Health & Beauty මුහුණේ ඇතිවන ගැටළු වලට කදිම විසඳුම් මෙන්න …

මුහුණේ ඇතිවන ගැටළු වලට කදිම විසඳුම් මෙන්න …

2021 Dec 12

කාන්තාවකට හිමි රූ සපුවේ ඉතා වැදගත් කොටසක් ලෙස සම හැඳින්විය හැකිය. එය ශරීරයෙහි විශාලතම ඉන්ද්‍රිය ලෙස ද හැඳින්වෙයි.මේ නිසා රූපය ගැන උනන්දු වන සෑම කෙනෙකුම සමේ පැහැපත් බව සහ ආකර්ශනීය බව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය.හැමදාම ලස්සනට ඉන්න මොන කාන්තාවද අකමැති.වෙනදාමෙන් සිතූ පැතූ වෙලාවට විලාසිතාගාර වලට යන්නට බැරි නිසා බොහෝ කාන්තාවන්ගේ සමයෙහි එක් එක් ගැටළු මතු වෙන්නට පටන් අරන්.කාන්තාවකට හම කියන්නේ ඇය සතුව තිබෙන ලොකුම ආභරණයයි.ආකර්ෂණීය, පිරිපුන් ,පැහැපත් ,නිකැලැල් සමක් තියෙන කාන්තාව වාසනාවන්තියකි. මේ අතරින් මුහුණේ සම හරි විශේෂයි .මුහුණ දුර්වර්ණ වී ලප කැළැල් මතුවෙන්නට පටන් ගත්තොත් ඒ ගැන කාන්තාවන් බොහෝ විදිහට වද වෙනවා සහ සිත්තැවුල් ගන්නවා .

 

 

 

විශේෂයෙන්ම මුහුණේ සමට සත්කාර කිරීමේදී අප සෑම අතින්ම ප්‍රවේශම් විය යුතුයි. වෙළෙඳපොලේ තියන ක්ෂණිකව ලස්සන සුදු වෙන ආලේපන භාවිතා කිරීමෙන් නොදැනුවත්වම සම සුදුමැලි වී රැළි වැටෙන්නට පටන් ගන්නවා.

 

 

සම රැලි වැටී සුදු මැලි වූවායින් පසු ඔබ වයසට වඩා වයසයි වගෙයි පෙනෙන්නේ. එම නිසාම විශේෂයෙන්ම කාන්තාවන් මුහුණේ සමට සත්කාර කිරීමේදී අවධානය දිය යුත්තේ ඉක්මනින්ම ප්‍රතිඵල ලබා ගැනීමට නොව කලක් ගියත් හොදම ප්‍රතිඵලය ලබා ගැනීමටයි. පැහැපත් සමකට හිමිකම් කියන්නට සෑම කාන්තාවක් පාහේ ම කැමතියි.එහෙත් සමෙහි මතුවන ලප කැලැල්, කුරුලෑ ,රැලි වැටීම් ,සමේ වියළි බව මුළුමනින්ම නැති කරගන්නට ස්වභාවික දේවල් වලින් සත්කාර කළ හැකි.

මුහුණ සුසිනිදු කිරීමට කෝපි

 

 

මුහුණෙහි ඇතිවන ලප කැළැල් සහ අදුරු ස්වභාවයට කදිම විසඳුමක් තමයි කෝපි කියන්නේ. ඉහල කැෆෙන් අගයක් පවතින කෝපි කියන්නෙ රුපලාවන්‍ය කටයුතු සදහා යොදා ගන්නා අතිසාර්ථක ආලේපනයක්.වයසට ගියත් ලස්සනට ඉන්නයි කාන්තාවන් කැමති.වයස අවුරුදු 50 ඉක්මවා ගිය කාන්තාවන්ගේ ඇතිවන අඳුරු ලප කැළැල් මකා දමන්නට පවා කොපි ෆේෂල් වලට හැකියි. රුධිර ගමනාගමනය වැඩි කර සමෙහි දීප්තිය රැක දෙන කෝපි වලින් මුහුණේ ඇතිවන ගැටලු වලට කෝපි ෆේෂල් එකක් සහ ක්‍රීම් එකක් සාදා ගන්නා අකාරය ගැන ඔබට කියලා දෙන්නම්.

කෝපි ස්ක්‍රබ් සකස් කිරිම

අවශ්‍ය ද්‍රව්‍ය.

* කෝපි කුඩු මේස හැඳි 1ක්

* දුබුරු සීනි මේස හැන්දක්

* පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

මේ සියල්ල එකතුකර මිශ්‍ර කරගන්න. ඔබේ මුහුණේ මැරුණු සම ඉවත්කර ගැනීම සඳහා මේ කෝපි ස්ක්‍රබ් එක භාවිතා කර ඇඟිලි තුඩු අගින් මුහුණ හොඳින් මසාජ් කළ පසු සෝදා හරින්න.එයින් ඔබේ මුහුණට නව දීප්තියක් ලැබෙයි.

කෝපි ෆෙස් මාස්ක්

අවශ්‍ය ද්‍රව්‍ය

* කෝපි කුඩු මේස හැදි 1 ක්

* නැවුම් කිරි හෝ යෝගට් මේස හැඳි 1ක්

* මී පැනි මේස හැදි 1 ක්

* කඩල පිටි මේස හැදි 1 ක්

* දෙහි බිංදු කිහිපයක්

මේ සියලු ද්‍රව්‍ය එකට එක්කර තලපයක් වන ලෙස හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව සම්පූර්ණ බෙල්ලෙ සහ මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ සිටින්න. පසුව මද උණු වතුරෙන් සෝදා හරින්න. ඔබේ මුහුණේ ඇති අදුරු පැහැය දුරුකරගෙන ආකර්ෂණීය පැහැයක් ලබා ගැනිම සඳහා මසකට දෙවරක් මෙම කෝපි ෆේෂල් සත්කාරය සිදු කර එහි වෙනස වටහා ගන්න. මුහුණ සුසිනිදු කර පැහැපත් ස්වාභාවික වර්ණයක් සමට ලබාගත හැකි වේ.

 

ඇපල් කන්න වගේම ආලේපන කරන්නත් පුළුවන්.

 

 

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගන්නවා හැරෙන්නට ඇපල් සතු පෝෂණ ගුණය සමෙහි පැවැත්මට දායක කරගන්න පුළුවන් තවත් ආකාරයක් වන්නේ ඇපල් සයිඩර් විනාකිරි රූපලාවන්‍ය සත්කාර සඳහා එක්කර ගැනීමයි. ඇපල් වල සාරයෙන් නිෂ්පාදනය කෙරෙන මෙම අපූරු ද්‍රාවනය සතු බැක්ටීරියා නාශක ගුණය හා සමීප එච්.පි අගය සමබර කිරීමේ හැකියාවත් නිසා සමේ ස්වාභාවික සුන්දරත්වය හා තරුණ පෙනුම රැකගන්න එය කදිම සංඝටකයක්.ඒ වගේම වියපත් වීමත් සමග සමෙහි හටගන්නා අඳුරු ලප කැළැල් අකා මකා දාන්නත් ඇපල් සයිඩර් විනාකිරි වලට හැකි.

 

දීප්තිය වඩවන නිල් කටරොළු

 

 

රුව රකින රහස් වට්ටෝරුවක් නිල් කටරොළු මලට හිමියි.ඉතා පහසුවෙන්ම සොයාගැනීමට හැකි නිසා භාවිතයටද ඉතා පහසුයි .විශේෂයෙන්ම සම වයස් ගත විම පාලනයට ආලේපනයක් ලෙස යොදා ගනු ලබයි. පර්යේෂණ මගින් සොයාගෙන ඇති අන්දමට නිල් කටරොළු මල් සතුව ප්‍රති ඔක්සිකාරක ගුණයක් පවති. සමෙ කොලැජන් වර්ධනය කර සම වයස් ගත විම වලක්වයි. තවද, මෙම නිල් පැහැති මල්වල ඇති බැක්ටීරියා නාශක ගුණය සමෙහි ඇතිවන කුරුලැ පාලනය කල හැකි ස්වාභාවික සත්කාරයකි. නිල් කටරොළු මල් සමට සිසිලක් ලාබා දෙන අතරම සම වියලීම වලක්වා සමෙ තෙතමනය ද ආරක්ෂා කරයි . සමෙ තෙතමනය ආරක්ෂා කරන අතර දිප්තිය වර්ධනය කරයි.

මෙම සත්කාරය සියල්ලම කරන අතරතුර ශරීර උෂ්ණත්වයද පාලනය කරන ආහාර ලබා ගැනිම ද බොහෝ වැදගත් බව මතක තබා ගත යුතුය. එසේම දිනකට වතුර ලිටර් 2 ක් පමණ පානය කිරිම වැදගත් වන අතර යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාමද ඔබේ රූ සපුව වර්ධනයට ඉවහල් වේ.

අන්තර්ජාලය ඇසුරෙනි.

මන්දාකිනි පතිරණ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here