රස ගැස්ම පාට වෙනස්වෙන Mermaid Drink එක ට්‍රයි කරන්න කැමතිනම් Mitsi’s අලෙවිසැලට යන්න...

පාට වෙනස්වෙන Mermaid Drink එක ට්‍රයි කරන්න කැමතිනම් Mitsi’s අලෙවිසැලට යන්න අමතක කරන්න එපා

2019 Dec 19

Open Time:

10.00am-10.00pm

Address

One Galle Face Mall, 1A, 02 Centre Rd, Colombo

directions

At the food court with Mitsi’s

කොළඹ කියන්නේ අලුත් අලුත් දේවල් මුලින්ම මිනිස්සු අතරට එන ප්‍රධාන නගරයක් කියන එක හැමෝම දන්නවානේ. ඉතින් ඔන්න මේ වසර තුලදී කොළඹ නගරයට එකතු වූ අලුත්ම දේ තමයි One Galle Face Mall කියලා කියන්නේ. ඒ වගේම තමයි කොළඹට මෙහෙම අලුතෙන් එකතු වූ One Galle Face Mall එක මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වලත් බොහෝ සෙයින් දැකගන්නට ලැබෙනවා. ඉතින් මේ හේතුව හින්දම අපි හිතුවා මේ සතියේ One Galle Face පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. කතාවක් තියෙනවානේ කෑමක් කන්න කලින් ඇස් දෙකට දැකලා හිත පිරෙන්න ඕන කියලා .ඉතින් One Galle face ගියපු මට වුණේ අන්න ඒ දේ තමයි .මම දැන් ඔයාලට කියන්නම් දැක්ක ගමන් හිත පිරුණ ඊට පස්සේ මගේ රසනහර පිනාගිය ඒ විශේෂ දේ මොකක්ද කියලා.

මට හමුවුණු ඒ විශේෂ දේ තමයි Mermaid Drink එක. මේ ප්‍රණීත පානය ජේම්ස් සහ සින්තියා විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේම නිශ්පාදනයක් වන අතර වර්තමානයේ One Galle Face Mall තුළ ඇති Mitsi’s අලෙවිසැලෙන් ඔබට Mermaid Drink එක රසවිඳීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙම පානයේ තියන විශේෂත්වය තමයි අපි මීට කලින් ලංකාව තුළ මේ විදියේ වර්ණයක් තියෙන ඒ වගේම ඒ වර්ණය සැරින් සැරේ වෙනස්වෙන රසවත් පානයක් දැකලා නැති එක . ඉතින් දැන් ශ්‍රී ලංකාව තුළ පළමු වතාවට Blue Teas සහ වර්ණ වෙනස් කරන Lemonade පානයන් Mitsi’s අලෙවිසැලෙන් ඔබට පහසුවෙන් මිළදී ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම මම මේ Mermaid Drink එක Internet එකේ කලින් දැකලා තිබුණා. ඒ වෙලේ මේ වර්ණයන් වෙනස්වෙන අමුතු පානය බොන්න ඇත්තටම ආසවක් ඇතිවුණා. මම හිතුවේ නැහැ මට Mermaid Drink එක රසවිඳින්න අවස්ථාවක් ලැබෙයි කියලා . හැබැයි One Galle Face Mall එකේදී මට ඒ රසවත් අත්දැකීම විඳින්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මේ පානයේ වර්ණයන් වෙනස්වෙන විදිය දැක්කොත් ඔබ පුදුමයට පත් වේවි.

Blue Lemonade – LKR 450

මේ පානය ගැන කිව්වොත් ඔවුන් ළඟ තියෙන ආකර්ෂණීයම පානය විදියට Blue Lemonade පානය හඳුන්වන්න පුළුවන්. මෙම පානය කව්පි මල් තේ වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ කව්පි මල් තේ වල කිසිදු රසයක් නැහැ කියලා තමයි පැවසෙන්නේ. මේ පානයේත් විශේෂත්වය තමයි අපි බලන් ඉද්දිම මෙහි වර්ණය සෙමින් සෙමින් වෙනස් වෙනවා. ඔබ Blue Lemonade මෙහිදී මිලදී ගන්න යනවානම් මිලි ලීටර් 400ක ලොකු කප් එකක් ඔබට රස විඳින්න හම්බෙනවා.

Passion fruit – LKR 470

ඔබ පැෂන් ෆෘට් වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නම් මේ පානයට ඔබ අනිවාර්යයෙන් කැමති වේවි. පැෂන් රසය සැබවින්ම මේ තුළින් ඉස්මතු වන අතර මේ පානයේත් වර්ණයන් වෙනස්වෙනවා. හැබැයි මේ පානයෙන් කව්පි පිටි තේ වල ලොකු රසයක් දැනෙන්නේ නම් නැහැ. කව්පි පිටි තේ වල රසයක් දැනෙන්නේ නැති වුණත් Passion fruit පානය ඉතාමත් සිත්ගන්නාසුළු පානයක් විදියට හඳුන්වන්න පුළුවන්.

Strawberry – LKR 490

ස්ට්‍රෝබෙරි කියන්නේ ගොඩ දෙනෙක් ප්‍රියකරන දෙයක්. ඉතින් ඔවුන් නැවුම් ස්ට්‍රෝබෙරි භාවිතා කිරීමෙන් මෙම පානය නිර්මාණය කර තිබෙන්නේ ස්ට්‍රෝබෙරි වලට කැමති ඔයාලා වෙනුවෙන්මයි. මෙම පානයත් අනෙක් සියලුම පානයන් වගේම ගොඩක් රසවත් .

අපි හැමෝම කැමතියිනේ අළුත් කෑම බීම අත්හදා බලන්න. ඉතින් One Galle Face යන ඔබටත් මේ Mermaid Drink එක අත්හදා බලන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද මේ පානය ආකර්ෂණීය වගේම රසවත් පානයක් බව නොකියාම බැරිදෙයක්. ඉතින් මං වගේම මේ පානය රසවිඳින්න කැමැත්තක් දක්වන අයට මම කියන්නේ මේ පානය බීලම බලන්න කියලා. මට විශ්වාසයි ඔබත් අනිවාර්යයෙන්ම මේකට ගොඩක් කැමති වෙයි. මෙහි ඇති තවත් විශේෂ දෙයක් තමයි මෙම ව්‍යාපාරය ලංකාව පුරා ව්‍යාප්ත කරන්න වගේම මෙම පානයන් සඳහා යොදා ගන්නා කව්පි මල් වාණිජමය වශයෙන් ලබා දීමටත් ඔවුන් ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා කියලත් ඔවුන් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here