2025 Mar 6
අද අපි Aunty D එක්ක එකතුවෙලා ඔයාලට කුළුබඩු සහ සෝයා සෝස් සමඟ මුසු වූ Mushroom Stir Fry හදන විදිහ කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය:
හතු 200g ක්
සුදුළූණු 03 ක්
ඉඟුරු අඟල් 1/2 ක්
සැල්දිරි අඟල් 6 ක්
රතු බෙල් පෙපර් ක්
වතුර කෝප්ප 1 ක්
ලුණු තේ හැඳි 3/4 ක්
තෙල් මේස හැඳි 2 ක්
Oyster sauce මේස හැඳි 1 ක්
Dark soy sauce මේස හැඳි 2 ක්
සාදන ආකාරය:
අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගන්න. මුලින්ම හතු කුඩා කැබලිවලට ඉරා ගන්න.
සුදුළූණු, ඉඟුරු, සැල්දිරි සහ රතු බෙල් පෙපර් කුඩා කැබලි වලට කපාගන්න.
වතුර කෝප්පයක් සහ ලුණු ස්වල්පයක් (තේ හැන්දක 1/2) සමඟ පෑන් එකකට හතු එකතු කරන්න. එය උතුරන තෙක් රත් කර පසුව වතුර ටික ඉවත් කරගන්න.
තෙල් ස්වල්පයක් එක් කර හතු ටික මෘදු වන තුරු පිසගන්න.
කපාගත් සුදුළූණු, ඉඟුරු, සැල්දිරි සහ රතු බෙල් පෙපර් එයට එක් කර හොඳින් කලවම් කරගන්න.
ඉන්පසුව oyster sauce, dark soy sauce සහ ලුණු ස්වල්පයක් (තේ හැඳි 1/4) එක් කරන්න. හතු ටික සෝස් සමඟ හොඳින් මිශ්‍ර වන තෙක් කලවම් කරගන්න.
අවසානයේ උඩින් තල ඇට ටිකක් එකතු කරගන්න.
උණුවෙන්ම රස විඳින්න අමතක කරන්න එපා!