2025 Apr 28
කහබත් එක්ක කෑම මේසෙට නියමෙට ගැළපෙන අන්නාසි කරි එක දැන් ඔයාටත් ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් ආන්ටි ඩී එක්ක එකතු වෙලා අන්නාසි කරි එක හදන විදිහ හරියටම දැනගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
අන්නාසි ගෙඩි 1 ක්
මිරිස් කුඩු තේ හැඳි 1 ක්
තුනපහ කුඩු (බැද නොගත්) තේ හැඳි 1 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 3/4 ක්
ලුණු තේ හැඳි 1 1/2 ක්
කහ කුඩු තේ හැඳි 1/2 ක්
තෙල් මේස හැඳි 1 ක්
අබ ඇට
කුරුඳු පොතු
කරදමුංගු 3 ක්
සුදුළූණු 3 ක්
පොඩි රතු ළූණු ගෙඩි 3 ක්
කොළ සහ රතු මිරිස් කරල් 5 ක්
කරපිංචා
රම්පේ
වතුර කෝප්ප 1 1/2 ක්
පොල් කිරි කෝප්ප 1 ක්
සීනි
සාදන ක්‍රමය
අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර හතරැස් පෙති වලට කපා ගන්න.
මිරිස් කුඩු, ගම්මිරිස්, තුනපහ (බැද නොගත්), ලුණු සහ කහ එකතු කර ගන්න. ඉන්පසුව හොඳින් කලවම් කර විනාඩි 10ක් පමණ තබන්න.
ඊළඟට පොඩි රතු ළූණු, සුදුළූණු කරාබුනැටි, කොළ සහ රතු මිරිස් සිහින්ව කපා ගන්න.
තෙල් ටික රත් වන විට අබ ඇට, කුරුඳු පොතු, කරදමුංගු, කපාගත් සුදුළූණු, කරාබුනැටි, පොඩි රතු ළූණු, කොළ සහ රතු මිරිස්, කරපිංචා සහ රම්පේ එකතු කරන්න. පසුව හොඳින් මිශ්‍ර කරගන්න.
ඉන්පසු අන්නාසි කැබලි සහ වතුර එක් කර උතුරන තෙක් රත් කරන්න.
අවසානයේ පොල් කිරි සහ සීනි ස්වල්පයක් එකතු කරගන්න.
උණු උණු බත් පිඟානක් සමඟ මේ curry එකේ රස දැන් බලන්න පුළුවන්.