හතර වටෙන් තරුණ වියේදී ඇතිවෙන දද, කුෂ්ඨ රෝග වලින් ඔබත් පීඩා විඳිනවාද?

තරුණ වියේදී ඇතිවෙන දද, කුෂ්ඨ රෝග වලින් ඔබත් පීඩා විඳිනවාද?

2020 Jul 3

දැන් තරුණ පරපුරට ඇතිවෙලා තිබෙන තවත් ප්‍රශ්ණයක් තමයි තරුණ අවධියේදීම කුෂ්ඨ, දද, හොරි ඇතිවීම. මේ නිසා අධික මුත්‍රා ආසාදන ඇතිවීමද සිරුරින් දුගඳක්‌ වහනය වීමද දහදිය අධික දුර්ගන්ධයක්‌ව පැවතීම ද දකින්න පුළුවන්. මේ කුෂ්ඨ, දද, හොරි ඇතිවෙන්නේ ගුදය කිහිලි, ඉකිලි ආශ්‍රිතව වන අතර එම නිසා ගුද මුඛය කැසීම, ඉකිලි කිහිලි කැසීම එම ස්‌ථාන රත්පැහැ ගැන්වී තිබීම එහි ප්‍රතිළුලයක් ලෙස දකින්න පුළුවන්.

අපේ තරුණ අවධිය කියන්නේ ජීවතේ සුන්දරම අවධිය. මේ කාලේදී මෙහෙම රෝගයක් ඇති වුණහම කාන්තා පිරිමි දෙපාර්ශවයටම ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සම පැහැපත්ව සිත ප්‍රබෝධමත්ව සිරුර ජවසම්පන්නව තියෙන්න ඕන මේ වයසේදී සමේ පැහැය නැති කරමින් සිතට වද දෙමින් අන් අය අතර පිළිකුල් ඇති කරමින් කුෂ්ඨ, දද, හොරි, මතු වුණොත් එය සුන්දර තරුණ විය අසුන්දර කරන්නට තරම් සමත් කරුණක් බවට පත්වෙනවා.

තරුණවියේදී මෙම රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ළමාවියේදී මෙම රෝගවලින් පීඩාවිඳිමේ අතුරු ඵලයක්‌ ලෙසයි. දෙවන කරුණ තමයි තමා ගත කරන ජීවිතය සහ ජීවත්වන පරිසරය. දද, කුෂ්ඨ, හොරි, රෝගවලින් පීඩා විඳින බොහෝ තරුණ තරුණියන් ගත කරන්නේ ක්‍රමවත් ජිවිතයක් නෙවෙයි. ඔවුන් කන බොන ආහාර බැලුවොත් වැඩි පුරම ආහාරයට ගන්නේ අච්චාරු වර්ග, ඉස්‌සෝ, දැල්ලෝ වැනි සැර ආහාර වර්ගය.

ඒ වගේම පිරිසිදු ඇඳුම් පැළඳුම් ඇඳීම සහ ශරීරය පිරිසිදුව පවත්වාගෙන යැම සම්බන්ධයෙන් සැලකිල්ල අඩු වුණහම, අධික ලෙස මත්පැන් ගැනීම, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පිරිසිදු වාතාශ්‍රය සහිත වාසස්‌ථානවල දිවි නොගෙවීම වැනි කරුණ නිසා මෙ විදිහට සම ආශ්‍රිත රෝග හටගන්නවා.

එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම ද සුදුසු නැහැ. (එනම් උෂ්ණ හා සීතල ආහාර වශයෙන්). ඒ විතරක් නෙවෙයි මේ සමේ රෝගවලට තුඩු දෙන තවත් කාරණයක් ලෙස අන් අයගේ ඇදුම් පැළදුම් භාවිතය නිසා ද සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි.

දේශගුණික බලපෑම් ද මෙවැනි රෝගී තත්ත්වයන්ට බලපානවා. පරම්පරාවෙන් පරම්පරාවට ද මේ දද, හොරි වැනි තත්ත්ව විකසනය වීමට පුළුවන්. ඇදුම රෝගීන්ගේ දියර ගලනවා වගේ දැකිය හැකියි. එවිට කුෂ්ට ඒමට ඇති ප්‍රවණතාවය වැඩියි.

තමන්ට මෙවැනි රෝගී ලක්ෂණ පවතිනවානම් අදම වෛද්‍යවරයෙක් හමුවෙලා මෙයට ප්‍රතිකාර ලබා ගන්න. මොකද තරුණ වයසේදීම මෙවැනි දේකට මුහණ දෙන්න සිද්ධවෙන එකම ලොකු පාඩුවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here