2025 Apr 7
ඕනම කෑමක් එක්ක රසට කන්න පුළුවන් කූනිස්සෝ තෙම්පරාදුව පහසුවෙන් වගේම ඉක්මනින් හදාගන්න විදිහ අද ආන්ටි ඩී ඔයාලට කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
කොච්චි කරල් 4ක්
රතු ළූණු ගෙඩි 8ක්
කරපිංචා
තෙල් මේස හැඳි 1ක්
රම්පෙ
වියළි මිරිස් කරල් 4ක්
කහ තේ හැඳි 1/2ක්
කෑලි මිරිස් තේ හැඳි 1ක්
ලුණු තේ හැඳි 1/2ක්
මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
සාදා ගන්නා ආකාරය
වංගෙඩියක් ගෙන කොච්චි, රතුළූණු සහ කරපිංචා එක් කර තලපයක් වනතුරු හොඳින් කොටා ගන්න.
පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා එය රත් වන විට පෙති කපන ලද සුදුළූණු, රම්පෙ සහ වියළි මිරිස් එකතු කරන්න. හොඳ සුවඳක් එනතුරු කලවම් කරගන්න.
එයට කහ කුඩු, තලාගත් කොච්චි, රතුළූණු, කරපිංචා මිශ්‍රණය සහ කෑලි මිරිස් එකතු කරගන්න.
ලුණු කුඩු, මිරිස් කුඩු සහ අවසානයේ කූනිස්සන් එක් කරගන්න. කූනිස්සන් ටික රන්වන් පාට සහ crispy ගතිය එන තෙක් හොඳින් කලවම් කරගන්න.
උණුවෙන්ම රස විඳින්න අමතක කරන්න එපා!
ශ්‍රී ලාංකේය කුළුබඩු සහ ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සමඟින් පහසු සහ රසවත් කෑම වට්ටෝරු ඔබ වෙත ගෙන එන ආන්ටි D සමඟ දිගටම රැඳී සිටින්න.