හතර වටෙන් අතරමං වෙන්නේ නැතුව පිටකොටු යන්න නම් මේ දේවල් ඔබට වැදගත් වේවි..

අතරමං වෙන්නේ නැතුව පිටකොටු යන්න නම් මේ දේවල් ඔබට වැදගත් වේවි..

2020 Jan 7

පිටකොටුව කියන්නේ ඒ කාලේ ඉදන්ම අහන්න දකින්න ලැ‌බෙන ප්‍රසිද්ධ ස්ථානයක්. මේ ස්ථානය පිළබඳව නොදන්න කෙනෙත් නැති තරම්. ගොඩක් අය දිනපතා පිටකොටුව සමග ගණුදෙනු කරත් මෙහි සිදුවන්නේ කුමක්ද යන්න හරියටම දන්නේ නැහැ. පිටකොටුවේ ඉතින් නැති දෙයක් නැහැ කියලා තමයි කතාවට බොහෝ අය කියන්නේ. පිටකොටුව වැඩිපුරම ප්‍රසිද්ධ ඒ ඒ අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයේ ​වෙළඳ භාණ්ඩවලින් පිරිලා තියෙන නිසයි .ලංකාවේ අනිත් ප්‍රදේශ වලින් හොයාගන්න බැරි දේවල් පිටකොටුවෙන් හොයාගන්න පුළුවන් වීම තමයි මෙහි තියන මූලික විශේෂත්වය . ඒ වලේම පිටකොටුවට ආවොත් ඕනම දෙයක් අඩු මිලට මිලදී ගන්න පුළුවන්.විශාල ප්‍රදේශයක් හරහා පැතිරිලා තියෙන පිටකොටුව ​සියලු වෙළඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය විදියට සලකනවා. මුල් වතාවට පිටකොටු යන කෙනෙක්ටනම් අනිවාර්යෙන් එහි ගියාම වංකගිරියකයට ගියා හා සමන අත්දැකීමකට මුහුණ දෙන්න වෙන එක සුලභ කරුණක්. නමුත් ඉතින් තම අවශ්‍යතාවන් සපුරාගන්න හොඳම වෙළඳසැල්, ලාබෙට බඩු ගන්න හරියනම තැන් හොයාගන්න වගේම හොඳම ගණුදෙනුකරුවන් හොයාගන්න පිටකොටු ගිහින් ඇවිදලම බලන්න වෙනවා. හැම පාරක්ම ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට පැහැදිලිව නම් කරලා තියෙන නිසා පිටකොටුවේ ඇවිදින ඔබ බයවෙන්න දෙයක් නම් නැහැ.

පිටකොටුවේ ​​ප්‍රධාන වීදිය සහ බෝධිරාජා වීදිය අනෙක් සියලුම වීදිවලට ​​විවෘත වන බැවින් මෙම මාර්ග පිටකොටුව තුළ ගමන් කිරීමේදී ගොඩක් වැදගත් වෙනවා. ඔබ පිටකොටුව තුළ ඇවිදින්න පාරවල් දැනගන සිටියත්, එහි යන්න එච්චරම පහසු නැහැ . ඒ නිසා මේ වැඩේට google map එක භාවිතා කරන්න පුළුවන් . එහි මාර්ග සහ විශාල වෙළඳසැල් බොහොමයක් මනාව ලේඛනගත කරලා තියෙන නිසා පිටකොටුවේ ඇවිදින්න ඔබට අපහසුවක් වන එකක් නැහැ. ඒත් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය දේ ඇති, google map එකේ පෙන්නන්නේ නැති, සැඟවුණු ස්ථාන රාශියක් තිබීමට හැකියාව තිබෙන නිසා සාප්පු සොයා ගැනීමේදී google map එකම භාවිතා කරන්නේ නැතුව ටිකක් ඇවිදලා බලන්න.

 

මැලිබන් වීදිය
පිටකොටුවෙහි ​මෙම ප්‍රදේශය ලිපි ද්‍රව්‍ය සැපයුම්, විශේෂයෙන් මංගල ආරාධනා සඳහා වඩාත් ප්‍රසිද්ධ වනවා.

 

ගැබෝස් පටුමග සහ වෙල්ස් වීදිය
බේකිං අමුද්‍රව්‍ය සහ කේක් බඳුන්, කේක් අච්චු වැනි උපකරණ රාශියක් මෙහි දී ඔබට සොයාගන්න හැකියාව තිබෙනවා.

 

ප්‍රින්ස් වීදිය
වීදුරු වලින් සාදන ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම විශේෂයෙන් කණ්නාඩි වර්ග මෙහිදි සොයාගන්න පුළුවන් . ඒ වගේම , ඔබට ඉලෙක්ට්‍රොනික් හා සෙල්ලම් බඩු ද සොයාගන්න මෙහිදී හැකියාව තිබෙනවා.

 

බෑන්ක්ෂෝල් වීදිය
මෙම වීදිය සාමාන්‍යයෙන් විවිධාකාර දේවල් වලින් සමන්විතයි. කලාකරුවන් සඳහා වන සැපයුම් සමඟ කලා සහ ශිල්පීය ද්‍රව්‍ය අලෙවි කරන සාප්පු කිහිපයක් මෙහි දකින්න ලැබෙනවා.ඒ වගේම ප්ලාස්ටික් මල් සමග ඔබට ‌ඖෂධ සහ රසායනික සැපයුම් ද සොයාගැනීමට හැකියාව තිබෙනවා.

 

ප්‍රධාන වීදිය, ඕල්කොට් මාවත, දෙවන හරස් වීදිය, කීසර් වීදිය
රෙදිපිළි කර්මාන්තයට අදාළ සෑම දෙයක්ම ප්‍රධාන විදීයෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම දෙවන හරස් වීදිය සහ කීසර් වීදිය රෙදිපිළි සම්බන්ධ සැපයුම්වලින් පිරී තිබෙන අතර ඔබට අවශ්‍ය ඕනෑම රෙදිපිළි වර්ගයන් මෙම මාර්ගවලින් සොයාගැනීමට පුළුවන්.

 

තෙවන හරස් වීදිය
මෙහිදී ඔබට තරාදි හා මිටි, ඉස්කුරුප්පු නියන් වැනි මෙවලම් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

 

චීන වීදිය
චීන වීදිය ප්‍රධාන පිටකොටු ​​ජාලයට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති අතර අනෙක් වීදි තරම් ජනාකීර්ණ නැහැ. (බොහෝ දුරට). වීදුරු භාණ්ඩ සමඟින් ඔබට බොහෝ නික්නැක්, විසිතුරු භාණ්ඩ සහ උත්සව සදහා අවශ්‍ය සැරසිලි මිලදී ගන්න හැකියාව තිබෙනවා.

 

හතරවන හරස් වීදිය
දුසිම් ගණනක් ‌තොග ආහාර අලෙවි කරන තොග වෙළඳසැල් මෙම විදියෙන් ඔබට සොයාගන්න පුළුවන්. සියලුම ආපනශාලාහිමියන් තම සැපයුම් ලබා ගැනීමට යන ස්ථානය මෙය වන අතර එම වීදියේ උදේ වරුවේ දැඩි කලබලකාරී වාතාවරණයක් දකින්නට ලැබෙනවා.

 

රෝහිණී පළමු හරස් පටුමග සහ කෝසාල පටුමග
ඔබ ලිපි ද්‍රව්‍ය, විශේෂයෙන් කඩදාසි සොයන්නේ නම් ඔබ යා යුතු ස්ථානය තමයි රෝහිණී පළමු හරස් පටුමග සහ කෝසාල පටුමග . ඒ වගේම මුද්‍රණ සැපයුම් විශාල ප්‍රමාණයක් මෙහිදී සොයාගන්න හැකියාව තිබෙනවා.

 

පළමු හරස් වීදිය
ඔබට ජංගම දුරකථනයක් තිබේ නම් හෝ එකක් මිලදී ගැනීමට වුවමනානම් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මෙම වීදියෙන් සොයාගන්න හැකියාව තිබෙනවා. ජංගම දුරකථන හැරුණු විට ඔබට වෙබ් කැමරාවන් වැනි අමතර උපාංග සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණද මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

 

මල්වත්ත පාර
සපත්තු, ලෙදර් බෑග්, සංචාරක බෑග් සහ ඒ හා සමාන දේවල් වගේම ඔබ සංයුක්ත තැටි, ඩීවීඩී සහ කැසට්පට භාවිතා කරන අයගෙන් කෙනෙක් නම්, ඒවා සොයා ගැනීම සඳහා ඔබ යා යුතු ස්ථානය තමයි මල්වත්ත පාර.

ඉතින් ඔන්න ඔයා පිටකොටු යන්න ඉන්න කෙනෙක්නම් නැත්තම් පිටකොටුව පිළිබඳව ලොකු අවබෝධයක් නැති කෙනෙක්නම් මෙන්න මේ තොරතුරු ඔබට වැදගත් වෙයි. ඉතින් ඊළඟ පාර ඔයාට අවශ්‍ය තත්වයෙන් උසස් හෝ ලාබෙට මොනවමහරි දෙයක් මිළදී ගන්න පිටකොටු යනවනම් ඔයා හරියටම දන්නවා දැන් යන්න ඕන කොහෙටද කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here