රස ගැස්ම වෙනස්ම පීට්සා වර්ග try කරන්න The Pizzeria වෙතින් දැන් ඔබටත් අවස්ථාවක්…

වෙනස්ම පීට්සා වර්ග try කරන්න The Pizzeria වෙතින් දැන් ඔබටත් අවස්ථාවක්…

2023 Nov 24

Open Time:

Wednesday - Sunday, 5 pm to 11 pm

Address

100, Thalawathugoda Road, Sri Jayawardenepura Kotte

directions

Go 400 m down Thalawathugoda Road from Pitakotte Junction

Contact No

0769 837 110

Menu

 

Traveling Bruncher මෙවර කොළඹින් බැහැරට ගොස් “The Pizzeria” කෝට්ටේ නගරයේ විවෘත කර තිබෙනවා. විවිධ ප්‍රමාණ වලින් ලබා ගත හැකි රසයෙන් අනූන විවිධ පිට්සා වර්ග 8ක් ඔවුන් පිළිගන්වනවා.

 

MAINS
Funghi Withrak – LKR 2,800 (4/5)

මෙය vegetarian අයටම වෙන්වූ රසවත් පිට්සා වර්ගයක්. මේ පීට්සා එක හතු, මොසරැල්ලා චීස් සහ ඔරිගානෝ එක් කර සාදා තිබෙනවා. ඇඹුල් රසයෙන් සහ creamy මොසැරැල්ලා මුසු වූ හතු වල ප්‍රණීත රසය අපට මෙහිදී විඳින්න පුළුවන් වුණා. පීට්සා එකේ තුනී බව නිසා නිසා topins හොඳින් අල්ලා ගෙන තිබුණා.

 

Bacon & Nil Cheese – LKR 3,500 (5/5)

මෙයට ලුණු සහිත බේකන් කැබලි, නිල් චීස්, මොසරැල්ලා සහ පැණිරස balsamic ළූණු එක් කර තිබෙනවා. තෙල් ගතියක් වැඩිපුර තිබුනත් මෙහි ප්‍රණීත රසය නිසා එය දැනුනේම නෑ. ගෙවන මුදලට සාධාරණ ලෙස මෙය පිළිගන්වන නිසා ඕනම කෙනෙක් මේ පීට්සා එක නැවත try කරන්න දෙපාරක් හිතන්නේ නෑ.

 

Kadey Beef – LKR 3,300 (4/5)

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ව්‍යංජන සහ ඉතාලි පීට්සා වලට වඩා වෙනස් රසයක් ගෙන දෙන Kadey Beef ඉතා සුවිශේෂී ආහාරයක් වනවා. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය Beef Curry එකේ රසයද මුසුවෙමින්, බැදපු කරපිංචා කොළ, සැර නයි මිරිස් සහ ගම්මිරිස් අන්තර්ගත ඝන තට්ටුවක් පීට්සා එකේ තිබෙනවා. හරක් මස් හොඳින් පිස ඇති නිසා හපන්න අමාරු වෙන්නේ නෑ. මේ පීට්සා එකට යොදා තිබුණ කරපිංචා, නයි මිරිස් සහ ගම්මිරිස් වලින් දැනුනේ වෙනස්ම රසයක්. කුළුබඩු රාශියක මුසුවක් ලෙස මේ පීට්සා එක හඳුන්වන්න පුළුවන්.

 

AMBIENCE

මෙම ස්ථානයෙන් ඔබට පීට්සා රැගෙන යාමට හෝ deliver කර ගැනීමේ පහසුව ලබා ගැනීමට පුළුවන්. මෙහි සිටින කාර්යමණ්ඩලය කාරුණික හා මිත්‍රශීලී නිසා ඔබට අවශ්‍ය නම් මෙහි සිට ආහාර වල රස විඳින්නත් පුළුවන්.

 

ඔබ දන්නවාද?

  • මොවුන් විසින් සියලුම පීසා වර්ග කුරුඳු දැවයෙන් සාදන ලද සාම්ප්‍රදායික ඉතාලි උඳුනක පිසනු ලබනවා.
  • UberEats සහ PickMe Food හරහාද මෙම රසවත් පීට්සා ඔබේ නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here