): LKR 660
● මුං කැවුම් (5ක්): LKR 850
● පැණි වළලු (5ක්): LKR 1,350
● අතිරස (5ක්): LKR 700
● Hamper 1: LKR 4,800 (බෙදාහැරීමට දිනකට පෙර ඇණවුම් කළ යුතුය)
කිතුල් පැණි කොණ්ඩ කැවුම් (5ක්)
කොකිස් (10ක්)
මුං කැවුම් (5ක්)
ආස්මි (2ක්)
කජු අලුවා (3ක්)
KBG කළු දොදොල් 250 g

● Hamper 2: LKR 6,800 ( අවම වශයෙන් බෙදා හැරීමට දින දෙකකට පෙර ඇණවුම් කළ යුතුය)

කිතුල් පැණි කොණ්ඩ කැවුම් (5ක්)
කොකිස් (10ක්)
මුං කැවුම් (5ක්)
ආස්මි (2ක්)
කජු අලුවා (3ක්)
KBG කළු දොදොල් (250 g)
සිංහල අච්චාරු (200 g)
බටර් කේක් (500 g)

● Hamper 3: LKR 8,500 (අවම වශයෙන් බෙදා හැරීමට දින දෙකකට පෙර ඇණවුම් කළ යුතුය)

කිතුල් පැණි කොණ්ඩ කැවුම් (5ක්)
කොකිස් (10ක්)
මුං කැවුම් (5ක්)
ආස්මි (2ක්)
කජු අලුවා (3ක්)
KBG කළු දොදොල් (250 g)
සිංහල අච්චාරු (250 g)
බටර් කේක් (500 g)
කූනි කරවල බැදුම (100 g)
හාල් මැස්සන් කරවල බැදුම (100 g)

Special Note: දිනපතා උදේ 10 සිට රාත්‍රී 7 දක්වා විවෘතව ඇත. බෙදා හරින ප්‍රදේශ කොළඹ, නුගේගොඩ, බත්තරමුල්ල, කෝට්ටේ සහ මහරගම| බෙදා හැරීමේ ගාස්තු රුපියල් 300 සිට ඉහළට.

 

8. Kavili.lk

 

 

Price range: LKR 300 – LKR 1,200
Address: No 17, Parakum Mawatha, Jayanthipura, Battaramulla
Tel: 0778 988 718
Facebook: @Kavili.lk
Website: Kavili.lk

Menu:

● අතිරස (10ක්): LKR 500
● දොදොල්(1 kg): LKR 1,200
● කොකිස් (10ක්): LKR 300
● කොණ්ඩ කැවුම් (10ක්): LKR 600
● නාරං කැවුම් (10ක්): LKR 500
● මුං කැවුම් (10ක්): LKR 500

 

9. Kavili Gedara

 

 

Price range: LKR 30 – LKR 110
Address: No 57/A, Gothami Mawatha, Kiththampahuwa, Wellampitiya
Tel: 0704 559 121 | 0704 559 121 (WhatsApp)
Facebook: @Kavili gedara – කැවිලි ගෙදර

Menu:

● ආස්මි (1ක්): LKR 110
● පැණි වළලු (1ක්): LKR 65
● අලුවා (1ක්): LKR 50
● අග්ගලා (1ක්): LKR 50
● වැලි තලප (1ක්): LKR 50
● කොකිස් (1ක්): LKR 30

Special Note: පැය 24 පුරා විවෘතව ඇත| WhatsApp ඔස්සේ ඇණවුම් බාර ගැනේ.

 

10. Rampe Rasawimana

 

 

Price range: LKR 37 – LKR 450
Address: 40, Old Galle Road, Panadura
Tel: 0717 996 792
Uber Eats: Rampe Rasawimana – Panadura Delivery

 

Menu:

● ආස්මි(1ක්): LKR 170
● කොණ්ඩ කැවුම් (1ක්): LKR 125
● කොකිස් (1ක්): LKR 37
● අලුවා (1ක්): LKR 65
● මුං කැවුම් (1ක්): LKR 90
● කලු දොදොල් (250 g): LKR 450

Special Note: Uber Eats හරහා පමණි.

 

11. Green Cabin

 

 

Price range: LKR 100 – LKR 6,500
Address: No 453, Galle Road, Colombo 03
Tel: 0777 748 824
Instagram: @greencabin.lk
Facebook: @Green Cabin
Website: Green Cabin

 

Menu:

● කොකිස් (1ක්): LKR 100
● කැවුම් (1ක්): LKR 100
● අලුවා (1ක්): LKR 100
● ආස්මි (1ක්): LKR 180
● පැණි වළලු (1ක්): LKR 150
● අවුරුදු Platter (කුඩා): LKR 3,500
● අවුරුදු Platter (විශාල): LKR 6,500

 

12. Caravan Fresh

 

 

Price range: LKR 100 – LKR 1,500
Address: Islandwide outlets
Tel: 0715 356 554
Instagram: @caravanfreshlk
Facebook: @Caravan Fresh
Website: Caravan Fresh
UberEats: Caravan Fresh – Borella Delivery | Colombo | Uber Eats

 

Menu:

● කිරිබත් (1 slab – 3” x 3”) ලුණු මිරිස් සමඟ: LKR 70
● කොණ්ඩ කැවුම් (1ක්): LKR 120
● අතිරස (1ක්): LKR 120
● මුං කැවුම් (1ක්): LKR 120
● කොකිස් (1ක්): LKR 80
● සීනි සම්බෝල (1 kg): LKR 1,100

 

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලට කැවිලි වලින් රසවත් වූ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා දන්න තවත් තැන් තියෙනවා නම් comment කරන්නත් අමතක කරන්න එපා.

ශ්‍රී ලංකාවට අලුත්ම ධාවන අත්දැකීමක් අරගෙන එන සුපිරි SUV රථය ඔබේ SUV සිහිනය සැබෑ කරන්න දැන් සූදානම්…

ශ්‍රී ලංකාවේ මෝටර් රථ‍ කර්මාන්තය නව මගකට යොමු කරමින් ඩේවිඩ් පීරිස් automobie සමාගමත්‍ Beijing Automotive industry holding Co. ltd (BAIC) සමාගමත්‍ සමග එක්ව අනාගතයේ සුපිරි පෙරගමන්කරු වන BAIC X55 II SUV රථය ආනයන කරන්න සියලු ‍කටයුතු මේ වන විටත් සූදානම් කර අවසන්. දැක්කම ආස හිතෙන body structure එකක්‍ තිබෙන ඩේවිඩ් පීරිස් ඔටෝමාබයිල් BAIC X55 II Honour සාමාන්‍ය රථය වගේම සියලු අංගෝපාංග වලින් යුතු BAIC X55 II Luxury රථය ලෙස මාදිළි 02ක් එකවරම වෙළඳපොලට හඳුන්වා දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

 

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය කියන්නේම ශ්‍රී ලංකාවේ තරුණ හදවත් ධාවනය වන ආකාරය හොදින් හදුනන ආයතනයක්. ඒ ව⁣⁣⁣ගේම දේශීය කර්මාන්තය ගොඩනැගීම ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ව⁣ගේම එහි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රෝහණ දිසානායක මහතාගේත් ප්‍රධාන අරමුණයි.

 

Brand new BAIC X55 II රථය‍ සැප පහසු ආසන පහකින් යුක්තයි. 1500 cc turbo engine එක‍, 7DCT පද්ධතිය‍ SUV වලට ආදරය කරන අයට වේගවත් අද්දැකීමක් ලබා දෙනවා. පෙට්‍රල් වලින් ධාවනය වන මේ අලුත්‍ දඟකාරයාට අගල් 19 ඇලෝයි වීල්ස්, duel exhaust, විවෘත‍ කල හැකි වහල ව⁣ගේම ස්වයංක්‍රීයව ඉදිරියට එන දොර හැඬල ද තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ධාවනය වන අනෙකුත්‍ වාහන අතරින් BAIC X55 II රථය‍ මේ තරම් කැපීපෙනෙන්⁣නේ එහි ඇති Adaptive cruise control, lane departure warning, front seat heating සහ ventilation, driver seat memory, rear seat angle adjustability සහ multicolored interior ambient light වැනි ආරක්ෂිත‍ විශේෂාංග‍ රැසක් BAIC X55 II රථය‍ අයිතිවාසිකම් කියන‍ නිසයි. ඒ වගේම සියලුම BAIC X55 II මාදිළි රියදුරුට හා ගමන් කරන මගීන්ට පැති එයාර්බෑග් සහ එයාර්කර්ට්න් ඇතුළු එයාර් බෑග් 06ක් තිබෙනවා ව⁣ගේම රිය පැදවීමේ සංඥා, අංශක 360 කැමරාව සහ සතුරු ක්‍රියාවන් අඟවන එලාම් තිබෙන නිසා රථයට තිබෙන වටිනාකම ඔබට තවත් වැටහෙනවා නේද?

අඟල් 10 ක පාලන තිරයක් සහ LCD තිරයක් ඇති මේ කඩවසම් ධාවකයාට සියලුම මාදිලියේ රැහැන් රහිත දුරකථන සම්බන්ධතාවන් WIFI සහ රැහැන් රහිත චාජින් පහසුකම් ද ඇතුලත් කර‍ තිබෙනවා.

BAIC X55 II රථයට අමතර කොටස් සහ තාක්ෂණික සහාය ලබා ගැනීම‍ පිළිබඳ ඔබට තව‍දුරටත් වදවිය යුතු‍‍ නෑ. අලෙවියෙන් පසුවත් පාරිභෝගිකයන්ට අසමසම සේවාවක් ඩේවිඩ් පීරිස් සමූහය විසින් සහතික කරනවා. හයිඩ් පාක්‍,කෝනර් හී ඇති ඩේවිඩ් පීරිස් එක⁣ට ගොස් 2024 ජූනි වල බෙදා හැරීමට නියමිත BAIC X55 II රථය test drive හෝ පෙර ඇණවුමක් වුනත් භාර දෙන්න ඔබට දැන් පුලුවන්.

 

ඉතින් ශ්‍රී ලංකාවේ තිබෙන SUV අතර අභිමානයෙන් මුල් තැන ගන්නා BAIC X55 II ධාවනයේ අලුත් අත්දැකීම විඳගන්න ඔබත්‍ කැමතිද?

ඇඹරැල්ලා චට්නි

 

 

අපි Aunty D එක්ක එකතුවෙලා ඔයාලට කියලා දෙන්නේ කුළුබඩු මුසු වූ පැණි රසයක් ගෙන එන රසවත් ඇඹරැල්ලා චට්නි එකක් හදාගන්න විදිහයි. ඉතින් ඔයාලත් මේ විදියට ඇඹරැල්ලා චට්නි එකක් හදලා බලන්න අමතක කරන්නෙපා.

 

අවශ්‍ය ද්‍රව්‍ය:

ඇඹරැල්ලා 500g ක්

වතුර කෝප්ප 2 ක්

සීනි 250g ක්

ලුණු තේ හැඳි 1 1/2 ක්

කරාබු නැටි 5ක්

කුරුඳු අඟල් 1/2 ක්

ඉඟුරු + සුදුළූණු තේ හැඳි 1 1/2 ක්

මිරිස් කුඩු මේස හැඳි 2 ක්

 

සාදන ආකාරය:

භාජනයක් ලිපේ තබා ඇඹරැල්ලා, ජලය, සීනි, ලුණු, කරාබුනැටි සහ කුරුඳු පොතු එකතු කරන්න.

විනාඩි 5ක් පමණ එක දිගට කලවම් කරගන්න.

භාජනය වසා තබා අඳුරු පැහැ වන තෙක් මඳ ගින්නේ තබන්න.

ඉඟුරු, සුදුළූණු සහ මිරිස් කුඩු එකතු කර හොඳින් උකු වනතුරු බැදෙන්නට තබන්න.

පිසගෙන අවසන් වූ පසු ආහාර වේලට එක් කරගන්න.

 

ශ්‍රී ලාංකේය කුළුබඩු සහ ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සමඟින් පහසු සහ රසවත් කෑම වට්ටෝරු ඔබ වෙත ගෙන එන ආන්ටි D සමඟ දිගටම රැඳී සිටින්න.

රාමසාන් සමයට සුවිශේෂී වූ කොළඹ නගරයේ Restaurants

මේ රාමසාන් සමයේ, ලොව පුරා සිටින මුස්ලිම්වරු යාච්ඤා කරමින් තමන්ගේ උපවාස සමය ආරම්භ කරනවා. ඉර බැස යන විටදී උපවාසය අවසන් කරන ඔවුන් වෙනුවෙන්ම රසවත් භෝජන සංග්‍රහයක අපූරු අත්දැකීමක් ලබා දෙන්න කොළඹ නගරයේ අවන්හල් රැසක් සූදානමින් ඉන්නවා.

 

Iftar buffets පමණක් පිළිගන්වන අවන්හල්

 

1. Central at Shangri-La Colombo

 

 

Price: LKR 9,400 nett per person

Time: Daily, 6 pm to 10.30 pm (until 10 April)

Address: 1, Galle Face, Colombo 02

Tel: 0117 888 288

Instagram: @shangrilacolombo

Facebook: @Shangri-La Colombo

Website: Shangri-La Colombo

  • Special note: Two-day advanced booking for the buffet is mandatory

2. Graze Kitchen at Hilton Colombo

 

 

Price: LKR 8,388 nett per person (weekdays) | LKR 8,888 nett per person (weekends)

Time: Daily, 6.30 pm to 10.30 pm (until 09 April)

Address: No 2, Sir Chittampalam A Gardiner Mawatha, Colombo  02

Tel: 0112 492 492

Instagram: @hiltoncolombo

Facebook: @The Hilton Colombo

Website: Hilton Colombo

  • Special offers: 20% discount available for groups between 25 to 49. 25% discount available for groups over 50

3. Harbour Court at The Kingsbury Colombo

 

 

Price: LKR 7,500 nett

Time: Daily, 6 pm to 10.30 pm (until 10 April)

Address: 48, Janadhipathi Mawatha, Colombo 01

Tel:  0112 421 221

Instagram: @thekingsbury

Facebook: @The Kingsbury Hotel

Website: The Kingsbury Hotel Colombo

  • Special note: The Iftar corner with short eats, congee and dates will be open for approx. 30 minutes for the breaking of fast

4. FLOW at Hilton Residencies 

 

 

Price: LKR 6,950 nett per person (Sunday – Thursday) | LKR 7,350 nett per person (Friday – Saturday)

Time: Daily, 6 pm to 10.30 pm (until 08 April)

Address: 200, Union Place, Colombo 02

Tel: 0115 344 644

Instagram: @hiltoncmbresidences

Facebook: @Hilton Colombo Residences

Website: Hilton Colombo Residences

5. On the Eleventh at Mandarina Colombo

 

 

Price: LKR 5,500 nett per person

Time: Daily, 6 pm to 8 pm (from 15 March to 10 April)

Address: 433, Galle Road, Colombo 03

Tel: 0112 550 660

Instagram: @mandarinacolombo

Facebook: @Mandarina Colombo

Website: Mandarina Colombo

6. Beira Kitchen at Courtyard by Marriott Colombo

 

 

Price: LKR 7,800 nett per person

Time: Daily, 6 pm to 10.30 pm (until 10 April)

Address: 137, Muttiah Road, Colombo 02

Tel: 0117 734 400 

Instagram: @courtyardcolombo

Facebook: @Courtyard by Marriott Colombo

Website: Courtyard by Marriott Colombo

7. Courtyard at Cinnamon Grand Colombo

 

 

Price: LKR 7,800 nett per person

Time: Daily, 6 pm to 10.30 pm (until 10 April)

Address: 77, Galle Road, Colombo 03

Tel: 0112 437 437

Instagram:  @cinnamongrandcolombo

Facebook: @Cinnamon Grand Colombo

Website: Cinnamon Grand Colombo

8. Gardenia Coffee Shop at Ramada By Wyndham Colombo

 

 

Price: LKR 6,000 nett per person

Time: Monday – Thursday, 6 pm to 10 pm | Friday – Sunday, 6 pm to 11 pm

Address: 30, Sir Mohamed Macan Markar Mawatha, Colombo 03

Tel: 0112 422 001 | 0777 864 864

Instagram: @ramadacolombo

Facebook:  @Ramada Colombo

Website: Ramada Colombo

 

Iftar buffets සහ Iftar packs පිළිගන්වන අවන්හල්

 

9. Verandah at Galle Face Hotel

 

 

Price: LKR 2,200 per person (Iftar corner) | LKR 5,990 per person (Iftar corner + dinner buffet)

Time: Daily, 6 pm to 10.30 pm (until 10 April)

Address: 2, Galle Road, Colombo 03

Tel: 0117 541 010 | 0112 541 010

Instagram: @gallefacehotel

Facebook: @Galle Face Hotel

Website: Galle Face Hotel

 

Iftar packs පමණක් පිළිගන්වන අවන්හල්

 

10. Cafe Kai at Hilton Colombo 

 

 

Price: À la carte

Time: Daily, 9 am to 10 pm (delivery only)

Address: No 2, Sir Chittampalam A Gardiner Mawatha, Colombo  02

Tel: 0112 492 492

Instagram: @hiltoncolombo

Facebook: @The Hilton Colombo

Website: Hilton Colombo

  • Menu:

Classic Lebanese Hummus: LKR 1,730

Muhammara Hummus: LKR 2,133

Olivada And Sun Dried Tomato Hummus: LKR 1,865

Dark Chocolate And Honey Hummus: LKR 2,402

Ceylon Coconut Chip And Vanilla Hummus: LKR 1,730

Labneh Yogurt: LKR 387

Minced Beef Hummus: LKR 2,536

Torshi Shoor: LKR 656

Beef Kibbeh (3pcs): LKR 1,327

Mutton Kibbeh (3pcs): LKR 2,268

Cheese And Spinach Sambousek (03pcs): LKR 1,327

Lamb Sambousek (3pcs): LKR 1,596

Falafel (03pcs): LKR 387

Chicken Congee: LKR 656

Beef Congee: LKR 924

Mutton Congee: LKR 924

Chicken Biriyani: LKR 2,268

Mutton Biriyani: LKR 3,074

Watallapam: LKR 1,193

Umm Ali: LKR 790

Chicken Curry: LKR 1,999

Beef Curry: LKR 2,671

Mutton Curry: LKR 3,342

Homemade Falooda (370 ml): LKR 790

Iftar Sawan (serves 04): LKR 24,888

Mix Iftar Sawan (serves 04): LKR 29,888

  • Special note: Order must be placed two hours in advance. Dishes are available for delivery within Colombo and limited suburban areas.

11. Iftar platters from The Kingsbury Colombo

 

 

Price: LKR 5,250 (serves 2) | LKR 10,500 (serves 4)

Time: Daily, 3 pm to 8 pm (until 9 April)

Address: 48, Janadhipathi Mawatha, Colombo 01

Tel: 0771 087 754 |  0112 421 221 (general)

Instagram: @thekingsbury

Facebook: @The Kingsbury Hotel

Website: The Kingsbury Hotel Colombo

  • Menu: Assortment of short eats, two congees, dates, cashews and beverage of choice
  • Special note: Order must be placed two hours in advance

12. Iftar packs by Paan Paan 

 

 

Price: LKR 850 per pack (in-store price)

Time: Daily, 4 pm to 6 pm (until 10 April)

Address: Available at all outlets

Tel: 0117 500 226

Instagram: @paanpaanlk

Facebook: @Paan Paan

  • Menu:

Menu A (Monday, Thursday and Sunday): Dates, chicken congee, baked chicken pattie, fish puff and chocolate profiterole

Menu B (Tuesday and Friday): Dates, chicken conjee, Chinese chicken roll, baked tuna pattie and an almond tart

Menu C (Wednesday and Saturday): Dates, chicken congee, baked chicken pattie, Chinese fish roll and sago pudding

13. Iftar platters by Mitsis Delicacies

 

 

Price: LKR 5,000 to LKR 12,500 nett

Time: Daily, 9 am to 11 pm (until 12 April)

Address: 34A, Bagatalle Road, Colombo 03

Tel: 077 716 3090

Instagram: @mitsisdelicacies

Facebook: @Mitsis Delicacies

  • Menu:

Mitsis Special BBQ Platter: LKR 5,200 nett (regular) | LKR 9,800 nett (large)

Ultimate Grilled BBQ Platter: LKR 6,000 nett  (regular) | LKR 12,000 nett (large)

Mitsis Special Kebab Platter: LKR 5,000 nett (regular) | LKR 10,000 nett (large)

Grilled Seafood Platter: LKR 7,000 nett (regular) | LKR 12,500 nett (large)

Any regular platter gets 500 ml water bottle, two congee and dates for free

Any large platter gets 1 l water bottle, four congee and dates for free

  • Special note: Order must be placed 2 hours in advance

14. Iftar menu at Taco Shack Colombo

 

 

Price: LKR 3,500 to LKR 4,400

Time: Daily, 11 am to 10.30 pm (until 10 April)

Address: 35, D. S. Fonseka Road, Colombo 05

Tel: 072 273 6332

Instagram: @tacoshackcmb

Facebook: @Tacoshackcmb

  • Menu:

Chicken Iftar: LKR 3,750

Beef Iftar: LKR 4,000

Seafood Iftar: LKR 4,400

Veg Iftar: LKR 3,500

  • Special note: Order must be placed one hour in advance. Taco deals cannot be mixed and matched.

 

රාමසාන් උත්සව සමයේදී මෙම ස්ථාන වලින් ප්‍රණීත රාත්‍රී ආහාර වේලක හෝ සාදයක අමතක නොවන අත්දැකීමක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ලැයිස්තුවට එක් කර නැති ඔබ දන්නා තවත් මෙවැනි ස්ථාන තියෙනවා නම් comment කරන්න අමතක කරන්න එපා. ඔබ සැමට ප්‍රීතිමත් රාමසාන් සමයක් වේවා!

ඉතාලි රස පිට්සා දැන් කොළඹ නගරයේ….

ඉතාලි කෑම රස ලංකාවේදී try කරන්න ඔයාටත් අවස්ථාවක්

 

 

ඉතාලි ingredients එක් කර ශ්‍රී ලාංකීය රසයද මුසු කරමින් සාදන ඉතාලි කෑම වර්ග ඔබ වෙත ගෙන එන Truffles Pizzeria අවන්හල, ඉතාලියේ පදිංචිව සිටි යෝෂිත පීරිස්ගේ නිර්මාණයක් වනවා.

 

APPETISERS

 

Garlic Focaccia — LKR 1,400 (4/5)

 

 

මොසරැල්ලා චීස් තවරා තිබුණ Garlic Focaccia එකට බටර් සහ සුදු ළූණු මුසු කර තිබුණා. පිට්සා එකක පෙනුමක් ගත් මෙය කුළුබඩු රාශියක මුසුවක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. ඔයාට කැමති නම් සෝස් එකතු කර ගන්නත් පුළුවන්. පොඩි දැවිල්ලක් දැනෙන නිසා සිසිල් බීම එකක් ළඟ තියාගෙන try කරන එක හොඳයි කියලා හිතෙනවා.

 

MAINS

 

Truffle Monster Pizza — LKR 3,800 (5/5)

 

 

chicken, bacon, pepperoni, Italian bacon, mozzarella, bell peppers, සහ Parmesan එක් වූ මේ තුනී පිට්සා එකට ඔවුන්ගේම සෝස් එකත් එකතු වුණාම රසයෙන් පරිපූර්ණ වෙනවා.

 

Budu Ammo Cheese Pizza — LKR 3,600 (5/5)

 

 

blue cheese, mozzarella, gouda, Parmigiana Reggiana එක් කර තිබෙන Budu Ammo Cheese Pizza එකේ රසය සහ සුවඳ දෙගුණ තෙගුණ කරන්න truffle oil ද එක් කර තිබුණා. blue cheese වලින් එන ප්‍රණීත රසය නිසා පිට්සා ලෝලීන්ට වෙනස්ම රසයක් ගෙන දෙනවා. චීස් වලට කැමති අයට මෙන්ම vegetarian අයටත් වෙන්වූ රසවත් පිට්සා වර්ගයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

 

Authentic Carbonara Pasta — LKR 3,900 (5/5)

 

 

රසයෙන් අනූන Authentic Carbonara Pasta එකට බිත්තර කහ මදයක් සහ pecorino cheese එක් කර තිබෙනවා. මෙහි විශේෂත්වය තමයි බේකන් හෝ කුකුල් මස් වෙනුවට ඉතාලි ඌරු මස් වර්ගයක් වන Guanciale භාවිතා කර තිබීමයි. පැස්ටා වලින් එන ක්‍රීම් රසය සමඟ ලුණු රසය හා හැපෙන සුළු ගතිය ඔබට රස විඳින්න පුලුවන්. බිත්තර කහ මදයට හා චීස් වලට අමතරව ක්‍රීම් රසයක් ද ගෙන දුන්නා.

 

Pork Ragu Lasagna — LKR 2,800 LKR (4/5)

 

 

ලසඤ්ඤා ලෝලීන් වෙනුවෙන්ම පිළිගන්වන Pork Ragu Lasagna බේකන් එක්වූ රසවත්, චීස් ලසඤ්ඤා වර්ගයක්. ඔයා Pork Ragu Lasagna එක try කරනවා නම් portion එක අනුව ඔයාට වෙන කෑම order කරන්න ඕන වෙන්නෙත් නෑ. ඒ තරමටම රසයෙන් මෙන්ම ප්‍රමාණයෙන් ද සරිලනවා. මේ ලසඤ්ඤා එකට ඔබ කැමති විදිහට තක්කාලි සොස් හෝ ලසඤ්ඤා සෝස් එකතු කර ගන්න පුළුවන්.

 

DESSERT

 

Tiramisu — LKR 1,000 (5/5)

 

 

Tiramisu එකේ මෙලෙක් බව සහ එහි වර්ණය මාව පුදුමයට පත් කලා. කුඩා වීදුරු බඳුනක පිළිගන්වන පැණි රසයෙන් අනූන mascarpone cheese සමඟ espresso කෝපි පානය නියමෙට ගැළපෙනවා. ඔබේ ආහාර වේල තෘප්තිමත් ලෙස අවසන් කරන්න අවශ්‍ය නම් Tiramisu එක try කරලා බලන්න අමතක කරන්න එපා.

 

DRINKS

 

Nutella Milkshake — LKR 970 (5/5)

 

 

ඇත්තටම Nutella මිල්ක්ෂේක් එකෙන් මට දැනුණේ Ferrero Rocher එකක රසයක්. Nutella ගොඩක් එක් කර තිබුණ නිසා පැණි රසයෙන් නම් අඩුවක් දැනුණේ නැහැ.

 

වටපිටාව

 

 

ඇතුළත අලංකාර චිත්‍ර දැක ගන්න පුළුවන් වගේම Truffles Pizzeria ගෘහස්ථ හා එළිමහන් ආසන සහිත සුවපහසු අවන්හලක් වනවා. එකවර විශාල පිරිසකට විනෝද වෙන්න පුළුවන් විදිහේ දර ගිනි උඳුනක් සහිත area එකක් තිබෙන නිසා ඔබට පිට්සා හදන සුවඳද අත්විඳිමින් අලුත්ම අත්දැකීමක් ලබාගන්නත් පුළුවන්. මෙහි කාර්යමණ්ඩලය ඉතා කාර්‍යක්ෂම වන අතර ප්‍රණීත ආහාර පිළිගන්වමින් තම පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් ඔවුන් සපයනවා.

බොරැල්ල නගර මධ්‍යයේ නිස්කලංක පරිසරයක පිහිටා තිබෙන මෙය පවුලේ අය සහ මිතුරන් සමඟ විනෝද වෙන්න හොඳ ස්ථානයක්.

 

ඔබ දන්නවාද?

මෙහි ආහාර Uber Eats සහ PickMe භාවිතා කර ඔබේ නිවසටම ගෙන්වා ගන්නත් පුළුවන්.
සෑම සිකුරාදා රාත්‍රියකම අවන්හලට පැමිණෙන ඔබට සජීවී සංගීත අත්දැකීමක් ලබන්නත් පුළුවන්.

ශ්‍රී ලාංකික රසයට කන්න කැමති අයට හොඳම තැන Epi-Q Gourmet

ශ්‍රී ලාංකික රසයට කන්න කැමති අයට හොඳම තැන Epi-Q Gourmet

 

 

Shazmin Ismail ගේ සංකල්පයකට අනුව නිර්මාණය වුණ Epi-Q Express Gourmet කියන්නෙ විවිධ වර්ගයේ කෑම වර්ග Try කරලා බලන්න කැමති ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය වුණ Restaurant එකක්.

විවිධ වර්ගයේ chocolate වලට ප්‍රසිද්ධ මේ Restaurant එකෙන් ඔබට සාම්ප්‍රදායික ලාංකික ආහාර වර්ගත් ලබා ගන්න පුළුවන්. ඔබ Asian crispy crepes, waffle pizza, rotzza සහ mini Pancakes වලට කැමති කෙනෙක් නම්, ඒ දේවල් try කරන්න මේ Restaurant එක කියාපු තැන. Vegan කෙනෙක්ට වුණත් ගැලපෙන රසවත් ආහාර Epi-Q Express Gourmet වලදි රස විඳින්න පුළුවන්.

අපි Epi-Q Express Gourmet එකෙන් Try කරපු කෑම තමයි මේ.

 

APPETISERS

 

Isso Wade – LKR 960 (4/5)

 

 

හැමෝම කැමති ජනප්‍රිය Street Food එකක් තමයි ඉස්සෝ වඩේ කියන්නෙ.ඉස්සෝ වඩේ කියන නම ඇහුවත් අපිට ඒ රස මතක් වෙනවනෙ. ඉතින් සිහින්ව කැපූ ළූණු සහ ගෝවා මිශ්‍ර සලාදයක් සමග Galle Face එකේ ඉස්සෝ වඩේ වල රසයම තිබෙන ඉස්සෝ වඩේ මෙහිදී පිළිගන්වනවා. රසට හැපෙන ඉස්සො එක්ක කුළුබඩු වලින් රසවත් වෙලා තියෙන gravy එක නිසා මේකෙ රසය තවත් දෙගුණ තෙගුණ වෙනවා.

 

MAINS

 

Creamy Chicken Pasta (Spaghetti) – LKR 1,950 (5/5)

 

 

Creamy Chicken Pasta එකට තමයි මම ගොඩක්ම කැමති වුණේ. කුකුල් මස් කෑලි ගොඩක් තියෙන පැස්ටා එක white sauce වලින් තවත් රසවත් වෙනවා. පැස්ටා එකට හතු සහ ගෝවා මල් එක් කර තිබීමත් විශේෂත්වයක් වනවා. සියලු දේ මුසු වුණ පරිපූර්ණ ආහාරයක් විදියට මේ Creamy Chicken Pasta කියන්න පුළුවන්.

 

Arrabbiata (Penne) – LKR 1,700 (5/5)

 

 

නැවුම් තක්කාලි එක්වූ red sauce Penne පැස්ටා එකට වෙනස්ම රසයක් සහ සුවඳක් ලබා දෙනවා. එයට cherry tomatoes ද එක් කර තිබුණා. කුළු බඩු වලින් හා පැණි රසයෙන් පරිපූර්ණ සෝස් එක ශ්‍රී ලාංකීය රුචි අරුචිකම් වලට නියමෙටම ගැලපෙනවා.

 

Kebab Wraptor Chicken – LKR 1,200 (3/5)

 

 

මේ හැපෙන සුළු Kebab Wraptor Chicken එකට සෝස්, සලාද සහ විනාකිරි මුසු වූ එළවළු එක් කර තිබුණා. මෙහි විශේෂ රසයක් දැණුනේ නැති වුණත් පෝෂණ ගුණයෙන් ඉහළ බව මම විශ්වාස කරනවා. Kebab Wraptor Chicken එකත් සමග සෝස් එක් වූ විට දිවා ආහාරය හෝ උදෑසන ආහාරය සඳහා නියමෙට ගැළපෙනවා.

 

Half-and-Half Pizza (Chilli Prawn/ Grilled Chicken) – LKR 2,700 (4/5)

 

 

ඔවුන්ගේ පීසා විවිධ වර්ගයේ ටොපිං වලින් ඔයාට try කරන්න පුළුවන්. අපි මිරිස්, තක්කාලි සහ ඔලිව් සමඟ කුළුබඩු එක්වූ චිලි ප්‍රෝන් පීසා එකකින් භාගයක් try කළා. අනෙක් භාගය, අපට ග්‍රිල්ඩ් චිකන් පීසා වලින් order කළා. චිකන්, චීස් සහ ඔලිව් වලින් රසවත් වුණ පීසා එකට අනිවාර්‍යෙන්ම ඕනෑම කෙනෙක් කැමති වෙනවා.

 

DESSERT

 

Mini Pancake Premium – LKR 1,200 (5/5)

 

 

ඔයා දන්නවාද? Epi-Q සෑම දිනකම කුඩා පෑන්කේක් 300 කට වඩා අලෙවි කරනවා. පලවෙනි පාරම හිතුණේ පොඩි චොක්ලට් කෑල්ලක් හපනවා වගේ හැඟීමක්. කුඩා පෑන්කේක් උඩට chocolate සහ white chocolate තවරා තියෙන නිසා ඕනෑම කෙනෙක් රස බලන්න දෙපාරක් හිතන්නේ නෑ. හොඳ කටගැස්මකට Mini Pancake නියමට ගැළපෙනවා.

 

Half Waffle With Nutella, Strawberries and Ice Cream – LKR 1100 (4/5)
(Add On: Strawberry – LKR 500 | Vanilla Ice Cream – LKR 350)

 

 

ස්ට්‍රෝබෙරි, නියුටෙල්ලා සහ චොකලට් එක්වූ හැපෙනසුළු Belgian waffle වලින් ඔයා සෑහීමට පත් වෙන්නේ නැත්නම්, ඔයාට පුළුවන් අයිස්ක්‍රීම් ඉල්ලන්න. ඔයා waffle වලට කැමති කෙනෙක් නම් මෙනු එකේ තියෙන waffle අතරින් තෝරා ගැනීමක් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට ස්ට්‍රෝබෙරි සහ අයිස්ක්‍රීම් වැනි ටොපිංස් හෝ Milo, Oreo, KitKat, Kinder Bueno සහ Peanut Butter අතරින් එකක් වුණත් තෝරා ගන්න පුළුවන්. ඒ හැම එකක්ම try කරන්න කැමති නම් මේ හැමදේම එකතු වුණු waffle එකක් වුණත් ලබා ගන්න පුළුවන්.

 

King Size Peanut Butter Crispy Crepe – LKR 1,750 (5/5)

 

 

චොකලට්, රටකජු සහ බටර් වලින් රස ගන්වා තිබෙන මේ Crepe එකේ රස බලන්න නම් අමතක කරන්න එපා. මම try කරපු හොඳම dessert එක මේක කියලා කියන්න පුළුවන්. Portion එකත් ප්‍රමාණවත් නිසා අනිවාර්යයෙන්ම ඔයා ගෙවන මුදලටත් වටිනවා.

 

DRINKS

 

Falooda – LKR 700 (5/5)

 

 

ඔබේ ආහාර වේල වඩාත් හොඳින් රස විදීමට හැකි රසවත් cool Drink එකක් කියලා කියන්න පුළුවන්. rose syrup, jello, sweet basil seeds, vermicelli, creamy milk, nuts topped සහ ice cream එක් කර තිබෙන මේ ෆලූඩා එක ඔයාටත් අනිවාර්‍යෙන්ම ආ‍යෙත් try කරන්න හිතෙයි.

 

Blue Lemonade – LKR 600 (3/5)

 

 

Blue Lemonade එකෙන් මුලින් පැණි රසයක් ආවත් පසුව තිත්ත රසයක් ගෙන දෙනවා. රාත්‍රී කෑම වේල අතරතුර දැනෙන තිබහට හොඳ තේරීමක් කියලා මේ Blue Lemonade එක කියන්න පුළුවන්. වෙනස් රසයක පානයක් try කරන්න කැමති කෙනෙක්ට නම් මේක නියම අවස්ථාවක්.

 

Peach Ice Tea – LKR 600 (4/5)

 

 

ඔයා කැමතිම පළතුරු රස එක්වූ මෙන්ම බබල්ගම් රසයක් එක්ක එන Peach Ice Tea එක රස්නෙ දවස් වලට නියමෙට ගැළපෙනවා. Peach Ice Tea එක බොන්න කලින් හොඳට කලවම් කරගන්න අමතක කරන්න එපා.

 

AMBIENCE

 

 

තිඹිරිගස්යායේ පිහිටා තිබෙන Epi-Q Express Gourmet ගෘහස්ථ හා එළිමහන් ආසන සහිත සුවපහසු අවන්හලක් වනවා. ගොඩොල් වලින් නිර්මාණ කරපු ලස්සන area එකකුත් මේ අවන්හලේ තියෙනවා. ඔවුන් අවධානය යොමු කරන්නේ උසස් තත්ත්වයේ ආහාර ආකර්ෂණීය ලෙස ඔබ වෙත පිළිගැන්වීමටයි. ඉතාම රසවත් කෑම සාධාරණ මිලකට දෙන නිසා මෙම අවන්හල කොළඹ නගරයේ ජනප්‍රිය අවන්හලක් බවට පත්ව තිබෙනවා.

 

ඔයා දැනගෙන හිටියා ද?

Uber Eats සහ PickMe භාවිතා කර මේ අවන්හලේ ආහාර නිවසටම ගෙන්වා ගන්නත් ඔබට පුළුවන්.
ඒ වගේම විවිධ වර්ගයේ නිර්මාංශ ආහාර වර්ග රැසක් ඔබට එහිදී ලබා ගන්න පුළුවන්.