Living Home Isle Amore – Restaurant Review

Isle Amore – Restaurant Review

2023 Nov 3

Open Time:

Daily, 6 pm to 12 am

Address

26, Colonel T.G. Jayawardena Mawatha, Colombo 03.

directions

Situated in the T-Junction connecting Palm Grove Avenue and Colonel T.G. Jayawardena mawatha.

Contact No

0768 178 102

“An island twist to the Italian classics!”

ඉතාලි සම්භවයක් සමග ලාංකීය රසයන්, කුළුබඩු සහ අමුද්‍රව්‍යවල සම්මිශ්‍රණයක් ලෙස එන Isle Amore කොළඹ ඉහුම් පිහුම් කලාවට නැවුම් බවක් එක් කරමින් ඔබගේ රස නහර ප්‍රබෝධමත් කරන්න සමත් වෙනවා. ඉතාලි ආහාරවල පවතින සෑබෑම රසය ගෙන ඒමට සමත් වන Isle Amore ශ්‍රී ලංකාවේ තාලයට ගැලපෙන නව්‍ය කෑම වර්ග සකස් කරමින් සූපශාස්ත්‍ර අත්හදා බැලීම්වල නිරත වෙනවා. ඒ සඳහා කදිම උදාහරණයක් වන ඔවුන්ගේ Island Pizza එක. සැර නයි මිරිස් සොසේජස් සහ චට්නි චිකන් රසැති chili jaggery beef වැනි ප්‍රණීත toppings වලින් සරසා තිබෙනවා. ඒ වගේම මෑතකදී ආරම්භ කරන ලද Brown Sugar Cafe සහ Dessert Bar සමඟ Isle Amore තම ස්ථානය බෙදා ගන්නවා. මෙම සුහදශීලී සම්බන්ධතාවය නිසා, Isle Amore හි රසය විඳින ඔබට Brown Sugar වෙතින් ලැබෙන ප්‍රණීත බීම සහ අතුරුපස සංග්‍රහයත් ලබා ගන්න පුළුවන්.

 

APPETISERS

Mozzarella Sticks with Marinara Sauce — LKR 1,950 (5/5)

මෙය කුඩා, කුට්ටි ආකාරයෙන් බැදපු මොසරෙල්ලා Sticks නිවසේ පිළියෙල කරගත් marinara සෝස් සමඟ පිළිගන්වනවා. විශේෂයෙන්ම අපි ඒ සෝස් වලට වඩාත් කැමැත්තක් දැක්වූ අතර එය ප්‍රණීත රසයෙන් අනූන වෙනවා. ඔබට චීස් වල රස සැබැවින්ම භුක්ති විදීමට අවශ්‍ය නම් moz Sticks නැවත රත් කර දෙන ලෙස කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන්නත් පුළුවන්.

 

Sriracha Chicken Wings — LKR 1,850 (4.5/5)

මෙම sriracha ආවරණය කරන ලද chicken wings වල එතරම් කුළුබඩු අඩංගු නොවූවත් අතිශයින්ම රසවත්ව එය ලබා ගන්න පුළුවන්. එක් portion එකකට ප්‍රණීත sriracha සෝස් තැවරූ chicken wings හයක් ඇතුළත් වන අතර එය මිරිස් හෝ කෑලි මිරිස්, විනාකිරි සහ මෘදු පැණි රසයක් ඇති සීනි වලින් සහ මතුපිට සිහින්ව කැපූ වියළි මිරිස් සහ නැවුම් රටලූණු වලින් සමන්විත වෙනවා. මෙම chicken wings නම් අපිට කන්න ආසම හිතුන දෙයක් කිව්වොත් හරි.

 

MAINS

Half and Half Pizza — Chutney Chicken: LKR 2,900 (4/5) | Chili Jaggery Beef: LKR 3,150 (3/5)

මේ වගේ දෙයක් මෙනු card එකක දැක්කොත් ඇණවුම් නොකරන කෙනෙක් ඉන්නවාද? ඇත්තෙන්ම නැහැ. විවිධ සංස්කෘතිවල කුළුබඩු රාශියක් සහ වට්ටෝරු කිහිපයක් ඒකාබද්ධ කරමින් පැමිණෙන මෙම පීසා වර්ගය අයිලන්ඩ් පීසා අතර සුවිශේෂී තේරීමක් වනවා.

මෙම Chutney Chicken Pizza එක කුකුල් මස්, කොත්තමල්ලි සහ නිවසේ පිළියෙල කල mango chutney sauce එකක් සමග පිළිගැන්වෙන අතර Chili Jaggery Beef Pizza වල කුළුබඩු යෙදූ හරක් මස් සහ නිවසේ සෑදූ චිලි හකුරු සෝස් සමග නැවුම් රට ළුෑණු දැකගන්න ලැබුණා.

ප්‍රණීත පැණි රසයකින් යුත් Chutney Chicken සමග කුකුල් මස් කැබලි කියන්නේ හොඳට ගැලපෙන කෑමක්. Chili Jaggery beef එකේ රස සිත්ගන්නා සුළු වූවත් එයට කුළුබඩු ටිකක් එක්වූවා නම් තවත් ‍රසවත් වෙන්න තිබුණා කියලා අපිට හිතුනා. මේ පීසා එකේ සාමාන්‍ය ප්‍රමාණයේ කොටස් අටක් ඇති අතර පුද්ගලයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු අතර පහසුවෙන් බෙදා ගන්නත් පුළුවන්.

 

Spaghetti Carbonara — LKR 2,200 (5/5)

මෙ‍ය Isle Amore හි ආවේණිකත්වය පිළිබිඹු කරන ආහාර වර්ග අතරින් එකක් වන අතර අපේ ප්‍රියතම කෑම ජාතිවලින් එකක් වුණා. මෙම සාම්ප්‍රදායික කාබොනාරා එක, රසවත් බිත්තරයක්, චීස් සහ ක්‍රීම් සෝස් වලින් සමන්විත වූ අතර එය tender chicken කැබලි සහ spaghetti සමග පිළිගැන්වුවා. ඔබ විශාල කාබොනාරා පිඟානක් ඇණවුම් කරන්නේ නම්, වෙන කෑම කන්නත් බඩේ ඉඩක් නැතිවෙන්න පුළුවන්.

 

Beef Bolognese with Fettuccine — LKR 2,400 (4/5)

Bolognese කියලා කියන්නේ Isle Amore හි හොඳටම විකිණෙන කෑම එක නිසා අනිවාර්යෙන්ම එහි රස විඳින්න අමතක කරන්න එපා. මෙම කෑම එක beef හෝ සුදු ළුෑණු සහ ප්‍රණීත තක්කාලි සෝස් වලින් තැවරූ කුකුල් මස් වලින් සමන්විත වනවා. ලුණු ප්‍රමාණය වැඩි බවක් දැණුනත්, මේ කෑම එක හදවතින්ම රස වින්ඳා. මෙය ලස්සන වයින් වීදුරුවක් සමග තියෙනවා කියලා ඔබට මවාගන්නත් පුළුවන්. ( ඔවුන් BYOB බව මම ඔබට සඳහන් කළාද?).

 

DESSERTS

Classic Chocolate Cake — LKR 1,250 (5/5)

මේ වෙද්දී අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අපි මේ රසවත් කෑම රස විඳලා තිබ්බත් සාම්ප්‍රදායික චොකලට් කේක් කෑල්ලක රස අත්විඳින්න පුළුවන් වුණේ එහි ඇති සුවිශේෂී රසය නිසාමයි. පෙනුමෙන් රසවත් බවක් පෙනුණ ඒ කේක් වල චොකලට් රසයට සහ soft බවට අප ප්‍රිය කළා. බාහිරින් පෙනුන ප්‍රණීත රසය ඇත්තෙන්ම මෙහි අඩංගු වෙනවා. මෙහි හිමිකරු කළ යෝජනාවට රත් කළ බැලූ විට, ganache සියල්ල දිය වී, එය chefs kiss රසය ලබා දුන්නා. එය තරමක් මිල අධික වුවද, එක කෙක් කෑල්ලක් දෙදෙනෙකු අතර පහසුවෙන් බෙදා ගන්න පුළුවන්.

 

Nutella Crunch Donut — LKR 450 (5/5)

මම ‍රසවත් ඩෝනට් වලට ඇත්තටම කැමතියි. මෙම ඩෝනට් ප්‍රමාණයෙන් විශාල වන අතර රසවත් නියුටෙලා බටර් ක්‍රීම් සහ කපාගත් කජු සමග මිශ්‍ර වෙනවා. ඒ වනවිටත්, රසවත් කෑම වර්ග බොහොමයක් අත්හදා බලපු නිසා මේ ඩෝනට් එක අවසන් කිරීමට හැකියාවක් තිබුණේ නැති වුණත් ආපසු මතක් කරද්දි ඒ ගැන පසුතැවීමක් ඇති වෙනවා.

 

DRINKS

Cucumber Gimlet — LKR 700 (5/5)

මෙම ප්‍රණීත හා නැවුම් පානයෙහි පිපිඤ්ඤා පෙති, දෙහි යුෂ සහ සෝඩා අඩංගු වෙනවා. හිමිකරු විසින් අපට කෙරූ යෝජනාවක් තමයි මෙය මොක්ටේල් සහ ජින් සමග එකට එකතු කරන්න. නැවත Isle Amore වෙත යන්න Cucumber Gimlet drink එකනම් නිසැකවම හේතුවක් වෙන්න පුළුවන්.

 

Hawaiian Milkshake — LKR 900 (5/5)

මේ Milkshake එක අනිවාර්යෙන්ම පොල් රසයට ඇබ්බැහි වූ කෙනෙකුගේ සිහිනයක් . ඒ වගේම මේ මිල්ක්ෂේක් එක වැනිලා අයිස්ක්‍රීම්, කොකනට් කුකීස්, පොල් කිරි සහ විප් ක්‍රීම් ස්වල්පයක එකතුවක් ලෙස පැණි රසක් සහ ක්‍රීමි රසක් ගෙන එනවා.

 

AMBIENCE

Isle Amoreහි ඇතුළත සහ පිටත පෙනුම අපව ආකර්ෂණීය කර ගන්න සමත් වෙනවා. මෙහි ඇතුළත, සුන්දර එක් විශේෂ ආසනයකින්, බිත්ති වල ආලේපිත කරන ලද අලංකාර සිතුවම් වලින්, ප්‍රමිතීන්ට අනුව සකසන ලද ආලෝකකරණ පහසුකම් වලින් සහ මෙහි පිටත සුන්දර ෆ්‍රැන්ජිපානි ගස් වලින් සමන්විත වෙනවා.

ඔබට ඔබේ මිතුරන් සමග විනෝදකාමී සන්ධ්‍යාවක් ගත කිරීමට අවශ්‍ය නම්, විශේෂයෙන්ම Isle Amore හි රසවත් මොක්ටේල් හෝ මිල්ක්ෂේක් සමග එළිමහන් ප්‍රදේශය හොඳටම ගැළපෙනවා. නමුත් ඔබ විශේෂ දිනයක් සැලසුම් කරන්නේ නම්, සුවපහසු ගෘහස්ථ වටපිටාව සුදුසු වෙනවා. ඒ වගේම මෙහි ඇති සුන්දර ආසනයේ ඉඳ පිංතූර කිහිපයක් ගැනීමටත් ඔබ අමතක කරන්න එපා.

Isle Amore හි කාර්යමණ්ඩලය මිත්‍රශීලී සහ උපකාරශීලී බැවින් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඔවුන්ගෙන් ඉල්ලන්න පුළුවන්.

 

ඔයා දැනගෙන හිටියා ද?

  • Isle Amore ගේ ඇතැම් ආවේණික කෑම වර්ග වන්නේ, crust dippers’ සහ ඔවුන්ගේ ගෙදර හැදූ marinara සෝස්, chili jaggery sauce, අඹ චට්නි සහ blue cheese dip එකක් වැනි සෝස් වර්ග මාලාවක්.
  • ඔවුන් Uber Eats සහ PickMe Food හරහාද බෙදා හැරීම් සිදු කරනවා.
  • Isle Amore’s ගේ අවකාශය Brown Sugar Cafe සහ Dessert Bar විසින් දවස පුරා එනම් දිවා කාලයේ උදෑසන 8 සිට සවස 5 දක්වා හවුලේ බෙදා ගන්නවා.
  • කැෆේ සැපයුම්කරුවන් හලාල් සහතිකය ලබා තිබුණත් අවන්හලට තවමත් නිල සහතිකයක් ලැබී නැහැ. එමෙන්ම BYOB සඳහා අමතර ගාස්තුවක් අය කරනු ලබන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here