හතර වටෙන් යළි නැගිටින ශ්‍රී ලංකා..

යළි නැගිටින ශ්‍රී ලංකා..

2020 Sep 28

ධනාත්මක චින්තනයේ ඌනතාවයක් පවතුනවා වගේම, පුළුවන් කමක් තියෙන හැමෝම, රට හැර යන්න සහ ‘නැව ගිලෙන නිසා අතහැර දාන්න’ ක්‍රම සොයමින් සිටියා. ශ්‍රී ලාංකිකයන්ට තමන් ගැන වගේම තමාගේ රට ගැනත් විශ්වාසය තියාගන්න මොනවා හරි දෙයක් කරන්න අවශ්‍ය බව මට තදින්ම දැනුණා. මට තේරුණා අපි හැමෝම එකතු වුණොත් උමං කෙළවරේ ආලෝකය හොයාගන්න පුළුවන් කියලා. Mother Sri Lanka ආරම්භ කරන්න මං පෙලඹුණේ ඒ නිසයි.

2008 අවුරුද්ද ශ්‍රී ලංකාවට හොඳ අවුරුද්දක් නම් නෙමෙයි.යුද්ධයේ අන්තිම කාලේ දරුණු වීමත් එක්ක ලේ වැගිරීම් වගේම අවුල් ජාලාවක් පැතිරී ගියා.විනාශයෙන් බේරෙන්න ගොඩක් දෙනෙක් රට හැර යන්න සැලසුම් කරලා තිබුණා.

ආලෝකය හොයාගන්න හැම කෙනෙක්ටම ජාතිය ගැන එයාලගේ විශ්වාසය නැවත ඇති කර ගන්න දිරිගැන්වීමක් අවශ්‍ය වෙන බව Mother Sri Lanka සභාපති ආචාර්ය ජානකි කුරුප්පු මහත්මිය වටහාගත්තා. “වගකිවයුතු පුරවැසියන් ගොඩනැගීම” අරමුණු කරගෙන සහ තම මව්බිමට ආපසු ලබා දීමට ජනතාව දිරිමත් කරන සංවිධානයක් විදිහට Mother Sri Lanka ආරම්භ වුණා. උපතෙන් වසර 12 ක් ගත වුණත් Mother Sri Lanka තවමත් ශක්තිමත්ව පවතිනවා.

Mother Sri Lanka කියන්නේ ආදරයේ ගමනක්.අපේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන්නේ එකමුතුකම, ජාතික අභිමානය සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම වගේ පුළුල් පරාසයක් ආවරණය වෙන ‘වගකිවයුතු පුරවැසියන්’ගොඩනැගීම පිළිබඳවයි. මම හිතන්නේ ඔයා පිරිසිදු, අව්‍යාජ චේතනාවෙන් මොනවහරි දෙයක් කරද්දී ,ඔයාට වරදින්නේ නැහැ. ඒ මගේ ජීවිත අත්දැකීම් වලින් මම ඉගෙන ගත්ත පාඩමක්.

දැන්, COVID-19 කාලයේත්, දශකයකට වැඩි කාලයකට කලින් එයාලා සංවිධාන ආරම්භ කරද්දීත් මේ පසුබිම කොයිතරම් සමානද කියලා ආචාර්ය ජානකී සාකච්ඡ කළා.

COVID-19 බලපෑම නිසා අපිට නැවත ආරම්භ කරන්න වෙන තත්වයකට අපි පත්වෙලා ඉන්නවා. ඉතින්, මට නම් මේක කළින් අත්විදලා තියෙන හා සමාන හැඟීමක් දැනෙනවා. දැන් ආපහු සැරයක් මිනිස්සු කතා කරන්නේ ‘ශ්‍රී ලංකාව නැවත ආරම්භ කිරීම’ සහ ‘ශ්‍රී ලංකාව සෑදීම’ වගේ දේවල් ගැන. අපි පසුගිය වසර 12 ක කාලයේ මේ සංකල්ප ප්‍රවර්ධනය කරලා තියෙනවා. ඒ හා සමානව හිතන ඕනෑම පුද්ගලයෙක්ට හෝ සංවිධානයකට, Mother Sri Lanka- ඉදිරියට ඉහළට අරගෙන යන්න අපිට සහාය දෙන්න කියලා මම දිරිමත් කරනවා.

ශ්‍රී ලාංකිකයින්ට නැවත සවිබල ගැන්වීමක් ලබාදෙන්න ආචාර්ය ජානකිගේ කැපවීම සහ අධික කැමැත්ත නිසාම මිලියන 2 ක ළමයින්ට, තරුණයින්ට සහ වැඩිහිටියන් ඇතුළු මිලියන 20 ක ජනතාවකට උපකාර කරලා තියෙනවා. මේ හැමදේම සැලකිය යුතු යටිතල පහසුකම් නොමැතිව කුඩා කණ්ඩායමක් එක්ක සහ අනුග්‍රාහකයන්ගේ සම්පූර්ණ අරමුදල් වලින් ලබා ගෙන තියෙනවා.

“අපි සියලු දෙනාම කිසියම් රටක උපත ලබලා තියෙන්නේ හේතුවක් නිසා. සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලත් විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, සහනාධාර ප්‍රවාහන පද්ධති, උපයෝගිතා සේවා සහ අනෙකුත් බොහෝ දේවල් ලබා දෙන ශ්‍රී ලංකාව වගේ කිසිම රටක් ලෝකයේ ඇති කියලා මම හිතන්නේ නැහැ. ස්වාභාවික සුන්දරත්වය, සාරවත් භූමිය, සුවපහසු කාලගුණය වගේ අපේ රටේ ගොඩක් ආශීර්වාද තියෙනවා. ඒවා අගය කරන්න වගේම ආරක්ෂා කරන්නත් අපි ඉගෙන ගන්න ඕනේ.

මෑතකදී විවෘත කරපු Mother Sri Lanka ප්‍රදර්ශනාගාරය, වැඩෙන ව්‍යවසායකයින්ට එයාලගේ වෙළඳ භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් ලබා දෙනවා වගේම වෙළඳපල වෙත ප්‍රවේශය ලබා දෙන අතර එයාලගේ නිෂ්පාදන සැලසුම් කිරීම, ඇසුරුම් කිරීම සහ අලෙවිකරණය සඳහා මග පෙන්වනවා. පිත්තල, උක්, ලේස්, රෂ් සහ බට, මැටි භාණ්ඩ, ලී වැඩ, අත්යන්ත්‍ර, බතික් සහ තවත් බොහෝ දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න මේ ක්‍රියාවලිය උපකාරී වෙනවා.

“මේ වෙද්දී දිස්ත්‍රික්ක 8 ක පවුල් 5000 කට අධික සංඛ්‍යාවක් ආවරණය වෙන විදිහට ඒ වගේ ශිල්පීන් 125 කට අධික සංඛ්‍යාවකට අපි සහයෝගය ලබා දෙනවා වගේම, අපි අඛණ්ඩව නිෂ්පාදන වැඩි දියුණු කරන ගමන් සැපයුම්කරුවන්ගේ ජාලය පුළුල් කරමින් සිටිනවා.

අපි සහයෝගය දක්වන ව්‍යවසායකයින්ගෙන් 70% ක් විතර කාන්තාවන්.ඒ නිසා මේ ආදායම එයාලගේ දරුවන් එක්ක සමීපව ඉන්න ගමන් ගෞරවනීය ලෙස මුදල් උපයා ගන්න උපකාරී වෙනවා.

රටේ තාරුණ්‍යය ගැන Mother Sri Lanka තුල තියෙන කැමැත්ත තවත් ගැඹුරට දිව යනවා.

මේ සංවිධානය දැනට පාසල් 2000 කට අධික සංඛ්‍යාවක් එක්ක කටයුතු කරනවා, ළමයින් තමන් ජීවත් වෙන ප්‍රජාව වැඩිදියුණු කරන්න උදවු වෙන ව්‍යාපෘති සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා.වගකීම් ගැන හැඟීමක් ලබාදීලා රට වැඩිදියුණු කරන්න එයාලටත් දායක වෙන්න පුළුවන් කියලා අවබෝධ කර ගන්න මේක උදවුවක් වෙනවා. තරුණ පරම්පරාවට ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ කවුද කියලා අවබෝධ කරගෙන ඒ ගැන අව්‍යාජ ආඩම්බරයක් ඇති කර ගන්න මේ නිසා පුළුවන් වෙනවා.

“එයාලා තමයි අපිට පස්සේ රට භාරගන්නේ. කුඩා කාලයේ ඉදන්ම අපේ මාතෘ භූමිය ගැන අපේ දේ ගැන හැඟීමක් එයාලට ඇති කරන්න ඕනේ.එහෙම නැතිවුණොත් එයාලා වේගයෙන් බටහිරයන්ගේ අනුගාමිකයන් බවට පත්වෙලා අපේකම නැතිවෙලා යනවා. බටහිරින් එන යහපත් දේවලට අනුගත වෙන එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් එහෙම කරද්දී අපිට නියම ‘ශ්‍රී ලාංකිකයෙක්’ අහිමි කරගන්න බැහැ.

ඔයත් Mother Sri Lanka සදහා පරිත්‍යාග කරන්න හෝ ස්වේච්ඡා සේවකයෙකු විදිහට සංවිධානයට බැඳෙන්න කැමති නම් , www.mothersrilanka.lk වෙත පිවිසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here