Blog Page 24

ඉන්දියානු High Tea වල රසවත් අත්දැකීම විඳගන්න යන්න හොඳම තැන Indian Summer…

ඉන්දියානු ආහාර වලින් සමන් විත High Tea ඔයාලා try කරලා තියෙනවද? Indian Summer එකෙන් දැන් රුපියල් 2300 ඉන්දියානු රසම රස කෑම වර්ග 23 ක් එකතු කරලා whopping 43 piece platter එකක් ලබා දෙනවා. ඒ වගේම high tea එකට ඔයාට තෝරගන්න පුළුවන් දිල්මා තේ වර්ගයක්, ගෙදර හැදූ මසාලා චයි හෝ කෝපි. මේ high tea එක පහසුවෙන්ම දෙන්නෙක් හෝ තුන්දෙනෙක් අතර බෙදාගන්න හැකියාව තිබෙනවා. ඉතිං අපි හිතුවා මේ Indian Summer එකේ තියෙන් high tea එක try කරලා ඔයාටත් ඒ ගැන කියන්න.

 

Non-Vegetarian Mains

මේ platter එකේ Chicken Lollipop, Butter Chicken Sandwich, Chutney Egg Pattice සහ Chicken Pattice, Chicken Spring Roll, Kathi Roll, Samosa Chicken, Fish Koliwada, Malai Tikka   Tandoori Chicken Tikka-Chicken Seekh Kebab තමයි තියෙන්නේ.

 

Chicken Lollipop

මේ කුඩා ප්රමාණයේ Chicken Lollipop එක හොඳට හැපෙන රසවත් කුකුල් මස් bite එකක් වුණ අතර ඇත්තටම අපි මේකට ගොඩක් කැමති වුණා. එකක් කෑවහම තවත් කන්න හිතෙන තරම් රසයක් මේකේ තිබුණා.

Butter Chicken Sandwich

Butter Chicken Sandwich මේ තියෙන්නේ මොවුන්ගේ තවත් විශේෂ සොයාගැනීමක් කිව්වොත් හරියටම හරි. මේ සැන්විඩ්ච් එකේ බටර් කුකුල් මස් කැබලි, ක්රීම් සෝස් සහ සලාද කොළ තිබුණා. අපි ආයෙත් මේ සැන්විඩ්ච් එක කන්නනම් අනිවාර්යයෙන් යනවා

Chutney Egg Pattice and Chicken Pattice

මෙම පැටිස් වලට කුළුබඩු තව වැඩියෙන් යොදලා රස වැඩි කරානම් හොඳයි කියලා තමයි අපිට හිතෙන්නේ.

Chicken Spring Roll

Chicken Spring Roll චිකන් ස්ප්රිං රෝල් වල රසය සාමාන්ය වුණත් අපි එයට කැමති වුණා. අපට මේ Spring Roll ගැන විශේෂ කිසිවක් කියන්න නැතිවුණත්, හොඳින් පිසගත් කුකුල් මස් නිසා කන්න ආසාවක්නම් ඇතිවුණා.

Kathi Roll

පරාටා වලින් ඔතා ඇති ගොඩක් රසවත් කෙබාබ්, හොඳ හැපෙන සුළු ගතියෙන් තිබුණා. තව එකක් තිබුණානම් හොඳයි කියලා අපිට හිතුනා.

Kathi Roll

මෙය අපි සාමන්‍යයෙන් කන සමෝසා එකම තමයි. හොඳ පිරවුමක් එක්ක මේ සමොස එක පිළිගන්වලා තිබුණා. විශේෂ යමක් තිබුණේ නැති වුණත් කෑමට ප්‍රියයි.

Fish Koliwada

මේකත් අනිත් කෑම වගේම ගොඩක් රසවත්. මේ Fish Koliwada එකට ඔයාලත් අනිවාර්යෙන් කැමති වෙනවා.

Malai Tikka-Tandoori Chicken Tikka-Chicken Seekh Kebab

කුකුල් මස් තුන් ආකාරයෙන් හදලා තිබෙන මේ කෑම එකත් මාරම රසයි. මෙවගින් ඇතිවෙන්න කන්න හිතෙනවා. ඉතින් අපි තවත් oder කලා. Indian Summer එකට ගියාම අනිවාර්යෙන් ඔයත් මේ කෑම එක try කරන්න අමතක කරන්න එපා.

 

 

Vegetarian Mains

මේ platter එකේ නිර්මාංශ ආහාර වර්ග 6ක්ම එයාලා පිළිගන්වනවා.

මේ platter එකේ Samosa Veg, Bhajiya, Chili Mili Kebab, Batata Wada, Cheese Corn Balls, Veg Sandwich තමයි තියෙන්නේ.

Samosa Veg

සමෝසා එක platter එකේ තිබුණ හොඳම කෑමක් කියන්න බැහැ. එළවළු පිරිමක් එක්ක සාදා තිබුණත් අපිට හරිම රසවත් කියන්න තරම් දෙයක් එකෙ තිබුණෙ නැහැ.

Bhajia

රන්වන් පාටට හැපෙන සුළු විදියට බැදලා තිබුණ Bhajia එක රසවත් නිර්මාංශ ආහාරයක් .

Chili Mili Kebab

සෞඛ්‍ය සම්පන්න පැත්තෙන් කෙබාබ්, අර්තාපල්, නිවිති සහ අනෙකුත් නිර්මාංශ-හිතකාමී අමුද්‍රව්‍ය මෙම රසවත් බයිට් ප්‍රමාණයේ Chili Mili Kebab සෑදීම සඳහා යොදාගන තිබෙනවා.

Batata Wada

මේ බටටා වඩා එකේ කියන්න තරම් රසයක් නැහැ.

Cheese Corn Balls

මේ Cheese Corn Balls තමයි platter එකේ රසවත්ම කෑම. ඒ ටික කොහෙන් ගියාද කියන්න නැහැ. ඇත්තටම හරිම රසවත්.

Veg Sandwich

මේකත් non- vegi Sandwich එක වගේම රසවත්. සමස්ත රසයටම අපි කැමති වුණා.

 

Dessert

මේ platter එකේ Kheer, Sheera, Baked Yoghurt, Gajar Halwa, Brownie, Gujiya තමයි තියෙන්නේ.

Kheer
Kheer කිරි, සීනි සහ සහල් එකතු කරලා තිබුණ Kheer එක ඇත්තටම අපිට ලොකු සංග්රහයක්.
Sheera
Sheera එකනම් ඇත්තටම ගොඩක් රසවත්. මෙයට ගිතෙල්, සීනි, කජු සහ ඇට වර්ග හොඳට දාලා රසවත්ව හදලා තිබුණා.
Baked Yoghurt
මේකනම් දිව්‍යමය පානයක් වගේ . කිරි සහ ක්‍රීම් යෝගට් කුඩා වීදුරුවක දාමා හපන්නට ආමන්ඩ් සහ පිස්ටා ගොඩක් අපිට ලබා දුන්නා.

 

Gajar Ka Halwa

Gajar Ka Halwa ඔයාලා carrot වලට කැමති ඇති කියලා අපි හිතනවා. ඔයා කැරට් අතුරුපසට කැමති නැති වුණත් විශ්වාස කරන්න මේක ඇත්තටම රසවත්. ඔයා මේක බිව්වා කියලා කොහොමවත් පසුතැවිලි වෙන එකක් නම් නැහැ.

Brownie

Brownie එකත් හොඳයි . Complaints කරන්න කිසිදෙයක් නැහැ. හොඳම part එක තමයි Indian twist එක. ගුණයෙන් පිරුණූ nuts ඔයාට crunch එකක් ලබා දෙනවා. මේක සාමාන්‍ය Brownie එකකට වඩා ගොඩක් වෙනස්. ඇත්තටම රසවත් . ඒ වගේම ගුණවත්.

 

Gujiya

අපි හිතුවේ වැරදිලා මේ කෑම එක අපිට ගෙනත් දීලා කියාලා. Gujiya එක නිකන් මාළු පැටියෙක් වගේ. පැණි රසට කැමති ශයාටම තමයි මේ අතුරුපසනම් තියෙන්නේ. පොලුයි හකුරුයි දාලා තමයි හදලා තියෙන්නෙ. අපි ඇත්තටම කැමති වුණා මේ අතුරුපසට.

 

 

Ambience

Indian Summer කියලා කියන්නේ party එකක් වගේ private events වලට හොඳම තැනක්. ඔවුන්ගේ උඩුමහලේ නවීන පන්නයට සෑදූ භෝජනාගාරයක් අපට දැකගන්නට පුළුවන් වුණා. එයාට සාම්ප්රධායික ආසියානු බවකුත් එක්කර තිබීම විශේෂත්වයක්. ඒ වගේම එළිමහන් භෝජනාගාරයක්ද මෙහි තිබූ අතර පවතින කාලගුණය සහ ඒ අවට ඇති කලබලයත් එක්ක එක එක්කෙනාට තමන්ගේ කැමැත්ත අනුව මෙය තෝරගන්න පුළුවන්. කෙහොමවුණත් අපි මෙහි ඇතුලත භෝජනාගාරයට වඩාත් කැමති වුණා. ඔවුන්ගේ පාරිභෝගික සේවයනම් විශිෂ්ටයි! හැම කෙනෙක්ම අපගේ හැම අවශ්යතාවකටම කිසිදු පැමිණිලි කිරීමකින් තොරව උදව් කළා. ඉන්දියානු ආහාර ගැන ඔබට කිසියම් ප්රශ්නයක් ඇත්නම් ඔවුන්ගෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඔවුන්ගේ දැනුම සහ සූපශාස්ත්ර ශිල්පය ඔබ සමඟ බෙදා ගැනීමට ඔවුන් ඇත්තටම කැමතියි.

දණහිසේ සහ වැලමිටේ ඇති අඳුරු පැහැය ගෙදරදීම ලේසියෙන් ඉවත් කරගමු …

ගොඩක් වෙලාවට අපි හැම වෙලේම බලන්නේ මූණ ලස්සනට තියාගන්න. ඒ වුණාට ශරීරයේ අනිත් තැන්වලට දෙන අවධානය අවමයි. අපි හැමවෙලේම හිතන්නේ මූණ ලස්සනට තියාගත්තොත් ඇති කියලා. Black spot කියන්නේ අපිව අපහසුතාවයට පත් කරන තවත් දෙයක්. කලින් කිව්වා වගේ මුහුණේ ඇතිවෙන Black spot ඉවත් කරන්න අපි නොයෙකුත් treatment කරනවා. ඒ වුණාට දණහිස සහ වැලමිට කලුපාට වෙන එකට අපි කීයෙන් කීදෙනෙක් treatment කරනවා ඇතිද. ගොඩක් දෙනෙක් full body treatment කරන්නේ නැත්‌තේ ලංකාවේ බහුතරයකට වියදම කරන්න තරම් මාසික ආදායමක් නැතිකම. ඉතිං අද ගැස්ම හිතුවා වැඩි වියදමක් යන්නේ නැතිව ගෙදරදීමේ දණහිස් සහ වැලමිට කලුවෙන එක අවම කරගන්න කරන්න පුළුවන් ප්‍රතිකර්ම ගැන ඔයාලව දැනුවත් කරන්න.

 

පිපිඤ්ඤා

Cucumbers: Health Benefits & Nutrition Facts | Live Science
බ්ලීච් කිරීමේ ගුණාංග නිසා පිපිඤ්ඤා අඳුරු දණහිස සහ වැලමිට කලු වීම අවම කිීමට වඩාත් ළුලදායී ක්‍රමයක් ලෙස හදුන්වන් පුළුවන් . එයින් මිය ගිය සමේ සෛල ඉවත් කර ඔබේ සම තෙතමනය තබා ගන්නවා.
පිපිඤ්ඤාවල අඩංගු විටමින් ඒ සහ සී සම ලස්සන හා නැවුම්ව තබා ගන්න උපකාරී වෙනවා..

විනාඩි 15 ක් ඔබේ වැලමිට සහ දණහිසට වඩා පිපිඤ්ඤා පෙත්තකින් මෘදු ලෙස අතුල්ලන්න.
තවත් මිනිත්තු 5 ක් තබන්න, ඉන්පසු සීතල වතුරෙන් සොදා හරින්න..
ඒ වගේම ඔයාට පුළුවන් පිපිඤ්ඤා යුෂ සහ ලෙමන් යුෂ සමාන ප්‍රමාණයක් මිශ්‍ර කරගන ඔබේ දණහිස, වැලමිට සහ යටි පතුල් මත ආලේප කරන්න. මිනිත්තු 20 ක් තබා එය සෝදන්න .මෙය දිනපතා කරන්න.

 

ලෙමන් සහ බේකිං සෝඩා

The Beauty Benefits of Baking Soda for your Skin - BeBeautiful

ලෙමන් යනු සම දීප්තිමත් කරන අමුද්‍රව්‍යයක්. එය ප්‍රතිඔක්සිකාරක සහ විටමින් සී වලින් පිරී ඇති අතර එමඟින් සමේ පුනර්ජනනය සහ සමේ පැහැය වැඩි දියුණු කරනවා. බේකිං සෝඩා සමේ අඳුරු ප්‍රදේශ සුදු කිරීම සඳහා මෘදු හා ළුලදායී පිරිසිදුකාරකයක් ලෙස ක්‍රියා කරනවා.

ලෙමන් ගෙඩියක් ගෙන එය කොටස් 2 කට කපන්න. ලෙමන් බෑවක බේකිං සෝඩා තේ හැන්දක් දමා වැලමිට සහ දණහිස විනාඩි 1 ක් අතුල්ලන්න. මිනිත්තු 15 ක් තිබෙන්න හැර උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය දින 2 කට වරක් නැවත නැවත සිදු කරන්න.

කෝමාරිකා සහ කිරි

The Best DIY Hair Conditioner For Soft Hair | Diy hair conditioner, Hair  conditioner, Homemade hair products

කෝමාරිකා වලට ඔබේ සම තෙතමනය හා uneven skin tone එක වැඩි දියුණු කිරීමට උපකාරී වන ද්‍රව්‍ය අඩංගු වෙනවා. එයට ප්‍රති-බැක්ටීරියා සහ දිලීර නාශක ගුණ තිබෙනවා. කෝමාරිකා සහ කිරි සංයෝජනය ස්වාභාවිකවම ඔබේ සම සැහැල්ලු කර ගැනීම සඳහා සරල හා ප්‍රයෝජනවත් ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

කිරි සහ කෝමාරිකා මද සමාන ප්‍රමාණයක් මිශ්‍ර කර ඔබේ සමට ආලේප කරන්න.
එය රැයක් එය තබා ඊළඟ දවසේ උදේ සෝදා හරින්න.
විකල්පයක් ලෙස, කෝමාරිකා ජෙල් ඔබේ දණහිස සහ වැලමිටට ආලේප කර මිනිත්තු 20 ක් එය නබා උණුසුම් ජලය මගින් එය සෝදා හරින්න.

 

අල

How To Remove Tan With Potato? / Tan Removal With Potato
අර්තාපල් ස්වාභාවිකවම ඔබේ සම lighten හැකි කැටෙකෝලේස් එන්සයිම වලින් පොහොසත් ය. දිනපතා අර්තාපල් භාවිතය ඔබේ සම මෘදු කරන අතර අඳුරු ප්‍රදේශ ඉවත් කිරීමට උපකාරී වෙනවා.

අර්තාපල් grate කරගන යුෂ මිරිකා ඔබේ සමට ආලේප කරන්න. එය මිනිත්තු 15 ක් ඔබේ සම මත තබන්න, ඉන්පසු එය වතුරෙන් සෝදා හරින්න. ඉන්පසු මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න. අර්තාපල් පෙති වලට කපා ඔබේ වැලමිට සහ දණහිස විනාඩි 10-15 අතර කාලයක් එයින් අතුල්ලා සොදා හරින්න.

 

 

කහ

10 Proven Health Benefits of Turmeric and Curcumin

කහ යනු වඩාත් ස්වාභාවික පිළියම වන අතර කිසිදු අතුරු ආබාධයකින් තොරව ඔබේ දණහිස සහ වැලමිටෙන් අපිරිසිදු හා මිය ගිය සමේ සෛල ඉවත් කරයි. අඳුරු පැහැයට හේතු වන මෙලනින් අතිරික්ත නිෂ්පාදනය අඩු කරන සහ නියාමනය කරන කර්කුමින් නම් සංයෝගයක් එහි කහ අඩංගු වෙනවා.

කිරි මේස හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කරන්න.
එය දණහිසට සහ වැලමිටේ ආලේප කරන්න .
මිනිත්තු කිහිපයක් සම්බාහනය කර ස්වභාවිකව වියළීමට තබන්න.
උණුසුම් ජලය මගින් එය සොදා හරින්න.
වඩා හොඳ ප්‍රතිළුලයක් සඳහා ඔබට මේ මිශ්‍රණයට මී පැණි ටිකක් එකතු කරන්න පුළුවන්.

 

 

පොල්තෙල්

10 uses of coconut oil to benefit your hair, skin and health

පොල්තෙල් අත්‍යවශ්‍ය මේද අම්ල සහ විටමින් ඊ වලින් පිරී ඇති අතර එය අඳුරු හා හානියට පත් සම අලුත්වැඩියා කිරීමට උපකාරී වෙනවා..

හැමදාම නෑවට පස්සේ සමේ අදුරු ප්‍රදේශවලට පොල්තෙල් ආලේප කරන්න.
සමට තෙල් අවශෝෂණය වන තෙක් මිනිත්තු 2-3 ක් මෘදු ලෙස සම්බාහනය කරන්න.
පොල්තෙල් මේස හැන්දකට නැවුම් ලෙමන් යුෂ මේස හැඳි 1/2 එකතු කර ඔබේ දණ සහ වැලමිට මෘදු ලෙස සම්බාහනය කරන්න.

මී පැණි

9 Health Benefits of Raw Honey + Effects on Blood Sugar - SelfHacked
මී පැණි ස්වභාවික මොයිස්චරයිසරයක් ලෙස ක්‍රියා කරනවා . ලෙමන් සමඟ මිශ්‍ර කිරීමෙන් ඔබේ සමේ පැහැපත් කරගන්න හැකියාව තිබෙනවා.

මී පැණි තේ හැදි 2ක් , ලෙමන් භාගයක යුෂ සහ බේකිං සෝඩා මේස හැඳි එකක් මිශ්‍ර කරගන්න.
අඳුරු ප්‍රදේශවලට මිශ්‍රණය ආලේප කරන්න.
මිනිත්තු 20 ත් 30 ත් අතර කාලයක් තිබෙන්නට හැර සෝදා හරින්න..
මී පැණි ,කිරි සහ කෝමාරිකා සමඟ හොඳින් ක්‍රියා කරන අතර ඔබට මී පැණි තේ හැදි 1 ක් කිරි මේස හැඳි 1 සහ කෝමාරිකා මද තේ හැදි 1 සමඟ මිශ්‍රකර පේස්ට් එක ඔබේ සමට ආලේප කර විනාඩි 15 ක් තබන්න.
ඉන්පසුව උණු වතුරෙන් සෝදා හරින්න.

සීනි සහ ඔලිව් ඔයිල්

Suka Makan Banyak? Yuk Kepoin Konsumsi Gula, Garam dan Lemak yang Aman –  KSR PMI

සීනි සහ ඔලිව් තෙල් වලින් ගෙදරදීම හදාගන්න පුළුවන් ස්ක්‍රබ් එකෙන් ඔබේ සම පෝෂණය කර , හයිඩ්‍රේට් කර, මැරුණු සෛල ඉවත් කරනවා.

සීනි සහ ඔලිව් තෙල් සමාන ප්‍රමාණයක් අරගෙන හොඳින් මිශ්‍රකරගන්න..
එය දණහිස සහ වැලමිටට ආලේප කර විනාඩි 5 ක් පමණ රවුම් චලිතයකින් සම්බාහනය කරන්න.
සතිපතා මෙය නැවත නැවත සිදුකරන්න.
ඔබේ මුහුණ පිරිසිදු කිරීමටද මෙම ස්ක්‍රබ් භාවිතා කළ හැකියාව තිබෙනවා. ඔබේ සමට හානියක් විය හැකි බැවින් අධික ලෙස scrub කරන්නනම් යන්න එපා.

Oatmeal scrub

Honey Oat Scrub for Face and Body Soothes and Brightens Skin
ඕට්ස් යනු සමේ පැහැය වැඩි කර ගැනීම සඳහා තවත් ළුලදායී ක්‍රමයක් . මේ සදහා ඔයාට ලෙමන් යුෂ, ඕට්ස් සහ ලුණු ටිකක් අවශ්‍ය වෙනවා.

ලෙමන් යුෂ 1/2 , ඕට්ස් 1/2 තේ හැදි සහ ලුණු පොඩ්ඩක් එකිනෙකට මිශ්‍ර කරගන්න.
ඔබේ දණහිසට සහ වැලමිටට විනාඩි 10-15 අතර කාලයක් වක්‍රාකාරව ආලේප කරන්න.
ඉන්පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
හොඳම ප්‍රතිළුල ලබා ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය සතියකට 3-4 වතාවක් නැවත නැවත කරන්න.
ඒ වගේම ඔයාට පුළුවන් ඕට්ස් තේ හැදි 2, කිරි මේස හැඳි 2ක් මිශ්‍රකරගන අඳුරු ප්‍රදේශවලට විනාඩි 10 ක් ආලේප කර තිබෙන්න හරින්න . ඉන්පසු එය වතුරෙන් සෝදා හරින්න. මෘදු, සිනිඳු, සෞඛ්‍ය සම්පන්න සහ දීප්තිමත් සමකට හිමිකම් කියන්න දැන් ඉතිං ඔයාටත් පුළුවන්.

විනාකිරි සහ යෝගට්

Natural Beauty Tips: 5 Simple Home Tricks to Destroy Dark Knees and Elbows  and Be Cool This Summer

විනාකිරි වල ඇසිටික් අම්ලය සහ යෝගට් වල ලැක්ටික් අම්ලය අඩංගු වීම නිසා එයින් ඔබේ දණ සහ වැලමිට පිරිසිදු කර සම පැහැපත් කරයි.

යෝගට් තේ හැදි 1 ක් සහ ඇපල් සයිඩර් විනාකිරි තේ හැදි 1 ක් මිශ්‍ර කරගන්න.
මෙම මිශ්‍රණය ඔබේ සම මත ආලේප කරන්න.
මිනිත්තු 15 ක් තබා උණුසුම් ජලය සමග සෝදා හරින්න.
මෙම ක්‍රියාපටිපාටිය සතියකට 3-4 වතාවක් නැවත නැවත කරන්න.
ඔබේ සම පැහැපත් කරගත හැකි තවත් පහසු ක්‍රමයක් නම් ඇපල් සයිඩර් විනාකිරි වතුර ස්වල්පයක් මිශ්‍ර කර වැලමිට සහ දණහිසට කපු බෝලවලින් ආලේප කරන්න . මිනිත්තු 15 ක් තබා එය සෝදා හරින්න.

 

මේ දේවල් ටික වැඩි වියදමක් නැතිව දැන් ඔයාට ගෙදරදීම කරගන්න පුළුවන්. Try කරලා බලලා ඔයාගේ අද්දැකීමුත් අපිට පහළින් comment කරන්න අමතක කරන්න එපා..

නින්දෙන් ගොරවන නිසා ඔයාට හස්බන්ඩ්ව එපා වෙලාද? එහෙනම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න…

මට අද මේ ලිපිය ලියන්න හිතුනේ මගේ හොඳම යාළුවා එයාගේ හස්බන්ඩ් එක්ක බහින් බස්වීමක් ඇති කරගන තියනවා. හේතුව ඇහුවම කිව්වේ ඒ මනුස්සයා රෑට start කරපු ගල් රෝලක් වගේ මහ සද්දෙන් ගොරවනවලු. ඉතිං මේ කෙල්ලට නිදියන්නම නෑලු. මේන්න මේ හේතුව නිසා දෙන්නා අතර හිත් අමනාපකම් එහෙමත් සමහර වෙලාවට ඇතිවෙනවලු.

නින්දෙන් ගොරවන එක ඇත්තටම කවුරුත් හිතලා කරන දෙයක් නෙවෙයි. මේක ස්භාවික දෙයක්. ගොඩක් වෙලාවට නින්දෙන් ගොරවන්නේ පිරිමි අය. නින්දෙන් ගොරවන්න ප්‍රධාන හේතු සාදක ලෙස නාසය අවහිරවීම, ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාලවීම, නාස් ආවාරය ඇදවීම, විශාල වු සෙම් ගෙඩි, දික් වූ මෘදු තල්ල සහ රස දිව, විශාල වූ දිව, තරබාරු ශරීරය හා කෙටි බෙල්ල, නිදි බෙහෙත් හෝ මත්පැන් භාවිතය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නින්දෙන් ගෙරවීමට හේතු වෙනවා.

නින්දෙන් ගෙරවීම ඇත්තටම ගොරවන කෙනාට නෙවෙයි අවට ඉන්න අයට තමයි ලොකු බාධාවක් වෙන්නේ . හොඳට තියෙන පවුලුත් මේ ගෙරවිල්ල නිසා කැඩෙන අවස්ථා නැතුවාම නෙවෙයි. මෙන්න මේ හේතුව නිසාම ගැස්ම හිතුවා ගෙරවිල්ල නැති කරගන්න ගෙදරදීම පහසුවෙන්ම කරගන්න පුළුවන් ස්වාභාවික ක්‍රම ගැන ඔයාලව දැනුවත් කරන්න.

 

01- peppermint oil සහ goldenseal

If You Can’t Stop Snoring, Natural Remedies Just Might Help You (and Your Partner)

සමහර වෙලාවට නාසයේ හෝ උගුරේ ඇතියෙන තදබදය හේතුවෙන් පුද්ගලයෙක් නින්දෙන් ගොරවනවා වෙන්න පුළුවන්. peppermint oil වලට පුළුවන් උගුරේ හෝ පපුවේ ඇති සෙම හිරවීම ඉවත් කරලා හුස්ම ගැනීම පහසු කරන්න. peppermint oil වල අඩංගු සංයෝගවලට ප්‍රති-ක්ෂුද්‍ර ජීවී, ප්‍රතිවෛරස් සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති බව අධ්‍යයන කිහිපයකින් හෙළි වී ඇති අතර එයින් අදහස් කරන්නේ ශ්වසන පත්‍රිකාවේ ආසාදන වලට එරෙහිව සටන් කළ හැකි බවයි.

goldenseal කියන්නේ ගෙරවීම අවම කරන තවත් ප්‍රතිකාරයක්. මෙයින් ඔබේ පපුවේ හා නාසික මාර්ගවල තදබදය අවම කරනවා. සමහර පර්යේෂණයන්ට අනුව goldenseal වැනි ඖෂධීය ශාක වලට ප්‍රතිදේහ නිෂ්පාදනය වැඩි කිරීමෙන් ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන්න හැකියාව තිබෙනවා.

02- vitamin C

Sources of Vitamin C Other Than Oranges

විටමින් සී යනු ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සහ ශ්වසන සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා තිබෙන ස්වාභාවික පිළියමක්. නින්දෙන් ගෙරවීමට ප්‍රධාන හේතුවක් වන්නේ සෙම නිසා වා කුහර අවහිර වීම.

ප්‍රමාණවත් විටමින් සී පරිභෝජනය කිරීමෙන් මෙවෙැනි අවහිර වීම් අවමකරගන්න හැකියාව තිබෙනවා. විටමින් සී බහුල ආහාර තමයි බ්රොකොලි, දොඩම්, ලෙමන්, රතු බෙල් පෙපර්, පැපොල් සහ විශේෂයෙන්ම අන්නාසි. අන්නාසි වල සයිනස්-සටන් කාරකය බ්‍රෝමලේන් අඩංගු වෙනවා.

ඔබ නින්දට යාමට පැයකට පෙර මිරිකාගත් නැවුම් දෙඩම් යුෂ වීදුරුවක් හෝ අන්නාසි පෙති කිහිපයක් ආහාරයට ගන්න මතක තියාගන්න.

 

 

03- කපුරු

Eucalyptus - Wikipedia

ඖෂධීය කපුරු පැලෑටිය සෙම්ප්‍රතිශ්‍යාව අවම කිරීමට උපකාරී වෙනවා. කපුරු තෙල් වලින් 70% – 90% ක් පමණ ප්‍රතිඔක්සිකාරක සහ වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා. එයට බැක්ටීරියා, වෛරස් හා දිලීර ආසාදන සමඟ සටන් කළ හැකි අතර ශ්වසන මාර්ගය පිරිසිදුව තබා ගැනීමට සහ ශ්ලේෂ්මල පටලය ඇතිවීම වළක්වා ගැනීමට උපකාරී වෙනවා. රාත්‍රී කාලයේදී ගෙරවීම වළක්වා ගැනීම සඳහා කපුරු භාවිතා කරන්න පුළුවන් විවිධ ක්‍රම තිබෙනවා.

ඔයා හුමාලය අල්ලනවා නම් උණු වතුර භාජනයට කපුරු කොල කිහිපයක් එකතු කර නාසය හා මුඛය හරහා හුස්ම ගන්න .

steam bowl එකක් භාවිතා කරනවා නම් හුමාල අල්ලන විට හිස තුවායකින් ආවරණය කරගන හුමාලය අශ්වාස කරන්න මතක තියාගන්න.

මෙය නිදියන්න පෙර සිදුකරන්න. එවිට නාසය අවහිර වී තිබෙනවා නම් එය මග හරවාගන සුවබර නින්දක් ලබා ගන්න හැකියාව තිබෙනවා.

 

 

04- ශරීරයේ බර

Reduce Face Fat: These 8 facial exercises will help you get rid of face fat | Facial Exercises to Reduce Double Chin & Chubby Cheeks

සමහර විට ශරීරයේ අතිරික්ත බර, විශේෂයෙන් බෙල්ල වටා ස්තූලතාවය වැඩිනම් නින්දෙදී ගෙරවීමට ඇති ඉඩකඩ වැඩීයි. ඉන්දියාව විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, නින්දෙන් ගොරවන රෝගීන්ගේ බෙල්ලේ වට ප්‍රමාණය, සාමාන්‍ය ප්‍රමාණයට වඩා සැලකිය යුතු තරම් විශාල බව සොයාගන තිබෙනවා.

මෙයින් පෙනී යන්නේ පුද්ගලයකුගේ බෙල්ලේ ප්‍රමාණය ගෙරවීමට බලපෑම් ඇතිකරන බවයි. මේ නිසා ඔබේ බර අඩු කරගැනීමෙන් නින්දේ රටාවන් වැඩි දියුණු කිරීමට වගේම ශ්වසන අපහසුතා අවම කරගන්න හැකියාව තිබෙනවා.

 

05- දුම්පානය

Smoking may protect against Parkinson's disease – but it's more likely to kill you

සිගරට් මගින් අපගේ නාසයේ කුහරවල සහ උගුරේ පෙණහලු අවහිර වන අතර එමඟින් ඇසේ සුද ඇතිවෙන් හැකියාව තිබෙනවා. දුම්පානය හේතුවෙන් නාස් කුහර අවම වීම නිසා වාතය ගලා යාම අඩු වෙනවා. ඒයින් ඔබට නාසය හරහා හුස්ම ගැනීම වඩාත් අපහසු කරවනවා.

මේ නිසා ඔබ නින්දෙන් ගොරවන්න පටන් ගන්නවා. මොකද සෑම සිගරැට්ටුවක් නිසාම නාය අවහිර වීම වැඩි වෙනවා. දුම් පානය කරන පුද්ගලයට පමණක් නෙවෙයි ඒ අවට සිටින අයටත් මෙයින් බලපෑමක් ඇතිවෙනවා.ඔබ දුම්පානය නතර කිරීමට මානසිකව සූදානම් නැතිනම්, ඔබ නින්දට යාමට පෙර අවම වශයෙන් පැය 4කට කලින්වත් දුම්පානය නතර කරන්න උත්සහ කරන්න.

 

 

06-ඔබේ ආහාර වේල වැඩි දියුණු කරන්න

Summer recipes - BBC Good Food

ශරීරයේ දැවිල්ල අඩු කරන ප්‍රතිඔක්සිකාරක සහ එන්සයිම බහුල ආහාර වේලක් යනු නින්දෙන් ගෙරවීම තුරන් කිරීමට හොඳම ක්‍රමයක්. ඔබ නිදියන්න ඇඳට යන්නට කලින් කිරි නිෂ්පාදන පරිභෝජනය කරනවානම් එයින් සිදුවෙන්නේ උගුරේ හා මුඛයේ ශ්ලේෂ්ම තට්ටුවක් ඉතිරි කරීමයි. එයින් ඔබ නින්දෙන් ගෙරවීම තවත් වැඩි කරනවා.

තව දෙයක් . ඔයා නින්දට පෙර කෑම ගොඩක් ආහාරයට ගන්නවානම් එක දැන්ම නවත්තන්න. ඔබේ බඩ ආහාර වලින් පිරී ඇති විට, එය හුස්ම ගැනීමට බලපානවා. ශරීරයට වැඩි වාතයක් අවශ්‍ය නිසා ඔබ විශාල කෑම ප්‍රමාණයක් අරන් තිබෙනවානම් වාතයට අවශ්‍ය පරිදි ශරීරයේ ගමන් කරන්න හැකියාවක් නැතිවෙනවා. මේ නිසා නින්දෙන් ඔබ ගොඩක් ගොරවන්න ඉඩකඩ වැඩියී.

ඔබ නින්දෙන් ගෙරවන කෙනෙක්නම් මේ ආහර ගන්න එපා.

බැදපු කෑම
කිරි ආශ්රිත නිෂ්පාදන
මත්පැන්
චොකලට්
සැකසූ ආහාර
සරල කාබෝහයිඩ්රේට්

 

 

07-ගෙරවීම අවම කිරීමට ස්වාභාවික ප්‍රතිකාරයක්

Drink This Juice Before Bedtime To Stop Snoring And Sleep Apnea

ඔබේ ශරීරය නිපදවන ශ්ලේෂ්මල ප්‍රමාණය අඩු කිරීමට, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට සහ පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට මෙම පානය සියලු ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම එය ඔබේ උගුර හා නාසයේ මාර්ග අවහිර කරන අතිරික්ත සෙම ඉවත් කරනවා වගේම නාසයේ ඇතිවන පීඩනය අවම කර හොඳින් හුස්ම ගන්න හැකියාව ලබා දෙනවා.

අමුද්‍රව්‍ය-

කැරට් ගෙඩි 2ක්
ඇපල් ගෙඩි 2ක්
ලෙමන් ගෙඩියක 1/4
ඉඟුරු කෑල්ලක්
දොඩම් යුෂ කෝප්පයක්

මෙම සියලු අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කර නින්දට පැය කිහිපයකට පෙර පානය කරන්න.

 

තදින් ගෙරවන කෙනෙකු හුස්ම ගැනීමට සෑම තත්ත්පර 10කට අධික කාලයක් වරින් වර නවත්වන අතර පැය 7ක නින්දකදී 30 වතාවක් හුස්ම ගන්න නවත්වනවානම් එක භයානක තත්ත්වයක්. පුද්ගලයා එවිට වරින් වර හුස්ම හිරවෙලා ඇහැරෙනවා. රුධිරයේ ඇතිවෙන ඔක්සිජන් සාන්ද්‍රණය හෘදයට පෙනහළුවලට සහ මොළයට බලපානු ලබනවා. ඒ වගේම අධික රුධිර පීඩනය හෘදයාබාධද ඇතිකරනවා. මේ නිසා නින්දෙන් ගෙරවීම වලක්වා ගන්න කන නාසය උගුර සායනයකට අදම යන්න.

 

තලෙළු සම නිසා කනස්සල්ලෙන්ද ? සුදු වෙන්න එක එක ජාතියේ cream හොයනවාද? එහෙනම් මේ ලිපිය ඔයාටයි…

අද ගොඩක් මහන්සි දවසක් . Town එක ලං වෙද්දි ම Handbag එක කරට දාගෙන මිනිස්සු අතරින් පතරින් ඇවිදන් Bus එකෙන් බැස්සේ අම්මා උදේම මට බෙහෙත් ගන්න කියලා දුන්න Recite එකත් අතේ තියාගෙනමයි. හවස් උන නිසා මාත් ඉක්මනින් ඇවිදන් Pharmacy එක පැත්තට ගියා. Pharmacy එකේ ඉඳන් එළියට ආව ගෑණු ළමයෙක්ගෙ ඇඟේ හැප්පුනේ මගෙත් ඉක්මන්කම නිසාමයි .ඒ ළමයා අරගෙන තිබ්බ බෙහෙත් ටිකත් බිම වැටිලා…”අනේ සොරි නංගි” කියලා මට ඉබේටම කියවුනා .ඒ එක්කම මාත් බිම නැමුනා බෙහෙත් ටික අහුලන්න….ම්……ම්ම්……බෙහෙත් නෙමෙයි .එක එක Tablets ගොඩක්. මූණට ගාන cream එකකුත් තිබ්බා . මම උදව් කරද්දි , “අනේ කමක් නෑ අක්කේ. මං අහුල ගන්නම් ” කිව්වා. හිනාවෙන් පිරුණු ඒ මූන දිහා බලාගෙනම මං අහුලපු tablets ටික එයා අතට දුන්නා. ” කෙල්ලන්ගෙ ඉතිං පඩි ඉවර වෙන්නේ සුදු වෙන්නනේ අක්කේ ,අක්කා හදිස්සියට පෝලිම අමතක කරල ඇවිල්ල තියෙන්නෙ… දැන් ඉතින් මීටරෙන් ඉන්න ඕනි කාලෙනේ ” කියා ගෙන Pharmacy යේ දොරකඩින් එලියට ගියා. හරිම නිහතමානී වගේම පැහැපත් නංගි කෙනෙක් . ඇයි සුදු වෙන්න හිතන්නේ? ….එයා කොහොමත් ලස්සනයිනේ…පෝලිමේ ඉද්දි මට කල්පනා වුණා.

තලෙළු සම ගැන සමාජයේ ඇසින්

The Colours of Colourism; A Deeply Rooted Global Concern | Voices of Youth
අද කාලේ හුඟක් ගෑණු ළමයින්ගේ මාසික ආදායම ඉවර වෙන්නෙ හුගක් beauty products වලටම තමයි. dark skin එකක් එහෙම නැත්තම් තලෙළු සමක් කියන්නේ වාසනාවක් කියලයි මං අහල තියෙන්නෙ. ඒත් අද සමාජයේ මතයට අනුව හුඟක් අය dark skin එකක් තියෙන අයව වැඩිය Care කරන්නේ නෑ. මොකද අපි පුරුදුවෙලා තියෙනවා දැක්ක පමණින් ආකර්ෂණීය වෙන දේවල් ලස්සනයි කියන්න .
-dark skin එක අද සමාජයට අනුව ඇත්තටම Reject වෙන්න ඕනේ Color එකක්ද ?
-You’re so beautiful කියන වචනය සුදු සමකට විතරක් Branded වුණ දෙයක් ද ?

ලස්සන එහෙම නැත්තම් සුන්දරත්වය කියන්නේ මොකක්ද ?

The misrepresentation of black girls with brown skin - Counseling Today
අද බහුතරයක් නොදන්න ,නමුත් නිතරම කතා වෙන මාතෘකාවක් තමයි මේ “සුන්දරත්වය” කියලා කියන්නේ. සුන්දරත්වය කියන්නෙ: ප්රියමනාප බව, පිරිසිදුකම, පෞරුෂත්වය ,ආකල්ප හා හැසිරීම කියන සංඝටකවල එකතුවටයි . වෙනස් විදිහකට කියනවා නම් ලස්සන කියන්නේ , කවුරුහරි කෙනෙක් දකින්න ප්රිය විදිහට, පිරිසිදුව, හොඳ පෞරුෂයක් ඇතිව, යහපත් ආකල්ප හා නිවැරදි හැසිරීමකින් පරිපූර්ණ කෙනෙක්ටයි .

තලෙළු සමේ ඉතිහාසය

dark skin එක ආසියානුවන් විදිහට අපිට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් . පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ශ්රී ලංකිකයන් විදියට අපි අදටත් ගොඩක් ආඩම්බර වෙන දෙයක් තමයි වාරිමාර්ග එහෙම නැත්තම් වැව්, අමුණු කියලා කියන්නේ. ඈත අතීතයේදී අපේ මුතුන් මිත්තන් වැව්, අමුණු හදද්දි අව්වට ගොඩක් නිරාවරණය වුණා. ඔවුන්ට තිබුණේ දුඹුරු, කළු සමක්. ඒ හමාගෙන එන වියළි සුළඟටයි, දැඩි හිරු රශ්මියටයි ඔරොත්තු දෙන්න තලෙළු සම එයාලට උදව් කරා. මොකද මේ සම “මෙලනින්” නිෂ්පාදනය කරන නිසා හිරු එළියෙන් එයාලා ආරක්ෂා වුණා. ඒ ශක්තිමත් මිනිසුන් නිසා අදටත් අපි ඒ වැව් අමුණු වලින් ප්රයෝජන ගන්නවා .

පෞරුෂත්වය

BBC Radio 4 - Becoming, by Michelle Obama - Eight amazing things we learned from Michelle Obama
dark skin එකක් තියෙන කෙනෙක්ගේ පෞරුෂත්වය ගොඩක් ඉහළයි. ඒකට හේතුව තමයි සාමාන්යයෙන් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ දැක්ක ගමන් එයාලව ආකර්ෂණය කරගන්න දේවල් වලට .මේ හේතුව නිසාම dark skin එකක් තියෙන කෙනෙක් නිතරම උත්සහ කරන්නේ තමන්ගේ talent එකෙන් skill එකෙන් ඉදිරියට යන්න. බොහෝ දුරට දුඹුරු සමක් තියෙන අයගේ personality එක ගොඩක් ඉහල වෙන්නේ එයාලා නිතරම තමන්ගේ හැකියාව මත විශ්වාසය තියෙන නිසයි.

සෞඛ්‍යය

How to use retinol in your skincare routine | All4Women
තලෙළු සමක් ඇති අය පිළිකාකාරයන්ගෙන් ආරක්ෂිතයි .කළු සමෙහි තියෙන ස්ථර වල ඝනත්වය නිසා පිළිකා සෛල වර්ධනය වීමේ අවදානම ගොඩක් අඩුයි . අද වර්තමාන ලෝකයේ බහුතරයක් දෙනා වර්ණ බේදය සලකන්නෙ නෑ. තව ඉදිරියට නම් ඒ දේ කොහොමත් දකින්න වෙන්නේ නෑ .මොකද අද ඉහළ ස්ථානවල මේ හමේ වර්ණය සලකන්නේ නැහැ. ඒ කියන්නේ මේ trend එක, මේ ක්රමය දැන් වෙනස් වෙමින් පවතිනවා. මූලික ආරම්භයක් වශයෙන් අද පිරිසක් සම සුදු කර ගන්නවා වෙනුවට සමෙහි පැහැපත් බව ආරක්ෂා කරගන්න වෙර දරනවා.ඉතින් ඔබටත් තිබෙන්නේ තලෙළු සමක් නම් ඔබ ගොඩක් වාසනාවන්තයි. ස්වභාවධර්මය පවා ඔබේ සමේ පැහැය නිසා ඔබව ආරක්ෂා කරයි.
නිමාෂි පෙරේරා

නිදහසේ cocktail එකක රස විඳින්න Kava Island Bar යන්න…

 

Kava Island Bar එක ගොඩක් ජනප්‍රිය වෙලා තිබෙන්නේ එහි පවත්වන killer events නිසා බව බොහෝ දෙනෙක් දන්නවා. interiors අතිනුත් ඉතාමත් ලස්සන bar එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේ bar එකේ තිබෙන තවත් විශේෂත්වයක් තමයි wild parties සහ chilled-out drink යන sessions දෙකම පැවත්වීම. ඉතිං අපිත් හවස් වරුවක ගියා මේ bar එකේ menu එක try කරලා බලන්න.

Drinks

 

Birds of Paradise (LKR 1300)

 

අපි මුලින්ම try කරපු cocktail එක තමයි Birds of Paradise. මේ drink එකටම ආවේනික වූ රසයක් තිබුණා කිවුවොත් නිවැරදී. ටකීලා එක්කරලා සදා තිබුණ මේ cocktail එක හරිම රසවත් . ඒ වගේම මේ රාත්‍රියට හොඳ ආරම්භයක් drink එක විසින් ලබා දුන්නා කිවුවොත් හරියටම හරි.

 

Amba yaluwo (LKR 1300)

මේ පානයේ තිබෙන පැණි රස අපි ගන්න first sip එකෙන් එන තියුණු alcohol රස සමබර කරනවා. කුරුඳු වගේම අනිකුත් කුළුබඩු මිශ්‍රකරලා සදා තිබෙන මේ drink එක පැණි රසට කැමති අයට හොඳින්ම ගැළපෙනවා.

 

The Zombie (LKR 1400)

මේ drink එකේ තිබුණ අයිස් දියවෙලා තිබුණත් එහි තිබුණ රසයට අපි ගොඩක් කැමති වුණා. zingy flavour එකක් ලැබෙන විදිහට කුළුබඩු එක්කරලා තමයි මේ drink එක හදලා තිබුණේ. flavours සහ alcohol රසය perfectly balance වෙලා තිබුණ කියලා සමස්ථයක් ලෙස අපිට කියන්න පුළුවන්.

 

Skux Deluxe (LKR 1000)

ඇත්තටම කිවුවොත් මේ drink එකනම් රසවත් නැහැ. ඒ නිසා අපි disappointed වුණා . අපි මෙහි ඡායාරෑප ගන්න අවස්ථාවේදී අයිස් සේරම දියවෙලා ගිහින් . ඒ නිසා තමයි මේ drink එකේ රස නැතිවෙලා තිබුණේ. කොහොම වුණත් drink එක අවසන් කරනවෙලාවේ අපිට yummy last sip එකක්නම් ඇත්විදින්න හැකියාව ලැබුණා.

 

Juju Juice (Rs 800)

ඇඹුල් රසය කැමති ඔයාටම හදපු drink එකක් තමයි මේ තියෙන්නේ. මේ drink එක පැණි රසයි වගේම හොඳ පළතුරු රසයක් ලබා දුන්නා. glass එකේ rim එකට එකතු කරලා තියන අඹුල් රසය හා ලුණු රසය මේ drink එක තවත් රසවත් කරන්න හේතුවක් වෙලා තිබුණා. alcohol රස බලන්න අවස්ථාවක් මේ drink එකෙන්නම් ලැබෙන්නේ නැති වුණත් බලගෙන හිතුවත්ටත් වඩා කලින් රාත්‍රිය නිමාකරන්න හැකියව තිබෙනවා.

 

 

Appetizers

 

Coco Loco Prawns (LKR 1450)

හිස් බඩින් drink එකක් දන්න කලින් මොනවා හරි කන්න හිතෙනවා නම් මේන්න මේ Coco Loco Prawns එක තමයි ඒකට කියාපුම කෑම. ඒ වගේම drink එක ගන්න ගමනුත් කන්න මේ appetizer එක නියමට ගැළපෙනවා. මේ dish එකේ විශේෂත්වය තමයි ගාගත් පොල් මිශ්‍රකරලා සදා තිබුණ batter එක. ඒකෙන් තමයි ඉස්සන්ගෙ රස තවත් වැඩි කරලා තිබුණේ . අපිට මේ dish එක පිළිගැන්වුයේ Kava Lava sauce,bell peppers සහ kochchi කොච්චි එක්ක.

 

 

Mains

 

Kava Lava Burger (LKR 1300)

අපි සාමාන්‍යයෙන් කන බර්ගර් සහ ෆ්‍රයිස් වඩා මේ Kava Lava Burger එකනම් වෙනස්. මේ burger එකේ පුදුම හිතෙන tropical flavours එකක් ලබා දෙනවා. juicy coconut සහ breadcrumb coated patty, pineapple chunks සහ salad ගොඩක් දාලා තමයි මේ burger එක සාදා තිබුණේ. ඒ වගේම burger එකත් එක්ක ගෙනාපු sweet potato fries එකත් ගොඩක් රසවත්.

 

Salami, Bacon and Lingus Pizza (LKR 900)

ඔයා meat lover කෙනෙක්නම් මේ pizza එකට ඔයා ගොඩක් කැමති වේවි. හොඳින් bake කරගත්ත රසම රස meat topping එකක් එකතු කරලා සදාගන තිබුණ මේ thin-crust pizza එකට අපි ගොඩක් කැමති වුණා. පළවෙනි bite එකෙන්ම චීස් ගොඩක් එක්ක තිබුණ topping එක හැමතැනම spilling වුණා. ඇත්තටම මේ pizza එක ගොඩක් රසවත්. හැබැයි අපි සොයපු Kava Island’s signature tropical twist එකනම් මෙහි අඩංගු වෙලා තිබුණේ නැහැ. ඒ වුණා ඇත්තටම මේක හොඳ pizza එකක්. No complaints.

 

Desserts

 

Churros with Chocolate Dip (LKR 450)

රසම රස chocolate dip එකක් එක්ක තමයි මේ Churros එක අපිට පිළිගැන්වුයේ. Churros එකත් නැවුම් ඒ වගේම මෘදුයි සහ හොඳ crispy රසයක් තිබුණා. Dip එකේ පැණි රස ගානට යොදා සාදා තිබුණ නිසා අපිට මෙවයින් තවත දෙක තුනක්ම කන්න උවමනා වුණා.

ඉස්තරම්ම Japanese Cuisine වල රස බලන්න නම් යන්න හොඳම තැන Red Panda…

Red Panda දිගු කලක් තිස්සේ රසවත් චීන ආහාර සඳහා ප්‍රසිද්ධ ස්ථානයක්. Japanese cuisine සඳහා ඔවුන්ගේ නවතම ව්‍යාපාරය මෑතකදී අරම්භකර තිබෙනවා. ඉතිං අපි ගියා Red Panda එකට Japanese cuisine වල රස බලන්න. Togarashi කියන්නේ Red Panda වල තිබෙන විශේෂිත ජපන් menu එකක්. ඔවුන් පුළුල් පරාසයක මුහුදු ආහාර ලබා දෙනවා වගේම සෞඛ්‍ය සම්පන්න මස් කෑම වර්ග මෙන්ම බත් සහ නූඩ්ල්ස් ද මොවුන් පිළිගන්වනවා.

 

Togarashi Salmon Ten Katsu Roll (LKR 1350)

අපි මුලින්ම Oder කලේ tender salmon, cucumber, ten katsu, සහ hot sauce .මේ කෑම එකේ අපිට හුරුපුරුදු රසයක් දැනුනා කිව්වොත් නිවැරදී. සෝයා සෝස් සමග පිළිගැන්වුණු මේ roll එක ඇත්තටම ගොඩක් රසවත්.

 

 

Chicken Katsudon (LKR 1030)

 

මේ potion එක බැලූ බැල්මට කුඩා වුණත් ඇත්තටම අපි එහි රසය නිසා ගොඩක් තෘප්තිමත් වුණා. Chicken Katsudon තමයි dishes වලින් star කිව්වොත් හරියටම හරි.

 

 

Chirishi Sushi (LKR 1200)

 

සුෂී කන්න තිබුණ ආසව මේ Chirishi Sushi dish එකෙන් සපුරගන්න මට පුළුවන් වුණා. මේ dish එකේ තිබුණ මාළු නැවුම් වූ අතර Shitake එකතු කරලා තිබුණ නිසා මේ dish එකට ගැඹුරු රසයක් එකතුවෙලා තිබුණා.

 

 

Togarashi Sashimi Boat 32 Piece (LKR 4400)

 

මම try කරපු Sashimi Boat වලින් හොඳම එකක් කියලා මට මේ dish එක recommend කරන්න පුළුවන් .අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව නැවුම් බව හොඳින්ම තිබුණා. Tuna, Mullet, Salmon සහ Cuttlefish එක්කරලා සාදා තිබුණ මේ විශාල Togarashi Sashimi Boat එක විවිධ රසයන්ගේ හොඳ එකතුවක්.

 

 

California Maki (LKR 770)

 

මේ dish එකත් මම enjoy කලා . ජපන් ආහාර මුලින්ම try කරන අයට මේ dish එක recommend කරන්න පුළුවන්ත. අලිගැට පේර ක්‍රීම්, කුළුබඩු, බත් සමග එකතු කරලා තමයි මේ dish එක නිර්මාණය කරලා තියෙන්නේ. සමස්ථයක් වශයෙන් මේ California Maki එක හොඳයි කියලා අපිට කියන්න හැකියාව තිබෙනවා.

 

 

Tobico Roll (LKR 910)

 

පෞද්ගලිකව මම තවත් කැමති වුණ ආහාරයක් තමයි Tobico Roll. මුලින්ම ස්තූති කරන්න අවශ්‍යයි ලොකු fish eggs මේකට add කරපු එකට. ලොකු ඉස්සන්ද මේකට එකතු කරලා තිබුණත් රසයට හානියක් වෙලා තිබුණේ නැහැ.

 

 

Tuna Tataki (LKR 1000)

 

මේ simply looking dish එක ගොඩක් flavors වලින් පිරිලා තිබුණා. ඇත්තටම අපිට දැනුනේ මස් රසයක් කිවුවොත් නිවැරදී. ටූනා එක ගානට නියමට පිසගන තිබුණු අතර plate එකට නැවුම් බවක් එක්වෙලා තිබුණා. අපේ team එකම මේ dish එකට ගොඩක් කැමති වුණා කිවුවොත් හරියටම හරි.

 

 

Mixed Prawn Tempura (LKR 1000)

 

ලොකු ඉස්සන් ගානට පිසගන සාදා තිබුණ මේ Tempura එකත් අනිත් dishes වගේම රසවත්. එළවළු රසයත් ගානට තිබුණා වගේම වසාබි සහ මයෝ සමග ඔවුන් මේ සරල dish එක අපිට පිළිගැන්වූවා.

 

 

Salmon Teriyaki (LKR 1800)

 

මේ dish එක තමයි මම ගත්ත ආහාර වේලේ තිබුණ ජයග්‍රාහීම dish එක. සෝස් එකත් ගොඩක් light නිසා හැම bite එකකදීම එය අපිට හොඳින් දැනුනා. skin එකත් එක්ක grill කරලා අරගන තිබුණ මේ salmon එක අපිව ගොඩක් satisfy කලා. ඇත්තටම මේ dish එක ජයග්‍රාහීවගේම වෙනස්ම අත්දැකීමක් වුණා. ඔයා red panda එකේ Japanese cuisine try කරන්න යනවානම් මේ dish එක අනිවාර්යයෙන් try කරන්න අමතක කරන්න එපා.

 

 

ඔයා දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවානම් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න…

සරලවම දියවැඩියාව යනු කුමක්ද කියලා අපි කතා කලොත් ඒ රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වීමට තමයි අපි මේ දියවැඩියාව කියන්නේ. මේ වැඩිවන ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කර ගැනීමට සිරුරට නොහැකිවීම තමයි අපිට ඇතිවෙන ප්‍රධාන ගැටළුව. බොහෝදෙනෙක් සිතන්නේ එය ඖෂධවලින් පමණක් සුව කරන්න පුළුවන් කරන්න කියලා. ඉතිං කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව එක එක්කෙනා කියන දේවල් අහලා විවිධ ඖෂධ වර්ග ගන්න ගොඩක් දෙනෙක් පෙළඹෙනවා. තමන්ට මේ වෙනුවෙන් මේ රෝගය සුව කරගන්න කුමක්ද කරන්න පුළුවන් කියාලා සොයන්නේ නැහැ. සමහර රෝගීන් අවුරුදු ගණන් දියවැඩියාවට ඖෂධ ගත්තත් රෝගය ගැන කිසිදු හැඟීමක් දැනීමක් නැහැ. ඒ නිසා අප මෙහිදී අවධානය යොමු කරන්න අවශ්‍යයි පුද්ගලයෙකුට දියවැඩියාව වැළඳී තිබේ නම් එය පාලනය කර ගැනීමට ඔහු හෝ ඇය මොකක්ද කරන්න අවශ්‍ය කියන එක සම්බන්ධයෙන්.

දියවැඩියාව ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ආහාර. මීට අමතර හේතු තිබුණත් ආහාර සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම අනිවාර්යයි. දැනටම දියවැඩියා රෝගයෙන් පෙ​ළෙන කෙනෙකුට ගුණාත්මකභාවය වැඩි එනම් පෝෂණ සංඝටක වැඩියෙන් අඩංගු කෙඳි සහිත ආහාර ගැනීම සුදුසු වෙනවා. ඒ වගේම වැඩි කැලරි හා මේදය අඩු ආහාර ඒ කියන්නේ අළුත් එළවළු හා පලතුරු වර්ග ආහාරයට ගැනීම සිදු කරන්න අවශ්‍යයි. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, දඹල, රාබු, පිපිඤ්ඤාා, නියංවැටකොළු, කැකිරි, චව් චව්, වැටකොළු, පතෝල, බීට්රූට්, කෙහෙල් මුහ, තලන බටු, බණ්ඩක්කා, වැනි අළුත් එළවළු හා කෙසෙල්, අඹ, ගස්ලබු, පේර, වෙරළු, අනෝදා, කටු අනෝදා, දෙළුම්, ඇඹරැල්ලා, උගුරැස්ස, නාරං, කාමරංකා වැනි පලතුරු වර්ග එක දිගටම නොවුවත් ආහාරයට ගන්න හැකියාව තිබෙනවා නම් වඩා හොඳයි.

මේ ආහාර හොඳයි කියල කියනව වගේම මෙන්න මේ දේත් කියන්නම අවශ්‍යයි. දියවැඩියා තත්ත්වය තමන්ට ඇතිවෙනවට අකමැතිනම් නිරන්තර ව්‍යායාම, සෞඛ්‍යමත් ආහාර, ප්‍රමාණවත් පරිදි ජලය පරිභෝජනය වගේ හොඳ පුරුදු වලට හුරුවෙන්නම වෙනවා.

ඔයාට ප්‍රශ්ණයක් ඇතිවෙන්න පුළුවන් කොපමණ ආහාර ප්‍රමාණයක් පරිභෝජනයට ගන්න ඕනද කියන එක සම්බන්ධව. මෙහෙමයි ශරීර බර හා තමන් වැය කරන ශක්ති ප්‍රමාණය මත ආහාර ලබා ගත යුතුයි. ශරීර බර වැඩි ශක්තිය අඩුවෙන් වැය කරන කෙනෙක් සහ ශරීර බර වැඩි ශක්තිය වැඩියෙන් වැය කරන කෙනෙකුත් ගන්නා ආහාර ප්‍රමාණය වෙනස්. ඒ වගේම දියවැඩියා රෝගියෙක් ආහාර ලබා ගන්නා වෙලාව ඉතා වැදගත් වෙනවා. වේලක් මඟ හැරියොත් ඊළඟ වේල වැඩිපුර ගන්න වෙනවා. මේ නිසා ප්‍රධාන වේල් තුන නියමිත පරිදි සමබරව ලබා ගත යුතු අතර අමතර ආහාරවේල් 2 ක් ලබා ගැනීම දියවැඩියා රෝගීන්ට සුදුසුයි. තමාගේ පිඟානෙන් 1/2 ක් ම එළවළු හා පලා වර්ග තිබිය යුතු අතර ඒ පිඟානේ 1/4 ක් පිෂ්ඨමය ආහාර වන අතර ඉතිරි 1/4 ක ප්‍රෝටීන ආහාර විය යුතුයි. ඒ කියන්නේ ධාන්‍ය වර්ග සහ මාළු.

දියවැඩියා රෝගීන්ට ප්‍රධාන ආහාර වේල් සඳහා නිවුඩු සහල්, තැම්බූ සහල්වලින් පිසූ බත් ගොඩක් හොඳයි. දේශිය සහල් උදා. සුවඳැල්, හීනැටි, පච්චපෙරුමාල්, කහමාලය, ඇතුළු සහල් වර්ග ආහාරයට ගන්න තිබෙනවා නම් වඩාත් හොඳයි. මුං ඇට, කඩල, කවුපි, නිවුඩු සහල් පිටි හා ආටා පිටි වලින් සකස් කළ ආහාර පිරිසිදු කොළ පාට එළවළු හා පලා වර්ග තෝරා ගැනීම ධාන්‍ය වර්ග තෝරා ගැනීමේදී පොත්ත ඉවත් නොකළ ධාන්‍ය වර්ග තෝරාගන්න මතක තියාගන්න . හැබැයි ඉතිං මේ කෑම වර්ග කොච්චර හොඳ වුණත් පමණට වඩා ගන්න නම් එපා. දවසකට බත් පීරිසි කෝප්ප 3 ක් ප්‍රමාණවත් වන අතර එය උදේ එක බත් පීරිසි කෝප්පයක් දහවලට බත් පීරිසි කෝප්ප 1 1/2 ක් වන අතර රාත්‍රියට බත් පීරිසි කෝප්ප 1/2 වන ලෙස දිනක බත් පීරිසි කෝප්ප 3 සකසා ගන්න මතක තියාගන්න. කෙඳි සහිත ආහාර ගැනීමේදී රුධිරයට ග්ලූකෝස් එකතු වීම යම් අකාරයකින් ප්‍රමාද කරනවා. එයින් සිරුරේ ඇති රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යාම අඩු කරනවා.

ඔයාට දියවැඩියාව තිබෙනවා නම් ආහාර ගැන වගබලා ගන්නවා වගේම ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා.

කොළඹ ඉන්න ඔයාට ඉස්තරම්ම sea food dishes කන්න යන්න හොඳම තැන Red Panda

හැමෝම පුදුම කරවන delivery service එක නිසා කාලයක් තිස්සේ Red Panda අවන්හල ගොඩදෙනෙක්ගේ ප්‍රියතම තැනක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් ඔවුන් ළඟකදී dine-in service එක පටන් අරන් තිබෙනවා. මේ අලුත්ම news ඒක දැනගත්ත ගමන් අපිට අවශ්‍ය වුණා ඔවුන්ගේ menu එක කොහොමද කියලා බලන්න.

 

 

Hot Butter Cuttlefish (LKR 850)

අපි oder කළේ පොඩි portion ඒකක් වුණත් සැළකිය යුතු තරම් පුමාණයක Cuttlefish අපිට ලැබී තිබුණා. Chinese cuisine වලින් බලාපොරොත්තුවෙන රසය ඉස්තරම්ව මේ Hot Butter Cuttlefish එකේ තිබුණා කිව්වොත් හරියටම හරි. සෝස්වල රසය වැඩි වුණත් Cuttlefish එක හැපෙන ගතියට එයින් කිසිම බාධාවක් වුණේනම් නැහැ.

 

Hot Butter Wings (LKR 700)

 

මේ portion එකත් අපිට සැලකිය යුතු ප්‍රමාණයකින් ලැබුණා. කුකුල් මස් වල රසයට වඩා සෝස්වල රසය අඩුයි. මස් හොඳින් සදා තිබුණු අතර මස් තුළටද රසය හොඳින් කැවැදී තිබුණා.

 

Chili Chicken with Cashew Nuts (LKR 900)

මොවුන් පිරිනමනු ලබන බත් සහ නූඩ්ල්ස් සමඟ මෙම ටෙන්ඩර් බයිට් ප්‍රමාණයේ කුකුළු මස් කැබලි නියමට ගැළපෙනවා. සෝස් එකතු කර තිබුණත් මේ dish එකේ රසයට හානියක් වෙලා තිබුණේ නැහැ. මේ dish එක රසවත් වෙන්න ප්‍රධනම හේතුව වෙලා තිබුණේ මේකට ඒකතු කරලා තිබුණ කජු .

 

Whole Garupa in Ginger Sauce (LKR 1200)

දැකපු ගමන් මෙය ඉතා සරල ආහාරයක් වුණත් මාළු වල නැවුම් බව සහ රසවත් බවනම් ඉස්තරම්. මෙයට යොදා තිබුණ ඉඟුරු සෝස් එක නියමට ගැළපෙනවා.

 

Mutton in Black Pepper Sauce (LKR 1100)

මම ගොඩක්ම කැමති වුණේ මේ dish එකට කිව්වොත් හරියටම හරි. Mutton මෘදු ලෙස සාදා තිබුණ අතර ඉතාමත් රසවත්ව මේ dish එක සදා තිබුණ එක ගැන ඇත්තට අපි සතුටුවෙනවා. creamy sauce එකත් එක්ක මේ dish එක පිළිගැන්වු අතර ගම්මිරිස් සැර මෙහි රසය වැඩි කරන්න තවත් හේතුවක් වෙලා තිබුණා.

 

Chicken Nasigoreng (LKR 1000)

මෙම සුප්‍රසිද්ධ ඉන්දුනීසියානු කෑම වර්ගය චීන මෙනුවක තිබුණත් , ගොඩක් දෙනෙක් මේ කෑම එකට ආසයි. බත්වල ඇති පැණි රස හා රසෙහි ඇති සමබර බව පරිපූර්ණ වූ අතර මේ රසයට ඔිනෑම කෙනෙක් කැමති වෙනවා නොවනුමානයි. මේ Nasigoreng එක Hot Butter Chicken එකත් එක්ක නියමෙට ගැළපෙනවා.

 

Jumbo Prawn in Orange Sauce (LKR 1500)

 

මේ වෙනකොට දැක්ක impressive looking එකක් තියෙන dish එක කිව්වොත් හරියටම හරි. මේ dish එක ඇත්තටම interesting experience එකක් . මං මේ dish එක කන මුල් වතාවෙදිම strong orange රසයක් වගේම ගැඹුරු flavor එකක් දැනුනා කිව්වොත් හරි. සෝස් ඒකේ තිබුණ පැණිරස ගතිය තමයි මේ dish එක ගොඩක් හොඳ වෙන්න හේතුවෙලා තියෙන්නේ. හැබැයි ඉතින් සමහර අය පැණි රසයට කැමති නැති නිසා මේ dish එකට කැමති නැති වෙන්නත් පුළුවන්.

 

Sweet and Sour Prawns (LKR 1100)

 

මුලින්ම මට notice වුණ දේ තමයි මේ dish එකේ තිබූ ඉස්සන් ප්‍රමාණයෙන් විශාල බව. ඇත්තටම මේ dish එකත් ගොඩක් රසවත්. මේ dish එකෙන් පළතුරු රසයක් එන අතර ඒකට හේතුව එයට යොදා තිබුණ අන්නාසි වල පැණි රස නිසා කියලා මට තේරුණා. flavours ටිකක් strong වුණත් මේකට මම ගොඩක් කැමති වුණා.

 

Seafood Fried Rice (LKR 1100)

මේ Seafood Fried Rice එක අපිට ගොඩක් familiar flaours වලින් තමයි අන්තර් ගතවෙලා තිබුණේ. ඇත්තටම හරිම රසයි. rice එකත් fluffy වෙන්න සාදා තිබුණ නිසා sea food වල රස හොඳින් දැනුනා. ඒ වගේම දෙන්නෙකුට කන්න පුළුවන් තරම් ලොකු portion එකක් අපිට ලැබුණා.

Singapore Style Chili Crab (LKR 1500)

මේ ආහාරය කන්න කලින් අපි කලේ ඇස් වලින් රසවිඳින එක. මොකද මේක පිළිගන්වලා තිබුණ විදිය ඇත්තටම ලස්සනයි. කකුළුවන් අවන්හලකදී කන්න ටිකක් කරදරයි නිසා මම මුලින්ම මේ dish එක එක්ක අපිට ලැබුණු සෝස් එක අත්හදා බැලුවා. මෙහි ඉඟුරු වල රසය හොඳට තිබුණ අතර රසය වැඩිවෙන්න ඒකත් හේතුවක් වෙලා තිබුණා. ඊට පස්සේ මම කකුළුවන් අත්හදා බැලුවා. ඇත්තටම මස් මෘදු වෙන්න මෙය හදලා තිබ්බ නිසා කරදරයක් නැතිව මට මේ ආහාරය ගන්න පුළුවන් වුණා.

BBQ Chicken එක්ක ඔයා ආසම දේවල් කන්න, The Escape Colombo යන්න…

අද අපි කතා කරන්න යන cafe එක ගැනනම් අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැහැ. ‘The Escape Colombo’ කිවුවහම ඕන කෙනෙක් දන්නවා. මේ ස්ථානය party එකකට වගේ rent කරන්න හැකියාව තිබෙනවා. හැබැයි 10 දෙනෙකුට වඩා එනවානම් මෙයාලට මුලින් call එකක් දෙන්න අමතක කරන්න එපා. මෙයාලා vegan සහ non-vegan custom cakes සාදන අතර ඔයාලගේ ඉල්ලීම පරිදි ලබා දෙන්න වයින් වර්ග ගණනාවක් මේ cafe එකේ තිබෙනවා.

Drinks

Caramel Latte (LKR 490)

දවසේ ඕනම වෙලාවක ඔයාටම treat එකක් දෙන්න හිතුනොත් The Escape Colombo එකේ තිබෙන Smooth, creamy සහ fragrant caramel latte ඒකට නියෙමට ගැළපෙනවා. දියර කිරි , කැරමල් සහ espresso මිශ්‍ රපානය අපිව ඇත්තටම ප්‍රබෝධමත් කළා.

Choc Chipfudge Frappe (LKR 650)

 

මුලින්ම කියන්න ඔින මෙයාලගේ මේ drink එක පානය කරන්න කළින් The Escape Colombo එකේ තියෙන කෑම කාලා ඉන්න වෙනවා. මෙකද මේ drink එක බිව්ව ගමන් අපේ බඩ පිරෙනවා. සාමාන්‍ය චොකලට් මිල්ක්ෂේක් එකක් වැඩි දියුණු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම හරිම රසවත් මේ Choc Chipfudge Frappe එක.

SNACKS

Sweet Potato Fries (LKR 300)

 

Sweet Potato Fries ගැන ගොඩක් අය දන්නවා . ඒ් වගේම රස බලලත් තියනවා වෙන්න පුළුවන් . ඒ් වුණාට අපිට මේ Sweet Potato Fries එකේ රස බලන්නම ඕනම වුණා. පැණිරස, හැපෙනසුළු හා රසයන්ගෙන් පිරුණු මේ fries අපි සාමාන්‍යෙයන් කාලා තියන Sweet Potato Fries වලට වඩා වැඩි පැණි රසයක් එකතු කරලා තිබුණා.

 

 

Spicy BBQ Chicken Wings (LKR 680)

 

කන්නත් කලින් අපි ඇස් දෙකෙන් රසවිදපු snack එකක් තමයි මේ සැරම සැර BBQ Chicken Wings එක. මේ dish එකනම් ඇත්තටම ගොඩක් රසවත්. ඔයා අනිවාර්යයෙන් මේක try කළොත් ගෙදරත් potion එකක් ගෙනියනවාමයි. Coleslaw එක්ක පිළිගන්වන මේ Chicken Wings එක අපිට තව තවත් කන්න හිතුනා. ඔයත් The Escape Colombo ගියහම BBQ Chicken Wings වල රස බලන්න අමතක කරන්න එපා.

Mains

Grilled Sea Bass (LKR 1,100)

 

Grilled Sea Bass එක ඇත්තටම දැක්ක ගමන් කන්න හිතෙන විදිහට ඉදිරිපත් කරලා තිබුණා. ocean mixed flavours එක්ක රසය ඉක්මවා යනනේ නැති වෙන්න කුළුබඩු එකතු කරලා හදලා තිබුණ මේ Main එකට ඇත්තටම ඔයාලත් අනිවාර්යයෙන් කැමති වේවි.

 

 

Butter Chicken Masala (LKR 800)

 

Taste of Asia selection එකෙන් එක තේරීමක් තමයි Butter Chicken Masala එක්ක serve කරපු කහ ගිතෙල් බත් එක. මේකෙ Chicken එක නම් ටිකක් over-cooked කරලා තමයි තිබුණේ . කොහොම වුණත් rice and curry එක perfect filling combination එකක් කියලා අනිවාර්යයෙන් කියන්න ඕන.

 

 

Chicken and Cheese Kottu (LKR 900)

 

කොත්තු කාලා නැති කෙනෙක් ඉන්නවාද ? නෑනේ නේද.. කොත්තු කියනනේ ගොඩක් දෙනෙක් අදහන ආගමක් කියලා කියලා කියනවනෙ නේද? හැබැයි අපි කලා තියන කොත්තු වගේ නෙවෙයි මේ Chicken and Cheese Kottu එකනම් නියමයි. පොඩියට කපලා හපන්න ලේසී වෙන්න හදලා තිබුණා. ඒ වගේම serve කරපු විදිහත් අපේ හිතත් සතුටු කළා කිවුවොත් හරියටම හරි. කොත්තු එක ඇනවුම් කරපු එක ගැන තාමත් අපි ඇත්තටම සතුටු වෙනවා.

Dessert

The Sweet Escape (LKR 950)

 

Isle of Gelato ice cream scoop එකක් එක්ක බෙරි සෝස්, gooey chocolate brownie එකතු කරලා දෙන මේ Dessert එකටනම් අපි ඇත්තටම ගොඩක් කැමති වුණා. මේ dessert එක serve කලාට පස්සේ pastry chef ඇවිත් amazing chocolate sauce එකක් වක්කරනවා මේ dessert එකට . හැබැයි ඒක දකින්න තරම් දර්ශණයක් නෙවෙයි. මේ dessert එක අලුතින්ම menu එකට එකතු කරපු එකක්. මේ dessert එක නිසා අවන්හලේ value එක තවත් වැඩි වුණා කියන්න පුළුවන්.

 

 

Passion Fruit Pavlova (LKR 300)

 

Pavlova එක මෘදු ලෙස අපේ කට තුළ දියවෙනවා. ඒකට එකතු කරලා තිබුණ passion fruit curd එක නිසා ප්‍රසන්න රසවත් හැගීමක් ඇතිවුණා කිව්වොත් නිවැරදී. portion එක පොඩි ප්‍රමාණයක් වුණත් ඔවුන් එයට සාදාර මිලක් නියම කරලා තිබුණා. මේ dessert එකත් try කරලා බලන්න අමතක කරන්න එපා.

 

 

Cinnamon Crème Brûlée (LKR 500)

 

ඇත්තටම මේ dessert එක කුරුඳු වලට කැමති අයටමයි හදලා තියෙන්නේ. කුරුඳු වල සුවඳ හා රසය soft brûlée එක්ක එකතු කරලා තමයි මේ dessert එක නිර්මාණය කරලා තියෙන්නේ . මේ dessert එක කුරුදු වලට කැමති ඔයා try කරලා බලන්න අමතක කරන්න එපා.

 

 

Crème Brûlée (LKR 500)

 

මේ dessert එක ගැනනම් වැඩිය කතා කරන්න දෙයක් නැති තරම්. ඒ වුණාට කියන්න ඕන මේ dessert එක මෘදුයි. ඒ වගේම සරල රසක් තිබෙනවා. වැඩිදියුණු කරපු අතුරුපසක රස බලන්න කැමතිනම් Crème Brûlée එක ඔයාට try කරලා බලන්න පුළුවන්.

ශරීරයේ ඇති කැලැල් නිසා ඔබ අපහසුතාවයට පත්වෙලා ද?

ශරීරයේ ඇතිවෙන කැලැල් නිසා කාන්තා අපි විශේෂයෙන්ම ගොඩක් අපහසුතාවයට පත්වෙනවා. මේ විදියට අපේ සමේ ඇතිවෙන කැලැල් ස්වාභාවිකවම සුවවෙන්න සෑහෙන කාලයක් ගතවෙනවා. මේ නිසා සමහර අවස්ථාවලදී අපිට කැමති ඇදුම් අඳින්න අවස්ථාව නැතිවෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල අපි සමාජයේ අපහසුතාවට පත්වෙන වෙලාවලුත් තියෙනවා. ඔන්න ඉතින් මේ හේතුව නිසාම අපි හිතුව සමේ ඇතිවෙන කැලැල් ඉක්මනින්ම සුව වෙන්න අපිට ලේසියෙන්ම ගෙදරදීම කරගන්න පුළුවන් පිළියම් ටිකක් ගැස්ම පාඨකයින්ට කියලා දෙන්න.

 

 

Vaseline

Vaseline Petroleum Jelly Original 100ml | Sainsbury's

වැස්ලින් කියන්නේ සමේ සුන්දරත්වය වැඩි කරගන්න ගොඩක් අවස්ථාවලදී භාවිතා කරන දෙයක්. අධ්‍යනයන්ට අනුව මිල අධික creams සහ serums වලට වඩා වැස්ලින් භාවිතයෙන් හොඳ ප්‍රතිළුලයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඔයාගේ ශරීරයේ කැලැල් තිබෙන ස්ථාන වල දවස ගානේ දවසට තුන්සැරයක් වැස්ලින් ආලේප කරන්න . මෙයින් සම වේලීම අවම කර සමේ තෙතමනය අවම කරනවා. එවිට සමේ ඇතිවෙන කැසීම අවම වෙලා ඉක්මනින් සමේ ඇතිවෙන කැලැල් ඉවත් වෙනවා. ගොඩක් වෙලාවට සම වේලෙන නිසා කැලැල් ඇති ස්ථාන කසන්න ගන්නවා. මේ නිසා කැලැල් තවත් වැඩි වෙනවා මිස අඩුවීමක් සිදුවන්නේ නැහැ.

 

 

කෝමාරිකා මද

Aloe Vera Hair Mask: Benefits, DIY Recipes, and How to Use

කෝමාරිකා කියන්නේ විශාල ඖෂධීය ගුණයක් තියන පැලෑටියක්. විවිධ ප්‍රතිකාර සදහා සියවස් ගණනාවක් තිස්සේ කෝමාරිකා භාවිතා කරලා තියෙනවා. කෝමාරිකා වල අඩංගු ජෙල් එක මගින් හානියට පත් සම යතත්වයට පත්කරනවා. ඒ වගේම විශබීජ නාශකයක් හැටියටත් කිුයා කරනවා. කෝමාරික මදය අරන් කැලැල් ඇති ස්ථානයේ ආලේපකර රවුම් අතට සම්භාහනය කරන්න. මිනිත්තු 30ක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය දිනකට දෙපාරක් භාවිතා කරන්න.

 

 

Essential oil

 

Essential Oils Aroma for Diffuser Aromatherapy 100% Pure Plant Extracted 10ml 20 Scents | Shopee Singapore

Essential oil කොලජන් සංශ්ලේෂණය ප්රවර්ධනය කිරීම, විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකිරීම සහ ප්‍රතිශක්තීකරණය වැඩිකරන්න උදව්වෙනවා. Essential oil ටිකක් අරගෙන ඔයාගේ ඔයාගෙ සමේ කැලැල් ඇති ස්ථාන වල ආලේප කරන්න. මෙය සෑම දිනකම වගේ භාවිතයට ගැනීමෙන් කැලැල් ඉක්මනින් නැති කරගන්න හැකියාව ලැබෙනවා.

 

 

සම්බාහනය

What Happens When You Ignore Using Lotion For Your Skin? – We Are Contributors

ඔබේ කැළැල් සම ඉක්මනින් සුව කිරීමට උපකාරී වන තවත් විශිෂ්ට හා දැරිය හැකි ක්‍රමයක් තමයි lotion සමග කැලැල් ඇති ප්‍රදේශය සම්බාහනය කිරීමට උත්සාහ කිරීමයි. ඔබ දිනකට කිහිප වතාවක් තත්පර 15-30 අතර කාලයක් කැළැල් මෘදු ලෙස සම්බාහනය කරන්නේ නම්, එය යටින් පවතින පටක වලට සම්බන්ධ වන කොලජන් bands බිඳ දැමීමට උපකාරී වෙනවා.

 

 

Sunscreen

Sunscreen for Skin Cancer Prevention | Patient Education | UCSF Health

ඔයාට ඔයාගෙ සමේ තිබෙන කැලැල් ඉවත් කරගන්න අවශ්‍යනම් කීයටවත් සම හිරු එළියට නිරාවරණය වෙන්න දෙන්න එපා. මොකද පාරජම්බුල කිරණවලට නිරාවරණය වීම මගින් කැලැල් සුවවීමේ ක්‍රියාවලිය මන්දගාමී කරනවා. ඔබ නිවසින් එළියට යනවා නම් සෑම විටම SPF අගය 15 හෝ ඊට වැඩි sunscreen එකක් භාවිතා කරන්න.

 

 

Onion extract

Onion Extract at Best Price - Onion Extract by Sinthite Industries in Ambala - Justdial

 

ලූණු වල ඇති ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිබැක්ටීරීය ගුණ නිසා අතුරු ආබාධ නැතිව කැලැල් ඉවත් කරගැනීමට හැකියාව තිබෙනවා. දිනකට තුන්වතාවක් ලූණු ඉස්ම තමන්ගේ ශරීරයේ කැලැල් ඇති ස්ථාන වල ආලේප කරන්න. විශේෂයෙන් පිලිස්සීම නිසා ඇතිවුණ කැලැල් ඒ වගේම ශල්‍යකර්ම නිසා ඇතිවුණ කැලැල් ඉවත් කරගන්න ලූණු ඉස්ම බෙහෙවින් උපකාරී වෙනවා.

 

 

Apple cider vinegar + honey

Pipkin Superfoods - Pipkin Apple Cider Vinegar With Honey 500ml

ඇපල් සයිඩර් සහ විනාකිරි ස්වාභාවික විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරනවා. ඇපල් සයිඩර්. විනාකිරි සහ මී පැණි එකට මිශ්‍ර කර මුහුණේ ඇති ඇන්ස් කැලැල් වල ආලේප කර විනාඩි 10ක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙයින් මුලුමනින්ම කැලැල් ඉවත්වෙන්නේ නැති වුණත් බොහෝ දුරට කැලැල් ඉවත් කර එය කැපී පෙනෙන එක අවම කරනවා.

 

 

ඔලිව් ඔයිල් සහ පොල් තෙල්

Coconut Oil vs. Olive Oil for Heart Health | Everyday Health

පොල්තෙල් වල ලෝරික්, කැප්රිලික් සහ කැප්රික් අම්ල අඩංගු වන අතර එමඟින් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීමෙන් හානියට පත් සම සුව කිරීම සිදුකරනවා. ඔලිව් තෙල් අත්‍යවශ්‍ය විටමින් වලින් පොහොසත් නිසා කුරුලෑ කැළැල් සුව කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන අතර ඔබේ සම සජලීය හා පෝෂ්‍යදායී බවට පත්කරනවා. කැලැල් ඉවත්වන තෙක් දිනකට කීපවතාවක් මිනිත්තු 5-10 අතර කාලයක් ඔලිව් හෝ පොල්තෙල් යොදා සමේ ඇති කැළැල් සම්බාහනය කරන්න.

ඔයාගේ පෙම්වතියට ගැළපෙනම තෑග්ග තෝරගන්නේ කොහොමද..?

Dating කියන සංකල්පය බටහිරින් ආව එකක් වුනත් මේ වෙනකොට ලංකාවේ තරුණ තරුණියන් අතර මේක බොහොම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් නාගරිකව ජීවත් වන රැකියාවක නිරතවන හෝ උසස් අධ්‍යාපනයේ යෙදෙන පිරිස අතරේ මේ සංකල්ප ජනප්‍රියයි. Date එකකට තරුණියක් හෝ තරුණයෙක් එකඟ වුන තැන ඉඳන්ම ඒක කොහොමද කරන්නෙ, කොතැනද ඒ වෙනුවෙන් තෝරාගන්නේ, ඒක Lunch එකක්ද, Coffee එකක්ද, Dinner එකක්ද කියන එක ගැන හැමෝම සැළකිලිමත් වෙනවා. මේ අයගෙන් බොහෝ තරුණයින් තමන්ගේ Partnerට තෑග්ගක් අරගෙන යන්නත් අමතක කරන්නෙ නැහැ. මෙන්න මෙතැනදී අපේ බහුතර තරුණයින්ට මතුවන ගැටළුවක් තමයි කොහොමද ගෑණු ළමයෙකුට ගැලපෙන, සුදුසු සහ ඒ කෙනා කැමති වෙන විදිහේ තෑග්ගක් තෝරා ගන්නෙ. බොහෝ දෙනෙකුට මේ වෙලාවට පිහිටට ඉන්නේ හොඳම මිතුරියක්. නමුත් ඒ විකල්පය එතරම්ම සාර්ථක නොවන්නේ කෙනෙකුගේ සිතුම් පැතුම් එකවගේ නැති නිසා. එක තරුණියක් කැමැත්තෙන් තෝරලා දෙන තෑග්ග එයාගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් වලට ගලපුනාට ඒක තව කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්. එහෙම උනොත් අපහසුතාවයට පත්වන්නේ තෑග්ග දෙන කෙනාමයි. ඒ නිසා හරියටම හරියන තෑග්ගක් තෝරාගන්න ක්‍රමවේදය ගැන දැනගෙන ඉඳීම ඉතාම වැදගත්. අපි ඔබට කියන මේ කාරණා ටික ගැන සැළකිලිමත් වන්න. බලන්න එයා කැමතිම තෑග්ග තෝරාගන්න ඔයාට පුලුවන්ද කියල.

උපන්දිනයට නැතිනම් විශේෂ සැමරුමකට හෝ වෙනත් ඕනෑම අවස්ථාවකට උනත් තෑග්ගක් දෙද්දී ඒ තෑග්ග නිසා ලබන්නා විමතියට පත්වීම අපි බලාපොරොත්තු වෙනවා නේද..? මදක් සිතා බලන්න. ඔබ දෙන තෑග්ග දකින ඇය ඒ මොහොතේම විමතියට පත්වුනොත් ඒක ඔබට සතුටක් නේද.? තමන් ගැන තමන්ගේ කැමති අකමැති දේ ගැන හරියටම තේරුම් ගැනීම ගැන අය මහත් සතුටට වගේම විමතියටත් පත්වුනොත් ඔබට සතුටක් ලැබෙනවා වගේම ඇය ඔබ කෙරෙහි තිබෙන බැඳීමත් වැඩි වෙන්න ඒක හේතුවක් වනවා. ඒ නිසා ඔබ තෝරාගන්නා තෑග්ග ගැන හිතද්දීම පලවෙනි කාරණය විදිහට සිතිය යුත්තේ ඇය විමතියට පත්කළ හැක්කේ මොන විදිහේ තෑග්ගකින්ද කියන කාරණයයි.

 

ඇයව පුදුම කරවන්න අවශ්‍ය බව අපි කිවුවා. නමුත් ඒක කරන්නෙ කොහොමද..? ඇය පුදුමයට පත් කරවන්න හිතාගෙන ඇය කැමති මොනවටද කියල විමසා බලන්න යන්න එපා. ඒක ඔබ කරගන්නා ලොකු වරදක්. විශේෂයෙන් ළඟදී විශේෂ දිනයක් එන්න නියමිතයි නම් ඔබ ඔය කාරණය අහන තැන ඉඳන්ම ඇය පුදුම කරවීම අසාර්ථක වනවා. ඇය ක්ෂණිකව තේරුම් ගන්නවා මේ අහන්නේ ඇයි කියන හේතුව. ඒ වගේම, ඔබට ඇය ගැන හරි වැටහීමක් නැහැ නේද කියලත් ඇය සිතන්න පෙළඹෙනවා. ඒකෙන් වෙන්නේ හොඳක් නොවන නිසා ඒ ප්‍රශ්නය අහන්න හිතනවා නම් දැන්මම ඒ අදහස අත්හරින්න.

ඊළඟ වැදගත්ම කාරණය තෑග්ග තෝරාගැනීමේදී ඔබ ගැන හිතන්න යන්න එපා. ඔබ කැමති වර්ණ, ඔබ කැමති හැඩ, මේ සියල්ල මනසින් අයින් කරන්න. අඩුම තරමේ තෑග්ග තෝරාගන්න මොහොත්දිවත් ඔබේ රුචි අරුචිකම් අමතක කරලා ඇය ගැන හිතන්න. ඇගේ සිතුම් පැතුම් අසිරීම් වලින් ඔබට මතක තියෙන විදිහට ඇගේ කැමැත්ත කියන දේ පමණක් සිතේ තබාගෙන තෑග්ග තෝරන්න. කොතරම් වටිනාකමින් වැඩි දෙයක් උනත් ඔබ කැමති විදිහේ තෑග්ගකින් ඇයට ප්‍රයෝජනයක් නොවන්න පුළුවන්. ඒ නිසා ඔබේ කැමැත්ත, ආසාව කියන දේවල් අමතක කරලා තෑගී තෝරන්න පටන් ගන්න.

ඊළඟ කාරණය තමයි තරුණියකට වැදගත් වෙයි කියන අදහසින් Kitchen utilities වගේ දේවල් තෑගී විදිහට තෝරාගන්න හිතන්නවත් එපා. ඔයාගේ පෙම්වතිය මොන තරම් කෑම වර්ග රසට හදන කෙනෙක් වුනත් එයාගේ විශේෂ දිනයට මුළුතැන්ගෙයි පාවිච්චි කරන දෙයක් තෑගී දෙන්න හිතන එකෙන්ම ඇයට ඔබ ගැන වැරදි අදහසක් ඇතිවේවි. විශේෂ දවස ඇයගේ නිසා ඔබ ඇයට දිය යුත්තේ පෞද්ගලිකව ඇයට අවශ්‍ය සහ වටිනවා විය හැකි දෙයක් මිස පොදුවේ භාවිතා කරන කුස්සියේ උපකරණ වගේ දේවල් නොවෙයි. ඒ වැරැද්ද නොකරන්න දැඩිව සිහියේ තබාගන්න.

Traditional Wedding Anniversary Gifts (for people who no longer wish to  remain married) — Caverns & Creatures

ඔබට අවශ්‍යම නම් ඇගේ හොඳම මිතුරියකගෙන් මූලික අදහසක් ලබාගන්න. නමුත් ඇය මතම යැපෙන්න එපා. ඔබට අවශ්‍ය මූලික අදහස පමණක් ඇයගෙන් ලබාගත්තාට වරදක් නැහැ. තවත් පහසුම උපක්‍රමය තමයි ඇගේ දෛනික ජීවිතය ගැන විමසිල්ලෙන් බලන්න. ඇය කැමති ඇඳුම් පැළඳුම් ගැන, බෑග් ගැන නැතිනම් සපත්තු ගැන වගේ අගේ පෞද්ගලික ජිවිතයේ රුචි අරුචිකම්, කැමතිම වර්ණ වගේ දේවල් ගැන මේ අධ්‍යනයෙන් ඔබට අදහසක් ලබාගන්න පුළුවන්. අවශ්‍ය වන්නේ විමසිල්ලෙන් ඇගේ දෛනික ජීවිතය දෙස බැලීම පමණයි. එහෙමත් නැතිනම් කාලීනව ඇයට අවශ්‍ය යම් දෙයක් ගැනත් ඔබට අදහසක් ලබාගන්න හැකිවේවි. කළ යුත්තේ ඈ ගැන වැඩිපුර අවධානයක් සහ විමසිල්ලක් දැක්වීම පමණයි.

දැන් ඔබට තෑග්ග ගැන දල අදහසක් තියෙනවා යැයි සිතමු. කොහොමද මේ තෑග්ග ගන්නේ, කොහෙන්ද ගන්නෙ. මේ ප්‍රශ්නය ඔබට මතුවේවි. ඔබට විකල්ප කහිපයක් තිබෙනවා. එක වර්ගයක භාණ්ඩ පමණක් තිබෙන වෙළඳසලකට යනවාට වඩා තෑගී තොරගන්න යාමේදී සාප්පු සංකීර්ණයක් තෝරා ගැනීම වැදගත්. එකකට එකක් වෙනස් භාණ්ඩ රැසක් තියෙන තැනකින් ලොකු කරදරයක් නැතිව ඔබට අවශ්‍ය තෑග්ග මිළදී ගන්න පුළුවන් වගේම ඔබට විකල්ප විසඳුම් රැසක් තියෙනවා. එකක් නැතිනම් තව එකක් විදිහට ඔබේ Options වලට ගැලපෙන විදිහට මේ තෑගී තෝරාගන්න ඔබට පුළුවන් නිසා ඒ විදිහේ තැනකට යන්න. නැතිනම් මේ තෑගී තේරීම වෙහෙසකර සහ කාලය කාදමන වැඩක් වගේ ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි තැනකම ඒ වෙනුවෙන් තෝරාගන්න.

 

තෑග්ග උපන්දිනයට නම් එහෙමත් නම් වෙනත් විශේෂිත දිනයක් වෙනුවෙන් නම්, තෑග්ග ඇයව පුදුමයට පත්වන විදිහට ඇය අතට ලැබෙන්න සැලැස්වීමත් හොඳ විකල්පයක්. ඇයව විමතියට පත් කරන්න මේ සුළු ක්‍රියාවත් වැදගත් වෙනවා වගේම ඔබ ඇය ගැන මොන තරම් උනන්දුද කියල ඇයට පෙන්වන්නත් ඒක හොඳ අවස්ථාවක්. විශේෂ දිනයක් නොවන වෙලාවක ඔබ නිකම්ම Date එකකට යද්දී තෑග්ගක් දෙනවා නම්, ඒ උනත් තෑග්ග මුලින්ම පේන විදිහට අරගෙන යන්න හිතන්න එපා. තෑග්ගක් අරගෙන එන බවක් නොඇඟවෙන විදිහට ගිහින් ඇයව පුදුමයට පත්වෙන විදිහට තෑග්ග ඇයට දෙන්න ඔබට පුළුවන්. ඒකෙන් ඇය වඩාත් සතුටට සහ පුදුමයට පත්වේවි.

පෙම්වතිය පුදුම කරන්න තෑගී දෙන්න ඔයා කළ විශේෂ දේවල් අපිත් එක්ක බෙදාගන්න. Comment section එකේ ඔයාගේ අත්දැකීමත් ලියාගෙන යන්න.

යළි නැගිටින ශ්‍රී ලංකා..

ධනාත්මක චින්තනයේ ඌනතාවයක් පවතුනවා වගේම, පුළුවන් කමක් තියෙන හැමෝම, රට හැර යන්න සහ ‘නැව ගිලෙන නිසා අතහැර දාන්න’ ක්‍රම සොයමින් සිටියා. ශ්‍රී ලාංකිකයන්ට තමන් ගැන වගේම තමාගේ රට ගැනත් විශ්වාසය තියාගන්න මොනවා හරි දෙයක් කරන්න අවශ්‍ය බව මට තදින්ම දැනුණා. මට තේරුණා අපි හැමෝම එකතු වුණොත් උමං කෙළවරේ ආලෝකය හොයාගන්න පුළුවන් කියලා. Mother Sri Lanka ආරම්භ කරන්න මං පෙලඹුණේ ඒ නිසයි.

2008 අවුරුද්ද ශ්‍රී ලංකාවට හොඳ අවුරුද්දක් නම් නෙමෙයි.යුද්ධයේ අන්තිම කාලේ දරුණු වීමත් එක්ක ලේ වැගිරීම් වගේම අවුල් ජාලාවක් පැතිරී ගියා.විනාශයෙන් බේරෙන්න ගොඩක් දෙනෙක් රට හැර යන්න සැලසුම් කරලා තිබුණා.

ආලෝකය හොයාගන්න හැම කෙනෙක්ටම ජාතිය ගැන එයාලගේ විශ්වාසය නැවත ඇති කර ගන්න දිරිගැන්වීමක් අවශ්‍ය වෙන බව Mother Sri Lanka සභාපති ආචාර්ය ජානකි කුරුප්පු මහත්මිය වටහාගත්තා. “වගකිවයුතු පුරවැසියන් ගොඩනැගීම” අරමුණු කරගෙන සහ තම මව්බිමට ආපසු ලබා දීමට ජනතාව දිරිමත් කරන සංවිධානයක් විදිහට Mother Sri Lanka ආරම්භ වුණා. උපතෙන් වසර 12 ක් ගත වුණත් Mother Sri Lanka තවමත් ශක්තිමත්ව පවතිනවා.

Mother Sri Lanka කියන්නේ ආදරයේ ගමනක්.අපේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන්නේ එකමුතුකම, ජාතික අභිමානය සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම වගේ පුළුල් පරාසයක් ආවරණය වෙන ‘වගකිවයුතු පුරවැසියන්’ගොඩනැගීම පිළිබඳවයි. මම හිතන්නේ ඔයා පිරිසිදු, අව්‍යාජ චේතනාවෙන් මොනවහරි දෙයක් කරද්දී ,ඔයාට වරදින්නේ නැහැ. ඒ මගේ ජීවිත අත්දැකීම් වලින් මම ඉගෙන ගත්ත පාඩමක්.

දැන්, COVID-19 කාලයේත්, දශකයකට වැඩි කාලයකට කලින් එයාලා සංවිධාන ආරම්භ කරද්දීත් මේ පසුබිම කොයිතරම් සමානද කියලා ආචාර්ය ජානකී සාකච්ඡ කළා.

COVID-19 බලපෑම නිසා අපිට නැවත ආරම්භ කරන්න වෙන තත්වයකට අපි පත්වෙලා ඉන්නවා. ඉතින්, මට නම් මේක කළින් අත්විදලා තියෙන හා සමාන හැඟීමක් දැනෙනවා. දැන් ආපහු සැරයක් මිනිස්සු කතා කරන්නේ ‘ශ්‍රී ලංකාව නැවත ආරම්භ කිරීම’ සහ ‘ශ්‍රී ලංකාව සෑදීම’ වගේ දේවල් ගැන. අපි පසුගිය වසර 12 ක කාලයේ මේ සංකල්ප ප්‍රවර්ධනය කරලා තියෙනවා. ඒ හා සමානව හිතන ඕනෑම පුද්ගලයෙක්ට හෝ සංවිධානයකට, Mother Sri Lanka- ඉදිරියට ඉහළට අරගෙන යන්න අපිට සහාය දෙන්න කියලා මම දිරිමත් කරනවා.

ශ්‍රී ලාංකිකයින්ට නැවත සවිබල ගැන්වීමක් ලබාදෙන්න ආචාර්ය ජානකිගේ කැපවීම සහ අධික කැමැත්ත නිසාම මිලියන 2 ක ළමයින්ට, තරුණයින්ට සහ වැඩිහිටියන් ඇතුළු මිලියන 20 ක ජනතාවකට උපකාර කරලා තියෙනවා. මේ හැමදේම සැලකිය යුතු යටිතල පහසුකම් නොමැතිව කුඩා කණ්ඩායමක් එක්ක සහ අනුග්‍රාහකයන්ගේ සම්පූර්ණ අරමුදල් වලින් ලබා ගෙන තියෙනවා.

“අපි සියලු දෙනාම කිසියම් රටක උපත ලබලා තියෙන්නේ හේතුවක් නිසා. සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලත් විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, සහනාධාර ප්‍රවාහන පද්ධති, උපයෝගිතා සේවා සහ අනෙකුත් බොහෝ දේවල් ලබා දෙන ශ්‍රී ලංකාව වගේ කිසිම රටක් ලෝකයේ ඇති කියලා මම හිතන්නේ නැහැ. ස්වාභාවික සුන්දරත්වය, සාරවත් භූමිය, සුවපහසු කාලගුණය වගේ අපේ රටේ ගොඩක් ආශීර්වාද තියෙනවා. ඒවා අගය කරන්න වගේම ආරක්ෂා කරන්නත් අපි ඉගෙන ගන්න ඕනේ.

මෑතකදී විවෘත කරපු Mother Sri Lanka ප්‍රදර්ශනාගාරය, වැඩෙන ව්‍යවසායකයින්ට එයාලගේ වෙළඳ භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලබා දෙනවා වගේම වෙළඳපල වෙත ප්‍රවේශය ලබා දෙන අතර එයාලගේ නිෂ්පාදන සැලසුම් කිරීම, ඇසුරුම් කිරීම සහ අලෙවිකරණය සඳහා මග පෙන්වනවා. පිත්තල, උක්, ලේස්, රෂ් සහ බට, මැටි භාණ්ඩ, ලී වැඩ, අත්යන්ත්‍ර, බතික් සහ තවත් බොහෝ දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න මේ ක්‍රියාවලිය උපකාරී වෙනවා.

“මේ වෙද්දී දිස්ත්‍රික්ක 8 ක පවුල් 5000 කට අධික සංඛ්‍යාවක් ආවරණය වෙන විදිහට ඒ වගේ ශිල්පීන් 125 කට අධික සංඛ්‍යාවකට අපි සහයෝගය ලබා දෙනවා වගේම, අපි අඛණ්ඩව නිෂ්පාදන වැඩි දියුණු කරන ගමන් සැපයුම්කරුවන්ගේ ජාලය පුළුල් කරමින් සිටිනවා.

අපි සහයෝගය දක්වන ව්‍යවසායකයින්ගෙන් 70% ක් විතර කාන්තාවන්.ඒ නිසා මේ ආදායම එයාලගේ දරුවන් එක්ක සමීපව ඉන්න ගමන් ගෞරවනීය ලෙස මුදල් උපයා ගන්න උපකාරී වෙනවා.

රටේ තාරුණ්‍යය ගැන Mother Sri Lanka තුල තියෙන කැමැත්ත තවත් ගැඹුරට දිව යනවා.

මේ සංවිධානය දැනට පාසල් 2000 කට අධික සංඛ්‍යාවක් එක්ක කටයුතු කරනවා, ළමයින් තමන් ජීවත් වෙන ප්‍රජාව වැඩිදියුණු කරන්න උදවු වෙන ව්‍යාපෘති සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා.වගකීම් ගැන හැඟීමක් ලබාදීලා රට වැඩිදියුණු කරන්න එයාලටත් දායක වෙන්න පුළුවන් කියලා අවබෝධ කර ගන්න මේක උදවුවක් වෙනවා. තරුණ පරම්පරාවට ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ කවුද කියලා අවබෝධ කරගෙන ඒ ගැන අව්‍යාජ ආඩම්බරයක් ඇති කර ගන්න මේ නිසා පුළුවන් වෙනවා.

“එයාලා තමයි අපිට පස්සේ රට භාරගන්නේ. කුඩා කාලයේ ඉදන්ම අපේ මාතෘ භූමිය ගැන අපේ දේ ගැන හැඟීමක් එයාලට ඇති කරන්න ඕනේ.එහෙම නැතිවුණොත් එයාලා වේගයෙන් බටහිරයන්ගේ අනුගාමිකයන් බවට පත්වෙලා අපේකම නැතිවෙලා යනවා. බටහිරින් එන යහපත් දේවලට අනුගත වෙන එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් එහෙම කරද්දී අපිට නියම ‘ශ්‍රී ලාංකිකයෙක්’ අහිමි කරගන්න බැහැ.

ඔයත් Mother Sri Lanka සදහා පරිත්‍යාග කරන්න හෝ ස්වේච්ඡා සේවකයෙකු විදිහට සංවිධානයට බැඳෙන්න කැමති නම් , www.mothersrilanka.lk වෙත පිවිසෙන්න.