Blog Page 31

පියවරුන්ගේ දිනය වෙනුවෙන් තාත්තාට තෑග්ගක් දෙමුද..?

 

පියවරුන්ගේ දිනය කියන්නේ ඔයාගේ තාත්තාට විශේෂයක් දනවන්න තියෙන හොඳම අවස්ථාවක්. එදිනෙදා ජීවිතයේ වැඩ වැඩි වෙන කොට අපිට ශක්තියක් වුණ අපේ තාත්තාට , අපේ හැඟීම්, ආදරේ පෙන්නන්න,කියන්න අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා. ඉතින් ඒ පෙන්නන්න බැරිවුණ ආදරය තාත්තාට මතක් කරලා දෙන එකනම් ගොඩක් හොඳ අදහසක්.මෙන්න ඔයාගේ තාත්තාට හොඳ තෑග්ගක් ගන්න හරි සංග්‍රහයකට එක්කන් යන්න හරි උදව් වෙන්න පුළුවන් ස්ථාන ලැයිස්තුවක්!

  • GIFT BOXES
  • HANDMADE GIFTS
  • DINING
  • GIFTS ON DISCOUNT
  • CONFECTIONERY

 

 

 

GIFT BOXES

 

 

Plush Box

Plush Box වල ඔයාගේ තාත්තාට දෙන්න ඔයාට ඕනේ දේවල් කිහිපයක්ම ඔයාට ඕනේ විදිහට තෝරාගන්න පුළුවන්. එයා කැමතිම ටී ෂර්ට්, සුවඳ විලවුන්, කෆ් ලින්ක් තෝරාගෙන ඔයාට පුළුවන් තාත්තාව පුදුම කරවන්නත්. 0768944827 අංකයට කතාකරලා හෝ instagram හෝ facebook එකෙන් message කරලා වැඩි විස්තර ලබාගන්න පුළුවන්.

 

 

Lovendar

Lovendar එකෙන් ඔයාට පුළුවන් Mugs,Notebooks,Tie හෝ chocolate වගේ හුරුබුහුටි තෑග්ගක් ඔයාගේ තාත්තාට අරන් දෙන්න.ඔයාට කරන්න තියෙන්නේ facebook එකෙන් හරි instagram එකෙන් හරි එයාලට message කරන එක. ඔයා කැමතිම තෑග්ග මොකද්ද සහ ඔයාගේ budget එක එයාලට කිවුවොත් එයාලට ඔයාට උදවු කරයි ඔයාගේ තෑගී පෙට්ටිය පුළුවන් හොඳම විදිහට හදාගන්න. පෙර ඇණවුම් ජුනි 6 ත් – 17 ත් අතර කරන්න පුළුවන්.ඒ වගේම ඔයාට පුළුවන් 0778222824 අංකයට කතාකරලා වැඩි විස්තර දැනගන්න.

 

 

S Creations

S Creations එකෙන් ඔයාට පුළුවන් mug එකක් හෝ perfume එකක් තෝරාගෙන ඔයාගේ තාත්තාගේ දවස එයාට විශේෂ දවසක් කරන්න. 076 735 1001 අංකයට කෙටි පණිවිඩයක් හෝ whtsapp හෝ viber මගින් පණිවිඩයක් යවලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න හැකියාව තිබෙනවා. එහෙමත් නැතිනම් facebook හෝ instagram එකෙන් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්නත් පුළුවන්.

 

 

Woah Box

තාත්තාටම විශේෂ වුණු තෑගී කිහිපයකින් ඔයා කැමති විදිහට තෑගී පෙට්ටියක් හදාලා දෙන්න ඔන්න Woah Box සුදානම් වෙලා ඉන්නවා.077 882 7844 අංකයට කතාකරන්න, වගේම facebook හෝ instagram හරහා message කරලා ඔයාගේ තෑග්ග ඇණවුම් කරන්න පුළුවන්. වැඩිදුර විස්තර සදහා එයාලගේ සමාජ මාධ්‍ය පිටු සමග සම්බන්ද වෙන්න.

 

 

Robed SL

Robed SL එකෙන් අතින් සාදන ලද භාණ්ඩ සහ රසකැවිලි වගේම වෙනත් භාණ්ඩ වල එකතුවක් තිබෙන නිසා ඔයාගේ තාත්තාට සතුටු සිනහවක් ගෙන්න සමත් වෙන බවනම් අපිට විශ්වාසයි.ඒ තරම්ම විශේෂ තෑගී පෙට්ටියක් ඔයාට හදාගන්න පුළුවන්.ඔයාගේ budget එක එයාලට කිවුවොත් එයාල කියයි ඔයාට ඔයාගේ gift box එකට එකතු කරන්න පුළුවන් තෑගී මොනවද කියලා එහෙමත් ඔයාට ඕනේ තෑගී ටික තෝරාගෙන ඒවගේ මිළ ගණන් එයාලගෙන් අහල දැනගන්නත් පුළුවන්.0777 965383 අංකයට whatsapp message එකක් යවලා වැඩි විස්තර වගේම ඔයාගේ ඇණවුම ලබා දෙන්නත් පුළුවන්.ඒ වගේම විස්තර දැනගන්න එයාලගේ facebook සහ instagram පිටු එක්ක සම්බන්ධ වෙලා ඉන්න.

 

 

Chachilax

පියවරුන්ගේ දිනය සඳහා ඔයාගේ තාත්තාට සුවද විළවුන්,චෝක්ලට්,බෙල්ට් සහ වෙනත් තෑගී වර්ග වලින් පිරුණු තෑගී පෙට්ටියක් හදාගන්න chachilax ඔයාට උදව් කරයි.ඔයාට එයාලගේ instagram එකට message කරලා වැඩි විස්තර දැනගන්න වගේම ඔයාගේ ඇණවුම ලබාදෙන්නත් පුළුවන්.

 

 

Bride Box

කෆ්ලින්ක්, ටයි, ලෙදර් පසුම්බි, , බොඩි ස්ප්‍රේ සහ spa ceylon සබන් සහ තවත් බොහෝ දේ ඇතුළත් කරලා ඔයාගේ තාත්තාට පුදුම හිතෙන විදිහේ තෑගී පෙට්ටියක් Bride Box එකෙන් හදාගන්න පුළුවන්. instagram එකෙන් හෝ facebook මගින් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන්.

 

 

Hello Print

පියවරුන්ගේ දිනයට ඔයාගේ තාත්තාට එයාලගේ ලස්සන හා සුපිරි ඒ වගේම ප්‍රයෝජනවත් තෑගි පෙට්ටියක් ඔබට ලබා දීමට හෙලෝ ප්‍රින්ට් සුදානම් වෙලා ඉන්නවා.එයාලගේ තෑගි පෙට්ටිය සම්පුර්ණයෙන්ම customizable කළ හැකි නිසා එයට නොමිලේ රන් පැහැති පියවරුන්ගේ දින කාඩ්පතක්, hip flask එකක්, ගොල්ෆ් බෝලයක්, business card desk holder එකක් සහ leather business card holder එකක් ඇතුළත් වෙනවා.instagram එකෙන් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන් වගේම ඔයාගේ ගෙදරටම ඒක ගෙනත් දෙන්නත් එයාලා කටයුතු කරනවා.

 

 

Emerald

ඔයාගේ තාත්තාගේ විලාසිතාවට ගැළපෙන කමිස සහ බෙල්ට් ද ඇතුළුව ඔයාගේ තාත්තා සඳහා තෑගි පෙට්ටියක් සකසන්න ඔයාට උදව් කරන්න එමරල්ඩ් සූදානම්. ඔයාට https://emerald.lk/ fathers-day.html වෙත ගහින් එයාලගේ තෑගි පෙට්ටි මිලදී ගන්න වගේම යාවත්කාලීන තොරතුරු සඳහා එයාලාගේ ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පිටු සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

 

 

Beyond Love Gifts

ඔයාගේ තාත්තාට හොඳම තෑග්ග සකසන්න ඕනෙද ?Beyond Love Gifts ඔයාට ඒකට උදවු කරයි.ඔයාගේ තාත්තාගේ ප්‍රියතම ෂර්ට්, සුවඳ විලවුන්, ටයි, customize කළ mug ඔයාගේ තෑගි පෙට්ටියට ඇතුළත් කරන්න පුළුවන්. ඇණවුම් ලබා දෙන්න ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් වෙත පණිවිඩ යවන්න ඔයාට පුළුවන්.

 

 

අතින් සාදන ලද තෑගී

Craft Monkey

පියවරුන්ගේ දිනය සඳහා ටයි හෝල්ඩර්ස්, ඡායාරූප රාමු, යතුරු ටැග් සහ වෙනත් ආභරණ ඇතුළත් හුරුබුහුටි අතින් සාදන ලද තෑගි රාශියක් Craft Monkey සතුව තියෙනවා.අතින් සාදපු තෑග්ගක් සඳහා ඔයාගේ ඇණවුම් ලබා දෙන්න 076 608 7824 අංකයට පණිවුඩයක් හෝ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් වෙත පණිවිඩයක් යවන්න ඔයාට පුළුවන්.

 

 

Ms Soapy Suds

පියවරුන්ගේ දිනයට ඔයාගේ තාත්තාට දෙන්න අතින් සාදන ලද සබන් බාර් සෑදීම සඳහා Ms Soapy Suds සූදානම්. ඔයාට කැමති wordings දාලා මේ සබන් customized කරගන්නත් පුළුවන්. instagram එකෙන් හෝ facebook මගින් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන්.

 

 

The Mugshot LK

ඔයාගේ තත්තාටම අනන්‍ය වුණු ටී ෂර්ට් සහ මග් වගේ තෑග්ගක් දෙන එක තාත්තගේ හදවතට දන්වන්න පුළුවන් හොදම විදිහ වෙන්න පුළුවන්. ඒකට ඔන්න The Mugshot LK එක ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ නිර්මාණ අදහස් එයාලට යවන්න.එතකොට එයාලා ඔයාගේ තෑග්ග ඔයා කැමති ආකාරයට customize කරයි. instagram එකෙන් හෝ facebook මගින් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන්.

 

 

Ceylonese

පියවරුන්ගේ දිනය සඳහා වඩාත් සුවිශේෂී අතින් සාදන ලද තෑගි ඔයාට ලබා දෙන්න Ceylonese සූදානම්. හුරුබුහුටි කෆ්ලින්ක් පෙට්ටි, desk organizers, අතින් පින්තාරු කරන ලද ලී කෝස්ටර්, watch organizers, කණ්නාඩි / අව් කණ්ණාඩි holders සහ තවත් බොහෝ දේ ඔයාට Ceylonese එකෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම ඔයා කැමති පොඩි පණිවිඩයකුත් එයාලා ඔයාගේ තාත්තාට යවන්න එකට ඇතුළත් කරනවා.instagram එකෙන් හෝ facebook මගින් message කරලා ඔයාගේ ඇණවුම ලබාදෙන්න පුළුවන්.

 

 

DINING

 

 

 

DINING

Hilton Colombo

 

2020 ජුනි 21 වන දින හිල්ටන් කොළඹ දී විශේෂ දිවා භෝජන සංග්‍රහයකට ඔයාගේ තාත්තාව එක්කන් යන්න පුළුවන්.2 pax සහ 4 pax විදිහට එයාලගේ දිවා ආහාර පැකේජ කොටස් දෙකකින් යුක්ත වෙනවා. ඔයාගේ සංග්‍රහයට පරිපූර්ණ මිහිරක් එකතු කිරීමක් සඳහා ඔයාට කැෆේ කායි වෙතින් වෙනම කේක් එකක් ඇණවුම් කරන්නත් පුළුවන්.නිවසේ රැඳී සිටීමින් සමරන්න ඕනේ නම් එයාලා දිවා ආහාර බෙදා හැරීමද සිදු කරනවා.ඔයාගේ නිවසට ගෙන්වා ගැනීම සදහා ඇණවුම් ලබා දීමට 076 800 2200 අංකයට අමතන්න පුළුවන්. දිවා ආහාරය වෙන් කරවා ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ඔයාට 0112 492 492 අංකයට අමතන්න හෝ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් හරහා පණිවිඩයක් එවන්න පුළුවන්

 

 

Elevate

 

ඔයාගේ නිවසේ ඉදන් සුවපහසුවට ඔයාගේ තාත්තා සමඟ පියවරුන්ගේ දිනය සැමරීමට ඔබට උදව් කිරීමට Elevate සුදානම් වෙලා ඉන්නවා.පුද්ගලයන් 4 දෙනෙකුට ප්‍රමාණවත් රසවත් course meal තුනකින් යුත් ආහාර වේලක් එයාලගෙන් ලබාගන්න පුළුවන්. appetizer විදිහට creamy asparagus soup ද,main සදහා mixed grill ද,dessert සදහා චීස්කේක් ද රු. 9,900 කට ලබාගන්න පුළුවන්.වෙන් කරවා ගැනීම සඳහා 076 652 7203 අමතන්න. වැඩිදුර තොරතුරු සඳහා ඔයාට එයාලගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වෙන්න පුළුවන්.

 

 

GIFTS ON DISCOUNT

Wimaladharma and Sons

පියවරුන්ගේ දිනයට ඔයාගේ තාත්තාගේ ප්‍රියතම ඔරලෝසුව විශේෂ වට්ටමක් සහිතව ලබා ගැනීමට ඔයාට උදව් කරන්න විමලධර්ම සහ පුත්‍රයෝ සූදානම්ව ඉන්නවා.ඔයාගේ වට්ටම් කේතය ලබා ගන්න ඔයා කරන්න ඕනේ ඉහත සඳහන් පෝස්ටුව ඔයාගේ ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් එකේ #my fathermyhero නම් හැෂ් ටැගය සමඟ post කර ඒ පෝස්ට් එකේ screenshot එකක් 077 141 2652 අංකය වෙත එවීමයි. මේ දීමනාව වලංගු වෙන්නේ ජුනි 21 දක්වා පමණයි. ඔයා එයාලගේ නිෂ්පාදන වලින් එකක් මිලට ගන්නේ ඔයාගේ තාත්තා සදහා නම් ඔයාගේ දොරකඩටම නොමිලේ බෙදා හැරීම් සිදු කරන්න එයාලා සුදානම්. එයාලගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවල මෙම ලිපිය සොයාගන්න පුළුවන්.

 

 

Hameedia

ඔයාගේ තාත්තාට හොඳම shirts, tie සහ belt එකතුවක් ලබාදෙන්න Hameedia සුදානම් කරලා තියෙනවා.එයාලා ඔයාට තෝරා ගන්න විවිධාකාර ඇඳුම් සංයෝජන කිහිපයක් සුදානම් කරලා තියෙනවා.ඒවා ඔයාගේ තාත්තාගේ විලාසිතාවට වඩාත් ගැලපෙනවා. ඔයා තෝරා ගන්නා පැකේජයට 15% ක වට්ටමක් ද ඔයාට ලැබෙනවා. ඇණවුම් කිරීමට 076 875 3238 අංකයට අමතන්න. වැඩිදුර තොරතුරු සඳහා එයාලගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවල රැඳී සිටින්න.

 

Tribe Inc.

Tribe Inc. විවිධ brands සමඟ එකතු වෙලා ඔයාගේ තාත්තාට තෑගි සඳහා හොඳම වට්ටම් ලබා දෙන්න සුදානම් වෙලා ඉන්නවා.පියවරුන්ගේ දිනය වෙනුවන් වට්ටම් ලබාදෙන brands තමයි මේ

Flutterby Inc. – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීමට FBI2020 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
Robed Gift Works – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීමට DAD2020 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
Shoelace Studio – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා SS10 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
The Mugshot – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා MUGSHOT10 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
Ceylonese – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා CD10 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
GIN&tonic – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා GIN&tonic ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න
Thirteen Thirtyone – තෝරාගත් භාණ්ඩ සඳහා 10% වට්ටමක් ලබා ගැනීම සඳහා TT15 ප්‍රවර්ධන කේතය භාවිතා කරන්න

වැඩි විස්තර ලබා ගැනීම සඳහා ඉන්ස්ටග්රෑම් හෝ ෆේස්බුක් පිටු හා සම්බන්ධ වී ඉන්න

 

 

CONFECTIONARIES

Sammy’s Bakery

පියවරුන්ගේ දිනයට ඔයාගේ තාත්තාට ලස්සන cup cake සහ cake සෑදීමට Sammy’s Bakery සූදානම් වෙලා ඉන්නවා.ඔයාගේ කැමැත්ත අනුව ඔයාට ඒක customize කරන්න පුළුවන්. ඔයාට එයාලට ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් යවන්නත් පුළුවන්. නැත්තනම් 071 570 3656 අංකයට අමතන්න.

Sugarfield Bakery

පියවරුන්ගේ දිනය වෙනුවෙන් රසවත්, ගෙදර හැදූ කේක් සහ කප් කේක් ඔයාට ලබා දෙන්න Sugarfield Bakery සූදානම්. ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් හි පණිවිඩයක් යවලා නැත්නම් 071 929 0748 අංකයට අමතන්න ඔයාට පුළුවන්.

 

 

Events by Shero

 

පැණි රසට කැමති තාත්තාට හොඳම gift box එක මේක වෙන්න පුළුවන්. cake කැබැලි,කුකීස්, ප්‍රංශ මැකරූන්, gourmet tea, චන්කි චොක් බ්‍රව්නීස් සහ තවත් දෑ මේකේ ඇතුළත් වෙලා තියෙනවා.ඔයාගේ ඇණවුම ලබාදෙන්න 077 755 7627 අංකයට අමතන්න හෝ ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් වෙත පණිවිඩයක් යවන්න ඔයාට පුළුවන්.

ඉතින් පියවරුන්ගේ දිනයට තෑගී ගන්න පුළුවන් හොඳම තැන් කිහිපයක් තමයි ඒ. පියවරුන්ගේ දිනය සඳහා විශේෂ දීමනා ලබා දෙන වෙනත් ස්ථාන ගැන ඔයා දන්නවා නම්, පහත තියෙන comment වල අපට දන්වන්න.

AIDS/HIV වෛරසයට ප්‍රතිකාර තිබෙනවාද?

HIV යනු වෛරසයක්. HIV මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය යනුවෙන් තමයි හඳුන්වන්නේ. HIV වැනි වෛරස වලට තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට හැකියාවක් නැහැ. ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මානය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කරනවා. අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරස මර්දනය කරන නමුත්, HIV විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහරදෙන බැවින් එය මර්දනය කිරීමට හැකියාවක් නැහැ.

ඒඩ්ස් කියන්නේ රෝගී තත්ත්වයක්. ඒඩ්ස් යන්නෙන් අදහස් කරනුයේ නතූකරගත් ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය යන්නයි. යම් පුද්ගලයකුට HIV ඇති බවට නිශ්චය කරනුයේ ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තුදීමට නොසුදුසු පත්වුණාට පසුවයි.

යම් පුද්ගලයෙකුට ආසාධන හෝ ඒඩ්ස් සම්බන්ධ පිළිකා ඇතිවිට, ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට නිර්ණය කරනු ලබනවා.මෙම අසාදන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා නිසා ‘අවස්ථාවාදී’ ආසාදන ලෙස හඳුන්වනවා.

අතැම්විට අවස්ථාවාදී ආසාධන නොමැති විටද AIDS රෝගය නිර්ණය කරන්න හැකියාව තිබෙනවා. රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල සංඛ්‍යාව එක්තරා මට්ටමකට පහළ වැටෙන විට ඒඩ්ස් රෝග විනිශ්චය කරන්න හැකියාව තිබෙනවා.

බොහෝ මිනිසුන් AIDS රෝගය සදහා ප්‍රතිකාරයක් ඇති බවට වැරදි මතයක සිට අවදානම් හැසිරීම් වල යෙදෙනවා. නමුත් ඔබ දන්නවාද AIDS සදහා ප්‍රතිකාරයක් නොමැති බව. ආරක්ෂිතව සිටීමේ හොදම මාර්ගය වනුයේ HIV සම්ප්‍රේෂණය වන විධි පිළීබදව දැනුවත්වී සිටීමයි.

වෛරසය ගුණනය වීම පාලනය කිරීමට ප්‍රති වෛරස ඖෂධ තිබෙනවා. එමගින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙලන අතර, ප්‍රතිශක්තිය නැවත නගාසිටුවා රෝගියාගේ පැවැත්ම වැඩි කරනවා.මෙම ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම HIV වෛරසය විනාශ කරන්න බැහැ.

කිසිම ප්‍රතිකාරයක් නොගෙන සිටින එච්.අයි.වී ආසාදිත පුද්ගලයන්ගෙන් අඩකට පමණ, වසර 10 ක් ඇතුළත ඒඩ්ස් රෝගී තත්ත්වය ඇතිවෙනවා. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වෙනවා. ධාරක විශේෂිත සාධක සහ වෛරස් විශේෂිත සාධක HIV ආසාදනය ප්‍රගමනය කෙරෙහි බලපෑම් ඇති කරනවා.

ඔබට මේ සම්බන්ධයෙන් පරීක්ෂණය ලංකාව පූරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනයන් මගින් සිදුකරගන්න හැකියාව තිබෙනවා. සමහර පුද්ගලික රසායනාගාර වලදීද මෙම පරීක්ෂණය සිදුකර ගන්නත් පුළුවන්. එහෙත් ඒ සදහා වෛද්‍යවරයවරයා/මහජන සෞඛ්‍ය පරීක්ෂක/ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය මගින් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. මෙම පරීක්ෂණයට ඉදිරිපත් වන පුද්ගලයාට වෛද්‍යකාර්ය මණ්ඩලය විසින් රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි පරීක්ෂණයට පෙර සහ පසු උපදේශන ලබා දීම සිදුකරනවා.

මෙය ආසාදනය වූ කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝවේ. මෙය අපේ රටේ ජනතාව තුල බහුලවම බෝවන ක්‍රමය ලෙස හඳුන්වන්න පුළුවන්.HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රරසූතියේදී සහ මව් කිරි දීමේදී HIV අසාදනය වෙන්න හැකියාව තිබෙනවා. රුධිරය හෝ රුධිර නිෂ්පාදන, ශුක්‍ර පරිත්‍යාග (කෘත්‍රිම ලෙස දරුවන් බෝකිරීමෙන්), ආසාදනය කළ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින් හෝ අසාදිත රුධිර පාරවිලයනය මගින් HIV වෛරසය බෝවීම සිදුවෙනවා.

HIV අසාදන සහ අනිකුත් ලිංගාශ්‍රිත රෝග එකිනෙක අතර සම්බන්දකම් තිබෙනවා. HIV වැළදුන රෝගියෙකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් එමගින් ඔහු හෝ ඇයගේ ශරීරය සතුව ඇති HIV වෛරස් ප්‍රමාණය වැඩි වීම සිදුවෙනවා. එමගින් අන් අයට අසාදනය වන වේගය සහ අවදානම් භාවය වැඩි වෙනවා. මෙය ලිංගික ප්‍රදේශවල ඇති තුවාල තුලින් හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ශ්‍රාවයන්ගෙන් බෝ වීමටද පුළුවන්. එසේම HIV රහිත පුද්ගලයකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් ඔහුට හෝ ඇයට HIV වෛරසය වැළදීමේ හැකියාව ඉහල තත්ත්වයක පවතිනවා. මේ තත්ත්වය ඇතිවනුයේ අනිකුත් ලිංගාශ්‍රිත රෝග මගින් ඇතිකරනු ලබන සමේ තුවාල සහ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල මගින්ය. (උදා:උපදංශය සහ හර්පීස්) රෝග ලක්ෂණ රහිත අවස්ථාවකදී වුවද (ක්ලැමිඩියා,යාගොනෝරියා) ඇතිවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් හේතූ කොටගෙන ක්ලැමිඩියා,ගොනෝරියා තත්ත්ව යටතේ HIV අසාදනය වඩා පහසුවෙන් සිදුවන්න හැකියාව තිබෙනවා.

ලිංගික සංසර්ගයකදී කොන්ඩම් භාවිතාකිරීමෙන් මෙම HIV අසාදනය ඇතුළු අනිකුත් ලිංගාශ්‍රිත රෝග බෝවීම හොදින් පාලනය කරගත ඔබට පුළුවන්. HIV වෛරසය වැළදුන මුල් කාලය පුරාවට රෝග ලක්ෂණ නොමැතිබැවින් හදුනාගන්න හැකියාවක් නැහැ. ඒ වුණාට ඔහුට හෝ ඇයට මෙම කාලය පුරාවටද අන් අය වෙත අසාදනය කලරන්න හැකියාව තිබෙනවා.

ලේසියෙන්ම ඉංග්‍රීසි ඉගෙනගන්නේ මෙහෙමයි…

මේ වන විට ලොව පුරා බිලියන 1.5ක් පමණ ජනතාව ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරනවා. අපේ මව් භාෂාව නොවුනත් අද වෙන කොට ඉංග්‍රීසි නැතුව කිසි දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ. සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න වුණත්, රාජකාරී කටයුත්තකට කාර්යාලයකට ගියත්, කෑමක් කන්න ටිකක් හොඳ අවන්හලකට ගියත් ඉංග්‍රීසියෙන් කතා කරන්න සිද්ද වෙනවා. හොඳින් ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි නිසා මේ වගේ අවස්ථාවල ඔබ අපහසුතාවයට පත්වෙච්ච වෙලාවල් ඇති. කෙතරම් දුෂ්කර වුවත් එය අතහැර දැමූ පිරිස බහුල නොවේ. එය නව යුගයේ පොදු බස බවට පත්ව ඇත.

 

 

කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තනියෙම ඉංග්‍රීසියෙන් කතා කරන්න

How to Practice Speaking Spanish By Yourself

විනාඩි දෙක තුනක් අරන් ඔයාගේ හිතට එන ඕනෙම දෙයක් ගැන පුළුවන් විදිහට කතා කරන්න. ඔයාට වැරදුනත් හිනා වෙන්න කවුරුවත් නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකක් හරි අදහසක් කියාගෙන යද්දී වචන දන්නේ නැතුව මඟදී හිර වෙනවා වගේ හිතෙනවා නම් ඒක වෙන විදිහකින් කියන්න උත්සාහ කරන්න. කණ්නාඩියක් ඉස්සරහ කතා කරන එකේ වැදගත්කම තමයි ඔයාට හැඟීමක් එනවා ඔයා තව එක්කනෙක් එක්ක කතා කරනවා වගේ. එත් එක්කම කතා කරද්දී ඔයාගේ මුහුණ, කට, ශරීරය හැසිරෙන විදිහත් ඔයාටම බලාගන්න පුළුවන්. මේ විදිහට දවසට දෙතුන් වතාවක් කළොත් මේක ඔයාගේ දින චර්යාවේ අංගයක් වෙලා ඔයාටත් නොදැනීම ඔයාගේ ඉංග්‍රීසි කතාව දියුණු වේවි. ඔයාගේ ඉංග්‍රීසි කතාව පටිගත කරලා නැවත අහන්න මේ ක්‍රමයේ තවත් වාසියක් තමයි ඔයාට මඟ තොටේ යන ගමන් වුණත් ඉයර් ෆෝන් දෙකක් යොදාගෙන නැවත නැවත අසමින් පුරුදු වීමට පුළුවන් වෙන එක.

 

 

ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න

Guide: How to watch any video with 2 sets of subtitles

 

අපි අසාවෙන් නරඹන ඉංග්‍රීසි චිත්‍රපටත් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්න උදව්වක් කරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඒ චිත්‍රපටි වල නළු නිළියෝ කියන දෙබස් හොඳින් තේරුම් ගන්න. උපසිරැසි එක්ක බලන නිසා ඔවුන්ගේ උච්චාරණය තේරුණේ නැති උනත් ඒවා අල්ලගන්න පුළුවන්. එහෙමත් නැත්තම් උපසිරැසි වල තියෙන දන්නේ නැති වචන කියන හැටි ඉගෙන ගන්නත් පුළුවන්.

 

 

ඉංග්‍රීසි සිංදු අහන ගමන් ඒවා ගායනය කරන්න

 

අපි අසාවෙන් රසවිඳින ඉංග්‍රීසි ගීතවලින් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්නේ මෙහෙමයි. සිංදුවක් වාදනය වෙනවාත් එක්කම හයියෙන් ඔයත් ගායනය කරන්න. සිංදුවේ වචන දන්නේ නැතිනම් අන්තර්ජාලයෙන් හොයාගෙන ඒ දිහා බලාගෙන ගායනය කරන්න. කැරෝකේ වීඩියෝ දිහා බලාගෙන ගෙන ගායනා කිරීමත් තව විදිහක්. වාහනයක ගමන් කරද්දී වුණත් ඔයාට මේ ඉංග්‍රීසි ගීත අහන එක කරන්න පුළුවන්.

 

 

මඟ තොටේ දකින ඉංග්‍රීසි වචන කියන්න උත්සාහ කරන්න

 

ඔයා පාරේ යද්දී දකින විවිධ දැන්වීම්/නාම පුවරු වල හරි අළුත් තැනකට ගියාම දන්නේ නැති අළුත් ඉංග්‍රීසි වචන තිබෙනවා නම් ඒවා කියන්න උත්සාහ කරන්න. ඒකෙන් එදිනෙදා ජීවිතයේදී භාවිතාවෙන වගේම දන්නේ නැති අළුත් වචන ඉංග්‍රීසියෙන් කියන්න ඔයාට පුළුවන් වෙනවා. කියන විදිහ දන්නැති ඉංග්‍රීසි වචන YouTube එකෙන් බලන්න

සාමාන්‍ය ජීවිතයේදී අපි සිංහලෙන් කතාබහ කරන විදිහ ඉංග්‍රීසියෙනුත් කතා කරන්න ඉගෙන ගන්න. කඩයකින් බඩුවක් මිලදී ගන්න ගියාම, අවන්හලකට කෑම ගන්න ගියාම, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විට, කාර්යාලයේදී ප්‍රධානියා සමඟ සිදුවන සංවාද යාළුවෙක් මුණ ගැසුණාම, සංචාරකයෙකුට පාර පෙන්නන විදිහ ආදී එදිනෙදා ජීවිතේ සිදුවීම් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විදිහ පුරුදු වෙන්න. ඒ අවස්ථාවේදී කතාවෙන දේවල් ඉංග්‍රීසි වාක්‍ය වලින් පුහුණු වෙලා මතක තියාගන්න. එතකොට ඇත්ත ජීවිතේදී ඒ වගේ වේලාවකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න සිද්ධ වුණොත් බය වෙන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. මොකද ඔයා ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙලා ඉන්න නිසා.

 

 

හොඳට ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න

How to Talk So People Listen and Listen So People Talk

හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් යාළුවො ඔයා අඳුරනවා ඇති. එහෙමත් නැත්තම් ඔයාගේ කාර්යාලයේ, ඉගෙන ගන්නා තැන ඒ වගේ අය හමු වෙනවා ඇති. ඉංග්‍රීසි හොඳට පුළුවන් අයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. ඔයා ඉංග්‍රීසි හොඳට කතා කරන්න උත්සාහ කරනවා කිව්වොත් එයාලා ඔයාට තවත් උදව් කරයි වගේම හොඳට කතා කරයි. එහෙම උදව් ඉල්ලන්න ලැජ්ජා වෙන්න එපා. මොකද ඉංග්‍රීසි අපේ මව් බස නෙමෙයිනේ. වැඩියෙන් කතා කරන්න කරන්න තමයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. පොඩි කාලේ අපි සිංහල කතා කරන්න පුරුදු වුණෙත් වැරදි වැරදි අපේ වැඩිහිටියෝ එක්ක කතා කරලානේ. ඒ නිසා දුරකතනයෙන් හරි හැකි හැම අවස්ථාවකම ඔයාට වඩා ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. ව්‍යාකරණ ගැන හිතන්නේ නැතුව කතා කරන්න

ඉංග්‍රීසි ව්‍යාකරණ ගැන මතක් වෙද්දී ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන අය ටිකක් බය වෙනවා. මොකද ඉංග්‍රීසි ව්‍යාකරණ ටිකක් අමාරුයි කියලා අපි අතරේ මතයක් තියෙන නිසා. ඔයාට ඕනේ ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න. ඒ නිසා මේ මොහොතේ ව්‍යාකරණ ගැන වද වෙන්න එපා. ව්‍යාකරණ නෙමෙයි කතාවේ දක්ෂ බවයි වැදගත් වෙන්නේ. ගොත ගහන්නේ, ලැජ්ජා වෙන්නේ, බය වෙන්නේ, නවත්තන්නේ නැතුව කතා කිරීමයි වැදගත්. කතාවෙන් දක්ෂ වුණාම ඉබේම ලේසියෙන්ම ඉංග්‍රීසි ව්‍යාකරණ හදාගන්න පුළුවන් වෙනවා. ඉංග්‍රීසියෙන් හිතන ගමන් තමන්ටම කතා කරන්න

ගොඩක් දෙනෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරු වෙන්නේ එයාලා ඉස්සෙල්ලම සිංහලෙන් හිතලා ඊළඟට ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න යන නිසා. එතකොට කතාව ප්‍රමාද වෙනවා වගේම අනිත් අයට තේරෙනවා ඔයා අමාරුවෙන් හිත හිතා කතා කරනවා කියලා. අපි හිතන්නේ සිංහලෙන් නිසා ඕනෑම දෙයක් සිංහලෙන් කියන්න අපිට ලේසියි. ඒ නිසා ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් ටිකෙන් ටික ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්න. මුලින් ටිකක් අමාරුයි කියලා හිතුණත් ටිකක් කල් යද්දී ඔයාට ඒකට පුරුදු වේවි. ඒ වගේම තමන් එක්කම ඉංග්‍රීසියෙන් කතා කරන්න. තව කෙනෙක් එක්ක කතා කරනවාට වඩා ඒක ලේසියි. අනික් අතට කාටවත් ඔයා කියන දෙය ඇහෙන්නේ නැති නිසා වරදියි කියලා ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න ආත්ම විශ්වාසය වඩවන්න මේක ඉතා හොඳ ක්‍රමයක්.

ඔයා ළගඳිම one day trip එකක් යන්න බලාගනද ඉන්නේ..

කලබලකාරී පරිසරයෙන් මිදිලා one day trip යන්න බලාගන ඉන්න හැම කෙනෙක්ටම වැදගත් වෙන දෙයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෑහෙන කාලයක් ගෙදරටම හිරවලා ඉදලා එළියට යන්නේ කොයි වෙලේද කියලානේ කට්ටිය බලන් ඉන්න ඇත්තේ . අනිත් එක කොහොමත් වැඩ නිසා ගොඩක් කාර්යභහුල වෙලා ඉන්නේ .life එක enjoy කරන්න, නිදහසේ ටිකවෙලාවක් හරි ඉන්න තියන වෙලාව ගොඩක්ම සීමාවෙලා තියෙන්නේ. තරාතිරමක් නැතුව, උදේ දවාලක් නැතුව හැම මනුස්සයෙක්ම වැඩ කරන්නේ මේ තරගකාරී ලෝකෙ එක්ක හැප්පිලා කොහොම හරි life එක ගොඩ දාගන්න.

 

මේ Busy life එකත් එක්ක කල්තියා කතා කරගෙන කට්ටිය එකතු කරගන trip යනවා කියන්නේ ඉතින් හීන තමයි. කතාකරගත්ත දවසේ trip එක organize කරපු කෙනාවත් හොයා ගන්න නැහැ. කොහොම හරි දැන් අපේ කොල්ලො, කෙල්ලො පුරැදු වෙලා ඉන්නේ අද රෑ කතා කරගන හෙට උදේම trip එකක් යන්න ඒම නැත්තම් දැන් කතා කරගන තව පැයකින් දෙකකින් trip එකක් යන්න. එහෙම හදිස්සියෙ trip එකක් යන්න උනාහම හදිස්සියට මොනාද bag එකට ගෙනියන්න අහුරගන්නෙ කියලා හිතාගන්න බැරිවෙනවා.අනිවාර්යෙන් අවශ්‍ය දේවල් ගොඩක් අමතක කරලා තමයි යන්නේ. එහෙම ගිහින් අමාරැවෙ වැටෙන නිසාම trip එකක් යනකොට ගෙනියන්නම අවශ්‍ය දේවල් මොනවද කියලා තමයි අද ඔයාට කියලා දෙන්නේ.

 

 

1. අතරමගදි කන්න කෙටි සැහැල්ලු ආහාර වේලක් ( snacks) අරගන යන්න අමතක කරන්න එපා. පාන්දරම යන්න පිටත් වෙනවනම් snacks හරිම වැදගත්.

The best deals on buying snacks in bulk as coronavirus quarantine ...

 

 

2.ඔයා ඇදගන යන ඇදුමට අමතරව තව ඇදුම් 2ක් වත් bag එකට දාගන්න. ඒ වගේම යට ඇදුම් සහ රෑට ඔයා කොහෙ හරි නවතිනවනම් Pajama ( පිජාමා) එකත් අරගන්න.

Travel Clothing | LoveToKnow

 

3.ඊළගට වැදගත් දෙයක් තමයි towel එක. පුඵවන් තරම් ඝනකමින් අඩු towel එකක් ගන්න.

Organic Cotton Plush Bath Towel | Under the Nile | EarthHero

 

4. ඒ වගේම පොඩි වතුර බෝතලයක් මතක් කරලා bag එකට දාගන්න.

The 7 Best Water Bottles for Travel to Keep You Hydrated

 

5.මේක කියන්නේ විශේෂයෙන්ම අපේ කෙල්ලන්ට. බොරැවට make up items පුරවගන්න නම් එපා. one day trip එකක් නිසා ඔයාලට මෙවා කොහොමටවත් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ.ඔිනමනම් lipstick එකක් eyebrow pencile එකක් ගත්තට කමක් නැහැ.

 

 

6. ඔයාගේ Tooth brush එකයි toothpaste එකයි shampoo එකයි ඒ වගේම Deodorant.

Best Promo #nre0l - Hair Care Hair Shampoo foladable toothbrush ...

 

7.Sunglasses ගන්න.

Black Tundra, Smoke Lens Sunglasses | Blenders Eyewear // Canyon

 

8. trip යනවා කියන්නෙ වැඩි හරියක් photos ගන්නවා කියන එකනේ.ඉතිම් මතක් කරලා ඔයාගේ phone,camera, charger එක අරන් යන්න අමතක කරන්න එපා.

Camera Bags Travel Multi-Functional Weatherproof Photography ...

 

9.තව hair brush එකක් ඒවගේම ඔයා දාගන යන shoes වලට අමතරව Flip – flop ( රබර් සෙරප්පු) bag එකට දාගන්න.

Flip Flop ASSOS

 

10. අනිවාර්යෙන් ‌first-aid අරන් යන්නනම් කොහොමටවත් අමතක කරන්න එපා.

First aid requirements at construction site - HSSE WORLD

 

 

 

මේ ටික කියවනකොට ඔයාට මැවිලා පෙනෙයි සෑහෙන්න ලොකු ගමන් මල්ලක්. ඒත් ඇත්තටම
එහෙම  නැහැ. මේක ගොඩක් දේවල් තියන සාමන්‍ය bag එකක් කියලා ඔයා pack කරන්න ගත්තාම තේරෙයි. ඉතින් ඊළග පාර trip යනකොට මේ දේවල් ගෙනියන්න අමතක කරන්න එපා.

දරුවෙකුට කවදාවත් මේ වගේ දේවල් නම් කියන්න එපා..

පොඩි කාලේ දරුවන්ට දෙමාපියන් වැඩිදුර හිතන්නේ නැතිව කියන කරන දේවල් නිසා ඒ දරුවන් ලොකු බලපෑමකට ලක්වෙනවා. මේ දේවල් නිසා තමයි දරුවන් වැඩිහිටියන් බවට පත්වුණාටත් පසුව විවිධ බිදවැටීම වලට ලක්වෙන්නේ. දරුවන්ගේ මනස පොඩි කාලේදීම බිඳ වැටුණොත් ඒකෙන් දරුවාව මුළු ජීවිත කාලෙදිම ගොඩගන්න බැරිවෙනවා. මෙන්න මේ නිසා දෙමාපියන් හොඳ කල්පනාවෙන් තමන්ගේ පොඩි දරුවන්ව උස්මහත් කරන්න ඕන. බලන්න මේ දේවල් ඔයා ඔයාගේ දරුවටත් කරනවාද කියලා. එහෙනම් මේ දැන්ම ඒක නතර කරගන්න.

 

 

1- ඔයා හරිම නරක ළමයෙක්

මේ වගේ දේවල් කියලා ඔයාගේ දරුවාගේ මනස ඍණ ආකල්ප වලින් පුරවන්න නම් එපා. එහෙම කළොත් සිද්ධවෙන්නේ දරුවගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන එක විතරයි. මතක තියාගන්න හැමවෙලේම හොඳ දේවල් , සතුට දනවන දේවල් වගේම ධනාත්මක ආකල්ප විතරක් දරුවාට ලබා දෙන්න.

 

 

2- ඔයාගෙ දරුවාව අනිත් අය සමඟ සන්සන්දනය කරන්න නම් එපා.

මේ දෙයින් වෙන්නේ දරුවගේ හිතේ තරහක් ඉරිසියවක් කුඩා අවධියේ ඉදන් ඇතිවෙන එක විතරයි. සමහර දෙමාපියෝ දරුවාවා තමන්ගේ අනිත් දරුවන් සමඟ සන්සන්දනය කරනවා. එතකොට වෙන්නේ දරුවන් අතර තිබෙන සම්බන්ධතාවය හානි වෙන එක.

 

 

3- හැමවෙලේම ඔයාට බෑ ඒක කරන්න කියන්න එපා

දරුවට හැමවෙලේම ඔයාට ඒක කරන්න බැහැ ඔයාට මේක කරන්න බැහැ කියලා කියන්න එපා. ඒකෙන් සිද්ධවෙන්නේ දරුව කිසිදෙයක් කරන්න උත්සහ කරන්න බයක් ඇති කරගන්න එක සහ අවිනිශ්චිතභාවයට බියක් ඇති කරගන්න එක. මේ දේ දරුවාගේ අනාගතයට දැඩිව බලපාන්න පුළුවන්.

 

 

4- දරුවට තමන් එක්ක කතා නොකරන්න කියන්න එපා

තමන්ගේ ලඟම ඉන්න ඒ වගේම දරුවා විශ්වාස කරන කෙනා මෙහෙම කිව්වහම දරුවට ලොකු මානසික බලපෑමක් ඇති වෙනවා. දරුවෙක් කියන්නේ වැඩිහිටියෙක් නෙවෙයි. කතා කරන්න එපා කියන එක තේරුම් ගන්න දරුවට දැනුමක් තේරුමක් නැහැ. ඒ වගේම දරුවට දරාගැනීමේ හැකියාවක් නැහැ. මෙයින් සිදුවන්නේ දරුවා තමන්ගේ ලඟම ඉන්න අය වගේම සමාජය පිළබඳව අවිශ්වාසයක් ඇතිකරගන්න එක.

 

5- ඔයා ගැහැණු ළමයෙක් නිසා ඔයාට මේ දේවල් කරන්න බැහැ.ඔයා පිරිමි ළමයෙක් නිසා ඔයාට මේ දේවල් කරන්න බැහැ

ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙක්ට ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ නීති රීති පනවන එක හොඳ නැහැ.ළමයි භේද නොකර ඔවුන්ට කැමති දේ කිරීමට ඉඩ දීම වඩාත් සුදුසුයි.

 

 

6- මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න.

වැඩිහිටියන් ගොඩ දෙනෙක් තමා යම් දෙයකින් පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවක තමයි මේ දේ වැඩිපුර කියන්නේ. තමන්ට ඇති පීඩනය හෝ වේදනාව නිසා දරුවට මෙහෙම කිව්වට එයාට මේක දරාගන්න හැකියාවක් නැහැ. මේ වගේ වෙලාවට දරුවා අසරණ වෙනවා. ඒ වගේම දරුවගේ පෞරුෂය බිඳවැටෙන්න මේ වචන ටික ප්‍රධාන හේතුවක් වෙනවා.

 

 

7- ඉන්නකො ” මම තාත්තා ආවම කියන්නම්” ඉන්නකො මම අම්මට කියලා හොඳ වැඩක් කරන්නම්

මේ වගේ දේවල් කියලා දරුවාව භය කළොත් දරුවට කාන්සාව වගේ හැගීම් ඇතිවෙන්න ඉඩකඩ වැඩීයි. දරුවාගේ වැඩිහිටි අවධියේදී මේ දේවල් බලපාන්න පුළුවන්.

 

 

8- බලන් මොනවද මේ ඔයා කරන්නේ ඔයා මේවා කරන්න තරම් පොඩි ළමයෙක් නෙමෙයිනේ

වැඩිහිටි අපිත් සමහර වෙලාවට පොඩි ළමයි කරන වැඩ කරනවා. පුංචි දරුවෙකුත් ඒවගේ තමයි. එයා තමන්ගේ වයසට වඩා අඩු යමක් කරනවා නම් ඒකට කෑගහලා හරියන්නේ නැහැ. ඒක වැරුද්දක් නෙවෙයි. ඒක තමයි අපි කාගෙත් මනුෂ්‍ය ස්භාවය. දරුවන් මේ වගේ දේවල් කරනවා කියලා වැඩිහිටිය‍ෝ අවබෝධමත් වෙන්න අවශ්‍යයි.

 

පියයුරු පිළිකාවට ගොදුරුවෙන්නේ කාන්තාවන් විතරද?

ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනේ පිළිකා රෝගී කාන්තාවන් අතරින් වැඩි දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වූවන් බවයි. තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදුවේ දැකිය හැකි සන්සිද්ධියක් බවයි. පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට වෙනස් වෙන බවට වාර්තා වෙනවා.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ පියයුරු පිළිකාව වැළදීම හා ජීවිතය බේරාගැනීමට ඇති හැකියාව අවම වෙලා තිබෙන්නට ප්‍රධාන හේතුව වන්නේ කාන්තාවන්ට පූර්ව රෝග ලක්ෂණ හඳුනාගනීම සම්බන්ධයෙන් ඇති දැනුවත් භාවය අවම වීමයි. ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතික විය හැකියි.

 

පිළිකාව මුලින්ම පියයුරු වල ඇතිවෙලානම් එය හඳුන්වන්නේ ප්‍රාථමික පිළිකාවක් වශයෙන් වන අතර ශරීරයේ වෙනත් තැනක ඇති වූ ගෙඩියක් පියයුරු වලට පැතිරී ඇත්නම් එය ද්වීතික පියයුරු පිළිකාවක් වශයෙන් හඳුන්වනවා.

 

ජාතික පිළිකා ආයතනය පෙන්වා දෙන්නේ බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හට ගැනීමක් සිදුවන්නේ නැති බවයි.

 

ඔවුන් තවදුරටත් ඇතැම් කාන්තාවන්ගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහි පද්ධතිය මගින් ශරීරයෙ අනෙක් කොටස් වලට පැතිර යා හැකි බවයි.

 

පියයුරු පිළිකාවක් ඇතිවෙන්න පුළුවන් රෝග ලක්‍ෂණ 12 ක් ගැන වාර්තා වෙනවා.

 

  • පියයුරු ආශ්‍රිත සම ඝන වීම
  • සම මතුපිට වළ ගැසීම
  • තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
  • තන පුඩුවෙන් දියරයක් ගැලීම
  • අසීරුවක් හෝ වේදනාවක් දැනීම
  • තන පුඩුව ඇතුළට ගිලී යාම
  • නහර මතු වීම
  • ඉදිමීම
  • සැරව සහිත තුවාල ඇතිවීම
  • සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
  • පියයුරු වල ප්‍රමාණයෙ හෝ හැඩය වෙනස්වීම
  • තද ගැටිති

ඔබට ඉහත සඳහන් කර තිබෙන රෝග ලක්ෂණ තිබේනම් වහාම වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගන්න.

පියයුරුවල ගැටිති ඇති වීම පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් නමුත් ගැටිති බොහොමයක් පිළිකා වෙන්නෙත් නැහැ.

ඔබ හිතන්නේ කාන්තවට පමණක් පියයුරු පිළිකා ඇතිවෙනවා කියලද? නැහැ පිරිමි පාර්ශවයත් මේ පියයුරු පිළිකාවට ගොදුරු වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ බහුතර පුරුෂයින් ඒ සම්බන්ධයෙන් දැනුවත් භාවයක් නැහැ.

 

 

පියයුරු පිළිකාවක් වැළඳුණු පිරිමියෙකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ වශයෙන්

 

  • තන පුඩුව යට හෝ අන්තරාලයෙ ඇති වන වේදනා රහිත ගැටිති
  • පියයුරු වල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම
  • යටිකුරු වූ තන පුඩු
  • තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම
  • තන පුඩුවෙන් රුධිරය වහනය වීම
  • කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම
  • තන පුඩුව වටා තුවාලයක් හට ගැනීම

ශ්‍රී ලංකාව තුළ පුරුෂයන් පනස් දෙනෙකු පමණ වාර්ෂිකව පියයුරු පිළිකාවලට ගොදුරුවන බව වාර්තා වෙනවා.

බබාලගේ ආහාර වේලට එක්කරන්න ගුණ පලා වර්ග…

පොඩි දරුවන්ට පලා වර්ග කවන්න තියන අමාරුව අම්මලා හොඳටම දන්නවනේ. බබාලට විතරක් නෙවෙයි ගොඩක් වැඩිහිටියොත් පලා වර්ග කන්න ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. කොහෙම වුණත් දරුවන්ට පලා වර්ග කන්න දෙන එක ඉතාම වැදගත්. පලා වලින් ලැබෙන පෝෂණය වෙන කොහෙන්වත් ලබාගන්න හැකියාවක් නැහැ. ඔන්න අද අපි විස්තර අරන් ආවා දරුවන්ට අනිවාර්යයෙන් ආහාරයට ගන්න දෙන්න හොඳ පලා වර්ග සහ ඒ පලා වර්ග වලින් ලැබෙන ගුණ.

 

 

ගොටුකොළ

Benefices Information of centella asiatica | News, Beauty Culture ...

  • ධාරණ ශක්තිය ඇති කරයි
  • අලස බව දුරු කරයි
  • කුඩා ළමුන්ගේ මොළය වර්ධනය කරයි.
  • සිරුර සිසිල් කරයි.
  • ඇස් පෙනීමේ දුර්වලතාවය නැති කරයි.
  • ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
  • හිසකෙස් වඩයි. හිසකෙස් දීප්තිමත් කරයි.
  • රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කරයි.
  • කුෂ්ට රෝග සඳහා ද හිතකරයි.
  • ආයුෂ වැඩි කරයි.

 

 

මුකුණුවැන්න

eafy Vegetables

 

  • මතක ශක්තිය වැඩි කරයි.පිත සමනය කරයි.
  • කුසගිනි වඩවයි. ආහාර රුචිය වැඩි කරයි.
  • ඇස්‍ රෝග, පීනස, මුත්‍රා සමඟ ලේ පිටවීම මෙන්ම දියවැඩියාව රෝගය සුවකිරීමේ ගුණ සහිතයි.
  • කුෂ්ට නසයි.
  • ඇස්‌වල පෙනීම වර්ධනය කරයි.
  • ශරීරයේ විෂ පහ කරයි.
  • සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයි.
  • ප්‍රතිශක්තිය වැඩි කරයි.
  • පටකවල ගෙවි යාම අඩු කරයි.
  • මල පිටවීම හොඳින් සිදු කරයි. මල බද්ධයට වළක්වයි.
  • අක්මා රෝගවලට ගුණයි.
  • පීනසට හිතකරයි.
  • හිසරදය දුරු කරයි.
  • රුධිරය පිරිසිදු කරයි.
  • සිරුර සිසිල් කරයි.
  • හොඳින් මුත්‍රා පිටවෙයි.
  • අකලට හිසකෙස් පැසීම නවතාලයි.
  • සම පැහැපත් කරයි.

 

කතුරුමුරුංගා

ඔබ නොසිතන ගුණ රැසක් හිමි ...

  • කතුරුමුරුංගා කොළ ඇස්‌ පෙනීමේ දුර්වලකම නැති කරයි.
  • පීනසට ගුණදායක ය.
  • කිරි පණුවන් නැති කර ශරීරයේ විෂ නසයි.
  • මළ බද්ධය නැති කරයි.
  • හිස කෙස්‌ වර්ධනය කරයි.
  • පිළිකා ඇති වීම මර්දනය කිරීමටත් ඇති වූ පිළිකා මර්දනය කිරීමටත් කතුරු මුරුංගාවලට හැකියාවක්‌ ඇත.
  • මුඛය දෙපස පැලුණු විට හා දිවේ ඇති වන වේදනාකාරී උෂ්ණ ගෙඩිවලට ද කතුරුමුරුංගාවලින් ගුණ ලැබෙයි.

 

 

සාරණ

 

Horse Purslane ('Sarana')

  • ඉතා හොඳ මුත්‍රා කාරකයකි.
  • වකුගඩු පිරිසිදු කිරීමේ හැකියාවක්‌ ඇත.
  • ගර්භාෂයේ හා ඩිම්බ කෝෂවල ආබාධ ඇති ස්ත්‍රීනට ගුණදායකයි,.
  • ඉදිමුම්, පාණ්ඩු, හෘද රෝග නසයි.
  • කැස්ස සුව කරයි.
  • උණ බැසීමට උපකාරී වේ.
  • ඉදිමුම නසයි.
  • ශ‍රීරයේ විෂ පහ කරයි.

 

 

තම්පලා

තම්පලා වල විශේෂ ගුණ මෙන්න - Niroga

  • තම්පලා ගුණ ‌දෙන පලා වර්ගයකි.
  • මල මුත්‍ර පිරිසිඳු කර පහසුවෙන් පහකිරීමට සලස්වයි.
  • පැහැපත් සමක් වඩවයි.
  • රත්තයා හා පිත් රෝග සමනය කරයි.
  • ශරීරයේ දාහය සමනය කරයි.

 

 

කංකුං

Weda Arana: කංකුං කෑවොත් මොකද වෙන්නේ?

  • අපි නිතර ‌ගෙදර හදන පලා වර්ගයකි
  • මල බුරුල් කරයි.
  • මූත්‍ර ශෝධනය කරයි.
  • දිර වීමට මඳක් අපහසුයි.
  • තන කිරි හා ශුක්‍ර වඩයි.

 

කිරි අගුණ

කිරි අගුණ කොළ Tylophora pauciflora - YouTube

  • ඇදුම රෝගයේ දීත් ශ්වාසනාළිකා ප්‍රදාහයේ දීත් ඖෂධයක්‌ ලෙස යොදා ගත හැකි ආහාරයකි.
  • දේශීය වෛද්‍ය විද්‍යාවේ දීත්, ආයුර්වේදයේ දීත් කිරිඅඟුණ මුල් සර්ප විෂ නැසීම සඳහා භාවිතා කරයි.
  • ත්‍රීන් ගේ හිසරදය නිවාරණය කරයි.
  • අධිරුධිර පීඩනය සමනය වෙයි.

 

වැල් ‌පෙනෙල

Amazon.com : Cardiospermum halicacabum Balloon Vine Seeds ...

  • ආහාර මාර්ගයේ රෝගවලට සුදුසුයි.
  • දියවැඩියා රෝගී්න්ටද සුදුසුයි.
  • ශරීරයේ වේදනාව පහ කරයි.
  • ස්නායු ශක්තිමත් කරයි.
  • පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි. සරු භාවය ඇති කරයි.
  • ලේ පිරිසිදු කරයි.
  • අරුචිය නැති කරයි.

 

හාතවාරිය

හාතාවාරිය Asparagus Racemousus - YouTube

  • රසයෙන්, ගුණයෙන් හා සුවදින් යුත් පලා වර්ගයකි. මෙහි ගුණ පහත පරිදි වෙනවා.
  • බුද්ධිය වඩවයි.
  • සිරුර සිසිල් කරයි.
  • මුත්‍රා හොඳින් පිට කරයි.
  • වාතය නසයි.
  • සිරුර පෘෂ්ඨිමත් කරයි.
  • අකලට හිසකෙස් පැසීම නතර කරයි.
  • සරු බව ඇති කරයි.
  • චර්ම රෝග නැති කරයි.
  • හෘදයට හිතයි.
  • කුෂ්ට රෝග දුරු කරයි.
  • සන්ධි රෝගවලට සුදුසුයි.
  • මව්කිරි වඩවයි.
  • ඇස් පෙනීම වැඩි කරයි.
  • අර්ශස් රෝගයට සුදුසුයි.
  • ආමාශයේ තුවාලවලට හොඳයි.
  • කාන්තා රෝගවලට සුදුසුයි.
  • කුසගිනි වඩවයි. ශුක්‍ර ධාතු වර්ධනය කරයි.

ලෝක සාගර දිනය අදයි…

එක්සත් ජාතීන්ගේ ලෝක සාගර දිනය අදට යෙදී තිබේ. මෙවර 2020 ලෝක සාගර දිනයෙහි තේමාව වන්නේ “තිරසාර සාගරයක් සඳහා නවෝත්පාදන” යන්නයි. සාගර මඟින් දේශගුණය පාලනය කරීම , වසරකට මිනිසුන් මිලියන ගණනක් පෝෂණය කිරීම, ඔක්සිජන් නිෂ්පාදනය කිරීම වගේ අපට ඉතා වැදගත්වන දේවල් විශාල වශයෙන් සපයා දෙනවා. එපමණකින් නොනැවතී ඇදහිය නොහැකි ලෙස වනජීවීන්ට නිවසක් වශයෙන් කටයුතු කරනවා. අපේ ප්‍රජාවන් සහ අනාගත පරම්පරාවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීමට නම් අපි සැලකිලිමත් ලෙස සාගර රැකබලා ගැනීමට කටයුතු කළ යුතුයි.

 

 

සමුද්‍ර පරිසරයෙහි වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාව දනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි 8 වැනිදා ජගත් සාගර දිනය සැමරීම සඳහා නම් කර තිබෙනවා.පෘතුවි තලයෙන් 70%ක් ම වැසී පවතින්නේ සාගරයෙන්. නමුත් මේ පිලිබදව ලෝක වාසීන්ගේ අවධානය යොමු වුනේ 2009 ජුනි 08 වන දින “ලෝක සාගර දිනය” නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි. ඒ අනුව 1992 දී රියෝ ද ජැනයිරෝ නුවර පැවති මිහිතල සමුළුවේදී, 2009 දී “ජගත් සාගර දිනය” සැමරීමට කටයුතු සුදානම් කරනු ලැබුවා.

 

 

සාගර දූෂණය සම්බන්ධයෙන් 2010 වසරේ එක්රැස් කරන ලද දත්ත ඇසුරෙන් ‘යුනිවර්සිටි ඔෆ් ජෝර්ජියා’ සරසවියට අනුබද්ධව කටයුතු කරන මහාචාර්ය ජෙනා ජැම්බෙක්ගේ ප්‍රධානත්වයෙන් 2015 වසරේදී පරීක්ෂණ වාර්තාවක් එළිදක්වනු ලැබුවා.

 

 

එම වාර්තාවෙහි අඩංගු සංඛ්‍යාලේඛනවලට අනුව ලොව වෙරළ කලාපය දුෂණය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය කර තිබෙනවා.

 

 

අදාළ වාර්තාවට අනුව චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පසුවන රටවල් ලෙස දක්වන්න පුළුවන්.

 

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ දිනකට

එක් පුද්ගලයෙකු උත්පාදනය කරන කැලිකසල ප්‍රමාණය කිලෝග්‍රැම් 5.1
උත්පාදනය කෙරෙන සම්පූර්ණ කැලිකසල ප්‍රමාණය කිලෝග්‍රෑම් 7,429,768
උත්පාදනය කෙරෙන ප්ලාස්ටික් කැලිකසල ප්‍රමාණය කිලෝග්‍රෑම් 5,163,689
ශ්‍රී ලංකාව වසරකට කළමනාකරණය නොකරන ලද කසල මෙට්‍රික් ටොන් මිලියන 1.59 ක් බැහැර කරන බව ද සඳහන් වෙනවා.

සාගරයට අපද්‍රව්‍ය එක් වූ පසු ගත හැකි පියවර සීමා සහිත වන අතර සාගරයට අප්‍රද්‍රව්‍ය එක්වීම වැලැක්වීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතුයි.

සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වාදෙන පරිදි සාගරය දූෂණය වන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා.

සාගරය තුළින්ම සිදුවන දූෂණය: නැව් මගින් සිදුවන තෙල් විෂවීම් සහ වායු විමෝචන, නැව් මගින් බහැර කෙරෙන අපවිත්‍ර ජලය, රසායනික ද්‍රව්‍ය විෂවීම් සහ ආක්‍රමණික ජීවීන් මගින් සිදුවන බලපෑම්
ගොඩබිම ඔස්සේ සිදුවන දූෂණය: ගංගා ඇලදොළ ඔස්සේ සාගරය වෙත ගලා එන ඝන සහ මළ අපද්‍රව්‍ය, සංචාරක, කෘෂි සහ ධීවර කර්මාන්ත හේතුවෙන් සිදුවන දූෂණික තත්ත්වයන්

සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන පරිදි ගොඩබිම ඔස්සේ වෙරළ කලාපය වෙත පැමිණෙන දූෂණකාරක කොටස් දෙකකි:

ඝන අපද්‍රව්‍ය: ධීවර කර්මාන්තය හේතුවෙන් එක්වන දැල්, රෙජිෆෝම් සහ ෆයිබර් කොටස්/ සංචාරක කර්මාන්තය හේතුවෙන් එක්වන ප්ලාස්ටික් බෝතල්, හැඳිගෑරප්පු වැනි කොටස්/ පොලිතීන්, රෙදි, ප්ලාස්ටික් කොටස් වැනි ගොඩබිම ඔස්සේ පැමිණෙන සෙසු ද්‍රව්‍ය
ද්‍රව අපද්‍රව්‍ය: කර්මාන්ත ශාලා මගින් පිටකරන රසායනික ද්‍රව්‍ය, කෘෂි රසායනික ද්‍රව්‍ය, අසූචි

ගොඩබිම ඔස්සේ සිදුවන දූෂණය ශ්‍රී ලංකාව තුළ සාගර දූෂණයට වැඩි වශයෙන්ම බලපාන බව වාර්තා වෙනවා.

 

 

පොලිතින් වැනි ඝන අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීම වැලැක්වීම සඳහා ඇළමාර්ග පවිත්‍ර කිරීම, වෙරළ පිරිසිදු කිරීම, ගංගා සහ ඇලදොළ මුහුදට එක්වන ස්ථාන තුළ සිරස් දැල් වැට යෙදීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම වැනි පියවර රාශියක් මේ වෙනකොට ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා.

අපි සියලු දෙනාම හැකි පමණින් අපේ සාගරය ආරක්ෂා කරගත යුතුයි. දෛනික ජීවිතයේ දී, එක් වතාවක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය ප්‍රතික්ෂේප කරමු. වඳ වී යමින් පවතින මුහුදු සත්ව විශේෂ අඩංගු ආහාර මිලදි ගැනීමෙන් වළකිමු, ආහාරයට නොගෙන ඉමු. අපි සියලු දෙනා එකට එක්ව සාගරය සුරකිමු ! ලෝකය සුරකිමු !

ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ආරක්ෂා කරමු..

13 වන සියවසේ සුප්‍රසිද්ධ සංචාරකයෙකු වූ මාකෝ පෝලෝ, ශ්‍රී ලංකාව “ලෝකයේ ලස්සනම දූපත” ලෙස හැඳින්වූ විට ඔහු නිකමටවත් හිතන්න නැතුව ඇති ලංකාව මේ වගේ වෙයි කියලා .රට පිහිටා ඇති සිත් ඇදගන්නා භු දර්ශණ වගේම ජීවීන් විශාල වශයෙන් ස්වභාව ධර්මය නිසැකවම අපේ භූමියට පොහොසත් ජෛව විවිධත්වයකින් ආශීර්වාද කර තිබෙනවා. කෙසේ වෙතත්, මානව ක්‍රියාකාරකම්, ජනගහන පීඩනය සහ දේශගුණික විපර්යාස අපගේ වන ජීවීන්ට විශාල වශයෙන් තර්ජනයක් වී ඇති අතර වඩාත් අවදානමට ලක්වීම හා ජීවීන් වදවීයාමේ තර්ජනයටද මුහුණ දී තිබෙනවා.

වැඩි කලක් යන්නට මත්තෙන්, කලින් වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ ශ්‍රී ලාංකික කළු දිවියෙකුගේ මරණය පිළිබඳ පුවත, ප්‍රාදේශීය සිරස්තල ග්‍රහණය කරගෙන මහජන කෝපය හා විවේචනයට හේතු වුණා. වර්ණ විකෘතියක් හේතුවෙන් සුවිශේෂී ලක්ෂණ ඇති කළු දිවියා ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ 2019 ඔක්තෝම්බර් මාසයේදී මධ්‍යම කඳුකරයේ වන රක්ෂිතයක ලුහුබැඳීමේ කැමරාවක් මගිනි. වන සතුන් වගා කටයුතුවලට බාධා කිරීම වළක්වාලීම සඳහා පිහිටුවා තිබූ උගුලකින් බේරා ගැනීමෙන් පසු උඩවලවේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිවියා මියගොස් තිබුණා. අවාසනාවට දඩයම් කිරීම සහ වනජීවී අපරාධ ශ්‍රී ලංකාවේ ආවේණික විශේෂයන්ට දිගින් දිගටම තර්ජනයක් වෙලා තිබෙනවා.

අකාර්යක්ෂමතාව තවදුරටත් විකල්පයක් නොවේ. අපගේ වනජීවීන් විශේෂ ජාතික වස්තුවක් වන අතර ඔවුන් සංරක්ෂණය කිරීම සඳහා අදාළ බලධාරීන්ගේ කැපවීම සහ සාමාන්‍ය ජනතාවගේ පුළුල් දැනුවත්භාවය අවශ්‍ය වේ. ලෝක පරිසර දිනය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණයේ අභියෝග සහ වෙනසක් කිරීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග 06 පිළිබඳව අපි අවධානය යොමු කරමු.

 

 

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන්

 

අයි.යූ.සී.එන් හි රතු ලැයිස්තු දත්ත ගබඩාවට අනුව, ශ්‍රී ලංකාවේ බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ 102 ක් ඇත. ශ්‍රී ලංකාවේ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය විසින් 2007 දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව ‘උණුසුම් ස්ථාන’ 34 න් එකක් ලෙස සැලකේ. එම වාර්තාවෙන්ම උරගයින් වඩාත් අවදානමට ලක්විය හැකි මුලික විශේෂ ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් පසුව උභයජීවීන්, පක්ෂීන්, ක්ෂීරපායින් සහ මිරිදිය මසුන් ද ඇතුලත් වෙයි.

සමනලුන්, මිරිදිය කකුළුවන්, ගොඩ ගොළුබෙල්ලන් සහ චිකිත්සක මකුළුවන් එම විශේෂිත අනුපිළිවෙලට වඩාත්ම තර්ජනයට ලක් වූ විශේෂ වේ. පසුගිය පරම්පරා තුන තුළ ජනගහනය 50% කින් පහත වැටීමෙන් පසුව, ශ්‍රී ලංකා අලියා අයි.යූ.සී.එන් විසින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ලැයිස්තුවට ගෙන ගොස් ඇත. ඒ හා සමානව, ශ්‍රී ලංකාවේ ස්වදේශික දිවියන් උප විශේෂයක් වන දිවයිනේ මුදුන් විලෝපිකයා වන පැන්තෙරා පර්ඩස් කොටියා ද වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව අයි.යූ.සී.එන් සදහන් කරනවා. මිනිස් සහ දිවියන්ගේ ගැටුම් සහ නීති විරෝධී වෙළඳාම හේතුවෙන් දිවියන්ගේ වාසස්ථාන අඩුවීම ඔවුන්ගේ පරිහානිය ප්‍රධාන ලෙස බලපානවා.

ඝාතීය ජනගහන වර්ධනය ජෛව විවිධත්වය වැඩිවීමට හේතු වන වැදගත් සාධකයක් ලෙස හඳුනාගෙන ඇත. ජනගහන වර්ධනයේ ප්‍රතිවිපාක ලෙස , දූෂණය ඉහළ යාම, අධික ලෙස මසුන් ඇල්ලීම, අධික ලෙස දඩයම් කිරීම සහ ඉඩම් වෙනස් කිරීම දක්වන්න පුළුවන්. ආවේණික විශේෂයන්ට අහිතකර ලෙස බලපා ඇත්තේ මානව ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ වාසස්ථාන සහ ජනගහනය අහිමි වීමයි. ඇත්ත වශයෙන්ම, කෘෂිකර්මාන්තයේ හා මානව ජනාවාසවල ව්‍යාප්තියේ ප්‍රතිළුලයක් ලෙස වාසස්ථාන අහිමි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂීරපායින් වන අලි ඇතුන්ට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපවල වගා මාරුවීම් (එනම් ඉඩම් බිම් තාවකාලිකව වගා කරන ස්ථාන) වනාන්තර විනාශයට හේතු වී තිබේ.

 

 

මිනිස්-අලි ගැටුම

මිනිස්-අලි ගැටුම ශ්‍රී ලංකාවේ පාරිසරික හා ප්‍රජා ජීවනෝපාය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරයි. මිනිස් ජනාවාස වැඩි වැඩියෙන් අලි වාසස්ථාන කරා ආක්‍රමණය වන විට, බෝග හා නිවාස විනාශ කිරීම වැනි ප්‍රතිවිපාක ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවනෝපායන්ට අඛණ්ඩව තර්ජනය කරයි. එහි ප්‍රතිළුලයක් ලෙස ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංගමය ඇස්තමේන්තු කර තිබෙනවා 2012 වන විට ගොවීන්ගේ පළිගැනීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් අලි 150-200 ක් පමණ මිය ගොස් ඇති බවයි.

මීට අමතරව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (ඩීඩබ්ලිව්සී) අලි සංරක්ෂණ ඒකකයේ දත්ත වලට අනුව 1991 සිට 2010 දක්වා කාලය තුළ අලි ඇතුන් විසින් මිනිසුන් 1,138 ක් මිය ගොස් ඇති අතර අලි 2,844 ක් ගොවීන් විසින් මරා දමන ලදී. විනාශ වූ නිවාස සංඛ්‍යාව මෙම සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි ය. ආර්ථික පිරිවැය අනුව, අලි ඇතුන් ඩොලර් මිලියන 10 කට වැඩි භෝග හා දේපළ හානි සිදු කරන බව ජාත්‍යන්තර අලි පදනම ගණන් බලා ඇත.

සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු පවසන පරිදි සැලසුම් රහිත සංවර්ධන උත්සාහයන් සහ ජනගහන වර්ධනය මෙම වෙනස්වීම් වලට ප්‍රධාන හේතුවයි. මිනිස්-අලි ගැටුම මැඩපැවැත්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර කිහිපයක් ගෙන ඇත. අලි ස්ථාන මාරු කිරීම, අලි රඳවා ගැනීමේ භූමියක් සැකසීම සහ විදුලි වැටවල් සවි කිරීම වැනි උත්සාහයන් බොහෝ දුරට අකාර්යක්ෂම වී ඇත.

මෑතකදී පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ දුරස්ථ හා චන්ද්‍රිකා පදනම් කරගත් තාක්ෂණය හරහා අලි කොරිඩෝව සිතියම් ගත කිරීම සහ වාසස්ථාන කළමනාකරණය කිරීම සංරක්ෂණයට අවශ්‍ය ප්‍රදේශ හඳුනා ගැනීමට මෙන්ම මානව ජනාවාස හා සංවර්ධන ව්‍යාපෘති සඳහා සුදුසු බවයි.

මීට අමතරව, ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංගමය ද පහළ මට්ටමේ ප්‍රවේශයක් තුළින් හැකි විසඳුමක් අපේක්ෂා කරන අතර, මූල හේතු සොයා බැලීමට අමතරව මිනිස්-අලි ගැටුම අවම කිරීම සඳහා වඩාත් ඵලදායී හා ශක්‍ය විසඳුම තීරණය කිරීම සඳහා බලපෑමට ලක්වූ ප්‍රජාවන් සමඟ සාකච්ඡා කරීම සහ සිද්ධි විශේෂිත ප්‍රවේශයන් අනුගමනය කිරීම සිදුකළ යුතු බවයි.

 

 

වනජීවී සංචාරක

ජෛව විවිධත්ව උණුසුම් ස්ථානයක් ලෙස, වනජීවී සංචාරක ක්ෂේත්‍රයේ සාපේක්ෂව හොඳින් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම පුදුමයක් නොවේ. යාල, හෝර්ටන් තැන්න, මින්නේරියා සහ උඩවලවේ ජාතික වනෝද්‍යාන සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගන්නා ඉහළම ස්ථාන වේ. කෙසේ වෙතත්, සත්ව සුභසාධනය හා වනජීවී සංචාරක කර්මාන්තයේ සමස්ත කළමනාකරණය සම්බන්ධ ගැටළු සැලකිලිමත් වීමට හේතුවක් වී තිබේ. පාරිසරික වටිනාකම් ආරක්ෂා කිරීම සහ නරඹන්නන්ට හොඳ විනෝදාස්වාද අවස්ථා ලබා දීම අතර සමතුලිතතාවයක් ඇති කිරීමේ දුෂ්කර කාර්යය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය පථයට අයත් වේ. 2009 දී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමෙන් පසු එවැනි සමතුලිතතාවයක් පවත්වා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්විය.

2017 දී ග්නානපාල, බුල්ට්ජෙන්ස් සහ රත්නායක විසින් සම-රචනා කරන ලද “වනජීවී සංචාරක ව්‍යාපාරයේ වනෝද්‍යානය” නම් ග්‍රන්ථයට අනුව, ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් 30% ක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජාතික උද්‍යානයකට පැමිණෙන බවට ගණන් බලා තිබේ. ප්‍රධාන වශයෙන් ජනාකීර්ණ ජාතික වනෝද්‍යාන පිළිබඳ සැලකිලිමත් වීම සහ සතුන්ට නිසි සැලකිල්ලක් හා ගෞරවයක් නොලැබීම පිළිබඳව අතීතයේ දී මතු වී තිබේ.

නියාමනය නොකළ හා දුර්වල ලෙස සංවිධානය වූ තල්මසුන් නැරඹීමේ මෙහෙයුම් මගින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ තල්මසුන් සංක්‍රමණික රටාව කඩාකප්පල් කර ඇත. වනජීවී ලෝලීන් සහ සත්ව සුභසාධන ක්‍රියාකාරීන් ද ශ්‍රී ලංකාවේ ‘අලි සංචාරක’ ව්‍යාපාරයේ කොටසක් ලෙස අලි ඇතුන් රඳවා තබා ගන්නා අමානුෂික ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමෙහි නිරත වී සිටිති. හොවාඩා (එනම් අලියෙකුගේ පිටේ නැගීමට ආසනයක්) සම්බන්ධ අලි පදින්නන් පිරිනැමීම සංචාරකයින් සහ අමුත්තන් අධෛර්යමත් කර ඇති අතර ඒ වෙනුවට ඔවුන්ගේ ස්වාභාවික වාසභූමිවල ඔවුන්ව දැක බලා ගැනීමට දිරිගන්වනු ලැබේ.

 

 

දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම

කුඩා දූපතක් ලෙස, දේශගුණික විපර්යාස හේතුවෙන් පැන නගින තර්ජන කිහිපයකට ශ්‍රී ලංකාව ගොදුරු වේ. කලින් සඳහන් කළ පරිදි, අපට ආවේණික ශාක හා විශේෂවල සැලකිය යුතු ඝන ප්‍රදේශ තිබේ. මානව ක්‍රියාකාරකම් හා ජනගහන වර්ධනයේ තර්ජන වලට අමතරව දේශගුණික විපර්යාස හේතුවෙන් අපගේ ආවේණික විශේෂවල ව්‍යාප්තිය හා බහුලත්වය අඩුවී ඇත. වනාන්තර විනාශය, විශේෂයෙන්, වැඩිවන ජනගහනයකට සරිලන පරිදි සිදු කරනු ලබන අතර, හරිතාගාර බලපෑම් වැඩි කරන අතර CO2 අනුක්‍රමණය කිරීමේ ධාරිතාව අඩු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්වාභාවික විද්‍යාඥයෙකු වන රොහාන් පෙතියගොඩ පවසන පරිදි, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ද දිවයිනේ පහත් බිම්වල සිටින සත්ව විශේෂයන් උතුරු දෙසට සංක්‍රමණය වීමට පොළඹවන අතර එමඟින් කඳුකර ප්‍රදේශවල පවතින සත්ව ගහණයන්ට අමතර පීඩනයක් ඇති කරයි. භූමියේ එවැනි උෂ්ණත්ව උච්චාවචනයන් සමහර සත්ව විශේෂවල ජනගහනය අඩුවීමටත්, ජීවන චක්‍ර හා හැසිරීම් රටාවන්ට බාධා කිරීමටත් හේතු විය හැක. මීට අමතරව, අපගේ ජල සම්පත පිරිහීම, කඩොලානවල ජල මට්ටම ඉහළ යාම මෙන්ම ජල දූෂණය ඉහළ යාම ද සමුද්‍ර වන ජීවීන් සහ මිරිදිය මසුන් අවදානමට ලක් කරයි.

SLYCAN භාරයට අනුව, පරිසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම, ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන සංරක්ෂණ වැඩසටහන් සහ ජෛව විවිධත්ව පර්යේෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට තවමත් වැඩි ඉඩක් තිබේ. ජෛව විවිධත්වය ආරක්ෂා කරන නීති නවීකරණය කිරීම සහ එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍ය යාන්ත්‍රණ ස්ථාපිත කිරීමේ හදිසි අවශ්‍යතාවකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටී. දේශගුණික ක්‍රියාකාරී ප්‍රතිපත්ති ජාතික සැලසුම් හා සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන්ම වෙරළබඩ හා තෙත්බිම් සංරක්ෂණයට ද ප්‍රධාන ධාරාව ගෙන ඒම වාසස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට සහ දේශගුණික විපර්යාසයන්ගේ විනාශකාරී බලපෑම මැඩපැවැත්වීමට බෙහෙවින් ඉවහල් වේ.

 

 

වෙනසක් කරන්න සිදුකල හැකි  ක්‍රියා 06 ක්

 

  • ප්ලාස්ටික් භාවිතා අඩු කරන්න. සෑම වසරකම සිතාගත නොහැකි තරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් වෙරළබඩ ජලයට පිවිසේ. මෙය සමුද්‍ර ජීවීන්ට හානි කරයි. කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින්, මුහුදු පක්ෂීන් සහ තවත් සතුන් රාශියක් මේ හේතුවෙන් මිය යයි. දිනෙන් දින ඉහළ යන ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර සහ කුඩා ව්‍යාපාර කිහිපයක් පරිසර හිතකාමී ප්‍රවේශයන් වෙත යොමුවී සිටිති. අඩු ප්ලාස්ටික් භාවිතා කිරීමෙන් සහ පාරිසරික හා තිරසාර නිෂ්පාදන භාවිතා කිරීමෙන් වෙනසක් කරන්න.

 

  • ඔබේ කටහඩ ඇසීමට සලස්වන්න. ජෛව විවිධත්වය නැතිවීමේ ප්‍රතිවිපාක සහ ඔබට උපකාර කළ හැකි දේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඔබේ මිතුරන් සහ පවුලේ අය අතර පණිවිඩය පතුරවන්න. අපගේ වන ජීවීන් බේරා ගැනීම සඳහා සෑම දෙනාටම ඔවුන්ගේ හැකියාවන් ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳ දැනුවත්භාවය සහ තොරතුරු පැතිරවීම සඳහා සමාජ මාධ්‍ය හොඳ වේදිකාවකි. තවත් පියවරක් ඉදිරියට ගොස් වඩා හොඳ පාරිසරික ප්‍රතිපත්ති වෙනුවෙන් ක්‍රියාශීලීව පෙනී සිටිමින් සත්ව සුභසාධන පනත් කෙටුම්පත සහ වන ජීවීන් ආරක්ෂා කරන වෙනත් විධිවිධාන බලාත්මක කිරීමට බල කරන්න.

 

  • ගස් සිටුවන්න. වන ජීවීන් සහ ගස් සහජීවනය අතර සම්බන්ධයක් ඇත. ශ්‍රී ලංකාවේ වන විනාශය වැඩිවීමත් සමඟ, ගස් සිටුවීම සහ ඔබේ ප්‍රජාවේ අනෙක් අයද එසේ කිරීමට දිරිමත් කිරීම බොහෝ දුරක් යා හැකිය. ගස් නවාතැන් සපයයි, ජලය සහ වායු උෂ්ණත්වය නියාමනය කරයි. වඩාත්ම වැදගත් දෙය වන්නේ සතුන් සඳහා වාසස්ථානයක් සහ ආහාර සැපයීමයි.

 

  • ස්වේච්ඡා සේවය. වනජීවී සංරක්ෂණයට සම්බන්ධ සංවිධානයකට හෝ ව්‍යාපාරයකට සම්බන්ධ වන්න. සාමාජිකයෙකු වීම, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සහ දැනුවත් වීම මගින් ඔවුන්ට ක්‍රියාකාරීව සහාය දෙන්න.

 

  • සමාජ වගකීම් දරන්න. නිදසුනක් වශයෙන්, වනජීවීන්ගේ යහපැවැත්ම ගැන සහ සදාචාරාත්මකව අව්‍යාජ සැලකිල්ලක් දක්වන සහ සංරක්ෂණ කටයුතු සඳහා ආධාර කරන පිළිගත් සැපයුම්කරුවන් සමඟ සෆාරි යන්න. දෙවනුව, බොහෝ විට වහල්භාවයේ සිටින අලි ඇතුන්ට බරපතල හානියක් වන බැවින් අලි පැදීමෙන් නොයන්න. ඒ වෙනුවට, ඔවුන්ගේ ස්වාභාවික වාසභූමිවල ඒවා නැරඹීමට තෝරා ගන්න. සෆාරියක් අතරතුර වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම ගැන වැඩිදුර ඉගෙන ගන්න.

 

  • පරිත්යාග කරන්න. ශ්‍රී ලංකාවේ වන ජීවීන් සංරක්ෂණයට සහ පවතින ජෛව විවිධත්ව ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ අරමුදල් නොමැතිකමයි. 2016-2022 ජාතික ජෛව විවිධත්ව ක්‍රියාකාරී සැලැස්මට අනුව, ජෛව විවිධත්ව අංශය සඳහා ඉතා සීමිත අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමේ සැලසුම් ප්‍රමුඛතා මත අඩුය. අපගේ වනජීවී සංරක්ෂණය සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ සංවිධාන හා ව්‍යාපාර සඳහා පරිත්‍යාග කිරීම වෙනසක් ඇති කිරීමට හොඳ ක්‍රමයකි. පරිත්‍යාග පිළිගන්නා ශ්‍රී ලාංකික සංවිධාන ලැයිස්තුවක් මෙන්න:

 

පළවෙනි වතාවට අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඔයාට මේ දේවල් වැදගත් වේවි..

මුල්ම දරු උපත සම්බන්ධයෙන් බලපොරොත්තු තියාගන ඉන්න කෙනෙක් නම් ඔයා මේ දේවල් ඔයාට වගේම ඔයාගේ මහත්තයටත් වැදගත් වෙයි. මොකද මේ කාලයත් එක්ක දරුවෙක් හදන එක ලේසි පහසු දෙයක් නෙවෙයිනේ. කසාද බැන්ද පලියට හදන්නම් වලේ දරුවෙක් හදලා වැඩක් නැනේ.

 

 

  • දරුවෙක් කුසට එන්නත් කලියෙන් මුලින්ම හිතන්න ඕනි දේ තමයි ඔයාලා ආර්ථික වශයෙන් ස්ථාවරද කියන එක. ළමයි හැදුවා වගේ නෙවේ දරුවන්ට සෑහෙන අවශ්‍යතා තියනවා. ඒවා සපුරාගන්න හොඳ ආර්ථික මට්ටමක් තියෙන්නම ඕනි. ඒ නිසා දරුවෙක් හදන්න කලින් ඔයාලා ආර්ථිකය අතින් හොඳ මට්ටමකට ඇවිත් ඉන්නවනම් තමයි හොඳ.

 

 

  • පොඩ්ඩාව කුසේ දරාගෙන ඉන්න කාලයේදී වගේම මව්කිරි බොන කාල වකවානුවෙත් මැල්ලුම්, මාළු වගේ පෝෂණීය දේවල් ආහාරයට ගන්න අවශ්‍යයි. දරුවට පෝෂණය ලැබෙන්නේ ඒ්වගෙන් තමයි. ක්ෂණික ආහාර අරන් දරුවව විනාශ කරගන්න ඒපා.

 

 

  • ගර්භනී කාලයේ දී කරන ව්‍යායාමවලින් මානසික ආතතිය නැති කරනවා වගේම ප්‍රසූතියේදී ඕනි කරන ශක්තිය ලබා දෙනවා. ගර්භනී කාලයේදී කරන්න සුදුසු ව්‍යායාම විදියට පිහිනීම, ඇවිදීම වගේම ඇරොබික්ස් හඳුන්වන්න පුළුවන්. ගෘහනියක් වශයෙන් ගෙදර දොරේ වැඩ කටයුතු කරානම් වෙන මොකුත් ඔන වෙන්නේ නැහැ.

 

 

  • ඒ වගේම දොස්තරලා හම්බවෙන්න යන්න ඕනි දවස්, ඒ අය දුන්න උපදෙස්, කන්න ඕනි හොඳ දේවල් වගේ හැමදේම ලියලා තියාගන්න . ගර්භනී අවධියේදි මුහුණ දුන්න සිදුවීම ලියලා තියාගන්න. උදාහරණයක් වශයෙන් දරුවා බඩට ආපු දවස මුලින්ම පයින් පාර දුන්න දවස වගේ දේවල්. මේ දේවල් පසු කාලීනව හොඳ මතකයක් වෙයි ඔයාට.

 

 

  • සමහරු කැමතියි තමන් ගැබ් අරන් කියලා පෙන්වන විදියේ ඇඳුම්වලට. තවත් අය එහෙම නෑ. කොහොම වෙතත් මේ දෙපාර්ශ්වයටම කියන්න තියෙන්නේ තමන්ගේ ඇඟට පහසුයි කියලා දැනෙන විදියේ ඇඳුම් අඳින්න කියලයි. අනික මේ කාලවකවානුවේ ඇඟේ තියෙන උෂ්ණ ගතිය වැඩියි. ඉතින් තවත් ඇඟට රස්නේ දැනෙන විදියේ අමුද්‍රව්‍ය භාවිත කරන්නේ නැතිව හොඳ කපු රෙද්දෙන් යුතු ඇඳුම් භාවිතා කරන්න.

 

 

  • ප්‍රසූතිය සිද්ධ කරන්න ඔබ තෝරගන්න වෛද්‍යවරයා ඔබේ ස්වාමිපුරුෂයාටත් වඩා ඔබ ගැන දැනගෙන ඉන්න ඕනි. සමහර බිරින්දෑවරු පවුලේ පාරම්පරිකව තියෙන සමහර ලෙඩ හංගනවා. ඒ දේ කරන්නම හොඳ නැහැ. දරුවට තමයි බලපාන්නේ . මේක අම්මාගේ තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වයස අවුරුදු 35ට වැඩි නම්, දියවැඩියාව වගේ සෞඛ්‍යය ගැටලු තියනවා නම් අදාළ වෙනස්වීම් වෙනවා. වෛද්‍යවරයා හමු වුණාම පළවෙනි වතාව නිසා ලැජ්ජා නැතුව සැක තැන් තියෙනවා නම් විසඳගන්න.

 

 

  • ගර්භනී කාලේ කියන්නේ නිදහසේ ඉන්න තියෙන අන්තිම කාලේ. බබා හම්බුණත් හෙල්ලෙන්නවත් හම්බෙන්නෙ නෑ. අන්න ඒ නිසා තමන් වෙනුවෙන් කාලය වැය කරන්න. යාළුවොත් එක්ක ඩිනර් අවුට් එකකට යන්න, චිත්‍රපටයක් බලන්න යන්න, ආස කරන සින්දු අහන්න, පැය 8ක නින්ද ලබලා ඊට අමතරව අවශ්‍ය නම් දවල් කාලයේ පොඩි නැප් එකක් දාන්න. ගර්භනී කාලයේ බය වෙන්න ඒපා . හිතේ නිදහසින් ඉන්න. මොකද බයවෙලා මානසික පීඩනයෙන් හිටියොත් ඒ්ක දරු ප්‍රසූතියට බලපානවා.

ඔබේ දරුවා කරන වැරදි වලට දඬුවම් කරන්න කලින් මේ ගැනත් හිතන්න..

ඔයාගේ තරුණ වයසේ දරුවා ආයෙත් නරක වැඩක් කරලා නම්, ඔයාගේ අවු.10 ළමයා ඉස්කෝලේ ගිහින් ගෙදර එන්නේ තව පැන්සල් පෙට්ටියක් නැති කරගෙන නම්, ඔයාගේ අවු.5 ළමයා අස් කරලා තිබුණු මේසේ අපහු හැඩි කරලා නම්… ඔයා මොකද්ද කරන්නේ ?

මේ වගේ වැඩ කොහොමත් ගණන් නොගෙනම් ඉන්න බැහැ. ඉතින් මේ වගේ වැඩ ළමයි කරද්දී ඔයා ගන්න තීරණය මොන වගේ වෙයිද ?කොහොම වුණත් දඬුවම් සහ ඒවාගේ ප්‍රතිවිපාක යන දෙකම විශේෂ හැසිරිමක ප්‍රතිළුලයක්. දෙමාපියන් හැටියට තමන්ගේ ළමයින්ව හොඳින් තේරුම්ගත්තොත් නම් තේරුමක් නැති දේවල් වලින් එයාලව කලකිරීමකට පත් වෙන්න ඉඩ නොදී ජීවිතයට හොඳ පාඩමක් කියලා දෙන්න හැකියාව තිබෙනවා. ඒක ඔවුන්ගේ ඉදිරි ජීවිතයට ලොකු උදව්වක් වේවි. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ වගේ වෙලාවක කොහොමද ක්‍රියා කරන්න ඕන කියලයි.

 

1.ප්‍රතිවිපාක කියන්නේ අපිට ජීවිත් වෙන්න වුවමනා දෙයක්. වතුර පිරුණු කෝප්පයක් හරියට අල්ල ගත්තේ නැතිවුණොත් ඒක බිම වැටිලා වතුර හැම තැනම විසිවෙලා අවුල් වෙනවා කියලත්, පරිස්සමට අඩිය තියලා බැස්සේ නැතිවුණොත් පඩිපෙළේ ඇදගෙන වැටෙන්න පුළුවන් කියලත් ළමයෙක් ගොඩක් පොඩි කාලේ ඉඳලම තේරුම් ගන්නවා. ඉතින් හොඳ වුණත් නරක වුණත් හැම හැසිරීමකටම ප්‍රතිවිපාකයක් තියෙනවා කියලා එයාලා ඉබේම ඉගෙනගන්නවා.
දඬුවම් කියන්නේ සාමාන්‍ය දෙයක් කියලා අපි හිතුවට දඬුවම දරුවාගේ ජිවිතයට අනවශ්‍ය බලපෑමක් කරන්න ඉඩ තියෙන ක්‍රියාවක්. උදාහරණයක් විදිහට ළමයා මේසේ හොඳටම හැඩි කරලා තියෙනවා දැක්කම ”ඇයි මේ හැඩි කරලා? අදනම් TV බලන්න දෙන්නේ නැහැ. ගිහින් ඔයගේ කාමරේට වෙලා ඉන්න!” වගේ දේවල් කියලා බැන්නොත් ළමයා එයා අතින් සිදුවුණ වරද තේරුම් ගන්න දරුවාට හැකියාවක් නැති වෙනවා.

 

2.ළමයාගේ හැසීරීමක් නිසා ප්‍රතිවිපාකයක් ඇතිවුණාම ළමයා තේරුම් ගන්නවා තමන් කරපු ක්‍රියාව නිසා ඒ දේ සිද්ධ වුණා කියලා. ඒ වගේම එකේ වගකීමත් තමන්ම භාරගන්න ඕනේ කියලා. කලින් කතා කරපු උදහරණයම ගැන හිතුවොත් කෝප්පේ වැටිලා විසිරුණු වතුර ටික දරුවාට හොඳින් කියලම අස් කරගත්තොත් එකෙන් දරුවාට තමන් කරපු දේ වගකීම තමන්ගේ කියල තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒත් ඒ වුණ වරදට දෙමාපියන් විදිහට ගහලා, බැනලා දඬුවම් කළොත් නම් ළමයා තමන්ගේ වගකීම තේරුම් ගන්නවා වෙනුවට අනවශ්‍ය බයක් සහ ලැජ්ජාවක් ඇතිකරගන්නවා.

 

3.සමහර දේවල් කළාම ඇතිවෙන්න පුළුවන් ප්‍රතිවිපාක ගැන දරුවාට කලින්ම කියලා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දරුවා රෑ වෙනකන් එළියේ ඉන්න එක නොකළ යුතු දෙයක් නම් එහෙම රෑ වෙනකන් එළියේ හිටියම ඇතිවන ප්‍රතිවිපාක ගැන දරුවාට කියලා දෙන්න ඕනේ. කොහොම වුණත් ගොඩක් වේලාවට දඬුවමක් සිදුකරන්නේ දරුවා කරපු ක්‍රියාව ගැන වැඩිය හිතන්නේ නැතුව ඒ ගැන කලකිරීමක්, තරහවක් ඇති කරගත්තම. දෙමාපියන් විදිහට එහෙම දඬුවමක් කරන එක අපිව සෑහීමකට පත් කලාට ඒක ඇත්තටම තමන්ගේ වරදෙන් දෙයක් ඉගෙන ගන්න ළමයාට උදවුවක් වෙයිද ?

 

4.කිසිම සැලකිල්ලක් නැතුව ක්‍රිකට් ගැහුවොත් ඒක නවතින්නේ අහල පහල ගෙයක ජනේලයක වීදුරුවක් කුඩු කරාලම තමයි. ඉතින් ඒ වගේ වේලාවක තමන්ම එකතු කරගෙන තියෙන සල්ලි වලින් තමන්ගේ අසල්වැසියාගේ කැඩුණු ජනේලය හදලා දෙන්න ළමයාව දිරිගැන්නුවොත් ඒකෙන් ඔයාගේ ළමයා තමන් කරපු වැරැද්දේ බරපතළකම තේරුම් ගන්නවා.

ඉතින් තමන් කරපු දේ ප්‍රතිවිපාක වල වගකීම භාරගන්න විදිහ තමන්ගේ ළමයට කියලා දුන්නම ඒක ළමයාගේ දියුණුවට බලපානවා වගේම දඬුවම් කළොත් කිසිම තේරුමක් නැති දෙයක් සිද්ධ වෙනවා.

සුවබර දිවියකයට ජලය පානයේ වැදගත්කම

ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් සියල්ලටම අවශ්‍ය කරන පෝෂණය සැපයෙන්නේ ජලය මගින් වන අතර ඔක්සිජන් සහ පෝෂක ද්‍රව්‍ය සිරුර පුරා බෙදාහැරීමට ජලය වැදගත් වෙනවා.
ආහාර දිරවීමටවගේම සමස්ථ බහිස්‍රාවීය පද්ධතියේම ක්‍රියාකාරීත්වයට, අපද්‍රව්‍ය ඉවත් කිරීමට, සිරුරෙන් ඉවත්වන මුත්‍රා, දහදිය, කෙළ වැනි බාහිර නිකුතු නිකුත් වන්නේ ජලය මාර්ගයෙන්ය.
සුවපත් දිවියකට ජලය පානයේ වැදගත්කම

මනුෂ්‍ය සිරුර පවත්වාගත යුතු නියමිත උෂ්ණත්වය නියමිත මට්ටමක පවත්වාගැනීමට උෂ්ණත්වය දරා ගැනීමේ හැකියාව ඇති වෙන්න ජලය උපකාරී වෙනවා.
ඇස් කන් නාසය වැනි විවරයන් හි ආරක්ෂාවට තෙතමනය ආරක්ෂා කරගැනීමට, මොළයේ ක්‍රියාකාරීත්වයට සහ මලබද්ධය වැනි ක්‍රියා රැසකට ජලය වැදගත් සාධකයක් වෙනවා. සාමාන්‍යයෙන් කිලෝ හැටක් බර මනුෂ්‍යයෙකු දිනකට ජලය ලීටර දෙකක් පමණ පානය කළ යුතුය. පාරිසරික සාධක, වෛද්‍යමය හේතුන්, රෝගී තත්වයන්, සිරුර වෙහෙසීම ආදී කටයුතු නිසා පානය කළ යුතු ජල ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවිය හැකිය.

නූතනයේ බොහෝ කාර්යාල ස්ථාන පංකා හෝ වායුසමන පද්ධති මගින් වාතය සපයනු ලැබේ. වායුසමන පද්ධතියේන නිකුත්වන වාතය සාමාන්‍ය වාතයට වඩා ජලවාශ්ප වලින් හිගයි. විදුලි පංකා වල එන සුළඟින් අපේ සිරුරේ දහදිය ඉක්මනින්ම සිදී යයි. එබැවින් වායුසමන හෝ පංකා සවිකළ පරිසරයක සිටින විට පානය කළ යුතු ජල ප්‍රමාණය වැඩිය. උණුසුම වැඩි දිනවලදී සහ එළිමහනේ අව්වට නිරාවරණය වෙමින් සිටින විට පානය කළ යුතු ජලය ප්‍රමාණය වැඩිය. එවිට දහදිය ලෙස සිරුරෙන් ජලය ඉවත්වීම ඉක්මණින් සිදුවේ. ව්‍යායාම වල නිරත වන විටදී සහ සිරුර වෙහෙසා වැඩ කරන අවස්ථාවලදී අප සිරුරෙන් නිකුත්වන ජලය ප්‍රමාණය වැඩිය. එවන් අවස්ථාවලදීද සාමාන්‍ය පාවිච්චියට වඩා ජල ප්‍රමාණයක් සිරුරට ලබාදිය යුතුය. ඩෙංගු උණ, පාචනය වැනි රෝගාබාධ වලදී ජලය පානය කරන්නැයි වෛද්‍ය උපදෙස් ලබාදෙනු ලැබේ. එවන් අවස්ථාවලදීද නිර්දේශ පමණට වැඩිපුර ජලය පානය කළ යුතුයි .ඇඟ මහන්සි වී එළිමහනේ කරන ක්‍රීඩාවකදී හෝ වැඩකදී වැඩ කරන්නට ප්‍රථමයෙන් ජලය මිලි ලීටර 500ක් පානය කිරීමත් ඉන් පසු හැකි පමණ මිනිත්තු 15කට වතාවක් වත් ජලය මිලි ලීටර 250ක් පානය කිරීමත් කළ යුතුයි. එවිට සිරුර විජලනයට ඉඩක් ලැබෙන්නේ නැහැ.ජලය පානය කරන්නට අවශ්‍ය විට විවිධ ආකාරයේ පැණි බිම වර්ග පානයට වර්ථමානයේ පිරිස් උනන්දු වි තිබෙනවා. ඒ අතර ශක්තිජනක පානයන්ද නැතුවම නෙවෙයි. ශක්තිජනය පානයන් යනු ජලය අඩංගු සීනි සහ වෙනත් රසායන අඩංගු ද්‍රාවනයක්. විසිතුරු පැණි බීම රසායනික අඩංගු ශක්තිජනක නිතර පානයට හුරුවීමෙන් කැලරි අධික, සීනි අධික, කෘත්‍රීම රසායන සිරුරට ඇතුලුවීම නිසා වෙනත් රෝග ඇතිවීමේ අවධානමද ඉහල යන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටම ජලයත්; ජලයට ආසන්න සමාන තැඹිලි වතුර කුරුම්බා වතුර වැනි ස්වාභාවික බීමකට යොමුවීම වැදගත්.

වර්තමානයේ ප්ලාස්ටික් ජල බෝතල් සෞඛ්‍ය තර්ජනයක් ඇතිකරනවා වගේම එම ජලය බී හමාර කළ ජල බෝතල් දැඩි පාරිසරික හානියක් ඇති කරනවා. එබැවින් මීට දශකයකට දෙකකට එපිට අපි හුරුව සිටි පරිද්දෙන් නිවසෙන් එලියට බහින විට නටවා නිවාගත් ජල බෝතලයක් මල්ලේ රුවා රැගෙන යෑමට පුරුදු වීම හොඳ පුරුද්දකි. එවිට අපි නිවසින්ම රැගෙන යන බෝතලය නිසා රසේ වෙනසක් නැතිව විශ්වාසයෙන් ජලය පානය කළ හැකිය. කාර්යාලයක වැනි පරිසරයකදී නම් ජලය පානය කිරීමට වීදුරු ජල බෝතලයක් තබාගත හැකියාව තිබෙනවා.

කොමඩු ගස්ලබු වැනි පළතුරු ජලය සහිත පළතුරු වන අතර කුරුම්බා වතුර සහ ඖෂධීය පානයන් වර්ග පානය කිරීමෙන් ජල අවශ්‍යතාවය යම්තරමකින් සම්පූර්ණ කරගත හැකියාව තිබෙනවා. ජලය අඩංගු වුවද සීනි කැලරි වැනි අහිතකර සංඝටකයෝ අඩු බෙලිමල්, රණවරා, පොල්පලා, එරමුසු වැනි පානයෝද කැඳ වර්ගද සෞඛ්‍යයට හිතකර වේ.එදිනෙදා ජීවිතයේ කාර්යබහුලතාවය නිසා අප සිරුරට අවශ්‍යය ජලය ලබාගැනීමට මැලි වන අවස්ථා වේ. ඇතැම්විටක කාන්තාවන් නම් මග තොට අතරමග මුත්‍රා කරන්නට සිදුවේයැ යන ලැජ්ජාවෙන් නිසි අයුරින් ජලය පානය කිරිම කල්දමන අවස්ථාද වෙති. මුත්‍රා කිරීම යනු සිරුරේ අවශ්‍යතාවයකි. එබැවින් එවැනි දේට ලැජ්ජා වී සිරුරට අවශ්‍ය ජල සැපයුම ලබා නොදී කල්දැමීම නිවැරදි ක්‍රියාවක් නොවේ. ජලය පානය ගැන අවබෝධයෙන් වැඩිපුර ජලය භාවිතයට ගත යුතු අවස්ථා ගැන අවධියෙන් ජලය පානය කිරීම සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මූලික පියවරක්ද වේ.