හතර වටෙන් ඔයාගේ පෙම්වතියට ගැළපෙනම තෑග්ග තෝරගන්නේ කොහොමද..?

ඔයාගේ පෙම්වතියට ගැළපෙනම තෑග්ග තෝරගන්නේ කොහොමද..?

2020 Sep 29

Dating කියන සංකල්පය බටහිරින් ආව එකක් වුනත් මේ වෙනකොට ලංකාවේ තරුණ තරුණියන් අතර මේක බොහොම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් නාගරිකව ජීවත් වන රැකියාවක නිරතවන හෝ උසස් අධ්‍යාපනයේ යෙදෙන පිරිස අතරේ මේ සංකල්ප ජනප්‍රියයි. Date එකකට තරුණියක් හෝ තරුණයෙක් එකඟ වුන තැන ඉඳන්ම ඒක කොහොමද කරන්නෙ, කොතැනද ඒ වෙනුවෙන් තෝරාගන්නේ, ඒක Lunch එකක්ද, Coffee එකක්ද, Dinner එකක්ද කියන එක ගැන හැමෝම සැළකිලිමත් වෙනවා. මේ අයගෙන් බොහෝ තරුණයින් තමන්ගේ Partnerට තෑග්ගක් අරගෙන යන්නත් අමතක කරන්නෙ නැහැ. මෙන්න මෙතැනදී අපේ බහුතර තරුණයින්ට මතුවන ගැටළුවක් තමයි කොහොමද ගෑණු ළමයෙකුට ගැලපෙන, සුදුසු සහ ඒ කෙනා කැමති වෙන විදිහේ තෑග්ගක් තෝරා ගන්නෙ. බොහෝ දෙනෙකුට මේ වෙලාවට පිහිටට ඉන්නේ හොඳම මිතුරියක්. නමුත් ඒ විකල්පය එතරම්ම සාර්ථක නොවන්නේ කෙනෙකුගේ සිතුම් පැතුම් එකවගේ නැති නිසා. එක තරුණියක් කැමැත්තෙන් තෝරලා දෙන තෑග්ග එයාගේ සිතුම් පැතුම් රුචි අරුචිකම් වලට ගලපුනාට ඒක තව කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්. එහෙම උනොත් අපහසුතාවයට පත්වන්නේ තෑග්ග දෙන කෙනාමයි. ඒ නිසා හරියටම හරියන තෑග්ගක් තෝරාගන්න ක්‍රමවේදය ගැන දැනගෙන ඉඳීම ඉතාම වැදගත්. අපි ඔබට කියන මේ කාරණා ටික ගැන සැළකිලිමත් වන්න. බලන්න එයා කැමතිම තෑග්ග තෝරාගන්න ඔයාට පුලුවන්ද කියල.

උපන්දිනයට නැතිනම් විශේෂ සැමරුමකට හෝ වෙනත් ඕනෑම අවස්ථාවකට උනත් තෑග්ගක් දෙද්දී ඒ තෑග්ග නිසා ලබන්නා විමතියට පත්වීම අපි බලාපොරොත්තු වෙනවා නේද..? මදක් සිතා බලන්න. ඔබ දෙන තෑග්ග දකින ඇය ඒ මොහොතේම විමතියට පත්වුනොත් ඒක ඔබට සතුටක් නේද.? තමන් ගැන තමන්ගේ කැමති අකමැති දේ ගැන හරියටම තේරුම් ගැනීම ගැන අය මහත් සතුටට වගේම විමතියටත් පත්වුනොත් ඔබට සතුටක් ලැබෙනවා වගේම ඇය ඔබ කෙරෙහි තිබෙන බැඳීමත් වැඩි වෙන්න ඒක හේතුවක් වනවා. ඒ නිසා ඔබ තෝරාගන්නා තෑග්ග ගැන හිතද්දීම පලවෙනි කාරණය විදිහට සිතිය යුත්තේ ඇය විමතියට පත්කළ හැක්කේ මොන විදිහේ තෑග්ගකින්ද කියන කාරණයයි.

 

ඇයව පුදුම කරවන්න අවශ්‍ය බව අපි කිවුවා. නමුත් ඒක කරන්නෙ කොහොමද..? ඇය පුදුමයට පත් කරවන්න හිතාගෙන ඇය කැමති මොනවටද කියල විමසා බලන්න යන්න එපා. ඒක ඔබ කරගන්නා ලොකු වරදක්. විශේෂයෙන් ළඟදී විශේෂ දිනයක් එන්න නියමිතයි නම් ඔබ ඔය කාරණය අහන තැන ඉඳන්ම ඇය පුදුම කරවීම අසාර්ථක වනවා. ඇය ක්ෂණිකව තේරුම් ගන්නවා මේ අහන්නේ ඇයි කියන හේතුව. ඒ වගේම, ඔබට ඇය ගැන හරි වැටහීමක් නැහැ නේද කියලත් ඇය සිතන්න පෙළඹෙනවා. ඒකෙන් වෙන්නේ හොඳක් නොවන නිසා ඒ ප්‍රශ්නය අහන්න හිතනවා නම් දැන්මම ඒ අදහස අත්හරින්න.

ඊළඟ වැදගත්ම කාරණය තෑග්ග තෝරාගැනීමේදී ඔබ ගැන හිතන්න යන්න එපා. ඔබ කැමති වර්ණ, ඔබ කැමති හැඩ, මේ සියල්ල මනසින් අයින් කරන්න. අඩුම තරමේ තෑග්ග තෝරාගන්න මොහොත්දිවත් ඔබේ රුචි අරුචිකම් අමතක කරලා ඇය ගැන හිතන්න. ඇගේ සිතුම් පැතුම් අසිරීම් වලින් ඔබට මතක තියෙන විදිහට ඇගේ කැමැත්ත කියන දේ පමණක් සිතේ තබාගෙන තෑග්ග තෝරන්න. කොතරම් වටිනාකමින් වැඩි දෙයක් උනත් ඔබ කැමති විදිහේ තෑග්ගකින් ඇයට ප්‍රයෝජනයක් නොවන්න පුළුවන්. ඒ නිසා ඔබේ කැමැත්ත, ආසාව කියන දේවල් අමතක කරලා තෑගී තෝරන්න පටන් ගන්න.

ඊළඟ කාරණය තමයි තරුණියකට වැදගත් වෙයි කියන අදහසින් Kitchen utilities වගේ දේවල් තෑගී විදිහට තෝරාගන්න හිතන්නවත් එපා. ඔයාගේ පෙම්වතිය මොන තරම් කෑම වර්ග රසට හදන කෙනෙක් වුනත් එයාගේ විශේෂ දිනයට මුළුතැන්ගෙයි පාවිච්චි කරන දෙයක් තෑගී දෙන්න හිතන එකෙන්ම ඇයට ඔබ ගැන වැරදි අදහසක් ඇතිවේවි. විශේෂ දවස ඇයගේ නිසා ඔබ ඇයට දිය යුත්තේ පෞද්ගලිකව ඇයට අවශ්‍ය සහ වටිනවා විය හැකි දෙයක් මිස පොදුවේ භාවිතා කරන කුස්සියේ උපකරණ වගේ දේවල් නොවෙයි. ඒ වැරැද්ද නොකරන්න දැඩිව සිහියේ තබාගන්න.

Traditional Wedding Anniversary Gifts (for people who no longer wish to  remain married) — Caverns & Creatures

ඔබට අවශ්‍යම නම් ඇගේ හොඳම මිතුරියකගෙන් මූලික අදහසක් ලබාගන්න. නමුත් ඇය මතම යැපෙන්න එපා. ඔබට අවශ්‍ය මූලික අදහස පමණක් ඇයගෙන් ලබාගත්තාට වරදක් නැහැ. තවත් පහසුම උපක්‍රමය තමයි ඇගේ දෛනික ජීවිතය ගැන විමසිල්ලෙන් බලන්න. ඇය කැමති ඇඳුම් පැළඳුම් ගැන, බෑග් ගැන නැතිනම් සපත්තු ගැන වගේ අගේ පෞද්ගලික ජිවිතයේ රුචි අරුචිකම්, කැමතිම වර්ණ වගේ දේවල් ගැන මේ අධ්‍යනයෙන් ඔබට අදහසක් ලබාගන්න පුළුවන්. අවශ්‍ය වන්නේ විමසිල්ලෙන් ඇගේ දෛනික ජීවිතය දෙස බැලීම පමණයි. එහෙමත් නැතිනම් කාලීනව ඇයට අවශ්‍ය යම් දෙයක් ගැනත් ඔබට අදහසක් ලබාගන්න හැකිවේවි. කළ යුත්තේ ඈ ගැන වැඩිපුර අවධානයක් සහ විමසිල්ලක් දැක්වීම පමණයි.

දැන් ඔබට තෑග්ග ගැන දල අදහසක් තියෙනවා යැයි සිතමු. කොහොමද මේ තෑග්ග ගන්නේ, කොහෙන්ද ගන්නෙ. මේ ප්‍රශ්නය ඔබට මතුවේවි. ඔබට විකල්ප කහිපයක් තිබෙනවා. එක වර්ගයක භාණ්ඩ පමණක් තිබෙන වෙළඳසලකට යනවාට වඩා තෑගී තොරගන්න යාමේදී සාප්පු සංකීර්ණයක් තෝරා ගැනීම වැදගත්. එකකට එකක් වෙනස් භාණ්ඩ රැසක් තියෙන තැනකින් ලොකු කරදරයක් නැතිව ඔබට අවශ්‍ය තෑග්ග මිළදී ගන්න පුළුවන් වගේම ඔබට විකල්ප විසඳුම් රැසක් තියෙනවා. එකක් නැතිනම් තව එකක් විදිහට ඔබේ Options වලට ගැලපෙන විදිහට මේ තෑගී තෝරාගන්න ඔබට පුළුවන් නිසා ඒ විදිහේ තැනකට යන්න. නැතිනම් මේ තෑගී තේරීම වෙහෙසකර සහ කාලය කාදමන වැඩක් වගේ ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි තැනකම ඒ වෙනුවෙන් තෝරාගන්න.

 

තෑග්ග උපන්දිනයට නම් එහෙමත් නම් වෙනත් විශේෂිත දිනයක් වෙනුවෙන් නම්, තෑග්ග ඇයව පුදුමයට පත්වන විදිහට ඇය අතට ලැබෙන්න සැලැස්වීමත් හොඳ විකල්පයක්. ඇයව විමතියට පත් කරන්න මේ සුළු ක්‍රියාවත් වැදගත් වෙනවා වගේම ඔබ ඇය ගැන මොන තරම් උනන්දුද කියල ඇයට පෙන්වන්නත් ඒක හොඳ අවස්ථාවක්. විශේෂ දිනයක් නොවන වෙලාවක ඔබ නිකම්ම Date එකකට යද්දී තෑග්ගක් දෙනවා නම්, ඒ උනත් තෑග්ග මුලින්ම පේන විදිහට අරගෙන යන්න හිතන්න එපා. තෑග්ගක් අරගෙන එන බවක් නොඇඟවෙන විදිහට ගිහින් ඇයව පුදුමයට පත්වෙන විදිහට තෑග්ග ඇයට දෙන්න ඔබට පුළුවන්. ඒකෙන් ඇය වඩාත් සතුටට සහ පුදුමයට පත්වේවි.

පෙම්වතිය පුදුම කරන්න තෑගී දෙන්න ඔයා කළ විශේෂ දේවල් අපිත් එක්ක බෙදාගන්න. Comment section එකේ ඔයාගේ අත්දැකීමත් ලියාගෙන යන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here