හතර වටෙන් ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන ස්භාවික දේවල් මෙන්න…

ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන ස්භාවික දේවල් මෙන්න…

2020 Mar 25

අපි හැමෝම දන්නවා සමහර ආහාර වලට පුළුවන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න. ඒ වගේ ආහාර ඔයාගේ ශරීරය පෝෂණය කරනවා වගේම COVID-19 පැතිරී යන මේ වගේ කාලයකදී දිනපතාම ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන්න ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වර්තමාන තත්වයට ගැළපෙන්න ඔයාගේ එදිනෙදා ආහාර වේල සැලසුම් කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන කෑම වර්ග ලැයිස්තුවක් gasma.lk ඔයාලා වෙනුවෙන්ම අරන් ආවා.

 

 

පැඟිරි කුලයේ පළතුරු

විටමින් c අඩංගු මේ පළතුරු සෙම්ප්‍රතිශ්‍යාවට පිළියමක් විදහට අපි කොයි කවුරු අතරත් ප්‍රසිද්ධයි. මොකද විටමින් සී ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට උදව් වෙනවා වගේම ආසාදන වලට එරෙහිව සටන් කරන්න ඉතාම වැදගත් දෙයක් වෙන සුදු රුධිරාණු නිෂ්පාදනය වැඩි කරන්නත් උදවු වෙනවා. දොඩම්, ලෙමන් සහ දෙහි කියන්නේ ඔයාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් පැඟිරි කුලයේ පළතුරු කිහිපයක්.

 

 

රතු බෙල් පෙපර්

පැඟිරි පලතුරු වල විටමින් සී තියෙනවා කියලා අපි කොයි කවුරුත් දන්නවා වුණාට රතු බෙල් පෙපර් වල ඔය හැම පැඟිරි ගෙඩියකටම වඩා දෙගුණයක් විටමින් සී අඩංගුයි කියලා කිවුවොත් ඒක ටිකක් නුපුරුදුයි වගේ නේද ? ඒ වගේම බෙටා කැරොටිනුත් මේ රතු බෙල් පෙපර් වල අඩංගු වෙනවා. ඔයාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා විතරක් නෙමෙයි මේ විටමින් c වලට පුළුවන් නීරෝගී සමක් පවත්වාගෙන යන්න උදවු කරන්න සහ මේ බෙටා කැරොටින් වලට පුළුවන් ඔයාගේ ඇස් වගේම සමත් නීරෝගීව පවත්වාගෙන යන්න ඔයාට උදව් කරන්න.

 

 

සුදුළූණු

සුදුළූණු වල තියෙන ප්‍රතිශක්තිකරණ ගුණ වැඩි කිරීමේ ගුණය ගැන නම් පරම්පරා ගණනාවක් තිස්සේ අපේ මුතුන් මිත්තන් කතා බහ කරනවා අපිට ඇහිලා තියෙනවා. ඒ වගේම ඒවාට බැක්ටීරීයා, වෛරස් සහ දිලීර විනාශ කරන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙන බවත් අපි දන්නා කාරණාවක්. සෙම් රෝග වලට,උණට විතරක්ම නෙමෙයි මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන COVID-19 ආසාදනය වීම අඩු කරන්නත් සුදුළූණු වලට හැකියාවක් තියෙනවා.

 

 

ඉඟුරු

ඔයාට සෙම,හෙම්බිරිස්සාව හැදිලා තියෙන වෙලාවට කීපාරක් නම් ඔයාගේ අත්තම්මා ඔයාට කියලා ඇතිද ඉඟුරු තේ එකක් බොන්න කියලා? මං හිතන විදිහට නම් ගොඩක් සැරයක්. ඔව් එයාලා වැරදි නැහැ. ඉඟුරු වලට උගුරේ අමාරුව දැවිල්ල වගේ ලෙඩ රෝග අඩු කරන්න පුළුවන්. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බාධාවක් වෙන ලෙඩ රෝග ගොඩකට ප්‍රතිකාරයක් විදිහට ඔයාට ඉඟුරුපාවිච්චි කරන්න පුළුවන්.

 

 

නිවිති

විටමින් ඒ, විටමින් සී, ෆෝලේට්, තන්තු, මැග්නීසියම් සහ යකඩ වගේ විටමින් සහ ඛනිජ අඩංගු නිසාම නිවිති කියන්නෙත් මේ දවස්වලට හරියනම කෑමක්. නිවිති වලින් සෛල වගේම DNA අලුත්වැඩියා කරලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහල නංවන්න ඕනේ වෙන පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට ලබා දෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕනේ කාරණාව තමයි නිවිති අමුවෙන් හෝ පොඩ්ඩක් පිසලා ආහාරයට ගත්තොත් ඒවායේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ඒ විදිහටම ආරක්ෂා කරගන්න පුළුවන්.

 

 

යෝගට්

යෝගට් කියන්නේ විටමින් D හොඳටම අඩංගු ආහාරයක්. මොකද රෝග වලට එරෙහිව සටන් කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න මේ විටමින් D ලොකු උදව්ක් වෙනවා. යෝගට් මිලදී ගන්නකොට සොයා බලන්න ඕනේ කාරණාවක් තමයි ඒවායේ තියෙන “live and active cultures” ලේබල් එක. මොකද ඒවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරගන්න ගොඩක් වැදගත් වෙන නිසා. ගොඩක් සීනි දාල තියෙන එක එක රසවල් වල යෝගට් ගන්නවා වෙනුවට සෞඛ්‍ය සම්පන්න පලතුරු යුෂ සහ මී පැණි එකතු කරලා වුණත් ඔයාට පුළුවන් මේ යෝගට් රසගන්වගන්න.

 

 

කහ

ශ්‍රී ලාංකිකයන් විදිහට කහ කියන්නේ නම් අපිට හුරුපුරුදු නැති දෙයක් නෙමෙයි. හොඳ රසවත් පාටක් එකතු කරන නිසා අපි එදිනෙදා ගෙදර හදන හැම හොද්දකටම කහ එකතු කලත්, අපි වැඩි දෙනෙක් නොදන්නා කාරණාවක් තමයි මේ කුළුබඩුව ඔස්ටියෝ ආතරයිටිස් සහ රූමැටොයිඩ් ආතරයිටිස් වගේ රෝග වලට ප්‍රතිකාර කරන්න පරම්පරා ගානක් තිස්සේ පාවිච්චි කරලා තියෙන දෙයක් බව . ඒ වගේම කහ වලට ඒ දීප්තිමත් පාට ලබාදෙන curcumin ගොඩක් ආහාරයට ගත්තොත් ව්‍යායාම වලින් මාංශ පේශි වලට වෙන හානිය අඩු කරගන්නත් පුළුවන්.

 

 

ග්‍රීන් ටී

අපි හැමෝම තේ බොනවා.අපි උදේම නැගිටපු ගමන් වගේම හවසට පවුලේ අයත් එක්ක එකට එකතුවෙලා තේ බොන එක ශ්‍රී ලංකික අපිට එක දවසක්වත් මග අරින්න අමාරු දෙයක් වෙලා තියෙනවා. හැබැයි ඔයා ඔය හැමදාම උදේට හවසට බොන කිරි තේ එක නම් ඔයාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය පවත්වාගෙන යන්න ලොකු උදවුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට ග්‍රීන් ටී බීලා බලන්න.පොලිෆෙනෝල් සහ ෆ්ලේවනොයිඩ්ස්, ප්‍රතිඔක්සිකාරක වලින් පිරිලා තියෙන ග්‍රීන් ටී ඔයාගේ ඒ වැඩේට උදවුවක් වෙයි.ඒ වගේම තමයි ග්‍රීන් ටී කියන්නේ ඇමයිනෝ අම්ල L-theanine වලින් පොහොසත් බීමක් නිසාම ඔයාගේ ශරීරයේ විශබීජ එක්ක සටන් කරන්න අවශ්‍ය වෙන T-cells පවත්වාගෙන යන්නත් මේ ග්‍රීන් ටී උදවුවක් වෙයි.

 

 

ගස්ලබු

විටමින් C පිරිලා තියෙන පළතුරක් වෙන ගස්ලබු කියන්නේ අපි හැමෝම දන්නා,ආස කරන පළතුරක්. ඒ එක ගස්ලබු ගෙඩියක දවසකට අපේ ශරීරයට අවශ්‍ය විටමින් C ප්‍රමාණයෙන් 224% අඩංගු වෙලා තියෙනවා. ආහාර ජීර්ණ එන්සයිමයක්ද මේ ගස්ලබු වල තියෙනවා.ඔයාගේ සම්පුර්ණ සෞඛ්‍යයට හිතකර පොටෑසියම්, බී විටමින් සහ ෆෝලේට් ද මේ ගස්ලබු වල අඩංගු වෙලා තියෙනවා.

 

 

කොමඩු

ප්‍රතිශක්තිය වැඩි කරන කැලරි අඩු කොමඩු වල පොටෑසියම්, විටමින් ඒ, විටමින් සී, විටමින් බී 6 සහ ග්ලූටතයෝන් අඩංගු වෙලා තියෙනවා.ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා මේ විටමින්, පෝෂ්‍ය පදාර්ථ හා ග්ලූටතයෝන් වැනි සංයෝග ශරීරයට ගොඩක් අවශ්‍ය වෙනවා.

 

 

කුකුළු මස්

ඔයා ලෙඩ ඇඳේ ඉන්නකොට අම්මා හදල දෙන කුකුළු මස් සුප් එකට විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා කියල අද ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇත්තටම විටමින් බී 6 ඉහළ මට්ටමක තියෙන මේ කුකුල් මස් අවුන්ස 3 කින් ඔයාට දවසකට අවශ්‍ය විටමින් බී 6 ප්‍රමාණයෙන් සියයට 40-50 අතර ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම අලුත් හා සෞඛ්‍ය සම්පන්න රතු රුධිර සෛල උත්පාදනය කරන්නත් මේවා ඉතා වැදගත් වෙනවා.කුකුළු මස් ඇටකටු වලින් ගන්න stock වල ජෙලටින් සහ අනෙකුත් වැදගත් පෝෂ්‍ය පදාර්ථ අඩංගුයි වගේම ඒවා ඔයාගේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්න වගේම බඩවැල් සුව කරන්නද උදවුවක් වෙනවා.

 

 

බතල

විටමින් ඒ සහ විටමින් සී අඩංගු වෙලා තියෙන බතල හොඳ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියකට වගේම ඔයාගේ සමටද ඉතා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් බතල වල ඔයාට දවසකට ඕනෑ වෙන විටමින් A වලින් 120% ක් සහ විටමින් C 30% ක් අඩංගු වෙලා තියෙනවා. කොලෙස්ටරෝල් රහිත, මේද රහිත සහ තන්තු සහිත ආහාරයක් වෙන බතල වලින් ඔයාගේ ප්‍රතිශක්තිකරණයට ඕනේ වෙන විටමින් ගොඩක් ලබාගන්න පුළුවන්.

මේ Covid -19 පැතිර යාමත් එක්ක හරි ආහාර පුරුදු ඇති කරගන්න එක ගොඩක් වැදගත් කාරණාවක්. ඒ නිසා, ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියත් සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යන එක ඉතා වැදගත්. ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න මේ අපි කතාකරපු මේ පෝෂ්‍යදායි අහාර ලොකු උදවුවක් වේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here