ඔයාගේ අම්මාගේ එදිනෙදා වචන මාලාවේ ‘හඳහන’ කියන වචනය ඔයා කොච්චරනම් අහලා තියෙනවාද? ඉතින් මේ හඳහන හා බැඳුණු ජ්‍යෝතිෂය ශාස්ත්‍රය කියන්නේ සරලවම කියනවනම් පුද්ගලයෙකුගේ උපන් ස්ථානය හා ආකාශ වස්තූන්ගේ පිහිටීම, ඔවුන්ගේ ශරීරය, මනස, පෞරුෂය, හැසිරීම සහ ඉරණමෙහි ව්‍යූහය හා ක්‍රියාකාරීත්වය තීරණය කරයි කියන විශ්වාසයයි. ජ්‍යෝතිෂය ශාස්ත්‍රය ශතවර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා සංස්කෘතිය තුළින් පැවත එන දෙයක් . එය ඒ තරම් වැදගත් බවට දුටුගැමුණු රජු සැලකුවා කියලත් විශ්වාස කෙරෙනවා. ඔහු සිය රාජධානිය පුරා ගම්වාසීන් 16 දෙනෙකුගෙන් යුත් සෑම කණ්ඩායමකටම වෛද්‍යවරයෙකු, ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකු හා පූජකයෙකු ලබා දී තිබෙන බවට වාර්තාවල දැක්වෙනවා. කොහොමවුණත් අද දක්වාම මේ සම්ප්‍රදාය ශ්‍රී ලංකා සංස්කෘතියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ වෙද්දි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂයවරුන් ද විශාල ප්‍රමාණයක් මෙරට බිහිවී සිටිනවා. ඒවගේම විශේෂම කරුණ වන්නේ සෑම විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යයන් හරහා මේ හඳහන් පිළිබඳව කතා කරන්නට වෙන් කර ඇති කාලය බලද්දි මිනිස්සු මේ ශාස්ත්‍රය කොයිතරම් විශ්වාස කරනවාද කියලාත් ඔයාට හිතෙන්න පුළුවන්.
ඉතින් මේ කොහොමවුණත් ජ්‍යෝතිෂය ශාස්ත්‍රය තවමත් සුවිශේෂී ආකාරයකින් අපේ ජීවිතයට බලපෑම් කරන ආකාර කිහිපයක් තමයි අද අපි ඔයාට කියන්න යන්නේ.
1. දරුවෙක් ඉපදෙනකොට

දරුවෙක් ඉපදුණු ගමන් කේන්දරය එහෙමත් නැත්නම් හඳහන සකස් කිරීම ශ්‍රී ලංකාවේ දෙමව්පියන් විසින් අත්‍යවශ්‍ය දෙයක් විදියට සලකනවා. ඉතින් දෙමව්පියන් ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකු හමුවෙලා තම දරුවා ඉපදුණු දිනය, ස්ථානය සහ නිශ්චිත වේලාව දැනුම් දෙනවා. පසුව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් දරුවාට නම් තැබීම සඳහා දෙමව්පියන්ට තෝරා ගත හැකි ලිපි මාලාවක් දෙමව්පියන්ට ලබාදෙනවා. දරුවාගේ උපතේදී ආකාශ වස්තූන් පෙළගැස්වීම අනුව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් මෙම ලිපි ලබාගන්නවා. දරුවාට නමක් යෙදූ පසු ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා දරුවාට කේන්දරයක් නිර්මාණය කිරීම සිදුකරනවා. ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා දරුවාගේ උපතේදී පමණක් නොව, දරුවාට ආහාර කැවීමේදී (ඉඳුල් කටගෑම), දරුවා හෝඩිය ඉගෙන ගන්නා පළමු අවස්ථාවේදී (අකුරු කියවීම), දරුවාගේ හැදී වැඩීම සඳහා වාසනාව ගේනවා කියන විශ්වාසයෙන් මෙම උත්සව පැවැත්විය යුතු සුබ කාලවලදී ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා දෙමාපියන්ට උපදෙස් ලබාදෙනවා .
2. ළමා අධ්‍යාපනය

ශ්‍රී ලංකා දෙමව්පියන් තම දරුවන්ගේ අධ්‍යාපනය විශාල ලෙස අගය කරන බව පුදුමයක් නෙවෙයිනේ. දෙමව්පියන්ගේ ලොකුම සිහිනය තමයි, දරුවන් ඔවුන්ගේ වෘතීන්හී ඉහළ තලයන් කරා ළඟාවෙනවා දකින එක. ඉතින් දරුවාගේ කේන්දර සටහන ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකු වෙත ගෙනියන්නේ අධ්‍යාපනය, වෘත්තීන් පිළිබඳ උපදෙස් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. අනතුරුව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් දරුවාගේ වෘත්තීය මාවත කේන්දර මත පදනම්ව අනාවැකි පළ කරනවා. එ් වගේම විභාග කාලවලදී, දරුවාගේ අධ්‍යාපන මට්ටම් සහ උසස් පෙළ වැනි වැදගත් විභාගවලට මුහුණ දෙන විට, දෙමව්පියන් සුභ පැතුම් එක්රැස් කිරීම සඳහා ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නවා. ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා ලබාදෙන විභාග දිනයේදී දරුවා නිවසින් පිටවිය යුතු කාලය, තමන්ගේ දරුවාට වාසනාව උදාවනවා කියලා දෙමාපියන් විශ්වාස කරනවා.
3. ඔසප් වීම

ගැහැණු ළමයෙකු ඇති දැඩි කිරීමේ වැදගත් අංගයක් ලෙස මල්වර වීම බවට බොහෝ දෙනා කියනවා. මල්වර වීම එහෙමත් නැත්තම් වැඩිවියට පත්වීමේ අංගයේදී ස්නානය කිරීමේ චාරිත්‍රයක් බොහෝ නිවෙස්වල සිදු කරනවා. ඉස්සර මේ චාරිත්‍රය සිදු කළේ එම නිවසේ තරුණ වයසේ කාන්තාවක් සිටින බව ගමේ ජනතාවට දැන ගැනීමටයි. සම්ප්‍රදාය ජීවමානව තියාගන්න මේ චාරිත්‍රය අදටත් පවතිනවා. මේ වෙද්දි මේ මල්වර වීමේ උත්සවය ඉතාමත් උත්සවශ්‍රීයෙන් පවත්වන්නත් බොහෝ දෙනා පෙළඹිලා සිටිනවා. මෙම චාරිත්‍රය ඉටු කිරීමට, දැරියගේ මව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා හමුවී සිදුවීම සිදු වූ වේලාව හා ස්ථානය මෙන්ම එය සිදු වූ විට දැරිය ඇඳ සිටි ඇඳුමේ වර්ණය වැනි තොරතුරු ලබා දෙනවා . ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා පසුව ගැහැණු ළමයාගේ අනාගතය පිළිබඳ තොරතුරු පුරෝකථනය කරන අතර චාරිත්‍ර පැවැත්වීම සඳහා සුබ කාලය හා දිනය මවට ලබා දෙනවා. සමහර ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරුන් චාරිත්‍රයෙන් පසු දියණියගේ ඇඳුම කුමක් විය යුතුද යන්න පිළිබඳවත් මවට උපදෙස් ලබා දෙනවා.
4. සාමාන්‍ය උපදෙස්

බොහෝ අය සාමාන්‍යයෙන් ඔවුන්ගේ කේන්දරය ජ්‍යොතිෂවේදියා වෙත ගෙන යන්නේ මිනිසුන්ට වාසනාව හා අවාසනාව ගෙන දෙන කාලවකවානු පිළිබඳව මතයක් ලබා ගන්නයි. ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් අර්බුදකාරී කාලවකවානු එහෙමත් නැත්නම් අපල කාලය පිළිබඳ පුරෝකථනයක් කරන අතර එම කාලය තුළ තිබිය හැකි සෘණාත්මක ශක්තිය ප්‍රතික්ෂේප කිරීමේ අපේක්ෂාවෙන් ඔවුන්ට කළ හැකි විවිධ ක්‍රියා පිළිබඳව මිනිසුන්ට උපදෙස් දෙනවා. මෙම කාලය තුළ සිදු කරනු ලබන භාර සඳහා උදාහරණ වන්නේ පන්සල්වල “බෝධි පූජා” පැවැත්වීම හෝ සතුන්ට, විශේෂයෙන් බල්ලන් හා කපුටන්ට ආහාර පිරිනැමීමයි.
5. විවාහය

ජ්‍යෝතිෂය ශාස්ත්‍රය බොහෝ දුරට සම්බන්ධ වී ඇති ජීවිතයේ සන්ධිස්ථානයක් වන්නේ විවාහයයි. යුවළක් විවාහ වීමට පෙර ඔවුන්ගේ කේන්දර දෙකම ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයෙකුට පෙන්වන අතර, ඒවා කියවා යුවළට සහ ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන්ගේ පෞරුෂයන් එකිනෙකට ගැලපෙනවාද කියලා දැනුම් දෙනවා. කේන්දර ගැලපෙන්නේ නැත්නම්, දෙමව්පියන් සාමාන්‍යයෙන් විවාහයට පෙර යුවළට විරුද්ධ වනවා. පෝරුව උත්සවය ආරම්භ කිරීමට සුබ දිනයක් හා වේලාවක්, යුවළ මුදු හුවමාරු කර ගත යුතු කාලය මෙන්ම විවාහ උත්සවය පැවැත්වෙන ස්ථානයට යුවළ ඇතුළු වී පිටවිය යුතු වේලාවද ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් තිරණය කරනවා.
6. ඉදිකිරීම්

මිනිසුන් තම සේවා ස්ථානය සඳහා නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කළ විට, ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් ගොඩනැගිල්ලට අඩිතාලම දැමිය හැකි (මුල් ගල තැබීම) සුබ වේලාවකට උපදෙස් දෙනවා . ගෘහ නිර්මාණ ශිල්පියා විසින් ගොඩනැගිල්ල සඳහා සැලැස්ම සකස් කළ පසු, ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් ගොඩනැගිල්ලේ ඉදිරිපස දොර තැබිය යුත්තේ කොතැනටද කියලත් උපදෙස් දෙනවා. ඉන් අනතුරුව ජ්‍යෝතිෂය ශාස්ත්‍රවරයා විසින් ගෙට ගෙවැදීමේ උත්සවය පැවැත්වීම සඳහා සුබ කාලයක් නිර්දේශ කරනු කරනවා.
ඉතින් ජ්‍යෝතිෂය ශාස්ත්‍රය, හඳහන් කියන්නේ මේ වෙද්දි බොහෝ දෙනා විශ්වාස කරන දෙයක් වගේම ඒ අතර අතලොස්සක පිරිසක් මේවා විශ්වාස කරන්නේ නැහැ. කොහොමවුණත් මේ පිළිබඳව තියෙන විශ්වාසය ඉස්සර තරම් නැතිවෙලා තියෙන්නෙත් බොරු අනාවැකි සමාජගත වීම නිසා කියලා තමයි ගොඩක් අය කියන්නේ. හැබැයි මේ කියන අනාවැකි කෙනෙක්ට වරදින්නත් කෙනෙක්ට හරියන්නත් පුළුවන්. ඒක නිසා තෝරාගැනීම ඔයා සතුයි.









































මෙම පානය අයිස් යොදා බාර් එකෙන්ම සකස් කර සාරවිට මිශ්‍රණයක් සමග ඔබට පිළිගන්වන්නේ කුඩා පඩික්කමකයි. නැවුම් සහ සැහැල්ලු රසයක් එයට එක් වුණත් එහි රසය මොකද්ද කියලා ඔබට බොහෝ විට මුලින් සිතා ගන්නනම් බැරිවෙයි.
මෙය ඉතා රසවත් බවක් ගෙන දෙන බවනම් අපට විශ්වාසයි. මිරිස් පදමට යොදා මෙය සකස් කර තිබෙනවා. ඒ වගේම තමයි රුපියල් 350ක් වැනි මිලට සරිලන ආහාරයක් ඔබට රස විඳින්න අවස්ථාව ලැබෙනවා.

















පිටකොටුවෙහි මෙම ප්‍රදේශය ලිපි ද්‍රව්‍ය සැපයුම්, විශේෂයෙන් මංගල ආරාධනා සඳහා වඩාත් ප්‍රසිද්ධ වනවා.
බේකිං අමුද්‍රව්‍ය සහ කේක් බඳුන්, කේක් අච්චු වැනි උපකරණ රාශියක් මෙහි දී ඔබට සොයාගන්න හැකියාව තිබෙනවා.
වීදුරු වලින් සාදන ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම විශේෂයෙන් කණ්නාඩි වර්ග මෙහිදි සොයාගන්න පුළුවන් . ඒ වගේම , ඔබට ඉලෙක්ට්‍රොනික් හා සෙල්ලම් බඩු ද සොයාගන්න මෙහිදී හැකියාව තිබෙනවා.
මෙම වීදිය සාමාන්‍යයෙන් විවිධාකාර දේවල් වලින් සමන්විතයි. කලාකරුවන් සඳහා වන සැපයුම් සමඟ කලා සහ ශිල්පීය ද්‍රව්‍ය අලෙවි කරන සාප්පු කිහිපයක් මෙහි දකින්න ලැබෙනවා.ඒ වගේම ප්ලාස්ටික් මල් සමග ඔබට ඖෂධ සහ රසායනික සැපයුම් ද සොයාගැනීමට හැකියාව තිබෙනවා.
රෙදිපිළි කර්මාන්තයට අදාළ සෑම දෙයක්ම ප්‍රධාන විදීයෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම දෙවන හරස් වීදිය සහ කීසර් වීදිය රෙදිපිළි සම්බන්ධ සැපයුම්වලින් පිරී තිබෙන අතර ඔබට අවශ්‍ය ඕනෑම රෙදිපිළි වර්ගයන් මෙම මාර්ගවලින් සොයාගැනීමට පුළුවන්.
මෙහිදී ඔබට තරාදි හා මිටි, ඉස්කුරුප්පු නියන් වැනි මෙවලම් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
චීන වීදිය ප්‍රධාන පිටකොටු ජාලයට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති අතර අනෙක් වීදි තරම් ජනාකීර්ණ නැහැ. (බොහෝ දුරට). වීදුරු භාණ්ඩ සමඟින් ඔබට බොහෝ නික්නැක්, විසිතුරු භාණ්ඩ සහ උත්සව සදහා අවශ්‍ය සැරසිලි මිලදී ගන්න හැකියාව තිබෙනවා.
දුසිම් ගණනක් තොග ආහාර අලෙවි කරන තොග වෙළඳසැල් මෙම විදියෙන් ඔබට සොයාගන්න පුළුවන්. සියලුම ආපනශාලාහිමියන් තම සැපයුම් ලබා ගැනීමට යන ස්ථානය මෙය වන අතර එම වීදියේ උදේ වරුවේ දැඩි කලබලකාරී වාතාවරණයක් දකින්නට ලැබෙනවා.
ඔබ ලිපි ද්‍රව්‍ය, විශේෂයෙන් කඩදාසි සොයන්නේ නම් ඔබ යා යුතු ස්ථානය තමයි රෝහිණී පළමු හරස් පටුමග සහ කෝසාල පටුමග . ඒ වගේම මුද්‍රණ සැපයුම් විශාල ප්‍රමාණයක් මෙහිදී සොයාගන්න හැකියාව තිබෙනවා.
ඔබට ජංගම දුරකථනයක් තිබේ නම් හෝ එකක් මිලදී ගැනීමට වුවමනානම් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මෙම වීදියෙන් සොයාගන්න හැකියාව තිබෙනවා. ජංගම දුරකථන හැරුණු විට ඔබට වෙබ් කැමරාවන් වැනි අමතර උපාංග සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණද මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.
සපත්තු, ලෙදර් බෑග්, සංචාරක බෑග් සහ ඒ හා සමාන දේවල් වගේම ඔබ සංයුක්ත තැටි, ඩීවීඩී සහ කැසට්පට භාවිතා කරන අයගෙන් කෙනෙක් නම්, ඒවා සොයා ගැනීම සඳහා ඔබ යා යුතු ස්ථානය තමයි මල්වත්ත පාර.