රස ගැස්ම රසවත් ඉන්දියානු ආහාර කෑම වේලකට කොළඹ රාමඩා හෝටලයේ Alhambra අවන්හලට යන්න

රසවත් ඉන්දියානු ආහාර කෑම වේලකට කොළඹ රාමඩා හෝටලයේ Alhambra අවන්හලට යන්න

2019 Jul 25

Open Time:

12.00 pm - 3.00 pm, 7.00 pm - 11.00 pm

Address

30 Sir Mohamed Macan Markar Mawatha, Colombo 03

directions

Contact No

0112 422 001

Menu

රමඩා වල උතුරු ඉන්දියානු අවන්හල එහෙමත් නැත්නම් Alhambra වලට ඇතුල් වෙනකොටම එහි සිත් ඇදගන්නා සුළු බව හා උත්කර්ශවත් බව ඔබව සතුට පත් කරාවි. වෙන තැනකට සමාන කරන්න බැරි රසවත් ආහාර වේලක් වගේම හිතවත් සත්කාරකත්වයක් අපි එහිදී අත්වින්ඳා.

කොළඹ අවට තියෙන ප්‍රධාන ඉන්දියන් අවන්හල් අතරින් එකක් වුනු Alhambra, 1974 දී ආරම්භ වුණු, වසර ගණනාවක් පුරාවට දියුණු කරපු ආහාර වට්ටෝරු වලින් සමන්විතයි. ඔවුන්ගේ මේ විවිධවූ ආහාර වට්ටෝරු, සම්ප්‍රදායික උතුරු ඉන්දීය ආහාර අත්දැකීමක් ඔබට ලබාදීම සදහා එකින් එකකට වෙනස්වූ දිව පිනායන ආහාර පිලිගැන්වීම් රාශියක එකතුවක්. Alhambra වල සියලුම ආහාර සැකසීම එහි සිටින ඉන්දීය සූපවේදීන් අතිනුයි සිදුවෙන්නෙ. මේ ආහාර නිමවෙන්නේ ප්‍රවීන සූපවේදී, Chef සිංග් අතින්. සැබෑ ඉන්දීය රසය සොයන ඔබට, සම්ප්‍රදායික ඉන්දීය ආහාර අත්දැකීමක් වෙනුවෙන් කොළඹ තියෙන හොදම නැවතුමක් තමයි Alhambra කියලා කියන්නේ.

බීම වර්ග

Mango Lassi -Rs 400

මෙය ඉතා රසවත් කිරි රස පිරුණු උකු ගතියෙන් යුක්ත Mango Lassi එකක්. උස වීදුරුවක පිලිගන්වන මෙහි අඹ වල පැණි රස හොඳටම තියෙනවා. ඔවුන්ම නිපදවපු යෝගට් වල කිරි රසට මේ ලැසී එක එකතු කරලා තියෙන නිසා අමුතු රසවත් බවක් එක් කරලා තියෙනවා. මේ ලැසී එක බීලා ඉවර වුනාම දැනෙන ඇඹුල් රස නිසාත් ලැසී එකේ පැණිරස බැලන්ස් වෙන්නේ අපූරු රසයක් එකතු කරමින්.

Starters

Murgh Tikka – Rs 975

සම්ප්‍රදායික තන්දූරි අවන් එකේ පිලියෙල වෙන චිකන් ටික්කා එක පිලිගන්වන්නේ රසවත් පොඩ්ඩක් විතර ඇඹුල් රස රයිටා පේස්ට් එක්ක. චිකන් එක යෝගට් වලින් හොඳට පදම් කරලා රසවත් දීසියක් ලෙස පිලිගන්වනවා. ඇත්තටම මේ රසය තවත් වැඩි වෙන්නේ, තන්දුරි අවන් එකෙන් එකතු වෙන අපූරු රසයත් නිසා.

Hara Bhara Kebab – Rs 750

මෙනු එකේ තිබුනු ස්ටාටර්ස් වලින් මගේ ප්‍රියතම තේරීම තමයි Hara Bhara Kebab. එළවළු වලින් සකස් වුන නිර්මාංශ Starters එකක් වීම මේකෙ තියෙන විශේෂත්වයක්. ග්‍රීන් පීස්, කජු, වියළි මිදි එකතු කරලා තිබුණ නිසා එළවළු පැටී එකට අමුතුම රසයක් එකතු කරනවා. සුදු ළූණු, කජු බැදුම ගාර්නිෂ් එක අමුතු රසක් එක් කළා. ඒ වගේම කෙබාබ් එක්ක පිලිගන්වන මිංචි චට්නි එක මුළු දීසියටම අලුත් රසයක් ගෙන ආවා.

Pattiwala Samosa – Rs 400

පිටින් කර කර ගාලා හැපෙන, ඇතුලින් මෘදු මේ සමෝසා එක දැකපු ගමන් කන්න හිතෙන දෙයක්. අල තෙම්පරාදුව පිරුණු මේ සමෝසා පිලිගන්වන්නේ පොඩි පැණි රසක් තියෙන චට්නි එකකුත් එක්ක. මේ Pattiwala Samosa දීසිය ඔබේ රස දිව පිනා යන ආහාර අත්දැකීමක් වෙන බවට නම් සැකයක් නැහැ.

ප්‍රධාන ආහාර

Naan & Parata – Rs 220

අපට පිලිගන්වපු නාන් වර්ග අතර ගර්ලික් නාන් වල ඉදන් සේවරි නාන් වර්ග වෙනකම් ලොකු වට්ටෝරුවක් තිබුනා. හැම නාන් එකකම තිබූ ක්‍රිස්පි මතුපිට, ඇතුලත මෘදු බව අපූරු රසක් එක් කළා. මැටි වලින් හදපු උදුනක තමයි මේ නාන් සකස් කරන්නේ. ඒ නිසා නාන් වල රසය වැඩි කරන්න වගේම නැවුම් රසක් එකතු කරන්නත් මේ මැටි අවන් එක හේතු වෙලා තියෙනවා. විවිධ වර්ග වල නාන් විශේෂ වල තියෙන්නේ වෙනස් වූ ආවේණික රසයන්. ප්ලේන් නාන් එකේ ඇති නැවුම් රසයත්, ගාර්ලික් නාන් එකට ආවේනික වෙච්ච අපූරු රසයත් සහ සුවඳත්, සේවරි නාන් එක නමෙන් කියවෙන විදියටම ස්වාභාවික කුළුබඩු එකතුවෙන් එන ආවේණික රසයත්, චිලී පරාටා වල සැර ගතියත්, මෙනු එකට ලොකු විවිධත්වයක් එකතු කරලා තියෙනවා.

Chicken Biriyani – Rs 950

Alhambra වල බිරියානි එක වෙනස්ම අත්දැකීමක්. ඒ වගේම මම රසවිඳපු හොඳම බිරියානි වලින් එකක්. රසයන් ගොඩක එකතුවක් වෙච්ච, සුවදින් පිරුණු මේ බිරියානි පදමට සකස් වුන කදිම ආහාර වේලක්. චිකන් වගේම වියළි මිදි, කජු මද එක්ක රසට හැපෙන බිරියානි දීසියක් කියන්නෙ, හැම අතින්ම සම්පූර්ණ වෙච්ච රසවත් බවේ උපරිමයක් කිව්වොත් හරි. බිරියානි පිලිගන්වන්නේ චට්නි, කජු මද සහ බොංචි එක්ක විතරක් නෙවෙයි සම්පූර්ණ වටලප්පම් එකකුත් එක්ක. කට්ටියත් එක්ක අමතක නොවන සුපිරි බිරියානි අත්දැකීමක රසය විඳගන්න නම් Alhambra තරම් සුදුසු වෙන තැනක් කොළඹ අවටනම් නැහැ.

Thaali- Rs 1300

විවිධ වර්ග වල ආහාර රාශියක එකතුවක් වෙච්ච Thaali, අතිශයින් අලංකාර ආහාර දීසියක්. පරිප්පු ටඩ්කා,මට්න්, රසම්, සබ්සි, ජල්ෆ්රෙසි, මීකිරි , සලාදයක්. එළවළු සමෝසා සහ බිරියානි හරි නාන් හරි එක්ක Thaali රස විදින්න අවස්ථාව තියෙනවා. මේ එක එක ආහාර වල අවේනික විවිධ රසයන් එකට එකතුවෙලා Thaali එකෙන් ලැබෙන්නේ වෙනස්ම අලුත්ම, අපේ ශ්‍රී ලාංකික රසට හරියන දිව පිනායන රසයක්.

curry වර්ග

Dhaal Tadka – Rs 650

කුලුබඩු වර්ග ගණනාවක් එකතු කරල, පොල් කිරි, ගිතෙල් එකතුවෙන් සකස් කරපු රසවත් පරිප්පු ටඩ්කා, බත් හරි නාන් හරි එක්ක හොදින් ගැලපෙන කරි වර්ගයක්. වර්ණවත් කහපාටකුත් තියෙනවා. මේ දීසිය සැර එකක් කියල හිතුනට ඇත්තටම සැර අඩු රසවත් කරියක්.

Paneer Makhani – Rs 850

රතු පාට, ගණකම් හොදි දීසියක් එක්ක පනීර් පිලිගන්වන මකානි එක ඇත්තටම හොඳම සංයෝගයක්. සුදු ළූණු, ළූණු, මසාලා වගේ ගොඩක් කුළුබඩු සහ රසයින් රාශියක එකතුවක් වුනු පනීර් මකානි, Alhambra වල තියෙන හොදම කෑමවලින් එකක්.

Gosht Kali Mirch (Mutton) – Rs 1100

හොඳින් පදම් කරපු, කුළුබඩු වර්ග නියම පදමට යොදපු, සැර ගතියට කැමති අයට සුදුසුම දීසියක් තමයි Gosht Kali Mirch. මට්න් වලට පදමට රස එකතු වෙලා සකස් කරපු මේ කරි වර්ගය ඇත්තටම රසවත්. ඕනෑම නාන් වර්ගයක් එක්ක ගැලපෙන මේ කරිය රසයෙන් වාගේම සුවදින් හා පාටින් පරිපූර්ණයි.

Desserts

Mango Rabri – Rs 450

පැණි රසට කැමති ඔබ වෙනුවෙන්ම හදපු අතුරුපසක් තමයි මේ. Mango Rabri කිරි රසිනුත් අනූනයි. අඹ වල සහ කිරි වල පැණි රසට ලෙමන් වල ඇඹුල් රස අපූරු සංයෝගයක් එක් කරනවා. කජු, වියලි මිදි එකතුවෙන් මේ අතුරුපස තවත් රසවත් කරලා තියෙනවා.

Rice Kheer – Rs 400

ඉන්දියාවෙ විතරක් නෙවෙයි, මුලු ලෝකෙම ඉතාම ප්‍රසිද්ධ අතුරුපසක් තමයි කීර්. ආමන්ඩ් රසෙන් කිරි යහ ගුණයෙන් පිරුණු කීර් වලට උඩින් එකතු කරපු ආමන්ඩ් කැබලි, මේ අතුරුපසට තවත් රසවත් බවක් එකතු කරනවා. Alhambra වල කීර් එක පාරක් ආහාරයට ගත්තොත් ආපහු කන්න හිතෙන තරම්ම රසවත්.

Alhambra වලට යන හැමෝටම සුපිරි අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඉහලම ආරක්ෂක තත්වයෙන් යුතු මේ අවන්හල අමුත්තන්ගේ ආරක්ශාව, සුවපහසුව උපරිමයටම තහවුරු කරල තියෙන්නේ. එහි තියෙන රසවත් ආහාර වගේම සත්කාරකත්වය Ramada වල තියෙන විශේෂත්වයක්. මූගල් ගෘහනිර්මාණ ශිල්පයට විශේෂ අවධානයක් දෙමින් ඉදිකරපු Alhambra, ගෘහ භාණ්ඩයන් වල තියෙන ඉන්දීය සම්භවය පවා ඔබට සම්පූර්ණ උතුරු ඉන්දීය ආහාර අත්දැකීමක් සඳහා හොදින්ම ගැලපෙන නැවතුමක් බවට පැවසිය යුතුමයි.

Alhambra හැම සිකුරාදා දවසකම උතුරු ඉන්දීය ආහාර දීසී රාශියකින් සමන්විත රාත්‍රි බුෆේ එකක් සූදානම් කරනවා. අමුත්තන් 72කට පමණ එකට ඉඳගෙන ආහාර ගන්නට ඉඩකඩ තිබෙන Alhambra, පවුලේ හැමෝම හෝ යහළුවන් සමග හෝ එක්ව උතුරු ඉන්දීය ආහාර අත්දැකීමක් ලබන්නට සුදුසුම අවන්හලක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here