Blog Page 36

සුවබර නින්ද රූ සපුව ලස්සන කරගන්න වැදගත් බව ඔබ දන්නවාද..?

  • ගොඩක් දෙනෙක් තමන්ගේ රූ සපුව ලස්සන කරගන්න සැලකිලිමත් ‌වෙන්නේ වගේම අවධානය යොමු කරන්නේ බාහිර අලංකරණය ගැන පමණයි. ඒත් ඇත්තටම තමන්ගේ රූ සපුව වර්ධනය කරගන්න භාහිර අලංකරණයට වඩා කායික නීරෝගී භාවය ඉතා වැදගත් කියලා ඔබ දන්නවාද? තමන්ගේ රුව වර්ධනයට ප්‍රධාන වශයෙන් නින්ද වැදගත් වෙනවා . ඒ වගේම නීරෝගී භාවයටත් නින්ද ඉතා වැදගත් අංගයක්. නින්ද යනු මානසික සැහැල්ලුව සදහා ඇතිවන දෙයක්. මේ නින්ද තමයි රුසපුව වර්ධනයට ඉවහල් වන්නේ. උදෑසන සිට රෑ වෙනතුරු බොහෝ දෙනා තම ශරීරය වගේම මනසත් ගොඩක් වෙහෙසනවා. රාත්‍රි නින්ද තමයි ශරිරය සහ මනස යතා තත්වයට පත් කරන්නේ. සාමාන්‍යයෙන් ළදරුවෙක් පැය 20 ක් ද කුඩා දරුවෙකුය පැය 14 කාලයක් ද වැඩහිටියෙකුට 6-8 අතර කාලයක් ද වගේම ගර්භනී මව්වරුන්‌ට පැය 10 පමණ වේලවක නින්දක් අවශ්‍යවෙනවා.

 

  • නින්ද අඩුවූවොතින් බලපෑම් ඇතිවෙන්නේ ස්නායු පද්ධතියට. මතක ශක්තිය ඇඩුවීම,ඇස් පෙනීම දුර්වල වීම, සාංකාව, දිවා කාලයේ ඇතිවෙන අධික විඩාබර බව, ක්‍රියාශීලී බව අඩුවීම, අධික මහන්සිය,සම අවපැහැ ගැන්විම, ඇස් වටා කලු වීම, ඇස්වල රැලි ඇති වීම වගේම මලානික බව නින්ද නොලැබීමෙන් ඇතිවෙන බලපෑම් අතරට එක්වෙනවා. බොහෝ වෙලාවට නින්ද නොයන්න හේතුකාරකයන් වන්නේ නිරාහාරව නින්දට යෑම,දිරවීමට අපහසු කෑම ගැනීම, බොහෝ වේලාවක් ජංගම දුරකථකය භාවිත කිරීම, නිනදට පෙර තේ, කෝපි වැනි දේ පානය කිරීම වගේම කායික මානසික අවිවේකය නිරවුල් මනසක් නැති කම බලපානවා.

 

  • හොද නින්දක් ලබා ගන්න නිරවුල් මනසක් අත්‍යාවශ්‍යයි. නිරවුල් මනසක් ඇති කර ගැනීමට මානසික අභ්‍යාස වල නිරතර වීම වැදගත්.භාවනා කිරීම ද, සියුම් සංගීතයට සවන්දීමද වැදගත් වෙනවා. මානසික නිරවුල් භාවය වැදගත් වගේම කායික පිරිසිදු බවත් හොද නින්දකට ඉතා වැදගත්. දිවා කාලයේ විනාඩි 10-15 ව්‍යායාම වල නිරතවීම ද, රාත්‍රීට සුළු ආහාර වේලක් ගැනීම ද, ආහාර ගෙන පැය 2 පසු නින්දට යෑමද, නින්දය යෑමට පෙර උණු වතුරින් ඇග සෝදා පිරිසිදු ඇදුමකින් සැරසීමද, නිදා ගන්නා ස්ථානයට හොදින් වාතාශ්‍රය ලැබෙන තැනක් තොරා ගැනීමද සුවබර නින්දක් ලගා කරගැනීමට හේතුකාරක ‌වෙනවා.

 

ඔබේ රූ සපුව වැඩිකරගන්න වගේම නීරෝගී භාවය වැඩිකරගන්න සුව නින්දක් ළගා කරගන්න හැම විටම උත්සහ කරන්න. දීර්ඝ ආයුෂ වගේම දෛනික කටයුතු වල පහසුව වගේම මානසික සංතෘප්තිය ළගා කරගන්න හොද සුවබර නින්දකින් ඔබට අනිවාර්යයෙන් හැකියව ලැබෙනවා.

කොරෝනා වෛරසය ගැන මිත්‍යා මත වලට ඔබත් රැවටුනාද..?

ලෝකයම එක තැනක නැවතුනා වගේ හැඟීමක් ඔබටත් දැනෙනවා ඇති. බොහෝ රටවල තත්ත්වය ඒක තමයි. සාමාන්‍ය දෛනික කටයුතු අඩපණ වෙලා. දෛනික ජීවන රටාව වෙනස් වෙලා. බොහෝ පිරිසක් නිවසට කොටුවෙලා ඉන්න මොහොතක්. අපේ රටේ තත්ත්වයත් ඒකම තමයි. රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. මාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුවත් කරන්නේ මේ වසංගත තත්ත්වයන් වැළකීමට ඔබ කළ යුතු දේ ගැන. ඔබ ඊට මුහුණදිය යුතු ආකාරය ගැන. නමුත් මේ තොරතුරු සියල්ල අතරෙත් තවමත් කොරෝනා වෛරසය නැත්නම් COVID-19 ගැන මිත්‍යා මත හුවමාරු වනවා දකින්න තිබෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාමත් මේ මිත්‍යා මත ව්‍යාප්ත වීම දකින්න පුළුවන්. මේ තත්ත්වයට විසඳුමක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මේ මිත්‍යා මත ගැන පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කොට තිබුණා. gasma.lk කියවන ඔබ වෙනුවෙන් ඒ තොරතුරු බෙදාහදා ගන්න අපි තීරණය කළා.

 

 

  • උණුසුම් සහ හිරුඑළිය වැඩි හෝ වාතයේ ආර්ද්‍රතාව වැඩි ප්‍රදේශ වල කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම අඩු බවට මත පලවී තිබුණා. නමුත් ඒ මත කිසිවක් සත්‍ය ඒවා නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරනවා. විශේෂයෙන් මේ දිනවල අධික හිරු එළිය සහ රස්නය සහිත අපේ රටත් ඉන්දියාවත් මේ වෛරසයට ගොදුරු වීමෙන්ම ඒ මතයේ සත්‍යයක් නොමැති බව පැහැදිලි වනවා. ඒ වගේම සිතල දේශගුණය නිසා වෛරසය වැඩි ව්‍යාප්තියක් දක්වන බවට පැවතුන මතයත් සාවද්‍යයි. මේ සියල්ලට බලපාන්නේ මිනිස් ක්‍රියාකාරකම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

 

 

 

  • උණුසුම් ජලයෙන් ස්නානය කිරීම මගින් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීමේ හැකියාවක් ඇති බවටත් මතයක් පැතිර ගියා. නමුත් ඒ මතයේත් සත්‍යයක් නොමැති බව මේ වනවිට තහවුරු කොටගෙන තිබෙනවා. මෙවැනි මිත්‍යා මත හේතුවෙන් ඔබ අනවශ්‍ය අවදානමකට මුහුණදිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයෙන් කියවෙනවා. විශේෂයෙන් අධික උණුසුම් ජලය ස්නානය කිරීමෙන් ඔබේ සම පිලිස්සී යා හැකියි.

 

 

  • මදුරුවන් හෝ කෘමි සතුන් මගින් කොරෝනා වෛරසය ශරීරගත විය හැකිද..? මේ තවත් මිත්‍යා විශ්වාසයක්. මෙතෙක් තහවුරු කරගත් නිරීක්ෂණ අනුව කොරෝනා වෛරසය කිසිදු කෘමියකු මගින් බෝවීමක් සිදු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. එය ව්‍යාප්ත වීම සිදුවන්නේ ආසාදිත පුද්ගලයකුගේ ශ්වසන මාර්ගය හා ගැටීම, කැස්සේදී විසිවන කෙල බිඳිති වැනි ක්‍රම මගින් පමණයි. ඒ නිසා මදුරුවන් දෂ්ට කළ පමණින් ඔබ කොරෝනා වෛරසය පිලිබඳ අනියත බියක් ඇතිකරගත යුතු නැහැ.

 

 

  • ඔබ අත්සෝදා වියලීමට පාවිච්චි කරන Hand dryer මගින් කොරෝනා වෛරසය විනාශ වනවාද..? මේ තවත් මිත්‍යා අදහසක්. එවැනි උපකරණයක් මගින් මේ වෛරසය විනාශ කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නැහැ. ඒ වගේම ඇල්කොහොල් ශරීරයේ තවරා ගැනීම මගින් වෛරසය ආසාදනයෙන් වැළකිය හැකි බවටත් තවත් වැරදි මතයක් පවතිනවා. මේ සියල්ල මිත්‍යා විශ්වාසයන් බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයේ දැක්වෙනවා.

 

 

  • Thermal scanners නැතිනම් උෂ්ණත්වයට සංවේදී වන ස්කෑනර් යන්ත්‍ර මගින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනාගත හැකියයි තවත් මිත්‍යා මතයක් පවතිනවා. එවැනි උපකරණ මගින් කෙනෙකුගේ ශරීර උෂ්ණත්වයේ යම් වෙනසක් හඳුනාගත හැකි බව සැබෑවක්. නමුත් ඔබ මේ වනවිටත් අසා ඇති පරිදි වෛරසය ආසාදනය වී දින 7-14 අතර කාලයක් තුළ තමයි රෝග ලක්ෂණයන් වන උණ සහ කැස්ස හඳුනා ගැනෙන්නේ. එතෙක් එවැනි උෂ්ණත්වය මැනීමක් මගින් ආසාදිතයින් හඳුනාගැනීමට හැකියාවක් නැහැ. මෙයත් මිත්‍යා විශ්වාසයක්.

 

 

  • නිව්මෝනියාව සඳහා නිර්දේශිත එන්නත් මගින් කොරෝනා වෛරසය ආසාදනය වලක්වා ගත හැකියැයි කිසිදු සොයාගැනීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කොට නැහැ. එවැනි මත සියල්ල මිත්‍යාවන් බව එම සංවිධානය පවසනවා. එසේම ශ්වසන ආබාධ සඳහා නාසයට යොදන ස්ප්‍රේ මගින්ද මේ වෛරසයට බලපෑමක් කළ හැකි බවට සාක්ෂියක් නැහැ. ඒ නිසා නිකරුණේ එවන් අවදානම් සහිත ක්‍රියාවන්ට යොමු නොවන ලෙසත් එම සංවිධානය ප්‍රකාශ කරනවා.

 

 

  • සුදු ළූණු තම්බා බිම මගින් කොරෝනා ආසාදනයෙන් වැළකිය හැකි බවට මිත්‍යා මතයක්ද බොහෝ රටවල පවතිනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ එවැනි කිසිදු තොරතුරක් ඔවුන් තහවුරු කොට නොමැති බවයි. සුදු ළූණු ඖෂධීය ගුණයෙන් ඉහළ නමුත් කොරෝනා වෛරසය ආසාදනය වීම වැලැක්වීමේ හැකියාවක් ඊට නොමැති බව මේ වනවිට පැවසිය හැකි තොරතුර බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

  • එසේම වැඩිහිටියන්ට මෙය ආසාදනය වන නමුත් ළමා සහ තරුණ පිරිසට අසාදනය නොවන බවද මිත්‍යාවක්. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවීම හේතුවෙන් ආසාදනය වීම සහ අවදානම ඉහළ විය හැකි නමුත් වෛරසය ආසාදනයට එවැනි වයස් මට්ටමේ සම්බන්ධයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයේ සඳහන් වනවා.

 

 

  • ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම මගින් කොරෝනා වෛරසයෙන් මිදීමට හැකියාවක් ඇති බවට පවතින තොරතුරුත් අසත්‍ය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වන්නේ. බැක්ටීරියා මගින් ආසාදනය වන රෝගී තත්වයන්ට ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) මගින් පාලනය කළ හැකි නමුත් වෛරස සඳහා ප්‍රතිජීවක ඖෂධ මගින් බලපෑමක් කළ නොහැකි බව එම සංවිධානය නිවේදනය කර සිටිනවා.

වඩාත් වැදගත්ම දේ ඔබේ ආරක්ෂාව ඔබ විසින්ම සලසා ගැනීමයි. ඒ නිසා හැකි තරම් නිවාස සීමාවෙන් පිටතට නොයා සිටින්න. අමුත්තන් හමුවීමෙන් වළකින්න. ඒ වගේම යම් හේතුවක් මත ඔබට පිටතට යාමට සිදුවේනම්, හැකි සෑම විටම මීටරයක දුරක් අනිකා සහ ඔබ අතර පවත්වා ගන්න. නිතර සබන් යොදා අත් සෝදන්න. හැකි තාක් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. මේ ගෝලීය වසංගත තත්වයෙන් අපේ රට බේරා ගැනීමට පුරවැසියෙකු ලෙස රජයට සහයවන්න.

මේ දවස්වල සැලෝන් යන්න බැරි නිසා මෙන්න මේ විදිහට ගෙදරදීම නියපෙළ ලස්සන කරගමු..

අපි හැම කෙනෙක්ම විවිධ හැඩයේ නියපතුවලට හිමිකම් කියනවානේ . නියපොත්තේ හැඩය ගැන නිය ආලේපන භාවිතා කිරීමේ දී විශේෂ අවධානයක් යොමුකල යුතුවෙනවා. දිගු නියපොතු තිබෙන අයෙකුට හැම වර්ණයක්ම සුදුසුයි. තද පැහැ ආලේපන වලින් නිය පොතු සිහින් කර පෙන්වනවා. ඔබ පළලෙන් යුතු දිගින් අඩු නිය පෙළක් හිමි අයෙක්නම් අනිවාර්යයෙන් ලා පැහැ වර්ණ භාවිතා කරන්න මතක තබාගන්න. නිය ආලේපන භාවිතය විලාසිතාවක්. ඒත් නිය ආලේපන කැපී පෙනෙන්න ඔබේ නියපොතු පිරිසිදුව තබා ගැනීම අනිවාර්යය වෙනවා. ඔබට පුළුවන් රෑපලාවන්‍යගාරයකින් ඔබේ නියපොතු පිරිසිදු කරගන්න. මෙනිකියු සහ පෙඩිකියු එකක් කරගැනීම මගින් නිය අලංකාර කරගන්නවා වගේම ඇගිලිවල නීරෝගී භාවය රැකගැනීමේ හැකියාව ඔබ‌ට තිබෙනවා. නමුත් අපි රටක් වශයෙන් මුහුණ දීලා තිබෙන තත්ත්වයත් එක්ක මේ අවස්තාවේදී අපිට නිවසින් එළියට යන්න හැකියාවක් නැහැනේ . ඒ නිසා නිවසේදීම ඔබට නිය පිරිසිදු කරගන්න පුළුවන්.

නිවසේදී නිය ආලේපන භාවිතා කිරීමට පෙර අත්දෙක බාහාලිය හැකි භාජනයකට මද රස්නේ ඇති වතුර සමග විෂබීජ නාශක ෂැම්පු ටිකක් දමා අත් දෙක මැණික් කටුව තෙක් වතුර භාජනයට දමා විනාඩි 5ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව ඉවතලන දත් බුරුසුවකින් නියපොතු හොදින් මැද පිරිසිදු කර පිළවෙලට නියලොතු කපාගන්න. නියපොතු කපා අවසන් කල පසු නේල් ෆයිල් එකක් භාවිතයෙන් නියපොතු සුමට කරගන්න.මෙම සත්කාරය පාදවල නියපොතු සදහාද භාවිතා කල හැක. නිය පිරිසුදු කරගැනීම සදහා දෙහි ලෙලි භාවිතා කරගැනිමේ හැකියාව ඔබට තිබෙනවා.

නිය ආලේපන විලාසිතාව ගොඩක් කාන්තාවන් අනුගමනය කරත් නිය ආලේපකරනවා මිසක නිය පෙළ ආරක්ෂාකරගන්න පෙළඹෙන්නේ නැහැ. බොහෝ වෙලාවට නොදැනුවත්කම තමයි මෙයට ප්‍රධාන හේතුව. ඔබ නිය ආලේප භාවිතා කරන අයෙකුනම් හොඳින් මතක තබාගන්න දින තුනක් ඇතුලත එය ඉවත් කරන්න. එ‌සේ ඉවත් කර පැය 24ක් තබා බේස්කෝඩ් ආලේපය ගල්වා නිය ආලේප ගල්වා නැවත ටොප් කෝට් ආලේපය භාවිතා කිරීම මගින් ඔබට නියපෙළ ආරක්ෂාකර ගත හැකියාව තිබෙනවා. නැතිනම් දර්ඝකාලීනව නිය වර්ණ තබාගැනිම මගින් සහ නිය ආලේප අයින් ‌නොකර එය උඩින් නැවත වර්ණ ගැල්විම මගින් නියපොතු දුර්වණ වී දිරාපත්වෙනවා.

විලාසිතා කියන දේ කලින් කලට වෙනස් වෙනවා . නිය ආලේපන භාවිතා කරන විදියත් ඒ ආකාරයෙන් ම වෙනස් වෙනවා. මීට කලකට ඉහතදී නම් ලා වර්ණයන් අතේ ඇඟිලි සදහා ද තද වර්ණයන් පාදයේ ඇඟිලි වලට භාවිතා කළා. නමුත් දැන් පාදවලට හා අත් වලට එකම
වර්ණය භාවිතා කරනවා.මේ දිනවල ජනප්‍රිය වර්ණ වන්නේ රතු,කොළ,නිල් සහ කළු වර්ණ. මේ වනකොට විවිධ වර්ගයේ කෘතීම නියපොතු වෙළදපලේ මිලදි ගැනීමට පුළුවන්. ඔබ කොට නියපොතු තිබෙන අයෙකුනම් මෙම නියපොතු පැළදීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ වගේම විවිධ මෝස්තරයන් සහිත ස්ටිකර් වර්ග,ස්ටොන්ස් වර්ග වගේම ඩස්ට් වර්ග නිය අලංකරණය සදහා වෙළදපලෙන් ඔබට මිළදී ගැනීමේ හැකියාව තිබෙනවා.

curfew වෙලාවේ අත්‍යවශ්‍ය දේවල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඩිලිවරි සේවාවන් මෙන්න..

COVID-19 පැතිරීම අවම කිරීමේ උත්සාහයක් ලෙස දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ නිසා අපිට අවශ්‍ය බඩු මිලදී ගන්න හැකියාවක් නැතිවෙලා තිබෙනවා. ඒ වුණාට බය වෙන්න එපා ඔන්න අපිට අත්‍යාවශ්‍ය දේවල් ගෙදරටම ගෙන්න ගන්න ඩිලිවරි සේවාවන් රැසක් දැන් ලබා දී තිබෙනවා. ගැස්ම අද අපි ඔයාලා වෙනුවෙන්ම ඒ සේවාවන් පිළිබඳ විස්තර අරන් ආවා.

 

 

  • Lanka Sathosa (via PickMe)

කොළඹ නගර සීමාව අවට 24/7, ලංකා සතෝසා PickMe සමඟ කාර්යක්ෂමව, කරදරයකින් තොරව දොරකඩටම ඔන්න සිල්ලර බඩු බෙදා හැරීම සිදු කරනවා . ඔවුන් LKR 250 සිට LKR 2000 දක්වා විවිධ සිල්ලර බඩු බාස්කට් 6 ක් ඉදිරිපත් කරනවා.

ඇණවුම් කරන ආකාරය මෙන්න.

ඔයාගේ PickMe App එකෙන් , PickMe Food tab එකට යන්න.
සිල්ලර බඩු යටතේ, සතෝසා ක්ලික් කරන්න.
ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන සිල්ලර බඩු මිටියක් තෝරන්න. (ඇසුරුම් දැනට රු .250 සිට 2000 දක්වා ලබා ගන්න පුළුවන්.)
ඔබේ cart එකට බඩු මිටිය එකතු කර ඔබේ ගෙවීම් විකල්පය තෝරන්න!
* සේවාව දැනට කොළඹ 1-12 හි ඇත.

 

 

  • Lassana Flora

සමාජ දුරස්ථභාවය ප්‍රවර්ධනය කිරීමේ තවත් උත්සාහයක් ලෙස,Lassana Flora පලතුරු සහ එළවළු ඔබේ දොරකඩට ලබා දෙන්න කටයුතු කරනවා. බෙදා හැරීම සිදු කරනු ලබන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පමණයි . LKR 500 ට වැඩි ඇණවුම් සඳහා නොමිලේ බෙදා හැරීම ඔවුන් විසින් සිදුකරනවා.

ඔබට දැන් https://lassana.com/daily-essentials/cp/8 හරහා ඇණවුම් කළ හැකියි.

011 200 1122 අමතන්න.

 

 

  • ShopForMe

ShopForMe යනු අමතර බෙදාහැරීමේ ගාස්තු රහිතව සිල්ලර බඩු 24/7 ඔබේ නිවසට ගෙන යන සේවාවක් . ඔයා කරන්න අවශ්‍ය 0762 786 786 අමතන්න, නැත්තම් Viber / Whatsapp හරහා කෙටි පණිවිඩයක් යවලා ඔබේ ඇණවුම ලබා දෙන එක විතරයි.

https://786.lk/shop-for-me.html

https://www.facebook.com/786.lkShopforMe/

 

 

 

  • QuickHelp

QuickHelp.lk කණ්ඩායම Watchdog Sri Lanka සමඟ එක්ව කොළඹ අවට පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හැකි වන පරිදි පොදු ස්ථාන, සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් වල ගත කරන කාලය අඩු කිරීමේ උත්සාහයක් ලෙස මෙම සේවාව ආරම්භකර තිබෙනවා .

 

 

  • Athuraliya Rice

කොළඹ පුරා සහල් ඔබේ දොරකඩට බෙදා හැරීමේ කාර්යය Athuraliya Rice විසින් භාරගෙන තිබෙනවා. ඔයාට පුළුවන් ඔවුන්ව 0715 876 ​​876 හරහා අමතා ඔබේ ඇණවුම ලබා ගන්න , නැත්තම් කෙටි පණිවුඩ මගින් ඔවුන්ට දැනුම් දෙන්න.

 

 

  • Aswenna

අස්වෙන්න නැවුම් එළවළු ඔබේ ගෙදරට සාධාරණ මිලකට ලබා දෙන්න කටයුතු කරනවා. ඔවුන් සතුව විවිධ භාණ්ඩ සහිත පැකේජ තුනක් ඇති අතර, ඒවායින් දෙකක මිල LKR 220 සහ තවත් එකක් LKR 80 වෙනවා. ඒවා කොළඹ සහ අවට තදාසන්න ප්‍රදේශවල බෙදා හරිනු ඇති අතර අමතර බෙදා හැරීමේ ගාස්තු අදාළ වෙනවා. වැඩි විස්තර සඳහා 077 777 2964 හෝ 077 514 2737 අමතන්න.

 

 

  • LAUGFS Gas Store

කොළඹ ,ගම්පහ සහ කළුතර LAUGFS Gas වෙළඳසැල් ඔබේ නිවසටම ගෑස් සිලින්ඩර ලබා දීමට සූදානම්. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාවන්හිදී ඔවුන් ඔබේ දොරකඩට මේ සේවාව සපයන්න කටයුතු කරනවා. වැඩි විස්තර සඳහා ඔබට ඔවුන්ගේ දුරකථන අංක 0114 427 427 අමතන්න පුළුවන් .

 

 

  • Litro Gas (via PickMe)

Litro Gas PickMe සමඟ එකතු වී ඇති අතර බලධාරීන්ගේ විශේෂ අනුමැතිය ඇතිව ගෑස් සිලින්ඩර ඔබේ දොරකඩට ගෙන එන්න කටයුතු සිදුකරනවා. PickMe app එකේ payment option එක ලෙස ඔබේ කාඩ්පත එක් කිරීමට වග බලා ගන්න, සහ delivery note එකේ “contactless delivery” ඉල්ලා සිටින්න.

වර්තමාන බෙදා හැරීමේ ප්‍රදේශ අතර නුගෙගොඩ, රත්මලාන, පැලවත්ත, කොළඹ 02 සහ මහනුවර නගරය ඇතුළත් වේ. (පුළුල් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී)

 

 

  • Frozen Bairaha Products

බයිරාහා විසින් ශීත කළ නිෂ්පාදන ඔබේ ළඟම ඇති වෙළඳසැලේ සිට ඔබේ දොරකඩටම ලබා දෙන්න කටයුතු කරනවා. බෙදා හැරීම සිදු කරනු ලබන්නේ වෙල්ලවත්ත, දෙහිවල සහ දේමතගොඩ ප්‍රදේශවල පමණි.

වැඩිදුර විමසීම් සඳහා 0773 957 394 අමතන්න.

 

 

  • Healthguard

ඔබට අවශ්‍ය ඕනෑම ඖෂධයක් ඔවුන්ගේ ගබඩාවලින් තිබේදැයි පරීක්ෂා කර බැලීමේ පහසුව Healthguard මඟින් ඔබට ඖෂධය ලැබීමට කටයුතු සිදුකරනවා . ඔබ කළ යුත්තේ 0764 477 888 හි ඔබේ බෙහෙත් වට්ටෝරුවේ පින්තූරයක් වට්ස්ඇප් කිරීම පමණි, එවිට ඔවුන් ප්‍රතිචාර දක්වනු ඇත.

 

 

  • Union Chemists (Pvt) Ltd

Union Chemists (Pvt) Ltd හරහා කරදරයකින් තොරව ඖෂධ ලබා ගන්න ඔබට හැකියාව තිබෙනවා. ඔබේ බෙහෙත් වට්ටෝරුවේ පින්තූරයක් ඔවුන්ගේ ඖෂධවේදීන්ට යවන්න, එවිට ඔවුන් ඔබේ ඖෂධ ලබා දීමට කටයුතු කරනවා. පහත අංක වලින් ඔබට ආසන්නතම ශාඛාව අමතන්න හැකියාව තිබෙනවා.

Colombo 10 – 0763 592 766

Narahenpita – 0763 592 767

Colombo 3 – 0763 592 768

Wattala – 0763 592 769

Kalubowila – 0763 592 770

Castle Street – 0772 215 015

 

 

  • Free Health Advice (Organised by @beautydoctor.sl)

beautydoctor.sl කණ්ඩායම ලියාපදිංචි වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්රැස් කර මෙම ස්වයං හුදකලා කාලය තුළ ඔබට ඇතිවිය හැකි හදිසි වෛද්‍ය විමසීම්වලට පිළිතුරු සැපයීමට කටයුතු කරනවා. ඔබ කළ යුතුව ඇත්තේ උදේ 7.30 සිට රාත්‍රී 10.00 දක්වා ඕනෑම වේලාවක 076 928 8244 හෝ 077 053 3777 යන දුරකථන අංකයෙන් හරහා ඔවුන් අමතන්න.

 

 

  • Mount Lavinia Hotel

Mount Lavinia Hotel විසින් ඔබේ දොරකඩට 9 a.m සිට 11 p.m දක්වාත්, 4 p.m සිට 6 p.m දක්වාත් ආහාර ඩිලිවරි සේවාව ලබා දෙන්න කටයුතු කරනවා. ඔබගේ ඇණවුම (අවම වශයෙන් LKR 5000) 0772 334 650 හෝ 0777 901 207 වෙත වට්ස්ඇප් කරන්න. කොළඹ නගර සීමාව තුළ පමණක් බෙදා හැරීම සිදුකෙරෙනවා.

 

 

  • Chinese Dragon Cafe

LKR 2000 ට ඉහළින් ඇති සියලුම ඇණවුම් සඳහා Chinese Dragon Cafe සම්බන්ධතා රහිත බෙදාහැරීම් සිදුකරනවා. ඔවුන් කාඩ්පත් මගින් පමණක් ගෙවීම් භාර ගන්නා අතර ඔබට 0117 808 080 අමතා ඔබේ ඇණවුම භාර දෙන්න පුළුවන් .

බෙදාහරිනු ලබන්නේ රාජගිරිය, නවාල, පිටකෝට්ටේ, කෝට්ටේ, බොරැල්ල, බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ සහ නුගේගොඩ ප්‍රදේශවලට පමණි.

https://www.facebook.com/chinesedragoncafe/

 

 

  • Pot Biryani

Pot Biryani ගනු ලබන්නේ සීමිත ඇණවුම් සංඛ්‍යාවක් පමණක් වන අතර තෝරාගත් ප්‍රදේශ තුළ ඔබේ දොරකඩටම ආහාර deliver කරනවා . වැඩි විස්තර සඳහා 0777 330 938 හෝ 0716 669 669 අමතන්න.

https://m.facebook.com/PotBiriyani.lk/

 

 

  • Sen-Saal

ඔබේ ප්‍රියතම ආහාරය ඔබේ නිවසටම ලබා දීමට සෙන්-සාල් විසින් ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක පුළුල් මෙනුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඇණවුමක අවම එකතුව LKR 3000 (Uber Eats හරහා ඇණවුම් කිරීමේදී මෙය අදාළ නොවේ). බත්තරමුල්ල නගර සීමාව සඳහා LKR 500ක බෙදා හැරීමේ ගාස්තුවක් අය කෙරෙන අතර, එම කලාපයෙන් පිටත (කොළඹ නගර සීමාව තුළ) LKR 1000 බෙදා හැරීමේ ගාස්තුවක් අය කරනු ලබනවා.  පෝස්ටරයේ දැක්වෙන ඕනෑම අංකයකින් ඔබට ඔවුන් සම්බන්ධ කර ගත හැකිය.

076 434 3030

077 013 2250

076 848 1555

076 354 5414

0773298398

077 361 0164

0766077888

076 845 1555

ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන ස්භාවික දේවල් මෙන්න…

අපි හැමෝම දන්නවා සමහර ආහාර වලට පුළුවන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න. ඒ වගේ ආහාර ඔයාගේ ශරීරය පෝෂණය කරනවා වගේම COVID-19 පැතිරී යන මේ වගේ කාලයකදී දිනපතාම ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන්න ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වර්තමාන තත්වයට ගැළපෙන්න ඔයාගේ එදිනෙදා ආහාර වේල සැලසුම් කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන කෑම වර්ග ලැයිස්තුවක් gasma.lk ඔයාලා වෙනුවෙන්ම අරන් ආවා.

 

 

පැඟිරි කුලයේ පළතුරු

විටමින් c අඩංගු මේ පළතුරු සෙම්ප්‍රතිශ්‍යාවට පිළියමක් විදහට අපි කොයි කවුරු අතරත් ප්‍රසිද්ධයි. මොකද විටමින් සී ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට උදව් වෙනවා වගේම ආසාදන වලට එරෙහිව සටන් කරන්න ඉතාම වැදගත් දෙයක් වෙන සුදු රුධිරාණු නිෂ්පාදනය වැඩි කරන්නත් උදවු වෙනවා. දොඩම්, ලෙමන් සහ දෙහි කියන්නේ ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් පැඟිරි කුලයේ පළතුරු කිහිපයක්.

 

 

රතු බෙල් පෙපර්

පැඟිරි පලතුරු වල විටමින් සී තියෙනවා කියලා අපි කොයි කවුරුත් දන්නවා වුණාට රතු බෙල් පෙපර් වල ඔය හැම පැඟිරි ගෙඩියකටම වඩා දෙගුණයක් විටමින් සී අඩංගුයි කියලා කිවුවොත් ඒක ටිකක් නුපුරුදුයි වගේ නේද ? ඒ වගේම බෙටා කැරොටිනුත් මේ රතු බෙල් පෙපර් වල අඩංගු වෙනවා. ඔයාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා විතරක් නෙමෙයි මේ විටමින් c වලට පුළුවන් නීරෝගී සමක් පවත්වාගෙන යන්න උදවු කරන්න සහ මේ බෙටා කැරොටින් වලට පුළුවන් ඔයාගේ ඇස් වගේම සමත් නීරෝගීව පවත්වාගෙන යන්න ඔයාට උදව් කරන්න.

 

 

සුදුළූණු

සුදුළූණු වල තියෙන ප්‍රතිශක්තිකරණ ගුණ වැඩි කිරීමේ ගුණය ගැන නම් පරම්පරා ගණනාවක් තිස්සේ අපේ මුතුන් මිත්තන් කතා බහ කරනවා අපිට ඇහිලා තියෙනවා. ඒ වගේම ඒවාට බැක්ටීරීයා, වෛරස් සහ දිලීර විනාශ කරන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙන බවත් අපි දන්නා කාරණාවක්. සෙම් රෝග වලට,උණට විතරක්ම නෙමෙයි මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන COVID-19 ආසාදනය වීම අඩු කරන්නත් සුදුළූණු වලට හැකියාවක් තියෙනවා.

 

 

ඉඟුරු

ඔයාට සෙම,හෙම්බිරිස්සාව හැදිලා තියෙන වෙලාවට කීපාරක් නම් ඔයාගේ අත්තම්මා ඔයාට කියලා ඇතිද ඉඟුරු තේ එකක් බොන්න කියලා? මං හිතන විදිහට නම් ගොඩක් සැරයක්. ඔව් එයාලා වැරදි නැහැ. ඉඟුරු වලට උගුරේ අමාරුව දැවිල්ල වගේ ලෙඩ රෝග අඩු කරන්න පුළුවන්. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බාධාවක් වෙන ලෙඩ රෝග ගොඩකට ප්‍රතිකාරයක් විදිහට ඔයාට ඉඟුරුපාවිච්චි කරන්න පුළුවන්.

 

 

නිවිති

විටමින් ඒ, විටමින් සී, ෆෝලේට්, තන්තු, මැග්නීසියම් සහ යකඩ වගේ විටමින් සහ ඛනිජ අඩංගු නිසාම නිවිති කියන්නෙත් මේ දවස්වලට හරියනම කෑමක්. නිවිති වලින් සෛල වගේම DNA අලුත්වැඩියා කරලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නංවන්න ඕනේ වෙන පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට ලබා දෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕනේ කාරණාව තමයි නිවිති අමුවෙන් හෝ පොඩ්ඩක් පිසලා ආහාරයට ගත්තොත් ඒවායේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ඒ විදිහටම ආරක්ෂා කරගන්න පුළුවන්.

 

 

යෝගට්

යෝගට් කියන්නේ විටමින් D හොඳටම අඩංගු ආහාරයක්. මොකද රෝග වලට එරෙහිව සටන් කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න මේ විටමින් D ලොකු උදව්ක් වෙනවා. යෝගට් මිලදී ගන්නකොට සොයා බලන්න ඕනේ කාරණාවක් තමයි ඒවායේ තියෙන “live and active cultures” ලේබල් එක. මොකද ඒවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරගන්න ගොඩක් වැදගත් වෙන නිසා. ගොඩක් සීනි දාල තියෙන එක එක රසවල් වල යෝගට් ගන්නවා වෙනුවට සෞඛ්‍ය සම්පන්න පලතුරු යුෂ සහ මී පැණි එකතු කරලා වුණත් ඔයාට පුළුවන් මේ යෝගට් රසගන්වගන්න.

 

 

කහ

ශ්‍රී ලාංකිකයන් විදිහට කහ කියන්නේ නම් අපිට හුරුපුරුදු නැති දෙයක් නෙමෙයි. හොඳ රසවත් පාටක් එකතු කරන නිසා අපි එදිනෙදා ගෙදර හදන හැම හොද්දකටම කහ එකතු කලත්, අපි වැඩි දෙනෙක් නොදන්නා කාරණාවක් තමයි මේ කුළුබඩුව ඔස්ටියෝ ආතරයිටිස් සහ රූමැටොයිඩ් ආතරයිටිස් වගේ රෝග වලට ප්‍රතිකාර කරන්න පරම්පරා ගානක් තිස්සේ පාවිච්චි කරලා තියෙන දෙයක් බව . ඒ වගේම කහ වලට ඒ දීප්තිමත් පාට ලබාදෙන curcumin ගොඩක් ආහාරයට ගත්තොත් ව්‍යායාම වලින් මාංශ පේශි වලට වෙන හානිය අඩු කරගන්නත් පුළුවන්.

 

 

ග්‍රීන් ටී

අපි හැමෝම තේ බොනවා.අපි උදේම නැගිටපු ගමන් වගේම හවසට පවුලේ අයත් එක්ක එකට එකතුවෙලා තේ බොන එක ශ්‍රී ලංකික අපිට එක දවසක්වත් මග අරින්න අමාරු දෙයක් වෙලා තියෙනවා. හැබැයි ඔයා ඔය හැමදාම උදේට හවසට බොන කිරි තේ එක නම් ඔයාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය පවත්වාගෙන යන්න ලොකු උදවුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට ග්‍රීන් ටී බීලා බලන්න.පොලිෆෙනෝල් සහ ෆ්ලේවනොයිඩ්ස්, ප්‍රතිඔක්සිකාරක වලින් පිරිලා තියෙන ග්‍රීන් ටී ඔයාගේ ඒ වැඩේට උදවුවක් වෙයි.ඒ වගේම තමයි ග්‍රීන් ටී කියන්නේ ඇමයිනෝ අම්ල L-theanine වලින් පොහොසත් බීමක් නිසාම ඔයාගේ ශරීරයේ විශබීජ එක්ක සටන් කරන්න අවශ්‍ය වෙන T-cells පවත්වාගෙන යන්නත් මේ ග්‍රීන් ටී උදවුවක් වෙයි.

 

 

ගස්ලබු

විටමින් C පිරිලා තියෙන පළතුරක් වෙන ගස්ලබු කියන්නේ අපි හැමෝම දන්නා,ආස කරන පළතුරක්. ඒ එක ගස්ලබු ගෙඩියක දවසකට අපේ ශරීරයට අවශ්‍ය විටමින් C ප්‍රමාණයෙන් 224% අඩංගු වෙලා තියෙනවා. ආහාර ජීර්ණ එන්සයිමයක්ද මේ ගස්ලබු වල තියෙනවා.ඔයාගේ සම්පුර්ණ සෞඛ්‍යයට හිතකර පොටෑසියම්, බී විටමින් සහ ෆෝලේට් ද මේ ගස්ලබු වල අඩංගු වෙලා තියෙනවා.

 

 

කොමඩු

ප්‍රතිශක්තිය වැඩි කරන කැලරි අඩු කොමඩු වල පොටෑසියම්, විටමින් ඒ, විටමින් සී, විටමින් බී 6 සහ ග්ලූටතයෝන් අඩංගු වෙලා තියෙනවා.ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා මේ විටමින්, පෝෂ්‍ය පදාර්ථ හා ග්ලූටතයෝන් වැනි සංයෝග ශරීරයට ගොඩක් අවශ්‍ය වෙනවා.

 

 

කුකුළු මස්

ඔයා ලෙඩ ඇඳේ ඉන්නකොට අම්මා හදල දෙන කුකුළු මස් සුප් එකට විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා කියල අද ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇත්තටම විටමින් බී 6 ඉහළ මට්ටමක තියෙන මේ කුකුල් මස් අවුන්ස 3 කින් ඔයාට දවසකට අවශ්‍ය විටමින් බී 6 ප්‍රමාණයෙන් සියයට 40-50 අතර ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම අලුත් හා සෞඛ්‍ය සම්පන්න රතු රුධිර සෛල උත්පාදනය කරන්නත් මේවා ඉතා වැදගත් වෙනවා.කුකුළු මස් ඇටකටු වලින් ගන්න stock වල ජෙලටින් සහ අනෙකුත් වැදගත් පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි වගේම ඒවා ඔයාගේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්න වගේම බඩවැල් සුව කරන්නද උදවුවක් වෙනවා.

 

 

බතල

විටමින් ඒ සහ විටමින් සී අඩංගු වෙලා තියෙන බතල හොඳ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියකට වගේම ඔයාගේ සමටද ඉතා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් බතල වල ඔයාට දවසකට ඕනෑ වෙන විටමින් A වලින් 120% ක් සහ විටමින් C 30% ක් අඩංගු වෙලා තියෙනවා. කොලෙස්ටරෝල් රහිත, මේද රහිත සහ තන්තු සහිත ආහාරයක් වෙන බතල වලින් ඔයාගේ ප්‍රතිශක්තිකරණයට ඕනේ වෙන විටමින් ගොඩක් ලබාගන්න පුළුවන්.

මේ Covid -19 පැතිර යාමත් එක්ක හරි ආහාර පුරුදු ඇති කරගන්න එක ගොඩක් වැදගත් කාරණාවක්. ඒ නිසා, ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන එක ඉතා වැදගත්. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න මේ අපි කතාකරපු මේ පෝෂ්‍යදායි අහාර ලොකු උදවුවක් වේවි.

ඇඳිරි නීතීය ලිහිල් වුණාට පස්සේ එළියට යන්න හිතාගෙන ඉන්නවද..? එහෙනම් මේ දේවල් ගැනත් හිතන්න..

රටම එකවර නැවතිලා වගෙයි. රටක් විදිහට අපි මේ මොහොතේ ලෝක බලවතුන් පවා අසරණ කළ, ගෝලීය වසංගතයක් එක්ක සටන් වදිමින් තමයි ඉන්නෙ. ඒක ඒ තරම් පහසු කටයුත්තක් නෙමෙයි. රැකියා ව්‍යාපාර මේ සියල්ලම ඇණහිටලා, කෑම බීමට එකතු කරගත් දේවලුත් ටිකෙන් ටික ඉවර වෙමින් යන අතර අපි නිවසටම කොටුවෙලා ඉන්න මොහොතක් තමයි මේ ගෙවෙන්නේ. මේ මොහොතේ පවතින ඇඳිරි නීතිය 23 වැනිදා සහ 24 වැනිදා පැය කිහිපයකට ලිහිල් කරන්න රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල 24 වැනිදා උදේ 6 සිටත් අනිකුත් ප්‍රදේශ වල 23 වැනිදා උදේ 6 සිටත් පැය කිහිපයකට ඇඳිරි නීතිය ඉවත් කරන්න රජය තීරණය කරලා තිබෙනවා. මේ තාවකාලිකව ඉවත් කිරීමේ කාලයේදී ගෙදරට අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න නගරයට, සුපිරි වෙළඳසැලට, යන්න ඔබ හිතාගෙන ඉන්නවා නම්, ඒ ගමනට පෙර මේ කරණු ගැන අවදානය යොමුකරන ලෙස gasma.lk කණ්ඩායමේ අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ඔබේ මෙන්ම රටේ පොදු යහපත වෙනුවෙන්.

මෙතැනදී නිවැරදිම නිරෝධායන ක්‍රමය නම් සති දෙකක් ඔබගේ නිවසටම වෙලා කාලය ගත කිරීම වන නමුත් මිනිසුන්ගේ ආහාර අවශ්‍යතා සැලකිල්ලට අරගෙන මෙම පැය කීපයක විරාමය ලබාදෙන බව තරයේ හිතට ගන්න. මේ විරාමයේදීත් corona වයිරසයේ ව්‍යාප්තිය සිදුවිය හැකි බව ඔබ දැනුවත් විය යුතුමයි. ඒ නිසා ඉතා සැළකිල්ලෙන් කටයුතු කරන්න.

මේ ඇඳිරි නීතිය ලිහිල් කලේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා බව හොඳින් සිහිතබා ගන්න. ඔබේ ගෙදර තවත් දින 4-5ක් සඳහා පාවිච්චි කරන්න තරමට අවශ්‍ය දේවල් තිබෙනවා නම්, මේ මොහොතේ තවත් දේවල් එකතු කරගන්න හිතාගෙන නගරයට යන්න එපා. ඒක ඔබත්, ඔබේ පවුලත් නිකරුනේ අනතුරේ දැමීමක් බව මතක තබාගන්න. ඔබට වෙළඳසැලකට යාමට අත්‍යවශ්‍ය නම් සහ මුදල් කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තිබේ නම්, ඉදිරි සතියකට හෝ ප්‍රමාණවත් තරමට අත්‍යවශ්‍ය දේවල් මිලදී ගත්තාට කමක් නැහැ. මොකද ඊළඟ ඇඳිරි නිතිය ලිහිල් කිරීමේ අවස්ථාවේදීත් නිකරුනේ කඩසාප්පු ගානේ ඇවිදින්න එතකොට ඔබට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා සැළසුම් සහගත වීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි. ඒ වගේම නිවසේ ඉන්න පිරිසෙන් එක අයෙක් පමණක් පිටතට යන්නත් වගබලා ගන්න. අප පසු කරමින් සිටින්නේ පවුලේ කිහිප දෙනෙක් එකතු කරගෙන ෂොපින් යන මොහොතක් නොවන බවත් හොඳින් මතක තබාගන්න. වැඩිහිටි අය හෝ කුඩා ළමුන් පිටතට රැගෙන යාමෙන් හැකිතාක් වළකින්න. ඒ වගේම තමයි, ඔබට හෙම්බිරිසාවක්, කැස්සක්, උණක්, කිවිසුම් යාමක්, උගුරේ වේදනාවක් හෝ වෙනයම් ආසාදන තත්වයක් තිබේ නම්, මොනම හේතුවක් නිසාවත් පිටතට යන්න එපා.

ඔබ නිවසෙන් පිටතට යන්නට පෙර අත්‍යවශ්‍යම භාණ්ඩ ලැයිස්තුවක් හදාගන්න. ඒවා මිළදීගත හැකි වෙළඳසල් මොනවාද කියලත් ලැයිස්තුවට එකතු කරගන්න. ඊළඟට ඔබ යායුතු පිළිවෙල සකස් කරගන්න. මේ විදිහට සැලසුම් සහගතව පිටතට ගියොත්, ඔබට ඉතා ඉක්මනින් අවශ්‍ය කාරණා ඉටුකරගෙන නැවත නිවසට පැමිණිමට හැකියාව තිබෙනවා.

වෙළඳසල තුළදී,

හැම විටම ඔබ සහ අනිකා අතර දුර මීටරයක් පවත්වා ගැනීමට වගබලා ගන්න. ඒ බව නොසලකා හරින්නන්ට ඒ බව කියන්නත් ඔවුන් දැනුවත් කරන්නත් වගබලා ගන්න. මතක තබාගන්න අප සිටින්නේ ජාතියක් ලෙස එක්ව මුහුණදිය යුතු ව්‍යසනයක් ඉස්සරහ බව. මේ මොහොතේ නොදැනුවත් කමින් හෝ නිසි උපදෙස් නොපිළිපදින පුද්ගලයින්ට දැනුම ලබාදීමත් පුරවැසියෙක් ලෙස ඔබේ වගකීමක්. ඒ නිසා මේ මොහොතේ නායකත්වය ගන්න. නිසි උපදෙස් පිළිපදින ලෙස ඔවුන්ව දැනුවත් කරන්න. එය ඔබේ අයිතියක් බවත් මතක තබා ගන්න.

වෙළඳසලට යනවිට මුහුණු ආවරණයක් පළඳින්න. එය ඔබේ ආරක්ෂාවට වඩා වැදගත් වේවි. අසනීප තත්වයක් නොමැති නම් එය පැළඳීම “අත්‍යවශ්‍ය” නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. ඔබේ ආරක්ෂාව පිලිබඳ ඔබ සැලකිලිමත් විය යුතුමයි. ඒ නිසා හැකිනම්, මුහුණු ආවරණයක් සහිතව පිටතට යන්න වගබලා ගන්න.
ඔබ වෙළඳසලක ගතකරන කාලය හැකිතාක් අවම කරගැනීමට වගබලා ගන්න. හැකි සෑම කෙනෙකුම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් භාවිතා කරන්න. මුදල් භාවිතය හැකිතාක් අවම කරන්න. එසේ මුදල් භාවිතා කරනවා නම්, නියමිත ගණනම ගෙවීමට හැකිවන පරිදි මාරු සල්ලි රැගෙන යාමට සැලකිලිමත් ‌වෙන්න.

නිවසින් පිටත ගොස් පැමිණි විගස, හොඳින් අත්සෝදා ගැනීමට කටයුතු කරන්න. හොඳින් සබන් යොදා අතේ වැලමිටේ සිට පහලට විනාඩියක් තරම්වත් සෝදාගන්න. එසේම නිවසට පැමිණ අත් සෝදාගන්නා තෙක් ඔබේ බෙල්ලෙන් උඩ ප්‍රදේශය නොඅල්ලා සිටීමටත් විමසිලිමත් වන්න.

ඔබ ඇඳගෙන ගිය ඇඳුම් හොඳින් සෝදා තද අවුවේ වේලෙන්නට දමන්න. ඔබේ මුළු සිරුරම හොඳින් පිරිසිදු කර ස්නානය කරගන්න තෙක් පවුලේ අයගෙන් ඈත්ව සිටිය හැකිනම් වඩාත් සුදුසුයි. මේ ඔබ පසුකරමින් සිටින්නේ ලෝකයම ගෝලීය වසංගතයක් සමග සටන් කරමින් සිටින ඉතා අසීරු අවදියක් බව හොඳින් සිහිතබා ගන්න. රටක් ලෙස ඊට මුහුණ දීමට රජයට ඔබේ සහය ලබාදෙන්න. ඔබ මෙන්ම අනිකාගේද ආරක්ෂාව සඳහා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න.

අපි තනි තනිව අපේ යුතුකම් ඉටු කරමු. ගෝලීය වසංගතයෙන් අපේ රට මුදවාගැනීමට සහයවෙමු.

– වෛද්‍ය උපදෙස් ඇසුරින් –

Covid -19 වෛරසයෙන් ආරක්ෂා වෙන්න ගර්භණී මව්වරුන්ට උපදෙස් ටිකක්..

1. ඔබ ගර්භණී බව තහවුරු වෙලත් තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නැත්නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබාදීලා ඒ බව අනිවාර්යයෙන් දැනුම් දෙන්න.

2. ගර්භණී කාලය මාස 8 ක් (සති 32 ක්) හෝ ඊට වැඩි සියලුම ගර්භණී මව්වරුන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් සම්බන්ධ කරගන සායනයට ඔබ පැමිණිය යුතු දිනය සහ වේලාව දැන ගන්න.

3. ඔබගේ ගර්භණි කාලය මාස 8 කට (සති 32 කට) අඩු නම් සහ පහත රෝග තත්ත්ව තිබේනවා නම් පමණක් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා ඔබගේ වර්තමාන තත්ත්වය පිලිබඳ විස්තර කර සායනයට යාමට දිනයක් සහ වේලාවක් දැන ගන්න.

– දියවැඩියාව
– අධික රුධිර පීඩනය
– හෘද රෝග
– ශ්වසන ආබාධ
– වෙනත් කිසියම් රෝග ලක්ෂණ හෝ අපහසුතාවයක්

4. පුළුවන් හැම වෙලේම නිවසේ රැඳී සිටින්න. අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා – උදාහරණ වශයෙන් උත්සව සහ වෙළදසැල් වෙත යාම.

ඔබට අවශ්‍ය වැඩි විස්තර 1999 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගන්න හැකියාව තිබෙනවා.

– වෛද්‍ය උපදෙස් ඇසුරින් –

ගෙදරට වෙලා කම්මැලිකමේ නම් ඉන්නේ මෙන්න මේ movies list එක අනිවාර්යයෙන්ම බලන්නකෝ

අපි ලෝකයක් වශයෙන් රටක් වශයෙන් මුහුණ දෙන්න වෙලා තිබෙන තත්ත්වයත් එක්ක දැන් ගේ ඇතුලට හිර වෙලා කම්මැලිකමේනේ ඉන්නේ. අපි හැමදෙනාගෙම හොඳට අපිට මොන කට්ට කාගන හරි පරිස්සම් වෙලා ගෙදරට වෙලා ඉන්න එක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ . කම්මැලිකම යන්නත් එක්ක ගෙදරට වෙලා ඉන්න ටිකේ ඔන්න අද ගැස්ම ඔයාලා වෙනුවෙන්ම අරගන ආවා විවිධ genre වලට අයත්  movies list එකක්ම.

 

 

Drama

Her (2013)
Lost in Translation (2003)
Good Will Hunting (1997)
Forrest Gump (1994)
Cast Away (2000)
Green Mile (1999)
Eternal Sunshine of the Spotless Mind (2004)
The Curious Case of Benjamin Button (2008)
Pride and Predjudice (2005)
One Flew Over the Cuckoo’s Nest (1975)
The Shawshank Redemption (1994)
The Perks of Being a Wallflower (2012)
Moonrise Kingdom (2012)
The Piano (1993)
The Pianist (2002)
The Piano Teacher (2001)
The Before (Trilogy)
Portrait of Lady on Fire (2019)
Blue Valentine (2010)
500 Days of Summer (2009)
Taxi Driver (1976)

 

 

Sci-Fi Movies

 

The Matrix 1,2 and 3(2003-2005)
Annihilation (2018)
Interstellar (2014)
Arrival (2016)
The Martian (2015)
Bicentennial Man (1999)
2001 Space Odyssey (1968)
Blade Runner (1982)
Blade Runner 2049 (2017)
Contact (1997)
A Clockwork Orange (1971)
Passengers (2016)
Lucy (2014)
The Fifth Element (1997) is
E.T. The Extra – Terrestrial (1982)
A.I Artificial Intelligence (2001)
Moon (2009)
In Time (2011)
Inception (2010)
The Truman Show (1998)
The Lobster (2015)
The Final Cut (2004)

 

 

Anime & Animation Movies

 

All movies directed by Hayao Miyazaki and Studio Ghibli
All movies directed by Satoshi Kon
All movies directed by Isao Takahata
All movies directed by Katsuhiro Otomo
Wolf Children (2012)
The Girl Who Leapt Through Time (2006)
A Silent Voice (2016)
5 Centimeters Per Second (2007)
Children Who Chase Lost Voices (2011)
The Anthem of the Heart (2015)
I Want to Eat Your Pancreas (2018)
A Letter to Momo (2011)
Wall.E (2008)
Toy Story (1,2,3 and 4)
Shrek
The Red Turtle (2016)
The Prophet (2014)
Ace Age
The Garden of Words (2013)
Your Name (2016)
Isle of Dogs (2018)
Fantastic Mr. Fox (2009)

 

 

Gangster Movies


The Godfather (1,2 and 3)
Once Upon a Time in America (1984)
Scarface (1983)
Donnie Brasco (1997)
Casino (1995)
Miller’s Crossing (1990)
A Bronx Tale (1993)
American Gangster (2007)
Mean Streets (1973)
Carlito’s Way (1993)
The Departed (2006)
Pulp Fiction (1994)
Road to Perdition (2002)
The Untouchables (1987)
Snatch (2000)
Eastern Promises (2007)
The Irishman (2018)
Goodfellas (1990)
Public Enemy (2009)
Gotti (1996)
Gotti (2018)

 

 

War Movies

Atonement (2007)
Saving Private Ryan (1998)
Full metal jacket (1987)
Hacksaw ridge (2016)
Valkyrie (2008)
War Horse (2011)
Enemy at the gates (2001)
The Thin Red Line (1998)
The English patient (1996)
Downfall (2004)

 

 

Western Movies

The Good, the Bad and the Ugly (1966)
Once Upon a Time in the West (1968)
The Ballad of Buster Scruggs (2018)
Dances with Wolves (1990)
Butch Cassidy and the Sundance Kid (1969)
The Searchers (1956)
The Man Who Shot Liberty Valance (1962)
The Assassination of Jesse James by the Cowered Robert Ford (2007)
The Wild Punch (1969)
Ned Kelly (2003)
Django Unchained (2012)

 

 

Time Travel Movies

Back to the future 1, 2 and 3 (1985-1989)
12 Monkeys (1995)
Looper (2012)
Predestination (2014)
About Time (2013)
The Lake House (2006)
The Jacket (2005)
The Time Traveler’s Wife (2009)
The Butterfly Effect (2004)
Groundhog Day (1993)
Midnight in Paris (2011)

 

 

Zombies and Post-Apocalyptic Movies:

The Road (2009)
The Book of Eli (2010)
I’m Legend (2007)
28 Days Later (2002)
28 Weeks Later (2007)
Mad Max (all parts)
World War Z (2013)
After Earth (2013)
Shaun of the Dead (2004)
Snowpiercer (2013)
Escape from New York (1981)
Escape from L.A (1996)
Children of Men (2006)
Blindness (2008)
Resident Evil (all parts)
The Quiet Earth (1985)
Seeking a Friend for the End of the World (2012)
The Mist (2007)
Down of the Dead (2004)
A Boy and his Dog (1975)
Zombieland (2009)
Zombieland: Double tap (2019)

 

 

Outside of Hollywood Movies

Image Source: https://www.ladbible.com
The Lives of Others (2006)
Never Look Back (2018)
The Secret in Their Eyes (2009)
Wild Tales (2014)
City of God (2002)
Cinema Paradiso (1988)
Malena (2000)
8-8-1/2 (1963)
Y Tu Mama Tambien (2001)
The 400 Blows (1959)
Incendies (2010)
Son of Soul (2015)
The Sea Inside (2004)
Hunt (2012)
Ida (2013)
Cold War (2018)
In a Better World (2010)
Hero (2002)
In the Mood for Love (2000)
Yi Yi (2000)
Train to Busan (2016)
Short Film about Love (1988)
El Sur(1983)
The Spirit of the Beehive (1973)
Wild Strawberries (1957)
Life is Beautiful (1997)
Oldboy (2003)
The last Emperor (1987)
It’s Hard to Be Human (Trilogy)
Songs from Second Floor (2001)
You, The Living (2007)
A Pigeon Sat on a Branch Reflecting on Existence (2014)
Underground (1995)

Citrus ජාතියට සේවය කිරීමට සූදානම් – දිලිත් ජයවීර

Covid–19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa හෝටලය තාවකාලිකව ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ති‌‌බෙනවා.

ජාතියක් සහ ලෝකයක් වශයෙන් මුහුණ දී සිටින වර්තමාන අර්බුදය සැලකිල්ලට ගනිමින් Citrus Waskaduwa (Waskaduwa Beach Resort PLC) හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන තිබුණා.

මෙහිදී Citrus සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වැඩිදුටරත් පවසන්නේ මේ වන විට සිය හෝටල්වල කාමර වෙන්කර ගැනීම් අවම මට්ටමකට වැටී ඇති අතර ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් සැලකිල්ලට ගනිමින් නුදුරු අනාගතයේ දී එය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි.

සංචාරක අංශය මුහුණ දී ඇති ව්‍යසනකාරී බලපෑමට අමතරව, රටේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද ධෛර්ය සම්පන්න උත්සාහය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනු ලැබුවා.

මෙහිදී Citrus අධ්‍යක්ෂ මණ්ඩලය පවසන්නේ, බලධාරීන් විසින් මෙම නිකේතනය තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් බවට යොදා ගැනීමෙන් අනතුරුව, එහි මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට පෙර, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුගත වෙමින් මෙම පරිශ්‍රය මුළුමනින්ම පවිත්‍ර කරනු ලබන බවයි.

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන Waskaduwa Beach Resort PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීරණය 2020 මාර්තු 23 සඳුදා දිනයේ දී කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමට නියමිත තිබෙනවා.

Brunch එකට යන්න හොඳම තැන Bistro82

බෞද්ධාලෝක මාවතේ තිබෙන Bistro82 ඔබට හොඳ lunch එකක් හෝ brunch එක ගන්න කියාපුම තැන. Eggs Benedict සිට French toast දක්වා සහ සෞඛ්‍ය සම්පන්න Granola ප්‍රණීත ආහාරයක් දක්වා ආහාර වර්ග Bistro82 එකට ගියොත් ඔයාට රස විඳින්න පුළුවන් .

 

 

Drinks

Caramel Macchiato (LKR 700)

මම උත්සාහ කළ හොඳම Caramel Macchiatos වලින් එකක් කිව්වොත් හරියටම හරි! මම කෝපි වලට ගොඩක් කැමති නිසා මේ Drink එකට මම ගොඩක් කැමති වුණා. ඔයා කෝපි වලට ගොඩක් කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ Caramel Macchiato එක try කරලා බලන්න.

 

 

Chocolate Cookie Frappe (LKR 700)

Oreo cookies වලින් පුරවා ඇති රසවත් Chocolate-y goodness එක ඇත්තටම දිව්‍යමය පානයක් වගේ. Drink එකේ බිදුවක් නෑරම cookies රස දැනුණ නිසා drink එකට මම 10/10 ම දෙනවා.

 

 

Mains

Granola Bowl (LKR 800)

 

Bistro82 එකේ තිබෙන Granola Bowl එක නම් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්. Sweet, rich සහ smooth vanilla yogurt,almond granola වලින් topping කරලා , blueberries සහ pumpkin seeds එක්ක තමා මේ bowl එක පිළිගන්වන්නේ . granola සහ pumpkin seeds හැපෙනසුළු බවක් එක් කළා වගේම blueberries නිසා රසය තවත් ඉස්මතු වුණා. ඔබ නිරෝගීව හෝ සෞඛ්‍ය සම්පන්නව සිටීමට උත්සාහ කරනවානම් මේ Granola Bowl එක අනිවාර්යයෙන්  try කරලා බලන්න.

 

 

French Toast (LKR 700)

maple syrup වල ගල්වලා දෙන මේ toast එක ඇත්තටම මතක් වෙනකොටත් කටට කෙල උනනවා . ඒ වගේම Blueberry වලින් සරසලා ගේන මේ toast එක ඇස් දෙකත් පිනවනවා. ඔයාට පුළුවන් යාළුවො එක්ක කයියක් දාන ගමන් මේ French Toast එකේ රස බලන්න.

 

 

Spicy Beef and Cheese Panini (LKR 900)

French Toast එක ආහාරයට අරන් ඉවරවුණු මට මේ Spicy Beef and Cheese Panini එක වෙනසක් එකතු කළා කිව්වොතින් හරි. Panini bread හැපෙනසුළු වූ අතර tender මස් සහ කුළුබඩු මේ dish එක සමබර කළා. ඒ වගේම cheesy ගතිය හොඳටම තිබුණා. අපිට කුළුබඩු එක්ක තියෙන්නේ ලොකු බැදීමක් නිසා ඕන කෙනෙක් අනිවාර්යයෙන් මේ dish එකට කැමති වෙනවා.

 

 

Desserts

Blueberry Cheesecake (LKR 600)

 

 

වැඩිය පැණිරස වුණේ නැති එක සහ ක්‍රීම් චීස්වල රසය හොඳටම තිබුණ නිසා Blueberry Cheesecake එකට මම ගොඩක් කැමති වුණා. Cheesecake උඩට දාලා තිබුණ Blueberry topping එක cake එකේ පැණි රස නියමට balance කළා.

 

 

Double Chocolate Brownie (LKR 300)

කණගාටුවට කරුණ තමයි මේ brownie එකනම් රස වුණේ නැහැ. මම ආස විදිහට Chocolate රසය තිබුණේ නැති නිසා මම මේ dessert එකට වැඩිය කැමති වුණේ නැහැ.

 

 

Ambience


Bistro82 එකේ ඇතුළත ප්‍රසන්න, සුවපහසු සහ ඉතා සිසිල් ස්භාවයක් තමයි ගත්තේ. කට්ටියත් එක්ක එකතු වෙලා කතා කරන ගමන් ආහාර රස විදින්න කියාපු තැනක් මෙතන .සේවාව තරමක් කාර්යක්ෂමයි වගේම කාර්ය මණ්ඩලය ඉතා මිත්‍රශීලී සහ උපකාරී අය වුණා.

 

අප කළ යුතු සහ නොකළ යුතු දේ – COVID-19

වර්තමානයේ ලොව පුරා පැතිර යන වසංගතයත් සමඟ ශ්‍රී ලංකා බලධාරීන් COVID-19 වෛරසයෙන් ජනගහනය ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන තිබෙනවා . පාසල් සහ විශ්ව විද්‍යාල මේ වෙනකොට වසා දමා තිබෙනවා. ඒ වගේම මාර්තු 20 සිට 27 දක්වා රජයේ සහ පෞද්ගලික අංශයන්ට නිවසේ සිට රාජකාරිවල නිරතවෙන ලෙස දැනුම් දී තිබෙනවා.

 

  • ඔබේ අත් නිතර නිතර හා අවම වශයෙන් තත්පර 20 ක් සබන් හා වතුරෙන් සේදීම මගින් ඔබේ අත්වල රැඳී ඇති වෛරසය විනාශ වෙනවා. ඒ වගේම ඔබේ නියපොතු හොඳින් පිරිසිදු කිරීමට වගබලාගන්න . sanitizer භාවිතා කිරීමේ දී 60 % වඩා alcohol ප්‍රමාණයක් අඩංගු sanitizer එකක් භාවිතා කරන්න. ඔබගේ දුරකථනය නිතර පිරිසිදු කරන්න.

 

  • පොදු ස්ථානවල ගැවසීමේදී ඔබේ මුහුණ, කට සහ නාසය ස්පර්ශ කිරීමෙන් වළකින්න. කැස්ස හෝ කිවිසුම් යැවීමේදී ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියක් හෝ අතෙහි වැලමිට ඇතුල් ප්‍රදේශය භාවිතා කරන්න . ඔබ භාවිතා කරන නාන කාමරය, කෝප්ප, පිඟන් හොඳින් සෝදන්න.වෛරසය ප්ලාස්ටික් සහ මල නොබැඳෙන වානේ වැනි දෘඩ පෘෂ්ඨ මත පැය 72 ක් දක්වා පැවතීමට හැකියාව තිබෙනවා

 

  • පුද්ගලයින් පිරිසක් සමග ගැවසෙන්න යන්න එපා. පුළුවන් තරම් හුදකලාව නිවසට වී සිටින්න ක්‍රියාකරන්න. ඔබට අවශ්‍ය ඖෂධ සති කිහිපයකට මිලදී ගන්න. ප්‍රතිශක්තීකරණයට අවශ්‍ය මල්ටිවිටමින් භාවිතා කරන්න. රතු ළුණු, පොලොස්, සුදු ළුණු ,නිවිති, පැගිරි කුලේ පළතුරු, ඉඟුරු, බ්‍රොකලි, යෝගට්, ආමන්ඩ්, ගස්ලබු කහ කිවි, දෙළුම්, කොමඩු වැනි ප්‍රතිශක්තීකරණය වඩවන ආහාර පරිභොජනයට ගන්න. හැකිතරම් වතුර බොන්න. සීනි භාවිතය අවම කරන්න . ඒ වගේම දුම් පානය නවත්වන්න.

 

  • ප්‍රතිශක්තීකරණය වැඩි කරගන්න හොඳ නින්දක් අවශ්‍ය වෙනවා. තමන්ගේ වැඩකටයුතු කළමනාකරණය කරගන හොඳ නින්දක් ලබා ගන්න මතක තියාගන්න.

 

  • ස්කයිප් රැස්වීම් හෝ දුරකථන සංවාද හරහා ඔබට ලබා දෙන උපදෙස් සමඟ රැකියාවට අදාල කාර්යයන් සිදුකරන්න.

 

  • අනාථ නිවාස සහ අවශ්‍යතා ඇති අයට ඔබේ ඇඳුම් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න. ඔබේ කාමරය නිතිපතා පිරිසිදු කර හොඳ සනීපාරක්ෂාවක් අනුගමනය කරන්න.

 

  • හිසරදය, උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්වනවා නම් ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමුවෙන්න. රජය විසින් 1999 දුරකථන අංකය හරහා ඔබට භාෂා තුනෙන්ම පැය 24 පුරවාටම හදිසි අමතුම් සේවාව ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම 117 අංකය හරහා පැය 24 පුරවාටම සහය සේවාවක් ලබා දී තිබෙනවා. 0710 107 107 සහ 011 307 1073 අංක හරහා පැය 24 පුරාවට හදිසි සේවාව ලබා දී තිබෙනවා.

 

කරුණාකර හදිසි තත්වය පහව යන තුරු ඔබ ගෘහස්ථව, ආරක්ෂිතව රැඳී සිටින්න. මේ අවස්ථාවේ දී අන්අය සහ තමන් වෙනුවෙන් වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරන්න. නිරෝධනයට ලක්වන්න අනිසි බියක් ඇති නොකරගන්න.

අපේ කඩවසම් තලෙළු කොල්ලන්ට ලස්සනට අඳින්න tips මෙන්න….

ලංකාවේ ඉන්න අයගේ සමේ පාට ගැන නිරීක්ෂණය කරලා බැලුවාම මධ්‍යස්ථ වශයෙන් ඉන්නේ තලෙළු අයනේ. ඉතින් අපිට ලැබිලා තියන මේ හමේ පාට ලෝකේ අනිත් රටවල මිනිස්සු බොහොමයක් අගය කරනවා. විශේෂයෙන්ම මේ තලෙළු පාට අපේ කොල්ලන්ගේ කඩවසම් බව ඉස්මතු කරලා පෙන්වනවා. මේ ලැබිලා තියෙන හමේ පාටත් එක්ක ආවේණික වර්ණයන් සහිත ඇදුම් ඇදීමේ හැකියාව තිබෙනවා.ඒ් වගේම ඔයා කොච්චර කඩවසම් ද කියලා ලෝකයට පෙන්වන්න ඇදුම් තෝරාගන්නකොට මේ දේවල් අනුගමනය කරන්න අමතක කරන්න එපා.

  • Sorbet වර්ණ තමා ඔයාට ගැලපෙන හොදම වර්ණ.
    ඔයාට ලැබිලා තියෙන මේ තලෙළු හමේ තිබෙන ස්භාවිකත්වය තවත් පෙන්වන්න sorbet වර්ණාවලියට අයත් වන lemon, yellow,powder blue, peach—you, my man යන වර්ණයන්ගෙන් යුතු ඇදුම් තෝරාගන්න.

 

  • අනිවාර්යයෙන් මේ දේ මතක තියාගන්න. තියුණු වර්ණ ඔබට ගැලපෙන්නේ නැහැ.ඒ නිසා තියුණු වර්ණ භාවිතය නවත්වන්න. තලෙළු හමේ තිබෙන දීප්තිය සුදු වැනි දීප්තිමත් වර්ණ වලින් අඩු කරනවා. ඔයාගේ පෙනුම අවුල් සහගත තත්වයකට පත්කරනවා. ඒ නිසා ඔයාට ඔයාගෙ පෙනුම වැඩි කරගන්න උවමනානම් ඉහතින් සදහන් කල වර්ණ ඇති ඇදුම් මිළදී ගන්න පුරැදු වෙන්න.

 

  • Quirky socks නිශ්පාදනය කරලා තියෙන්නෙ ඔයාලා වෙනුවෙන්මයි. මේ මගින් ඔයාගේ පාද ඔපවත් කරලා පෙන්වනවා. ඔයාගෙ ආසම පාවහන් සමග Quirky socks පැළදීම මගින් ආකර්ශණය යොමු කරවාගන්න කොල්ලනේ ඔන්න ඔයාලට හැකියාව තියනවා.

 

  • Classic style ඔබට වඩාත් ගැලපෙනවා. Sorbet වර්ණ සමග ඔබට Classic style එකට dress කරන්න. එතකොට ඔයාව ගොඩක් සරාගී විදිහට ලෝකයාට පෙන්වන්න පුළුවන්.

 

  • කෙල්ලො වගේම කොල්ලොත් කැමතී ACCESSORIES වලට. ගොඩක් පිරිමි අය කැමති විවිධ වර්ගයේ අත්ඔරලෝසු පළදින්න. ඔයා තලෙළු හමකින් යුතු කෙනෙක් නිසා රත්තරන් හෝ රිදී ආලේපිත අත්ඔරලෝසු භාවිතා කරන්න. ඔයා sporty watches භාවිතා කරන
    කෙනෙක්නම් සුදු පාට පසුබිමක් ඇති මුහුණක් සහිත sporty watches භාවිතා කරන්න.

  • තලෙළු හමට අනිවාර්යයෙන් තමන්ගේ hair color එකත් වැදගත් වෙනවා. Golden brown සමග red highlights ඒ වගේම Flame red වැනි hair color මගින් ඔයාට පුළුවන් තමන්ට ලැබිලා තියෙන තලෙළු වර්ණය තවත් ඉස්මතු කරලා පෙන්වන්න.

ඉතින් මේ දෙවල් ටික අපේ කඩවසම් කොල්ලො ටික try කරලා බලන්නකෝ. ඔයාලට අනිවාර්යයෙන් පුළුවන් වේවි ලැබිලා තියෙන හමේ වර්ණයත් එක්ක ගොඩක් සරාගී විදියට කා අතරත් කැපී පෙනෙන කෙනෙක් බවට පත්වෙන්න.මොකද අපි ඉපදිලා තියෙන්නේ ලෝකෙ තියෙන අවිහිංසකම සහ ලස්සනම වර්ණයත් එක්ක.