2025 Feb 5
මයිලෝ එක්ක චොක්ලට් රසය එකතු වුණ Milo Boba වැඩි වියදමක් නැතුව ගෙදරදීම හදාගන්න විදිහ අද ආන්ටි ඩී ඔයාලට කියලා දෙනවා.
ඉතින් ඔයත් බබල් ටී වලට ආස කෙනෙක් නම් මේ Milo Boba රස බලන්න අමතක කරන්න එපා…
අවශ්‍ය ද්‍රව්‍ය:
සීනි කෝප්ප 3/4 ක්
වතුර කෝප්ප 3 1/4 ක්
ටැපියෝකා කුඩු කෝප්ප 1 ක්
අයිස් කැට
කිරි
මයිලෝ කුඩු මේස හැඳි 1 ක්
වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 1 ක්
සාදන ආකාරය:
පෑන් එකකට සීනි කෝප්ප 1/2 ක් සහ වතුර මේස හැඳි 2 ක් එකතු කරගන්න. සීනි ටික රන් පැහැයට හුරු කැරමල් එකක් බවට පත් වන තුරු නොකඩවා හැඳි ගාගන්න.
කැරමල් කළ සීනි වලට ටැපියෝකා කුඩු එකතු කර මෘදු පිටි ගුලියක් වන තෙක් හොඳින් අනාගන්න.
ඉන්පසුව ඉන් කුඩා පිටි ගුලියක් ගෙන පොඩි ගුලි කිහිපයක් සාදාගන්න.
සාස්පානකට වතුර කෝප්ප 3ක් දමා රත් කරගන්න. ඉන්පසුව සාදාගත් boba pearls එක් කර ඒවා විනිවිද පෙනෙන තෙක් මිනිත්තු 20-30 ක් පමණ තම්බා ගන්න. වතුර ඉවත් කරගෙන pearls ටික පැත්තකින් තබා ගන්න.
තව පෑන් එකක් ගෙන, සීනි කෝප්ප 1/4ක් සහ වතුර මේස හැඳි 3ක් එක් කර කැරමල් කරගන්න. කැරමල් වූ පසු, වතුර ඉවත් කරගත් boba pearls එක් කර සීනි සිරප් වල ආලේප වන තෙක් කලවම් කරගන්න.
වීදුරුවක් ගෙන මුලින්ම එයට කැරමල් කළ boba pearls හැන්දක් එක් කර පසුව දුඹුරු සීනි සිරප් එක් කරන්න. ඉන්පසු අයිස් කැට කිහිපයක් එක් කර කිරි වත් කර මයිලෝ පවුඩර් ස්වල්පයක් උඩින් ඉසින්න.
කැමති නම් ඔබට වැනිලා අයිස්ක්‍රීම් හැන්දක් ද එකතු කරගන්න පුළුවන්.
ඒ සියල්ල හොඳින් එකට කලවම් කර, හැපෙනසුළු boba සහ ක්‍රීම් මයිලෝ වල රස ඔබත් අත්විඳින්න!
ශ්‍රී ලාංකේය කුළුබඩු සහ ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සමඟින් පහසු සහ රසවත් කෑම වට්ටෝරු ඔබ වෙත ගෙන එන ආන්ටි D සමඟ දිගටම රැඳී සිටින්න.