රස ගැස්ම TricycleBnB & Cafe | Restaurant Review

TricycleBnB & Cafe | Restaurant Review

2023 Nov 18

Open Time:

Monday to Friday, 8 am to 5 pm

Address

17/2A, Lauries Road, Colombo 04

directions

Opposite Majestic City and 60m down Lauries Road.

Menu

පාරිභෝගික ආකර්ෂණය දිනූ කොළඹ නගරයේ TricycleBnB & Cafe

TricycleBnB සහ Cafe ලෝරිස් පාරෙන් ඈතට වන්නට කාර්යබහුල වටපිටාවක පිහිටා තිබෙනවා. ඔවුන්ට අනුව මේ කැෆේ එක, “ජීවිතය අත්විඳින සහ රස විඳින ස්ථානයක්” විදිහට හඳුන්වන්න පුළුවන්.

 

 

මෙහි පැමිණෙන සෑම කෙනෙකුටම සුන්දර සහ ආදරණීය අත්දැකීමක් එකතු කරන අතර ඔවුන් විසින් පිළියෙළ කරන සෑම ආහාරයකටම යම් සුවිශේෂී තත්ත්වයක් එකතු කරනවා. හැමදේකින්ම පරිපූර්ණ ආහාර වේලක් ඔවුන් පිළිගන්වන නිසා ඔබ මොන ආහාරය order කළත් නැවත බඩගිනි වෙන්නේ නම් නෑ.

 

APPETISERS

Tuna Salad – LKR 1,100 (4/5)

මෙම සලාදය ප්‍රධාන ආහාර වේල සඳහා සැහැල්ලු හා ප්‍රබෝධමත් ආරම්භයක් ලබා දෙන අතර මෙයට පිපිඤ්ඤා, ලූණු, සලාද කොළ, ඔලිව් ඇතුළු විවිධ එළවළු වර්ග සහ දැල්ලන් ස්වල්පයක් එකතු කර තිබෙනවා.

 

MAINS

Quiche Lorraine – LKR 1,450 (5/5)

එක් quiche එකක් අට දෙනෙකු අතරේ බෙදා ගන්න පුළුවන් නිසා මිල ගැන හිතන්න එපා. මෙම quiche එකේ රස බැලුවාට පසු food review එකක් කරන්න ආව බව සම්පූර්ණයෙන්ම අමතක වුණා. දේශීය චීස්, විචිත්‍රවත් බෙල් පෙපර් සහ බේකන් වලින් සාදා තිබුණ මැද පිරවුම ඇත්තෙන්ම රසවත් වනවා. ක්‍රීම් රසත් එක්ක තවරා තිබුණ බේකන් සහ බටර් තට්ටුව quiche එකේ රස දෙගුණ තෙගුණ කරනවා. ක්‍රීම් එක් නොකර ඒ වෙනුවට සාදන විශේෂ සෝස් වර්ගයකින් quiche එකේ මෘදු ස්වභාවය රැගෙන එන එක ඇත්තටම පුදුම හිතුණ කාරණාවක්. අවශ්‍ය නම් පුද්ගලයන් 8 දෙනෙකුට හෝ 10 දෙනෙකුට ප්‍රමාණවත් වන සම්පූර්ණ quiche එකක් ඔබට කලින් order කර රුපියල් 5,450 කට ලබා ගන්නත් පුළුවන්.

 

Pesto Pasta – LKR 1,100 (5/5)

මෙය නිර්මාංශ ආහාරයක් වූ අතර අපේ වැඩිපුර අවධානයක් යොමු වුණේ මාංශ සහිත ආහාර ගන්න. සාමාන්‍යයෙන් පැස්ටා වලට එකතු කරන කුකුල් මස් හෝ බේකන් එක් කර නැති වුණත් පරිපූර්ණ Pasta එකක් අපිට ලබා දුන්නා. ඔවුන්ගේ ආහාර අතර ප්‍රධාන වූ පෙස්ටෝ සෝස් එක scratch වලින් සාදා තිබෙනවා. බැසිල් සහ කජු ඇටවලින් රස ගන්වා තිබෙන මෙම සෝස් එකේ සුවිශේෂී ස්වාභාවික රසය අපේ රස නහර ප්‍රබෝධමත් කරනවා. ඒ නිසා වෙජි අයට Pesto Pasta එක හොඳ තෝරාගැනීමක්.

 

Black Chicken with Steamed Rice – LKR 950 (4/5)

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය කුළුබඩු එක් කර තිබෙන මෙම කුකුල් මස් කරියක් සඳහා කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙක්ට මෙය මෙනු card එකේ දකිද්දි උත්සාහ නොකර ඉන්න නම් බැහැ. කොහොම වුණත් මෙම ආහාරය ව්‍යංජනයකට වඩා වෙනස් විදිහට, කුකුල් මස් කැබලි දෙකක් සමඟ පිළිගන්වනවා. පිසගත් බත් විශාල ප්‍රමාණයක්, අතුරු සලාදයක්, චට්නි සහ අර්තාපල් ව්‍යංජනයක් ද මෙයට එක් වෙනවා. මෙය සැබැවින්ම ප්‍රණීත ආහාර වේලක්. මේ ආකාරයටම ඌරු මස් ද ඔවුන්ගේ විශේෂ ව්‍යංජනයක් ලෙස පිළියෙළ කරනවා.

 

DESSERT

Pumpkin Bread – LKR 1,950 (Full) (5/5)

සාමාන්‍යයෙන් කොළඹ අවන්හලක හෝ ආපන ශාලාවක ඔබට හමු නොවන අතුරුපසක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. වට්ටක්කා වලින් සාදා තිබෙන මෙම රොටියේ පැණි රසයක් හා කුරුඳු රසයක් තිබෙන අතර සාදික්කා සහ කරාබුනැටි කුඩු එක්වීමෙන් රසය තවත් වැඩි කරනවා. ඒ වගේම මෙය ආහාරයට ගැනීමේදී මාෂ්මෙලෝ එකක් කනවා වැනි හැඟීමක්ද දැනෙනවා.

DRINKS

Regular Coffee – LKR 350 (4/5)

රසවත් කෝපි කෝප්පයක් සොයන ඔබ සඳහාම TricycleBnB සහ Cafe විසින් මෙම පානය වෙන් කර තිබෙනවා. එය පිළිගන්වන්නේ percolator නිසා තද පැහැයක් ලැබෙනවා.

 

Lemon Iced Tea – LKR 350 (3/5)

ඔබේ ආහාර වේල වඩාත් හොඳින් රස විදීමට හැකි රසවත් සිසිල් පානයක් බවට මෙය පත් කරනවා නිසැකයි.

 

පරිසරය

දෙපස කොළ වර්ණයෙන් යුත් පදික වේදිකාව දිගේ කැෆේ එකට ඇවිදගෙන එන විට නිස්කලංක හැඟීමක් එක් කරනවා. TricycleBnB & Cafe එක පහළ ඇවිදින මංතීරුව අවසානයේ මෙම සුවපහසු කුඩා ආපන ශාලාව පිහිටා තිබෙනවා. මෙම කැෆේ එක මිතුරන් කිහිප දෙනෙකු සමඟ වාඩි වී රාත්‍රී ආහාරය ගැනීමට හෝ ඔබට කෝපි එකක් බොන අතරතුර පොතක් කියවීමට සුන්දර නිස්කලංක ස්ථානයක් වනවා. එමෙන්ම හිමිකරුගෙන් සහ කාර්යමණ්ඩලයෙන් ඔබට ඇදහිය නොහැකි තරම් මිත්‍රශීලී සහ උණුසුම් පිළිගැනීමක් ලැබෙනවා.

BnB නවාතැන් පහසුකම් සොයන සංචාරකයින්ට හොඳම විකල්පයක් වනවා. ඇත්ත වශයෙන්ම සංචාරකයින්ට දැරිය හැකි මිල ගණන් තිබීම මෙහි කැපී පෙනෙන දෙයක්. දෙදෙනෙක් සඳහා උදේ ආහාරය සමඟ එක් රාත්‍රියකට අය කරන්නේ USD 35ක් පමණක් යැයි බව කීවොත් ඔබ විශ්වාස කරනවද?

 

ඔවුන්ගේ මෙනු card එකේ à la Carte අයිතම කිහිපයක් තිබුණත්, ඔවුන් ඒවා රසවත්ව සහ අවශ්‍ය ප්‍රමාණ වලින් ඔබට පිළිගන්වනවා. මෙම කැෆේ එකේ ප්‍රණීත ආහාර, මිත්‍රශීලී හමුවීම් සහ සුන්දර දර්ශන සහිත වටපිටාවක් සපයන නිසා ඔබට සුවපහසු නිවාඩුවක් ගත කරන්න පුළුවන්.

 

ඔයා දැනගෙන හිටියා ද?

  • පෙර ඇණවුම් කළ හැකි පැණිරස හා රසවත් ආහාර තිබෙන මෙනු card එක විශේෂ වනවා.
  • ඒ වගේම ඔවුන් UberEats හරහා බෙදා හැරීම ද සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here