රස ගැස්ම අනිවාර්යයෙන්ම ඔබ රස විදිය යුතුම යුරෝ‌පීය ආ‌හාර දැන් Olive වෙතින්…

අනිවාර්යයෙන්ම ඔබ රස විදිය යුතුම යුරෝ‌පීය ආ‌හාර දැන් Olive වෙතින්…

2021 Jan 7

Olive වෙතින් යුරෝපීය රසවත්  සරල හා සමබර ආහාර  Pick Me හා Uber හරහා දැන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ගුණවත් වගේම ඉතා රසවත් ආහාර නොමසුරුව ඔයාලට පිළියෙල කරලා දෙනවා .

දැන් තියෙන කාලගුණ වාතාවරණයත් එක්ක ඔයාට උයන්න කම්මැලි ගතියක් දැණුනු ගමන්ම තව කෙනෙක්ගේ කෑම වල රස බලන්න හිතුනො‌ත්, ඔයාගේ දො‌රකඩ ලගටම ගෙන්න ගන්න අවස්ථාව ඔයාට තියෙනවා.

Olive කෑම හරිම ඉක්මණින් ඔයාලට ලබා ගන්න පුලුවන් වගේම කෑම Open කරන්න ලේසි වෙන්න එයාලා සරලව හා පිළිවලකට ඇ‌සුරැම් කරලා දෙනවා.

කෑම Order කරන්න ලේසි වෙන්න Olive’s ලට call කරලා ඔයාලට Pick up order එකක් දා ගන්න පුළුවන්. ඔයාලගේ order එක තවත් ලේසි වෙන්න එයාලගේ Full menu එක @Olive_cmb වලින් ඔයාලට බලාගන්න පුලුවන්.

 

Appetizers

Sicilian Nourish Soup Meal (chicken breast) (LKR 700)


ලංකාවේ රැ.700 මිලකට මේ වගේ රසවත් සුප් එකක් රස විදින්න ලැබුණූ එක මට දැණුනේ මං හො‌රකමක් කලා වගේ. ඒ‌ තරමටම ඒ‌ සුප් එක ලාබයි. zucchini, කැරට්, බෙල් පෙපර්, සැල්දිරි, ඔලීව්, අර්තාපල් හා චිකන් breast වලින් මේ සුප් රස කර ගෙන තිබුණා. තක්කාලි හා Red wine mix එක සුප් එකේ රහ තවත් වැඩි කලා. එලවළු ලො‌කුවට කපලා තිබුණ නිසා එක හැන්දක රස මුළු කට පිරෙන්නම තිබුණා. කො‌හො‌ම වුනත් chicken breast එක ටිකක් dry විදියට එන්න හො‌දට cook කරලා තිබුණත් මුළු සුප් එකේ රහ එතනම රැදුනේ නෑ.

 

Starters

Chicken Souvlaki (LKR 760), Mini Greek Salad (LKR 270), Tzatziki (LKR 150), Pita (LKR 75)


Souvlaki කියන්නේ, යුරේපීය Street food අතර ජනප්‍රිය කෑමක්. Marinated කරපු මස් විවෘත උණූහුමක Cook කරලා පිටා පාන් හා සලාද එක්ක පිළියෙල කරලා තියෙනවා. Olive’s ලාගෙන් Souvlaki ඔයා කැමති විදියකට හරි මේ වගේ Plate එකක් විදියකට හරි පිළියෙල කර ගන්න පුළුවන්.චිකන් එක මෘදුයි.හො‌දට Seasoned වෙලා තියෙන නිසා grill එකේ තියෙන char එක්ක එකතු වුනාම හො‌ද උණුසුම් රසයක් දෙනවා. පිටා පාන් එක්ක souvlaki මෘදුයි වගේම හො‌දට හැපෙනවා.Tzatziki එක්ක පිපිඤ්ඤා හා olive oil වල mix එක නම් දිවට ගෙනෙන්නේ පුදුමාකාර රසයක්. ග්‍රීක් සැලඩ් එක නැවුම් රසයක් වගේම හො‌ද Colourfull එකක් dish එකටම ගෙනාවා. Salad එක ලො‌කුවට කපලා තිබුණ නිසා එකේ රසය හො‌දට දිවට දැණුනා.

 

St.Blue(Beef) LKR900, Spiced Seasoned Wedges (LKR 220)


ගොඩක් blue cheese වලට ආස කෙනෙක් විදිහට මට නම් මේ බර්ග එක මගහරින්න බැරුව ගියා. මම මේක කියන්නම ඕනි, මේ flavour එක නම් හැමෝටම නෙමේ හැබැයි තද රසයන් වලට කැමති අයටම විතරයි. මොකද, මේක නමේ අර්ථයටම Blue cheese වල රසය ගොඩක් දැනෙන බර්ග එකක්. Thick crust bread සහ Sweet onion jam බර්ග එකේ රසය තවත් වැඩි කරන්න සමත් වෙලා තියෙනවා. මේ සුසංයෝගත් එක්ක Blue cheese වල රසයට කිසිම හානියක් වෙලා නම් නෑ. හැබැයි මේ තද රසයන් සියල්ලත් එක්කම beef වල රසය මදක් සැඟවී තිබුණත් එහි රසය පිටතින් විඳිද්දී හොඳට Caramelized කරපු හොඳ meaty ගතියක් දැනුනා.

 

Mediterranean Kofta Lamb (LKR 1100)

Lamb kofta එක නිර්මාංශ වූ සැලඩ් වලින් වටකරලා අතුරලා තිබුණා. එයින් එහි රසය තවත් වැඩි කළා. Meat එකේ හොදට Seasoned වුනු Buttery ගතිය මෙයට අද්විතීය බවක් එක් කලා කිව්වොත් මං හරි. මේ Kofta patties එක කැරට් සහ ළූණු, යුරෝපීය කුළුබඩු සාරයෙන් Mix වෙලා එයින් සුපුරුදු යුරෝපීය Savoury එකක් ලබාදෙන්නවා. ඔයත් බැටළු මස් කන්න ගොඩක් ආසයිනම් මේ Dish එක අනිවාර්යයෙන්ම ඔයාටයි. කාල නැති කෙනෙක්ට වුණත් Try කරන්න කියාපු Dish එක.

 

Pesto Cheese Vegetarian (LKR 680)


මේ Wrap එක මගේ favorite ම එකක්. හරිම නැවුම් සහ සැහැල්ලු බවක් ඇති මේ wrap එක අද්විතීය සහ තද රසයන්ගෙන් fill වෙලා තිබුණා. Menu එකට vegetarian options ගොඩක් තිබ්බෙ නැති උනත් චීස් paste සහ එළවළු වලින් පිරිච්ච basil එක් වුනු මේ vegetarian dish එක නම් menu එකටම ඇති. නැවුම් එලවලු වලට herbs රසය එක් වෙලා චීස් වලින් එන තියුණු රසය මේ Dish එකේ රහසයි.

 

Dessert

Cream Brulee (LKR 275)


මෙය පිළිගන්වන්නේ foil එකකින් කවර් කරලා. LKR 275 වැනි පුංචි මුදලකට ඇත්තටම මෙය වටිනවා. Cream Brulee එකේ top එකේ හොඳ පෙනුමක්, එළියක් තියෙනවා. Plastic Cutlery වලින් ඒක කඩද්දී පෙන්නේ හරියට glass එකක් වගෙයි. පහලින් තියෙන කස්ටඩ් එක හරිම මෘදුයි, caramel වල තියෙන පුංචි තිත්ත ගතිය මගහරින්න කස්ටඩ් වල තියෙන creamy ගතියට තියෙන්නේ පුදුම හැකියාවක්.

 

Lemon Meringue Tart (LKR 400)

 

ලස්සන හැඩෙකින් යුත් බටර් රස පේස්ට්‍රියක් Lemon curd වලින් topped කරලා හරිම රසවත් විදියට පිළියෙල කරලා තියෙනවා. Dessert එකේ තියෙන ලස්සන වගේම Flavors වල එකතුව දිවට මිහිරි රසයක් ගෙනවා කිව්වො‌ත් මං හරි.

 

Tips- ඔයාත් Pesto cheese vegetarian wrap එක Try කරලා බලන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here